Skip to main content

මගේ ආර්ථිකය

අද ජවිපෙ නායක අනුර කුමාරගේ (පැරනි හෝ අලුත්) සම්මුඛ සාකාච්ඡාවක කොටසක් දුටුවා. එහිදී ඔහු හිඟි කරන්නේ ලංකාවට වැඩි වැඩියෙන් ඩොලර් රැගෙන ආ යුතු බවයි. දකුනු කොරියාව සැම්සුන් හරහා එය කරපු විදියත් ඔහු පවසනවා. අප්‍රිකානු රටවල් සමග නව තානාපති සබඳතා ඇති කර ගත යුතු බවට යෝජනාද ඔහු කරනවා මොකද එම රටවල්ද ආර්ථික වශයෙන් ඉදිරියට එමින් සිටින නිසා. ඉන්පසු (එකවරම), වැඩසටහන මෙහෙයවන පුද්ගලයාගේ එක් පැනයකින්/හිඟියකින් ගෝලීය ආර්ථික නව ප්‍රවනතාව වන එක් භාන්ඩයක් නිපදවීම රවටල්/ඒකක ගනනාවක දාමයකින් සිදු කරන වැඩපිලිවෙලෙහි වැදගත් පුරුකක් වීමේ අවශ්‍යතාවද ඕනෑකමින් පෙන්වා දුන්නා. මේ ජවිපෙ මතයදැයි එකවර පුදුමයට පත් වුවත්, හනමිටි පැරනි පුද්ගල මතවාද (මාක්ස් ආදීන්ගේ) අත්හැර අඩුම ගානේ මේ විදියට හෝ ආර්ථික මතමාද වෙනස් කර ගැනීම තරමක සතුටට කරුනක් ලෙස සැලකිය හැකියි.

ලංකාව ගත හොත්, එය විශාල මානව සම්පතක් තිබෙන රටකි. රට තුල වගා කල හැකි බිමද, ජලයද, තවත් සම්පත් බොහොමයක්ද තිබේ. එහෙත් හැමෝම කතා කරන්නේ රට තුලට ඩොලර් තොග පිටින් ගෙන ඒමට වැඩපිලිවෙල්ය. එවිට රටේ ආර්ථිකය සුඛිත මුදිත වේද? එය තඩිම තඩි (ඊනියා සාර්ව ආර්ථික) මුලාවකි. 

එම ඩොලර්වලින් කල හැක්කේ කුමක්ද? එම ඩොලර්වල හිමිකාරිත්වය කාගේද? එම ඩොලර් වියදම් කර රට තුලට තවත් තඩි කාර් ආනයනය කල හැකිය. පරිසර දුෂක ඉන්ධන ආනයනය කල හැකිය. මිල අධික දුරකතන ආනයනය කල හැකිය. එක එක සුකුරුත්තම් රට තුලට ආනයනය කල හැකිය. මේ මොහොතේ ලංකාවට ඩොලර් අවශ්‍ය වන්නේ ණය ගෙවීමට හා භාන්ඩ ආනයනය කිරීමටය. එතරම් අප විදෙස් භාන්ඩ හා සේවා මත යැපෙමින් සිටී. ආහාර සුරක්ෂිතභාවයක්, බලශක්ති සුරක්ෂිතභාවයක්, සෞඛ්‍ය (බෙහෙත්) සුරක්ෂිතභාවයක් ආදි ලෙස හැකි උපරිම අයුරින් වැදගත් අංශවලින්වත් සුරක්ෂිතභාවයක් ඇති කිරීමට උනන්දුවක් නැත.

රටක ආර්ථිකය කෙසේ කා සඳහා විය යුතුද යන මූලික සිද්ධාන්තමය ප්‍රශ්නයට නිර්මානශීලි හා ප්‍රායෝගික හා නැවුම් එලඹුමක් මේ කිසිවෙක් යෝජනා කරන්නේ නැත. බටහිර ආර්ථික රෝදය දිගින් දිගටම කරකැවීමට තවත් ස්පෝක් කම්බියක් බවට ලංකාව පත්කිරීමට ජවිපෙත් දැන් යෝජනා කරනවා.

