Skip to main content

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 5

Punctuation Marks (විරාම ලකුණු)

මේවා භාවිතා කරන්නේ ලිඛිත භාෂාවේදී වන අතර, කථනයේදීද මේවායේ බලපෑම ඇත (උදා: කොමාවක් ඇති තැනක සුළු වේලාවක් නිහඩ වීම හා නැවතීමේ තිතක් ඇති තැනක වැඩි කාලයක් නිහඩ වීම). (ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ) ඕනෑම වාඛ්‍යයක් අවසන් විය හැක්කේ period, question mark, exclamation mark යන තුනෙන් එකක් මගින් වන අතර, ඊ ළඟ වාඛ්‍යය ලියන්නේ හිස්තැන් (spaces) 2ක් තැබීමෙන් පසුය. Comma, colon, semicolon, slash යන ඒවා යෙදූ පසු එක් හිස්තැනක් තැබිය යුතුය (එම ලකුණුවලට ඉදිරියෙන් හිස් තැන් නැත).  විරාම ලකුණු සැලකිල්ලෙන් තැබිය යුතුය මක්නිසාද යත් එක් කොමාවකින් වුවද වැකියක් වෙනස් කළ හැකිය.  විරාම ලකුණු නිවැරදිය නොයෙදුවොත් වාඛ්‍යයක අර්ථය සමුපූර්ණයෙන්ම වෙනස් වීමටද ඉඩ ඇත.  පහත උදාහරණ කිහිපය බලන්න.

“මරන්න.  එපා නිදහස් කරන්න.”
“මරන්න එපා.  නිදහස් කරන්න.”

ඉහත වාඛ්‍යයේ නැවතීමේ තිත එහාට මෙහාට වීමෙන් තේරුම කොතරම් වෙනස් වී ඇතිදැයි ඔබට පේනවා නේද?

The bear enters the pub, eats, shoots, and leaves.  (වළහා තැබෑරුමට ඇතුළු වී, කා, වෙඩි තියා, පිටව ගියා)
The bear enters the pub, eats shoots and leaves.  (වළහා තැබෑරුමට ඇතුළු වී, රිකිලි සහ දළු කයි.)

බලන්න ඉහත ඉංග්‍රීසි වගන්ති දෙක.  දෙකෙහිම ඇත්තේ එක විදියටම ලියූ වචන වුවත්, කොමා යොදා ඇති ආකාරය අනුව තේරුම් දෙක අහසට පොළොව මෙන් වෙනසක් ඇති වූවා නේද?

වැගදත් ලියවිලි වල මෙම විරාම ලකුණු ඉතා පරිස්සමින් යෙදීමට ඔබ වගබලා ගත යුතුයි.  2005 දී පමණ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවක් නිසා, හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අවුරුද්දක් රට පාලනය කිරීමට අවකාශය තිබියදීත්, ඉවත් වීමට සිදු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් ලියැවිල්ලේ තිබූ විරාම ලක්ෂණයක් හේතු කොට ගෙන බවද මතක තබා ගන්න.  විරාම ලකුණු කෙතරම් වැදගත්දැයි එයින්ම සිතාගත හැකි නේද?

       1.      Full stop (period) [.] - නැවැතීමේ තිත

සාමාන්‍ය ප්‍රකාශනයක් (විධාන හා ඉල්ලීම්ද ඇතුලත්ව) අවසානය හැඟවීමට යෙදේ.  eg:

I do not like him.

Go there.        
Would you give it to me please.

Mr. , Ms. , Mrs. , Dr. , Rev. , Prof. ,
ආදි කෙටිකරපු titles සමඟද භාවිතා කෙරේ.


       2.      Comma [,] - කොමාව

යම් කිසි list එකක items වෙන් වශයෙන් දක්වයි. මෙහිදි, අවසන් items 2 අතර කොමාවට පසු and යන පදය සාමාන්‍යයෙන් දමයි. and, but, or යන පද වලින් වාඛ්‍යය 2ක් එකතුකරන විටද කොමාවක් දමයි.  eg:

Kamal, Nimal, and Sunil came.
Do you like ice cream, or cakes?

because, if
වැනි පද මඟින් වාඛ්‍යය 2ක් එකතු කිරීමේදි, අප්‍රධාන වාඛ්‍යය (if, because වැනි පදය ඇති කොටස) මුලින් ලියන විට, එම ‍අප්‍රධාන වාඛ්‍යය අවසන කොමාවක් දමයි.  eg: Because I work hard, I will pass the exam.  (I will pass the exam because I work hard.)

