පරිගනක


ලිනක්ස්

ලිනක්ස් ඉගෙන ගමු - 1                                ලිනක්ස් ඉගෙන ගමු - 2

ලිනක්ස් ඉගෙන ගමු - 3                                ලිනක්ස් ඉගෙන ගමු - 4
  
ලිනක්ස් ඉගෙන ගමු - 5                                ලිනක්ස් ඉගෙන ගමු - 6

ලිනක්ස් ඉගෙන ගමු - 7                                ලිනක්ස් ඉගෙන ගමු - 8

ලිනක්ස් ඉගෙන ගමු - 9                                ලිනක්ස් ඉගෙන ගමු - 10

ලිනක්ස් ඉගෙන ගමු - 11                              ලිනක්ස් ඉගෙන ගමු - 12

ලිනක්ස් ඉගෙන ගමු - 1                                ලිනක්ස් ඉගෙන ගමු - 14

ලිනක්ස් ඉගෙන ගමු - 15                              ලිනක්ස් ඉගෙන ගමු - 16

ලිනක්ස් ඉගෙන ගමු - 1                                ලිනක්ස් ඉගෙන ගමු - 18

ලිනක්ස් ඉගෙන ගමු - 19                              ලිනක්ස් ඉගෙන ගමු - 20

ලිනක්ස් ඉගෙන ගමු - 21                              ලිනක්ස් ඉගෙන ගමු - 22

ලිනක්ස් ඉගෙන ගමු - 23                              ලිනක්ස් ඉගෙන ගමු - 24

ලිනක්ස් ඉගෙන ගමු - 25                              ලිනක්ස් ඉගෙන ගමු - 26

ලිනක්ස් ඉගෙන ගමු - 27                              ලිනක්ස් ඉගෙන ගමු - 28

වින්ඩෝස් වෙනුවට ලිනක්ස් (Linux Mint Handbook) (pdf)


හොද ලිනක්ස් pdf එඩිටර් එකක්

ලිනක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියේ adhoc ක්‍රමයට වයිෆයි කනෙක්ෂන් සෑදීම



C හා C++ ප්‍රෝග්‍රැමිං
c/c++ ප්‍රෝග්‍රැමිං 1                                       c/c++ ප්‍රෝග්‍රැමිං 2

c/c++ ප්‍රෝග්‍රැමිං 3                                       c/c++ ප්‍රෝග්‍රැමිං 4

c/c++ ප්‍රෝග්‍රැමිං 5



ආරක්ෂිතව ඊමේල් යැවීම (SSL email)

රූපයක් තුල රහසිගතව ෆයිල් සැඟවීම

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

ක්‍රෙඩිට්, ඩෙබිට්, පේපැල්, හා විද්‍යුත් මුදල්

How hex numbers pronounced (දහසයේ පාදයේ සංඛ්‍යා උච්ඡාරණය)

Quaternion (ක්වෝටර්නියන්)



Comments

  1. මට windows එක්ක linux දාන්න දෙන්නැ.windows wala partition 3k haduwa.eth linux install karaddi e partition ekak wath penwannaa.full hard eka thama penwanne.mita kalin os dekama dala thibbe.

    ReplyDelete
  2. මට සති 2ක් විතර ඉන්ටර්නෙට් එන්න බැරි වුණ නිසයි රිප්ලයි කරන්න පරක්කු වුණේ. ප්‍රයිමරි පාටිෂන්ද හැදුවේ?

    ReplyDelete
    Replies
    1. ow meke wenne boot loader eka create wenna.. linux os type thunak damma hari giye na... kali linux, hanthana linux, ubuntu, mint 18 sarah, mint 17.3, mewa kisima ekaka boot loader hadanna denna.. eth win 10,win 7 dekama danna puluwan linux ewa thama danna bari....

      Delete
  3. මට windows එක්ක linux දාන්න දෙන්නැ.windows wala partition 3k haduwa.eth linux install karaddi eka partition ekak wath penwannaa.full hard eka thama penwanne.mita kalin os dekama dala thibbe.plz help

    ReplyDelete
  4. linux live disc eken run karala sudo fixparts /dev/sda kiyala terminal ekaka issellama type karala balanna... boho wita win 10 install karapu nisa athi wechcha prasnayak meka... man kiyapu command eka run karala, linux install karanna balanna...

    ReplyDelete
  5. me erro eka enne ai
    operable program or batch file.
    [Finished in 0.0s with exit code 1]
    [shell_cmd: g++ "" -o "/"]
    [dir: C:\Program Files\Sublime Text 3]
    [path: C:\ProgramData\Oracle\Java\javapath;C:\Windows\system32;C:\Windows;C:\Windows\System32\Wbem;C:\Windows\System32\WindowsPowerShell\v1.0\;C:\Program Files (x86)\Microsoft SQL Server\100\Tools\Binn\;C:\Program Files\Microsoft SQL Server\100\Tools\Binn\;C:\Program Files\Microsoft SQL Server\100\DTS\Binn\;C:\Borland\BCC55\Bin]

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඔයා හොයල බලන්න...

      Delete
  6. ජාවා ගැන මුල සිටන් අගට දෙන්න හැකිද.හුගක් අය මගදි අතහරිනව.

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම ජාවා මතක නැත. ඒ කාලේ සිටම මං වැදගත් නොවේ යැයි සැලකූ ප්‍රෝග්‍රැමිං ලැංවේජ් එක ජාවා වේ.

      Delete
    2. ai sir ehema hithanne ?
      dan math java igena gannawa...
      java script walin hugak dewak karanna puluwan

      Delete
    3. ජාවා හා ජාවාස්ක්‍රිප්ට් දෙකකි - එකක් නියම ප්‍රෝග්‍රැමිං ලැංවේජ් එකක් වන අතර අනෙක ස්ක්‍රිප්ටිං ලැංවේජ් එකක්නෙ. මං වැඩිපුර උනන්දු වූයේ සී ගැන බැවින් මට ජාවාවල අවශ්‍යතාවක් වූයේ නැත. මගේ ආදරවන්තිය වන සී ට ළං වෙන්නට කාටත් බැරිය... හාහා... (එහෙත් මා දැන් වසර ගණනක සිට පරිගනක ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටින නිසා නවතම දත්ත මා ඇත්තටම නොදනී).

      Delete
  7. Cmd use karala hacking methods tkk danna sir.. simple to complicated tricks ..

    ReplyDelete
    Replies
    1. haha... man hacking genath etharam danne naha... eheth boho ayage moda kam ha nodanima nisa podi unuth ewa hack karana thathwayak athi wee thibenawa...

      lankawe neethiya anuwa thawa kenekge machine ekakata athulu weema aparaada ganaye waradak wana athara laksa 5ka withara dadayak kannath puluwan man hithanne. eheth e gena unandu nam OS and software wala thiyena vulnerabilities gena hoyala balanna...

      Delete
    2. ගුරු මුෂ්ටා..

      Delete
    3. Sir deyak danagenat kiyan natte apema yahapatTa kiyalA dannawa. Namut hacking gana igenaganna kamati ayat innawa kiyala amataka karanna epa
      Tek ge awadanaya pinisai
      :=}

      Delete
    4. hacking kiyanne sarala deyak neme... honda hacker kenek wenna nam godak daksatha ona. linux, microsoft windows (ha dan android) operating systems gena specialist kenek wenna ona. routers, switches, ha networking genath itha honda danumak ona. samaharawita insider information pawa ona karanawa. e sandaha contacts awasya wenawa. man dakina widiyata hacker kenek nam full-time hacking karanna ona... wenath weda karana athare joliyata hack karanna ba. ehema part-time karana ayata honda danumak nathi nisa, nirantharayen updated nowee inna nisa, kohoma hari amaruwen hacking kalath, eka ahu nowena widiyata karanna harima amarui. anika, hack karanawata wadaa amaaru wade ahu nowee inna eka. oba use karana internet connection eka, phone eka pawa track karanna bari widiyata thibima wedagath. hondata hithala mathakala hadagatthu prathipatthi samudaayak ona karanawa... hacking karana eka hariyata damwalaka puruk wagei. damwelak gath wita ehi sakthiya ehi athi durwalama puruke sakthiyata samana wenawa. e anuwa therum ganna, kochchara dewal gena hithanna thiyeda kiyala honda hacker kenek wennata... computer gena danuma witharak madi...

      Delete
    5. Hmm... China maha prakaret goda nagune gadolin gadola. Anika api hacking igena ganne professional hackers la wenna newei ne. neda E wageema apit mula indanma igena ganna asai. Matanam hacking gana matupita adahasa igenagattaama ati. Sir podda podda lipi liyanna api himita igena gannam.
      habai(Guwanwiduli takshane gana igenagattat ewa athada balanna awashya kalamana na, mohanaya krnna kenek na, asawata leaer ekak hadanna ko rubi kata ? )
      Mata hacking kiyanne mona wage deyakda kiyala matupita adahasa witarak poddak gamburin pahadili karanawada..?
      Sir ta karadarayak nattam Sinhalen type karala ewanna puluwanda. (Singlish kiyawanna amarii)

      Delete
    6. ගුවන් විදුලි තාක්ෂණය අත්හදා බලන්නට ඔබට හැකියි. ඒ සඳහා සෑම වසරකම පවත්වන විභාගයෙන් සමත් වෙන්න ඕන (ආධුනික ගුවන් විදුලිය කියන්නේ ඒකට තමයි).

