BLOCK CHAIN TECHNOLOGY ක්රිප්ටොකරන්සි සමඟ කරලියට පැමිනි ඉතා වැදගත් තාක්ෂනයක් තමයි බ්ලොක් චේන් කියන්නේ. අද වන විට, මෙම තාක්ෂනය ක්රිප්ටොවලට අමතරව වෙනත් සේවාවලද භාවිතා කිරීම අරඹා ඇත. බ්ලොක් චේන් එකක් යනු බ්ලොක් කිහිපයක් එකට එකතු කල විට හෙවත් link කල විට හැදෙන එකකි. එතකොට බ්ලොක් එකක් යනු කුමක්ද? බ්ලොක් එකක් කියන්නේ ගනුදෙනු එකක් හෝ කිහිපයක් එකට ගොනු කල විට, ඊට කියන නමයි. ඒ කියන්නේ a block of transactions (ගනුදෙනු පොකුරක්) තමයි බ්ලොක් එකක් කියන්නේ. ගනුදෙනුවක් (transaction) යනු යම් වටිනාකමක් හුවමාරු වීමකි. ඒ කියන්නේ ඔබෙන් බඩුවක් හෝ සේවාවක් මා මිලට ගත් විට, මා ඔබට ඊට වටිනාකම ගෙවනවා. එය ගනුදෙනුවක්. එහෙමත් නැතිනම්, මා ඔබට නිකං යම් මුදලක් ලබා දෙනවා. එයත් ගනුදෙනුවක් මොකද මා ඔබට මුදලක් එවනවානෙ. ඉතිං සෑම ගනුදෙනුවකදීම වැදගත් කරුනු කිහිපයක් තිබෙනවා - වටිනාකම යවන්නා, වටිනාකම ලබන්නා, වටිනාකම, එය සිදු වූ දිනය වෙලාව. ඔබ දන්නවා එදිනෙදා භාවිතා කරන ගිනුම්වල සටහන් කරන්නෙත් මෙම විස්තරම නේද? මෙවැනි ගනුදෙනු එකක් හෝ දෙකක් හෝ දුසිමක් හෝ ඊටත් වැඩි ගනනක් එකට ගොනු කල විට, ඊට බ්ලොක් එකක් කියා...