Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 10

ක්‍රියාපද ඇසුරින් අපට නාමපද තේරුම්ද සාදාගත හැකිය.  එලෙස ක්‍රියාපද ඇසුරින් නාමයන් සෑදීමේ ක්‍රම කිහිපයක් ඇත.

          1.      යම් tense එකක මූලික ක්‍රියා රූපයට ඉදිරියෙන් to දැමූ විට ලැබෙන්නේ “එම ක්‍රියාව කිරීම” හෝ “එම ක්‍රියාව කිරිල්ල” හෝ “එය කරන එක” වැනි තේරුමකි.  එම තේරුම් සියල්ල නාම නේද?  බොහෝවිට, මෙවැනි නාමයන් යෙදෙන්නේ BE-වාඛ්‍යවලයි.

Simple tense:  eat (කනවා) to eat (කෑම/කන එක)

Continuous tense:  be eating (කමින් ඉන්නවා) → to be eating (කමින් ඉඳීම/කමින් ඉන්න එක)

Perfect tense:  have eaten (කාලා තියෙනවා) → to have eaten (කාලා තිබීම/ කාලා තියෙන එක)

Per Cont tense:  have been eating (කමින් ඉඳලා තියෙනවා) → to have been eating (කමින් ඉඳලා තිබීම/ කමින් ඉදලා තියෙන එක)

මෙලෙස සෑම tense එකක් සඳහාම පෙන්වා දී ඇති පරිදි නාම සෑදිය හැකි වුවත්, නිතරම වාගේ අප simple tense හි ක්‍රියාව ඇසුරින් සාදා ගනු ලබන නාමයන් පමණක් භාවිතා කරනවා.  මා මෙහිදී සියලු tense සඳහා එය කළ හැකි බව පෙන්වා දුන්නේ මෙහි ඇති පොදු ක්‍රමයක්/රීතියක් අනුගමනය වන බව පෙන්වීමටයි.  ඔබට එම රීතින් දැනගත් පසු පහසුවක් මෙන්ම විශ්වාසයක් දැනේවි.  මා හැම විටම රීතින් දැක්වීමට උනන්දු වන්නේ එනිසයි.  නැතිනම් වෙන්නේ “අහවල් දේ අහවල් විදියට තිබිය යුතුය; එහෙත් එසේ වීමට හේතුව නොදනී” ලෙස හැ‍‍ඟෙමින් ඔබ අන්ධකාරයේ සිටීමයි.

සියලු tense සඳහා මෙම ක්‍රමය අනුගමනය කළ හැකි බව මතකේ තබා, නිතර භාවිතා වන කොටස ගැන ඉදිරියට තවදුරටත් උගනිමු.  තවත් උදාහරණ කිහිපයක් බලමු.

to drink - බීම/බොන එක         to dance - නැටීම
to write - ලිවීම/ලියන එක        to believe - විශ්වාස කිරීම/කරන එක

Exercises 10-1
to sing - ……………..            ……………… - බලන එක/බැලීම


දැන් අපි එසේ ක්‍රියා ඇසුරින් සකස් කළ නාමයන් සාමාන්‍ය පරිදි වාඛ්‍යවල යොදමු.
ඉහත වාඛ්‍යය “Kamal is good” වගේ නේද?  වෙනස වන්නේ Kamal යන නාමය වෙනුවට to eat යන නාමය ආදේශ වීමයි.  එතැනින්ම පේනවා නේද to eat යන්න නාමයක් බව (මක්නිසාද යත්, නාමයක් අදේශ කළ හැක්කේ තවත නාමයකින් වීමයි).  එලෙසම,

To see is to believe.  (දකින එක/දැකීම විශ්වාස කිරීමයි/කරන එකයි.)

එනම් මෙහි තේරුම “දකින දේ තමයි විශ්වාස කරන්නේ” යනුවෙන් හුරුබුහුටි කළ හැකි නේද?  ඇත්තෙන්ම මෙය ඉංග්‍රීසි කියමනකි.

To punish is not good.  (දඩුවම් කිරීම හොඳ නැහැ.)

Exercises 10-2
To swim is a good exercise for your whole body.  (...........)
...................................................  (දිවීම හොඳ ව්‍යයාමයකි.)

තවද, ඉහත නාමයන් සාදාගනු ලැබුවේ ක්‍රියා ආශ්‍රයෙන් නිසා, ක්‍රියා කුමන ස්වරූපයෙන් පැවතියත්, ඊට ක්‍රියා විශේෂණ හෝ/හා කර්මපද ගැනීමට අයිතිවාසිකමක් තිබෙනවා යැයි අප පෙර පාඩමකදී ඉගෙන ගත්තා මතකද? 
 ඒ අනුව, එම ක්‍රියා ඇසුරින් සාදාගත් නාම ක්‍රියා විශේෂණ හා කර්මපද සහිතවද සෑදිය හැකියි නේද?

To eat mangoes is good.  (අඹ කෑම/කන එක හොඳයි.)
To eat quickly is not good.  (ඉක්මනින් කන එක/කෑම හොඳ නැහැ.)
To eat mangoes quickly is not good for your health.  (ඉක්මනින් අඹ කෑම සෞඛ්‍යයට හොඳ නැහැ.)

Exercises 10-3
To drink alcohol is not good.  (.......................................)
To take medicine regularly is good for your health.  (..............................................)

