Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න.

ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය.  සිංහල මෙන්ම ඉංග්‍රීසියද කතා කරන්නේ මිනිසුන්ය.  පොදුවේ ගත් කළ සියලු මිනිසුන්ගේ සිතුම් පැතුම් සමානය.  අපට යම් යම් සිතුම් පැතුම් අනෙකාට පැවසීමට ඇති අවශ්‍යතාව සුද්දාටද එලෙසම ඇත.  එමනිසා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව ඕනෑම දෙයක් පැවසීමට හැකි වන අයුරින් සකස් කර ගෙන ඇත.  එනිසා, සිංහලෙන් (හෝ වෙනත් ඕනෑම භාෂාවකින්) පවසන ඕනෑම දෙයක් කුමන හෝ ක්‍රමයකින් ඉංග්‍රීසියෙන්ද පැවසිය හැකිය (සමහර මෝඩයින් කියනවා ඉංග්‍රීසියෙන් සිංහලදී මෙන් ඕනෑම දෙයක් පැවසීමට තරම් වාඛ්‍ය රටා නොමැති බව; එය මුසාවකි).

අකුරුවලින් අප වචන සාදා ගන්නවා.  අප ශබ්ද නඟා පවසන්නේ එම වචනය.  ඒවාට තේරුම් දී තිබේ.  අප වචන ඉගෙන ගත යුත්තේ නිවැරදි ශබ්ද කෝෂයක් (dictionary) භාවිතා කරමිනි.  නිවැරදිව ශබ්දකෝෂයක් භාවිතා කරන ආකාරය “අතිරේකය - 3 හි  දක්වා ඇත.

වචන වර්ග කිහිපයක් ඇති අතර නාමපද හා ක්‍රියාපද ඒ අතර ප්‍රධාන තැනක් ගනී.  නාමපද (noun) යනු යම් යම් දේවල් හැඳින්වීම සඳහා අප යොදන සංඥා වේ.  කමල්, නිමලා, වයිටා ආදි අප විසින් යොදන පද මෙන්ම, පුටුව, මිනිසා, ආදරය ආදි පො‍දුවේ පවසන වචනද නාමපද වේ.  යම් යම් සිදුවීම් හා කිරීම් හඟවන පද ක්‍රියාපද (verb) ලෙස හැඳින්වේ.  කනවා, බිව්වා, ඒවි ආදි ලෙස උදාහරණ කිහිපයක් දැක්විය හැකිය.

නාමපද, ක්‍රියාපද ආදිය යම් කිසි පිළිවෙලකට සකසා කිසියම් සම්පූර්ණ තේරුමක් ඇති වන ආකාරයට ලියූ විට අපට ලැබෙන්නේ වාඛ්‍යයකි (sentence).  ඒ ඒ භාෂාවන්හි වාඛ්‍යයක් සෑදීමට කිසියම් ක්‍රමයක් අනුගමනය කෙරේ.  ඉංග්‍රීසියේදී එය “උක්ත පදය + ක්‍රියාව + ඉතිරි පද (others)” ලෙස එම පිළිවෙලින් ලිවිය යුතුය.  උක්තය (subject) යනු වාඛ්‍යයේ ඇති ප්‍රධාන ක්‍රියාපදයෙන් උලුප්පා දක්වනු ලබන හෙවත් උක්ත කරනු ලබන පදයයි.  අප එම පිළිවෙල පහසුවෙන් මතක තබා ගන්නේ SVO කියාය.

Subject   Verb   Others/Object

S පදය, V පදය වාඛ්‍යයේ තිබීම අනිවාර්ය වන අතර (O වලින් නිරූපණය කෙරෙන) වෙනත් පද තිබේ නම් පමණක්, ඒවාද ලිවිය හැකිය (එනම් වෙනත් පද වාඛ්‍යයක තිබීම අනිවාර්ය නොවේ).  කන්දක් උඩට නැඟීමට පාරවල් හතරක් ඇතැයි සිතන්න.  ඒ අනුව කන්ද නැඟීමට ඔබට අනිවාර්යෙන්ම මෙම පාරවල් හත‍රෙන් එකක් යොදා ගැන්මට සිදුවෙනවා නේද?  එලෙසම, ඉංග්‍රීසියෙන් වාඛ්‍යයක් ලිවීමටද පාරවල් හෙවත් ක්‍රම (tense) හතරක් ඇත.  ඔබට යම් වාඛ්‍යයක් ලිවීමට මෙම tense වලින් එකක් අනිවාර්යෙන්ම අනුගමනය කිරීමට සිදුවේ.  එමනිසා ඔබ මෙම tense හතර හොඳින් ඉගෙන ගත යුතුය.  එම tense හතර නම්,

