Skip to main content

පවුල, කෘත්‍රිම බුද්ධිය, දේශපාලනය හා මානවයා

අද දවසේ මා කරන්නට යෙදුනු කතාබහා තුල මේ වචන හතර අතර තිබෙන සහබන්දය මට වෙනදටත් වැඩිය දැනුනු හෙයින් මෙම ලිපිය යන්නට සිතුනා. සැමවිටම පවුල යන්නට ඉතාම දැඩි වටිනාකමක් මා ලබා දෙන බැවින් නූතන "පොෂ්" සංස්කෘතිය තුල "ගොඩයෙකු" ලෙස හංවඩු ගසනු ලැබීමට වුවද මට බියක් හෝ ලැජ්ජාවක් නැත.

මානවයාගේ යහපත් වර්ධනීය පරිනාමයට විශාල දායකත්වයක් පවුල යන සංකලප්ය හෝ හැඟීම ඉවහල් වී ඇති බවට මාද තදින්ම විශ්වාස කරනවා. විශේෂයෙන් මානව සමාජය තුල පවුල යනු හුදු සමාජ විද්‍යාතමක පදනමක් නොව, එහි ජීව විද්‍යාත්මක පදනමක්ද තිබෙන බව පැහැදිලියි. ගෙදර ලමයා තාත්තගේ පෙනුම තිබේ නම්, එතැන ජීව විද්‍යාවත්, අල්ලපු ගෙදර එකා වගේ නම් එතැන සමාජ විද්‍යාවත් තිබෙනවා යන කාරණයට වඩා ගැඹුරු පැතිකඩවල් එහි තිබේ.


සමහරකු පවසන පරිදි කෘත්‍රිම බුද්ධිය මිනිස් සමාජය කැළඹීමකට, බරපතල අභියෝගවලට හා යම් පමනක අර්බුධවලට රැගනෙ යන ගමනක් පෙන්නුම් කරනවා. බැලූබැල්මට එය එසේය. බොහෝ අයට රැකියා අහිමි වන බව පැවසේ. කෘත්‍රිම බුද්ධිය පවතින මූල්‍ය හෝ වෙනත් බරපතල පද්ධති දැඩි තරගකාරිත්වයකට හා උපරිම උපයෝගිතාවකට රැගෙන යයි. බෙහෝ දේවල් ක්ෂනික වේවි. බොහෝ තීරණ කරුණුමය වශයෙනුත් තාර්කික වශයෙනුත් පරිපූර්න(factually and logically perfect) වේවි. එය අපි අර්තකතනය (මගේ පරිගනකයේ මගේ අතින් මහප්‍රාන තයන්න වෙනත් අකුරකට මැප් වී තිබෙන හෙයින් අල්පප්‍රාන තයන්න මෙම ලිපිය තුල ලිවීමට සිදු වේ) කර ගත යුත්තේ කෙසේද?


ඇත්තටම පරිගනකය ලෝකයට හඳුන්වා දුන් පලමු අවස්තාවේදීම ඉහත කියූ බොහෝ කරුනු අපට අත්විඳීමට ලැබුනා නොවේද? කෘත්‍රිම බුද්ධිය විසින් කරන පරිනාමනය එහිම තවත් දිගුවක් පමනයි. පරිගනකය හා තොරතුරු තාක්ෂනය මානව කටයතුවල අත්පත් කරගෙන සිටින පදාසය හා ප්‍රමානය සිතා ගත නොහැකි තරම් වේ. මේ සියල්ල අපේම උසස් නිර්මාන වේ. එනිසා අපට ඒවා ප්‍රතික්ෂේප කල නොහැකිය. එහෙත් අවශ්‍යයෙන්ම මේ සියල්ල දේශපාලනමය කාරනා බවට පත් වේ. ඇයිදැයි මොහොතකින් කෙටියෙන් මා විමසනවා.


මිනිසා අවුරුදු දසදහස් ගනනකට පෙර රෝදය සොයා ගත් විට, ගින්දර සොයා ගත් විට, සරල යන්ත්‍රසූත්‍ර සොයා ගත් විට, වාෂ්ප එන්ජිම සොයාගත් විට, ආදි ලෙස මානව සොයා ගැනීම් පෙල ගැන සිතන විට, සියලු අවස්තාවලදී මානව ශිෂ්ඨාචාරයේ ගමන් මග, ජීවිත අර්තය ආදිය වෙනස් වූවා නොවේද? සියල්ල තුලම, ලෝකය තව තවත් ඉක්මන් විය; කාර්යක්ෂම විය; පොදු නිෂ්පාදය පලය වැඩි විය. දැනුදු සිදු වන්නේ එවැනිම තවත් පෙරලියකි. එහෙත් මෙහි ඇති තත්වය වන්නේ අද කෝටි 800කට අධික මිනිස් ගහනයක් තිබීම; හා අප විසින්ම සාදාගෙන නඩත්තු කරගෙන යන ඊනියා සංකීර්ණ සමාජදේශපාලනමය සම්මුතික යතාර්ත රාශියක් පැවතීමයි.