       2.      ඒ ඒ tense එකේ මූලික ක්‍රියාවේ පළමු කොටස (පවතින්නේ එක කොටසක් පමණක් නම් එම කොටස) ing-ස්වරූපයට පත් කිරීමෙන්ද ඉහත to දැමූ විට ඇති වූ තේරුමම ගත හැකිය.  මෙහිද simple tense වලින් සාදාගනු ලබන රූපය පමණක් බොහෝ අවස්ථාවල භාවිතා කෙරෙන නිසා ඒ ගැන පමණක් කතා කරමු.


eat → eating (කෑම/කන එක)
drinking - බීම/බොන එක   singing - සිංදුකීම/සිංදු කියන එක

Eating is good.  (කෑම/කන එක හොඳයි.)
Seeing is believing(දකින එක තමයි විශ්වාස කරන්නේ.)

නාමය තුළ ක්‍රියාවක් ඇති නිසා කර්මපද හෝ/හා ක්‍රියා විශේෂණ ගත හැකි බව ඔබ දන්නවා.

Eating bread often is not good for your health.  (නිතරම පාන් කෑම ‍ඔබේ සෞඛ්‍යයට හොඳ නැහැ.)

         3.      පෙර පාඩමකදී that යන්න වාඛ්‍යයට ඉදිරියෙන් යෙදූ විට “... කියන එක” යන තේරුම ලැබෙන බව පැවසුවා මතකද?  එම පාඩමේදී, එම ක්‍රමය වාඛ්‍ය දෙකක් එකතු කිරීමේ ක්‍රමයක් ලෙසයි හඳුන්වා දෙනු ලැ‍බුවේ.  එහෙත් අවශ්‍ය නම්, එම ක්‍රමයම ක්‍රියා ඇසුරින් නාම සෑදීමේ ක්‍රමයක් ලෙසද සැලකිය හැකියි නේද?  මෙහි ඇති විශේෂත්වය නම්, තනි ක්‍රියාව පමණක් නොගෙන එම ක්‍රියාව අඩංගු මුළු වාඛ්‍යයම එකට ගෙන එම නාම තේරුම සෑදීමයි.

I like mangoes.  → that I like mangoes (මා අඹවලට කැමතියි කියන එක)

like යන තනි ක්‍රියාව පමණක් නොව “I like mangoes” යන වාඛ්‍යයම එම නාමය සෑදීමට යොදාගෙන තිබෙන බව පේනවා නේද?

She knows that I like mangoes(ඇය දන්නවා මා අඹවලට කැමතියි කියන එක.)

ඉහත වාඛ්‍යය හරියට “She likes books” වගේ නේද?  නාම අර්ථය ඉන් පැහැදිලියි.  ඇත්තටම, මෙම ක්‍රමයට නාම සෑදීම ඉතා දියුණු ක්‍රමයකි (මක්නිසාද යත් සම්පූර්ණ වාඛ්‍යයක්ම නාමයක් බවට පත් කෙරෙන නිසා අවශ්‍ය නම් එම වගන්තිය ඉතා දිගු මෙන්ම නොයෙක් විදියේ තේරුම්ද දිය හැකි ලෙසට සෑදිය හැකිය).  උදා:
 
She knows that I don’t like reading novels when I have to study for the exams.  (ඇය දන්නවා විභාග සඳහා පාඩම් කිරීමට තිබෙන විට මා නවකතා කියවීමට කැමති නැහැ කියලා.)

මෙම that යෙදීම ගැන පෙර අවස්ථාවකදීද විස්තර කර තිබූ හෙයින් ඒ පිළිබඳ තවත් විසතර කිරීම අනවශ්‍යය.  අවශ්‍ය නම්, එම පාඩම නැවත බලන්න.

        4.      that යොදා “... කියන එක” යන තේරුමින් නාම සාදාගන්නා අයුරු ඔබ දැන දන්නවා.  එසේ that යොදා නාම සෑදිය හැක්කේ (ඇත හෝ නැත) ප්‍රකාශන පමණි.  ප්‍රශ්න ස්වරූපයේ වාඛ්‍ය ඉදිරියෙන් එසේ that යොදා “... කියන එක” යන තේරුම සහිත නාම සෑදිය නොහැකිය.  ඒ සඳහා whether යන පදය භාවිතා වේ.  ඒ විතරක් නොවේ, whether යෙදූ පසු එම වගන්තිය ප්‍රශ්න ස්වරූයෙන් ප්‍රකාශන ස්වරූපයට පත් කළ යුතුය.

Are you going?  (ඔබ යනවද?) → whether you are going (ඔබ යනවද කියන එක/කියලා)
Didn’t you eat?  (ඔබ කෑවේ නැද්ද?) → whether you didn’t eat (ඔබ කෑවේ නැද්ද කියන එක)

I did not know whether you were going there.  (මම දැන සිටියේ නැහැ ඔබ එහි යමින් සිටියාද කියලා.)
It does not matter wheter you are male or female.  (ඔයා ගැහැණුද පිරිමිද කියන එක වැඩක් නැහැ.)

Exercises 10-4
Whether you must be given the job is not a problem.  (............................................)
I don’t know whether the exam will be held tomorrow.  (...........................................)

තවද අවශ්‍ය නම්, whether වෙනුවට if යන පදයද යෙදිය හැකිය.

She did not know if you were going there.
My brother asks if you like him.

        5.      wh-ප්‍රශ්නවලදී “... කියන එක” යන තේරුම දීම සඳහා that, whether, if යන කිසිදු වචනයක් යොදන්නට බැහැ.  ඇත්තටම එහිදී අප අමුතුවෙන් කිසිදු වචනයක් යොදන්නේ නැහැ.  කළ යුත්තේ wh-ප්‍රශ්නය wh පදය එලෙසම තබා ප්‍රකාශන ස්වරූපයට පත් කිරීම පමණයි.

