Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 6

Mathematics in English

ඔබ සමහර විට ගණිතය පාසලේදී ඉගෙන ගන්නට ඇත්තේ සිංහල භාෂාවෙන් විය හැකියි.  මොන භාෂාවෙන් ඉගෙන ගත්තත් ගණිත සංකල්ප වෙනස් වන්නේ නැත.  එහෙත්, ගණිතය සම්බන්ධ යෙදුම් ඒ ඒ භාෂාවෙන් ඇත.  අපි බලමු සාමාන්‍ය ජීවිතයේ යෙදෙන එවැනි ගණිත සංකල්ප ඉංග්‍රීසියෙන් පවසන අයුරු.

පළමුව අප ඉලක්කම් නිවැරදිව ඉංග්‍රීසියෙන් පැවසීමට ඉගෙන ගත  යුතුය.  මා එය සැක‍වින් පහත අකාරයට දක්වන්නම්.

Numbers

1 – one                  2 – two                  3 – three
4 – four                  5 – five                 6 – six
7 – seven               8 – eight              9 – nine
10 – ten                 11 – eleven           12 – twelve
13 – thirteen        14 – fourteen         15 – fifteen
16 – sixteen          17 – seventeen     18 – eighteen
19 – nineteen       20 – twenty            21 – twenty one
22 – twenty two  23 – twenty three  24 – twenty four
30 – thirty             38 – thirty eight   39 – thirty nine
40 – forty              50 – fifty                60 – sixty
70 – seventy         80 – eighty            90 – ninety


100 – one hundred                             101 – one hundred and one
102 – one hundred and two               110 – one hundred and ten
120 – one hundred and twenty          199 – one hundred and ninety nine
200 – two hundred                             255 – two hundred and fifty five
300 – three hundred         
             1,000one thousand

1,
001 – one thousand and one         1,019 – one thousand and nineteen
1,100 – one thousand one hundred  1,800 – one thousand eight hundred
1,901 – one thousand nine hundred and one
1,999 – one thousand nine hundred and ninety nine

 
2,000 – two thousand                         10,000 – ten thousand
15, 000 – fifteen thousand                 50,000 – fifty thousand
67, 215 – sixty seven thousand two hundred and fifteen
99,990 – ninety nine thousand nine hundred and ninety
100,000 – one hundred thousand
100,099 – one hundred thousand and ninety nine
100,555 – one hundred thousand five hundred and fifty five
106,010 – one hundred and
six thousand and ten.
122,000 – one hundred
and twenty two thousand
452,615 – four hundred
and fifty two thousand six hundred and fifteen

1,000,000one million
999,999,000 – nine hundred and ninety nine million nine hundred & ninety nine thousand

 
1,000,000,000one billion          1,000,000,000,000one trillion
 

0 – zero/naught

අද කාලයේ හැටියට ට්‍රිලියන යන සංඛ්‍යාවද නිතර දෙවේලෙ භාවි‍තා වෙන නිසා, ඔබද trillion දක්වා ඉංග්‍රීසියෙන් ගණන් කිරීමට පුරුදු වන්න.  අවශ්‍ය නම් ගණිතය ගැන නැවත ඉගෙන ගන්න.  ඉංග්‍රීසියෙන්ම ගණිතය ගැන ඔබට දැන් ඉගෙන ගැනීමට වුවද බැරි කමක් නැත (මෙම පොත ඉගෙන ගත් පසු).

ඉහත one (එක), two (දෙක), three (තුන) ආදී ලෙස පවතින සංඛ්‍යාම පළවැනි, දෙවැනි, දසවැනි ආදී ලෙසද “වැනි” යොදාද ලියන ආකාරයක් තියෙනවා නේද?  ඉංග්‍රීසියෙන්ද එය පහසුවෙන් සෑදිය හැකිය.  පළමු, දෙවැනි, තෙවැනි යන පද තුනට විශේෂ රූප තුනක් පවතින අතර අනෙක් සෑම සංඛ්‍යාවක් සඳහාම එම රූප සාදනු ලබන්නේ th යන ප්‍රත්‍ය කොටස් අදාල සංඛ්‍යාවට පසුව යෙදීමෙනි.

