Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 7

සුවිශේෂී විශේෂණ පද කිහිපයක්....

     ·         a little, a few - මෙම දෙකෙහිම තේරුම “ටිකක්”  යනුයි.  එහෙත් a little යොදනු ලබන්නේ “ගණන් කළ නොහැකි නාම” සමඟ වන අතර, a few යෙදෙන්නේ “ගණන් කළ හැකි (බහුවචන) නාම” ඉදිරියෙනි.

a little water (වතුර ටිකක්)
a few books (පොත් ටිකක්)

slight, a bit of, an element of, a trace of ආදී විශේෂණද “ටිකක්/යාන්තම්” යන තේරුමින් a little වෙනුවට යෙදිය හැකිය.  තවද, a little හා a few වල “a” යන්න ඉවත් කළ විට ලැබෙන්නේ “නැති තරම් (ඉතාමත්ම අඩු)” යන තේරුමයි.

little water (නැති තරම් අඩුවෙන් වතුර)
few books (නැති තරම් අඩුවෙන් පොත්)

තවද, ඉහත පද දෙකෙහි a වෙනුවට the ආදේශ කළ විට ලැබෙන්නේ “තිබෙන ටික” යන තේරුමයි.

the little water (තිබෙන වතුර ටික)
the few books (තිබෙන පොත් ටික)

     ·         much, many“ගොඩක්/බොහෝ” යන තේරුම ඇත.  much යෙදෙන්නේ “ගණන් කළ නොහැකි නාම” ඉදිරියෙන් වන අතර, many යෙදෙන්නේ “ගණන් කළ හැකි (බහුවචන) නාම” ඉදිරියෙනි.
much water (වතුර ගොඩක්)
many books (පොත් ගොඩක්)

a large number of, a vast number of, a great deal of, a lot of, lots of යන පද many වෙනුවට යෙදිය හැකි අතර, a lot of, lots of, a great deal of යන ඒවා much වෙනුවට යෙදිය හැකිය.

     ·         some“තරමක්, සමහර, යම්”

some books (පොත් සමහරක්/සමහරක් පොත්)
some water (තරමක් වතුර)

some යන්න සමඟ එකට සංයුක්ත වී සෑදෙන වචන සමූහයක්ද ඇත.  ඒවා නම්,

someday (යම් දවසක), someone/somebody (යමෙක්), somewhere/someplace (කොහේහරි), something (යමක්), somehow (කොහොමහරි), somewhat (තරමක්)

     ·         any“කිසිත්/ කිසියම් හෝ”

any book (කිසියම් හෝ පොතක්)
any water (වතුර කිසියම් හෝ ප්‍රමාණයක්/කිසිත්)

ඉහත some ලෙසම මෙයද සංයුක්ත පද සාදයි.

anyone/anybody (කිසියම් හෝ කෙනෙක්), anywhere/anyplace (කිසියම් හෝ තැනක), anything (කිසියම් හෝ දෙයක්), anyhow (කිසියම් හෝ ක්‍රමයකින්)

තවද, any ට පෙර not ඇති විට no ලෙස සෑදෙන බව මීට පෙර ඉගෙන ගත්තා මතකද?  (පිටු 178 බලන්න.)  එවිට ඉහත සංයුක්ත වචන පහත ආකාරයටද ලැබේ.  මෙවැනි පදයක් වාඛ්‍යක දැමූ විට එය ඉබේම නැත අර්ථයට පෙ‍රළෙන බව පේනවා නේද?

nobody/no one/none (කිසිම කෙනෙක් නැහැ), nowhere (කොහෙවත් නැහැ), nothing (කිසිම දෙයක් නැහැ)

Nobody likes him = Anybody does not like him.
I can do nothing = I cannot do anything.

     ·         every/each“සෑම”ඒකවචන අනියමාර්ථ (“එක්/අක්” ලෙස අවසන්වන නාම) නාමයකට ඉදිරියෙන් යෙදේ.  ඊට අමතරව, each යන්නෙහි “එකා ගානේ/බැගින්” යන තේරුමද ඇත.  තවද, එම තේරුමින්ම each and every කියාද තවත් අවධාරණයෙන් කියන යෙදුමක්ද ඇත.

every man (සෑම මිනිහෙක්ම)
each shop (සෑම කඩයක්ම)
They got 100 rupees each.  (ඒගොල්ලන් එකාට රුපියල් 100 ගානේ ලැබුණා.)
Each and every person must come.  (සෑම පුද්ගලයෙක්ම පැමිණිය යුතුයි.)