ලංකාවට මූලික ආහාර වේල (staple food) අප තීරනය කර ගත යුතුව ඇත. එය දැනට පවතින විද්‍යාත්මක ඥානය පදනම් කර ගෙන කල යුත්තකි. එය සිදු නොකර, රට තුල කෘෂි ක්ෂේත්‍රය මෙහෙය වන්නේ කෙසේද? එම මූලික/පදනම් ආහාර වේල මත අවශ්‍ය කරන කෘෂි යෙදවුම් හෝ නිෂ්පාදන මත සහන හා දිරිදීම්ද, අවශ්‍ය තැනවලදී සීමා කිරීම් හා දැඩි ආරක්ෂක බදුද පැනවිය යුතුය. එය ප්‍රතිපත්තිමය කරුනු ලෙස සිදු විය යුතුය. අවශ්‍යයෙන්ම මූලික ආහාර වේලෙන්වත් කෘෂී ස්වයංපෝෂිත මට්ටමක් රටක් වශයෙන් අප පවත්වාගෙන යා යුතුය. එහෙත් මේ කුමන දේශපාලුවන් නිශ්චිත වශයෙන් එවැනි ප්‍රතිපත්ති සකසා ජනතාවට ඉදිරිපත් කර තිබේද? 

හුදු පාවෙන වචන හා සංකල්ප වැඩක් නැත. ප්‍රතිපත්ති නිශ්චිත විය යුතුය. අඹ, සහල්, ලුනු ආදි නිශ්චිත (concrete) වචන සහිත ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. අහවල් අහවල් තැන්වල මෙච්චර මෙච්චර විශාල ආහාර ගබඩා ශීතකරණ හා වෙනත් පහසුකම් සහිතව සෑදීමේ සැලසුම් ඉදිරිපත් විය යුතුය. ඇත්තටම මේ අය බිම් මට්ටමෙන් හා ක්‍රියාකාරි මට්ටමින් මේ ගැන ඇත්තටම සැලසුම් සකසා නැත බව ඔප්පු වේ.

එලෙසම අත්‍යවශ්‍ය ඖෂධ සියල්ල රට තුල නිෂ්පාදනය කල යුතුය. ඒ සඳහා අවශ්‍ය ශාක, එම ශාක වගා කිරීමට සුදුසු බිම් හා එම බිම් ප්‍රමානයන් (හෙක්ටෙයාර් ගනන), ඒ සඳහා අවශ්‍ය උපකරන හා විශේෂඥ දැනුම හා පුහුනුව සොයා ගන්නේ කෙසේද වැනි සැලසුම් අවශ්‍ය වේ. එහෙත් අපේ දේශපාලුවන්ට එවැනි සැලසුම් නැත. අඩුම ගානේ එවැනි සැලසුමක් draft මට්ටමින්වත් නැත. එවැනි සාකච්ඡාවක්වත් ඇසෙන්නේ නැත. ඒ වෙනුවට ලංකාවට අවශ්‍ය බෙහෙත් සුලබ කිරීමටත්, එම බෙහෙත් ගුනාත්මක මට්ටමේ තිබීමටත් අවශ්‍ය කරුනු ගැන පොර ටෝක් නම් එමට ඇත. ජවිපෙ අයියලාත් ඒ ගොඩේමය. 

