Skip to main content

බුදු සමිඳු දැකීම (මමත්වය යනු?)

බුදු සමිඳු දැකීම (මමත්වය යනු?)

බුදු දහම අනුව, මමත්වය යනු කුමක්දැයි ඇසූ විට බොහෝ දෙනා එකවරම ලබා දෙන පිළිතුර වනු ඇත්තේ “මමය මාගේය යන හැඟීම මමත්වය” යනුවෙනි. එහි කිසිදු වරදක් නැත; එහෙත් එහි යම් අඩුපාඩුවක් ඇත. ඇත්තටම, මමත්වය යන්න ඊට වඩා සියුම් හා ගැඹුරු සංකල්පයකි. එය කාටත් තේරෙන සරල ආකාරයෙන් පැහැදිලි කිරීමට උත්සහ දැරීම මෙම කුඩා ලිපියේ අරමුණ වේ.

ඔබ දෑස් විවර කර බලන විට විවිධ දෑ දකින්නට ලැබේ. එලෙසම කන, නාසය ආදී අනෙක් ඉන්ද්‍රියන්ගෙන්ද අවට පරිසරය ගැන අවබෝධයක් (සංජානන) ඔබ ලබා ගනී. එලෙස ගස, මල, ඉර, මිනිසා, ආදී ලෙස දකින ඇසෙන දැනෙන සියලු දෑ “සංඥා” නමි. විවිධ පුද්ගලයන් මෙම මනසේ පවතින සංඥාවලට ඒ ඒ භාෂාවලින් යම් යම් ශබ්ද ගලපා (map) ඇත. උදාහරණයක් ලෙස, සිංහලෙන් “අම්මා” ලෙස හඳුනාගනු ලබන සංඥාවට ඉංග්‍රිසියෙන් mother ලෙසද, ප්‍රංශ භාෂාවෙන් mère  ලෙසද, පාලියෙන් මාතා ලෙසද ආදී වශයෙන් විවිධ ශබ්ද මාත්‍රයන් පවතී. ශබ්දය කුමක් වුවත්, යම් යම් අයට එම ශබ්දය අසා එහි තේරුම වැටහුණත් නැතත්, ඉන් එම ශබ්දය විසින් නියෝජනය කෙරෙන සංඥාවට හානියක් නොවේ. එනම්, සංඥාවකට භාෂාව වැදගත් නැත. සංඥාවක ස්වභාවය එයයි.

ලී කැබැලි ටිකකින් යම් ආකාරයකින් තනා ඇති දෙයක් පෙන්වා අප එයට පුටුව යැයි කියනවා. ඇත්තටම පුටුව යනුවෙන් සංඥාවක් මේ ලෝකය තුළ පවතිනවාද? මොහොතකට සිතමු එවැන්නක් පවතිනවා කියා. දැන්, එම පුටුව යැයි හඳුනාගත් දෙයම එහි කොටස් වෙන් කර (කඩා) වෙන වෙනම තැනින් තැන විසිකර තිබෙන ලී කැබැලි වශයෙන් දකින්නට සැලැස්සුවොත් ඔබ එවිටත් එය පුටුවක් ලෙස හඳුනාගන්නේ නැහැ නේද? එනම්, ඔබ පුටුව ලෙස හඳුනාගත් සංඥාව සත්‍ය ලෙසම (වාස්තවිකව) පවතින්නක් නො‍වන බව පැහැදිලියි (මෙයම පරමාර්ථ හා හීනාර්ථ/සම්මුතිකාර්ථ විග්‍රහය වේ). ඔබට මෙම උදාහරණය ඉතා සරලව වටහා ගත හැකියි. එහෙත්, පහසුවෙන් ඉහත වෙනස හඳුනාගත් ඔබේ මනසම තවත් අවස්ථාවක එම වෙනස (එනම්, සංඥාවක් යනු මනසේ පමණක් නිර්මාණය කරන ලද්දක් බව) හඳුනාගැනීමට අපො‍හොසත් ‍වෙනවා. කුමන ආකාරයකින් හෝ වේවා යම් යම් “අරමුණු (ආරම්මණයන්)” අරඹයා ඔබ තුල හටගන්නා ඕනෑම සංඥාවක් “මමත්වය” වේ. ඒ කෙසේද? ඔබ යම් දෙයක් ගලක් ලෙස  (“ගලක්” තමන් ගලක් ලෙස සිතනවා ඇතැයි ඔබ කල්පනා කරනවා) හෝ මලක් මලක් ලෙස (එලෙසම, “මලක්” තමන් මලක් යැයි කල්පනා කරන්නේ යැයි ඔබ සිතනවා) හෝ ආදී වශයෙන් තේරුම් ගැනීමම “මමත්වය” වේ. ඒ මල හෝ ගල හෝ තමන් අහවලා යැයි “මම” යන දෘෂ්ටියකින් පවතී (ගලට මලට සිතිය නොහැකි බව සත්‍යයකි. එහෙත් එම ගල හෝ මල හෝ වෙනුවෙන් සිතීමට හැකි මනුෂ්‍යයා එලෙස සිතීමේ රාජකාරිය සිදු කරයි.) එවිට, “මම” යන දෘෂ්ටියෙන් බැහැරව බුදුදහම අනුව නිවැරදිව ගත යුතු දෘෂ්ටියක් ඇත්ද? ඔව්, ඇත. සෑම දෙයක්ම සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් දෑ ලෙසට ගත යුතුය. සතර මහා භූතයන් යනු ද්‍රව්‍යාත්මක දේවල් නොව, යම් යම් ගති ලක්ෂණ හතරක් පමණක් වන අතර වෙනත් ලිපියකින් ඒ ගැන විමසා බලමු. (පඨවි, ආපෝ, තේජෝ, වායු යන මහා භූතයන් ගැනද ඇත්තේ සාවධ්‍ය තේරුම්ගැනීමකි සමහරක් දෙනා අතර.)

