Skip to main content

Posts

Showing posts from 2024

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි.  මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු.  එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ඉතාම හොඳි

ජනතා විමුක්ති පෙරමුන (මාලිමාව) හා සමලිංගිකත්වය

මා දැන් වසර කිහිපයක සිට ජවිපෙ (මාලිමාව) දැඩි ලෙස විවේචනය කරමින් සිටී. එසේ තිබියදිත් පසුගිය කාලය තුල මාද ඔවුන්ගේ සමහර සාකච්ඡාවලට සහභාගී වී ඇත (ඒවා ඵල රහිත "බොල්" විය). මාලිමාව ජයග්‍රහනය කරන්නට යන පිරිසෙන් අතිශය බහුතරය එසේ කරන්නට සිතන්නේ දශක කිහිපයක සිට රට පාලනය කල දේශපාලු පක්ෂ විසින් සිදු කරන ලද විනාශකාරී මංකොල්ලකාරී දේශපාලනය නිසාය. උනුත් හොඳ නැහැ මුනුත් හොඳ නැහැ නිසා ජවිපෙට දීලවත් බලමු යන හැඟීමෙන් යුතුව ඔවුන් වැඩ කරනවා. වෙනත් විකල්ප නොමැති නිසා, සමහරවිට අසරනකමට ජවිපෙට ඡන්දය දීමට ඔවුන් ඉබේම පෙලඹීම අසාධාරනද නැත.  එහෙත් අප විසින් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් තෝරා ගත යුත්තේ එසේ නොවේ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා, ප්‍රතිපත්තිවලට එකඟ නම් පමනයි අපගේ ඡන්දය ලබා දිය යුත්තේ. එහෙත්, ජවිපෙට සහය දක්වන පිරිස ජවිපෙ ප්‍රතිපත්ති දන්නේද? පැහැදිලිවම නැත. ට්‍රෙන්ඩ් එකට දේශපාලනය කිරීමට පුරුදුව සිටින ලාංකිකයන්ට ප්‍රතිපත්ති දේශපාලනය කොහෙත්ම හුරු නැත.  ජවිපෙ පාක්ෂිකයා පොහොට්ටුවේ පාක්ෂිකයාට වඩා ගර්හිත තත්වයේ සිටී. ජවිපේ කෝර් එකට ඔවුන්ගේ නායකයාගේ වදන් පන්සිල් පද, කොරානය, භගවත් ගීතාව, දස පනත වැනි

මගේ ආර්ථිකය

අද ජවිපෙ නායක අනුර කුමාරගේ (පැරනි හෝ අලුත්) සම්මුඛ සාකාච්ඡාවක කොටසක් දුටුවා. එහිදී ඔහු හිඟි කරන්නේ ලංකාවට වැඩි වැඩියෙන් ඩොලර් රැගෙන ආ යුතු බවයි. දකුනු කොරියාව සැම්සුන් හරහා එය කරපු විදියත් ඔහු පවසනවා. අප්‍රිකානු රටවල් සමග නව තානාපති සබඳතා ඇති කර ගත යුතු බවට යෝජනාද ඔහු කරනවා මොකද එම රටවල්ද ආර්ථික වශයෙන් ඉදිරියට එමින් සිටින නිසා. ඉන්පසු (එකවරම), වැඩසටහන මෙහෙයවන පුද්ගලයාගේ එක් පැනයකින්/හිඟියකින් ගෝලීය ආර්ථික නව ප්‍රවනතාව වන එක් භාන්ඩයක් නිපදවීම රවටල්/ඒකක ගනනාවක දාමයකින් සිදු කරන වැඩපිලිවෙලෙහි වැදගත් පුරුකක් වීමේ අවශ්‍යතාවද ඕනෑකමින් පෙන්වා දුන්නා. මේ ජවිපෙ මතයදැයි එකවර පුදුමයට පත් වුවත්, හනමිටි පැරනි පුද්ගල මතවාද (මාක්ස් ආදීන්ගේ) අත්හැර අඩුම ගානේ මේ විදියට හෝ ආර්ථික මතමාද වෙනස් කර ගැනීම තරමක සතුටට කරුනක් ලෙස සැලකිය හැකියි. ලංකාව ගත හොත්, එය විශාල මානව සම්පතක් තිබෙන රටකි. රට තුල වගා කල හැකි බිමද, ජලයද, තවත් සම්පත් බොහොමයක්ද තිබේ. එහෙත් හැමෝම කතා කරන්නේ රට තුලට ඩොලර් තොග පිටින් ගෙන ඒමට වැඩපිලිවෙල්ය. එවිට රටේ ආර්ථිකය සුඛිත මුදිත වේද? එය තඩිම තඩි (ඊනියා සාර්ව ආර්ථික) මුලාවකි.  එම ඩොලර්වලින් කල

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

පවුල, කෘත්‍රිම බුද්ධිය, දේශපාලනය හා මානවයා

අද දවසේ මා කරන්නට යෙදුනු කතාබහා තුල මේ වචන හතර අතර තිබෙන සහබන්දය මට වෙනදටත් වැඩිය දැනුනු හෙයින් මෙම ලිපිය යන්නට සිතුනා . සැමවිටම පවුල යන්නට ඉතාම දැඩි වටිනාකමක් මා ලබා දෙන බැවින් නූතන " පොෂ් " සංස්කෘතිය තුල " ගොඩයෙකු " ලෙස හංවඩු ගසනු ලැබීමට වුවද මට බියක් හෝ ලැජ්ජාවක් නැත . මානවයාගේ යහපත් වර්ධනීය පරිනාමයට විශාල දායකත්වයක් පවුල යන සංකලප්ය හෝ හැඟීම ඉවහල් වී ඇති බවට මාද තදින්ම විශ්වාස කරනවා . විශේෂයෙන් මානව සමාජය තුල පවුල යනු හුදු සමාජ විද්‍යාතමක පදනමක් නොව , එහි ජීව විද්‍යාත්මක පදනමක්ද තිබෙන බව පැහැදිලියි . ගෙදර ලමයා තාත්තගේ පෙනුම තිබේ නම් , එතැන ජීව විද්‍යාවත් , අල්ලපු ගෙදර එකා වගේ නම් එතැන සමාජ විද්‍යාවත් තිබෙනවා යන කාරණයට වඩා ගැඹුරු පැතිකඩවල් එහි තිබේ . සමහරකු පවසන පරිදි කෘත්‍රිම බුද්ධිය මිනිස් සමාජය කැළඹීමකට , බරපතල අභියෝගවලට හා යම් පමනක අර්බුධවලට රැගනෙ යන ගමනක් පෙන්නුම් කරනවා . බැලූබැල්මට එය එසේය . බොහෝ අයට රැකියා අහිමි වන බව පැවසේ . කෘත්‍රිම