Skip to main content

රටම හිටං තමයි...

තොවිලෙ නැටුවහම අප හිතුවේ දැන් යකා ගියා කියාය. එහෙත් බලන් ගියාම ලබ්බ ඇතුලෙ නටපු තොවිලෙ වගේ එලියේ එතරම් යහපත් වෙනසක් දක්නට නැත. දිනෙන් දින රට අරාජික වෙන බවක් පෙනේ. මහා විසකුරු සර්පයෙක් සේ වැඩෙමින් සිටි දුර්දාන්ත වනචර පාලකයා එලවා දැමුවේ විධායකයේ දොසක් නිසා නොව, විධායක බලතල අතිදුෂ්ට ලෙස හා අයුතු ලෙස භාවිතා කළ නිසාය. එහෙත් මයිල් ගහක් තරම්වත් පන නැති මෛයිත්‍රී පිනට ලැබුණු ජනපතිකම පිනෙක් සේම බුක්ති විදිමින් සිටිනු මිස රටේ යහපත වෙනුවෙන් තමන්ට නෛතිකව ලැබුණු විධායක බලතල හසුරුවන බවක් නොපෙනේ.

රටකට විධානයක් අවශ්‍ය වේ. එය ක්‍රියාත්මක කෙරෙන්නේ විධායක ජනපති විසින්ද, විධායක අගමැති විසින්ද යන්න හා ඒ දෙක අතරින් වඩා යෝග්‍ය කුමන ක්‍රමයද යන්න ශාස්ත්‍රිය මෙන්ම දේශපාලන විද්‍යා තර්කයකි. කුමන ක්‍රමයකින් හෝ රටට සුදුසු විධායකයක් අවශ්‍ය වේ. අප කැමති වුවත් අකමැති වුවත්, තවමත් ලංකාවේ නෛතික විධායකය ජනපති ධුරයයි. එහෙත් අභාග්‍යයකට ජනපති පඹයෙක් සේ හිටං හිටං හිඳිනු මිස එම විධායක බලය රට නිසි ආකාරයෙන් ගෙන යන්නට මෙහෙයවන්නේ නැත. ජාත්‍යන්තරයේ හුරතලා බවට ඔහු පත්ව ඇත. කාගේත් බබා හුකුං බවට ඔහු පත් වීමට ඔහු ලොල්ය. රට කොට උඩය. ප්‍රමුඛතම ඡන්ද පොරොන්දු ඉටු වී නැත. බැඳුම්කර මහා වංචාව ගැන වචනයක් කීමට ඌට කොන්දක් නැත. තවමත් විගණන පනත ගෙනාවේ නැත. පසුගිය කාලයේ සිදු වූ එකදු හොරමැරකමකට දඬුවම් දීමට බැරි විය. ඒ වෙනුවට දැන් සිදු වන්නේ ඒවා කරපු එවුන් නිදොස් කොට නිදහස් කිරීමයි. එහෙත් තවමත් උගේ කතාව නම් දෝලාවෙන්ය. කට තරමින් සියයට එකක්වත් වැඩත් තිබුණා නම් කොතරම් කළ හැකිව තිබුණාදැයි සිතේ.

සමහරවිට මෙම තත්වයට අප සැවොමත් වගකිව යුතුය. රාජපක්ෂ එලවා දැමීමට පඹයෙකුට වුවත් ඡන්දය දීමටයි අප (පෞද්ගලිකව මාත්) සැදී පැහැදී සිටියේ. මෛත්‍රී යන නම රටේ නායකයා වීමේ සමීකරණයේ කොතනවත් තිබුණේ නැත. තනිකරම එය ඔහුට පිනට ලැබුණු පදවියකි. රටක් කරගෙන යෑමට තරම් පෞරෂයක් නැති බව දැන් දැන් පැහැදිලිවම පෙනේ.

නැවත රටේ වනාන්තර දේශපාලුවන් විසින් කපා දමනු සාක්ෂි සහිතව (වීඩියෝ දර්ශනද සහිතව) ඇත. පරිසර ඇමතිකම දරන ජනපති නපුංසක ලීලාවෙන් තවමත් බලා සිටී. මීට පෙරත් ඔහු විසින් වනාන්තර වැනසීම නතර කිරීමට නියෝග දී තිබියදී නැවත නැවත එම දේ සිදු වන්නේ ජනපති පඹයා විසින් එය නැවැත්වීමට අල්පෙනෙති තුඩුක තරම්වත් බලයක් ක්‍රියාත්මක කරවීමේ හැකියාව නැති බව වංචනිකයන් දන්නා නිසාය. දැන් දැන් සිතෙන්නේ මේ රටට සන්නද්ධ විප්ලවයක අවශ්‍යතාව තිබෙන බවයි. අවසානයේ ඉඟුරු දී මිරිස් නොව, ඉඟුරු දී මුකුත්ම නොලැබුණු තත්වයකුයි රටට උදා වී තිබෙන්නේ. ජනපතිට පුරුෂ ශක්තිය ලැබේවා යැයි කොහේ හරි වැව් ඉස්මත්තක අපිටත් පිරිත් කියන්නට සිදුව ඇත.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

ශ්‍රී ලංකා ජාතික ගීය හා කොඩිය (National Anthem and Flag of Sri Lanka)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිගට පලල අනුපාතය හා වර්ණ පිලිවිතර පහත ආකාරයට තිබිය යුතුය. (The heigh to width aspect ratio and color specification of the National Flag (the Lion Flag) of Sri Lanka are as follows:) Height to Width Ratio – 1:2 Number of Colors – 4 (Golden Yellow, Green, Orange, Maroon) Color Specification – Golden Yellow                               hex: #FFBE29                               CMYK:   0, 0.254, 0.839, 0                                RGB: (255, 190, 41)           ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...