      මෝහනය ඉගෙන ගන්නට තිබෙන හොඳම ක්‍රමය තමයි මිතුරෙකු හෝ කිහිප දෙනෙකු හවුල් කර ගැනීම. මා හිතන්නේ මෝහනයට පත් වෙන්නට හෝ එය ඉගෙන ගන්නට අකමැති අය නැහැ.

      මා උගන්වන සෑම දෙයක්ම දෙන්නෙකුගේ හෝ තුන් දෙනෙකුගේ කණ්ඩායමක් වශයෙන් ඉගෙන ගැනීම තමයි ඉතාම උචිත. ඕනෑම දෙයක් රසවත්ව හා පහසුවෙන් එවිට උගත හැකියි. ලංකාවේ අය කුඩා කල සිටම ඉතාම මෝඩ විදියට තමයි ඉගෙනීමට පුරුදු වෙලා තියෙන්නේ. තනි තනියෙන් ඉගෙන ගන්න හදනවා. එහෙත් සතියකට සැරයක් හෝ දෙසැරයක් දෙන්නෙක් තුන්දෙනක් කොතැනකට හරි සෙට් වෙලා ඉගෙන ගන්න එක ඉතාම ජොලි වැඩක්. කොහොමහරි කෙනෙකු දෙන්නෙකු සොයා ගෙන මා උගන්වන දේවල් ඉගෙන ගන්න. ඉදිරියේදී තවත් රසවත් දේවල් මා ලියන්නට සිතාගෙන ඉන්නවා (කාලය තමයි අඩු).

      Delete
  8. Sir ගුරු මුෂ්ටා.. දැනගෙන කියන්නැහැ නෙහ්..හොරාාාා...
    Ohomma sir database nd sql ganat පාඩම් මාලාවක් karamuko..

    ReplyDelete
  9. Podiii prashnayak tiyenawa.

    Apita apema web adawiyaka apita kamati domain name ekak daganna Google ekata salli gewiima atyawashyada ? (Short cut nadda?)
    ehema salli dila web page ekak hadagena eka pasu kalinawa edit karaganna puluwanda.
    Ehema hada gatta web pituwaka aarakshawa tahawuru karaganne kohomada?
    Html magin hadapu web pituwakata taman hadagattu domain name eka daganne kohomada?
    Html ekaka slide show / animation danne kohomada?
    Taman hadapu web pituwak url eka natuwa Google eke pradarshanya karanne kohomada? ( apita web site eke nama nogaha tek croach kiyala gahuwama sir ge website ekata yanna puluwan )
    Html walin setup ekak danne kohomada ( kenekuta web site ekata gihin download karaganna puluwan widihata)
    Win rar setup hadaddi (window 7) enne ekama layout eka. Eka wenas karala lassana karaganna kramayak nadda.( mona de dammat antimata enne ekaama layout eka) Background layout eka sampurnen wenas karaganna widihak (animation dala)
    Win rar nomatiwa setup hadaganna puluwan software nadda.

    ReplyDelete
    Replies
    1. Tawa podi prashnayak tiyenawa. Sir copyright kiyala website ekata dagatte kohomada ? Rajayen hari Google eken hari wishesha awasarayak, hari mkkhari onedaa...nattan onama kenekta nikan daganna puluwanda

      Delete
    2. කොපිරයිට් හෙවත් ප්‍රකාශන හිමිකම කියන්නේ බුද්ධිමය දේපලක්. කාර්මික නිර්මාණ, පේටන්ට් ආදී තවත් බුද්ධිමය දේපල වර්ග තිබෙනවා. බුද්ධිමය දේපල යනු තමන්ගේ මනස මෙහෙයවා නිර්මාණය කරපුවා. උදාහරණයක් ලෙස, මා උගත් දේ මගේ මොලය වෙහෙසවා මා පොත් ලෙස ලියා තිබෙනවා. එවිට, එම පොත් මගේ බුද්ධිමය දේපලක්. පේටන්ට්, කාර්මික නිර්මාණ වගේ නොවෙයි, කොපිරයිට් අයිතිය ඔබ යමක් ලියූ විට එම මොහොතේ සිටම හිමිවෙනවා. අමුතුවෙන් ෆෝම් පුරවන්න හෝ අවසර ගන්න අවශ්‍ය නැහැ. බුද්ධිමය දේපල හිමිකම සාමාන්‍යයෙන් පොතේ හෝ වෙබ් අඩවියක කුඩා දැන්වීමක් සේ දක්වනවා (මාද එලෙස ලියා තිබෙනවා). එහෙත් එම කුඩා දැන්වීම අත්‍යවශ්‍යම නැහැ. එය ඉබේම හිමිවෙනවා. අනුන්ගේ ඉඩමක්, වාහනයක් තමන්ගේ යැයි කියා තමන් සතු කරගන්න බැහැනෙ. එලෙසම වෙනත් කෙනෙකු ලියා ඇති දේකට තමන්ට හිමිකම් කියන්න බැහැ. තමන් දෙයක් ලියුවා නම්, ඒ ලියපු දේ සඳහා අර විදියට ප්‍රකාශන හිමිකම ප්‍රකාශ කළ හැකියි.

      Delete
    3. වෙබ් අඩවි නාමය (domain name) කියන්නේ යම් කෙටි (අලංකාර) නමක් පමණයි. .com, .lk, .org ආදි ලෙස අවසන් වන වෙබ් නේම් (abc.com, xyz.lk ආදි ලෙස)මුදල් ගෙවා ලබා ගත යුතුයි (රුපියල් 1000ක් පමණ වැය වේවි එක් වසරකට). වෙබ් අඩවි නාමයන් විකුණන සේවා සිය දහස් ගණනක් ඇති අතර, ගූගල්ද ඒවා විකුණනවා (එහෙත් ගූගල්වල මිල තරමක් වැඩිය). abc.com, xyz.lk, blogspot.com වැනි නාමයන් සඳහා මුදල් ගෙවීමට සිදු වුවත්, aaaa.abc.com, bbbbbb.xyz.lk, tekcroach.blogspot.com වැනි වෙබ් නාමයන් නොමිලේ ලබා ගත හැකියි. ඊට අමතරව, .tk යටතේ වෙබ් නාමයන්ද නොමිලේම ලබා ගත හැකියි. tekcroach.tk යනුද එවැනිම නොමිලේ ලබා ගත් වෙබ් නාමයකි.

      නම විතරක් තිබ්බට වෙබ් අඩවියක් සෑදෙන්නේ නැත. එම නම යටතේ වෙබ් පිටුද අන්තර්ජාලයේ සේව් කර තැබිය යුතුය. ඊට අප hosting කියා කියනවා. හෝස්ටිංද සල්ලිවලට මෙන්ම නොමිලේත් ලබා ගත හැකියි. ඔබ අසා තිබෙන ප්‍රශ්න රැසක් වෙබ් අඩවි නිර්මානය හා හෝස්ටිං ගැන වන අතර, කමෙන්ට් එකකින් ඒ සියල්ලටම හොඳ පිලිතුරක් ලබා දිය නොහැකිය. එහෙත් ඒ ගැන සෙමින් අධ්‍යනය කරන්න. හරිම පහසු වැඩක්.

      තමන්ගේ වෙබ් පිටු ගූගල්වල ප්‍රදර්ශනය කරන්නට අමුතුවෙන් කරන්නට දෙයක් නැත. හොඳ වෙබ් පිටුවක් සැකසූ විට ටික කාලයකට පසුව ගූගල්වල එය පෙන්වාවි (පිටුව හොඳ වන තරමට එම පිටුව මුලින්ම පෙන්වයි).

      winrar, winzip ආදියෙන් කරන්නේ ෆයිල් ගොඩක් තනි ෆයිල් එකක් බවට පත් කිරීමයි. ඊට අමතරව, එක් ෆයිල් එකක් හෝ ෆයිල් කිහිපයක් හැකලවීමත් (compress) ඊට හැකියි. ඉතිං, එය අමුතුවෙන් ලස්සන කරන එකක් නොවේ. මා පෞද්ගලිකව භාවිතා කරන්නේ 7zip නම් ඉතා සරල ප්‍රෝග්‍රෑම් එකයි.

      පෝටබල් ප්‍රෝග්‍රෑම් එකක් නම් (ඒ කියන්නේ අමුතුවෙන් ඉන්ස්ටෝල් කරන්නට අවශ්‍ය නැති), සම්පූර්ණ ෆෝල්ඩර් එකම zip/rar කළ හැකියි. එහෙත් අමුතුවෙන් සෙටප්/ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එකක් එසේ කළ නොහැකිය. ඒ සඳහා වෙනම සොෆ්ට්වෙයර් තිබේ.

