Skip to main content

බුදු සමිඳු දැකීම (මමත්වය යනු?)

බුදු සමිඳු දැකීම (මමත්වය යනු?)

බුදු දහම අනුව, මමත්වය යනු කුමක්දැයි ඇසූ විට බොහෝ දෙනා එකවරම ලබා දෙන පිළිතුර වනු ඇත්තේ “මමය මාගේය යන හැඟීම මමත්වය” යනුවෙනි. එහි කිසිදු වරදක් නැත; එහෙත් එහි යම් අඩුපාඩුවක් ඇත. ඇත්තටම, මමත්වය යන්න ඊට වඩා සියුම් හා ගැඹුරු සංකල්පයකි. එය කාටත් තේරෙන සරල ආකාරයෙන් පැහැදිලි කිරීමට උත්සහ දැරීම මෙම කුඩා ලිපියේ අරමුණ වේ.

ඔබ දෑස් විවර කර බලන විට විවිධ දෑ දකින්නට ලැබේ. එලෙසම කන, නාසය ආදී අනෙක් ඉන්ද්‍රියන්ගෙන්ද අවට පරිසරය ගැන අවබෝධයක් (සංජානන) ඔබ ලබා ගනී. එලෙස ගස, මල, ඉර, මිනිසා, ආදී ලෙස දකින ඇසෙන දැනෙන සියලු දෑ “සංඥා” නමි. විවිධ පුද්ගලයන් මෙම මනසේ පවතින සංඥාවලට ඒ ඒ භාෂාවලින් යම් යම් ශබ්ද ගලපා (map) ඇත. උදාහරණයක් ලෙස, සිංහලෙන් “අම්මා” ලෙස හඳුනාගනු ලබන සංඥාවට ඉංග්‍රිසියෙන් mother ලෙසද, ප්‍රංශ භාෂාවෙන් mère  ලෙසද, පාලියෙන් මාතා ලෙසද ආදී වශයෙන් විවිධ ශබ්ද මාත්‍රයන් පවතී. ශබ්දය කුමක් වුවත්, යම් යම් අයට එම ශබ්දය අසා එහි තේරුම වැටහුණත් නැතත්, ඉන් එම ශබ්දය විසින් නියෝජනය කෙරෙන සංඥාවට හානියක් නොවේ. එනම්, සංඥාවකට භාෂාව වැදගත් නැත. සංඥාවක ස්වභාවය එයයි.

ලී කැබැලි ටිකකින් යම් ආකාරයකින් තනා ඇති දෙයක් පෙන්වා අප එයට පුටුව යැයි කියනවා. ඇත්තටම පුටුව යනුවෙන් සංඥාවක් මේ ලෝකය තුළ පවතිනවාද? මොහොතකට සිතමු එවැන්නක් පවතිනවා කියා. දැන්, එම පුටුව යැයි හඳුනාගත් දෙයම එහි කොටස් වෙන් කර (කඩා) වෙන වෙනම තැනින් තැන විසිකර තිබෙන ලී කැබැලි වශයෙන් දකින්නට සැලැස්සුවොත් ඔබ එවිටත් එය පුටුවක් ලෙස හඳුනාගන්නේ නැහැ නේද? එනම්, ඔබ පුටුව ලෙස හඳුනාගත් සංඥාව සත්‍ය ලෙසම (වාස්තවිකව) පවතින්නක් නො‍වන බව පැහැදිලියි (මෙයම පරමාර්ථ හා හීනාර්ථ/සම්මුතිකාර්ථ විග්‍රහය වේ). ඔබට මෙම උදාහරණය ඉතා සරලව වටහා ගත හැකියි. එහෙත්, පහසුවෙන් ඉහත වෙනස හඳුනාගත් ඔබේ මනසම තවත් අවස්ථාවක එම වෙනස (එනම්, සංඥාවක් යනු මනසේ පමණක් නිර්මාණය කරන ලද්දක් බව) හඳුනාගැනීමට අපො‍හොසත් ‍වෙනවා. කුමන ආකාරයකින් හෝ වේවා යම් යම් “අරමුණු (ආරම්මණයන්)” අරඹයා ඔබ තුල හටගන්නා ඕනෑම සංඥාවක් “මමත්වය” වේ. ඒ කෙසේද? ඔබ යම් දෙයක් ගලක් ලෙස  (“ගලක්” තමන් ගලක් ලෙස සිතනවා ඇතැයි ඔබ කල්පනා කරනවා) හෝ මලක් මලක් ලෙස (එලෙසම, “මලක්” තමන් මලක් යැයි කල්පනා කරන්නේ යැයි ඔබ සිතනවා) හෝ ආදී වශයෙන් තේරුම් ගැනීමම “මමත්වය” වේ. ඒ මල හෝ ගල හෝ තමන් අහවලා යැයි “මම” යන දෘෂ්ටියකින් පවතී (ගලට මලට සිතිය නොහැකි බව සත්‍යයකි. එහෙත් එම ගල හෝ මල හෝ වෙනුවෙන් සිතීමට හැකි මනුෂ්‍යයා එලෙස සිතීමේ රාජකාරිය සිදු කරයි.) එවිට, “මම” යන දෘෂ්ටියෙන් බැහැරව බුදුදහම අනුව නිවැරදිව ගත යුතු දෘෂ්ටියක් ඇත්ද? ඔව්, ඇත. සෑම දෙයක්ම සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් දෑ ලෙසට ගත යුතුය. සතර මහා භූතයන් යනු ද්‍රව්‍යාත්මක දේවල් නොව, යම් යම් ගති ලක්ෂණ හතරක් පමණක් වන අතර වෙනත් ලිපියකින් ඒ ගැන විමසා බලමු. (පඨවි, ආපෝ, තේජෝ, වායු යන මහා භූතයන් ගැනද ඇත්තේ සාවධ්‍ය තේරුම්ගැනීමකි සමහරක් දෙනා අතර.)

