Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 3

Perfect Tense


සිංහලේදි “කරලා තියෙනවා” හා “කරලා” ආකාරයට ක්‍රියාපද යෙදෙන වාඛ්‍ය ඉංග්‍රීසියෙන් ලියනු ලබන්නේ perfect tense ක්‍රමයටය.  continuous tense හි මෙන්ම මෙහිද ඊටම ආවේණික ක්‍රියා ස්වරූපයක් ඇත.  එය සාදා ගනු ලබන්නේ පහත ආකාරයටය.
past participle ක්‍රියා ස්වරූපය යනු මූලික ක්‍රියාපදය අගට ed යන කොටස එකතු කිරීමෙන් සාදා ගනු ලබනනකි.  උදා:

play → played             talk → talked

තවද, ඉහත ක්‍රමය හැරුණු විට, ක්‍රියාපද 150 ක් පමණ තිබෙනවා විවිධාකාරයෙන් past participle ස්වරූපය සාදාගන්නා.  එක් රීතියක් නොමැති බැවින්, එම ක්‍රියාපද අක්‍රමික ක්‍රියා ලෙස හඳුන්වනු ලබනවා.  උදා:

eat → eaten                drink → drunk             cut → cut

ප්‍රධාන අක්‍රමික ක්‍රියා සියල්ල “අතිරේකය - 4හි ඇති අතර ඔබ එම ක්‍රියාපද සියල්ල කටපාඩම් කළ යුතුය.

හොඳයි, දැන් perfect tense ක්‍රියා ස්වරූප කිහිපයක් උදාහරණ ලෙස බලමු.
have/has played (සෙල්ලම් කරලා තියෙනවා/ සෙල්ලම් කරලා)
have/has eaten (කාලා තියෙනවා/ කාලා)
අපට කරන්නට තියෙන්නේ SVo ආකාරයට perfect tense වලින් වාඛ්‍ය තැනීමයි.  උදා:
I have gone there.  (මම එහි ගිහින් තිබෙනවා.)
Kamal has eaten the mango.  (කමල් අඹ ගෙඩිය කාලා.)
We have finished the work.  (අපි වැඩය ඉවර කරලා තියෙන්නේ.)

Exercises 3-1
Rasika has watched the film.  (....................................................)
……………………………………………………  (අපි බත් උයලා තියෙන්නේ.)

දැන් ඔබ perfect tense ගැන දත යුතු වැදගත්ම හා මූලිකම කරුණ ඉගෙන ගෙන ඇත.  ඔබට continuous tense ගැන කියූ දේ හොඳින් මතක නම්, දැන් අවබෝධ වේවි ඉහත අප සකස් කළේ perfect tense හි වර්ථමාන කාලය බවත්, ඇත හා නැත යන ප්‍රශ්න හා ප්‍රකාශන හතරද ඒ අනුව සාදාගත හැකි බව.    උදා:

We have played.  (අපි සෙල්ලම් කරලා තියෙනවා.)
We have not played.  (අපි සෙල්ලම් කරලා නැහැ.)
Have we played?  (අපි සෙල්ලම් කරලා තියෙනවාද?/ සෙල්ලම් කරලාද?)
Have we not played?  (අපි සෙල්ලම් කරලා නැද්ද?)
Has Rasika already watched the film?  (රසිකා දැනටමත් චිත්‍රපටිය බලලාද?)
The teachers have not come to the seminar.  (ගුරුවරු සම්මන්ත්‍රණයට ඇවිල්ලා නැහැ.)
Has the doctor not treated Kamal?  (දොස්තර කමල්ට ප්‍රතිකාර කර නැද්ද?)

Exercises 3-2
Namini has not gone to the party.  (............................................)
………………………………  (මම දැනටමත් වැඩය ඉවර කරලා තියෙන්නේ)
Have we not done the work yet?  (..............................................)

දැන් අපට ඉතිරිව තියෙන්නේ perfect tense හි අතීත හා අනාගත කාලය සෑදීමට නේද?  අතීතය සාදාගන්නේ වර්ථමාන රූපයේ has/have වෙනුවට had ආදේශ කිරීමෙනි.   එවිට, සිංහල තේරුම “කරලා තිබුණා” ලෙස සකස් වේ.