සමහරවිට ලංකාව තුල සමහර නිෂ්පාදනයන් සිදු කිරීමේදී එය ජාත්‍යන්තර වෙලඳපොලෙන් ගන්නවාට වඩා වියදම් අධික විය හැකිය. එහෙත් භාණ්ඩයක මිල විතරද බැලිය යුත්තේ? ඉන් ජනතාවට ලැබෙන රැකියා නියුක්තිය, විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහි කිරීම හා එම විශේෂඥයන් රට තුලම රඳවා ගැනීම, එම ක්ෂේත්‍රයන් තුල පර්යේෂන හා නව සොයා ගැනීම් සිදු කිරීම හා රට තුල එම භාන්ඩ/සේවාවලින් ඇති වන ආරක්ෂනය කොතරම් වටිනවාද? රට තුල සිදු වන සමහර දේ ගැන විශ්ලේෂනය කිරීමට බොහෝ විට අපට විදෙස් රටවලින් විශේෂඥයින් ගෙන්වා ගැනීමට සිදු වේ. එය කොතරම් රටකට නිගාවක්ද? මේවා රටවල්ද කියා සිතෙන තරමට හීන මානයක් ඇති වේ. රට තුල විශේෂඥයන් බිහි කිරීම හා එම ක්ෂේත්‍රයන් රට තුල ක්‍රියාකාරි මට්ටමින් පවත්වාගෙන යෑම මිල කල නොහැකි අවශ්‍යතාවකි. ආර්ථික වර්ධනය බැලිය යුත්තේ ඉලක්කම්වලින් පමනක් නොවන බව මුං වටහා ගත යුතුය.

පර්යේෂන දත්ත (විද්‍යාත්මකව හෝ පිලිගත් ප්‍රායෝගික ක්‍රම මඟින්) මත සත්‍ය වෛද්‍ය ක්‍රම හා බෙහෙත් වර්ග පමනක් රට තුල පැවතීමට ඉඩ දිය යුතුය. ඒ අනුව හෝමියෝපති, චීන කටු, කොරියන් කටු, හෙල සර්ප වෙදකම, හෙල රස වෙදකම, හා බොහෝ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්ම වහම තහනම් කල යුතුය. මිනිස් ජීවිත සමග මෙලෙස සෙල්ලම් කිරීමට ඉඩ දීමම මිනිස් නුවනට නිගාවකි. අපේ රටේ දේශපාලුවන්ට හා බුද්ධිමතුන්ට එය වෙනුවෙන් කටයුතු කිරීමට කොන්දක් නැත. 

බටහිර වෛද්‍ය ක්‍රමය වුවත් එය රට තුල ක්‍රියාත්මක වන ක්‍රමය ඍජු කර ගත යුතුය. විද්‍යුත් (ජාලගත ආරක්ෂිත පරිගනක) ක්‍රමයට වෛද්‍යවරු විසින් බෙහෙත් තුන්ඩු ලිවීමටත්, ජෙනරික් නාමයෙන් බෙහෙත් ලිවීමටත් පටන් ගත යුතුය. ෆාමිසිද ජාලගත ක්‍රමයට බෙහෙත් තුන්ඩු ලබා ගෙන (retrieval) බෙහෙත් නිකුත් කල යුතුය. බෙහෙත් සැපයුම් හා බෙදාහැරීම්ද නිවැරදි දත්ත ජාතික ජාල පද්ධතියකට ඇතුලු වන පරිදි සිදු කල යුතුය. එමගින් බෙහෙත් රටතුල පවතින හා භාවිතා වන විදිය ඔඩිට් වේ. ඖෂධ මාෆියාව තුරන් කල හැකිය.