1.  Simple tense          2.  Continuous tense
3. 
Perfect tense         4.  Perfect Continuous tense

ඉංග්‍රීසියේ අකුරු 26, simple හා capital ලෙස දෙයාකාරයකින් තිබේ.  සාමාන්‍යයෙන් අප ඉංග්‍රීසි වාඛ්‍යය ලිවිය යුත්තේ simple අකුරුවලින්ය.  Capital අකුරු භාවිතා කරනුයේ පහත සඳහන් අවස්ථාවලදීය.

1.  වාඛ්‍යයක් ලියන විට එහි පළමු අකුර

2. 
I (“මම” යන තේරුමින්) යන්න වාඛ්‍යයක කොතනක තිබුණත් එය capital වලින්ම ‍තැබිය යුතුය

3. 
කමල්, කාන්ති, මාතර, ටාසන් ආදි පණ ඇති හෝ නැති අයට/දේවලට අප ‍විසින් ලබාදෙන නමක් ලියන විට, එම වචනය කොතැන තිබුණත් එහි පළමු අකුර capital වේ

4. 
NASA (National Aeronautics and Space Administration), FBI (Federal Bureau of Investigation), CTB (Ceylon Transport Board), CMC (Colombo Municipal Council), BMICH (Bandaranayaka Memorial International Conference Hall) ආදි කෙටි කරපු වචනවල (abbreviation)සියලු අකුරු මෙන්ම; එලෙස වචන කිහිපයකින් යුක්ත දිගු නමෙහි සෑම පළමු අකුරද ‍capital වේ.  (උදාහරණයන්හි තද අකුරින් පෙන්වා ඇති ලෙසට.  එහෙත් of, and, the/a වැනි (නිපාත වැනි) පද simple අකුරින්ම ලියනු ලැබේ.)
සියලු වචන ශබ්දකෝෂයෙහි සඳහන්ව ඇත්තේ මූලික ස්වරූපයෙන්ය.  එම පද සුදුසු පරිදි එකතු කර වාඛ්‍ය තැනීමේදි, එම වචනවලට සුළු සුළු වෙනස්කම් සිදු කරනවා (ඔබේ මූලික ස්වරූපය වනුයේ “නිරුවත‍යි”.  ඔබ විවිධ ආකාරයේ ඇඳුම් ඇන්ද විට, ඔබේ ස්වරූපය තරමක් වෙනස් වෙනවා නේද?  අන්න ඒ වගෙයි මූලික ස්වරූපයෙන් පවතින වචනවලට අප වෙනස්කම් සිදුකරන්නෙත්).  එම වෙනස්කම් සිදුකර වාඛ්‍ය තැනීමටයි අප ව්‍යාකරණය (grammar) කියා කියන්නේ.  භාෂාවක් ඉගෙන ගන්නවා යනු නිවැරදි ලෙසට වාඛ්‍ය තැනීමට පුරුදුවීමයි.  මෙතැන් සිට අපි වාඛ්‍ය සාදමු.

Continuous Tense
කරමින් ඉන්නවා” යන මූලික තේරුම ලැබෙන්නේ ඉංග්‍රීසියේදී continuous tense වලින් ලියනු ලබන වාඛ්‍යයි.  ඒ ඒ tense එක සඳහා ක්‍රියාපදයේ ස්වරූපය වෙනස්ය (මෙලෙස ක්‍රියාපදයේ ඇති වෙනස මඟිනුයි අප වාඛ්‍යය අහවල් tense එකේ වාඛ්‍යයක් ලෙස හඳුනා ගන්නේ).  මෙම tense එකේ ක්‍රියා ස්වරූපය සාදාගනුයේ අප පෙර සඳහන් කළ මූලික ක්‍රියාපද ස්වරූපය තරමක් වෙනස් කිරීමෙනි (“නිරුවතට ඇඳුමක් අන්දවා”).  මෙහිදි, මූලික ක්‍රියා ස්වරූපය අගට INGයන කොටස එකතු කර, ඊට අමතරව “BE” යන උපකාරක පදය එම “ing-ක්‍රියාපදයට” ඉදිරියෙන් යෙදිය යුතුය.  උදා:  GO (යනවා) යන මූලික ක්‍රියා ස්වරූපයට ඉහත කී ලෙස සකස් කළ විට,