I had gone there.  (මම එහි ගිහින් තිබුණා.)
Kamal had eaten the mango.  (කමල් අඹ ගෙඩිය කාලා තිබුණා.)
We had finished the work.  (අපි වැඩය ඉවර කරලා තිබුණා.)
Had Rasika watched the film?  (රසිකා චිත්‍රපටිය බලලා තිබුණාද?)
The teachers had not come to the seminar.  (ගුරුවරු සම්මන්ත්‍රණයට ඇවිල්ලා තිබුණේ නැහැ.)
Had the doctor not treated Kamal?  (දොස්තර කමල්ට ප්‍රතිකාර කර තිබුණේ නැද්ද?)

Exercises 3-3
Rasika had not watched the film.  (.............................................)
……………………………………………  (අපි බත් උයලා තිබුණා.)
Namini had not gone to the party.  (...........................................)
………………………………………  (මම වැඩය ඉවර කරලා තිබුණේ නැද්ද?)
Had we not done the work?  (...............................................)

අනාගත කාලය හඟවන රූපය සාදාගන්නේ සුපුරුදු පරිදි will යන උපකාරක ක්‍රියාව යෙදීමෙන්ය.  එවිට will ට පසුව ඇති ක්‍රියා කොටස මූලික ස්වරූපයට (dictionary එකේ යෙදී ඇති රූපය) පත් වන බව කීවා මතකද ඔබට?  have/has හි මූලික ස්වරූපය have යන්නයි.  සිංහලෙන් “කරලා තියේවි” වැනි තේරුමක් මෙහි ඇති බව තේරුම් ගත හැකියි නේද?

I will have gone there.  (මම එහි ගිහින් තියේවි.)
Kamal will have eaten the mango.  (කමල් අඹ ගෙඩිය කාලා තියේවි.)
We have finished the work.  (අපි වැඩය ඉවර කරලා තියේවි.)
Will Rasika have watched the film?  (රසිකා චිත්‍රපටිය බලලා තියේවිද?)
The teachers will not have come to the seminar.  (ගුරුවරු සම්මන්ත්‍රණයට ඇවිල්ලා නොතියේවි/ තියෙන එකක් නැහැ.)
Will the doctor not have treated Kamal?  (දොස්තර කමල්ට ප්‍රතිකාර කර තියෙන එකක් නැද්ද?/නොතියේවිද?)

Exercises 3-4
Rasika will not have watched the film.  (.....................................)
……………………………………………  (අපි බත් උයලා තිබේවි.)
Namini will not have gone to the party.  (....................................)
………………………………………  (මම වැඩය ඉවර කරලා නොතිබේවිද?)
Will we not have done the work?  (.............................................)

ඉතා පහසුයි නේද ඉංග්‍රීසි ඉගෙනීම?  ඔබට මුලදීම කියූ ලෙසටම ඉංග්‍රීසියේ ඇත්තේ රීති හා රටා කිහිපයක් පමණි.  යම් දෙයක් ඉගෙන ගත් විට, තවත් අළුතින් දෙයක් ඉගෙනීම ඉන් පහසුවක් ඇති කරයි.  ඔබ continuous tense හිදි උගත් බොහෝ රීති හා රටාවන් perfect tense වලදීද යෙදී තිබෙන අයුරු ඔබ දැන් දුටුවා නේද?  (උදාහරණ ලෙස, SVo ක්‍රමයට වචන ලියා වාඛ්‍ය සෑදීම, ඇත නැත ප්‍රශ්න ප්‍රකාශන සාදන අයුරු ආදිය)


Perfect Continuous Tense

මෙම ක්‍රමයට ලියනු ලබන වාඛ්‍යවලට “කරමින් ඉඳලා තියෙනවා” හෝ “කරමින් ඉඳලා” යන තේරුම සිංහලෙන් දිය හැකිය.  එහි මූලික ක්‍රියා ස්වරූපය නම්,

have/has been + ing-ක්‍රියාව

වේ.  සුපුරුදු ලෙස, have යෙදෙන්නේ උක්තය බහුවචන වූ විට වන අතර, has යෙදෙන්නේ උක්තය ඒකවචන ‍වන විටය.  ඇත්තෙන්ම, අනෙක් tense තුන මෙන්, මෙය එතරම් යෙදෙන්නේ නැත.  උදා:

I have been reading a book.  (මම පොතක් කියවමින් ඉඳලා තියෙනවා.)
She has not been practising the play.  (ඇය නාට්‍යය පුරුදු‍ වෙමින් ඉඳලා නැහැ.)
Have Kamal and Nirmal been playing tennis?  (කමලුයි නිර්මානියි ටෙනිස් ගහමින් ඉඳලාද?)
Has the teacher not been talking to Sam?  (ගුරුවරයා සෑම්ට කතා කරමින් ඉඳලා නැද්ද?)