මානව දියුනුව නිසා අපි පරිසර සංරක්ෂනය වැඩිපුර සිදු කල යුතුව තිබුනත්, ඇත්තටම සිදු වන්නේ පරිසර විනාසයයි. මේ විශ්වයේ ඉතාම විරල ඉතාම වටිනා වස්තුව හෝ සංසිද්ධිය "ජීවය" වුවත් එය සත පහක වටිනාකමක් නැති දෙයක් බවට පත් වෙමින් පවතී. මේ තත්පරය තුලත් කුස පිරෙන්නට කෑම බිඳක් නැතිව මරනය කරා යමින් සිටින අපාගත දුක් විඳින මිනිසුන් ලමුන් කොතරම් ප්‍රමානයක් සිටින අතරේ, අධික නාස්තිකාර පරිභෝජනය යෙදෙමින් ධනය වනසන මිනිසුන් එතරම්ම සිටී. වීදිවල අඬමින් කෑගසමින් කුඩා බලුපැටවුන් සිටින අතරේ, ඉංග්‍රිසි නම් ඇති බල්ලන්ට සුර සැප දෙන මිනිසුන් කොතරම් සිටිත්ද? මේ ආදි ලෙස, කිසිදු අර්තවත් තේරුම්ගැනීමක් නැති ලෝකයක සිටින අපට කෘත්‍රිම බුද්ධිය විසින් ඇති කරන්නට යන වෙනස ගැන ඇත්තටම බියක් ඇති කර ගත යුතුය. මිනිසුන් ප්‍රාමානයකට රැකියා අහිමි වීම නිසා ඇති වන තත්වය නොව, ඇති නැති පරතරය තව තවත් වැඩි වීමට තිබෙන ප්‍රවනතාව වැඩි වීමයි


ධනය ඉතාම සීමිත සුපිරි පැලැන්තියක් විසින් අත්පත් කර ගැනීමට හැකියාවක් තිබේ. වෙනුවෙන් අසරන තත්වයට පත් වන ධනහීන මිනිසුන්ට නොවටිනා "ආතල්" ටිකකුත් ලැබේවි. ඇත්තටම එය අප විසින්ම විහින් සිර වන මේට්‍රික්ස් එකකි. දැනටත් ෆේස්බුක්වල ජීවිත දිය කර හරින පිරිස ඊට උදාහරන වේ. මිලියන ගනනක් මිනිසුන් සමීකරණයේ එක පැත්තකත්, සකර්බර්ග් හා එම කුඩා පිරිස සමීකරණයේ අනෙක් පසත් සිටී. තොපිට ලැබෙන්නේ කුමක්ද? ඌට ලැබෙන්නේ කුමක්ද?


එහෙත් අවශ්‍යම නම්, අපට දේශපාලනමය තීරණවලට එලඹිය හැකිය. දේශපාලනමය වශයෙන් මානව ජීවිය පවත්වාගෙන යා යුතු අවම ප්‍රමිති තීරණය කල යුතුය. අනෙක් ජීවින් සඳහාද එවැනි ප්‍රමිතින් අප පනවා ගත යුතුය. එම ප්‍රමිතින් සාක්සාත් කර ගැනීම දේශපාලනයේ ප්‍රතම රාජකාරිය විය යුතුය. එය සුබසාධක රාජ්‍යයක්ම නොවේ. සමාජවාදි, ප්‍රජාතන්ත්‍රවාදී, ඒකාධිපති, අර වාදි මේ වාදී වන්නට පෙර දේශපාලනය මානවවාදී විය යුතුය. තාක්ෂනය බිහි වන විට, අවශ්‍යයෙන්ම නිෂ්පාදනය කාර්යක්ෂම වේ. එය මානව සමාජයට කොතරම් සුබදායකද? එහෙත් අභාග්‍යකට එයම සූරාකෑමක් බවට පත් වී තිබේ. එය නැවතිය හැක්කේ දේශපාලනයටයි.


