Skip to main content

ලිනක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියේ adhoc ක්‍රමයට වයිෆයි කනෙක්ෂන් සෑදීම

වයිෆයි (WiFi) ක්‍රමයෙන් උපකරණ දෙකක සම්බන්ධ කරන ප්‍රධාන ආකාර දෙකක් පවතිනවා.

1. infrastructure හෝ AP (Access Point) mode
2. adhoc mode




මින් පළමු ආකාරයට සම්බන්ධ කිරීමට ඇක්සෙස් පොයින්ට් නමින් හැඳින්වෙන වයිෆයි ගේට්වේ/රවුටර්/ස්විච් එකක් අවශ්‍ය කරනවා. බොහෝම පහසුවෙන් ඇස්සෙස් පොයින්ට් ක්‍රමයට වයිෆයි කනෙක්ෂන් එකක් සෑදීමට බොහෝ දෙනා දන්නා, නමුත් ඇඩ්හෝක් ක්‍රමයට සෑදීම තරමක් කරදරකාරී දෙයක් වෙනවා. මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ ලින්ක්ස්හි ඇඩ්හොක් ක්‍රමයට පහසුවෙන්ම වයිෆයි සම්බන්ධතාවක් සාදන අයුරුයි.

ඇඩ්හොක් ක්‍රමයේ ඇති වටිනාකම වන්නේ මේ සඳහා අමුතුවෙන් ඇක්සෙස් පොයින්ට් නම් උපාංගයක් මිලට ගැනීමට අවශ්‍ය නොවීමයි. ඔබේ උපාංගවල දැනටමත් වයිෆයි පහසුකම ඇත්නම්, කෙලින්ම එම උපාංග එකිනෙකට වයිෆයි ක්‍රමයෙන් සම්බන්ධ කළ හැකියි. එම උපාංග වන්නේ බොහෝවිට පරිගණග, ටැබ්, සහ ජංගම දුරකතනයි.

පළමුව ඔබේ ලින්ක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියේ වයිෆයි සෙටිංස් සැකසිය යුතුයි. ඔබේ පරිගණකයේ (හාඩ්වෙයාර්) වයිෆයි ස්විචයක් ඇත්නම් එය ඕන් කරන්න (එවිට බොහෝවිට පරිගණකයේ වයිෆයි දැන් ක්‍රියාත්මකව පවතින බව හැඟවීමට කුඩා බල්බයක්ද දැල්වේවි). සිස්ටම් ට්‍රේ එකේ තිබෙන නෙට්වර්ක් මැනේජර් අයිකනය මත රයිට් ක්ලික් කර එහි Enable Wi-Fi යන්න එනේබල් කර ඇත්දැයි බලන්න (එය එනේබල් කර තිබිය යුතුය).

දැන් සිස්ටම් ට්‍රේ එකේ දිස්වන නෙට්වර්ක් මැනේජර් අයිකනය මත ක්ලික් කර Create New Wi-Fi Network... යන්න තෝරන්න. එවිට පහත රූපයේ ආකාරයට වින්ඩෝ එකක් මතු වෙනු ඇත.



මෙහි Connection යන්න ඉදිරියෙන් ඇති බොක්ස් මත ක්ලික් කළ විට, මීට පෙර සාදා තිබෙන වයිෆයි කනෙක්ෂන්වල නම් ටික පෙනේවි. දැනටමත් එවැනි වයිෆයි කනෙක්ෂන් එකක් නැතිනම් New... පමණක් පෙනේවි. අපි New... යන්න තෝරමු.

දැන් ඊට යටින් ඇති Network name යන්න ඉදිරියෙන් යම් කෙටි නමක් ලබා දෙන්න. මෙය තමයි SSID යන නම.