GO    →   BE GOING

දැන් අපට “be going” ලෙස continuous tense ස්වරූපයෙන් ක්‍රියාපදය ලැබී ඇත.  මෙහි තේරුම ඔබට සිතාගත හැකිද?  ඔව්, එහි තේරුම “යමින් ඉන්නවා” වේ.  මේ ආකාරයට ක්‍රියාපද කිහිපයක continuous tense ක්‍රියා ස්වරූපය සාදාගනිමු.

eat (කනවා) →             be eating (කමින් ඉන්නවා)
drink (බොනවා) →       be drinking (බොමින් ඉන්නවා)

දැන් SVO ක්‍රමය අනුව නිවැරදි ඉංග්‍රීසි වාඛ්‍යයක් සාදමු ඉහත continuous tense ක්‍රියාව යොදමින් (එනම්, continuous tense එකෙන්).

                                           Kamal be eating.  (කමල් කමින් ඉන්නවා.)

මෙහි O පද නොමැති වුවද S, V පද තිබෙන බව පෙනෙනවා නේද?  සාමාන්‍යයෙන් උක්ත පදය වන්නේ ක්‍රියාව කරන කෙනා හෙවත් කර්තෘය.  ඉහත වාඛ්‍යයේ ඒ අනුව උක්තය වන්නේ Kamal යන කර්තෘ පදයයි.  be eating ලෙස ක්‍රියාව ඇති නිසා එය continuous බව ඔබට වටහගත හැකි නේද?

එහෙත් ඉහත වාඛ්‍යය තවම හරියටම නිවැරදි නැත.  ඊට හේතුව වන්නේ “be” යන පදය සාමාන්‍යයෙන් ඒ ලෙසට නොතැබීමයි.  එය පහත දැක්වෙන ලෙසට සුදුසු පරිදි වෙනස් වේ.

        |------ AM (I උක්තය ලෙස ඇති විට)
BE --|------ IS (ඕනෑම ඒකවචන නාමපදයක් උක්තය බවට පත් වූ විට)
        |------- ARE (ඕනෑම බහුවචන නාමයක් උක්තය වූ විට)

(ඔබට පසුව වැටහේවි be යනු ඇත්තෙන්ම am, is, are යන වචනවල මූලික ස්වරූපය බව.)

ඒ අනුව, ඉහත “Kamal be eating” යන වාඛ්‍යය,

                            Kamal is eating.

ලෙස නිවැරදි විය යුතුයි නේද?  ඊට හේතුව, Kamal යනු ඒකවචන උක්තයක් වීම බව ඔබට පෙනෙනවා.  දැන් තවත් වාඛ්‍ය කිහිපයක් සාදමු.

I am eating.  (මම කමින් ඉන්නවා/කමින් ඉන්නේ.)
Kamal and Nimal are eating. 
(කමල් සහ නිමල් කමින් ඉන්නවා/කමින් ඉන්නේ.)

කොමා යොදා හෝ and (සහ) යන පදය යොදා නාමපද කිහිපයක් එකතු කළ හැකිය.  දෙදෙනෙක් පමණක් නම් and පදය ඉහත ආකාරයට කෙළින්ම එම පද දෙක අතරට යෙදිය යුතු අතර, දෙකකට වඩා සිටින විට අවසන් දෙදෙනා හැර ඊට පෙර අය අතර කොමා යොදා, අවසාන දෙක අතර කොමාවක් සහ and ද යෙදීම හොඳ පුරුද්දකි. එවිට කිහිප දෙනෙක් හෝ කිහිප දේවල් ඇති නිසා උක්තය බහුවචන ‍බව ඔබට වැටහෙනවා නේද?  Eg:

Nirmal, Kamani, and Asantha are going.  (නිරමාල්, කමනි, සහ අසන්ත යමින් ඉන්නවා/යමින් ඉන්නේ.)