වෘත්තිය මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීම අවශ්‍ය නැත. ක්‍රීඩාව ආධුනිකයන්ට අයත් ක්ෂේත්‍රයක් විය යුතුය. ග්‍රාමීය මට්ටමේ සිට දක්ෂතා දක්වන අය හඳුනාගෙන නිසි පුහුනුවීම් හා පහසුකම් ලබා දී ඔවුන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන ආ යුතුය. එය ඔවුන්ගේ ජොබ් එක නොවිය යුතුය. ක්‍රීඩාව ප්‍ර​මෝට් කල යුත්තේ සෞඛ්‍යට වටින දෙයක් ලෙස, විනෝදාංශයක් ලෙසය. එය සෞඛ්‍යයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සෞඛ්‍ය සැලසුම්වල පවා සැලකිල්ලට ගත යුත්තකි. එහෙත් අද ක්‍රීඩාව මුදල පදනම් කර ගෙන සිදු වේ. එනිසාම, අක්‍රමිකතාද අඩු නැත. විවිධ ක්‍රීඩා රට තුල ප්‍රචලිත කල යුතුය. ජාතික ක්‍රීඩා සංගම්වල සාමාජිකත්වයෙන් ක්‍රීඩා අංශය නියාමනය සඳහා ක්‍රීඩා කවුන්සිලයක් තිබිය යුතුය. දේශපාලනයෙන් හා මුදලින් ක්‍රීඩාව ස්වාධීන කිරීමට අවශ්‍ය නීති හා සංස්කෘතිය සැකසිය යුතුය.

ගෙවතු වගාව දිරිමත් කල යුතුය. ලංකාවේ සියලුම ගෙවතු ඌන-උපයෝජිත වේ. එය ධන ආකරයක් වුවත්, ඉන් පල ගැනීමට සැලසුම් නැත. කොතරම් හොරෙකු වුවත්, බැසිල්ගේ සමහර වැඩසටහන් මේ සම්බන්දයෙන් ප්‍රසංසා කල යුතුය. එකවර හතු පිපෙන්නා සේ ප්‍රොජෙක්ට් පමනක් අපට තිබේ. එහෙත් සැලසුමකට අනුව, අනවරතයෙන් දැඩි අධීක්ෂණය හා කැපවීම රජය හා ඊට අනුයුක්ත රාජ්‍ය නිලධාරින්ගෙන් ලැබෙන්නේ නැත. එනිසා එය දේශපාලනමය වගකීමක් ලෙස ගෙන සිදු කල යුතුව ඇත. රටේ වැදගත් ආර්ථික පැතිකඩක් ලෙස ඊට බර තැබිය යුතුය.

M0 මුදල් සැපයුම සීමා කල යුතුය. ඒ අනුව රුපියල් විතරක් ප්‍රමානවත්ය. ඇත්තටම ලංකාවට ශත කාසි ලෙස පැවතීම අවශ්‍ය නැත. ඒවා වෙනත් මුදල් සැපයුම් තුල හා ලෙජර් තුල පවත්වාගෙන යා හැකිය. 

සියලු ගෙවීම් බැංකු හා විද්‍යුත් මුදල් හරහා සිදු කිරීමට නීති, රෙගුලාසි හා පහසුකම් සකසා දිය යුතුය. ඒ සඳහා වීසා වැනි ප්ලාස්ටික් මුදල් කාඩ්පතක් මහා බැංකුව විසින් හඳුන්වා දිය යුතුය. දෙශීය භාවිතය සඳහා එය බැංකු ඒටීඑම් කාඩ්පතක්, ඩෙබිට් කාඩ්පතක්, ගෙවීම් කාඩ්පතක් ලෙස ඉදිරිපත් කල යුතුය. 3ds, address verification, cvv ආදි සියලු ආරක්ෂිත උපක්‍රමද තිබිය යුතුය. මිනිසුන් ඊට දිරි ගැන්වීමක් ලෙස, එම කාඩ්පත් සෑම පුරවැසියකුටම ආරම්භක හෝ වාර්ෂික හෝ අලුත් කිරීමේ ගාස්තු රහිතව ලබා දිය යුතුය. යම් අගයකට වඩා අඩු ගෙවීම්වලදී කිසිදු කොමිෂන් මුදලක්/ගාස්තුවක් අය නොකල යුතුය. අවශ්‍යයෙන්ම බැංකුවල පවත්වාගෙන යන සියලු ඉතිරි කිරීමේ ගිනුම් කිසිදු ගාස්තු අය කිරීම්වලින් නිදහස් කල යුතුය. සියලු රාජ්‍ය ගෙවීම් හා ලැබීම් බැංකු/විද්‍යුත් ක්‍රම හරහා පමනක් සිදු කල යුතුය. යම් අගයකට (රුපියල් 1000ක් වැනි) වඩා වැඩි සියලු රාජ්‍ය හෝ පෞද්ගලික ගෙවීම්ද බැංකු/විද්‍යුත් ක්‍රම හරහා පමනක් ගෙවීමට දිරි ගැන්විය යුතුය. එවැනි ගෙවීම් මුදල් නෝට්ටුවලින් ගෙවන්නේ නම් 10% වැනි අධිභාරයක් පැනවිය යුතුය. මෙමඟින් මුදල්වල ආරක්ෂාවත්, දූෂන වංචා අවම වීමත්, ආර්ථිකය ක්‍රමවත් ඉක්මන් බවක් ඇති කල හැකිය. 