ඊටත් යටින් තිබෙන Wi-Fi security යන්න. ඉන් None යන්න හැරෙන්න වෙනත් ඔබ කැමති එකක් තෝරාගන්න. මෙයින් සකසන්නේ මෙම පරිගණකයත් ඊට වයිෆයි ක්‍රමයට සම්බන්ධ කරන්නට යන උපකරණයත් අතර දත්ත හුවමාරුවන විට, එම දත්ත ආරක්ෂා කරන ලෙසයි. මෙම දත්ත ගමන් කරන්නේ රේඩියෝ තරංගවලින් බැවින්, අහල පහල අයටත් මෙම රේඩියෝ තරංග ඔවුල්ගේ පරිගණකය ඔස්සේම පහසුවෙන්ම ග්‍රහණය කරගෙන එම දත්ත "හැක්" කළ හැකියි. එය වැලැක්වීමට මින් හැකි වේ. None යන්න තේරුවොත් ඉන් කියන්නේ කිසිදු ආරක්ෂාවක් එපා කියාය.

ඇත්තටම, මෙතැන ඊටත් වඩා ප්‍රශ්නය නම්, none යන්න තේරුවොත් සමහර (හෝ බොහෝ) අවස්ථාවලදී උපකරණ එකිනෙකට සම්බන්ධ නොවේ. ඔබ කනෙක්ෂන් එකේ සියල්ල හොඳින් සැකසුවත් උපකරණ දෙක අතර දත්ත හුවමාරු නොවී තිබීමට පුලුවන්. බොහෝ වෙහෙසිලා වෙහෙසිලා අවසානයේ වැරදිකරු වන්නේ මෙතැන none ලෙස සකසා තිබීමයි (මෙය මට කිහිප විටකම සිදු වී තිබේ).

එනිසා අවම වශයෙන් මෙතැන WEP 40/128 bit key යන්න තෝරා ඊට යටින් ඇති Key යන බොක්ස් එකේ ඉලක්කම් හෝ අකුරු පහක් ටයිප් කරන්න. මෙම පාස්වර්ඩ් එක අනෙක් උපකරණය මෙම පරිගණකයට සම්බන්ධ කරන විට ඉල්ලයි. එනිසා මෙම පාස්වර්ඩ් එක මතක තබා ගන්න.

දැන් create යන බට්න් එක ප්‍රෙස් කර පරිගණකය මත සෙටිංස් සෑදීම අවසන් කරන්න. ඉතිරිව තිබෙන්නේ අනෙක් උපකරණයෙන් වයිෆයි වලින් මීට කනෙක්ට් වීමට පමණයි. ඒ සඳහා එම උපකරණයෙන් වයිෆයි විදියට සුපුරුදු වයිෆයි නෙට්වර්ක් එකකට කනෙක්ට් වන ආකාරයෙන්ම කනෙක්ට් වන්න.

ඇප්ල් අයිෆෝන් එකකින් වයිෆයි කනෙක්ට් වන ආකාරය දැන් බලමු. ඒ සඳහා අයිෆෝනයේ settings නම් ඇප්ලට් එකෙන් Wi-Fi යන මෙනු එකට යන්න. එහි උඩින්ම තිබෙන Wi-Fi සෙටිං එක එනේබල් කරන්න (කොලපාට වේවි). ඉන්පසු ඉබේම ෆෝන් එකෙන් අවට ඇති වයිෆයි නෙට්වර්ක්/උපාංග ස්කෑන් කරනවා. එවිට, දැනට ක්‍රියාත්මකව පවතින වයිෆයි නෙට්වර්ක් පෙන්වාවි. පහත රූපයේ දැක්වෙන්නේ ඉහත මාගේ පරිගණකයේ අලුතින් සැදූ adhoc ලෙස මා ලබා දුන් වයිෆයි නෙට්වර්ක් එක ෆෝන් එකෙන් දිස්වන ආකාරයයි (ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් ඇප් එකෙන් මෙම රූප ලබා ගෙන ඇත).


මෙහි ඉබ්බෙක්ගේ සලකුණින් කියන්නේ මෙම නෙට්වර්ක් එකට ජොයින් වීමට පාස්වර්ඩ් එකක් දිය යුතු බවයි. සිග්නල් ලෙවල් එකයි ඊට පසුව ඇති සංඛේතයෙන් පෙන්වන්නේ. දැන් මෙම adhoc යන්න උඩින් ටැප් කරන්න. එවිට පහත ආකාරයට ඔබෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලාවි. ඔබ පෙර පරිගණකයට දුන් පාස්වර්ඩ් එක මෙහි ඇතුලු කරන්න.


