Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 8

ඔබ මෙතෙක් ව්‍යාකරණය ඉගෙන ගනිද්දී, spelling ගැන එතරම් සිතන්නේ නැතිවයි සමහර රීතී ගැන ඉගෙන ගත්තේ.  ඇත්තෙන්ම ව්‍යාකරණය ඉගෙනීමේදි මෙවැනි එතරම්ම වැදගත් නොවන දේවල් ගැන වැඩිපුර විස්තර කිරීම ඔබට ව්‍යාකරණය අප්‍රිය කිරීමට හේතුවන බැවිනුයි මෙම මොහොත වන තුරු ඒ ගැන සදහන් නොකළේ.  මෙම අතිරේකය මඟින් ඒවා ගැන ඉගෙන ගනිමු.

ඒකවචන නාම බහුවචන කිරීමේදී පිළිපැදිය යුතු රීතීන්

     1.      සාමාන්‍ය නාමයට පසුව s යෙදිය යුතුය.

cat → cats (කැට්ස්)      cage → cages (කේජස්)

     2.      නාමය s, sh, x, ch (“ච” ශබ්දය), o වලින් අවසන් වේ නම්, es දැමිය යුතුයි.

bus → buses (බසස්)
bush → bushes (බුෂස්)
box → boxes (බොක්සස්)
bench → benches (‍බෙන්චස්)
mango → mangoes (මැන්ගෝස්)

‍එහෙත්, ch වලින් අවසන්වන නාමයේ එම ch ශබ්ද කෙරෙන්නේ “ක්” ලෙස නම්, s විතරක් දැමේ.  තවද, o වලින් අවසන් වන නාමයේ එම o ට පෙර තවත් vowel අකුරක් යෙදී ඇති නම්, හෝ එම වචනය o අකුරින් අවසන් වන පරිදි සෑදී ඇත්තේ දිග වචනයක් කෙටි කිරීම නිසා නම්, හෝ එම වචනය සංගීතයට සම්බන්ධ නාමයක් නම්, මෙහිදීද s විතරක් දැමේ.

monarch → monarchs (මොනාර්ක්ස්)
studio → studios (ස්ටූඩියෝස්)
photo (← photograph) → photos (ෆොටෝස්)
solo → solos (සෝලෝස්) - තනි වාදනය

     3.      y වලින් නාමයක් අවසන් වේ නම්, එම y → i බවට පත්වී es දැමිය යුතුය.

baby → babies (බේබීස්)

එහෙත්, එම y ට පෙර vowel එකක් යෙදී ඇති නම්, s පමණක් දැමේ.

day → days (ඩේස්)

     4.      f හෝ fe වලින් අවසන් වන වචන දහයක් පහළොවක් පමණ බහුවචන වීමේදී එම f,fe කපා ves දැමිය යුතුය.  එම වචන පහත ඇත.  අනෙක් වචන හැමවිටම පාහේ සාමාන්‍ය පරිදි s දැමේ.  “ves" යන්න ශබ්ද කළ යුත්තේ “ෆ්ස්” ලෙසයි.

wife → wives (වයිෆ්ස්)              life → lives (ලයිෆ්ස්)
knife → knives                        calf → calves
shelf → shelves                       self → selves
thief → thieves                        loaf → loaves
wolf → wolves                        leaf → leaves

cliff → cliffs                handkerchief → handkerchiefs
chief → chiefs             cuff → cuffs

     5.      තවත් නාමපද කිහිපයක් තිබෙනවා අක්‍රමවත් ආකාරයට බහුවචන වන.  ඒවා වෙන වෙනම කට පාඩම් කළ යුතුය.  එවැනි පද ඇත්තේ ස්වල්පයකි.

man → men                woman → women (විමෙන්)
ox → oxen                   child → children
foot → feet                 tooth → teeth
 
*man/men/woman/women යන වචනයකින් අවසන් ‍වෙන සංයුක්ත නාමද ඉහත දැක්වූ ලෙස බහුවචන කෙරේ.  උදා:
 
sportsman → sportsmen        chairman → chairmen
spokeswoman → spokeswomen

ඉංග්‍රිසියට ලතින්, ප්‍රංශ වැනි වෙනත් භාෂාවලින්ද වචන පැමිණ ඇත.  එසේ පැමිණි බොහෝ නාම බහුවචන ‍කිරීමට එම භාෂාවන්හි ඒවා බහුවචන කෙරුණු ක්‍රමම යොදාගෙන ඇත.  ඒවා බැලූ බැල්මට ඉහත s ක්‍රමය නොවන බැවින් අක්‍රමවත් ගොඩට දැමීමට සිදු වෙනවා.  උදා:

antenna → antennae              formula → formulae
datum → data                         ultimatum → ultimata

එහෙත්, දැන් දැන් එම නාමපදද s ක්‍රමයට බහුවචන කිරීමට කවුරුත් උනන්දු වෙනවා.  එමනිසා, ඉස්සර ක්‍රමයට ඒවා අක්‍රමවත් නාම වුවත්, නූතන ක්‍රමය අනුව ඒවාද ක්‍රමවත් නාම ලෙස සැලකිය හැකියි නේද?

antenna → antennas              formula → formulas
datum/data → datas              ultimatum → ultimatums

     6.      ලිපි ලේඛනවලදී අපට අපූරු බහුවචන කරන ක්‍රමයක් හමු වේ.  බොහෝ දෙනා මේ ගැන දන්නේද නැත.  එම ක්‍රමය යෙදෙන්නේ abbreviation (කෙටිකරපු පද) සදහා පමණි.  මෙහිදී කෙරෙන්නේ, කෙටි කරපු පදයේ අවසන් අකුර බහුවචන කිරීමේදී ද්විත්ව කිරීමයි.

