Skip to main content

කුවේණිගේ ශාපය හෙවත් සිංහල ජාතියේ වනචරකම...

අද දින ගම්පහ ප්‍රාදේශිය සභාවෙ ප්‍රචාරක රථයක් හිටපු ජනපති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කෙරෙන විවෘත කිරීමක් ගැන දැනුම් දෙමින් ප්‍රදේශය පුරාම ගමන් ගත්තේය. වේරලියද්‍දගේ හා තවත් එවැනි "අසම්මත ප්‍රේමයෙන් උපන් දෝ සිතිය හැකි" කිහිප දෙනෙකුගේ වන්දිභට්ට ගීද යහමින් ප්‍රචාරයක කරමින් එම රථය ගමන් ගත්තේය. එය ඇසූ විට අතිගරු රාජපක්ෂ උතුමානන්ගේ ධාර්මික පාලනය ගැන සිහිපත් විණි. දවස පුරාම වුවත් එම කෙරුවාවන් ගැන සිතමින් සිටිය හැකි පමණටම ඔහු මහේශාක්‍ය පාලකයෙක් බව නැවත නැවත මා හට ස්ඵුට වේ. ඒ අතරින් මේ වන විට නිශ්චිත ලෙසම ලොවටම තහවුරු වූ කාරණා දෙක තුනක් පමණක් ලිවීමට සිතුවෙමි.
එකක් නම්, රාජපක්ෂ උතුමානන්ගේ යෝෂිත රාජපක්ෂ කුමරුන් මව් බිමේ ආරක්ෂාවට නාවික හමුදාවට බඳවා ගැනීමයි. සාමාන්‍යයෙන් ආරම්භක අධිකාරි නිලයකට (ඇක්ටිං සබ්ලෙෆ්ටිනන්ට්/සබ්ලෙෆ්ටිනන්ට්) බඳවා ගැනීමේ මූලික සුදුසුකම වන්නේ උසස් පෙළ සමත් වීමයි. එහෙත් යෝෂිත කුමාරයාට එම සුදුසුකම නොතිබුණි. එහෙත් රාජපක්ෂ උතුමාට තම දරුවා රට රකින්නට යොමු කිරීමට තිබුණු දොලදුක කොතරම්ද යත්, අතිවිශේෂ ගැසට් පත්‍රයකින් එම සපුරාලිය යුතු සුදුසුකම් යෝෂිත කුමාරයා ඒවන විට ලබා සිටි සුදුසුකම දක්වා පහත හෙළීය. එවිට, දැන් යෝෂිත කුමරුන් නාවුක හමුදාවට බැඳීමට සුදුසුකම් ඇත්තෙක් බවට පත් වේ. ඔහු බඳවාගත් පසු නැවත ගැසට් පත්‍රයකින් නාවුක හමුදාවේ බඳවා ගැනීමට පෙර තිබූ උසස් පෙළ ගණිතය සමත් විය යුතුය යන්න නීතිගත කළේය. යෝෂිත කුමරුන් උදෙසා පමණක් මොහොතකට රටේම නීතිය අපේ රාජපක්ෂ උතුමානන් වෙනස් කළේ එසේය.
එතනින් නැවතුනේද නැත. පුහුණුවේදි හොඳම සෙබළාට හිමිවන විදේශ රටක හමුදා පුහුණුවද යෝෂිත කුමාරයාට ලැබුණි. ඒ අනුව, ඔහුට එංගලන්තයට ගොස් හමුදා පුහුණුව ලැබීමට වරම් ලැබුණේ එවකට හොඳම සෙබළා වූ ගමේ දුප්පත් දෙමාපියකුගේ දරුවකුට ලැබිය යුතු එම අවස්ථාව නැති කරමිනි. ඔන්න රටේ දුවා පුතුන්ට අපේ ආඩම්බරකාර පියා සලකපු විදිය.
යෝෂිත කුමරුන්ට ලැබුණු වරදාන ‍තව කොතෙකුත් ඇත. තමන්ගේ ලොකු පුතා වන නාමල් කුමරුන්ට (බේබි) ජනාධිපති පියාගෙන් ලැබුණු අහිංසක වරප්‍රසාදයක් පමණක් සඳහන් කරන්නට කැමැත්තෙමි. එනම්, තමන්ගේ මාමණ්ඩිය (නිශාන්ත වික්‍රමසිංහ) විසින් පාලනය කරපු එයාර් ලංකා එකේ රූමත් එයාර් හොස්ටස් කෙනෙක් තමන්ගේ තවත් මාමණ්ඩියෙක් (හෝ අත්තා?) වන හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගගේ ඉල්ලීම පරිදි ජනපති කාර්යාලයට අනුයුක්ත කර, ඇය පූර්ණ කාලීනව නාමල් කුමරාට පවරා දී ඇත. මෙය මඩ ගැසිල්ලක් නොව. රජයෙන් පත් කළ ස්වාධින විමර්ෂන සභාවක වාර්ථාවකින් හෙලි වු දෙයකි. පළමුව ඇසිය යුත්තේ එයාර් හොස්ටස් කෙනෙක් නාමල්ට ලබා දෙන්නේ කුමකටද යන්නයි. ඒ විතරක්ද නොවේ, ඇයට ලක්ෂ 42කට වැඩි දීමනාද ලබා දී ඇත. ඇය රජයේ සේවිකාවක් (ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක්) වුවත්, එතරම් පඩියක් වසරක් පුරා ගෙව්වත් එය හදහාගත නොහැකි තරමේ පඩියකි. ඇගෙන් ලැබෙන ආතල් එකේ තරම මෙයින්ම වටහ ගත හැකිය. තව කියන්නට ගියොත් අපේද කලිසම් ගලෝගෙන කතා කළ යුතු මට්ටමට මෙය පත් වන නිසා ඒ ගැනත් එතකින් නතර කරන්නම්.