What are you doing?  → what you are doing (මොනවාද කරන්නේ කියන එක)
Where did she go?  → where she went (කොහේද ඇය ගියේ කියන එක)

I do not care what he is doing now(මට වැඩක් නැහැ එයා දැන් මොනාද කරන්නේ කියලා.)
I like to know where you are going tomorrow.  (මම දැනගන්න කැමතියි ඔයාලා හෙට කොහේද යන්නේ කියලා.)


Exercises 10-5
What you have done is not important to me.  (................)
Why they talked like that is still a problem for me.  (................................................)

ඉහත ආකාරයට නාමයක් පද කිහිපයකින් යුක්ත වූ විට “පද කිහිපයකින් යුතු නාමය” යන අරුතින් phrasal noun (or noun phrase) ලෙස හැඳින්විය හැකිය.  එලෙසම, නාම පමණක් නොව, ක්‍රියා, නාම විශේෂණ, ක්‍රියා විශේෂණ, නිපාත, ආදියද වචන කිහිපයකින් සැදුම්ලත් අවස්ථා එමට ඇත.  පහත දැක්වෙන්නේද තවත් විදියකට සෑදූ phrasal noun කිහිපයකි.

mother-in-law (“නීතියෙන් ලැබෙන අම්මා” හෙවත් නැනදම්මා (බිරිඳගේ/ස්වාමියාගේ අම්මා))
father-in-law (“නීතියෙන් තාත්තා” හෙවත් මාමාණ්ඩි)
son-in-law (බෑනා)       daughter-in-law (ලේලිය)
commander-in-chief (ප්‍රධාන අණදෙන්නා හෙවත් සේනාධිනායකයා)

ඉහත hyphen (-) යොදා සකසා ගන්නා නාම බහුවචන කරන විට, s දමන්නේ එම නාමයේ ප්‍රධාන නාම කොටසටය.  ප්‍රධාන කොටස කුමක්දැයි ඔබට ඉබේම වගේ දැනේවි.  ඉහත නාමවල එම ප්‍රධාන කොටස් වනුයේ, mother, father, son, daughter, commander යන පදයි.  ඒ අනුව,

mothers-in-law (නැන්දම්මලා) sons-in-law (බෑනලා)

phrasal verb යනු පද කිහිපයකින් සැදුම්ලත් ක්‍රියාවයි.  බොහෝ විට සාමාන්‍ය ක්‍රියාපදයකට පසුව නිපාතයක් හෝ නිපාත කිහිපයක් යෙදීමෙන් මේවා සෑදේ.  මෙසේ සෑදෙන phrasal verb වල තේරුම් බොහෝ විට එම ක්‍රියාව සෑදී ඇති වචනවලින් තේරුම් ගත නොහැකිය (එසේ තේරුම් සිතාගත හැකි ඒවාද තිබේ).  එමනිසා, සාමාන්‍ය ක්‍රියාපද පාඩම් කරගන්නාක් මෙන්ම මෙම ක්‍රියාවන්ද කටපාඩම් කරගත යුතුයි.  ශබ්ද කෝෂවල මෙම ක්‍රියාවන්වල තේරුම් සඳහන් වී තිබෙන නිසා සාමාන්‍ය ක්‍රියාපද විදියටම මේවාද ශබ්ද කොෂයෙන් බලා පාඩම් කළ යුතුය.  ශබ්ද කෝෂයේ මෙම ක්‍රියාවන් දක්වා ඇත්තේ, phrasal verb එකේ ඇති සාමාන්‍ය ක්‍රියාව යටතේය.  උදාහරණයක් ලෙස, get off යන phrasal verb එකේ තේරුම බැලීමට ඔබ get යන සාමාන්‍ය ක්‍රියාව සහිත කොටස ශබ්ද කෝෂයෙන් බලන්න.  (බොහෝ විට PHRASE ලෙස එම ක්‍රියාවන්ට ඉදිරියෙන් ශබ්ද කෝෂයේ දක්වා ඇත.)  දැන් phrasal verb කිහිපයක් සලකා බලමු.

get off - බහිනවා/එලියට යනවා                       take off - ඇඳුම් ගලවනවා
write off - ණයක් ආදිය කපා දමනවා               bring up - හැඩිදැඩි කරනවා
go through -
විඳවනවා                                     do away with - යමක් නැතිව කරගෙන යනවා

ඉංග්‍රීසියේදී බහුලවම phrasal verbs භාවිතා කෙරෙනවා.  සමහර අවස්ථාවලදී වාඛ්‍යයේ ඇත්තේ phrasal verb තේරුමක්ද නැද්ද යන වග හරියටම දැනගැනීමටද සිදු වෙනවා.  උදාහරණයක් ලෙස,

I go through hardships.
I go through the gate.

ඉහත වාඛ්‍ය දෙකෙහිම “go through” යෙදී ඇත.  එහෙත් පළමු වාඛ්‍යයේ එය “විඳවනවා” යන අරුතින් phrasal verb එකක් ලෙස හා දෙවැනි වාඛ්‍යයේ “තුළින්” හා  “යනවා” යන සාමාන්‍ය අරුත්වලින් go හා through යෙදී ඇති බවත් පෙනේ.  එය හරියමට දැනගන්නේ සන්දර්භය තුළින්ය.  (එනම් එම වාඛ්‍යවලට වලංගු හා උචිත තේරුමක් ලැබෙන අවස්ථාව ඔබට ඉබේම තේරේවි.)