උදේ පාන්දර සිට නැගිට රෑ ජාමෙට ගෙදර එන වැඩකරන වැඩිහිටියන් වෙනුවට පවුල සමග වැඩි කාලයක් රැඳෙන මානව ජීවයේ සතුට නිදහස උපරිමව විඳිය හැකි තත්වයක් අප ඉදිරිමානයේ පෙනේ. අප වෙනුවන් අමාරු හෝ කාලය වැය කරන (හා බෝරිං) වැඩ යන්ත්‍ර මෙවලම් ආදියෙන් සිදු කරන, හා එහි ප්‍රතිපල සමස්ත ජීවයටම විඳින්නට හැකි සමාජයක් සෑදීමේ උත්කෘෂ්ට වගකීම දේශපාලනය සතු වේ.


අපි පැය 8ක්ම වැඩ කල යුතුද? අවශ්‍ය නම් හා හැකිනම් එය පැය 4ක් වුවද, පැයක් වරදක් නැත. එවැනි තීරන ආත්මාර්තකාමී ධන මංකොල්ලයේ යෙදෙන ධනහිමියන් විසින් නොව සමස්ත මානවයා වෙනුවෙන් ගත යුතු දේශපාලනමය තේරීම් වේ.


එහෙත් ප්‍රබුද්ධ යැයි කියාගන්නා දේශපාලන පක්ෂවල කතා කරන ප්‍රතිපත්තිවල මට නම් එවැනි පවුල පදනම් කර ගත්, උසස් මානව නිදහස හා සතුට ප්‍රමුක කර ගත් ප්‍රතිපත්ත් පෙනෙන්නට නැත. උදාහරන ලෙස, අනුර කුමාරගේ කතා අසා සිටින විට, ඔහු කියන්නේ අපට ආහාර සංස්කෘතියක් අවශ්‍ය බවයි. ගැහැනිය ගෙදර කෑම පිසීමට අවශ්‍ය නැති බවත්, අම්මා තාත්තා දෙදෙනාම රැකියාවල/වැඩවල යොදවන තත්වයක් ගැන ඔවුන් සිතනවා. මා නම් ඊට සම්පූර්නයෙන්ම විරුද්ධය.


පවුලක දරුවන් සමග අවශ්‍යයෙන්ම එක් මවුපියෙක් ගෙදර සිටිය යුතුය. බොහෝ විට අම්මා වේ. එහෙත් ඇගේ හැකියාවන් වැඩි නම්, තාත්තා ගෙදර සිටිය යුතුය. එම අම්මාට හෝ තාත්තාට අවශ්‍ය නම් ගෙවතු වගාවක් (ධනයක්) වර්ධනය කර ගත හැකිය; වෙනත් ආර්තික කටයුත්තක ගෙදර සිට නිදහසේ නියැලෙන්නට නිදහස තිබිය යුතුය. එලෙස අවම ධනයක් (ආදායම් මට්ටමක්) ඔහු හෝ ඇය (රැකියාවේ හෝ මුදල් සොයන කටයුත්තේ සිටින අනෙක් කලත්‍රයගෙන් ස්වාධීනව) සොයන්නේ නැතිනම්, ඇය හෝ ඔහු ගෙදර සිට පවුල හා ලමුන් ආරක්ෂා කරගෙන සිටින ඉතාම වැදගත් මානව වගකීමට ඉටු කිරීම වෙනුවෙන් වටිනා දීමනාවක් ලබා දිය යුතුය. එවැනි දිරිගැන්වීම් හා තවදුරටත් කල හැකි දේවල් තිබේ. එවිට කෘත්‍රිම බුද්ධිය හෝ තාක්ෂනයේ දියුනුව නිසා ඇති වන රැකියා කප්පාදුවට ඔරොත්තු දීමටද හැකියාවක් ලැබේ. රැකියා කප්පාදුවත් තිබුනත්, සමස්ත පලදාව වැඩි වනවා මිස අඩු නොවේ. එසේ නම්, රැකියා තිබුනත් නැතත් මානවයා හා සමස්ත ජීවය නඩත්තු කරගෙන යෑමට ඇති බාදා කවරේද? සියල්ල දේශපාලන තීරන විසින් සමනය කල හැකිය.


උදාහරන ලෙස, ගැහැනියකට දරු ගැප් ගැනීමක්, දරු ප්‍රසූතියක් ඇති වුනු විට, රැකියාවේ නියැලෙන ස්වාමියාටත් දීර්ඝ නිවාඩුවක් ලැබෙන්නේ නම්, එය බිරිඳටත් කොතරම් සහනයක් හා ශක්තියක් වේවිද? තාක්ෂනය නිසා රැකියා අවස්තා අඩු වනවා නම් (එනම් මානව-දවස් අඩු වෙනවා නම්), එය මානවයාගේ වාසියක් බවට පත් කරගෙන, මෙවැනි තීරනවලට යෑමට තිබෙන නොහැකියාව කුමක්ද? අප බිය විය යුත්තේ සමස්ත පලදාව අඩු වනවා නම්ය. වසංගත, නියග වැනි තත්වයන් ඊට බලපායි.