      Delete
    4. මට අවශ්‍ය "(අරක).abc.com" වත් "(අරක).blogspot.com" වත් නෙවෙයි. මට අවශ්‍ය
      "www.(අරක).com කියා වෙබ් පිටුව හදා ගැනීමටයි. වෙබ් පිටුවට www. කොටස දාගන්නේ කෙසේද? එයට Google එකට සල්ලි ගෙවන්න ඕනෙම ද? Hosting යනු කුමක්ද?

      Free domain name එක දාගන්න සමහර wysiwyg editors සල්ලි ඉල්ලනවා. උන්ටත් අපි සල්ලි ගෙවන්න ඕනෙද? ඔය මුකුත් ම නොකර www. කැැල්ල දාගෙන web අඩවියක් පවත්වාගෙන යන්න බැරිද? ඔබ එසේ web අඩවිය පවත්වාගෙන යන්නේ සල්ලි ගෙවා ද? නොගෙවා කරගෙන යන්න බැරිද www කොටස ද ඇතුළුව.

      Google එකේ තමන්ගේ web පිටුව පෙන්වන්න key words දාන්න පුළුවන් ද? Blogger editor එකේ campaigns ද මොකක්ද එකෙන් වෙන්නේ මොකක්ද.? Google එකට සල්ලි ගෙවන්න credit card එකක්‌ ඕනෙම ද? වෙන ක්‍රමයක් නැද්ද?

      Internet එකෙන් හොයන e money පිළිබඳව ඔබේ අදහස මොකක්ද? එම e money අපට නැවත ලබාගන්නේ නැතුව එකෙන් google එකට ගෙවන්න පුළුවන් ද?

      මන් අහුවෙ winrar එකක් sfx කරලා හදන set up එක හරි ඒකාකාරී. එහි advance sfx option වලිනුත් වෙන්නේ පින්තූර හෝ slide හෝ text ඇතුළත් කිරීම මිස theme eka හෝ leyout එක වෙනස් නොවේ. එය වෙනස් කළ හැකි ද? නැතිනම් එසේ වෙනස් කළ හැකි softwares තිබේ ද? ඒ මොනවා ද? (නොමිලේ ඒවා)

      වෙබ් පිටුවක එය කියවූ ගාන දක්වන්නේ කෙසේද? ( blogspot එකේ)

      Delete
    5. කියන්නකෝ.............

      Delete
    6. සමහර ප්‍රශ්න සරල වුවත් ඊට මගේ ස්ටයිල් එකෙන් පිලිතුරු ලිවීමට යන විට බොහෝ කාලයක් ගත වේ මොකද සාමාන්‍ය ජීවිතයේදී වුවද ඉතා කුඩා ළමයකු වුවත් මගෙන් ප්‍රශ්නයක් අසන විට මට වචනයෙන් දෙකෙන් පිලිතුරක් දීමට බැරි පුරුද්දක් ඇත. මටත් කාලය පිලිබඳ විශාල ගැටලුවක් තිබේ (දැනටමත් මං ඉතා විශාල කාලයක් පාඩම් ලිවීමට ගත කරන නිසා). තවද, ඉතා පහසුවෙන් එවැනි ප්‍රශ්නවලට පිලිතුරු අන්තර්ජාලයේම ඕනෑ තරම් ඇත. කෙසේ වෙතත් කෙටියෙන් මා පිලිතුරු කිහිපයක් ලියන්නම්.

      අන්තර්ජාලය හරහා සල්ලි බොහෝ සෙවිය හැකිය. මාද එසේ කර ඇත (ඉස්සර). එහෙත් එය කිරීමට ඉංග්‍රිසි දැනුම (අඩුම ගානේ හොඳට ඉංග්‍රිසියෙන් ලියා චැට් කිරීමට) හොඳින් තිබිය යුතුය මොකද ඔබට එලෙස චැට් කිරීමට සිදු වෙනවා ඔබට වැඩ භාර දෙන අය සමඟ. බොහෝ ඉන්දියානුවන් මෙලෙස අන්තර්ජාලය තුල වැඩ කරන අතර ඒ අයට තිබෙන ප්‍රධානම දුර්වලතාව නම් ඉංග්‍රිසියෙන් අදහස් හුවමාරු කිරීමේදී තිබෙන දුර්වලතාව හා සල්ලි මත මිස කොලිටිය ගැන උනන්දු නොවීම. මා මේ ගැනත් වෙනම පෝස්ට් එකක් හෙට අනිද්දට දාන්නම් මොකද මටත් හිතෙනවා මේ ගැන කෙටියෙන් හෝ හරි දෙයක් ලියන්න. බොහෝ මෝඩ හරක් අන්තර්ජාලයෙන් හම්බ කරන්න යැයි උගන්වන ක්‍රම පස්සෙ නම් යන්න එපා. මං මේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.

      ගූගල් විතරක් නොව, ඕනෑම ගෙවීමක් අන්තර්ජාලය හරහා සිදු කිරීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් අවශ්‍ය වෙනවා. අන්තර්ජාල ගෙවීම් ගැනත් මා වෙනම පෝස්ට් එකක් ලියන්නම්.

      මුදල් ගෙවාද වෙබ් අඩවි පවත්වාගෙන යා හැකියි; නැතිවත් හැකියි. මාද ඔය දෙවර්ගයෙන්ම වෙබ් අඩවි පවත්වා ඇත. එහෙත් නොමිලේ සියලු පහසුකම් තිබියදී මුදල් ගෙවා ලබා ගන්නේ ඇයි? පුරුදු වන්න අන්තර්ජාලයෙන් නොමිලේ ලැබෙන සේවා හා පහසුකම් සොයාගෙන ඒවා තමන්ගේ වැඩකටයුතු සඳහා භාවිතා කරන්නට. මා අද වන විට මුදල් ගෙවන්නේ අන්තර්ජාලය පහසුකම සඳහා පමණි. විසිවිග් එඩිටර් සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය නැත.

      www කොටස ගැන ඔබම සොයා බලන්න. එය ඉතාම පහසු දෙයකි. ටිකක් වෙබ් තාක්ෂණය ගැන ඉගෙන ගන්න දවසක් දෙකක් වැය කරමින්.

      වෙබ්පිටු කියවූ ගණන දැක්වීමට blogger එකේම පහසුකම ඇත. සොයා බලන්න.

      Delete
    7. මා වෙනම පෝස්ට් 2ක් ලියන්නම් කියා කිව්වනෙ. ඔන්න ලිව්වා.

      http://www.tekcroach.tk/2017/11/blog-post_64.html

      http://www.tekcroach.tk/2017/11/blog-post_23.html

      Delete
    8. ඔබතුමා නම් ජාතියේ පිනට පහළ වූ විශ්ව කෝෂයකි. ඔබතුමා ගැන විටින් විට කොමෙන්ටුවක් දැමීමට ගිය නමුත් අපොහොසත් වීමි. අවුරුදු ගණනාවක් වුවත් ඔබතුමාගේ ගුණ වැයීමට මට නොහැකිය. වෙන කියන්න දේවල් නැත. මෙම සත්කාර්යය දිගටම කරගෙන යන්න. බුදු සරණයි !!!

      Delete
  10. domain සම්බන්ධ ගැටලුවක්...

    අනේ මන්දා මේක කොතැනින් පටන් ගන්නද කියලා.. කෙලින්ම කිව්වොත් මේකයි වෙන්න ඕන. Blogger --> settings --> (උඩින්ම තියෙන එක) --> set 3rd party domain එකට හරියන හොඳ, කෙටි නමක් dදාගන්න ඕනේ. ඒකට වෙනත් domain නමක් තියෙන්න එපැයි. අන්න ඒක නොමිලේ register කරගන්න විදියක් දැනගන්න ඕන. ඒ මොකද කිව්වොත් කව්රුත් කැමති නෑ හෙණ දිග නම් ටයිප් කර කර ඉන්න.
    මට තාම domain එකක් හදා ගන්න බැරි වුණා. මම මේ වැඩේට මගේ කාලය හුඟාක් නාස්ති කරලා ඇති. මම ඔබ පෙර පැවසූ ලෙසට dot.tk වෙතින් ඩොමේන් එකක් හදා ගන්න උත්සාහ කලා. ඒත් ඒ එක උත්සාහයක් වත් හරි ගියේ නැහැ. dot tk වෙතින් freenom කියා වෙබ් අඩවියකට යවනවා ඩොමේන් එක register කරන්න. ඒක http පමනක් තිබූ නිසා google chrome එකෙන් යන්න දුන්නේ නැහැ. මම වෙන බ්‍රව්සරේකුත් ඩොවුන්ලෝඩ් කරගෙන ඉන්කොග්නිටෝ හරහා ගිහින් register උනා.(වෙන්න උත්සාහ ගත්ත) මාස 12 ක් දක්වා ෆ්‍රී කියලා තිබූ නිසා 12 ක්ම දැම්මත් ආවෙ නැති නිසා (මා කීප වරක්ම උත්සාහ කර බැලුවා.) මෙවර මාස 3 ක් පමණක් දැම්මා. ඉන්පසු මගේ email එකට පනිවිඩයක් අවා. එහි තිබූ ලින්ක් එකට ගිය පසු මගේ විස්තර සියල්ලම එහි ටයිප් කරලා (ඩොමේන් එකට තිබෙන ආසාවට ඔබ කීදෑ නොසලකා http පමනක් තිබුනත්) වර්ටිෆිකේෂන් එක දුන් පසු මගේ device එකේ IP address එක සමග පහලින් මොකද්දෝ එකක් ආවා. ඒකට යාම අනිවාර්ය බව එහි සටහන් කර තිබුනා. මං හිතන්නෙ privacy policy වෙන්නෑති. එයට නොගිහින් next ක්ලික් කලද පසුව ආපු වෙබ් පිටුවෙ තිබුනා ඒකට යාම අනිවාර්ය බව. ඒකට ගිහින් තවත් මොකද්දෝ ලින්ක් එකක ්තිබ්බා. මං හිතුවෙ වැඩේ හරි කියලා. වැඩේ හරියන පාටක් තිබුනේ. නමුත් ඒ ලින්ක් එකට ගිය පසු නැවතත් මුල හිටපු තැනටම ආවා. මම හිතුව රෙජිස්ටෙර් වෙලා ඇති කියලා. නමුත් මම රෙජිස්ටෙර් කරපු නම url එකේ ටයිප් කරල බලනකොට ඒක නැහැ. (මම ගියේ nenamansala@gmail.com වෙතින් ; රෙජිස්ටෙර් කලේ nenamansala.tk කියා.)