Exercises 10-6
Please get off the bus now.  (....................................................)
Don’t take off clothes.  (.................................................................)
My debts were written off by the bank.  (.................................)

phrasal adjectives, phrasal adverbs, phrasal preposition, phrasal conjuctions ද මේ අනුව පවතිනවා නේද?

good යන්න සාමාන්‍ය adjective එකකි.  අවශ්‍ය නම් නිපාත කොටසක් මෙවැනි සාමාන්‍ය නාම විශේෂණයකට පිටුපසින් යෙදිය හැකි බව ඔබ දන්නවා.  උදාහරණයක් ලෙස, “good at music” (සංගීතයට හොඳ/දක්ෂ) ලිවිය හැකියි නේද?  මෙවැනි සාමාන්‍ය නාම විශේෂණයකට නිපාත කොටස් ආදිය යොදා සකස් කරගන්නා විශේෂණ phrasal adjective ලෙස හැඳින්වෙනවා.  ඔබට දැන් වුවමනා නම් නිකම්ම “හොඳ” ලෙස නැතිව “සංගීතයට හොඳ” ලෙස නාම විශේෂණය නාමපදයක් ඉදිරියෙන් යොදන්නට, ඔබ කරන්නේ කුමක්ද?  උදාහරණයක් විදියට “සංගීතයට හොඳ ළමයා මගේ පුතාය” යන්න ලියන්නට ඔබට සිතෙන්නේ පහත ආකාරයට නේද?

The good at music boy is my son.

එහෙත් ඉහත විදියට එය ලිවිය නොහැකිය.  එය තරමක් වෙනස් කළ යුතුය.  එය දෙවිදියකට සිදු කළ හැකිය.  එක්කෝ, good at music යන phrase එක කොමාවක් ‍යොදා නාමපදයට පිටුපසින් යෙදිය හැකිය.

The boy, good at music is my son.

අනෙක් ක්‍රමය නම්, phrasal adjective එකේ හිස් තැන් වෙනුවට hyphen (-) යොදා එම වචන “කැබැලි” කිහිපයම තනි දිගු වචනයක් කිරීමයි.  මෙම ක්‍රමය වචන (කෑලි) දෙක තුනක් පමණක් තිබෙන අවස්ථාවල පමණක් භාවිතා කරන්න.  වචන (කෑලි) විශාල සංඛ්‍යාවක් ඇති විටෙක මෙය භාවිතා කිරීම මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් වැනිය.  මොන අවස්ථාවට වුවද පළමු ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක් බවද මතක තබා ගන්න.

The good-at-music boy is my son.
The teacher, kind to students is my uncle.
(= The kind-to-students teacher is my uncle.)
(ළමයිනට කරුණාවන්ත ගුරුවරයා මගේ මාමාය.)

phrasal preposition ඇත්තේ preposition මෙන්ම කිහිපයකි.  කිහිපයක් පහත ඇත.  මේවාද නිපාතම බැවින් නිපාත යොදාගත් ආකාරයටම වාඛ්‍යවල යොදන්න.

in connection with - සම්බන්ධයෙන්    in front of - ඉදිරියෙන්
with regard to - ගැන                          with respect to - විෂයෙන්
on behalf of – (කවුරුන්) වෙනුවෙන්    instead of - වෙනුවට
                                                              (ආදේශකයක් ලෙස)
owing to, because of, due to - නිසා    as of – (යම් දිනක) සිට
apart from - ඒ හැරුනාම                     ahead of - ඉදිරියෙන්
regardless of, in spite of - හැරත්        subsequent to - (යම්
                                                                සිද්ධියකට) පසු

I thank you on behalf of my class.  (මගේ පන්තිය වෙනුවෙන් මම ඔබට ස්තූති කරනවා.)

වාඛ්‍යයක ඇති ක්‍රියාවට පසුව “or not” යන කොටස දැමූ විට, “කරනවාද නැද්ද” යන තේරුම ඉන් ඇති වේ.

Are you coming or not?  - ඔබ එනවාද නැද්ද?
Did she eat it or not?  - ඇය ඒක කෑවාද නැද්ද?
Have you gone to Kandy recently or not?  - ඔබ ළඟදී නුවර ගිහින් තියෙනවාද නැද්ද?

Exercises 10-7
………………………………………………..  (ඔබ හෙට පාසල් යනවාද නැද්ද?)
.....................................................  (ඔබ ගුරුවරයෙක්ද නැද්ද?)

ක්‍රියාවක ing-ස්වරූපය හා past participle ස්වරූපය අපට නාම විශේෂණ ලෙසද යොදාගත හැකිය.  ing රූපයේ තේරුම “කරන” ලෙසද, past participle රූපයේ තේරුම “කරපු” ලෙසද ලැබේ.

eating - කන                eaten - කාපු
drinking - බොන          drunk - බීපු

The singing child is my son.  (සිංදු කියන ළමයා මගේ පුතා.)
A crying child came to the church.  (අඬන ළමයෙක් පල්ලියට ආවා.)
He got a profit from sold fruits.  (විකුණපු පළතුරුවලින් එයා ලාභයක් ලැබුවා.)

Exercises 10-8
In developing countries, children don’t get advanced facilities in school.  (.............................................................................)
In developed countries, patients are treated with advanced medical equipment.  (..............................................................)