මා විශ්වාස කරන පරිදි, කුඩා මානවයන් (ලමුන්) සංවර්ධනය විය යුතු ආදරනීයම ආරක්ෂිතම පරිසරය පවුලයි. එනිසා ගන්නා සෑම දේශපාලනමය තීරනයක්ම වටා ගොඩනැඟිය යුතුය. ඇතිවන නව තාක්ෂණික ප්‍රවනතා වුවද, මානවයාට උපරිම අර්තවත් ඵලයක් ලැබෙන පරිදි තත්වයන් ඇති කරගෙන දිරිගන්වමින් පවත්වාගෙන යෑම දේශපාලනය විය යුතුය. ආර්තික විද්‍යාව හෝ සමාජවිද්‍යාව යනු භෞතික විද්‍යාව නොවේ. භෞතික විද්‍යාව නම් විශ්ව ධර්මතා වේ. ඒවා වෙනස් කල නොහැකියි. එහෙත් අනෙක් ඒවා හුදු නිර්මාන වේ. ඒවා ක්‍රීඩා බදුය. ක්‍රීඩාවකදී යමෙකු විසින් හඳුන්වා දුන් යම් නීති පද්ධතියක් යටතේ කරන යම් කටයුත්තකි. සමාජ සම්මුතින් තිබීමත් අවශ්‍ය වේ. එහෙත් ඉතාම හොඳ මට්මටකට යා හැකි නම්, තිබෙන සම්මුතින් වහම වෙනස් කර ගත යුතුය. ඒවා කරපින්නාගෙන යෑම දිව්‍යලෝකයට යන පුන්‍යකර්ම හෝ එවා වෙනස් කිරීම අපායගාමී නොවේ.


මේ සියල්ල කල හැකි දේවල්ය. හැම මඟුලම පිටරටින් එනතුරු බලා නොසිට, අපට පුරෝගාමී විය හැකිය. ලස්සන මුතු ඇටයක් නිර්මානය වන්නේ බෙල්ලාගේ ඇඟ තුල රැදෙන කුඩා ද්‍රව්‍යයකින් වාගේ, ලෝකයේ කොහේ හෝ බිමක මේ තත්වය පොලොවේ පැල විය යුතුය. එම සාර්තක කතාව පෙනෙන විට, කවුරුත් එය පිලිගන්නා තත්වයකට පත් වේවි


එවැනි දේශපාලනයක් තවමත් ලංකාවේ මෝදු වන පාටක් නැත. පවතින පජාත නීති රීතිවලටම ක්‍රීඩා කරන ටීම් (පක්ෂ) පමනක් ඇත. උන් කරන්නේ ඉලක්කම් ඉහල පහල කිරීම, වචන ආදේශ කිරීම, උන් එකිනෙකා වෙනස් බව පෙන්වීමට උත්සහ කිරීම පමනයි. මානවයා සත්‍යවශයෙන්ම දියුනු නම්, අප මේ වන විට, මේ පොලොව මත සිටින සමස්ත ජීවි ප්‍රජාව (සතුන් ගස්වැල්ද ඇතුලුව) ගැන හැඟීමෙන් වැඩ කරන පිරිසක් වී සිටිය යුතුය. එහෙත් අනෙකාට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගෙ පංගුව ලැබේ නම් යැයි සිතන නොදියුනු මිනිසුන් පිරිස වැඩිය. එය බුද්ධිමය පලයට වඩා හැදියාව හා සංස්කෘතික ලාක්ෂනයක් ලෙස මා දකිනවා. අරම කලොත් නිවන් දැකියි හැකියි දෙවියන් දැකිය හැකියි වැනි විඥානවාදී අදහස් විශ්වාස නොකරන කෙනෙකු වශයෙන්, මා විශ්වාස කරන්නේ අප බුද්ධිමය වශයෙන් ඉහත ප්‍රතිපල ලඟා කර ගැනීමට දැනටත් හැකියාව ඇතත්, නිසි මඟ පෙන්වීමක් හා නායකත්වයක් නොදීම තුල හා පුරුදු ගතානුගතිකත්වය තුල සිරවී සිටින මානසිකත්වය නිසා විහින් අසාධාරන අපූර්ණ සමාජයක සිරකරුවන් වී සිටින බවයි.

Comments

  1. Godak hoda matrukawak. Hodata liyala tiyenawa. Good luck..!

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...