First – 1st         Second – 2nd                Third – 3rd
  
Fourth – 4th                  Fifth – 5th
Sixth – 6th                    Eighth – 8th
Tenth – 10th                 Eleventh – 11th
Twelfth – 12th              Nineteenth – 19th
Twentieth – 20th

Twentieth යන්න සෑදෙන්නේ twenty + th → twentieth ලෙසිනි.  එනම්, අග ඇති y අකුර ඉවත් වී ie අදේශ වී th කොටස එකතු වේ. ‍ මේ ලෙසම, fortieth, sixtieth ආදි ලෙස සෑදේ.

Twenty first – 21st

විසි එක්වැනි ලෙස පවසන විට නැවත “එක්වැනි (පළමුවැනි)” යන කොටස ඇති බැවින් first ලෙස එය යෙදිය යුතුයි නේද?  එනම් twenty oneth ලෙස “oneth” කියා එකක් නැති බවත් ඒ වෙනුවට “first” කියා යෙදෙන බවත් ඔබට මතකද?  එලෙසම,

Thirty Second – 32nd                Forty third – 43rd
Sixty eighth – 67th                     hundredth – 100th
hundred first – 101st                 two hundred fifty seventh – 257th
thousandth – 1000th                 millionth -
මිලියනවැනි
billionth - බිලියනවැනි               trillionth - ට්‍රිලියනවැනි

ඊට අමතරව දෙවතාවක්/දෙසැරයක්, පස් වතාවක්/සැරයක් ආදී ලෙස “වතාවක්/සැරයක්” යන යෙදුම සහිතවද සංඛ්‍යා පැවසනවා නේද?  ඉංග්‍රීසියෙන්ද එය කළ හැකිය.  කළ යුත්තේ times යන පදය සංඛ්‍යාවට පසුව යෙදීමයි.  (One ට පසුව පමණක් times නොව time)

one time - එක සැරයක්             two times - දෙසැරයක්
12 times – 12 වතාවක්              million times - මිලියන වතාවක්

තවද, one time වෙනුවට once යන්නද, two times වෙනුවට twice යන්නද three times යන්නට thrice යන්නද අවශ්‍ය නම් ආදේශ කළ හැකිය.

දැන් බලමු සාමාන්‍ය ගණිත යෙදුම් ඉංග්‍රීසියෙන් කියන්නේ කෙසේද කියා.  උදාහරණ ආශ්‍රයෙන් ඒවා ඉගෙන ගනිමු.

“අගය” යනු වටිනාකමයි.  “අගය” හෙවත් “වටිනාකම” ඉංග්‍රීසියෙන් “value” ලෙස හැඳි‍න්වෙනවා.  වටිනාකම දක්වනු ලබන්නේ “සංඛ්‍යාව” මඟිනි.  සංඛ්‍යාව ඉංග්‍රීසියෙන් “number” ලෙස හැඳින්වෙනවා.  සංඛ්‍යාවක් ලියන්නේ 0, 1, 2, 3, ආදි ලෙස 9 දක්වා ඇති “ඉලක්කම” නැමැති සංඥා භාවිතා කරගෙනයි.  “ඉලක්කම” ඉංග්‍රීසියෙන් “digit” ලෙස හැඳින්වේ (154 හි 1, 5, 4 ලෙස digits තුනක් ඇත).

1, 2, 3, ආදි ලෙස (භාග නොවන) ඇති “පූර්ණ සංඛ්‍යා “whole numbers හෝ integers ලෙස හැඳින්වේ.  ½, ¾ ආදී ලෙස දක්වනු ලබන “භාග සංඛ්‍යා” fractions ලෙස ඉංග්‍රීසියෙන් හැඳින් වෙන අතර, ළවය numerator කියාද හරය denominator කියාද හැඳින්වේ.