පෙර පාඩමකදී ඉගෙන ගත්තා සර්වනාමවලින් සාදා ගනු ලබන his, my වැනි අයිතිය හඟවන වචන නාම විශේෂණ ලෙස යෙදෙන බව.  තවද, ඔබ‍ට සමහරවිටක නොදැනෙන්නට ඇති සාමාන්‍ය නාම විශේෂණ අප දෙයාකාරයකින් යෙදූ බව.  එනම්,

         1.      නාමපදයක් ඉදිරියෙන්. උදා:

good boy, bad child, kind girl

        2.      BE-වාඛ්‍යයක ඇති be ක්‍රියාවට පසුව.  උදා:

I am good.       She was kind.

ඉහත දෙයාකාරයකින් යෙදුවත් විශේෂණ පදවල රූපය වෙනස් වූයේ නැහැ.  එකම ස්වරූපයෙන්ම ඒ තැන් දෙකෙහිම යෙදුනා.  එහෙත් සර්වනාමවලින් සෑදෙන my, his, our වැනි විශේෂණවලදී පමණක් ඉහත ආකාර දෙක සඳහා ස්වරූප දෙකක් තිබේ.  ඔබ දැනටමත් දන්නා my, his, your ආදී ස්වරූපයන් යෙදිය හැක්කේ ඉහත පෙන් වූ පළමු ආකාරය වන නාමයක් ඉදිරියෙන් යෙදෙන විට පමණි.  දෙවැනි ආකාරයට එය කිසි සේත් යෙදිය නොහැකිය.  දෙවැනි ආකාරයට යෙදීමට එහිම වෙනත් ස්වරූපයන් ඇත.  ඒවා පහත දැක්වේ.

ඒකවචන
බහුවචන
Mine - මගේ
Ours - අපේ
Hers - ඇගේ
His - ඔහුගේ
Its - උගේ, ඒකේ

Theirs - ඔවුන්ගේ, උන්ගේ, ඒවායේ
Yours - උඹේ, ඔබේ, ඔබ වහන්සේගේ ...
Yours - උඹලාගේ, ඔබලාගේ, ඔබ වහන්සේලාගේ ...

මෙම ස්වරූපයන්හි තේරුම් වෙනස් නොවන ‍බව මතක තබා ගන්න.  එම රූපයන් මතක තබා ගැනීමට පහසුය.  ඒවා සෑදී ඇත්තේ අයිතිය හඟවන අනෙක් රූපයන්හි අගට s දැ‍මීමෙන් නේද?  දැනටමත් s ඇතිනම් මුකුත් දමන්නේද නැත.  වෙනස් ආකාරයට ඇති එකම පදය mine පමණි (එය mys නොවේ.)  මෙම රූපයන් නාම ඉදිරියෙන් යෙදිය නොහැකි බව තරයේ මතක තබා ගන්න.

The book is mine(මෙය the book is my ලෙස ලිවිය නොහැකිය.)
That house was mine those days, but it is hers now. 
(ඒ කාලේ ඒ ගෙදර මගේ (වුණා), නමුත් දැන් ඒක ඇගේ.)
How can my dog be his? 
(මගේ බල්ලා ඔහුගේ වෙන්න පුළුවන් කොහොමද?)
Is this pen yours?  (මේ පෑන ඔබේද?)

Exercises 10-9
……………………………………………. (මේ ගෙදර එයාගේද?)
Don’t worry.  It will be yours soon.  (............................................)

ඉහත සර්වනාම නොවන නිකම් කමල්, කාන්ති, ගුරුවරයා වැනි නාමපදවලද අයිතිය හැඟවීමට (කමල්ගේ, කාන්තිගේ, ගුරුවරයාගේ ආදී ලෙස) කෙටි ක්‍රමයක් ඇත.  එනම්, එම නාමපදය අගට ‘s (උඩු කොමාවක් හා s අකුර) දැමීමයි.  මෙලෙස සෑදෙන පදද නාම විශේෂණ ලෙස නාමයන්ට ඉදිරියෙන් යෙදේ.

Kamal’s (කමල්ගේ)                 Boola’s (බූලාගේ)
the teacher’s (ගුරුවරයාගේ)   a teacher’s (ගුරුවරයෙකුගේ)
the table’s (මෙසයේ)              a table’s (මේසයක)

එහෙත්, s අකුරින් අවසන් වන බහුවචන නාමපදවලට එලෙස ‘s දමන්නේ නැතිව, නිකම්ම උඩු කොමාව (‘) පමණක් දැමිය යුතුය.

the teachers’ (ගුරුවරුන්ගේ)   tables’ (මෙසවලැ)

අප දැන් මෙවැනි පද වාඛ්‍යයක යොදා බලමු.

It is Nimal’s dog.  (ඌ නිමල්ගේ බල්ලා.)
I saw the table’s legs.  (මම දැක්කා මෙසේ කකුල්.)
This is the teachers’ rest room. 
(මේක ගුරුවරුන්ගේ විවේක කාමරය.)

Exercises 10-10
I want Kanthi’s car.  (..............................................................)
.............................................. (කමල් කැමතියි කමලාගේ ගෙදරට.)

my, our, his වැනි අයිතිය හඟවන නාම විශේෂණ මෙන්ම, Nimal’s, Kanthi’s ආදී ලෙස යම් කිසි (පුද්ගල/ස්ථාන) නමක් ඇසුරින් සාදාගනු ලබන අයිතිය හඟවන නාම විශේෂණද යොදන විට, කිසි විටෙක a, the යන පද යෙදිය නොහැකිය.  එම විශේෂ පද ස්වභාවයෙන්ම නිශ්චිත බවින් යුතු වීම ඊට හේතුවයි.