    මම එතනින් වැඩේ නැවැත්තුවේ නැහැ. තවත් උත්සාහ කලා. Xyz.com වලටත් සල්ලි ඉල්ලනවා. මම simplesite,simdif,blogspot,adobe,media,wordpress,abc123 වැනි wysiwyg editors වල වෙබ් register කරලා ගන්න හැදුවා. ඒවායේ නම් බ්ලොග් එකේ දාන්න හැදුවාම මොකද්ද Google verification එකක් ඉල්ලනවා. මම wix,tk,ml,ga,gq වැනි ඒවාටත් ගිහින් බැලුවා. ඒවායේ තියෙන්නේ වෙනම කතාවක්. Wix එකනම් තනිකරම බොරුවක්. ml, ga වැනි ඒවාට ගිහින් නම search පස්සේ පිටුව එකතැන refresh වෙනවා. මම දන්නෑ ඒක මගේ ෆෝන් එකේ අවුලක් ද කියලා. Adobe, media, abc123 ටික නම් wysiwyg editors වලට එහා දෙයක් මම නම් දැක්කේ නෑ. අනේ.. ඔබට පුළුවන් ද මට domain නමක් හදල දෙන්න.. Please... Nenasa0621@gmail.com password එක email කරන්නම්...අනේ Please මට domain එකක් හදල දෙන්න... Nenasa.tk වගේ එකක්‌

    ReplyDelete
    Replies
    1. ok... man hadala dennam... :) man mekata ayeth comment karannam

      Delete
    2. haduwa... www.nenasa.tk ... freenom website eke podi awlak thiyenawa thamai oba kiyapu lesama... password tika wenas kara ganna (nathinam man register karapu okkoma ayeth cancel karana danawa)

      Delete
  11. Thanks..! මේ උදව්වට ඔබතුමාට මම කොහොම ස්තුති කරන්නද මන්දා. මට හරිම සතුටුයි :) ඔබ සැබැවින්ම ඉගැන්වීමට වඩා දෙයක් කරනවා. එවැනි මිනිසුන් අද සමාජයේ සොයා ගන්නට බැහැ. පෙර පැවැසූ ලෙසම මට ඔබතුමාගේ ගුණ අවුරුදු ගණනාවක් වුවත් වැයිය හැකිය. එපමණටම ඔබ ගුණවත්ය.

    Cancel කරන්න එපා ඉතින් මම පව්නේ :)

    තමන් දන්නා දෙයක් තව කෙනෙකුට උගන්වනවා කියන්නේ ඉතාම උතුම් දෙයක්. ඒ වගේම අමාරු දෙයක්. හැමෝටම එහෙම තමන් දන්නා දේ ඕනැම කෙනෙකුට වැටහෙන ලෙස උගන්වන්නට බැහැ;තමන් කොච්චර දේවල් දැනන් හිටියත්. තවද ඔබතුමා අප වැනි සිසුන් වෙනුවෙන් දිවා රෑ කැප වි වෙහෙස නොබලා ටයිප් කර අපගේ ගැටලු වලට ඡේද ගණන්, ලිපි ගනන් පිළිතුරු දෙමින් අපගේ දෑස පාදන්නට මේ දරණ වෑයමම ඇති ඔබට නිවන් දකින්නට. ඔබතුමා නම් සැබැවින්ම නියම ගුරුවරයෙකි. මේ සත්කාර්යය දිගටම කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...!

    අා...! තව දෙයක්...
    සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. :) ඔබත් හොඳින් ආශාවෙන් ඉගෙන ගන්න... තව අයවත් ඉගෙන ගන්න උනන්දු කරවන්න... ඔබටත් සුභ නව වසරක් වේවා!

      Delete
  12. මට අවශ්‍ය කර තිබෙන්නේ ඉතා සරල මෘදුකාංගයක් සෑදීමටයි. එය මෘදුකාංගයක්ම නොව ,මට අවශ්‍ය කර තිබෙන්නේ යම් software එකක් install කලාට පසු desktop එකේ දිස්වන shortcut එක වෙනත් folder එකක් වෙත ස්වයංක්‍රීයව යැවීමට සැලස්වීමයි. තවද එකම නම ඉස්සරහට යෙදෙන softwares එම target folder එක වෙතට යෑමීදී ස්වයංක්‍රීයව එම මුල් නමින් new folder එකක් සාදා එම shortcuts , target folder එක තුල save වීමයි. උදාහරණයක් ලෙස මා Adobe සමාගමේ Adobe illustrator හා Adobe photoshop install කරන්නේනම් ඒ shortcuts යැවීමට C කරන target folder එක තුල Adobe නමින් new folder එකක් සාදා එම photoshop හා illustrator යන Softwares දෙක ඒ තුල Save වීමයි මට විය යුත්තේ. කරුණාකර කුමන හො ක්‍රමයක් භාවිත කරමින් එය සාදාගන්නා හැටි කියා දෙනවාද? programm කරනවානම් ඝහන්න ඕන Codes ටිකත් දෙන්න...(මට අවශ්‍ය කෙse හො වැde වීමටයි )

    ReplyDelete
    Replies
    1. C kiyala gahuna waradiyata ; C = bhaawithaaa kiyla gannakoo :}

      Delete
    2. ඔබ කියන විදියේ වැඩ වින්ඩෝස්වල සිදු කිරීමට හොඳම ක්‍රමය නම් වින්ඩෝස් බැච් ෆයිල් එකක් සෑදීමයි. වැඩිදුරටත් ඒ ගැන දැන ගැනීමට https://en.wikibooks.org/wiki/Windows_Batch_Scripting බලන්න.

      එහෙත් ඔබ කියන දේ ඒ විදියටම කර ගත හැකිදැයි මට ගැටලුවක් ඇත. එක් එක් (දන්නා හා නොදන්නා) ප්‍රෝග්‍රෑම් ඉන්ස්ටෝල් කිරීමේදී ඩෙස්ක්ටොප් එක මත සෑදෙන ෂෝට්කට්වල නම කල්තියා අපට හිඟි කළ නොහැකිය; අවිනිශ්චිතය. ඔබ මූව් කරන්නට යන්නේ එම ෂෝට්කට් නිසා, මූව් කරන්නට පෙර සිලෙක්ට් කරන්නට සිදු වන නිසා, අනෙක් ෆයිල්වලින් එම ෂෝට්කට් අනන්‍යව හඳුනා ගන්නේ කෙසේද? දවස්පතා සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කර ගන්නේ නැති නිසාත්, සිය ගණන සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කර ගන්නේත් නැති නිසා එහි එතරම් වැදගත්කමක් මට පෙනෙන්ට නැත...

      එහෙත් ඔබට ආසාවක් ඇත් නම් එවැන්නක් සාදා ගැනීමට (හරියටම ඔබ කියන දේ නොවුණත්), තරමක පහසුවෙන් එය කිරීමට හැකි වේවි අර විකිපීඩියා ලිපිය කියවීමෙන්...

      තවද, මා එක් එක් විෂයන් ගැන (මා දන්නා) දැනුම සිංහල බසින් ලබා දීමට උත්සහ කරනවා පමණි... (මාගේ සමාජදේශපාලන මතවාද ප්‍රසිද්ධ කරනවාට අමතරව). නිශ්චිතව යම් යම් වැඩ/ක්‍රියාකාරකම් කිරීමට වාසනාවකට හෝ අවාසනාවකට මගේ මනස උනන්දු නොවේ... ඔබට මා කියා දෙන යමක් ගැන ගැටලු ඇත්නම් මා හැකි පමණ ඉතා කැමැත්තෙන් ප්‍රතිචාර දක්වමි...

