Skip to main content

කුවේණිගේ ශාපය හෙවත් සිංහල ජාතියේ වනචරකම...

අද දින ගම්පහ ප්‍රාදේශිය සභාවෙ ප්‍රචාරක රථයක් හිටපු ජනපති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කෙරෙන විවෘත කිරීමක් ගැන දැනුම් දෙමින් ප්‍රදේශය පුරාම ගමන් ගත්තේය. වේරලියද්‍දගේ හා තවත් එවැනි "අසම්මත ප්‍රේමයෙන් උපන් දෝ සිතිය හැකි" කිහිප දෙනෙකුගේ වන්දිභට්ට ගීද යහමින් ප්‍රචාරයක කරමින් එම රථය ගමන් ගත්තේය. එය ඇසූ විට අතිගරු රාජපක්ෂ උතුමානන්ගේ ධාර්මික පාලනය ගැන සිහිපත් විණි. දවස පුරාම වුවත් එම කෙරුවාවන් ගැන සිතමින් සිටිය හැකි පමණටම ඔහු මහේශාක්‍ය පාලකයෙක් බව නැවත නැවත මා හට ස්ඵුට වේ. ඒ අතරින් මේ වන විට නිශ්චිත ලෙසම ලොවටම තහවුරු වූ කාරණා දෙක තුනක් පමණක් ලිවීමට සිතුවෙමි.
එකක් නම්, රාජපක්ෂ උතුමානන්ගේ යෝෂිත රාජපක්ෂ කුමරුන් මව් බිමේ ආරක්ෂාවට නාවික හමුදාවට බඳවා ගැනීමයි. සාමාන්‍යයෙන් ආරම්භක අධිකාරි නිලයකට (ඇක්ටිං සබ්ලෙෆ්ටිනන්ට්/සබ්ලෙෆ්ටිනන්ට්) බඳවා ගැනීමේ මූලික සුදුසුකම වන්නේ උසස් පෙළ සමත් වීමයි. එහෙත් යෝෂිත කුමාරයාට එම සුදුසුකම නොතිබුණි. එහෙත් රාජපක්ෂ උතුමාට තම දරුවා රට රකින්නට යොමු කිරීමට තිබුණු දොලදුක කොතරම්ද යත්, අතිවිශේෂ ගැසට් පත්‍රයකින් එම සපුරාලිය යුතු සුදුසුකම් යෝෂිත කුමාරයා ඒවන විට ලබා සිටි සුදුසුකම දක්වා පහත හෙළීය. එවිට, දැන් යෝෂිත කුමරුන් නාවුක හමුදාවට බැඳීමට සුදුසුකම් ඇත්තෙක් බවට පත් වේ. ඔහු බඳවාගත් පසු නැවත ගැසට් පත්‍රයකින් නාවුක හමුදාවේ බඳවා ගැනීමට පෙර තිබූ උසස් පෙළ ගණිතය සමත් විය යුතුය යන්න නීතිගත කළේය. යෝෂිත කුමරුන් උදෙසා පමණක් මොහොතකට රටේම නීතිය අපේ රාජපක්ෂ උතුමානන් වෙනස් කළේ එසේය.
එතනින් නැවතුනේද නැත. පුහුණුවේදි හොඳම සෙබළාට හිමිවන විදේශ රටක හමුදා පුහුණුවද යෝෂිත කුමාරයාට ලැබුණි. ඒ අනුව, ඔහුට එංගලන්තයට ගොස් හමුදා පුහුණුව ලැබීමට වරම් ලැබුණේ එවකට හොඳම සෙබළා වූ ගමේ දුප්පත් දෙමාපියකුගේ දරුවකුට ලැබිය යුතු එම අවස්ථාව නැති කරමිනි. ඔන්න රටේ දුවා පුතුන්ට අපේ ආඩම්බරකාර පියා සලකපු විදිය.
යෝෂිත කුමරුන්ට ලැබුණු වරදාන ‍තව කොතෙකුත් ඇත. තමන්ගේ ලොකු පුතා වන නාමල් කුමරුන්ට (බේබි) ජනාධිපති පියාගෙන් ලැබුණු අහිංසක වරප්‍රසාදයක් පමණක් සඳහන් කරන්නට කැමැත්තෙමි. එනම්, තමන්ගේ මාමණ්ඩිය (නිශාන්ත වික්‍රමසිංහ) විසින් පාලනය කරපු එයාර් ලංකා එකේ රූමත් එයාර් හොස්ටස් කෙනෙක් තමන්ගේ තවත් මාමණ්ඩියෙක් (හෝ අත්තා?) වන හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගගේ ඉල්ලීම පරිදි ජනපති කාර්යාලයට අනුයුක්ත කර, ඇය පූර්ණ කාලීනව නාමල් කුමරාට පවරා දී ඇත. මෙය මඩ ගැසිල්ලක් නොව. රජයෙන් පත් කළ ස්වාධින විමර්ෂන සභාවක වාර්ථාවකින් හෙලි වු දෙයකි. පළමුව ඇසිය යුත්තේ එයාර් හොස්ටස් කෙනෙක් නාමල්ට ලබා දෙන්නේ කුමකටද යන්නයි. ඒ විතරක්ද නොවේ, ඇයට ලක්ෂ 42කට වැඩි දීමනාද ලබා දී ඇත. ඇය රජයේ සේවිකාවක් (ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක්) වුවත්, එතරම් පඩියක් වසරක් පුරා ගෙව්වත් එය හදහාගත නොහැකි තරමේ පඩියකි. ඇගෙන් ලැබෙන ආතල් එකේ තරම මෙයින්ම වටහ ගත හැකිය. තව කියන්නට ගියොත් අපේද කලිසම් ගලෝගෙන කතා කළ යුතු මට්ටමට මෙය පත් වන නිසා ඒ ගැනත් එතකින් නතර කරන්නම්.
