Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

ලිනක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියේ adhoc ක්‍රමයට වයිෆයි කනෙක්ෂන් සෑදීම

වයිෆයි (WiFi) ක්‍රමයෙන් උපකරණ දෙකක සම්බන්ධ කරන ප්‍රධාන ආකාර දෙකක් පවතිනවා.

1. infrastructure හෝ AP (Access Point) mode
2. adhoc mode




මින් පළමු ආකාරයට සම්බන්ධ කිරීමට ඇක්සෙස් පොයින්ට් නමින් හැඳින්වෙන වයිෆයි ගේට්වේ/රවුටර්/ස්විච් එකක් අවශ්‍ය කරනවා. බොහෝම පහසුවෙන් ඇස්සෙස් පොයින්ට් ක්‍රමයට වයිෆයි කනෙක්ෂන් එකක් සෑදීමට බොහෝ දෙනා දන්නා, නමුත් ඇඩ්හෝක් ක්‍රමයට සෑදීම තරමක් කරදරකාරී දෙයක් වෙනවා. මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ ලින්ක්ස්හි ඇඩ්හොක් ක්‍රමයට පහසුවෙන්ම වයිෆයි සම්බන්ධතාවක් සාදන අයුරුයි.

ඇඩ්හොක් ක්‍රමයේ ඇති වටිනාකම වන්නේ මේ සඳහා අමුතුවෙන් ඇක්සෙස් පොයින්ට් නම් උපාංගයක් මිලට ගැනීමට අවශ්‍ය නොවීමයි. ඔබේ උපාංගවල දැනටමත් වයිෆයි පහසුකම ඇත්නම්, කෙලින්ම එම උපාංග එකිනෙකට වයිෆයි ක්‍රමයෙන් සම්බන්ධ කළ හැකියි. එම උපාංග වන්නේ බොහෝවිට පරිගණග, ටැබ්, සහ ජංගම දුරකතනයි.

පළමුව ඔබේ ලින්ක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියේ වයිෆයි සෙටිංස් සැකසිය යුතුයි. ඔබේ පරිගණකයේ (හාඩ්වෙයාර්) වයිෆයි ස්විචයක් ඇත්නම් එය ඕන් කරන්න (එවිට බොහෝවිට පරිගණකයේ වයිෆයි දැන් ක්‍රියාත්මකව පවතින බව හැඟවීමට කුඩා බල්බයක්ද දැල්වේවි). සිස්ටම් ට්‍රේ එකේ තිබෙන නෙට්වර්ක් මැනේජර් අයිකනය මත රයිට් ක්ලික් කර එහි Enable Wi-Fi යන්න එනේබල් කර ඇත්දැයි බලන්න (එය එනේබල් කර තිබිය යුතුය).

දැන් සිස්ටම් ට්‍රේ එකේ දිස්වන නෙට්වර්ක් මැනේජර් අයිකනය මත ක්ලික් කර Create New Wi-Fi Network... යන්න තෝරන්න. එවිට පහත රූපයේ ආකාරයට වින්ඩෝ එකක් මතු වෙනු ඇත.



මෙහි Connection යන්න ඉදිරියෙන් ඇති බොක්ස් මත ක්ලික් කළ විට, මීට පෙර සාදා තිබෙන වයිෆයි කනෙක්ෂන්වල නම් ටික පෙනේවි. දැනටමත් එවැනි වයිෆයි කනෙක්ෂන් එකක් නැතිනම් New... පමණක් පෙනේවි. අපි New... යන්න තෝරමු.

දැන් ඊට යටින් ඇති Network name යන්න ඉදිරියෙන් යම් කෙටි නමක් ලබා දෙන්න. මෙය තමයි SSID යන නම.