      Delete
    3. File.Move(System.Environment.GetFolderPath(Environment.SpecialFolder.DesktopDirectory) + @"\Firefox.lnk", System.Environment.GetFolderPath(Environment.SpecialFolder.DesktopDirectory) + @"\destination\MyShortcut.lnk");


      මේ තමයි සරලවම කෝඩ් එක.

      උඩින්ම using කියලා පේලි කිහිපයක් ඇඩ් කරලා තියන තැනට තවත් පේලියක්
      using System.IO;
      මේ වගේ එන්න ඕනේ.නැත්නම් කියන තැන එරර් වගේ පොඩිවට රතුපාටින් අන්ඩලයින් කරලා පෙන්නයි

      ශෝට්කට් එකක පාත් එකක් කෙලින්ම දෙනවානම් මේ විදිහට එන්නේ.
      "C:\Users\sch\Desktop\Firefox.lnk"

      නමුත් අපි මොන වෙලාවට මොන ශෝට් කට් හැදෙයිද කියන එක නොදන්න නිසා,
      අපේ ඩෙස්ක්ටොප් පාත් එක කලින් හදලා දීපු පහසුකම්(කෝඩ්) වලින් ගන්න පුලුවන්.
      මේ තියෙන්නේ ඒ කෝඩ් එක:
      Environment.SpecialFolder.DesktopDirectory(ඩෙස්ක්ටොප් පාත් එක)



      සරලවම කියනවනම් File.Move() ෆන්ශන් එකට ශෝට්කට් එක තියන තැන පාත් එකයි , ශෝට්කට් එක Move වෙන්න ඕන තැන පාත් එක දෙන්න විතරයි තියෙන්නේ.

      ex:
      File.Move(ශෝට්කට් එක තියන තැන පාත් එක , ශෝට්කට් එක වෙන්න ඕන තැන පාත් එක);


      හැබැයි ඔයාට ඕන විදියට තව අවශ්‍යතා අඩු වැඩි කරගන්න තව කෝඩ් යොදාගන්න වෙනවා.
      තව ශෝට්කට් එක Move වෙන්න නම්, ඒහෙම ශෝට්කට් එක Move වෙන්න ඕන තැන destination ෆෝල්ඩර් එක මුලින් තියනවාද නැත්ද බලන්න කෝඩ් ඕන.
      එහෙම ෆෝල්ඩරයක් තියනවානම් ශෝට්කට් එක කොපිවෙන්න/මොව් වෙන්නත් එහෙම නැතිනම් අලුතින් ෆෝල්ඩරයක් හදන්න කියල විධාන දෙන්නත් ඕන.
      ඊට පස්සේයි මෝව් වෙන්නේ. එහෙම වෙනකන් නොයෙක් නොයෙක් දෝශ මැසේජ් එන එක සමාන්‍යයයි ඉතින්..
      ෆෝල්ඩර් හදන්න , ෆයිල් හදන්න ,මකන්න ,රීනේම් කරන්න පවා සරල කෝඩ් තියනවා.ගූගල් කරලා ඒටික ලේසියෙන්ම ගන්න පුලුවන්.



      ඔය මට පුලුවන්, මන් දන්න විදියට, c#පරිගනක භාශාවෙන් ඔයාගේ ගැටලුවට පොඩි විසදුමක් දුන්නේ.දෙන්න උත්සාහයක් දැරුවේ.



      Delete
    4. ඒ වගේම කියනවානම්, මුලින් ඩෙස්ක්ටොප් එකේ තියන ෆයිල් මොනවද කියලා search karala automatically path ලිස්ට් එක හදා ගන්න වෙනවා .ඊලගට ඩෙස්ක්ටොප් පාත් එක එක්ක ශෝට්කට් වල නම් වල ලිස්ට් එක . අන්න ඒකෙන් සෝස් පාත් එක වෙන වෙනම අරගන,කොන්දේසි හරියටම බලලා ලිස්ට් එකේ තියන ශෝට්කට් එකින් එක ලූප් යෙදුම් හරහා destination folder ekata move කරගන්න බැරිවෙන එකක් නැ.

      Delete
    5. Public Shared Function GetLnkTarget(lnkPath As String) As String
      Dim shell = CreateObject("WScript.Shell")
      Return shell.CreateShortcut(lnkPath).TargetPath
      End Function

      මෙම ශ්‍රිතය මඟින් short cut එකක පථය ලබාගත හැකිය
      මෙය විශුවල් බේසික් වලින් ලිව්වේ.
      මෙය ක්‍රියා කරන්න නම්
      project>add reference>COM>Microsoft Shell Controls And Automation තේරිය යුතුයි.

      Delete
    6. ජගත් හා ෂමින්ද දෙදෙනාම ලැංවේජ් දෙකකින් විස්තර කර තිබේ. ඒ විස්තර දෙකෙන් ගැටයාගේ සම්පූර්ණ ගැටලුවට විසඳුම නොවුණත් එය කරන විදිය පෙන්වා දෙයි. හැබැයි ඒ දෙකෙන්ම වැඩ ගැනීමට නම් සුදුසු IDE ඉන්ස්ටෝල් කරගෙන සෝස්ෆයිල් කොම්පයිල් කර ගත යුතුය. මා සිතන්නේ ඩොස්/වින්ඩෝස් බැච් ෆයිල් එකකින් එය පහසුවෙන් කළ හැකි බවයි. ඒ සඳහා ඔබට නෝට්පෑඩ් පමණක් අවශ්‍ය වේවි. කෙසේ වෙතත් ගැටයා පැවසූ එක් දෙයක් නම් කිරීම එතරම් පහසු නැත (ෂමින්ද හා ජගත් දෙදෙනාම ඒ වෙනුවට විකල්පයක් යෝජනා කර තිබේ). ඩෙස්ක්ටොප් එක මත (හෝ වෙනත් තැනක) සෑදෙන සියලු ෂෝට්කට් මූවි කරන්නටයි ඔවුන් යෝජනා කර තිබෙන්නේ. එය හොඳ විකල්පයකි.

      බේසික් ගැන මගේ මතකය දැන් දුර්වලය. එහෙත් ප්‍රශ්නයක් අසන්නට කැමැතියි ජගත්ගෙන් ඔහු ලියූ කෝඩ් එක ගැන. ඔබ ලියූ කෝඩ් එකේ CreateShortcut() මෙතඩ් එක තිබෙන්නේ ඇයි?

      Delete
    7. ඕක මෙතනින් ගත්තේ

      https://stackoverflow.com/questions/18249263/how-can-i-find-the-destination-of-a-lnk-file-in-vb-net

      මමත් මේ ගැන වැඩිය දන්නෙ නෑ.
      කොහොමත් මේක වින්ඩෝස් වලට අදාල දෙයක් මිස විෂුවල් බේසික් වලට අදාල දෙයක් නෙමෙයි.


      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මා දැක්කා ඔයා ටික දවසකට පෙරත් මේ ගැන කමෙන්ට් කරල තියෙනවා. මේ දවස්වල මටත් නොසෑහෙන්න ගැටලු... හාහාහා... ඒක නිසා නිතරම බ්ලොග් එක බලන්නෙ නැහැ. කෙසේ වෙතත් ඔයාගේ වැඩේ ගැන මං හොයල බලන්නම්. tekcroach@gmail.com එකට ඔයාගේ බ්ලොග් එකට ලොග් වන ජීමේල් ඊමේල් එකත්, එහි පාස්වර්ඩ් එකත්, tk යටතේ රෙජිස්ටර් විය යුතු නම් 2ක්වත් (එකක් බැරි වුණොත් අනෙකින් රෙජිස්ටර් කරන්නට) එවන්න.

      Delete
    2. oh.. මට දැන් මතක් වුණේ... මේ ප්‍රශ්නයට මං මීට පෙරත් පිලිතුරු දීල තියෙනවා (ගිය අවුරුද්දෙ). මං එක් tk ඩොමේන් එකකුත් හදල දීල තියෙනවා... ආයේම එම ප්‍රශ්නයමයි. ජෝක් එකක්ද? :( then, this time you have to figure it out yourself. sorry...

      Delete
    3. හ හා ... කමෙන්ට් එකක් වත් හිතලා ලියාගන්න බැරි එකෙක්. ඔබට ඉස්සෙල්ලා (ගිය අවුරුද්දේ කමෙන්ට් එක ලීවේ මම.) මම මාස තුනක් විතර ගොඩක් මහන්සි උනා මගේ බ්ලොග් නම හදාගන්නට. එක එක වෙබ් site ගානේ ගිහින් රස්තියාදු වෙලා. තව පොඩ්ඩෙන් මම මගේ සල්ලිත් නාස්ති කරගන්නවා හොර වෙබ් site වලින් නම හදාගන්න ගිහින්... මේ වගේ පිස්සෝ හින්දා මගේ නම කැත කරගන්න මම කැමති නෑ. මේ අවුරුද්දේ මුල මමයි ඔබෙන් domain name eka ඉල්ලා ගත්තෙ. කමෙන්ට් එකක් හිතලා type කරන්න තරම් කම්මැලි එකෙක් නිසා මට බොරුවට අපහාස කරන්න එපා.