සතුටුවන්න මක්නිසාද යත් ඔබ දැන් ඉංග්‍රීසියෙන් ඉතා නිවැරදි ලෙසට වාඛ්‍යයක් ලිවීමට දන්නවා.  අපි තවදුරටත් තවත් වාඛ්‍ය කිහිපයක් continuous වලින් ලියමු.

Nirmala is reading.  (නිර්මලා කියවමින් ඉන්නේ/ඉන්නවා.)
I am washing.  (මම සෝද සෝද ඉන්නවා/ඉන්නේ.)
Amal and Sameera are studying.  (අමල් සහ සමීර (අමලුයි සමීරයි) ඉගෙන ගනිමින් ඉන්නවා.)
Roshan De Alwis is talking.  (රොෂාන් ඩි අල්විස් කතා කරමින් ඉන්නේ.)
Dasun, Kavindu, Thusie, and Praveen are working.  (දසුනුයි කවින්දුයි තුෂියි ප්‍රවීනුයි වැඩ කරමින් ඉන්නේ.)

ඉංග්‍රීසියෙන් ලියනු ලබන වාඛ්‍යයක් සිංහලෙන් තේරුම් ගැනීමේදී එය විවිධ ආකාරයෙන් දැක්විය හැකිය.  උදාහරණයක් ලෙස, “කරමින් ඉන්නවා” යන ඉහත continuous tense වාඛ්‍යය රටාව “කර කර ඉන්නවා” ලෙසද ලිවිය හැකිය.  ඒ විතරක් නොවේ, “කරමින්/කර කර ඉන්නේ” ලෙසද අපට එය ව්‍යවහාර කළ හැකිය.  ඒ අනුව, “මම බත් කමින්/කකා ඉන්නේ”, “මම බත් කමින්/කකා ඉන්නවා” ආදි ලෙස පැවසුවත් ඉන් කියන්නේ එකම තේරුම බව වටහ ගැනීම ඔබට අපහසු නොවෙයි නේද?  continuous tense පමණක් නොව, අනෙක් tense වලදී හා වෙනත් අවස්ථාවලදීද, මෙම ස්වභාවය ඇති බව මතක තබා ගන්න.  එමනිසා, ඔබ ඒ ඒ ඉංග්‍රීසි වාඛ්‍ය සඳහා විවිධ වූ සිංහල ‍තේරුම් (ඉහත දැක්වූ පරිදි) කට පාඩම් කිරීම අනවශ්‍යයි.  ඔබ කළ යුත්තේ ඉංග්‍රීසි වාඛ්‍ය රටාවන් මතක තබා ගෙන, ඊට අනුරූප එක් සිංහල වාඛ්‍ය රටාවක් මතක තබා ගැනීම පමණි.  ඔබ දැනටමත් සිංහල මැනවින් දන්නා බැවින්, ඔබ කළ යුත්තේ ඒ ඒ සිංහල වාඛ්‍ය සඳහා ඇති වෙනත් සිංහල යෙදුම් (වාඛ්‍ය රටා) තව තවත් සොයා බලා ඒවා ගැන අවබෝධ කරගැනීමයි.  ටික කලකින් ඔබට ඉබේම ඒවා වැටහේවි.  ඔබ දන්නා දේ ගැන හා ඔබේ මොලය ගැන විශ්වාස කරන්න.

ඉහත වාඛ්‍ය දැන් අපට තවත් දිගු කළ (විස්තාරණය කළ) හැකිය.  උක්තය හා ක්‍රියාව හැරුනු විට, වාඛ්‍ය තව දුරටත් විස්තර කරන කර්ම පදය වැනි වෙනත් පද ඇති නම් ඒවාද වාඛ්‍යයට දැමිය හැකිය.

I am drinking water.  (මම වතුර බොමින් ඉන්නවා.)

ඉහත ආකාරයට වාඛ්‍යයේ ක්‍රියාවට පසුව යම් නාමපදයක් දැමිය හැක්කේ එම නාමය කෙලින්ම ක්‍රියාවට යටත් පදයක් හෙවත් කර්ම පදයක් නම් පමණි.

