Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 1 (Electronics Lesson)

හැඳින්වීම

මෙම පොත, ඉලෙක්ට්‍රොනික් පොත් පෙළක පළමු පොතයි. ඉලෙක්ට්‍රොනික්ස් ගැන කිසිදු දැනීමක් නැති අය මෙන්ම එය න්‍යායාත්මකවත් නව නිර්මාණ කිරීමට හැකියාවක් ලබා දෙන ආකාරයටත් මෙම පොත (හා අනෙක් පොත්) සකසා ඇත. අනෙක් සෑම ක්ෂේත්‍රයක් මෙන්ම, ඉලෙක්ට්‍රොනික්ස්ද මැනවින් හැදෑරීමට උනන්දුවක් (“පිස්සුවක්”) තිබීම වඩා පහසුය.

මෙම පොත් ටයිප්සෙටින් කරන අතර තුරම මෙලෙස බ්ලොග් එකේද පළ කෙරේ.

ඉලෙක්ට්‍රොනික්ස් යනු ඉංජිනේරුමය විෂයක් නිසා, එය ඉතා හොඳින් වටහ ගැනීමට තරමක ගණිත හා විද්‍යා දැනීමක් අවශ්‍ය කෙරේ. මෙම පොත් පෙළ තුළ එම අවශ්‍ය ගණිත හා විද්‍යා දැනුමද අවශ්‍ය ප්‍රමාණයට ලබා දේ. එහෙත් මෙම පොත් පෙළ සකසා ඇත්තේ ඔබව ක්‍රම ක්‍රමයෙන් සරල දැනුමේ සිට උසස් දැනුම දක්වා රසවත් ආකාරයට ගෙන එන ආකාරයෙනි. එහිදී අනවශ්‍ය උසස් ගණිතය හැකි පමණ ඉවත් කර ඇත. එහෙත් එයද සිදු කර ඇත්තේ ඔබට නව පරිපථ සැකසීමට අවශ්‍ය තරම් ගණිත දැනුමක් ඔබට ලබා දෙන අතරේය. ඹබට හමුවන අලුත් වචන කටපාඩම් කරගන්න. නව සංකල්ප මා පුලුවන් තරම් උපමා හා උදාරහණ ආශ්‍රයෙන් පැහැදිලි කර දීමට උත්සහ කරනවා. ඒවාද මැනවින් මතක තබා ගත යුතුය. ඔබට අඩුම ගානේ ඉංග්‍රිසියෙන් ලියා තිබෙන දෙයක් ශබ්ද කිරීමට තරම්වත් ඉංග්‍රිසි හැකියාවක් තිබීම වැදගත් බවද සිහි තබා ගන්න. තාක්ෂණික විෂයන් ඉගෙන ගැනීමේදී බොහෝ නව වචන හමු වේ. ඒවා බොහෝ විට ඉංග්‍රිසි වදන්ය. (ඒවාට සිංහල පරිවර්තනද ඇත.) එම වදන් ඉංග්‍රිසියෙන්ම ඉගෙන ගැනීම උචිතය. එම නිසා මෙම පොත්වල මා වැඩිපුරම යොදාගන්නේ ඉංග්‍රිසි වචන වේ. කෂේත්‍රයේදී නිතර ඇසෙන්නේද ‍ඉංග්‍රිසි වචනය.