අතීත ස්වරූපයේදී have/has කොටස had වලින් ආදේශ වන බව ඔබට සිතාගත හැකි නේද දැන්?  එවිට සිංහල තේරුම “කරමින් ඉඳලා” හෝ “කරමින් ඉඳලා තිබුණා” වේ.  එමෙන්ම අනාගත ස්වරූපය සඳහා will යන උපකාරකය යොදන බවත් ඔබ දන්නවා.  එවිට, “කරමින් ඉඳලා තියේවි” ලෙස සිංහල තේරුම ලැබේ.  උදා:

I had been reading a book.  (මම පොතක් කියවමින් ඉඳලා තිබුණා.)
She had not been practising the play.  (ඇය නාට්‍යය පුරුදු‍ වෙමින් ඉඳලා ති‍බුණේ නැහැ.)
Had Kamal and Nirmal been playing tennis?  (කමලුයි නිර්මානියි ටෙනිස් ගහමින් ඉඳලා තිබුණාද?)
Had the teacher not been talking to Sam?  (ගුරුවරයා සෑම්ට කතා කරමින් ඉඳලා තිබුණේ නැද්ද?)
I will have been reading a book.  (මම පොතක් කියවමින් ඉඳලා තියේවි.)
She will not have been practising the play.  (ඇය නාට්‍යය පුරුදු‍ වෙමින් ඉඳලා නොතියේවි.)
Will Kamal and Nirmal have been playing tennis?  (කමලුයි නිර්මානියි ටෙනිස් ගහමින් ඉඳලා තියේවිද?)
Will the teacher not have been talking to Sam?  (ගුරුවරයා සෑම්ට කතා කරමින් ඉඳලා නොතියේවිද?)


සර්වනාම (pronoun)

ඕනෑම භාෂාවක ලක්ෂ ගණනක් වූ නාමපද ඇත.  එම සියලු නාම සඳහා පොදුවේ භාවිතා කිරීමට හැකි නාමපද විශේෂයක් ඇති අතර, ඒවා සර්වනාම ලෙස හැඳින්වෙනවා.

ඒකවචන
බහුවචන
I - මම
We - අපි
She - ඇය
He - ඔහු
It - ඒක, ඌ

They - ඇයලා, ඔවුහු/උන්, ඒවා
You - ඔබ, ඔබ වහන්සේ, උඹ, ...
You - ඔබලා, ඔබ වහන්සේලා, උඹලා, ...

කමලා, නිමලා වැනි ඕනෑම ස්ත්‍රී ලිංග ඒකවචන නාමයක් she මඟින්ද, කමල්, නිමල් වැනි ඕනෑම පුරුෂ ලිංග ඒකවචන නාමයක් he මඟින්ද, පුටුව, ගස වැනි ඔනෑම පණ නැති ඒකවචන නාම මෙන්ම කොටියා, බල්ලා වැනි ඕනෑම ඒකවචන සතකුගේ නාමයක් it මඟින්ද, පණ ඇති නැති ඕනෑම බහුවචන නාමයක් they මඟින්ද නිරූපනය කළ හැකි බව ඉහත වගුව බැලීමෙන් ඔබට පෙනෙනවා.

තවද, you යන පදය සුවිශේෂයි.  ඊට හේතුව ඒකවචන හා බහුවචන යන දෙකෙහිදීම ඇත්තේ එකම රූපය වන you ය.  ගෞරවය ඇතිව (ඔබතුමා, ඔබවහන්සේ) හෝ නැතිවද (තෝ, උඹ) භාවිතා කරන්නේ එකම you ය.  එමෙන්ම, ඒකවචන තේරුමින් හෝ බහුවචන තේරුමින් හෝ ඇති you යන පදය ඉංග්‍රීසි ව්‍යාකරණයේදී හැමවිටම බහුවචන ලෙස සැලකේ.  එලෙසම, I යන පදයද was යන අවස්ථාව (එනම් I සමඟ යෙදෙන්නේ ඒකවචන was මිස බහුවචන were නොවේ.) හැරුණු විට අනෙක් හැම අවස්ථාවකදීම you මෙන්ම බහුවචන ලෙස සැලකේ.