½ (භාගය හෝ දෙකෙන් එක) – half or one half
2/2
(දෙකෙන් දෙක) – two halves
3/2
(දෙකෙන් තුන) – three halves
1/3
(තුනෙන් එක) – one third
2/3
(තුනෙන් දෙක) – two thirds
5/3
(තුනෙන් පහ) – five thirds
¼
(හතරෙන් එක) – one fourth
¾
(හතරෙන් තුන) – three fourths
5/8
(අටෙන් පහ) – five eights

ඉහත ළවය 1 ට වඩා වැඩි විටදී thirds, fourths, sixths ආදී ලෙස බහුවචන ස්වරූපයෙන් තැබිය යුතුය.

“ධන” යනු positive ලෙසද, “ඍණ” යනු negative ලෙසද හැඳින් වේ.

+5 (positive five)                                -5 (negative five)

5 + 4 = 9 (“පහ එකතු කිරීම හතර සමානයි 9”) → “five plus 4 equals nine”

කැමති නම්, plus යන්න වෙනුවට “added to” යන කොටස ආදේශ කළ හැකිය.  ඒවගේම, “equals” යන්නට “is equal to” හෝ නිකම්ම “is” යන්න අදේශ කළ හැකිය.

13 + 12 = 25 (13 added to/plus 12 is/is equal to/equals 25.)
12 – 10 = 2 (12 minus/subtracted by 10 is equal to 2.)
2 x 5 = 10 (2 times/multiplied by 5 is 10.)
10 / 5 = 2 (10 over/divided by 5 is equal to 2.)
X ±Y (X plus or minus Y)
X Y (X is approximately equal to Y)
Y (X is identical with/is equivalent to Y)
0 < Y < 1 (Y is greater than zero and less than one)

“දශම සංඛ්‍යා” decimals හෝ decimal numbers ලෙස හැඳින්වෙන අතර “දශම තිත” decimal point නමි.  දශම සංඛ්‍යාවක් ඉංග්‍රීසියෙන් පහත ආකාරයට ශබ්ද කෙරේ.

5.32 (five point three two)

සමහර විටක අප “හතයි දශම ගාණක්”, “දෙකයි දශම ගාණක්” ආදී ලෙස “දශම ගාණක්” යන යෙදුම භාවිතා කරනවා නේද?  ඉංග්‍රීසියෙන් එය කියන්නේ “seven points”, “two points” ආදි ලෙස “points” යන පදය යොදා ගෙනය.

102, 84 ආදී ලෙස “යම් බලයකට නංවා ඇති සංඛ්‍යා” ඉංග්‍රීසියෙන් “exponentiated හෝ raised numbers” ලෙස හැඳින්වෙන අතර, ඉලක්කමට ඉහළින් කුඩාවට ඇති “දර්ශක” index (ඒකවචනය Index (දර්ශකය) වන අතර, එහි බහුවචනය indices (දර්ශක) වේ.) ලෙස හැඳින්වෙනවා.  තවද,

102 (දහයේ දෙකේ බලය/ දහයේ වර්ගය) – 10 to the second power හෝ 10 raised/exponentiated to the second power හෝ 10 squared හෝ 10 to the power of 2, හෝ 10 to the 2ලෙස කියැවෙනවා.  තදට ලියා ඇති ආකාර බහුලවම යෙදේ.

103 (දහයේ තුන්වන බලය/ දහයේ ඝණය) – 10 to the 3 හෝ 10 to the third power හෝ 10 raised/exponentiated to the third power හෝ 10 cubed හෝ 10 to the power of 3.

104
(දහයේ සිව්වන බලය) – 10 to the 4.

8y
(අටේ Y වැනි බලය) – 8 to the y                     ආදී ලෙස.


