Skip to main content

බුදු සමිඳු දැකීම (සතර මහා ‍භූත යනු?)

බුදු සමිඳු දැකීම (සතර මහා ‍භූත යනු?)

බුදු රඳුන්ගේ දහම අනුව, ලොව පවතින සියලු දෑ පඨවි, ආපෝ, වායෝ, තේජෝ යන සතර මහා භූතයන්ගෙන් සෑදී ඇත. මෙහි පාළි භාෂාවේ වචනයක් වන “භූත” යන්නෙහි සරල තේරුම “යමක් සාදන්නා” යන්නයි. සියලුම දෑ සාදනු ලබන්නේ මෙම “සාදන්නන්” හෙවත් “භූත” සතරින් පමණක් නිසා, ඒවාට මහා භූත යන නම ලැබී ඇත. මෙම සතර මහා භූත යනු මොනවාදැයි ඇසුවොත් සාතිශය බහුතරය‍ දෙන පිළිතුරක වනුයේ “පස්, ලී, වීදුරු වැනි තද දුව්‍ය පඨවි වලිනුත්; තෙල්, වතුර වැනි ගලාගෙන යන දේවල් ආපෝවලිනුත්; සුළං වැනි හමාගෙන යන සියුම් දේවල් වායෝ වලිනුත්; උෂ්ණත්වය/තාපය තේජෝ වලිනුත්” සමන්විත බවයි. මෙලෙස මහා භූතයන් දෙස බැලීම “සූත්‍රාන්තික විග්‍රහය” නමි. එනම්, විවිධ නුවණ මට්ටම් සහිත බොහෝ දෙනාට තේරෙන අයුරින් පැවසීමට එසේ පැහැදිලි කෙරේ. එය මහා භූතයන් ද්‍රව්‍යාත්මක ආකාරයෙන් සලකා කෙරෙන විග්‍රහයකි. එහෙත් “ආභිධර්මික විග්‍රහය” ඊට වෙනස් වන අතර, එම විග්‍රහය බුදු දහමේ නිවැරදි විග්‍රහය වේ.

පඨවි, ආපෝ, තේජෝ හා වායු යන සතරම ද්‍රව්‍යාත්මක නොවේ. ඒවා “ගතිගුණ” හතරක් ලෙස සැලකිය යුතුය. පඨවි යනු ඕනෑම දේකට “තද ගතිය” ලබා දෙන ගුණයකි. උදාහරණ කිහිපයක් සැලකීමෙන් මෙය පැහැදිලි කළ හැකිය. යකඩ කැබැල්ලක් අතට ගන්න. එය ඉතා තදට ඔබේ අතට දැනේ. එම ඉතා තද ගතිය පැහැදිලිවම පඨවි නිසා බව වැටහේ. දැන්, පොතක් හෝ රෙදි කැබැල්ලක් හෝ ස්පොන්ජ් කැබැල්ලක් හෝ අතට ගන්න. එයද තදය. එහෙත් යකඩ කැබැල්ල තරම් තද නොවේ. එහෙත් එයද අතට දැනෙන තද ද්‍රව්‍යයක් නිසා පඨවි ගුණය ඇති බව පෙනේ. එහෙත් යකඩ කැබැල්ලට වඩා පඨවි ගුණය අඩුය. දැන් ජලය සලකා බලන්න. ඔබේ අත ජලය තුළට දැමූ විට යම් වෙනසක් දැනේ. එහි යම් තද ගතියක්ද ඇත. එහි තද ගතිය හොඳටම දැනීමට නම් ගඟකට හෝ ජලාශයකට අත දමා අත වේගයෙන් ‍එහා මෙහා කිරීමට උත්සහ දරන්න. ඔබට දැනේවී ජලයෙන් පිටතදී පහසුවෙන් එහා මෙහා කරපු අත ජලය තුළදි අමාරුවෙන් එහා මෙහා කළ යුතු බව. ඊට හේතුව, ජලයේ ඇති පඨවි ගුණයයි. දැන් සැරට සුළං හමන මොහොතක සුළඟට විරුද්ධ දිශාවට දුවන්න. ඔබට දැනේවි සුළ‍ගේ ඇති පඨවි ගුණය. මේ අනුව, පඨවි යනු “ඝන, ද්‍රව, වායු” යනුවෙන් අප භෞතික විද්‍යාවේදී හඳුනාගන්නා ලද (පදාර්ථයේ අවස්ථා) සියල්ලෙහිම පවතින ගතිගුණයක් බව පැහැදිලිය. මෙය තවදුරටත් පැහැදිලි වේවි අනෙක් භූතයන් ගැනද අවබෝධ කරගත් පසු.