ඉහත පෙන්වා දුන් සර්වනාම යෙදෙන්නේ හැමවිටම එම නාම, වාඛ්‍යයක උක්තය (S) ලෙස ‍යොදනු ලබන විට පමණි.  උදා:

She is eating an apple.  (ඇය ඇපලක් කමින් ඉන්නවා.)
I was reading a book.  (මම පොතක් කියවා කියවා හිටියා.)
I have played cricket. 
(මම ‍ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා.)
You had finished the work. 
(ඔබ/ඔබලා වැඩය අවසන් කර තිබුණා.)

ඉහත උදාහරණවල She, I, You යන සර්වනාම යෙදී ඇත්තේ වාඛ්‍ය‍වල උක්තය ලෙස නේද?  ඉහත උක්ත ස්වරූ‍පයෙන් සර්වනාම යෙදිය හැක්කේ පෙර කී පරිදිම එම පද වාඛ්‍යයක උක්තයන් ලෙස පවතින විට පමණි.  ඒවා උක්ත නොවන හෙවත් අනුක්ත ‍ආකාරයට (එනම්, කර්ම පද ලෙස හෝ නිපාතවලට පසුව යෙදෙන නාමපද ලෙස) යෙදෙන විට, අනුක්ත ස්වරූපයෙන් එම සර්වනාම සියල්ල පැවතිය යුතුය.  ඉහත උක්ත සර්වනාමවලට අනුරූප අනුක්ත සර්වනාම පහත ව‍ගුවේ ඇත.

ඒකවචන (අනුක්ත)
බහුවචන (අනුක්ත)
Me - මා
Us - අප
Her -
Him - ඔහු
It - ඌ, ඒක

Them - ඔවුන්, උන්, ඒවා
You - ඔබ, උඹ, ඔබ වහන්සේ ...
You - ඔබලා, උඹලා, ඔබ වහන්සේලා ...

අපි එම අනුක්ත පද වාඛ්‍ය කිහිපයක යොදා බලමු.

Kamal is protecting me(කමල් මාව ආරක්ෂා කරමින් ඉන්නවා.)

මෙහි me ලෙස මිස I ලෙස නොලිය යුතුය, මක්නිසාද යත් එය උක්තය ලෙස නොයෙදී ඇති බැවින්.

He has loved her(ඔහු ඇයට ආදරය කර තිබෙනවා.)

ඉහත වාඛ්‍යයේ සර්වනාම දෙකක් යෙදී ඇත.  එහි He යනු උක්තය නිසා එය උක්ත ස්වරූපයෙන් තබා තියෙන අතර, her යනු අනුක්ත රූපයෙන් පවතින්නේ එය උකතය නොව කර්මය ලෙස යොදා තිබෙන බැවිනි.

We are looking at him(අපි ඔහු දෙස බලමින් ඉන්නේ.)

මෙහි at යනු නිපාත පදයක් බැවින් අනිවාර්යෙන්ම ඊට පසුව ඇති සර්වනාමය අනුක්ත රූපයෙන් තැබිය යුතුය.
ඇත්තෙන්ම උක්ත-අනුක්ත භේදය ඇත්තේ සර්වනාමවලට පමණක්ය.  Kamal, cat, table වැනි අනෙක් සාමාන්‍ය නාමපද වල උක්ත හා අනුක්ත රූප දෙකම සමානය.

උක්ත-අනුක්ත ස්වරූප හැරුණු විට, සර්වනාම සඳහා තවත් ස්වරූපයක් ඇත.  එනම්, අයිතිය හඟවන නාම විශේෂණ ස්වරූපයයි.  ඒවා පහත වගුවේ දැක්වේ.

ඒකවචන
බහුවචන
My - මගේ
Our - අපේ
Her - ඇගේ
His - ඔහුගේ
Its - උගේ, ඒකේ

Their - ඔවුන්ගේ, උන්ගේ, ඒවායේ
Your - උඹේ, ඔබේ, ඔබ වහන්සේගේ ...
Your - උඹලාගේ, ඔබලාගේ, ඔබ වහන්සේලාගේ ...

