Posts

Showing posts from 2015

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 4

Image
අතිරේකය 2 ජෙනරේටර් මඟින් විදුලිය නිපදවීම අතිරේකය 1 යටතේ විදුලි ශක්තිය නිපදවන හා ලබා ගන්නා ක්‍රම ගණනාවක් ගැනත් ඊට සම්බන්ධ තවත් අමතර විස්තර ගැනත් ඉගෙන ගත්තා . ඒ සියලු ක්‍රම අභිබවමින් ලොවපුරා විදුලිය නිපදවන ප්‍රධානතම ක්‍රමය නම් ජෙනරේටර් (generator) මඟින් විදුලිය නිපදවීමයි . මෙය යාන්ත්‍රික ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කිරීමක් ලෙස සැලකිය හැකියි . ජල විදුලි බලාගාර (hydro power), න්‍යෂ්ඨික බලාගාර (nuclear power), ගල් අඟුරු බලාගාර (coal power), තාප / තෙල් (fuel/thermal power) බලාගාර , සුළං විදුලි බලාගාර (wind mills/power), දර විදුලි බලාගාර (dendro power), මුහුදු තරංග බලාගාර (ocean wave power) ආදී සියලුම විදුලිය නිපදවන ක්‍රම පදනම් වන්නේ ජෙනරේටර් ක්‍රමය මතයි . මේ සෑම බලාගාරයකදීම (power house/station) සිදු වන්නේ ජලය , න්‍යෂ්ඨික ද්‍රව්‍ය , ගල් අඟුරු , තෙල් , සුළං , දර , මුහුදු රළ ආදී දෙයකින් ඇති කරන විශාල චාලක ශක්තියක් මඟින් ටර්බයිනයක් (turbine) කරකවා , එම ටර්බයිනයට සම්බන්ධ කළ ජෙනරේටරයක් කැරකවීමයි . ( දහනය නිසා පරිසරය දූෂනය කරන සලෆර් හා වෙනත් කුඩා අංශු පිටවීම වලක්වන හා පරිසරයට / සෞඛ