මේ ආකාරයට වේසකම නීතිගත කළ ලංකාවේ එකම අවජාතක පාලකයා මොහුයි. ඔහු අපේ අාඩම්බරකාර පියාය. අගනුවර මැද විශාල කැසිනෝ හල් හරින්නට සැලසුම් කළේ අද නිතර නිතර නාරාහෙන්පිට අභයාරාමයට ගොස් බණ භාවනා කරන මෙම රාජපක්කයාමය. එම කැසිනෝවේ සල්ලාලයන්ට අපේ ගමේ රූමත් දූවරුන් වේසකමට විකුණා දැමීම ආඩම්බරකාර පියාට සුලු දෙයක් විය. තමන්ගේ පුතුන්ට රජයේ මුදල්වලින් ගැහැණු සපයපු පියාට එය එතරම් දෙයක් නොවේ. එයාර් ලංකා එකට තමන්ගේ අවලම් ගති ඇති මස්සිනා පොජ්ජව පත් කර ඌ එයාර් හොස්ටස්ලා සමග හෝල් සේල් එකේ ආතල් ගන්නට ඉඩ දුන්නේද මෙම රාජපක්ක "හුතුමානෝය". මේ වන විට එයාර්ලංකා එකේ එම දූෂිත හා අවලම් ක්‍රියා වාර්තාවකින් හෙළි දක්වාද ඇත. නිශාන්ත වික්‍රමසිංහ මස්සිනා පොජ්ජ එයාර් හොස්ටස්ලා සමග පෙම් විදිමින් විදෙස් සංචාරයක කරපු තොරතුරු එම වාර්තාවේ ඇත.
රුසියොවේ අවි ගණු දෙනු කළේද තවත් නෑදෑයෙකු වන වීරතුංග කෙනෙකි. අද ඒවාද හෙළි වෙමින් පවතී. ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කළේ සලාකා එකේ හිමිකුරුගේ බිරිඳව රාජ්‍ය හමුදා බලය පෙන්වා අනියම් ආකාරයෙන් ලිංගිකව ඇසුරු කළ තවත අංක එකේ කුපාඩියකු වන ලක්ෂ්මන් හුලුගල්ලේ (හුලා) වයි. මෙලෙස කියන්නට ගියොත් කප්පරේකට ලිවිය හැකිය. මේ ටික හරි ලියන්නට හිතුනේ අද දවස පුරාම ගිය ප්‍රචාරක රථය නිසාය.
මේ ආකාරයට රට පාලනය කර තිබියෙදීත් තවමත් යම් පිරිසක් මෙම අසම්ජ්ජාති වලත්ත හිටපු රජාව දේශපාලනයට ගෙන ඒමට ක්‍රියා කිරීම ඉතාම පිලිකුල් සහගතය. තවත් පැත්තකින් මෙය වත්මන් පාලකයන්ගේද නපුංසක කමයි. වැරදි මෙතරම් තිබියදීත් නීතිය ක්‍රියාත්මක නොකර සිටින්නේ ඇයිදැයි ප්‍රශ්නය මතු වේ. ලංකාවේ දේශපාලනය දැන් එතරම්ම ගඳගහන තත්වයක පවතී. ‍වැසිකිලි වලක් මෙන් මුලු රටම දූෂිත ක්‍රියාවන්ගෙන් ගඳ ගසමින් තිබේ. එහෙත් කාලකන්නි පාලකයන්ට මේ ගැන වගේ වගක් නැත. අද ප්‍රභාකරන් සිටියා නම්, මොන දඩුවම දුන්නට අප (මා) ඔහුට සහය දෙන්නට ඉදිරිපත් වන තරමට අපේ සිංහල පාලකයන් එපා වී ඇත.

Comments

  1. Hat off sir.. 👊 හැමෝගෙම killotawala suduhunu kiyala dn monawata පැහැදිලිය.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි.  මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු.  එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ...

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...