Posts

Showing posts from October, 2015

ඉලෙක්ට්‍රොනික්ස් II (Electronics) - 19

Image
මේ ලෙසම අපට දැන් කැපෑසිටරයක් හා ඉන්ඩක්ටරයක් ශ්‍රේණිගතව හා සමාන්තරගතව සම්බන්ධ කළ හැකියි නේද ? ඔව් . මෙවැනි සර්කිට් LC circuit හෝ resonant circuit හෝ tuning circuit හෝ tuned circuit හෝ tank circuit යන නම්වලින් හැඳින්වේ . ඉතාම ප්‍රයෝජනවත් ගති ගුණයක් ( අනුනාදය ) මෙම සර්කිට් එකේ ඇත .   ශ්‍රේණිගත LC පරිපථය මුලින්ම සලකමු . මෙහි අවුට්පුට් සංඥාව උපාංග දෙක මැදින් ගන්නා විට , විභව බෙදුම් පරිපථයකි . අනෙක් විභව බෙදුම්වලට වඩා මෙය අපූරුය . ඊට හේතුව උපාංග දෙකම සංඛ්‍යාතය මත ප්‍රතිබාදක වෙනස් කර ගන්නා අතර , එසේ වෙනස් කර ගන්නේද විරුද්ධවාදින් ලෙසයි . එනම් , සංඛ්‍යාතය වැඩි වන විට කැප් එකේ ප්‍රතිබාදකය අඩු වුවත් කොයිලයේ ප්‍රතිබාදකය වැඩි වේ .   මඳක් සිතා බලන්න එවිට විභවය බෙදෙන අනුපාතයට කුමක් වේද ? එය අනෙක් විභව බෙදුම්වලට වඩා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා . මෙහි ධාරිත්‍රකයක් තිබෙන නිසා විචලනය නොවන ඩීසී විදුලිය මෙම පරිපථය හරහා ගමන් නොකරන බව ප්‍රථමයෙන්ම මතක තබා ගන්න . කැප් එකේ අගය මයික්‍රොෆැරඩ් 1 ක් නම් හා කොයිලයේ අගය මිලිෆැරඩ් 1 නම් , ඉහත පරිපථය හරහා සංඛ්‍යාතය හර්ට්ස් 10 ක සංඥාවක් ගලා යන විට විභවය බෙද