      මම ඔහුව පිස්සෙක් කියා කීවේ නිකන් නෙවේ.
      http://www.nenasa.tk/p/blog-page.html?showComment=1528196365466&m=0#c3455805692613921309
      ටිකක් අවවාද කරන්න ඔහුට...

      Delete
    4. ගණන් ගන්න එපා... මොලේ අමාරුකාරයෝ ඉන්නවා

      Delete
  15. aiie oye deshakeya kiyela comment kerela thiyenne mage yaluwek. mate domain eka hada ganne eka sambandewa adehasak apu nathi nisa thami mame eyage comment eka coppy kerela damme .eth meka jock ekak nemey . I'm sorry..........

    mame nanemansala kiyela web side ekak haduwa ekata mame podi karunu tikak damma.eth ema karunu nam aiyaa dannewa kiyela mame dnewa .ath mage webside eka balla comment ekak danne (http://nanemansala.blogspot.com/) . mage webside eke domain eka tige hinda eka keti keraganne krameyak please comment kerrane.kallin mage athin weche detha sorry....
    ewagema aiye oya are mate kerepu reply eka delete keranne kiyelath mame ayeda sitinawa.......................

    ReplyDelete
    Replies
    1. oya deepu blog eka weda karanne na. check it.

      Delete
    2. Sir mage blog eke name dige hinda mame name wennas kela
      dan eka thami http://tecgura.blogspot.com/
      Plese mage blog eka balla comment keranne

      Delete
    3. ඒ නමට නම් මමත් කැමතියි. මරු නම... :)

      Delete
  16. @ ගැටයා,
    මමත් Nenasa.tk එකේ batch file ගැන post එකක් ලිව්වා.

    https://www.nenasa.tk/2018/09/story-of-fork-bomb.html

    මේකෙන් ගැටයාගේ ප්‍රශ්නයට පිළිතුරු නොලැබුනත් බැච් ෆයිල් ගැන මූලිකවම ඉගෙනීමට එය ටිකක් හෝ වැදගත් වේවි. (ඒක ලියපු භාෂාව නම් ටිකක් අවුල් තමයි. ඒව ගණන් ගන්න එපා ඉතින් )

    එහි tekcroach සර් ටත් පිළිතුරු ලියන්න පොඩි ප්‍රශ්නයක් තියෙනව. (මට සිදුවූ අකරතැබ්බයක් ගැනයි තියෙන්නනේ) චුට්ටක් ඇවිත් බලන්න.

    Ashan Wijawickreme නැවතත් blog එකක් හදලා. ඒකටත් කොමෙන්ටුක් දාගෙනම යන්නකෝ...

    www.edugura.tk

    ReplyDelete
    Replies
    1. mage tekcroach.tk kiyana nama un cancel karala... haha... un ekka tharka karala wedak na... nikan dena (samahara) dewala hilak thiyenawane... web ekata hits godak enakota un ehema karanawa kiyala godak aya liyala thiyenawa...

      Delete
    2. සිදුවී ඇති දෙයටනම් ඇත්තෙන්ම කණගාටුයි. මම මීට දවසේ තුන හතරකට කලින් tekcroach.tk ගහල බැලුවම වැඩ කලේ නෑ. ඉතින් tekcroach.blogspot.com කියලත් ගහල බැලුව. එතකොට ආව this blog has been removed කියල. මට එකසිය ගාණට.... දුක හිතුන ඉතින් :) පස්සෙ ඊයෙ තමා ඔබේ බ්ලොගයට land කලේ. කෙසේ වෙතත් මෙවැනි සුළු හේතු නිසා ශාස්ත්‍රීය හා ප්‍රායෝගික අධ්‍යාපනය ලබා දෙන, ආකල්ප වර්ධනය කරන, මුදල් උපයන හැටිත් අපට කියාදෙන :) ඔබ ඔබේ බ්ලොගය නවත්තන්නේ නැති බව නම් මා හොඳින්ම දන්නවා. techcroach.tk domain එකනම් available. මෙතැනින් ගිහින් බලන්නකෝ. (මට ඩොමේන් එක හදා දුන් එකට ප්‍රත්‍යෝපකාරයක් කෙසේ හෝ කළ යුතුය යන හැඟීම සිතෙහි ප්‍රබලව තියෙනවා.) ඔබේ සමාසයේ දිගුව හරියන්නැද්ද ? (Techcockroach.tk)

      ඔබේ කොමෙන්ටුවට ස්තූතියි. නමුත් මා ඒ පෝස්ටුව ලිව්වේ මගේ GPU එකට මොකෝ උනේ කියල දැනගන්නට ඕන නිසා. Parallel/Complex calculations වලට හා machine learning ඉගෙනීමටත්, 3d modeling, photo (මිනිස් මුහුණු සහිත) edit කිරීමටත්, (එමෙන්ම කලුසුදු ෆොටෝස් වර්ණ ගැන්වීම ආදී එකී මෙකී නොකී ගොඩාක් වැඩ පහසුවෙන් කරගැනීමට) GPU එක කොච්චර වැදගත් දැයි මා අමුතුවෙන් කිවයුතු නොවේ. ප්‍රස්නෙ තමා ඒක නෑ. ඔවුන් කීවේ hard එක replace කලා කියලා. ඒත් මට පේන්නේ මුලු කොම්පියුටරේම replace කරලා මට වෙන එකක් දීල වගේ.

      ඔබ බැච් ෆයිල් වලට ගොඩක් ආස කෙනෙක් වගේ :) බැච් ෆයිල් සමඟ මාත් ඔට්ටු වෙලා තියෙනව. ඒවා ටෙස්ට් කරන වෙලාවට Task mgr එක standby තියන් ඉන්නවා ඉතින්. (End process එක ඔබන්න) අනික මං වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්නෙත් නෑනෙ. දැන්නම් ෆිල්ම් එකක් බලන්න කොම්පියුටරේ ඔන් කළත් task mgr ව පැත්තකින් තියාගෙනමයි ඉන්නෙ. නැත්නම් හිතට හරි නෑ වගේ :) ඒකෙන් තමා මන් හොයා ගත්තේ මගේ gpu එක අන්තරස්දාන වෙලා කියල. කොහොම නමුත් දැන් එන වෛරස් ගාඩ් වලින් හානිකර බැච් වැඩසටහන් අල්ලනවා. ඒ හින්ද බැච් වයිරස් එන්ක්‍රිප්ට් කරලයි එවන්නේ. මං බැච් ෆයිල් ගැන උනන්දු වන්නේ මගේ කොම්පියුටරේ ජාවා නෙට්බීන්ස් ide එක වැඩ කරන්නේ නැති නිසයි. මං බැච් ස්ක්‍රිප්ට් වලින් පොඩි CLI programs ටිකකුත් හදල තියෙනවා :) :) මං ජාවා ඉන්ස්ටෝල් කර පාත් එක හරියටම සෙට් කළත් නෙට්බීන්ස් එකෙන් කියනවා ජාවා නෑ කියලා. ඉතින් වැඩේ අත්හැරලා දැම්මා නෝට්පෑඩ් එකේ කොටන්න කම්මැලි නිසා :) C++ භාවිතයෙන් GUI සෑදීමට හොඳ IDE එකක් ඔබ දන්නවාද ? මට java ඉගෙනගෙන c++ ඉගෙන ගන්නකොට නිකන් අව්ල් වගේ. C++ sql වලට සපෝට් කරනවද ?
      ඔබේ C tutorial එක නවත්තන්න එපා. ටිකක් ඇඩ්වාන්ස් ඒව දාන්න. හැමදාම එකතු කරකර අඩුකරකර ඉන්න ගියාම කට්ටියට ටිකක් කම්මැලියිනෙ.

      ක්වොන්ටම් වාදය ගැනත් පෝස්ටුවක් ඕනෙ (සමීකරණ එහෙම දාල)... හුඟක් කට්ටිය ඔබෙන් ඒ ඉල්ලීම බ්ලොගයේ විවිධ තැන්හීදී කරලා තියෙනව. ඉතින් ඒ ගැනත් සලකා බලන්න. String theory ගැන ඔබේ අදහස කුමක්ද ?

      Delete
    3. හායි දේශක,

      ආයෙත් මං tk රෙජිස්ටර් වෙන්නෙ නැහැ (තිබුණ එකම ලැබුණොත් මිසක්)... කොහොමත් කවද හරි දවසක මෙහෙම වෙයි කියල මං දැනන් හිටියෙ... බලන් ගියහම නෙදර්ලන්තයත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වගේ... හිඟන වැඩ කරන්නේ... හාහාහා

      ඔබගේ පරිගනකයේ device drivers ඔක්කොම අප්ඩේට් කර බලන්න... ඒ සඳහා ෆ්‍රී සොෆ්ට්වෙයාර් තියෙනවා (එවැන්නක් භාවිතා කරපු කාලයක් මතක නැති නිසා, එවැනි සොෆ්ට්වෙයාර් එකක නමක්වත් මට මතක් වෙන්නෙ නැහැනෙ)... ඉන්ටර්නෙට් එකෙන් සොයල බලන්න... සමහරවිට ඔබ කියූ ලෙසටම සියල්ලම මාරු කර තිබෙන්නත් පුලුවන්... ඔවුන්ගෙන් අසා බලන්න...