මේ පොත් කියවීමෙන් ඔබට විවිධ ප්‍රායෝගික අවශ්‍යතා සඳහා පරිපථ සැලසුම් කිරීමට අවශ්‍ය දැනුම ලැබෙනු ඇත. ඔබට විවිධ නිර්මාණය කිරීමට නම්, වෙනත් ‍ක්ෂේත්‍රයන් ගැනද දළ හෝ දැනුමක් තිබීම වැදගත්ය. පරිපථ සැලසුම් කිරීමට ඉලෙක්ට්‍රොනික්ස් දැනුම පමණක් ප්‍රමාණවත් නැත මක්නිසාද යත් ඔබ නිපදවන නව උපකරණ භාවිතා වෙන්නේ විවිධ වූ වෙනස් ක්ෂේත්‍රයන් තුළ නිසා. උදාහරණයක් ලෙස, කෘෂිකර්ම ක්ෂේත්‍රයට යම් නව ඉලෙක්ට්‍රොනික්ස් උපකරණයක් නිපදවීමට නම්, අදාළ කෘෂිකර්ම භාවිතාව ගැනද ඔබට දැනුමක් තිබීම අවශ්‍ය වේ. උපමාවකින් මා නැවත එය පැහැදිලි කරන්නම්. ඔබට කකුල් දෙකක් තිබෙන නිසා ඔබට ඕනෑම තැනකට යා හැකිය. එහෙත් එම යෑමෙන් ප්‍රයෝජනයක් ගැනීමට නම්, ඔබ ඇවිදින ප්‍රදේශයේ මංමාවත් ගැන දැනුමක් ඔබට අවශ්‍ය කෙරේ. (මෙලෙසම, ඔබට ඉලෙක්ට්‍රොනික්ස් ගැන සුපිරි දැනුමක් තිබුණට වැඩක් නැහැ, එය විවිධ ප්‍රයෝජනවත් උපකරණ සෑදීමට යොදා ගත නොහැකි නම්.) මෙම විවිධ ‍ක්ෂේත්‍ර ගැන දැනුම ඉංග්‍රිසියෙන් domain (ඩොමේන්) එක යන වචනයෙන් හැඳින්වේ. සමහර ක්ෂේත්‍රයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් ඔබට ලබා ගැනීමට නොහැකි විය හැකිය. (උදාහරණයක් ලෙස, ඔබ වෛද්‍ය ‍ක්ෂේත්‍රයට ප්‍රයෝජනවත් ඉලෙක්ට්‍රොනික්ස් උපකරණයක් නිර්මාණය කරන විට, වෛද්‍ය ක්ෂේත්‍රය ඉතා බරපතල විශාල ‍බොහෝ කාලයක් හා ශ්‍රමයක් වැය කර ඉගෙන ගත යුතු දෙයක් නිසා, ඔබ එම කැප කිරීම කිරීමට සූදානම් නැති වීමට පුලුවන්. එවැනි අවස්ථාවල, එම ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති වෙනත් අයකුගේ උපදෙස් හා සහය ලබා ගැනීමට සිදු වේ. මෙවැනි යම් ක්ෂේත්‍රයක් ගැන දැනුමක් ඇති තැනැත්තා domain expert කෙනෙකු ලෙස හැඳින් වේ. ඇත්ත වශයෙන්ම ලෝකයේ විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවන ආයතනවලට එලෙස domain expert ලාගේ සේවය බහුල ලෙස ලබා ගනී.

ඉහත ආකාරයට තනියම හෝ සගයන් කිහිප දෙනෙක් සමග ප්‍රයෝජනවත් උපකරණ නිර්මාණය කර, ඒවා වෙළඳ ‍පොලටද ඉදිරිපත් කළ හැකිය. අද ලෝකප්‍රකට ආයතන ගණනාවක් එලෙස තමන් නිපදවූ නව නිපයුම් විකිණීමට සෑදු ව්‍යාපාර වේ. උදාහරණයක් ලෙස, දහසකට ආසන්න නව නිපැයුම් සංඛ්‍යාවක් සොයාගත් තෝමස් අල්වා එඩිසන්ගේ කොම්පැනිය General Electric (GE) ලෙස අදටත් ලෝකයේ සුපතලය. ඔබගේ නව නිපැයුම්වලට නීතිමය ආරක්ෂාවක්ද ලබා ගත හැකිය බුද්ධිමය දේපල නීතිය (Intellectual Property Law – IP Law) යටතේ. පේටන්ට් බලපත්‍ර (patent) යනුවෙන් බොහෝ දෙනා පවසන්නේ මෙවැනි එක් බුද්ධිමය දේපල ආරක්ෂණ ක්‍රම ‍වේදයකි. පොත් පෙළේ අවසානයේදී පේටන්ට් හා වෙනත් නීති පැතිකඩ ගැනත් මා සඳහන් කරන්නම්.

පොත් පෙළේ පළමු පොත වන මෙයින් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ, ඉලෙක්ට්‍රොන්ක්ස් ගැන දළ හා සරලම දැනුමක් ඔබට ‍ලබා දීමයි. ඉදිරි පාඩම්වලට අඩිතාලම මෙය වනු ඇත. තමන් ඉගෙන ගැනීමට යන ක්ෂේත්‍රයේ දිග පළල ගැන අවබෝධයක්ද මින් ලබා දේ.


