Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ.

මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. 

ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්) දේශපාලන හුරුවකට දිශාගත වීම පෞද්ගලිකව මගේ ජීවිතයේ සිදු වූ විශාල පරිවර්තනයකි. එම තීරණයත් සමගම ආයේ කිසිදා ජවිපෙට සහය නොදෙන්නට (එන මහා මැතිවරණය හැර) අදිටන් කරගෙන ඔවුනට විරුද්ධව තර්ක මෙන්ම මඩ ගසන මට්ටමට මා පත් වූයේ නොදැනුවත්වම නොවේ. ඒ සියලු මඩවල කර්තෘත්වය මා දැනටත් ඉදිරියටත් භාර ගමි. සමහර සංවාද කුනුහරුපම විය; මා හට නොසරුප් බසින් ඇමතූ සියල්ලටම අම්මගේ සිට පුංචම්මා දක්වා මා ආමන්ත්‍රනය කලෙමි.

අනුරට බැහැ යැයි මා තවමත් විශ්වාස කරමි. අනුර දින්නට පසු බොහෝ අනුර-ෆිලික් පිරිස දැන් සමාජ ජාල වල වැලපි වැලපී සිටීමත් අප්‍රියජනක වේ. ජයග්‍රාහි විලාසය අභිබවා වැලපෙන දුක්මුසු ස්වභාවයක් පෙන්නුම් කිරීම පුදුම සහගතත් නොවේ. ඔවුන් බලාපොරොත්තු වූ කෝටියක ඡන්ද සිහිනය නිකංම සිහිනයක් විය. තව ඩිංගෙන් ජනපතිකමත් ගහල යන මට්ටමට පත් විය. සමහර මාලිමාලෝලින් අනුර 50% නොගත් බව අසා ලියා තිබුනේ "උදේ අපි කිරිබත් කෑවා; හවස උන් කිරිබත් කන සීන් එකක් තියෙන්නේ" කියාය. තවත් එවුන් වැලපෙනු දුටිමි. දැනුත් උන් හැමිනේෂන් වෙන්නේ අනුරුට විරුද්ධව වැඩ කල අයට "කුහකයෝ වෙන්න එපා බං", "කවුරු ආවත් තමන් හැදෙන්න ඕන මුලින්ම" වැනි දුක්ගැනවිලි ඉදිරිපත් කරමිනි. හරි නම්, දැන් ඔවුන්ට කියව කියව ඉන්න වෙලාවක් නැති අතර, පත් වූ පලමු පැයේ සිටම වැඩ කිරීමට පටන් ගත යුතුය.

සරල ලෙස බොහෝ අය දකින දේවල් මා ඉතා සීරයස්ලි බලනවා. එහෙම එකක් තමයි අනුර "තෙරුවන් සරණයි" යැයි පැවසීම. එතැන වචන දෙකක් වුවත්, සම්පූර්න අනුර එතැන දිස් විය. එය විග්‍රහා කර ගැනීම තම තමන්ගේ නැන පමනින් කර ගනිත්වා.

ජපන් බයිසකල්, ජපන් පුංචි කාර් ගන්න පුලුවන් බව තරුණ තරුණියන්ට පැවසීම රනිල්ගේ බ්‍රේස්ලට් හා ෆ්‍රී වයිෆයි (ඇත්තටම ෆ්‍රී වයියි සංකල්පයේ එක් කොනක මාද සිටිමි) කතාවේ දෙවැනි කොටසයි. ගමේ අයිස්, ගංජා, හා කුඩු බොන හා බෙදා හරින මල්ලිලා මාලිමාවට කඩේ ගිය හැටි හා කැන්වසිං ගිය හැටිද අපූරුය. ගමේ කුඩුවලට විරුද්ධව මා වැඩ කරන්නට යන විට, "පාරෙදි මැරෙන්නද යන්නේ" හා "ආන්ඩුවටත් කුඩු නතර කරන්න බැරි එකේ ඔයා කවුද ඕව නතර කරන්න" ආදි වශයෙන් කියා මට ආදරෙන් තර්ජනය කල "මල්ලී" ද මත්ද්‍රව්‍ය තුරන් කිරීමට සැරසුනු මාලිමාවේ කැන්වසිං එකේ දැකීමත් පුදුමයක් දැනවීය. මුස්ලිම්වරුන්ට වෛර කරන මාගේ බොහෝ මිතුරන් මාලිමාවේ උග්‍ර ෆෑන්ස්ලා වන අතර, ජාතිවාදය ආගම්වාදය තුරං කරන්නට මාලිමාව අනිත් පැත්තෙන් පොරොන්දු ලබා දීමත් පුදුම සහගතය.