ඒ අනුව “නිමල්ගේ බල්ලා” යන තේරුමින් “Nimal’s dog” යෙදිය හැකි වුවත්, “නිමල්ගේ බල්ලෙක්” යන තේරුම දීමට “a Nimal’s dog” ලෙස ලිවිය නොහැකිය.  එලෙසම, “මගේ බල්ලා” යන තේරුමින් “my dog” ලිවිය හැකි වුවත්, “මගේ බල්ලෙක්” යන තේරුමින් “a my dog” ලෙස ලිවිය නොහැකිය.  මෙම අවිනිශ්චිත තේරුම් දීමට අපට වෙන ක්‍රමයක් ඉංග්‍රීසියේ ඇත.  එය සාදා ගන්නේ one ofයන කොටස ආශ්‍රයෙනි.  එහිදී අයිතිය හඟවන විශේෂණයට පසුව තිබිය යුත්තේ බහුවචන නාමපදයක් බවද මතක තබා ගන්න.  උදා:

one of my dogs (මගේ බල්ලෙක් (මගේ බල්ලන්ගෙන් එකෙක්))
one of Nimal’s dogs (නිමල්ගේ බල්ලෙක්)

This is one of Kanthi’s friends.  (මේ කාන්තිගේ යාළුවෙක්.)
One of your dogs was seen on the road, when I came home.  (මං ගෙදර එන කොට ඔයාගේ බල්ලෙක් පාරේදි දැක්කා.)

ඉහතකදී අප ඉගෙන ගත්තා විශේෂණ පදයක් “වඩාත්ම” යන අරුතින් යෙදෙන අවස්ථාවලදී අනිවාර්යෙන්ම the දැමිය යුතු බව.  ඒ අනුව “the most beautiful girl” යනු “වඩාත්ම ලස්සන ගැහැණු ළමයා” වේ.  ඔබට “වඩාත්ම ලස්සන ගැහැණු ළමයෙක්” යනුවෙන් අවිනිශ්චිත ස්වරූපයෙන් ලිවීමට අවශ්‍ය වූ විට, කිසි විටෙක් “a most beautiful girl” යනුවෙන් ලිවිය නොහැකියි නේද?  (ඊට හේතුව හැම විටම the යන්න යෙදිය යුතු නිසා.)  මෙවිටද, one of යන යෙදුම භාවිතා කළ යුතුය.

one of the most beautiful girls (වඩාත්ම ලස්සන/ලස්සනම ගැහැණු ළමයෙක්)
one of the best friends (හොඳම යහළුවෙක්)
one of my best friends (මගේ හොඳම යහළුවෙක්)

ඉහත “my best friend” යන කොටසේ the යන්න යෙදී නැහැ නේද?  ඊට හේතුව ඔබට සිතා ගත හැකිද?  ඔව්, my යන්න තුළ නිශ්චිත බව (එනම් the යන්න) ඉබේම තිබෙන බව මොහොතකට පෙරද සඳහන් කළා මතකද?

Exercises 10-11
One of my friends knows one of the best authors in the country.  (.....................................)
..........................  (එයාගේ ලොකුම ගෙයක් එයා විකුනන්න යන්නේ.)

“one of …” ක්‍රමයේ තවත් වාසියක් ඇත.  ඊට පෙර බලන්න, එහි තේරුම “... වලින් එකක්” ලෙසද ගත හැකි බව.  ඒ අනුව, මෙම රටාවෙන්ම “... වලින් දෙකක්/තුනත්/සියයක්” ආදී ලෙසද පැවසිය හැකියි නේද?

two of the most beautiful girls (වඩාත්ම ලස්සන ගැහැණු ළමයි දෙන්නෙක්)
two hundred of Nimal’s coins (නිමල්ගේ කාසි දෙසියයක්)


අවධාරණය කරන වාඛ්‍ය

පහත වාඛ්‍යය බලන්න.

I will finish it.

මෙහි සිංහල තේරුම “මම එය ඉවර කරන්නම” කියා නේද?  දැන් ඔබට එය පහත ආකාරයට අවධාරණයක් සහිතව ලියන්නට ඕනෑ යැයි සිතන්න.

මම එය ඉවර කරන්නම්.

සිංහලේදී මෙලෙස නාමපදයක් (කර්තෘ හෝ කර්ම හෝ වෙනත් නාමපදයක්) අගට “ම” දැමූ විට, අවධාරණාත්මක ගතියක් ලැබෙනවා නේද?  ඉංග්‍රීසියෙන්ද එවැනි අවධාරණයක් ඇති කළ හැකිය.  ඒ සඳහා කළ යුත්තේ, අදාල නාමයට පසුව පහත වගුවෙන් දැක්වෙන “අවධාරණාත්මක පදයක්” දැමීම පමණි.

ඒකවචන
බහුවචන
Myself – I හා me සමඟ
Ourselves – we හා us සමඟ
Herself – she, her, Kamala වැනි ස්ත්‍රී නම් සමඟ
Himself – he, him, Nimal වැනි පුරුෂ නම් සමඟ
Itself – it සමඟ

Themselves – they, them සමඟ
Yourself – you සමඟ
Yourselves – you සමඟ

ඉහත වගුව බැලූ විට පෙනී යන්නේ, ඒ ඒ සර්වනාම සඳහා ඊට සුදුසු පදයක් ඇති බවය.  තවද, බහුවචන පදවල අග selves (self හි බහුවචන ස්වරූපය) ඇති අතර ඒකවචන පදවල ඇත්තේ self වේ.  උක්ත අනුක්ත අවස්ථා දෙක සඳහාම ඇත්තේ එකම පද බවද පෙනේ (උදා: I හා me යන අවස්ථා දෙකටම myself වේ.)  මෙම තොරතුරු ටික දැනගත් විට, ඒවා මතක තබා ගැනීම තවත් පහසු වුණා නේද?  දැන් වාඛ්‍යවල ඒවා යොදා බලමු.  පළමුවෙන්ම ඉහත “මමම ඒක ඉවර කරන්නම්” යන වාඛ්‍යය ඉංග්‍රීසියෙන් ලියමු.