යන්ත්‍ර සූත්‍ර, මෙවලම්වල ඉතිහාසය

වසර ලක්ෂ ගණනකට පෙර “මිනිසා” නම් සත්වයා අනෙක් සතුන්ට වඩා “බුද්ධිමත්” සත්වයකු ලෙස පරිනාමය වීමට පටන් ගත්තා. එහි විවිධ ප්‍රතිපලයන් අතරින් එක් වටිනා ඵලයක් වූයේ තමන්ගේ වැඩ පහසුකර ගැනීමට විවිධ කුඩා කුඩා මෙවලම් නිපැදවීමයි. මුල්ම කාලයේ එම ‍මෙවලම් ඉතාම සරල හා පරිසරයෙන් පහසුවෙන්ම ලබාගත හැකි ලී, ගල් වැනි ද්‍රව්‍යයන්ගෙන් සාදාගත් ඒවාය (උදාහරණ ලෙස, හෙල්ලය, කැපීමට ගන්නා ගල්වලින් සෑදූ තියුණු තල ආදිය). එම සියලු මෙවලම් තමන්ගේ අතේ පයේ ශක්තියෙන් වැඩ කරපු ඒවාය. සතුන් දඩයම් කිරීමට හා ආහාර කැබලි කිරීමට බොහෝ විට මෙවැනි සරල මෙවලම් ඔවුන් භාවිතයට ගත්තා. මෙලෙස නව මෙවලම් භාවිතාව නිසා වැඩිපුර දඩයම් කිරීමට ඔවුනට හැකි වුණා. ඔවුන්ගේ පෝෂණ මට්ටමද ඉහළ ගියා. (මෙනිසා, ඔවුන්ගේ බුද්ධි මට්ටමද නිරන්තරයෙන් වැඩුණා.) මෙය යහපත් ආකාරයට චක්‍රයක්‍ මෙන් මිනිසාගේ වර්ධනයට හේතු වූවා. 

බුද්ධිය යනු මොලය ආශ්‍රය කරගත් ඵලයකි. මොලයේ ස්නායු සෛල (neuron) අතර වැඩිපුර සම්බන්ධතා ඇතිවන විට බුද්ධියද දළ වශයෙන් වැඩි වේ. එම සෛල අතර ඇතිවන සෑම නව සම්බන්ධතාවක් සඳහාම ශරීරය විසින් යම් ශක්තියක් වැඩිපුර වැය කිරීමට සිදු වේ. එවිට වැඩි වැඩියෙන් එම සෛල අන්තර්-සම්බන්ධතා වැඩි වනවා යනු බුද්ධිය වැඩිවනවා සේම, ශරීරය විසින් අමතර ශක්තියක්ද වැය කිරීමට සිදුවීමකි. අද සමාජයේ මිනිසාට ශරීරයට අවශ්‍ය කරන ශක්තිය ලබාගැනීම එතරම් ගැටලුවක් නොවූවද, ආදී මානවායට ආහාර සොයා ගැනීම එකල තිබූ ප්‍රධානම ගැටලුව විය. අදටත් අනෙක් සතුනට තිබෙන ප්‍රධානම ගැටලුව ආහාර සොයා ගැනීමයි. පරිසරයේ වෙසෙන කුරුල්ලෙක් ගන්න. උගේ වැඩේම එලි වුණු මොහොතේ සිට රෑ වනතුරුත් ආහාර සොයමින් ඇවිදීමයි. එම කුරුල්ලනුත් ආහාර සොයා ගැනීමට හා තම පෝෂණය සරි කරගැනීමට යම් යම් මෙවලම් භාවිතා කිරීමට පටන් ගත්තොත් එම සතුන්ගේද බුද්ධිය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වනු ඇත. ඇත්ත වශයෙන්ම, ආහාර බහුලව ලබාගත් පලියටම බුද්ධිය වැඩෙන්නේද නැත. මනසට/මොලයට නිරන්තරයෙන් අභියෝග/ප්‍රශ්න/අර්බුද විසදීමට සැලැස්විය යුතුය. බුද්ධිය වැඩෙන්නේ මොලය වැඩි වැඩියෙන් වෙහෙසවන විටය. මෙලෙස මොලය වැඩි වැඩියෙන් වෙහෙසවන විට, වැඩි වැඩියෙන් මොලයේ සෛල අතර සම්බන්ධතා ඇතිකරගනී. එවිට, එම සම්බන්ධතාවලට අවශ්‍ය අමතරව ශක්තිය (පෝෂණය) ආහාර මගින් ලබා ගත යුතුය. මානවයාට නිරන්තර අභියෝග පැවතුණි. මෙවලම් භාවිතාව නිසා ආහාර (පෝෂණය) සුලභ විය. එමගින් බුද්ධිය වර්ධනය වූ බව ඹබට දැන් සිතාගත හැකි නේද?