තවද, some, any මෙන්ම every ද සංයුක්ත වචන සාදයි.

everyone/everybody (සෑම කෙනාම), everything (සෑම දෙයක්ම), everywhere (සෑම තැනම)

     ·         all – “සෑම”.  මෙය දමන්නේ බහුවචන නාමයකට ඉදිරියෙනි.

all girls (සියලු ගැහැණු ළමයි)

all of <බහුවචන නාමයක්>” යන්නද “සියලු දෙනාම” යන තේරුම දෙයි.

All of us must go now.  (දැන් අප සියලු දෙනාම යා යුතුයි.)

බහුවචන නාමයකට (විශේෂයෙන් සර්වනාමයකට පසු) පසුද all යන්න යෙදිය හැකිය.

We all must go now.  (දැන් අපි සියලු දෙනාම යා යුතුයි.)
Kamal, Nimal, Sunimal all must come.  (කමල්, නිමල්, සුනිමල් යන සියලුදෙනාම පැමිණිය යුතුයි.)

     ·         one, two, three ආදී ලෙස හෝ first, second, third ආදී ලෙස හෝ නාමයන්ට ඉදිරියෙන් යෙදෙන ඉලක්කම් ඇත්තටම නාම විශේෂණ ලෙසයි එහිදී සැලකෙන්නේ.

one book (එක පොතක්)
five books (පොත් පහක්)
second book (දෙවැනි පොත)

තවද, one time/once, two times/twice, three times ආදී ලෙස ඉලක්කම් ආශ්‍රයෙන් සෑදෙන ක්‍රියා විශේෂණද ඇත.  ඉලක්කම් හා ගණිතය ගැන වැඩි විස්තර සඳහා අතිරේකය - 6 කියවන්න.

තවද, red, green, blue ආදී ලෙස නමකට ඉදිරියෙන් යෙදෙන වර්ණද නාම විශේෂණ ලෙසයි එහිදී යෙදෙන්නේ.  මෙහිදී, ඉදිරියන් light යන පදය දැමූ විට “ළා” යන අර්ථයද, dark යන්න දැමූ විට “තද” යන අර්ථයද මුසු වේ.  තවද, විශේෂණය අගට -ish යන ප්‍රත්‍යය දැමූ විට “ඊට හුරු” යන ලෙසද අර්ථය වෙනස් වේ.

a red cap (රතු තොප්පියක්)
a light blue cap (ළා නිල් පාට තොප්පියක්)
a greenish cap (කොළට හුරු තොප්පියක්)

     ·         very/so“ඉතා”.

so good = very good (ඉතා හොඳ)
very/so quickly (ඉතා ඉක්මනින්)

     ·         ever“කවදත්”

I like it ever.  (මම කවදත් ඒකට කැමැතියි.)

not + ever → never

I do not ever like it = I never like it.

     ·         too/also/as well – “ත්/ද”

Kamal too = Kamal also = Kamal as well (කමල්ද/කමලුත්)
I cook and eat too/also/as well.  (මම උයනවා හා කනවත් හිටන්.)

තවද, too යන්න තවත් විශේෂණයකට ඉදිරියෙන් ඇති විට, එහි තේරුම “ඕනවට වඩා වැඩි” ලෙස ලැබේ.

too bitter (තිත්ත ඕනවට වඩා වැඩි/ තිත්තම තිත්තයි)

     ·         each other/one another“එකිනෙකා”.  each other යෙදෙන්නේ දෙදෙනෙක් ගැන සඳහන් කරන විට හා one another යෙදෙන්නේ දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් අතරය.

Kamal and Nirmani like each other.  (කමල් හා නිර්මානි එකිනෙකාට කැමැතියි.)
We must help one another.  (අපි එකිනෙකාට උදව් කරගත යුතුයි.)