      මං ඒ කාලේ visual studio 6+ තමයි භාවිතා කළේ... දැන් නම් ඕන තරම් IDE තියෙනවා නේද? ඔව්, SQL සපෝට් කරනවා... ජාවා නම් මට එපා කරපු එකක් (ඒකේ වැදගත්කමක් මට ඉගෙන ගන්න කාලෙදිවත් දැනුනෙ නැහැ)... මං ඉතිං ටිකක් පරණ තාලේ එකෙක් නිසා මාත් ආස c හා c++ තමයි... නැහැ නැහැ... c/c++ පාඩම් ඉවර නැහැ... ඒකේ හොඳම කොටස තාම මං ලියල නැහැ... හාහා...

      ක්වොන්ටම් ප්‍රශ්නය... ඊයෙත් යාලුවො කිහිප දෙනෙකු සමඟ මං ඔය දේ ගැන කතා කළා... ඇත්තටම මං මේ බ්ලොග් එකේ මුලින්ම ලියන්න හිතන් සිටියේ ක්වන්ටම් ගැන තමයි... මාත් ආසයි ලියන්න... මං ඒ විෂය ගැන විශේෂඥයකු නම් නොවේ... එහෙත් මං හිතන්නේ කාටත් ආසාවෙන් කියවා තේරුම් ගත හැකි අයුරින් මට ක්වන්ටම් විස්තර කරන්න පුලුවන්... අද මං එන ගමනුත් ඒක ලියන විදිය ගැන හිතුවා... බලමු...

      මං string theory ගැන එතරම් දන්නෙ නැහැ... මට ඒ ගැන ඉගෙන ගන්න හිතුනෙත් නැහැ මොකද මට ඒක කෘත්‍රිම බවකුයි දැනෙන්නේ... ඒ කියන්නේ ඇරිස්ටෝටල්ලා ප්ලේටෝලා නැවත ඉපදිලා ෆිලෝසොෆි කතා කරනවා වගෙයි මට ඒ ගැන සිතෙන්නේ... ඒක නිකංම ලස්සන "බට කොල ආච්චිගේ" කතා වගේ ලොජිකල් කතා ටිකක් විතරයි මට නම්...

      Delete
    4. ඔබේ බ්ලොග් පේජ් වල 200 කට ආසන්න links වැඩ නෑ. දැන් ඔබට ආයෙ කොනක සිට links ටික update කරගෙන යාමට සිදු වේවි. එමෙන්ම meta tags අනංමනං ආදියත් update කරන්නට සිදුවේවි. techcroach.tk ලෙස වෙනස් කිරීම ඔබට පහසුවක් වේවි. (එක අකුරයිනෙ) ඒකයි මම ඒ යෝජනාව කළේ. තව අවුරුද්දකින් විතර blog එක out rank උනාම ඔබට domain එක නැවත හමු වේවිද ? ඒත් ඉතින් මෙවන් බ්ලොගයක් කෙසේ outrank වන්නද ? Hikzz... :)

      Drivers update කරලා බැලුවා මොකක්ද cd එකක් දාල. උන්ගෙන් ඇහුවම උන් දන්නෑලු. මං තාම ඉගෙන ගන්නවා විතරනේ. අවුලක් නෑ.

      C/C++ ටිකක් දාන්නකෝ. සුබ පතනවා :) මට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් හැම එකේම වගේ අල්ලන්නැති එකක් තියෙනවා. Syntax error කියල මැරෙන්න හදනව. ඒක දන්නවා මොකක්ද වැරැද්ද කියලා. ඒත් කියනවා අපිට ඒක හදන්න කියලා. ඇයි compiler ට බැරි මොකද්ද වැරැද්ද කියලා හොයා ඒක නිවැරැදි කරන්න? එහෙම නිවැරැදි කරන්න පුලුවන් ලැන්ග්වේජ් එකක් තමයි මටනම් හොඳ. කරුමෙට එහෙම ඒව නැ :) ඒකයි මං IDE වලට කැමති.

      මට string theory එකේ ස්ට්‍රින්ග් එක කම්පනය වීමේ කතාව ටිකක් හෝ පිළිගත හැකියි (සත්‍යයක් විය හැකියැයි හැඟේ.) නමුත් මාන පිළිබඳ කතාවනම් තනිකර බටකොල ආච්චි ටයිප් එකේ මනෝවිකාරයකි. කෙසේ වෙතත් මුළු විශ්වයම ඉහළම මට්ටමින් වියුක්තීකරණය කර, එක් ප්‍රවාදයකට ගොනු කිරීම හොඳයි කියා මටනම් සිතේ. බලන්නකො ඒකෙත් හැටි... මුලින් සියල්ල එකටම තියලා, පසුව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය ආදී වෙනම දැනුම් පද්ධති ලෙස විස්තීරණය කොට, පසුව ඒ ඔක්කොම තනි තියරියකට ගන්න දඟලයි :)

      බ්ලොග් එක පටන්ගත්තු කාලේ සිට අවුරුදු 10 ක් යන තෙක්ම මේ වනතුරුත් ඔබ ඒක ලියන විදිහ කල්පනා කරනවාද ? :-) විදුසර සඟරාවේ ඉස්සර ක්වොන්ටම් වාදය ගැන හොඳ ලිපි ප්ළවූ නමුත් පසුව ආචාර්ය නලින් ද සිල්වාගේ මනස්ගාත වලින් ඒ පාඩම් මාලාව ගිල ගත්තා :( :( :(

      Delete
    5. ඔව්... චෙක් කරල බලන්න ඕන ලින්ක්ස් වෙලාවක...

      එහෙම නෙමේ මං කිව්වේ... ඩිවයිස් ඩ්‍රයිවර්ස් ඔන්ලයින් චෙක් කරල බලල හොඳම ඩ්‍රයිවර් එක ඉන්ස්ටෝල් කරන ප්‍රෝග්‍රෑම් තියෙනවා...

      සින්ටැක්ස් එරර්වල තියෙන්නේ වගකීම ගැන ගැටලුවක් කියලයි මට සිතෙන්නේ... ප්‍රෝග්‍රැමර් සතු වගකීම් තියෙනවනෙ.

      විද්‍යාව ඉතිං කවදත් රසවත් කතාන්දර තමයි... මා දන්න දෙයක් වුව කවුරුන් හරි පැහැදිලි කරන විට කට ඇරං මාත් අහන් ඉන්නවා කතාන්දරයක් අහනව වගේ...

      ක්වන්ටම් ගැන කියා දීමේදී අභියෝග බොහෝ තියෙනවා... නලින් ද සිල්වා කොතරම් උගතෙක් වුවද, ඔහුට අද වෙනකල් හැකි වී තිබෙනවාද සාමාන්‍ය කෙනෙකුට අවබෝධ වන පරිදි ක්වන්ටම් උගන්වන්නට? ඔහේ මනස්ගාත විද්‍යා දර්ශනවාදයයි ඉතිහාස බහුබූතයිනෙ වැඩිපුරම දොඩවන්නෙ ඔහු... ඔහුත් හරිහැටි නොදන්නා බුදු දහම ඇසුරින් විද්‍යාව අර්ථ නිරූපණය කිරීමට තැත් කිරීමෙන් ඔහු රටේ මහා සංස්කෘතියෙන් යම් බලයක් උකහ ගත්තත්, එය ඉතාම නිෂ්ප්‍රයෝජන වැඩක් අවසානයේදී.

      Delete
    6. ඩ්‍රයිවර්ස් දාන්න ඩිවයිස් එක අන්තරස්දහන්...

      ඔව්. මට ide එකක් භාවිතා කිරීම පහසුයි.

      ඇයි ඉතින් අපිට බැරි ඒ වගේ කතාවක් ගොතන්න. (නිව්ටන් ගුරුත්වාකර්ෂණ කතාව ගොතල අයින්ස්ටයින් ඒකෙ හේතුව ගෙතුව වගේ.) මුළු විද්‍යාවම පාහේ බටහිර දැනුම් පද්ධතියක්නේ...ලංකාව තාම තාක්ෂණය අතින් එකතැන ඉන්නේ ඒ නිසාද ?

      http://slash-dev-slash-null.blogspot.com/2013/03/blog-post.html

      Delete
    7. නිව්ටන් හා අයින්ස්ටයින් ගැන ඔබ ඒ් කියූ තර්කය/කතාව මට පිලිගත නොහැකිය. නිව්ටන් ඔහුගේ කාලයට සාපේක්ෂව ප්‍රායෝගික සත්‍යයක් විස්තර/පැහැදිල කළ අතර, අයින්ස්ටයින් ඊටම වෙනත්ම පැහැදිලි කිරීමක් කළා පමණි. විද්‍යාවේ ස්වභාවය එයනෙ.