ඉහත ස්වරූපයන් යෙදෙන්නේ නාම විශේෂණ යෙදෙන ආකාරයටමය.  පහත උදාහරණ බැලූ විට එය පැහැදිලි වේවි.  my, her පද යෙදී ඇත්තේ beautiful, tall වැනි සාමාන්‍ය නාම විශේෂණ ලෙසම බව පේනවා නේද?

beautiful book → my book     tall brother → her brother

මෙම සර්වනාමවලින් සෑදෙන විශේෂණ පදවල විශේෂත්වයක් ඇත.  එනම්, ඒවා යෙදූ විට නාමපදවලට ඉදිරියෙන් a, the වැනි පද යෙදීම තහනම්ය, මක්නිසාද යත් මෙම විශේෂණ පද තුළ ස්වාභාවිකවම “නිශ්චිත ස්වභාවය” (එනම් the එම පද තුළ සැඟවී) ඇත.  උදා:

I am reading his book about History.  (මම එයාගේ ඉතිහාසය ගැන පොත කියමින් ඉන්නවා.)
My brother has helped your sister.  (මගේ සහෝදරයා ඔයාගේ සහෝදරියට උදව් කරලා තියෙනවා.)


වගන්ති දෙකක් එකතු කර දිගු වගන්ති සෑදීම.

අප මෙතෙක් උගත්තේ SVo ආකාරයට ලියූ සරළ වගන්තිය.  එහෙත් අප බොහෝ අවස්ථාවලදී එවැනි කෙටි සරළ වගන්ති පමණක් නොව සරළ වගන්ති දෙකක් හෝ කිහිපයක් එකට එකතු කර සාදාගනු ලබන වාඛ්‍යද භාවිතා කරනවා.

එසේ සරළ වාඛ්‍ය දෙකක් (හෝ ඊට වැඩිය හෝ) එකට එකතු කිරීමට and (සහ), but (නමුත්) වැනි පද අප බහුලව භාවිතා කරනවා.  ඇත්තෙන්ම මෙය ඉතා පහසුය.  එක් වාඛ්‍යයක් ලියා, අවශ්‍යතාව පරිදි and හෝ but වචනය ලියා ඉන්පසු දෙවැනි වාඛ්‍ය ලිවිය යුතුය.  උදා:
ඉහත සංයුක්ත (දිග) වාඛ්‍යයේ තේරුම ඔබට සිතාගත හැකි නේද?  “මම අඹයක් කමින් ඉන්නවා සහ මම ටීවී බලමින් ඉන්නවා” ලෙස ඔබට පහසුවෙන් එහි තේරුම සාදාගත හැකියි.  එම තේරුම ‍නැවත කියවා බලන්න ටිකක්.  එහි කියන්නේ අඹයක් කමින් හා ටීවී බලමින් ඉන්නවා යන අදහස නේද?  එවිට ඉහත සිංහල තේරුම “මම අඹයක් කමින් ටීවී බලමින් ඉන්නවා” ලෙස තවත් හුරුබුහුටි කළ හැකියි නේද?

මෙම අවස්ථාවේදී ඔබ හොඳින් තේරුම් ගෙන මතක තබා ගත යුතු වැදගත් කරුණක් ‍තියෙනවා.  එනම්, ඉංග්‍රීසියෙන් ලියනු ලබන වාඛ්‍යවල සිංහල තේරුම් සෙවීමේදී “වචනයෙන් වචනය” පරිවර්ථනය කරන්නටම යන්න එපා.  පළමුව එසේ වචනයෙන් වචනය පරිවර්ථනය කර, පසුව පෙරදී අප කළාක් මෙන් එහි තේරුමට හානි නොවන ලෙස එම දළ තේරුම හුරුබුහුටි කර ගන්න.  ඔබ එසේ කළ පසු නැවත බලන්න දළ තේරුම හා හුරුබුහුටි කරගත් තේරුම අතර ලොකු වෙනස් කමක් තියේද කියා.  එසේ තිබේ නම් ඔබ අනවශ්‍ය ප්‍රමාණයට තේරුම වෙනස් කර ඇත.  ඔබ එලෙස පළමුව දළ තේරුම සොයා දෙවනුව ඉන් හුරුබුහුටි තේරුම සකසන්නට පුරුදු වූ විට, ටික දවසකින් එකවරම ඔබට ඉතා පහසුවෙන් හුරුබුහුටි තේරුම සෑදීමට හැකි වෙනවා.
 