එච්චරයි. දැන් ඔබව කනෙක්ට් වේවි පරිගණකයට. එය සාර්ථකව කනෙක්ට් වූවාට පසුව adhoc යන නම ස්ක්‍රීන් එකේ උඩට ඒවි. ඒ විතරක් නොවේ, වයිෆයි කනෙක්ට් වී ඇති බව පෙන්වීමට ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ උඩම තුනී තීරුවේද එය පෙන්වයි.


මෙම නෙට්වර්ක් එකේ තොරතුරු බලාගැනීමට හෝ වෙනස් කිරීමට අවශ්‍ය නම්, adhoc එක මත නැවත ටැප් කරන්න. එවිට තොරතුරු පෙන්වාවි (පහත රූපය).


මෙතෙක් මා පෙන්වා දුන් ආකාරයට සියල්ල සිදු කළේ නම්, අමුතුවෙන් වෙනස් කරන්නට දෙයක් නැත. පරිගණකයට කනෙක්ට් වන මොහොතේදී පරිගණකය විසින් ස්වයංක්‍රියවම ෆෝන් එකට අවශ්‍ය සෙටිංස් ලබා දෙනු ඇත (මෙම ක්‍රමය තමයි DHCP ලෙස හැඳින්වෙන්නේ).

සමහර අවස්ථාවලදී ඔබට සෙටිංස් අතින් (මැනුවලි) සෑදීමට සිදු වෙනවා. එවිට, ඉහත රූපයේ static යන්න ටැප් කර අවශ්‍ය සෙටිංස් අැතුලු කළ යුතු වෙනවා (පහත රූපය)




ඔබේ පරිගණකයේ අන්තර්ජාල පහසුකම තිබේ නම්, දැන් ෆෝන් එක ඉහත පෙන්වා දුන් ආකාරයට කනෙක්ට් වූවානම්, පරිගණකයේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකම ෆෝන් එකෙත් භාවිතා කළ හැකියි (බොහෝ අය මේ ආකාරයට වයිෆයි කනෙක්ට් වන්නේම අන්තර්ජාලයට පිවිසීමටනෙ). එච්චරයි. වින්ඩෝස්වලට වඩා ගොඩක් පහසුයි නේද?

Comments

  1. godak vadagath lipiyak, windos walath setin hadana vidiya daanna.

    ReplyDelete
  2. මම win7 දාල තිබ්බේ.ඊට පස්සෙ මම linux mint install කරා වෙනම partion එකකට ඒක හරී.දැන් win7 load කර ගන්න selection එකක් නෑ.මට ආයෙ format කරන්න වෙයිද.repire කරන්න දෙන්නෙත් නෑ.plz help

    ReplyDelete
  3. sudo update-grub (හා sudo update-grub2) කියන කමාන්ඩ්ස් ලිනක්ස් ටර්මිනල් එකේ රන් කරලා, රීස්ටාර්ට් කරල බලන්න.

    ReplyDelete
  4. Win7 වලදි එහෙම උනොත් linux mint ගන්න ක්‍රමයක් නැද්ද

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Win7 වලදි එහෙම උනොත් linux mint ගන්න ක්‍රමයක් නැද්ද

    ReplyDelete
  7. Apith windows ain kara.. dan use karanne linux

    ReplyDelete
  8. bohoma hondai... windows wala goda kalayak hira wela hitiya nam, muladi tikak apahasuwak danewi... eka ganan nogena digatama linux use karanna mona hithunath... ethakota linux samanya deyak bawata path wei. linux wala man dakina lokuma prasne samahara windows software linux wala run karanna bari ekai (for example, FL Studio...)

    ReplyDelete
  9. internet eken download karagath file ekak, SHOW FOLER kiyala dunnahama player ekak open wenne.. ehema wenne ai

    ReplyDelete
    Replies
    1. hariyatama kiyanna ba... eheth boho welawata mehema deyak wenna puluwan. player ekakin play karanna haki file formats godak thiyenawane... e hama ekakatama extension ekakuth thiyenawane (wav, midi, mp3, mp4 adi wasayen). samahara software thiyenawa ewalin hadana file wala extension ekath ara media file extension ekakata samana wanawa... ithin ehema file ekak download karala open karana kota automatically player ekakin open wewi.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...