      ඔබ බටහිර කියන්නේ කුමන අර්ථයකින්ද පැහැදිලි කරනවාද ටිකක්... එය භූගෝලීය අර්ථයෙන්ද දාර්ශනික අර්ථයෙන්ද? මට නම් විද්‍යාව තුල "දිශාවක්" දැනෙන්නේ නැත...

      ඔබටත් හැකියි කතාන්දර ගොතන්න... ප්‍රවාද තනන්නට... එහෙත් ඊට හොඳ තාර්කික පදනමක් හා විද්‍යාත්මක හයියක් අවශ්‍ය කරනවා... නිකංම රසවත් කතාන්දර වූ පලියට වැඩක් වෙන්නේ නැත... මා සිතන්නේ ලංකාව හා ඉන්දියාව වැනි රටවල විද්‍යාව බිහි නොවන්නේ එම ප්‍රදේශවල තිබෙන ආගමික දර්ශන හා සංස්කෘතිය නිසාය... ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ...ලංකාව තාක්ෂණය අතින් පමනක් නොව, හැම දෙයක් අතින්ම එක තැන පල් වේ... ඊට හේතුව උද්දච්ච, නිවට, හා මෝඩ සිංහලයන්ගේ හැදියාවයි...

      Delete
    8. නැහැ. මං අදහස් කලේ (බටහිර) යුරෝපීයයන් හා ඇමෙරිකානුවන් දැනුම නිර්මාණය කරන්නන් බවටත්, සෙස්සන් දැනුම ලබාගන්නන් බවටත් නිසඟයෙන්ම පත්වී හමාරයි මේ වෙනකොට. (ඒගොල්ලො හැමදාම කතා කියනව. අපි හැමදාම කතා අහනව) නිව්ටන් හා අයින්ස්ටයින් ගත්තේ උදාහරණයක් ලෙස පමණි. ඇයි අපිට බැරි මේ රාමුවෙන් පිටට ගොස් යම්කිසි දැනුමක් ලෝකයට දායාද කරන්නට.

      ඔව්. ඔබ කිව්වා හරි. නමුත් ගොඩක් දෙනා කරන්නෙ මේ පවතින රටාව විවේචනය කිරීම පමණි. (මාද ඇතුලුව) සමහර විට ඊට වඩා දෙයක් අපට කිරීමට නොහැකි වන්නට පුලුවන. සමහරු රට අතහැර යාමට පවා මේ හේතුව මුල් වී ඇත, ලංකාවේ ජීවත් වන්නට අමාරුය කියා. තවත් සමහරු (බොහෝ අය) කරන්නේ ලංකාවේ සිට පිටරටට සේවය කිරීමය. එහිද වරදක් නැත. එහෙත් සියලු දෙනා මේ ආකාරයෙන් කරන්නට ගතහොත් අවසානයේ රටක් වශයෙන් ලංකාවක් ඉතුරු වේද යන්න ගැන මට සැකයි... නැතහොත් අවසානයේ ලංකාවේ ගල් යුගයේ සෙට් එකක් ලංකාවේ ඉතුරු වේවි.

      Happy Teachers' Day Tekcroach !
      ගුරුවරයෙක් කියල කියන්න ළඟට ගිහින් ඉගෙනගන්න ඕන නෑ. ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා....:)

      Delete
    9. ඉතා දක්ෂ විද්‍යාඥයන් සිටින ඊශ්‍රායලය ආසියානු රටකි... මා ඇත්තෙන්ම ඔබ කියන කාරණා ගැන ගැඹුරින් සිතා නැත. විවිධ අදහස් සිතට ගලා එයි (එහෙත් ඒවා ඇත්තටම නිවැරදිද යන්න තව සිතිය යුතු වේ)...

      බටහිරින් විද්‍යාව බිහි වේ යැයි කිව්වත්, ඇත්තටම බටහිරෙහිත් රටවල් කිහිපයක් පමනි ඊට මුල් වී තිබෙන්නේ... සමහරවිට ඓතිහාසික වශයෙන් මෙම රටවල නව දැනුම බිහි වීමට හා පෝෂනය වීමට අවශ්‍ය සංස්කෘතික සාධක පවතින්නට ඇති (හරියට ලංකාව වැනි රටක බුදු දහමට සම්බන්ද ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛතාව ලැබෙන්නා සේ)... තවද, එලෙස විද්‍යාව බිහිවන "බටහිර" රටවල් කිහිපයට ලොව පුරා සිටින විශිෂ්ට විද්‍යාඥයන් සංක්‍රමණය කිරීම නිසා, එම තත්වය තවත් දැඩිව පෙනීමට හැකිය. ඊටත් අමතරව, එම රටවල් ස්වල්පය විද්‍යා තාක්ෂනය පදනම් කර ගත් දියුණු රටවල් වීම නිසා, ඉතා මිල අධික විද්‍යාගාර පහසුකම් ආදියද පැවතීම තවත් රුකුලක් විය හැකියි. මේ ආදි ලෙස කරුණු සලකන විට, විද්‍යාව වැඩි වශයෙන් "බටහිර" රටවල් කිහිපයකින් වැඩි දියුණු වන්නේ ඓතිහාසික කරුණක් නිසා බව මට හැඟේ... එය දිගින් දිගට ගොස් සංස්කෘතික ලක්ෂණයක් බවට පත් වී ඇත. ඉතිං, අප වැනි රටවල් ආගම හැම දේටම මුල් කරගෙන ඒ මත්තේම යැපෙන්නා සේ, විද්‍යාව මත යැපෙන සමාජය විද්‍යාව තවදුරටත් ඉදිරියට ගෙන යනවා විය යුතුය. බලන් ගියහම එය සමාජ ප්‍රවාහයකි...

      මටත් එවැනි ගුරුවරු සිටී. සමහරුන් මා ඉපදෙන්නටත් පෙර මෙලොවින් සමුගත් අය වේ (විශේෂයෙන් කුමාරතුංග මුනිදාසයන්)...

      Delete
    10. තව දෙයක් කීමට කැමතිය. දැනුම නම් ලොව හැමතැනම හැමදාම බිහි වෙමින් පවතී. ඒ අනුව අප කවුරුත් හොඳ කතා කාරයන්ය. එහෙත් මෙතැන විශේෂයෙන් ඔබ හා මා කතා කරන්නේ විද්‍යා දැනුමයි.

      Delete
    11. විද්‍යාව මත යැපෙන සමාජය විද්‍යාව තවදුරත් ඉදිරියට ගෙන යයි.

      ආගම් මත යැපෙන අපේ සමාජය එය් ආගමක් බැවින් එම ආගම දියුණු නොකරයි. (එසේ කළ හැකිද නොහැකිද යන්න මා නොදනී. හැම ආගමේම කියන්නේ ඒ ආගමෙන් කියන දේ හැර අනෙකක් නොමැති බවයි.) එම අගම් ඇසුරු කොටගෙන තමාගේ පෞද්ගලික මත තහවුරු කිරීමට ප්‍රයත්න දරයි. වෙන කෙනෙකුගේ මතයක් නොඉවසන මොවුන් අනෙකාගේ කකුලෙන් අදියි. ඉතින් අප වැනි රටවල් මෙසේ පසුපසට යයි.

      විද්‍යාව හෝ දර්ශන අංශ ඔස්සේ පමණක් නොව අනෙකුත් අංශ වල තත්වයද මෙලෙස බව මට පෙනෙයි. ඉතින් මට දුක සිතෙයි. කළ හැක්කක්ද නොවෙයි... :)

      එහෙම බලන් ගියාම හැම දැනුම් පද්ධතියක්ම පාහේ සමාජ ප්‍රවාහයක් තමයි :)

      Delete
  17. නොමිලේ 100GB විතර cloud space එකක් (එක email එකකින් ගැනීමට හැකි) දෙන සේවාවක්ගැන ඔබ දන්නවාද ?

    ReplyDelete
    Replies
    1. මං නම් භාවිතා කරන්නේ google drive හා microsoft onedrive තමයි... මෙන්න මේ http://www.backupreview.com/best-free-cloud-storage/ ලින්ක් එක ලැබුණා මේ ගැන සර්ච කරද්දි... ගිහින බලන්න... 100GB, 50GB දෙන අය ඒකෙ ඉන්නවා... එහෙත් ඒවා ගැන ගූගල් මෙන් විශ්වාසය නොතබන්න...

      Delete
    2. හ්ම්ම්... මං දැනට නමි පාවිච්චි කරන්නේ mega.nz එකයි. ඒකෙ 50GB දෙනවා. ඒක මට හොඳටම මදි :)

      Delete
  18. Oba kawadahari robot kenek samaga chat karala tiyenawada ? Me link ekata gihin balannako

    https://www.pandorabots.com/mitsuku/

    Eka nam marai. Me tiyenne mage athdakim
    Click here

    Click here

    Matat ehema AI ekak hadanna asai...:)

    ReplyDelete
    Replies
    1. ඔන්න මාත් සංවාදයක් කළා...

      https://tekcroach.blogspot.com/2018/10/blog-post.html

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1