යම් ක්‍රියාපදයකට කෙලින්ම යටත් පදය කර්මය ලෙස හැඳින්වේ.  වාඛ්‍යයක එවැනි නාමපදයක් ඇත්ත වශයෙන්ම කර්ම පදයක්ද නැද්ද කියා හඳුනා ගන්නේ කෙලෙසද?  එය ඉතා පහසුය.  එම වාඛ්‍යයේ උක්ත කර්තෘ (S පදය) “කරන්නේ (කන්නේ, බොන්නේ, බලන්නේ ආදි ලෙස) කුමක්ද” යන ප්‍රශ්නය ඇසූ විට, ඔබට යම් වලංගු උත්තරයක් ලෙස නාමපදයක් ලැබේ නම්, එම නාමපදය කර්ම පදයකි.

ඉතිං දැන් ඔබ ඉහත “මම වතුර බොමින් ඉන්නේ” යන වාඛ්‍යයෙන් “කුමක්ද බොන්නේ” යන ප්‍රශ්නය ඇසූ විට, “වතුර” ලෙස උත්තරය ලැබෙන බැවින් එය කර්ම පදයයි.

Kamal is eating rice.  (කමල් බත් කමින් ඉන්නේ.)

ඉහත වාඛ්‍යයෙන්ද “කන්නේ කුමක්ද” යන ප්‍රශ්නය නගන්න.  “බත්” ලෙස උත්තරය ලැබෙන බැවින් rice යන්න කර්මයයි.  එලෙස කර්ම පදයක් ඇති විට, කිසිත් නොකරම එම පදය ක්‍රියාවට පසුව, උදාහරණවල පෙන්වා ඇති අයුරින් යොදන්න.  තවත් උදාහරණ කිහිපයක් බලමු.

I am eating rice.  (මම බත් කමින් ඉන්නවා.)
Sandun is drinking water.  (සඳුන් වතුර බොමින් ඉන්නවා.)
Nirmani and Amila are applying oil.  (නිර්මානියි අමිලයි තෙල් ගල්වමින් ඉන්නේ.)

Exercises 1-1
Lochana ………...... eating fish.  (ලෝචන මාළු කමින් ඉන්නවා.)
Kamal and Amal ………… Playing tennis.  (කමල් හා අමල් ටෙනිස් සෙල්ලම් කරමින් ඉන්නේ.)
Dushan …………… tennis.  (දුෂාන් ටෙනිස් සෙල්ලම් කරමින් ඉන්නවා.)
I …………………………..…………. TV.  (මම ටීවී බලමින් ඉන්නේ.)
……………………………… (අමල් බත් උයමින් ඉන්නවා.) [cook - උයනවා]

“මම කතරගමට යමින් ඉන්නවා” යන්නෙහි “කතරගමට” යන කොටස කර්ම පදයක්ද?  එය කර්මයක්දැයි දැන ගැනීමට ක්‍රමය ඔබ දැන් දන්නවා.  “(මම) යන්නේ කුමක්ද” ලෙස ඇසූ විට අපට එය නුහුරු වලංගු නොවන ප්‍රශ්නයක් ලෙස දැනෙනවා නේද? (එය හරියට “යන්නේ කොහෙද” කියා ඇසු විට “මල්ලෙ පොල්” ලෙස පිළිතුරක් ලැබුණා වැනිය.)  ඒ අනුව එය කර්මය නොවේ.  ඔබ කැමති නම්, “යන්නේ කොහේද”, “යන්නේ ඇයි” වැනි වලංගු ප්‍රශ්න ඇසිය හැකි වුවද, කර්මය සොයා ගැනීමට නම් එවැනි ප්‍රශ්නවලින් වැඩක් නැත; “කුමක්ද” ලෙසම ප්‍රශ්නය ඇසිය යුතුය.  එම නිසා, ඉහත සිංහල වාඛ්‍යය “I am going Katharamaga” ලෙස ලිවිය නොහැකිය.  එසේ නම්, ඉහත දැක්වූ ආකාරයේ කර්ම නොවන පද තිබෙන විට, එවැනි වාඛ්‍ය ඉංග්‍රීසියෙන් ලියන්නේ කෙසේද?  ඒ සඳහා අප නිපාත ලෙස හැඳින්වෙන වචන වර්ගයක් උපකාර කර ගන්නවා.