VIP → VIPP                 SSP → SSPP
PPP                         DIG → DIGG


ඒකවචන simple tense වර්ථමාන ක්‍රියාව බහුවචන කිරීමේ රීතීන්

ඇත්තෙන්ම ඔබට මෙහිදී අමුතුවෙන් ඉගෙනීමට දෙයක් නැත.  පෙර දැක්වූ ඒකවචන නාම බහුවචන කරන ක්‍රමය දන්නේ නම්, එම රීතිම සුදුසු ආකාරයට කිරීමයි මෙහිදීද කෙරෙන්නේ.  උදා:

eat → eats                  brush → brushes
crunch → crunches     go → goes
fly → flies                    play → plays
puff → puffs               
do → does (“ඩස්” ලෙස ශබ්ද කෙරේ) have → has (← haves)


ing-ක්‍රියාව සෑදීමේ රීතීන්

     1.      ක්‍රියාව අගට -ing දැමිය යුතුය.

eat → eating   drink → drinking

     2.      ක්‍රියාපදය අවසන් වන්නේ e අකුරින් නම්, එම e අකුර ඉවත් කර -ing දැමිය යුතුය.

glue → gluing             dance → dancing

     3.      ක්‍රියාපදය ie වලින් අවසන් වේ නම්, එම ie → y බවට හරවා -ing දැමිය යුතුය

lie → lying

     4.      ක්‍රියාපදය අග කෙළවර වන්නේ “එක් ගතකුරක් + එක් ස්වරයක් + එක් ගතකුරක්” ලෙස නම්, එම ගතකුර ද්විත්ව කර, -ing දැමිය යුතුය.

plug → plugging         sit → sitting
compact → compacting (අගින් ගතකුරු දෙකක් එකට ඇත)
load → loading (අග ගතකුරට පෙර ස්වර දෙකක්ම ඇත.)


ed-ක්‍රියාව සෑදීමේ රීතීන්

     1.      ක්‍රියාවේ අගට -ed දැමිය යුතුය.

play → played (ප්ලේඩ්)          work → worked (වර්ක්ඩ්)

     2.      ක්‍රියාව e වලින් අවසන් වේ නම්, d පමණක් දැමේ.

dance → danced                     please → pleased

     3.      ක්‍රියාව y වලින් අවසන් වේ නම්, y → I කර, ed දැමිය යුතුය.

cry → cried                 fly → flied

     4.      ඉහත -ing දැමීමේ අග අකුර ද්විත්ව වීම පිළිබඳ 4 වෙනි රීතිය මෙහිදීද වලංගු වේ.

submit → submitted  omit → omitted
compact → compacted          load → loaded

     5.      ඉහත ක්‍රමවත් ක්‍රම හැරුණු විට අක්‍රමවත් ක්‍රියාපද යනුවෙන් හැඳින්වෙන ක්‍රියාපද 150 සඳහා වෙන වෙනම අතීත (හා past participle) රූප ඇත.  එම අක්‍රමවත් ක්‍රියා ටික අතිරේකය - 4 (පිටු 225 බලන්න) හි දක්වා ඇත.


විශේෂණ වලට -er/-est දැමීමේ රීතින්

මෙහිදී පිළිපැදිය යුතු රීතීන් බොහෝ දුරට -ed දමනවිට පිළිපැද්ද රීතීන්ට අනුරූප වේ.  උදා:

hard → harder/hardest           fat → fatter/fattest
happy → happier/happiest     gay → gayer/gayest
safe → safer/safest                 compact → compacter/compactest

ඊ‍ට අමතරව, අක්‍රමවත් ලෙස සෑදෙන විශේෂණ පද කිහිපයක්ද ඇති අතර ඒවා පහත දක්වා ඇත.

bad                  worse              worst
good                better              best
much/many     more               most
a little/a few   less                  least


-ly යොදා නාම විශේෂණ ක්‍රියා විශේෂණ බවට පත්කිරීමේ රීතින්

මෙම රීතිද නාමපද බහුවචන කරන රීතින්ට අනුරූපව පවතී.  එමනිසා, අමුතුවෙන් පාඩම් කළ යුතු නැත. එහෙත් අප එකින් එක එම රීති සලකා බලමු.

     1.      සාමාන්‍ය නාම විශේෂණයට පසු -ly යෙදිය යුතුය.
secret → secretly       foolish → foolishly

     2.      නාම විශේෂණය අවසන් වන්නේ y අකුරින් නම්, එය i බවට පත් වී ­-ly දැමේ.

happy → happily         easy → easily

     3.      නාම විශේෂණය -ic යන්නෙන් අවසන් වේ නම්, -ly වෙනුවට -ally යෙදිය යුතුය.

scientific → scientifically       logic → logically

ඉහත ක්‍රමවත් විදියට බැහැරව අක්‍රමවත් විදියටද නාම විශේෂණවලින් ක්‍රියා විශේෂණ කිහිපයක් සෑදේ. 

fast (වේගවත්)fast (වේගෙන්/වේගවත්ව)

නාම හා ක්‍රියා විශේෂණ දෙකමට ඇත්තේ එකම ස්වරූපයයි.


hard (තද, මහන්සියෙන් වැඩකරන) hard (තදින්, මහන්සියෙන්)

නාම හා ක්‍රියා විශේෂණ දෙකම සමානය.  එහෙත්
hardly ලෙසද ක්‍රියා විශේෂණයක් පවතින අතර එහි තේරුම “නැති තරම්” යන්නයි.