Skip to main content

Posts

Showing posts from October, 2019

ජනතා විමුක්ති පෙරමුන (මාලිමාව) හා සමලිංගිකත්වය

මා දැන් වසර කිහිපයක සිට ජවිපෙ (මාලිමාව) දැඩි ලෙස විවේචනය කරමින් සිටී. එසේ තිබියදිත් පසුගිය කාලය තුල මාද ඔවුන්ගේ සමහර සාකච්ඡාවලට සහභාගී වී ඇත (ඒවා ඵල රහිත "බොල්" විය). මාලිමාව ජයග්‍රහනය කරන්නට යන පිරිසෙන් අතිශය බහුතරය එසේ කරන්නට සිතන්නේ දශක කිහිපයක සිට රට පාලනය කල දේශපාලු පක්ෂ විසින් සිදු කරන ලද විනාශකාරී මංකොල්ලකාරී දේශපාලනය නිසාය. උනුත් හොඳ නැහැ මුනුත් හොඳ නැහැ නිසා ජවිපෙට දීලවත් බලමු යන හැඟීමෙන් යුතුව ඔවුන් වැඩ කරනවා. වෙනත් විකල්ප නොමැති නිසා, සමහරවිට අසරනකමට ජවිපෙට ඡන්දය දීමට ඔවුන් ඉබේම පෙලඹීම අසාධාරනද නැත.  එහෙත් අප විසින් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් තෝරා ගත යුත්තේ එසේ නොවේ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා, ප්‍රතිපත්තිවලට එකඟ නම් පමනයි අපගේ ඡන්දය ලබා දිය යුත්තේ. එහෙත්, ජවිපෙට සහය දක්වන පිරිස ජවිපෙ ප්‍රතිපත්ති දන්නේද? පැහැදිලිවම නැත. ට්‍රෙන්ඩ් එකට දේශපාලනය කිරීමට පුරුදුව සිටින ලාංකිකයන්ට ප්‍රතිපත්ති දේශපාලනය කොහෙත්ම හුරු නැත.  ජවිපෙ පාක්ෂිකයා පොහොට්ටුවේ පාක්ෂිකයාට වඩා ගර්හිත තත්වයේ සිටී. ජවිපේ කෝර් එකට ඔවුන්ගේ නායකයාගේ වදන් පන්සිල් පද, කොරානය, භගවත් ගීතාව, දස පනත වැනි

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ

ශ්‍රී ලංකා ජාතික රේඩියෝ සංඛ්‍යාත බෙදා දීම් වගුව (spectrum allocation)

සෑම රටකම භාවිතා වන ජාතික සම්පතක් වන රේඩියෝ තරංග සංඛ්‍යාතයන් විවිධ අවශ්‍යතා සඳහා ජාත්‍යන්තර සම්මූතින්ටද යටත්ව බෙදා වෙන් කර ඇත. බොහෝ රටවල එය ලියවිල්ලක් වශයෙන් හෝ ලස්සනට සකස් කළ වගුවක් වශයෙන් රටේ පුරවැසියන්ට ලබා ගත හැකි පරිදි තිබුණත්, ලංකාව තුල එවැනි ලියවිල්ලක් අපට ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. මේ ගැන මා පෞද්ගලිකවත් විදුලි සංදේශ නියාමන කොමිෂම සමග ගැටුම් ඇති කර ගෙන ඇති අතර මීට පෙර https://blog.tekcroach.top/2017/08/blog-post_26.html වැනි බ්ලොග් ලිපි හරහාද මා එය සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත්, මෑතකදී එම ලියවිල්ල නියාමන කොමිෂමෙන් ඉදිරි පත් කර ඇත. බැලූබැල්මට අලංකාර ලෙස ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් http://www.trc.gov.lk/images/pdf/FINALRadioFrequencySL.pdf යන ලින්ක් එකෙන් එය ඩවුන්ලෝඩ් කර ගතද හැකිය. එය කදිමට සකසා මෙලෙස ඉදිරිපත් කිරීම ගැන නියාමන කොමිෂමට අපි ස්තූතිවන්ත වෙමු.