මීට පෙරත් මා විසින් ලියන ලද ලිපියේ ඩොලර් ගැටලුව ගැන කරුනු කියා ඇත. මාලිමාවට ඩොලර් ගැටලුව ඉතාම බරපතල බෙලහීනතාවක් වනු ඇත. කුහුඹුවාට වතුර බිංදුවත් මහා ජල සකන්ධයක් යැයි හා තමන්ට ඩොලර් බිලයන 40ක ණය බරක් නොවන බව අනුර ඊනියා උගතුන් පිරිසක් ඉදිරියේ දේශනා කරනු මා දුටිමි. එහෙත් හාස්‍යජනක කරුණ වන්නේ, එච්චර කජ්ජක් නොවන පොඩි ණය බර අතීතයේදී රට වැසියන්ට පෙන්වා දෙමින් බය කලේ මේ දැන් උපදින බිලිඳත් අච්චර ණයයි මෙච්චර ණයයි කියමිනි. එම ණය බර මහා පොලවටත් වඩා බර ණයක් ලෙස නොවේද අනුරලා කියා සිටියේ. කමක් නැහැ; දැන් අනුර ඩොලර් බිලියන 40 ණය අධෝවාතයක් අරින්නා සේ මේ මව් බිමෙන් ඉවත් කර දමාවි. එයත් සතුටට කරුණකි.

හදුන්නෙත්තිට පිරටර සිට කතා කරපු "රට විරුවෝ" ඩොලර් මිලියන ගනන් එවා රටට අවශ්‍ය ඩොලර් ටික තව දවස් කිහිපයක් තුල එක් රැස් කෙරෙනු ඇති. එයත් සතුටට කරුණකි. රටේ ජනමාධ්‍ය දවසින් දවස හදුන්නෙත්තිගෙන් රටට ඒ ඒ දිනයේ එලෙස එවූ ඩොලර් මිලියන හෝ බිලියන ගනන ගැන අප්ඩේට් එක ගත යුතුය. 

රට තුල උද්ධමනය තනි ඉලක්කමේත් අඩුම අගයකින් පවතිනු ඇති. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ හා සේවාවල මිල සැලකිය යුතු මට්ටමකින් පහත දමනු ඇත. විශේෂයෙන් දරා ගත නොහැකි තරමේ වැඩි වූ විදුලි හා වතුර බිල අවශ්‍යයෙන්ම කලින් තිබූ මට්ටමට පහල යනු ඇත.

ඒ දවස්වල ආණ්ඩුව පෙට්‍රල් හා අනෙකුත් ඉන්ධන මත පනවා ඇති ලීටරයකට රුපියල් අසූ ගනනක් අමතර බද්ද ගැන කොච්චරවත් දොස් කිය කියා එය ඉවත් කර දුප්පත් අසරන මහා ජනයාට සහන සලසන ලෙස ජවිපේ ඉල්ලා සිටියා. එය ඉවත් කර, නාස්තිය හා දූෂනයද අවම කරගෙන එම ඉතිරියෙන් ඉන්ධන ලීටරයක මිල අවම තරමින් රුපියල් 100කින් අඩු කරනු ඇත. එවිට බස් ගාස්තු හා ත්‍රීවීල් ගාස්තු නැවත අඩු වනු ඇත. බඩු මිලද ඉබේම අඩු වේවි. මේ සියල්ල එය ඉල්ලා සිටි අනුරගෙන් ලැබෙතැයි ඕනෑම සිහි බුද්ධියක් තිබෙන කෙනෙකුට නම් විශ්වාසය.