     ·         even“පවා/හිටන්”.  නාම, ක්‍රියා, විශේෂණ යන සියලු පද ‍සමඟ යෙදිය හැකිය.

Even she can sing.  (ඇයට පවා සිංදු කියන්න පුළුවන්.)
She can even sing.  (ඇය සිංදු කියන්න පවා පුළුවන්.)
She is even beautiful.  (ඇය ලස්සනයි හිටන්/පවා.)

     ·         just - මෙහි ඉතා අපූරු හා නිතර යෙදෙන තේරුම ගණනාවක් ඇත.
1.      just now ලෙස යෙදීම.  “මේ දැන්” යන තේරුම එහි ඇත.

I came just now.  (මම මේ දැන් ආවේ.)

2.      now යන්න නැතිවත් ඉහත “මේ දැන්”, “... විතරයි” තේරුම දිය හැකිය.
I just came.  (මම මේ දැන් ආවේ./මම ආව විතරයි.)

3.      “නූලෙන්/දශමෙන්” ආදී තේරුම

I just escaped from the accident.  (මම අනතුරින් නූලෙන් බේරුණේ.)

4.      “ඔහේ/නිකං”

She is just watching the TV.  (ඇය නිකං ටිවී එක බලමින් ඉන්නවා.)

5.      විශේෂණයක් හෝ නිපාතයක් හෝ සම්බන්ධවාචි පදයක් ඉදිරියෙන් දැමූ විට, අවධාරණාත්මක බවක් ලැබේ.

just because (නිසා)
just when (විට)
just beautiful (මාර ලස්සනයි)
just on (උඩ)

     ·         almost/ nearly/ just about“ඔන්න මෙන්න/ ඔක්කෝම වගේ” (ආසන්න වශයෙන් යන තේරුම)

I ate almost/nearly five pieces of cake.  (මම ආසන්න වශයෙන් කේක් කෑලි පහක් විතර කෑවා.)
It’s almost/nearly full.  (ඒක පිරෙන්න ඔන්න මෙන්න. (පිරෙන්න ආසන්නයි))
I have almost completed it.  (මම එය ඔක්කෝම ව‍ගේ සම්පූර්ණ කරලා තියෙන්නේ.)

     ·         rather/fairly“සෑහෙන්ඩ/ඊට වඩා”

It’s rather/fairly good.  (ඒක සෑහෙන්ඩ හොඳයි.)

would rather (than) ලෙස (උපකාරක ක්‍රියා වැනිම) යෙදුමක්ද ඇත.  එහි තේරුම “යමක් කරනවාට වඩා තවත් දෙයක් කිරීමට කැමති” බවයි.

I would rather die.  (මම ඊට වැඩිය මැරෙන්න කැමතියි.)
I would rather tell the truth than lie.  (බොරුකියනවට වඩා මම ඇත්ත කියනවා/ඇත්ත කියන්න කැමතියි.)

·         බොහෝ නිපාත පදවලට විශේෂණ තේරුම්ද ඇත.  ශබ්ද කෝෂවලින් නිපාත සඳහා ඇති විශේෂණ තේරුම් ගැන තවත් ඉගෙන ගන්න.

before (මුලින්/පෙර), after (පසුව), in (තුළට), out (එළියට), about (තැනින් තැන)

     ·         for now“දැනට”

     ·         quite“සෑහෙන්ඩ”

I am quite happy now.  (මම දැන් සෑහෙන්ඩ සතුටින්.)

     ·         now and again = now and then = from time to time“ඉඳ හිට”

     ·         this/these හා that/those

this යන්නෙහි “මේ” යන නාම විශේෂණ තේරුම මෙන්ම “මේක” යන නාමපද තේරුමද ඇත.

this book (මේ පොත)               this (මේක)
 
these යනු this යන්නෙහි බහුවචන ස්වරූපයයි.  ඒ අනුව,

these books (මේ පොත්.  this books නොවේ.)
these (මේවා)

එලෙසම, that යනු “අර/අරක” යන්න වන අතර, එහි බහුවචනය those වේ.

that book (අර පොත)               that (අරක)

those books (අර පොත්)           those (අරවා)