මෙම බුද්ධි වර්ධනය නිසා, ඔවුන්ගේ මොලය වෙහෙසා ඔවුන් වඩා වඩා කාර්යක්ෂම හා ප්‍රයෝජනවත් හා සංකීර්ණ මෙවලම් නිපදවීමට පටන් ගත්තා. මේ චක්‍රය අඛණ්ඩව අද දක්වා වර්ධනය වෙමින් පවතිනවා. අද නිපදවන යන්ත්‍රයට වඩා හොඳ යන්ත්‍ර හෙට නිපදවනවා. මෙයම මිනිසාගේ බුද්ධියේ අඛණ්ඩ වර්ධනය පෙන්නුම් කරනවා. ආදි මානවයාගේ යන්ත්‍ර නිපදවීමේ සන්ධිස්ථාන කිහිපයක් ඇත. මෙතෙක් කලක් තමන්ගේ බාහු ශක්තියෙන් වැඩ කරන මෙවලම් නිපදවූ ඔවුන් අශ්වයන්, ගවයන්, අලියන් හෝ වෙනතු සත්වයන් විසින් එම යන්ත්‍ර ක්‍රියා කරවීමට සැලැස්සුවා. මෙම සතුන්ගේ ජවය හා වේගය මිනිසාට වඩා වැඩි නිසා, වඩා වේගවත් හා අධිශක්ති මෙවලම් නිපදවූවා. රෝදය සොයා ගැනීම ඉතා වටිනා සන්ධිස්ථානයක් වූවා. එමගින් එක් තැනක සිට තවත් තැනකට වේගයෙන් ගමන් කිරීමටත් විශාල බඩු මුට්ටුද ඒ සමග එවා මෙහා කිරීමට හැකි වූවා. මානවයා ලොව පුරා සංචාරය කරමින් ශිෂ්ඨාචාර බිහිකිරීමට මෙමගින් හැකි වූවා. ගින්දර සොයා ගැනීම තවත් සන්ධිස්ථානයක් වූවා. එක අතකින් එය පෝෂණයට වැදගත් වූවා. එනම්, මෙතෙක් කලක් ආහාර අනුභව කළේ අමුවෙන්ය. එවිට බොහෝ ආහාරවල පෝෂණ පදාර්ථ ශරීරයට උරාගත්තේ අඩුවෙනි. එහෙත් ගින්දර භාවිතය සමඟ ආහාර පිසීම නිසා එම ආහාර ශරීරයට පහසුවෙන් උරාගත හැකි ආකාරවලට පත් වීම නිසා, ඔවුන්ගේ පෝෂණ මට්මටද ඉහළ ගියා. මානවයාගේ බුද්ධිය වර්ධනයට ගින්දර බලපා ඇති බව බොහෝ දෙනා පිළිගන්නා මතයකි. ‍බුද්ධය වර්ධනය වීම යන්ත්‍රවලට යහපත් ආකාරයෙන් හැමවිටම බලපා තිබෙන බව මින් පෙනෙනවා.

පෝෂණයට අමතරව, ගින්දර නිසා යන්ත්‍රවල නව පිම්මක් ඇති වුවා. එනම් මෙතෙක් කලක් තම ශරීරවල හෝ වෙනත් සතුන්ගේ ශක්තියෙන් ක්‍රියාකරන යන්ත්‍ර වෙනුවට භාහිර ශක්තිවලින් ක්‍රියාකරන යන්ත්‍ර සෑදීම ඇරඹුවා. ගින්දර සේම සුළඟ හා ගඟක දිය සැඩ පහර වැනි ‍”බල ශක්තින්” වලින් ක්‍රියා කරන මෙවලම් ඔවුන් නිපදවූවා. මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක්. විශේෂයෙන් විශාල ජල භාජනයකට ‍යටින් ගින්දර තබා එය වාෂ්ප කර එමගින් අවර පෙත්තක් කරකැවීමට සලස්සවා එම අවරපෙත්ත කරකැවීම රෝදයකට සම්බන්ධ කර ජලවාෂ්ප එන්ජිම (steam engine) නිපදවීමට සමත් වූවා. 