දිගු phrases වගන්තියකට දමන විට, කොමාවක් මඟින් එම phrase එක වෙන් කළ යුතුය.  eg:

I came home, looking for him.
I came home crying. (කුඩා නිසා කොමා නැත)

පුද්ගලයන්ගේ රැකියාව/තනතුරු/වෙනත් ලක්ෂණ ආදිය කීමේදී කොමාවක් යොදා එය කිව හැකිය.  eg:

Mr. Nimal, chairman of the company came to the party.

(බොහොවිට දිගු) වාඛ්‍යය සෑදීමේදි එහි තේරුම ඔපවත් කිරීමට සුදුසු තැන්හි කොමා යෙදිය හැකිය.
  eg:

Of course, I know him very well.


       3.      Question mark [?]  - ප්‍රශ්නාර්ථ ලකුණ

ප්‍රශ්නයක් අවසානයේ යෙදේ.  ප්‍රශ්න වැලක් ඇති විටක (එකම වගන්තිය තුළ), ? ඉන් සැමටම යෙදේ.  eg:

Do you love me?
Do you love me? For what? Since when?


       4.      Colon [:] - කෝලන් එක/දෙතිත

නැවතීමේ තිතට වඩා සැර අඩු එක්තරා නැවතීමේ තිතක් ලෙස සැලකිය හැකිය. බොහෝ විට වාඛ්‍යයක් තුළ තවත් “වාඛ්‍යය list එකක්” ඇති විට, එම ලිස්ට් එක පටන්ගන්නට පෙර ඇති වාඛ්‍යය කොටස කෝලන් එකකින් වෙන් කෙරේ. තවද, eg: , ex: වැනි තැන්වලද මෙය යෙදේ.  eg:

A computer system consists of three main subsystems:
      (a) Hardware – tangible parts
      (b) Software – intangible parts
      (c) Liveware – humans (operetors, programmers, etc)


Colon එකට පසු dash එකකුත් සමහරුන් යොදනවා. ( :- ) . එය කරන්න එපා.


       5.      Semi-colon [;] - සෙමිකෝලන් එක/තිත් කොමාව

කෝලන් එකට වඩා සැර අඩු ‍එහෙත් කොමාවට වඩා සැර වැඩි තවත් නැවතීමේ ලකුණකි. කොමා දැනටමත් යෙදී ඇති අවස්ථාවල තවත් කොමා යෙදිය යුතු වුවද එසේ කොමා යෙදුවොත් අවුල් සහගත වන අවස්ථාවල මෙමගින් එම කාර්ය කෙරේ.  eg:

Mr. Kamal, chairman of the company; Ms. Namali, director; and I went to party.

and, but, or
ආදි පදයකින් සම්බන්ධ කළ යුතු වාඛ්‍යය කිහිපයක් ඒවා නැතිව කෙළින්ම මෙමගින් ලියයි.  eg:

I like rice, but she likes bread. à I like rice; she likes bread.


       6.      Exclamation mark [!] - තිත්හුය/විශ්මයාර්ථ ලකුණ

ආශිර්වාද වැකි, අවධාරණය පිණිස ලියන වැකි අගට මෙය යෙදේ.  eg:

May the God bless you!
Sale!  Sale!  Sale!