ආපෝ යනු ඉහත සඳහන් පඨවි එක්රැස් කිරීමට (විසිරීමට ඉඩ නොදී තබා ගැනීමට) ඇති හැකියාව හෙවත් ගතිගුණයයි. ද්‍රව්‍යයක පඨවි ගුණය වැඩිපුර දැනෙන යකඩ වැනි ඝන ද්‍රව්‍යවල ආපෝ ගුණයද වැඩිය. එලෙසම, ආපෝ ගුණය ඊට වඩා අඩුවෙන් පවතින ජලය වැනි ද්‍රව්‍යවලට ගලායෑමට හැකි වන්නේ ආපෝ ගුණය ‍පැවතියත් එය අධික මට්ටමින් නොපැවතීම නිසයි. ඒ ආකාරයෙන් අප අවට වායුගෝලයේ ඇති වාතය ආදිය අපේ ශරීරයට ඉතා අඩුවෙන් දැනෙන්නේ (හා එම වාත අංශු ඈතින් ඈතට පිහිටා තිබෙන සේ අප විද්‍යාවේදී ඉගෙන ගන්නේ) ආපෝ ගුණය තවත් අඩුවෙන් පවතින නිසාය. ආපෝ ගුණය සම්පූර්ණයෙන්ම ශූන්‍ය වුවහොත් ද්‍රව්‍යය විසිරී මුළු විශ්වය පුරාම පැතිරී යනු ඇත. එක්තරා විදියකට ආපෝ යනු “ආකර්ෂණ බලයක්” ලෙසද සැලකිය හැකිය.

වායු යනු ආපෝ ගුණයට ප්‍රතිවිරුද්ධ ගුණය වේ.  එනම්, ද්‍රව්‍ය එකිනෙකාගෙන් ඈත් කරන හෙවත් විකර්ෂණය කරන ගති ගුණය වායු වේ. ආපෝ ගුණය පමණක් පැවැතියේ නම්, විශ්වයේ තිබෙන සියලු දෑ එක ගුලියක් සේ එක්තැන් වනු ඇත. එහෙත් වායු ගුණය නිසා තත්වය එසේ නොවේ. වායු ගුණයේ ආනුභා‍වයෙන් ද්‍රව්‍ය ඛණ්ඩනය වී වෙන් වෙන්ව පවතී. ඔබ මා ගස් කොලං තනි තනි ඒකක ලෙස පවතින්නේ මෙම වායු ගුණයේ ප්‍රබල බලපෑම නිසාය. “ඝන ද්‍රව වායු” ලෙස විද්‍යාවේ උගැන්වෙන පදාර්ථයේ අවස්ථාද ඒ ඒ ආකාරයෙන් පවතින්නේ ඇත්තටම වායු හා ආපෝ යන ගුණ දෙකෙහි අන්තර් ක්‍රියාකාරිත්‍වය නිසාය.

තේජෝ යනු උෂ්ණත්වය වේ. උෂ්ණත්වය යනු විශ්‍වයේ සෑම දෙයක් සතුවම පවත්නා ගති ගුණයකි. මෙම ගුණය අනෙක් ගුණයන්ට විශාල බලපෑම් කළ හැකිය. විද්‍යාවට අනුව ඕනෑම අංශුවකට ශක්තියක් පවතී. බුදු දහමේ කියැවෙන මෙම තේජෝ ගුණය ඇත්තටම නියෝජනය කරන්නේ එම ‍ශක්තිය වේ.

මේ ආකාරයෙන් බැලූ කල බුදු දහමේ කියැවෙන මහා භූත විද්‍යාවේ ඉගැන්වෙන දේට වඩා වෙනස්ය. තවද, පැරණි බටහිර හා පෙරදිගද ප්‍රචලිත “ජලය, පස, වාතය, ගින්දර” වලින් මුලු විශ්වීය වස්තූන් සෑදී පවතී යන අදහසට මතුපිටින් (සූත්‍රාන්තිකව) අනුගත වුවත්, ඊට වඩා ඉතා ගැඹුරු හා සියුම්ය.


Buddhism

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...