රුපියල් 5000 හා 1000 කොල අවලංගු කල යුතුය. එයද, එක වරම අවලංගු කල යුතුයි දැනට එම නෝට්ටු තිබෙන අයට වහම දවස් 2ක් තුල බැංකුවලට ගොස් ඒවා තම බැංකු ගිනුම් තුල තැන්පත් කිරීමට අවසර දෙමින්. මෙලෙස, අයතා ලෙස එම මුදල් පොදි බැදං සිටින අයවද මට්ටු කල හැකියි. ඉන් රජයට අයතා මුදල් විශාල ප්‍රමානයක් නැවත රාජ්‍ය භාන්ඩාගාරයට ගත හැකිය.

රට තුල පුනර්ජනනීය විදුලි ශක්තිය මඟින් 100% කින් රටේ බලශක්තිය අවශ්‍යතාව සපුරා ගැනීමට අවශ්‍ය සියලු දේ කල යුතුය. සූර්ය පැනල නිෂ්පාදනය රට තුල ප්‍රධාන කර්මාන්තයක් ලෙස බිහි කල යුතුය. ඒ සමඟම මුහුදු රල/ජලය මඟින් විදුලිය නිපදවීම හා ඒ ආශ්‍රිත උපකරන නිපදවන කර්මාන්තද ලංකාව තුල බිහි කල යුතුය. සියලු වාහන විදුලි වාහන විය යුතුය. තෙල්වලින් දුවන වාහන අවසන් කල යුතුය. ගෙදර දොර ඉවීම් කටයුතු සඳහා ගෑස් හෝ තෙල් භාවිතය වෙනුවට විදුලි උදුන් (ඉන්ඩක්ෂන් හෝ ඉන්ෆ්‍රාරෙඩ්) ලබා දිය යුතුය. මේ ආදී සියලු බලශක්ති අවශ්‍යතා හැකි තරම් විදුලි ශක්තියට මාරු කල යුතු අතර, ඒ සඳහා වැය වන සියලු විදුලි ශක්තිය පුනර්ජනනීය විදුලි ශක්තිය විය යුතුය.

ගොඩනැඟිලි (විශේෂයෙන් නිවාස) තැනීමේදී සිමෙන්ති කොන්ක්‍රීඩ් වෙනුවට ලී ව්‍යුහ භාවිතා කිරීමට නීති හා පහසුකම් සැකසිය යුතුය. වර්තමානයේ ලී "පදම් කිරීමේ" තාක්ෂනය කොතරම් දියුනුද යත් කොන්ක්‍රීට් තරම්ම ශක්තිමත් ලෙස පවතින ලී වර්ග සාදා ගැනේ. මේ සඳහා අවශ්‍ය කරන සියලු දැව ලබා ගැනීමට අවශ්‍ය තරම් එම ගස් ලංකාව තුල වැවිය යුතුය. ලංකාව තුල ඉතා ඉහල ආර්ථික වටිනාකම් සහිත කර්මානයක් බවට එය පත් වනු නොඅනුමානය. එමඟින් අතුරුපලයක් ලෙස රටට තවත් හොඳ ශාක (කුඩා කැලෑ වශයෙන්) වැස්මක් ඇති වේ. එය පරිසර හිතකාමීද වේ. සිමෙන්ති ආදියට ඇතිවන ඉල්ලුමද අඩු වී එමගින් ආනයන අවශ්‍යතාවද අඩු වේ. විශාල රැකියා නියුක්තියක්ද ලැබේ. 