ඉතිං අප බොහෝ දෙනා මමත්වය ගැන සිතා සිටින්නේ “තමන්” යන අදහසින් පමණි. එහෙත් සත්‍යය නම්, මමත්වය යනු ලොව තුළ ස්පර්ශක ස්වභාවයෙනුත් අස්පර්ශක ස්වභාවයෙනුත් පවතින සෑම දෙයක්ම සංඥා ලෙස ගැනීමයි. එයම “මුලාව හෙවත් මෝහය” යනුවෙන් හැඳින්වේ.

Buddhism

Comments

  1. Sirge nama dala mn meka G+ wala publish kala.. mge profile eke. Mn hitanawa amanapa nowei kiya.

    ReplyDelete
  2. Sirge mn dakapu pradanama de tamai පැහැදිලි දැක්ම.e qwe patalagannatiwa tamantama awenika පෙරණයක් tula situwili meheyawanawa.. බුදුදහම saha විද්‍යාව ekenekin ස්වායත්තව wena වෙනම articles liwimanm agei..

    ReplyDelete
    Replies
    1. ඔබ දැකපු දේ නිවැරදියි. මා දැනුම් පද්ධති ඉගෙන ගන්නා විට අනෙක් දැනුම් පද්ධති සමඟ සසඳා කපා කොටා අච්චාරුවක් ලෙසයි ඉගෙන ගන්නේ. එලෙස අච්චාරුවක් සේ ඉගෙන ගැනීමේ වාසිය තමයි අවශ්‍ය වෙලාවට ඒවා සැසඳීමටත් අවශ්‍ය වෙලාවට ඒවා වෙන් කිරීමටත් ඉබේම/නිරුත්සහයෙන්ම හැකියාව ලැබීම. එනිසා ඒවා ගැන කතා කරන විට එකිනෙකට පටලවා නොගෙන ලියවෙනවා. බොහෝ අය ඒවා පටලවා කතා කරන්නට පෙළඹෙන්නේ ඒවායේ සමානකම් වෙනස්කම් ගැන හැඟීමක් නැති නිසාය.

      කෙසේ වෙතත්, එම වෙනස ඔබට දැනුනේ නම් මා සන්තෝෂ වෙනවා ඔබ ගැන මොකද එය තේරුම් ගත හැක්කේ එම හුරුව හෝ පෙළඹවීම ඔබ තුලත් පවතින නිසා විය යුතුය. එය දිගටම පවත්වාගෙන යන්න.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි.  මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු.  එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ...

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...