නැවත ඉහත වාඛ්‍ය ලියමු.

I am eating a mango, and I am watching TV.

මෙම වාඛ්‍යයේ නැවත නැවත ලියැවෙන (repeat) කොටසක් ඇත.  එය “I am” යන කොටසයි.  මෙවිට එකම වාඛ්‍යය තුළ එවැනි නැවත නැවත යෙදෙන කොටස් ඇත් නම්, මුල් අවස්ථාවේදි යෙදී තිබෙන කොටස එලෙසම තබා, ඉන්පසු යෙදෙන කොටස් කැමැති නම් ඔබට ඉවත් කළ හැකිය.  ඒ අනුව,

I am eating a mango, and I am watching TV.  →  I am eating a mango, and watching TV.

ඉංග්‍රීසියේ පමණක් නොව, ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකු එකම වචනය හෝ වචන කිහිපයක් නැවත නැවත කියන්නේ නැත.  එකම වචනය නිතර නිතර ඇසෙන විට නීරස බවක් ඇති වේ.  තවද, කතා කරන විට කාලයද අනවශ්‍ය ලෙස වැය වෙන අතර, ලියන විටදී කාලය මෙන්ම ඉඩද වැය වේ.  එමනිසා, අර්ථයට හානි නොවනවා නම් (ඒ කියන්නේ අප එලෙස කොටස් ඉවත් කළ පසුද අසන්නාට අප කියන දේ තේරෙනවා නම්) අපට නැවත නැවත යෙදෙන කොටස් ඉවත් කළ හැකිය.

තවත් උදාහරණයක් අරන් බලමු.

She is talking to a friend, and I am eating.

මෙහි දළ තේරුම “ඇය මිතුරෙකුට කතා කරමින් ඉනනවා සහ මම කමින් ඉන්නවා” යන්නයි.  මෙම අදහස අප හුරුබුහුටියට සකස් කළ විට “ඇය මිතුරෙකුට කතා කරමින් ඉන්නේ, මම නම් කමින් ඉන්නේ” ලෙස සකස් කළ හැකි නේද?

but (නමුත්) යොදාද අපට වාඛ්‍ය දෙකක් එක් කළ හැකිය.  එහිදී මුල් වාඛ්‍යයෙන් පවසන දේට විරුද්ධ දෙයක් දෙවැනි වාඛ්‍යයෙන් කියැවේ.

මෙහි තේරුම “මම බත් කමින් ඉන්නේ, නමුත් ඇය පාන් කමින් ඉන්නේ” කියා දළ තේරුම ලැබෙනවා නේද?  එය “මම බත් කමින් ඉන්න නමුත් ඇය පාන් කමිනුයි ඉන්නේ” ලෙස අවශ්‍ය නම් හුරුබුහුටි කළ හැකිය.

I have written the letter, and I have posted the letter.  [= I have written the letter, and have posted it. = I have written the letter, and posted it. = I have written and posted the letter.]  (මම ලියුම ලියා තැපැල් කළා.  (මම ලියුම ලියලා හා තැපැල් කරලා තියෙනවා.))

The teacher was reading a letter, and she was writing it.  (ගුරුවරයා ලියුමක් කියවමින්ද ඇය එය ලියමින්ද සිටියා.)
Kamal had played cricket, but he had not played rugger.  [= Kamal had played cricket, but had not played rugger. = Kamal had played cricket, but not played ruggar. = Kamal had played cricket, but not ruggar.]  (කමල් ක්‍රිකට් ගහල තිබුණත්, රගර් ගහලා තිබුණේ නැහැ.)
I had been reading a novel, but she had been watching TV.  (මම නවකතාවක් කියවමින් ඉඳලා තිබුණත්, ඇය ටීවි බලමිනුයි ඉඳලා තිබුණේ.)

Exercises 3-5
The thief has killed a man, and stolen jewelry.  (.........................)
My mother is cooking rice, but my aunt is making bread.  (.............................................)
A man is running fast, and the police is following him.  (..............)
A big house has burnt, but the family in the house have escaped.  (.................................................)
…………………………………………  (මම ටීවි බලමින් ඉන්නෙ නමුත් මගේ මල්ලි පාඩම් කරමින් ඉන්නවා.)

දැන් අප tense තුනක් ඉගෙන අවසන් කර ඇත.  ඉතිරිව ඇත්තේ simple tense පමණි.