දර වෙනුවට විවිධ ද්‍රව්‍ය ඔවුන් යොදා ගෙන අත් හදා බැලීම් කළා. එහි ප්‍රතිපලයක් ලෙස ගල් අඟුරු (coal) නම් දැල්වූ විට වැඩි තාපයක් පිටකරන ද්‍රව්‍යයක් ඔවුන් සොයා ගත්තා. වාෂ්ප එන්ජිම හා ගල් අඟුරු නිසා ලෝකය උඩු යටි කුරු වූණා. යෝධ යන්ත්‍ර සේම, නාවුක යාත්‍රා, ගොඩබිම යන මෝටර් වාහන පවා බිහි වුණා. ඔබ අසා තිබෙන ටයිටැනික් නවුකාව පවා එවැනි ගල් අඟුරුවලින් ක්‍රියාකළ වාෂ්ප එන්ජිම් සහිත යෝධ නවුකාවක් බව දන්නවාද? සරල යන්ත්‍ර වෙනුවට ඉතා විශාල, ඉතා බලවත්, ඉතා වේගවත්, ඉතා සංකීර්ණ දේවල් කළ හැකි යන්ත්‍ර සූත්‍ර ‍නිපදවීමට මේ සමඟ හැකි වුණා. 

මානවයා මුලින්ම නිපදවූ මෙවලම් සරල යන්ත්‍ර (simple tools) ලෙසද, ‍පසුව බලශක්තිය ආදිය උපයෝගි කරගෙන නිපදවූ සංකීර්ණ මෙවලම් යාන්ත්‍රක උපකරණ (mechanical tools/machines) ලෙසද අපට නම් කළ හැකිය. කාලයාගේ ඇවෑමෙන්, විදුලිය (electricity) නම් අලුත් පෙරළිකාර බලශක්තියක්ද සොයා ගත්තා. ගල් අඟුරු වැනි බලශක්ති ප්‍රභවයන්ට වඩා විදුලිය ඉතා හුරුබුහුටි (smart) බලශක්තියකි. (විදුලිය ගැන පසුව විස්තර කෙරේ.) විදුලිය භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර නිපදවීමට පටන් ගත්තා. මෙම උපකරණ විදුලි උපකරණ (electrical machines) ලෙස නම් කළ හැකිය. දළ වශයෙන්, මෙවලම් (appliances), උපකරණ (equipment, tools), යන්ත්‍ර (machine/machinery) යන වචනවලින් ලැබෙන්නේ එකම අර්ථය වේ. විදුලි බුබුල, ස්විචය, විදුලි පංකාව, මෝටරය, ජෙනරේටරය, හීටරය ආදී බොහෝ විදුලි උපකරණ අදද බහුලව භාවිතාවට ගැනේ. 
 
විදුලි තාක්ෂණයේම දිගුවක් හෙවත් දියුණු අවස්ථාවක් ලෙස ඉලෙක්ට්‍රොනික්ස් (electronics යන්නට ප්‍රචලිත හරිහමන් සිංහල වචනයක් නැත. වචනය දිග බැවින් බොහෝ දෙනා ට්‍රොනික්ස් යන සුරතල් නාමයද භාවිතා කරනවා.) හැඳින්විය හැකිය. මෙම පොතේ (හා අනෙක් පොත්වලද) අරමුණ මෙම ට්‍රොනික්ස් ගැන අවබෝධයක් ඔබට ලබා දීමයි. ට්‍රොනික්ස් යොදාගෙන සාදන යන්ත්‍රවලට ඉලෙක්ට්‍රොනික් උපකරණ (electronic equipment) යන නම භාවිතා කෙරේ. ඒවා විදුලි උපකරණවලට වඩා බෙහෙවින් සංකීර්ණ හා “බුද්ධිමත්” වේ.  රූපවාහිනි යන්ත්‍ර, පරිගණක, මොබයිල් ෆෝන් ආදිය ‍බහුලව භාවිතා කෙරෙන ඉලෙක්ට්‍රොනික් උපකරණ කිහිපයකි. ඉහත කෙටි විස්තරය කියවූ විට ඔබට පෙනෙනවා යන්ත්‍ර හා මිනිසා අතර ඇති කිට්ටු සම්බන්දය.