ඊටත් යටින් තිබෙන Wi-Fi security යන්න. ඉන් None යන්න හැරෙන්න වෙනත් ඔබ කැමති එකක් තෝරාගන්න. මෙයින් සකසන්නේ මෙම පරිගණකයත් ඊට වයිෆයි ක්‍රමයට සම්බන්ධ කරන්නට යන උපකරණයත් අතර දත්ත හුවමාරුවන විට, එම දත්ත ආරක්ෂා කරන ලෙසයි. මෙම දත්ත ගමන් කරන්නේ රේඩියෝ තරංගවලින් බැවින්, අහල පහල අයටත් මෙම රේඩියෝ තරංග ඔවුල්ගේ පරිගණකය ඔස්සේම පහසුවෙන්ම ග්‍රහණය කරගෙන එම දත්ත "හැක්" කළ හැකියි. එය වැලැක්වීමට මින් හැකි වේ. None යන්න තේරුවොත් ඉන් කියන්නේ කිසිදු ආරක්ෂාවක් එපා කියාය.

ඇත්තටම, මෙතැන ඊටත් වඩා ප්‍රශ්නය නම්, none යන්න තේරුවොත් සමහර (හෝ බොහෝ) අවස්ථාවලදී උපකරණ එකිනෙකට සම්බන්ධ නොවේ. ඔබ කනෙක්ෂන් එකේ සියල්ල හොඳින් සැකසුවත් උපකරණ දෙක අතර දත්ත හුවමාරු නොවී තිබීමට පුලුවන්. බොහෝ වෙහෙසිලා වෙහෙසිලා අවසානයේ වැරදිකරු වන්නේ මෙතැන none ලෙස සකසා තිබීමයි (මෙය මට කිහිප විටකම සිදු වී තිබේ).

එනිසා අවම වශයෙන් මෙතැන WEP 40/128 bit key යන්න තෝරා ඊට යටින් ඇති Key යන බොක්ස් එකේ ඉලක්කම් හෝ අකුරු පහක් ටයිප් කරන්න. මෙම පාස්වර්ඩ් එක අනෙක් උපකරණය මෙම පරිගණකයට සම්බන්ධ කරන විට ඉල්ලයි. එනිසා මෙම පාස්වර්ඩ් එක මතක තබා ගන්න.

දැන් create යන බට්න් එක ප්‍රෙස් කර පරිගණකය මත සෙටිංස් සෑදීම අවසන් කරන්න. ඉතිරිව තිබෙන්නේ අනෙක් උපකරණයෙන් වයිෆයි වලින් මීට කනෙක්ට් වීමට පමණයි. ඒ සඳහා එම උපකරණයෙන් වයිෆයි විදියට සුපුරුදු වයිෆයි නෙට්වර්ක් එකකට කනෙක්ට් වන ආකාරයෙන්ම කනෙක්ට් වන්න.

ඇප්ල් අයිෆෝන් එකකින් වයිෆයි කනෙක්ට් වන ආකාරය දැන් බලමු. ඒ සඳහා අයිෆෝනයේ settings නම් ඇප්ලට් එකෙන් Wi-Fi යන මෙනු එකට යන්න. එහි උඩින්ම තිබෙන Wi-Fi සෙටිං එක එනේබල් කරන්න (කොලපාට වේවි). ඉන්පසු ඉබේම ෆෝන් එකෙන් අවට ඇති වයිෆයි නෙට්වර්ක්/උපාංග ස්කෑන් කරනවා. එවිට, දැනට ක්‍රියාත්මකව පවතින වයිෆයි නෙට්වර්ක් පෙන්වාවි. පහත රූපයේ දැක්වෙන්නේ ඉහත මාගේ පරිගණකයේ අලුතින් සැදූ adhoc ලෙස මා ලබා දුන් වයිෆයි නෙට්වර්ක් එක ෆෝන් එකෙන් දිස්වන ආකාරයයි (ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් ඇප් එකෙන් මෙම රූප ලබා ගෙන ඇත).


මෙහි ඉබ්බෙක්ගේ සලකුණින් කියන්නේ මෙම නෙට්වර්ක් එකට ජොයින් වීමට පාස්වර්ඩ් එකක් දිය යුතු බවයි. සිග්නල් ලෙවල් එකයි ඊට පසුව ඇති සංඛේතයෙන් පෙන්වන්නේ. දැන් මෙම adhoc යන්න උඩින් ටැප් කරන්න. එවිට පහත ආකාරයට ඔබෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලාවි. ඔබ පෙර පරිගණකයට දුන් පාස්වර්ඩ් එක මෙහි ඇතුලු කරන්න.