I myself will finish it.
We ourselves will finish it.  (අපිම එය ඉවර කරන්නම්.)
She herself will finish it.  (ඇයම එය ඉවර කරාවි.)
Lasantha himself will finish it.  (ලසන්තම එය ඉවර කරාවි.)
Whita itself will finish it.  (වයිටාම එය ඉවර කරාවි.)
I want to talk to Kamal himself
(මට කතා කරන්නට ඕන කමල්ටමයි.)
She herself will talk to Kamal himself(ඇයම කතා කරයි කමල්ටම.)

Exercises 10-12
You yourself must learn it.  (......................................................)
That dog itself is wanted by everyone.  (.......................................)

වාඛ්‍යය කෙටි නම් හා තේරුම පැටලිලි සහිත නොවෙයි නම්, ඉහත අවධාරණාත්මක පදය අදාල නාමපදයට පසුව නොව, අවශ්‍ය නම් වාඛ්‍යයේ අගට වුවද යෙදිය හැකිය.

I will finish it myself.  (I myself will finish it.)

එහෙත් එලෙස අගට දමනු ලබන විට සමහර අවස්ථාවල වාඛ්‍යයේ තේරුම ව්‍යාකූල විය හැකිය.  උදා:

Kamal helped Nimal himself.

ඉහත වාඛ්‍යයේ තේරුම කුමක්ද?  දැන් එහි යෙදී ඇති himself යන පදය කාට අයිති විය හැකිද?  Kamal ටද Nimal ටද?  මෙවැනි ව්‍යාකූලතාවක් ඇති විය හැකි අවස්ථාවක් නම්, එම පද එලෙස වාඛ්‍යයේ අගට යොදන්නේ නැතිව “Kamal himself helped Nimal” ලෙසම තැබීම සුදුසුයි නේද?  ඒ අනුව ඉහත වගන්තයේ himself අයිති වන්නේ Nimal ට යැයි අපට සිතීමට සිදු වේ (එනම් එවැනි ව්‍යාකූල අවස්ථාවක එම පදය ළඟම ඇති ගැලපෙන නාමපදයට අයිති බව සිතන්න).

ඉහතකදී විවිධ ආකාරයෙන් ප්‍රශ්න අසන සැටි මෙන්ම ඒවාට උත්තර දෙන සැටිද ඔබ උගත්තා.  එකම ප්‍රශ්නය එකිනෙකාගෙන් කිහිප විටක්ම අසන අවස්ථාද ඇත.  එනම්, ගුරුවරයෙක් පංතියේ ළමයින්ගෙන් යම් එකම ප්‍රශ්නයක් එකින් එකාගෙන් අසන අවස්ථාවක් ගන්න.  මෙවැනි අවස්ථාවකදී, එකම ප්‍රශ්නය (එකම වචන “සෙට් එක”) අසන විට නීරස බවක් දැනෙන බව ඔබ දන්නවා.  මෙවැනි අවස්ථාවල පළමු ප්‍රශ්නය දීර්ඝව සාමාන්‍ය පරිදි අසා ඊ ළඟට එම ප්‍රශ්නය කෙටි ක්‍රමයකින් ඇසිය හැකිය.  විටෙක මුවින් කිසිදු වචනයක් නොකියා ‍අනෙකාගේ මුහුණ දෙස බැලූ විටද ඔහු තේරුම් ගන්නේ තමාගෙන්ද එම ප්‍රශ්නය ඇසූ බව නේද?  තවත් සමහර විටෙක මුහුණ දෙස බලා ඔළුව ඉහළට සෙලවීමෙන්ද එම දෙයම ඉටු කර ගන්න පුළුවන්.  එවිටද එකදු වචනයක් කටින් පිට නොකරම එම ප්‍රශ්නය ඇසුවා ලෙස සිතිය හැකිය.

ඉහත වචන නොකියා ප්‍රශ්නය නැවත ඇසීමට හැකි වුවත්, එය එතරම් ශිෂ්ඨ ක්‍රමයක් නොවිය හැකිය.  එවැනි විටක, අනෙකාගේ මුහුණ දෙස බලා, “you?” කියා එම ප්‍රශ්නය ඇසිය හැකිය.  උදා:

Did you write the letter?

මෙය කමල්ගෙන් ඇසුවා යැයි සිතමු.  එම ප්‍රශ්නයම දැන් ඊ ළඟට සිටින නිමල්ගෙන්ම අසන විට, නිමල් දෙස බලා,

You?

ලෙස පමණක් ඇසිය හැකිය.  මීටත් වඩා හුරු බුහුටි හා වැදගත් ක්‍රමයක් ඇත.  එනම්, දිග ප්‍රශ්නයේ උක්තය තෙක් ඇති කොටස (ඊට බොහෝ විට ඇත්තේ වාඛ්‍යය ආරම්භයේ ඇති ක්‍රියාවේ පළමු කොටස හා උක්ත පදය පමණි.) පමණක් අසන්න.  ඒ අනුව, ඉහත “did yu write the letter?” යන්න,

Did you?

ලෙස හුරුබුහුටියට ඇසිය හැකිය.  තවත් උදාහරණක් බලමු.