නිපාත (preposition)යනු මොනවාද?  නිපාත යනු යම් කර්ම පදයක් නොවන නාමපදයක් වාඛ්‍යයකට එකතු කිරීමට උපකාර කරගන්නා වචනයි.  එවැනි වචන වැඩිය නැත.  එමනිසා, එම පද ටික කට පාඩම් කළ පසු නිපාත යෙදීම කජු කනවා වගේ පහසුය.  නිතර භාවිතා වන නිපාත මා පහත දක්වා ඇත.

on -
මත/උඩ, ගැන                                          in - තුළ
under/beneath/underneath -
යට/යටින්
after -
පසුව                                                  before - පෙර
in front of -
ඉදි‍රියෙන්                                   behind - පිටුපසින්
into -
තුළට                                                   beside - පැත්තෙන්
about -
ගැන                                                except - හැර
with
- සමඟ, (අයුධයක්) මඟින්                         without - නොමැතිව
to -
(අහවලා) ට                                             from – (අහවලා) ගෙන්
of -
(අහවලා) ගේ                                         off - ඉවතට
between -
(දෙදෙනකු) අතර                          among/amongst - (2ට වඩා) අතර
during -
(යම් කාලයක්) තුළ                           till/until - (යම් කාලයක්) තෙක්
at -
දෙස                                                      across - හරහා
against -
විරුද්ධව                                        for - සඳහා
by -
විසින්, ළඟ                                            near - ළඟ
along - දිගේ                                               through - තුළින්
as of – (යම් දිනයක) සිට                              up to - (යම් දිනයක්) දක්වා
toward/towards -දෙසට                             as - වශයෙන්
like - ලෙස/විදියට                                       beyond - (යමකින්) එහා
over – (යම් ප්‍රමාණයකට) වැඩි                      above/over - ඉහළ/ඉහළින්

නිපාත පද හැමවිටම යොදනු ලබන්නේ නාමපදයක් ඊට පසුපසින් තියාගෙනය (නිපාතයක අරමුණද එයම නේද?  එනම්, නාමපදයක් වාඛ්‍යයකට එකතු කිරීමයි).

දැන් “මම කතරගමට යමින් ඉන්නවා” යන වාඛ්‍යය දෙස බැලුවොත් ඔබට පෙනේවි “කතරගමට” යන පදයේ “ට” (to) යන නිපතය යෙදී ඇති බව.  එනම්, “කතරගමට” යන පදය “to Katharagama” ලෙස ලිවිය යුතුය.  දැන් එම කොටස වාඛ්‍යයට එකතු කරන්න.  එවිට,

I am going to Katharagama.  (මම කතරගමට යම්න් ඉන්නවා.)

දැන් වාඛ්‍යය නිවැරදිය.  අප තවත් උදාහරණ කිහිපයක් සලකා බලමු.

Kamani is writing to Kamal.  (කමනි කමල්ට ලියමින් ඉන්නේ.)
I am sitting on ground.  (මම පොළොවේ (පොළොව මත) ඉදගනිමින් ඉන්නේ.)
I am going by foot.  (මම පයින් (කකුල මඟින්) යමින් ඉන්නවා.)

ඉහත to, by, on ආදි නිපාත පද අනිවාර්යෙන්ම යෙදිය යුතු බව පේනවා නේද?  “I am going foot” ලෙස වැරදියට ඔබ අතින් එය ලිය වුණා නම්, එය විහිළු ස්වභාවයක් ගන්නවා නේද?  (එහි තේරුම “මම ඇවිදින කකුල” ලෙස ලැබේ.  එහ විහිළු සහගත මෙන්ම අප කීමට අදහස් නොකළ දෙයක් නේද?)
වාඛ්‍යයක කර්ම පද තිබිය හැක්කේ එකක් වුවද, නිපාත සහිත කොටස් කිහිපයක් වුවද අවශ්‍ය නම් තිබිය හැකිය.

I am going to Colombo from Gampaha by bus(මම ගම්පහින් කොළඹට බසයෙන් යමින් ඉන්නේ.)