“මූලය” යන්නට ඉංග්‍රීසියෙන් root යන පදය යෙදේ.  ඒ අනුව square root (වර්ග මූලය), cubic root (ඝණ මූලය), fourth root (සිව්වැනි මූලය), ආදී ලෙස පැවසිය හැකිය.  ඒ අනුව,
























Y(2) = 10 වැනි ප්‍රකාශන ශබ්ද කරන්නේ Y at 2 is 10” ආදි ලෙසයි.  එලෙසම, X(0) = 25 යන්න “X at zero is 25” ලෙස කියැවේ.  මෙවැනි ප්‍රකාශන හමුවන්නේ වීජිය ප්‍රකාශනවලදීය.  උදා: Y = x2 + x – 5 නම්, x = 2 විට, Y = -5 වේ.  එය Y(2) = -5 ලෙස සංඛේතාත්මකව ලියනු ලැබේ.

අවකලනය, අනුකලනය වැනි ගණිත කර්මවලදී “විෂයෙහි” යන වචනය හමු වේ.  ඉංග්‍රීසියෙන් එය පවසන්නේ with respect to කියාය.  කෙටියෙන් w.r.t. ලෙසද ලිවිය හැකිය.  උදා:

Differentiating Y with respect to x.  (Y පදය x විෂයෙහි අවකලනය කිරීම.)

X > Y (X is greater than Y) – X විශාලයි Y ට වඩා
X < Y (X is less than Y) – X කුඩායි Y ට වඩා
X Y (X is less than or equal to Y)
X ³ Y (X is greater than or equal to Y)
X >> Y (X is much greater than Y)
X << Y (X is much less than Y)
X Y (X varies as/is proportional to Y) – X සමානුපාතිකයි Y
(x + y)² - - X plus Y all squared (පද කිහිපයක්ම ගණිත කර්මයකට පත් කිරීමේදී ඉහත ආකාරයෙන් all පදය යෙදේ.  නිකම්ම “X plus Y squared” ලෙස ශබ්ද නොකෙරේ.  Eg:  (X – Y)/Z  - -  “X minus Y all over Z”

85%  - - 85 percent (ප්‍රතිශත ප්‍රකාශ කිරීමේදි)

X5, T3 ආදී ලෙස ඇති පද කියැවෙන්නේ නිකම්ම X five හෝ T three කියා නොව: ඒවා X sub five, T sub three ආදී ලෙස ශබ්ද කළ යුතුය.

X1 + X2 + … + XN  ආදී ලෙස යම් ප්‍රකාශයක් දී ඇති විට, එහි මැද ඇති තිත්වලින් කියන්නේ 1,2,3 ආදී ලෙස එම පද N දක්වා පවතින බවයි (maths කරන අය මෙය දන්නවා.)  එම ප්‍රකාශය සිංහලෙන් කියැවෙන්නේ “X1 ධන X2 ධන ආදී ලෙස XN” කියාය.  එය English වලින් “X sub 1 plus X sub 2 through X sub N” ලෙස ශබ්ද කෙරේ.

පහත මා දක්වනවා ගණිතය සම්බන්ධ වචන කිහිපයක ඉංග්‍රීසි තේරුම්.