මෙම ගස් වගා කිරීමට කුඩා "ජනතා සමාගම්" බිහි කල යුතුය. මෙමගින් විශාල බහුජාතික සමාගම් හෝ විශාල (ජාතික) ව්‍යාපාරික බිලියනපතියන් නිර්මානය නොකර, ජනතාවගෙන් විශාල පිරිසක් ධනහිමියන් බවට පත් කල හැකිය. පක්ෂ ජාති භේදයෙන් තොරව විදිමත් ක්‍රම ඔස්සේ එම පිරිස තෝරා ගත යුතුය.

ලංකාව තුල රෙසිස්ටර්, කැපෑසිටර්, ඉනඩක්ටර්, ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර්, අයිසී/මයික්‍රොප්‍රොසෙසර් (ආරම්බයක් ලෙස RISC-V ආකිටෙක්චර් එකට අනුව), ආදිය නිපදවන කර්මාන්ත බිහි විය යුතුය. විද්‍යුත් රාජ්‍ය ක්‍රියාවලිය සදහා අවශ්‍ය කරන පරිගනකවල ප්‍රොසෙසර් එක රිසික්ෆයිව් ක්‍රමයට අපේම විශේෂඥයන්ගේ සැලසුමකට ලංකාව තුලම ඒවා නිපදවිය හැකිය (ඉන් ජාතික ආරක්ෂාවටද ශක්තියකි).

අවශ්‍යයෙන්ම ආර්ථික න්‍යායන් වෙනස් කල යුතුය. ඩොලර් ඉපයීම වෙනුවට රට තුල පලදායිතාව හා නිෂ්පාදනය වැඩි කල යුතුය. රටවල් සමග තරග කිරීමේ පිස්සුවෙන් මිදිය යුතුය. 

රටක් වශයෙන් අප බැලිය යුතු කරුනු කිහිපයක් මා දකිනවා.

1. රටේ ජනගහන වර්ධනය අඩු මට්ටමින් පවත්වාගෙන යෑම. සමහර ජනවර්ග යම් කුමන්ත්‍රනකාරී හැගීමෙන් තම වර්ගයා බෝ කිරීමට කටයුතු කරන බවද පේනවා. ඒ සියල්ල නීති මගින් මර්ධනය කල යුතුය. ඒ සඳහා කොන්දක් තිබෙන රටට ආදරය කරන දේශපාලකයන් බිහි විය යුතුය. එක පිරිමියකු එක ගැගැනියක සමඟ පමනක් විවහා වීමට අවසර දිය යුතුය. බහු-භාර්යා හෝ බහු-ස්වාමි විවාහ ක්‍රම තහනම් කල යුතුය. ලමුන් දෙදෙනකුට වඩා බිහි කිරීමට ඉඩ නොදිය යුතුය. එය කල හැකි ක්‍රම කිහිපයක් අපටද යෝජනා කල හැකියි.

2. රටට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය, බලශක්තිය, අධ්‍යාපනය, අභ්‍යන්තර ප්‍රවාහනය, සන්නිවේදනය, ආදී වැදගත් අංශ හා ඒවා පවතවාගෙන යෑමට අවශ්‍ය සියලු උපාංග, උපකරන හා යෙදවුම් රට තුලම නිපදවා, එම ක්ෂේත්‍රවල ආරක්ෂනය ඇති කල යුතුය. එහිදී ආර්ථික වටිනාකම (රුපියල් අගය) ගැන පමනක් නොසිතිය යුතුය.