ජනපති වූ විගස අත්අඩංගුවට ගන්නවා යැයි සිතූ එකෙක් වත් එසේ ගත් බවක් මට මේ වන තෙක් ඇසුනේ නැත. එකෝමත් එක කලෙක චන්ද්‍රිකා අපරාධකරුවන් ගෝල්ෆේස් එකට ගෙනත් එල්ලූ ආකාරයට අනුරත් එය කලා යැයි ඉතිහාස පොතේ රන් අකුරුන් ලියවෙනු දැකීමට කැමතිය.

විශේෂයෙන්ම අයිස්, කුඩු, හා ගංජා අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුල දක්නට නැති වේවි. හෙට සිට ඒවාට ඇබ්බැහි වූවන් පුනුරුත්තාපන වැඩ පිලිවෙලට ගැනෙන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිර බාරයට ගනීවි. මා නම් පෞද්ගලිකව ආසා කරන්නේ මහා පරිමානයෙන් එය සිදු කරන හා ගමේ ඉතා සුලුවට විකුනන ඒ සියලු මූසලයන්ට පාරෙදිම වෙඩි තබා මරා දැමීමට වුවත්, අනුරලා කැමති නීතිය අකුරටම පිලිපැදීමට බැවින් ඒ සියල්ලන් අත්අඩංගුවට ගනීවි. විශේෂයෙන් මීගමු ප්‍රදේශයේ කුඩු මුදලාලි යැයි ප්‍රසිද්ධ, අනුර විසින් පාර්ලිමේන්තුව තුලදී උගේ මුහුනටත් කියූ ඒ ලන්සාව මා හිතන්නේ අද රාත්‍රිය පහන් වන්නට පෙර අත්අඩංගුවට ගනීවි.

හෙට සිට පොලිසියේදී පුරවැසියන්ට බල්ලන්ට වගේ සැලකීම වහා තහනම් කෙරේවි. පොලිසිය විසින් රටවැසියන්ට සර්, මැඩම් කියා ආමන්ත්‍රනය කරාවි. එම විනය පොලිසිය තුල ඇති කරාවි.

අද ටියුෂන් වසංගතය නිසා ආර්ථිකව දැඩිව පෙලෙන දෙමාපියන්ටද, ගුනදහම් නැති බලු පොරයට වැටී තිබෙන ළමුන්ටද සහනය මෙම සතිය තුලම ලබා දේවි. පාසල්වල උගන්වන්නේ නැතිව ලමුන්ව ටියුෂන්වලට පොළඹවන කාලකන්නි ගුරුහොරු ටික වහම ක්‍රියාත්මක වන පරිදි ගුරුවරු බවට පත් කෙරේවි. ඒ සමගම 5 වසර ශිෂ්‍යත්වය නිසා ලදරු වයසේ සිටම ටියුෂන් අපයෝජනයට හා අධ්‍යපාන අපයෝජනයට ලක්වන එම අහිංසක දරුවා ඉන් මුදවා ගැනීමට ක්ෂනික කටයුතු යොදාවි.

මේ සියල්ල අස්සේ, රාජ්‍ය සේවකයා ඉතා කඩිසර හා කරුනාවන්ත සේවයක් පුරවැසියා වෙනුවෙන් සිදු කරන පුනුරුද යුගයද ඇරඹිනි. තැපැල් ඡන්දයෙන්ම එය ඔප්පු විය. රට වෙනුවෙන් නොපිරිහෙලා වැඩ කිරීමට තමන් ඉතා ඕනෑකමින් සිටින බව තැපැල් ඡන්දයෙන් ඉතාම පැහැදිලි විය. ජනපතිද ඒ සදහා කැපවී සිටී. එනිසා මා සිතන්නේ මේ වනවිටත් රාජ්‍ය සේවය උඩු යටිකුරු වී සේවය ඉතා ඉහල මට්ටමකයි ඇත්තේ.