යන්ත්‍ර සූත්‍ර හා ඉංජිනේරුවේද

පොදුවේ යන්ත්‍ර සූත්‍ර ගැන උගැන්වෙන ක්ෂේත්‍රය යාන්ත්‍රික ඉංජිනේරුවේදය (mechanical engineering) ලෙස හැඳින්වේ. විදුලිය හා විදුලිය භාවිතා කරන යන්ත්‍ර ආදිය ගැන ඉගැන්වෙන ක්ෂේත්‍රය විදුලි ඉංජිනේරුවේදය (electrical engineering) වේ. ඉලෙක්ට්‍රොනික්ස් ගැන ඉගැන්වෙන්නේ ඉලෙක්ට්‍රොනික්ස් (හෝ ‍ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරුවේදය) (electronics or electronics engineering) වේ. මීට අමතරම තවත් විවිධ ඉංජිනේරුවේදයන් ගණනාවක් පවතී (උදාහරණ ලෙස, computer engineering, software engineering, marine engineering, civil engineering…). ඉංජිනේරුවා (engineer - ඉංජිනියර්) යනු යම් පිළිගත් ඉංජිනේරුවේදයක් උගත් තැනැත්තකි. වරථමානයේ විවිධ පිළිගත් විශ්වවිද්‍යාල හෝ වෙනත් එවැනි ආයතන වලින් (ECUK, IESL, City & Guilds ආදී) පවත්වන ඉංජිනේරු පාඨමාලා හා විභාග ආදිය සමත් වීමෙන් පිළිගත් ඉංජිනේරුවකු විය හැකිය. තවද, එවැනි ආයතනයකින් පවත්වපු පාඨමාලා හදාරන්නේ නැතිව හා එවැනි විභාග කරන්නේ නැතිව විවිධ ආකාරවලින් තමන් විසින්ම ඉංජිනේරු විෂයන් අද ඉගෙන ගැනීමට අවස්ථාව ඇත. අන්තර්ජාලය හා පරිගණක භාවිතාව සුලභ වීමත් සමඟ සාම්ප්‍රදායිකව යම් ආයතනයකට (විශාල මුදලක්ද වැය කර) සම්බන්ද වී ඉගෙන ගැනීම වෙනුවට ගෙදර සිට නොමිලේම ඉගෙන ගැනීමට අද වටපිටාව දියුණු වී තිබීමද ඊට විශාල පිටුවහලක් වී ඇත. එවැනි අයට පිළිගත් ඉංජිනේරු සහතික නොමැති වුවද, තමන්ගේද තෘප්තිය වෙනුවෙන් හා/හෝ ජීවනෝපායක් ලෙස හෝ ඉංජිනේරුමය දේවල් කිරීමට හැකිය. 
 
 ඉංජිනේරුවන්ගේ විශේෂත්වය වන්නේ, අවශ්‍ය නම් ඔවුන්ට තම ඉංජිනේරු දැනුම උපයෝගි කරගෙන විවිධ ‍උපකරණ සෑදීමට හැකිවීමයි. අභාග්‍යයකට මෙන්, බොහෝ උපාධි සහතික ඇති ඉංජිනේරුවන්ට මෙම හැකියාව නැත. ඉංජිනේරුවාට පහළ මට්ටමින් “තාක්ෂණවේදින්” (technician - ටෙක්නීෂියන්) යන නමින් හැඳින්වෙන වෘත්තික පිරිසක්ද ඇත. මොවුන්ටද යම් තාක් දුරකට ඉංජිනේරු විෂය ගැන දැනුමක් ඇති අතර, එය ඉංජිනේරුවෙකු තරම් නොවේ. බොහෝ විට ඉංජිනේරුවන්ගේ උපදෙස් පිට මොවුන් රාජකාරි කරයි.