ඉතිං අප බොහෝ දෙනා මමත්වය ගැන සිතා සිටින්නේ “තමන්” යන අදහසින් පමණි. එහෙත් සත්‍යය නම්, මමත්වය යනු ලොව තුළ ස්පර්ශක ස්වභාවයෙනුත් අස්පර්ශක ස්වභාවයෙනුත් පවතින සෑම දෙයක්ම සංඥා ලෙස ගැනීමයි. එයම “මුලාව හෙවත් මෝහය” යනුවෙන් හැඳින්වේ.

Buddhism

Comments

  1. Sirge nama dala mn meka G+ wala publish kala.. mge profile eke. Mn hitanawa amanapa nowei kiya.

    ReplyDelete
  2. Sirge mn dakapu pradanama de tamai පැහැදිලි දැක්ම.e qwe patalagannatiwa tamantama awenika පෙරණයක් tula situwili meheyawanawa.. බුදුදහම saha විද්‍යාව ekenekin ස්වායත්තව wena වෙනම articles liwimanm agei..

    ReplyDelete
    Replies
    1. ඔබ දැකපු දේ නිවැරදියි. මා දැනුම් පද්ධති ඉගෙන ගන්නා විට අනෙක් දැනුම් පද්ධති සමඟ සසඳා කපා කොටා අච්චාරුවක් ලෙසයි ඉගෙන ගන්නේ. එලෙස අච්චාරුවක් සේ ඉගෙන ගැනීමේ වාසිය තමයි අවශ්‍ය වෙලාවට ඒවා සැසඳීමටත් අවශ්‍ය වෙලාවට ඒවා වෙන් කිරීමටත් ඉබේම/නිරුත්සහයෙන්ම හැකියාව ලැබීම. එනිසා ඒවා ගැන කතා කරන විට එකිනෙකට පටලවා නොගෙන ලියවෙනවා. බොහෝ අය ඒවා පටලවා කතා කරන්නට පෙළඹෙන්නේ ඒවායේ සමානකම් වෙනස්කම් ගැන හැඟීමක් නැති නිසාය.

      කෙසේ වෙතත්, එම වෙනස ඔබට දැනුනේ නම් මා සන්තෝෂ වෙනවා ඔබ ගැන මොකද එය තේරුම් ගත හැක්කේ එම හුරුව හෝ පෙළඹවීම ඔබ තුලත් පවතින නිසා විය යුතුය. එය දිගටම පවත්වාගෙන යන්න.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...