3. කර්මාන්ත හැකි තරම් තාක්ෂණය උපරිමව භාවිතා කරන, උපරිම පලදායිතාවෙන් යුතුව අඩුම මිනිස් ශ්‍රමයෙන් පවත්වාගෙන යා යුතුය. රැකියා ලබා දීමේ අරමුනින් බොරුවට එම ආයතනවල රැකියා අවස්ථා නොදිය යුතුය. ඒ වෙනුවට කල යුත්තේ නිෂ්පාදනය උපරිම කරමින් එවිට ඇතිවන රැකියා අවස්ථා ලබා ගැනීමයි. මෙමගින් වැටුප් මට්ටම් වැඩි කර ගත හැකිය.

4. රටක මිනිසුන්ට අත්‍යවශ්‍ය දෑ රට තුල අවශ්‍ය ප්‍රමානවලින් නිපදවීමට හා ඒවා ඕෆ්සීසන්වලදී ගබඩා කර ගැනීමට ගබඩා පහසුකම් ඉතා උසස් තාක්ෂනික ක්‍රමද යොදා ගනිමින් බිහි කල යුතුය.

5. විද්‍යුත් හා බැංකු ක්‍රම හරහා ගනුදෙනු වටිනාකම් හුවමාරුවට ප්‍රමුකතාව ලබා දිය යුතු අතර, විද්‍යුත් රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කල යුතුය (ඒ ගැන ප්‍රතිපත්ති අප විසින් ඉදිරිපත්ද කර තිබේ).

6. ඩොලර්වලට සාපේක්ෂව මුදලේ අගය වැඩි කර ගත යුතුය. අපනයනන හා ආනයනය බැලන්ස් වන විදියට පවත්වාගෙන යා යුතුය. ඩොලර් පොදි ගාන මානසිකත්වයෙන් විතැන් විය යුතුය. අප දියුනු වෙනවා කියන්නේ අප්‍රිකාවේ තවත් රටක් සූරගෙන කෑමක් නොවිය යුතුය.

මේ ආදී ලෙස සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මානුෂවාදී පරිසර හිතකාමි සාධාරන "කේතුමතියක්" බවට ලංකාව පත් කර ගත හැකිය. අපට ඒ සඳහා පවතින බොහෝ රාමුවලට අභියෝග කිරීමට සිදු වේ. ආර්ථික, දේශපාලන, නීති ආදී ක්ෂේත්‍රවල පවතින සියලු සිද්ධාන්ත අප විසින් සකසා ගෙන ඇති ඒවා වේ. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදි විෂයන් තුල පවතින සිද්ධාන්ත වගේ නොවේ. ක්‍රිකට් සෙල්ලම් කරන විට, එය කල යුතු නීති පද්ධතියක් තිබේ. ලකුනු ලැබෙන්නේ දැවී යන්නේ එම නියමවලට අනුවයි. ආර්ථික, සමාජ, දේශපාලන රීතිද එබදුය. අපට අවශ්‍ය නම්, අපට ඕන නම්, විසදුම් සරල හා සාධාරන වනවා නම්, ඒවා වෙනස් කිරීමට දැනුමක් විශ්වාසයක් හා දැක්මක් තිබේ නම් එම නියම වෙනස් කර රටට මිනිසාට අවශ්‍ය දේ කල හැකිය. එය කල හැකිය. එය කල යුතුය. එම ආදර්ශය ලොවට දිය යුතුය. එහෙත් තවමත් එය කරන්නට ඉදිරිපත් වන දේශපාලනයක් ලංකාවේ පෙනෙන්නේ නැත.

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...