මේ ආකාරයට වේසකම නීතිගත කළ ලංකාවේ එකම අවජාතක පාලකයා මොහුයි. ඔහු අපේ අාඩම්බරකාර පියාය. අගනුවර මැද විශාල කැසිනෝ හල් හරින්නට සැලසුම් කළේ අද නිතර නිතර නාරාහෙන්පිට අභයාරාමයට ගොස් බණ භාවනා කරන මෙම රාජපක්කයාමය. එම කැසිනෝවේ සල්ලාලයන්ට අපේ ගමේ රූමත් දූවරුන් වේසකමට විකුණා දැමීම ආඩම්බරකාර පියාට සුලු දෙයක් විය. තමන්ගේ පුතුන්ට රජයේ මුදල්වලින් ගැහැණු සපයපු පියාට එය එතරම් දෙයක් නොවේ. එයාර් ලංකා එකට තමන්ගේ අවලම් ගති ඇති මස්සිනා පොජ්ජව පත් කර ඌ එයාර් හොස්ටස්ලා සමග හෝල් සේල් එකේ ආතල් ගන්නට ඉඩ දුන්නේද මෙම රාජපක්ක "හුතුමානෝය". මේ වන විට එයාර්ලංකා එකේ එම දූෂිත හා අවලම් ක්‍රියා වාර්තාවකින් හෙළි දක්වාද ඇත. නිශාන්ත වික්‍රමසිංහ මස්සිනා පොජ්ජ එයාර් හොස්ටස්ලා සමග පෙම් විදිමින් විදෙස් සංචාරයක කරපු තොරතුරු එම වාර්තාවේ ඇත.
රුසියොවේ අවි ගණු දෙනු කළේද තවත් නෑදෑයෙකු වන වීරතුංග කෙනෙකි. අද ඒවාද හෙළි වෙමින් පවතී. ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කළේ සලාකා එකේ හිමිකුරුගේ බිරිඳව රාජ්‍ය හමුදා බලය පෙන්වා අනියම් ආකාරයෙන් ලිංගිකව ඇසුරු කළ තවත අංක එකේ කුපාඩියකු වන ලක්ෂ්මන් හුලුගල්ලේ (හුලා) වයි. මෙලෙස කියන්නට ගියොත් කප්පරේකට ලිවිය හැකිය. මේ ටික හරි ලියන්නට හිතුනේ අද දවස පුරාම ගිය ප්‍රචාරක රථය නිසාය.
මේ ආකාරයට රට පාලනය කර තිබියෙදීත් තවමත් යම් පිරිසක් මෙම අසම්ජ්ජාති වලත්ත හිටපු රජාව දේශපාලනයට ගෙන ඒමට ක්‍රියා කිරීම ඉතාම පිලිකුල් සහගතය. තවත් පැත්තකින් මෙය වත්මන් පාලකයන්ගේද නපුංසක කමයි. වැරදි මෙතරම් තිබියදීත් නීතිය ක්‍රියාත්මක නොකර සිටින්නේ ඇයිදැයි ප්‍රශ්නය මතු වේ. ලංකාවේ දේශපාලනය දැන් එතරම්ම ගඳගහන තත්වයක පවතී. ‍වැසිකිලි වලක් මෙන් මුලු රටම දූෂිත ක්‍රියාවන්ගෙන් ගඳ ගසමින් තිබේ. එහෙත් කාලකන්නි පාලකයන්ට මේ ගැන වගේ වගක් නැත. අද ප්‍රභාකරන් සිටියා නම්, මොන දඩුවම දුන්නට අප (මා) ඔහුට සහය දෙන්නට ඉදිරිපත් වන තරමට අපේ සිංහල පාලකයන් එපා වී ඇත.

Comments

  1. Hat off sir.. 👊 හැමෝගෙම killotawala suduhunu kiyala dn monawata පැහැදිලිය.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

Let's Learn Sinhalese in English 16

Let’s learn how to work with numbers now. First memorize the following Sinhala words/sounds for numbers. There are nice and easy patterns just like in English. Only “eka siyaya” is slightly different because instead of “ek-“, it has “eka” (but still “ek-“ in prefix form is as same as “eka” both having the meaning of “one”).   1 - eka 2 - dheka 3 - thuna 4 - hathara 5 - paha 6 - haya 7 - hatha 8 - ata 9 – navaya /namaya 10 - dhahaya 11 - ekolaha 12 - dholaha 13 - dhahathuna 14 - dhahahathara 15 - pahalava 16 - dhahasaya 17 - dhahahatha 18 – dhaha-ata 19 - dhahanavaya 20 – vissa         (“ visi -”) 21 – visi-eka 22 – visi-dheka 23 – visi-thuna 24 – visi-hathara 25 – visi-paha 26 – visi-haya 27 – visi-hatha 28 – visi-ata 29 – visi-navaya 30 – thiha    ...