       7.      Hyphen [X-Y] හා Dash [X – Y]

hyphen එක දෙපස හිස් තැන් නොමැති අතර dash එක දෙපස එක හිස්තැන බැගින් ඇත. එකම සලකුණ මෙන් පෙනුනත් ඒ 2 අතර විශාල වෙනසක් ඇත. Hyphen යොදන්නේ වචන හෝ වචන කෑලි කිහිපයක් එකතු කිරීමටය. eg:

re-run
good-for-nothing

dash යොදන්නේ වාඛ්‍යයක් ලියාගෙන යන අතරතුර ඊට අදාල වෙනත් අතුරු කරුණක් එකවර වාඛ්‍යය තුළට දැමීමටය. මෙවිට එම අතුරු කරුණ ඉවර වූ පසු තවත් dash එකකින් හෝ කොමාවකින් එම ඉවරවීම සටහන් කර, අර මුලදී ලියමින් පැමිණි වාඛ්‍යයේ ඉතිරිය ඉන්පසු සම්පූර්ණ කෙරේ.  eg:

Communication – both electronic, and paper correspondence – is vital to any business.


       8.      Quotation mark (quotes) -> Single quotes [‘abc’] හා Double quotes [“abc”] - පෙරැළි කොමා

යම් කිසි තැනකින් කෙටි උපුටා දැක්වීමක් (ඒ තිබුණු වචන වලින්ම) ලිවීමේදි single or double quotes භාවිතා කළ හැකිය. 
eg:

Shakespeare said “life is a stage, and we are actors on it.”

මෙලෙස උපුටාදක්වන විටක, එම උපු‍ටාගැනෙන කොටසේ දැනටමත් එක් (single or double) quotes එකක් ඇති විටක අපට අනෙක් quotes එක භාවිතා කළ හැකිය.  eg:

President said “We must protect our ‘pearl of the Indian ocean’.”

යම් වචන කණ්ඩයක් උලුප්පා දැක්වීමටද quotes යෙදේ.  
eg:

“pearl of the Indian ocean”


       9.      Parantheses [(abc)] - වරහන්

යම් අමතර දෙයක් පැවසීමට අවශ්‍ය වූ විට ඒවා වරහන් තුළ යෙදේ.  eg:

China is a developed country now (according to new reports).


       10.  Slash (stroke) [/] - ඇල ඉර

දින වෙන්කිරීමේදී හා එවැනි වෙන් කිරීමේ අවශ්‍යතාව ඇති වෙනත් ඕනම විටක භාවිතා කළ හැකිය.  eg:
2010/02/28

Your reference number is 2010/A/034


       11.  Ellipsis [ … ] - ලුප්තය

යම් උපුටාගත් වාඛ්‍යයක යම් තැනකින් වචන කොටස් ඉවත් කර ඇති විටක, ඒ බැව් හැඟවීමට මෙය යෙදේ. තවද, වාඛ්‍යයක අවසානයේ යම් ලැයිස්තුවක් පවසා අවසන මෙය යෙදූවිට “ආදි ලෙස” යන අරුත ලැබේ. ඉංග්‍රීසියෙන් “and so on” , “and so forth” , “and so on and so forth” හෝ “etc” / ”etcetera)” ලෙස මෙය වචනයට පෙරලිය හැකි.  eg:

Shakespeare said “… and we are actors …”.

ඉහත ප්‍රධාන විරාම ලකුණුවලට අමතරව, තවත් විරාම ලකුණු හා සංඥා කිහිපයක් ඇත: @ (at sign) , ~ (tilde) , # (hash or pound) , ^ (hat) , […] (bracket) ,  \ (back slash) , ‘ (apostrophe), & (ampersand)  එම සංඥා හා විරාම ලකුණුවලට කියන නම වරහන් තුළ ඇත. මේවා යෙදෙන තැන්ද සොයාබලන්න.
eg:  erddhi@gmail.com (මෙම ඊමේල් ඇඩ්රස් එක් ශබ්දකරනුයේ “ඉර්ද්ධි ඇට් ජීමේල් ඩොට් කොම් ලෙස)

විරාම ලකුණුවලට අමරතව අකුරු විවිධ හැඩතලවලට දැමීමද සිදු කර එම ලියා ඇති දේ උලුප්පා දැක්වීම වැනි දේවල් කළ හැකිය. අකුරු තදපාට කිරීම (bold), අකුරු ඇල කිරීම (italic), අකුරු යටින් ඉරක් ගැසීම (underline), අකුරුවල වර්ණය වෙනස්කිරීම (color), අකුරුවල size එක වෙනස් කිරීම (big sizes, small sizes) එවැනි ක්‍රම කිහිපයකි.

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...