අංක ගණිතය - arithmetic                        ජ්‍යාමිතිය - geometry
වීජ ගණිතය -
algebra
term - පදය                                           expression - ප්‍රකාශය
equation - සමීකරණය                             sum - ඓක්‍යය/එකතුව, ගාණ
product - ගුණිතය                                   addition - එකතු කිරීම
(
add - එකතු කරනවා)                             difference - වෙනස
subtraction - අඩු කිරීම                           (subtract - අඩු කරනවා)
multiplication - එකතු කිරීම                     (multiply - ගුණ කරනවා)
division - බෙදීම                                     (divide - බෙදනවා)
factor - සාධකය, සාධක සොයනවා            theorem - ප්‍රමේයය
ascending - ආරෝහණ                           descending - අවරෝහණ
clockwise - දක්ෂිණාවර්ත                        anti-clockwise - වාමාර්ථ
absolute - නිරපේක්ෂ                             relative - සාපේක්ෂ
consecutive - අනුයාත                           ratio - අනුපාතය
point - ලක්ෂ්‍යය                                    (simple) line – (සරළ) රේඛාව
curve/ curved line - වක්‍ර රේඛාව             triangle - ත්‍රිකෝණය
angle - කෝණය                                      side - පාදය
acute angle - සුළු කෝණය                     right angle - ඍජු කෝණය
obtuse angle - මහ කෝණය                   hypotenuse - කර්ණය
opposite - සම්මුඛ                                  parallel - සමාන්තර
area - ‍ක්ෂේත්‍ර ඵලය/වර්ග ඵලය                sectional - හරස්කඩ
rectangle - ඍජුකෝණාස්‍රය                     square - සමචතුරස්‍රය
parallelogram - සමාන්තරාස්‍රය                degree - අංශකය
minute - කලාව, මිනිත්තුව                      second - විකලාව, තත්පරය
quadrilateral - චතුරස්‍රය                          pentagon - පංචාස්‍රය
hexagon - සඩාස්‍රය                                 regular - සවිධි
diagonal - විකර්ණය                               polygon - බහුඅස්‍රය
axis - අක්ෂය (axes - අක්ෂ)                     isosceles - සමද්විපාද ත්‍රිකෝණය
equilateral - සමකෝණී                          perimeter - පරිමිතිය
plane - තලය                                         circle - වෘත්තය
circumference - පරිධිය                          radius - අරය
diameter - විශ්කම්භය                            chord - ජ්‍යාය
cone - කේතුව                                        cylinder - සිලින්ඩරය
adjacent - යාබද/අනුබද්ධ                        graph - ප්‍රස්ථාරය
chart/table - වගුව                                 origin - මූල කේන්ද්‍රය
coordinate - ඛණ්ඩාංකය                        constant - නියත, නියතය
variable - විචල්‍ය, විචල්‍යය                      perpendicular - ලබ්භක, ලම්භකය
arc - චාපය                                           volume - පරිමාව
sphere - ගෝලය                                  trigonometry - ත්‍රිකෝණමිතිය
inverse - ප්‍රතිලෝම                                unknown - අඥාත
tetrahedron - චතුස්තලය                       coincide - සමපාත වෙනවා
subtend - ආපාතනය කරනවා                  sector - කෝණික ඛණ්ඩය
infinity - අනන්තය                                 tangent - ස්පර්ශකය
rational - පරිමේය                                  irrational - අපරිමේය
vector - දෛශික                                    scalar - අදිශ
coefficient - සංගුණකය                          set - කුලකය
union – (කුලක) මේලය                          intersection – (කුලක) ඡේදනය
probability - සම්භාවිතාව                       deviation - අපගමනය
(deviate - අපගමනය වෙනවා)                equivalent - අංගසම
random - අහඹු                                    mean - මධ්‍යන්‍ය, මධ්‍යන්‍ය අගය
divider - බෙදන කටුව                             compass - කවකටුව
protractor - කෝණමානය                      series - ශ්‍රේණිය
function - ශ්‍රැතය                                    mutual - අන්‍යොන්‍ය
sample - නියැදිය                                   real - තාත්වික
imaginary, virtual - අතාත්වික                 dimension - මානය
sign - ධන, ඍණ සලකුණ                        prime number - ප්‍රථමක සංඛ්‍යාව
even - ඉරට්ටේ                                       odd - ඔත්තේ
average - මධ්‍යම, මධ්‍යම අගය                   bisection - සමච්ඡේදනය (bisect - සමච්ඡේද කරනවා)               
mode - මාතය

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,