එච්චරයි. දැන් ඔබව කනෙක්ට් වේවි පරිගණකයට. එය සාර්ථකව කනෙක්ට් වූවාට පසුව adhoc යන නම ස්ක්‍රීන් එකේ උඩට ඒවි. ඒ විතරක් නොවේ, වයිෆයි කනෙක්ට් වී ඇති බව පෙන්වීමට ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ උඩම තුනී තීරුවේද එය පෙන්වයි.


මෙම නෙට්වර්ක් එකේ තොරතුරු බලාගැනීමට හෝ වෙනස් කිරීමට අවශ්‍ය නම්, adhoc එක මත නැවත ටැප් කරන්න. එවිට තොරතුරු පෙන්වාවි (පහත රූපය).


මෙතෙක් මා පෙන්වා දුන් ආකාරයට සියල්ල සිදු කළේ නම්, අමුතුවෙන් වෙනස් කරන්නට දෙයක් නැත. පරිගණකයට කනෙක්ට් වන මොහොතේදී පරිගණකය විසින් ස්වයංක්‍රියවම ෆෝන් එකට අවශ්‍ය සෙටිංස් ලබා දෙනු ඇත (මෙම ක්‍රමය තමයි DHCP ලෙස හැඳින්වෙන්නේ).

සමහර අවස්ථාවලදී ඔබට සෙටිංස් අතින් (මැනුවලි) සෑදීමට සිදු වෙනවා. එවිට, ඉහත රූපයේ static යන්න ටැප් කර අවශ්‍ය සෙටිංස් අැතුලු කළ යුතු වෙනවා (පහත රූපය)




ඔබේ පරිගණකයේ අන්තර්ජාල පහසුකම තිබේ නම්, දැන් ෆෝන් එක ඉහත පෙන්වා දුන් ආකාරයට කනෙක්ට් වූවානම්, පරිගණකයේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකම ෆෝන් එකෙත් භාවිතා කළ හැකියි (බොහෝ අය මේ ආකාරයට වයිෆයි කනෙක්ට් වන්නේම අන්තර්ජාලයට පිවිසීමටනෙ). එච්චරයි. වින්ඩෝස්වලට වඩා ගොඩක් පහසුයි නේද?

Comments

  1. godak vadagath lipiyak, windos walath setin hadana vidiya daanna.

    ReplyDelete
  2. මම win7 දාල තිබ්බේ.ඊට පස්සෙ මම linux mint install කරා වෙනම partion එකකට ඒක හරී.දැන් win7 load කර ගන්න selection එකක් නෑ.මට ආයෙ format කරන්න වෙයිද.repire කරන්න දෙන්නෙත් නෑ.plz help

    ReplyDelete
  3. sudo update-grub (හා sudo update-grub2) කියන කමාන්ඩ්ස් ලිනක්ස් ටර්මිනල් එකේ රන් කරලා, රීස්ටාර්ට් කරල බලන්න.

    ReplyDelete
  4. Win7 වලදි එහෙම උනොත් linux mint ගන්න ක්‍රමයක් නැද්ද

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Win7 වලදි එහෙම උනොත් linux mint ගන්න ක්‍රමයක් නැද්ද

    ReplyDelete
  7. Apith windows ain kara.. dan use karanne linux

    ReplyDelete
  8. bohoma hondai... windows wala goda kalayak hira wela hitiya nam, muladi tikak apahasuwak danewi... eka ganan nogena digatama linux use karanna mona hithunath... ethakota linux samanya deyak bawata path wei. linux wala man dakina lokuma prasne samahara windows software linux wala run karanna bari ekai (for example, FL Studio...)

    ReplyDelete
  9. internet eken download karagath file ekak, SHOW FOLER kiyala dunnahama player ekak open wenne.. ehema wenne ai

    ReplyDelete
    Replies
    1. hariyatama kiyanna ba... eheth boho welawata mehema deyak wenna puluwan. player ekakin play karanna haki file formats godak thiyenawane... e hama ekakatama extension ekakuth thiyenawane (wav, midi, mp3, mp4 adi wasayen). samahara software thiyenawa ewalin hadana file wala extension ekath ara media file extension ekakata samana wanawa... ithin ehema file ekak download karala open karana kota automatically player ekakin open wewi.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,