අවශ්‍යයෙන්ම එක එක ජාතින්ට විතරක් වලංගු පෞද්ගලික නීති (personal laws) ඉවත් කල යුතුය. සැමට එක තනි සාධාරන නීති පද්ධතියක් තිබිය යුතුය. එක ජාතිකයට ගැහැනු 3ක කසාද බඳින්නට අවසර දී තවත් ජාතියකට එසේ බහුවිවාහය අපරාධයක් කිරීම කොතරම් හාස්‍යයක්ද? දේපල නීතියේදී කාන්තාවන්ට අමානුෂික ලෙස සැලකෙන කැන්ඩියන් ලෝ ඉවත් කරාවි. යාපනයේ තේසවලාමේ නීතියද රටේ පොදු නීතියට යටත් කරාවි. කවුරුත් එකම සාධාරණ නීතියකින් පාලනය වීම මානවවාදී හා තර්කානුකූල වේ. මෙතෙක් කලක්, ප්‍රධාන පක්ෂවලට චෝදනා කළේ සුලු ජාතිකයන්ට කප්පං වශයෙන් එවැනි අසාධාරණ නීති සංශෝධනය නොකර සිටින බවයි. දැන් පත්ව තිබෙන්නේ අසහාය ඍජු නායකයෙකි. 

මහා මැතිවරණයක් කට ලඟ තියාගෙන කළ හැකි හා කළ යුතු එම දේවල් සිදු නොකර සිටිත් නම්, ආයේ මහා මැතිවරණයකින් පසුව ඒවා කරාවි යැයි විශ්වාස නොකරන්න. 

පැය 48කින් ඒවා සිදු කරනවා යැයි කට මැත දෙඩෙව්වත්, ඇත්තටම ඒවා දවසින් දෙකින් කිරීමම අවශ්‍ය නැත. එහෙත් අවශ්‍යයෙන්ම පලමු සති තුන හතර තුල ඒවාට පියවර ගත යුතුමය. සමහර දේවල් සදහා රෙගුලාසි (ගැසට්) නිකුත් කර රටේ නීති ක්‍රියාත්මක කරන අංශ බල ගැන්වීම හා නිසි විධාන දීම පමනි කරන්නට තියෙන්නේ. ඒවාට කල් ගැනීමට හේතු නැත.

අවසාන වශයෙන්, පලමු සති දෙක තුන තුල කල යුතු වැදගත් කාර්යන් සිදු කරන්නේ නම්, අනිවාර්යෙන්ම මහා මැතිවරණයකදී ඔවුන්ට තුනෙන් දෙකක බහුතරයක ඡන්දයක් ලබා දිය යුතුය. 

පවතින ව්‍යවස්ථාව අනුව, ජනපතිට වැඩ කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරය අත්‍යවශ්‍ය වේ. තවද, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට හා දැඩි රාජ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වේ. එනිසා, බය නැතිව ජනයා මාලිමාවට රට භාර දීමට තීරණය කළා නම්, අනිවාර්යෙන්ම ඊළඟ මහා මැතිවරණයේදී ඔවුන්ට ඉතා විශාල බහුතර (තුනෙන් දෙකක) පාර්ලිමේන්තුවද ලබා දිය යුතුය. 

මා කොතරම් මාලිමාවට විරුද්ධ වුවත්, මේ කරපු අත්හදා බැලීම පුස්සක් නොවනු වස්, ඔවුන්ට මහා මැතිවරණයේදි ඡන්දය දීමට තීරණය කලා. එය රට වෙනුවෙන් අප සැවොම කල යුතු යුතුකමක් සේ මට සිතෙනවා. නැතිනම් වන්නේ ජනපති හා පාර්ලිමේන්තුව අතර නිරන්තර හැප්පීම් ඇති වීම නිසා රට අගාධයකට යෑමයි.

එක්කෝ ජවිපෙ/මාලිමාව/අනුර රට හදයි; නැතිනම් උන්ටත් බැහැ කියා ඔප්පු වෙයි. මේ කොයිකත් රටට සුභය. රටට ජය!

Comments

  1. හොඳ ධනත්මක විගහයක් අන්ඩුව හොදින් තෙරුම් ගත යුතුයි.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...