ඉහත වාඛ්‍යය තුළ නිපාත කොටස් තුනක් ඇති බව පේනවා නේද (to Colombo, from Gampaha, by bus)?  තවද, කර්මයක් හා නිපාත කොටස්ද එකම වාඛ්‍යය තුළ අවශ්‍ය නම් තිබිය හැකිය.

I am cooking rice for Nimal(මම නිමල් සඳහා බත් උයමින් ඉන්නවා.)

ඉහත වාඛ්‍යයේ rice යන කර්ම පදය මෙන්ම for Nimal යන නිපාත කොටසද ඇත.  මේ ආකාරයට ඔබට අවශ්‍ය පරිදි විවිධ ආකාරයෙන් කොටස්/වචන මිශ්‍ර කොට වාඛ්‍ය සෑදිය හැකියි නේද?

Exercises 1-2
I ……….… talking …..……. Kamal.  (මම කමල්ට කතා කර කර ඉන්නේ.)
Nuwan ………………….. Devani.  (නුවන් දේවානිට ලියමින් ඉන්නේ.)
Kamala ……………………..  (කමලා කිරි සමඟ බිස්කට් කමින් ඉන්නේ.)
Devashri …………….…….. (දේවශ්‍රී කමල්ට නිමල් ගැන ලියමින් ඉන්නවා.)
………………  (කමලුයි නිමලුයි (කමල් හා නිමල්) පංසලට යමින් ඉන්නේ.)

පෙරදී සඳහන් කළ දෙයක් නැවැත මතක් කර දිය යුතුය.  එනම්, සිංහලෙන් අපට එකම වාඛ්‍යය විවිධ ලෙස ලිවිය හැකි බවයි.  සිංහලේදී අප සමහර අවස්ථාවලදී නිපාත යෙදිය යුතු වුවත්, එසේ යොදන්නේ නැතිව වාඛ්‍ය ලියන පුරුද්දක්ද ඇත.  උදාහරණ ලෙස, “මම පංසලට යනවා” යන වාඛ්‍යය “මම පංසල් යනවා” ලෙසද අප කියනවා නේද?  මෙම දෙකෙහිම තේරුම්වල වෙනසක් නැති බව ඔබ හොඳටම දන්නවා.  එහෙත් ප්‍රශ්නය ඇති වන්නේ ඔබ ඉංග්‍රීසි වාඛ්‍ය සාදන්නට පුරුදු වන මුල් අවධියේදිය.  ඔබට හිතේවි එකවර ඉහත “මම පංසල් යනවා” යන වාඛ්‍යය “to” නැතිව නිකම්ම “I am going temple” ලෙස වැරදියට ලිවීමට.  එමනිසා මෙම කරුණ හොඳින් මතක තබා ගන්න.  නිපාතය පෙනෙන්ට තිබුණත් නැතත් නිපාත තේරුම් අවබෝධ කරගන්න.  ඉහතකදී කී පරිදි “කරන්නේ කුමක්ද” කියා ඇසූ විට වලංගු උත්තරයක් නොලැබේ නම්, එහි නිපාතයක් යෙදිය යුතු බව මතක තබා ගන්න.  ඔබ ඉංග්‍රීසියෙන් පොතක් දෙකක් කියවා, වාඛ්‍ය කිහිපයක් සෑදූ පසු සිත‍න්නේම නැතිව සුදුසු නිපාත ඔබ විසින් ඉබේ යෙදෙනු ඇත.  එමනිසා වුවමනාවෙන් එවැනි අවස්ථා ගැන අධ්‍යනය කර එම හැකියාව ඉක්මනින්ම ලඟා කරගන්න.

තවද, නිතර යෙදෙන සමහර ක්‍රියාපද කිහිපයකට (give, tell, love වැනි) පසුව යෙදෙන නාමය “ට” (to) නිපාතයෙන් අවසන් කළ යුතු වුවත්, අප to දමන්නේ නැත.  එවැනි ක්‍රියාපද කිහිපයක් පහත දැක්වේ.

give to Kamal (කමල් දෙනවා)
answer to me (ම පිළිතුරු දෙන්න)
tell to him (ඔහුට කියන්න)
like to him (ඔහුට කැමැති)
love to her (ඇයට ආදරෙයි)