Did the beautiful girl win the game?  (මෙය පළමු වර කමල්ගෙන් ඇසුවා යැයි සිතමු.)
Did she?  (දැන් කෙටි ක්‍රමයෙන් අනෙක් අයගෙන් අසන විට)

මෙහි, “the beautiful girl” යන කොටස වෙනුවට “she” යන තනි සර්වනාමය යොදා ඇත.

එදිනෙදා ජීවිතයේදී අප බොහෝ දේවල් ගැන කෙටියෙන් කතා කරනවා.  සන්දර්භය තුළින් අප එම කෙටි වාඛ්‍ය ව්‍යාකූල කරගන්නේ නැතිව හොඳින් තේරුම් ගන්නවා.  එවැනි අවස්ථා කිහිපයක් සලකා බලමු.  ඉන්පසු ඔබට මේ ගැන හොඳින් වැටහේවි.

Where did you go last week? කියා ඔබෙන් කෙනෙකු ඇසූ විට, බොහෝ විට ඔබ පවසන්නේ Kandy (හෝ එවැනි කෙටි වෙනත්) වැනි පිළිතුරක් නේද?  Kandy යන පදය නිකම්ම තිබුණා නම් එහි සම්පූර්ණ තේරුමක් නැත.  එහෙත් ඉහත ප්‍රශ්නය සමඟ එය ඇති විට එහි සම්පූර්ණ තේරුම I went to Kandy last week ලෙස කියවන හෝ අසන කෙනා තේරුම් ගන්නවා.  බොහෝම අවස්ථාවලදී අපෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ මේ ආකාරයෙන් නේද?

Did you eat it?  Yes.  (Yes, I ate යන තේරුමින්)
Who ate the cake?  Kamal.
 (Kamal ate the cake යන තේරුමින්)
With whom did you go to the temple?  With Kamal
(I went to the temple with Kamal යන්න)
What are you doing now?  Eating.  (I am eating now)
What were you doing yesterday?  Eating.  (I was eating yesterday)

ඉංග්‍රීසි භාෂාවේ සාම්ප්‍රදායිකව පැවත එන සංකල්පයක් ‍තියෙනවා “eight parts of speech” ලෙස.  මින් කියැවෙන්නේ, ඉංග්‍රීසි භාෂාවේ ඇති සියලුම වචන ප්‍රධාන කොටස් අටකට බෙදා වෙන් කළ හැකි බවයි.  මෙම සියලු පද ගැන ඔබ ඉගෙන ගත් පසු ඉබේම භාෂාව ඉගෙන ගත හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.  මා එය පෞදගලිකව ප්‍රතික්ෂේප කළත් මෙම පොතෙහිද ඔබ එම වචන ගැන අවශ්‍ය පමණ ඉගෙන ගත්තා.
ම වචන වර්ග අට නම්: noun, pronoun, verb, adjective, adverb, preposition, conjunction (and, but, or, because, while වැනි පද), interjection වේ.

ඔබ interjection ගැන මෙම පොතෙහි දැක්කේ දැන් නේද?  ඔව්, එය එතරම් වැදගත් කමක් නැති එකකි.  ඔබ පුදුමයට හෝ අනපේක්ෂිත අවස්ථාවකට පත් වූ විට මෙම පද ඉබේම ඔබේ මුවින් කියැ වේ.  උදාහරණයක් ලෙස, කෙනෙකු ඔබට කෙනිත්තූ විට, “ඌයි” කියා ඔබට කියවෙනවා නේද?  ඒ වගේමයි ලස්සන දෙයක් දුටු විට “ෂා” කියාද ඔබට කියැවෙනවා.  ඒවා ඔබ හිතා මතා කියන පද නොවෙයි.  ඉබේම කියැවෙන ඒවාය.  ඉංග්‍රීසියේද මෙවැනි වචන ඇත.  සුද්දෙකුව කෙ‍නිත්තූ විට ඔහු “ඌයි” කියන්නේ නැත.  ඔහුට කියැවෙන්නේ “අවුච්” (ouch) කියාය.  ලස්සන දෙයක් දුටු විට “ෂා” කියන්නේ නැතිව “වාව්” (wow) කියයි.

මෙම පදවල මා දකින ගැටළුව මෙයයි.  මේවා බොහෝ විට “උපතේ සිට පැවත එන” පුරුදු වැනිය.  එමනිසා නේද ඒවා ඉබේම වගේ කටින් පිට වෙන්නේ ඒ ඒ අවස්ථාවලදී (හරියට ඔබ දුවන විට හති දමනවා වැනිය.  හති දමන්නේ ඉබේම මිසක් ඔබට සිතුනු නිසා නොවේ නේද?)  ඉතිං මෙවැනි පද අප කට පාඩම් කරගෙන ඇති පලය කුමක්ද?  කෙනෙකු ඔබව කෙනෙත්තූ විට හරි නම් ඔබට ඉබේම “ඌයි” කියා කියවිය යුතුය.  එහෙත් මෙලෙස මෙම පද උගත් කෙනෙකු “අවුච්” කියාද කියන අවස්ථා දැක තිබෙනවා.  එය හරියට දුවන්නේ නැතිවම බොරුවට හති දමනවා වැනි නේද?  එතැන තිබෙන්නේ “සෝබන” වැඩකි.  ඔබ මෙම වචන පාඩම් කළාට වරදක් නැත.  ඊට හේතුව එම වචන කවුරුන් හෝ යෙදූ විට ඒවායේ තේරුම් ඔබ දැන සිටිය යුතු නිසා.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,