Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 11

Phrases (පාද)

phrase යන්නෙහි සාමාන්‍ය තේරුම නම් “සම්පූර්ණ තේරුමක් නොදෙන වචන කිහිපයකින් සැදුම් ලද්දක්” යන්නයි.  මේවා වගන්ති නොවේ.  වගන්තියක් වීමට නම් SVo ක්‍රමයට වචන සකස් කළ යුතු අතර, උක්තය (s) හා ක්‍රියාව (v) අතර උක්ත-ආඛ්‍යාත සම්බන්ධය (එනම්, උක්තයට ගැලපෙන පරිදි හා වෙනත් රීතින්ට අනුව ගැලපෙන පරිදි ක්‍රියාව සකස් කොට තැබීම) තිබිය යුතුය.  phrases එසේ නොවේ.

විවිධ අවශ්‍යතා සඳහා අප phrases සාදා වාඛ්‍යයකට එකතු කරනවා.  ඒ අනුව පෙනෙන්නේ මේවා සාමාන්‍ය පරිදි සකස් කළ වාඛ්‍යවල යෙදෙන බවයි.  එවැනි අවශ්‍යතා ඇත්තේ කිහිපයකි.  ඒවා එකින් එක බලමු.

       1.      “යමක් කරමින්” (කර කර) වැනි phrase එක නිතරම අප සාමාන්‍ය වාඛ්‍ය සමඟ යොදනවා.  උදා:

සිංදුවක් කියමින් මම ගෙදර ආවා.
ටීවි බල බල එයා බත් කනවා.

ඉහත “‍යමක් කර කර/කරමින්” යන කොටස phrase එකකි.  (ඇත්තටම මෙය සිංහල භාෂාවේදී “මිශ්‍ර ක්‍රියාව” ලෙස හැඳින් වෙනවා.)  එය සෑදීම ඉතා පහසුය.  කළ යුත්තේ ing-රූපයෙන් ක්‍රියාව තැබීම පමණි.

singing a beautiful song - ලස්සන සිංදුවක් කිය කියා
watching tv - ටීවි බල බල/බලමින්

ඒ අනුව, ඉහත පාද අපට ක්‍රියා විශේෂණයක් යොදන්නාක් මෙන් සාමාන්‍ය වගන්තිය සමඟ යෙදිය හැකිය.

Singing a song, I came home.  (සිංදුවක් කියමින් මම ගෙදර ආවා.)
I came home, singing one of Jothipala’s beautiful songs(ජෝතිපාලගේ ලස්සන සිංදුවක් කියමින් මා ගෙදර ආවා.)
He ate rice, watching TV(ටීවි බල බල එයා බත් කෑවා.)
They celebrated it, shouting and singing English songs(කෑගසමින් හා ඉංග්‍රීසි සිංදු කියමින් ඒගොල්ලෝ ඒක සැමරුවා.)

Exercises 11-1
He played shouting.  (......................................................)
.............................................  (කමනී අඬමින් කතාව කිව්වා.)

       2.      “යමක් කරන ලදුව/ යමක් කරලා” යන තේරුම සහිත phrase ද ඉහත ආකාරයටම වාඛ්‍යයක යෙදිය හැකිය.  (සිංහලේදී මෙය “පූර්ව ක්‍රියාව” ලෙස හැඳින් වෙනවා.)  මෙය සෑදීමට perfect tense හි මූලික ක්‍රියාවේ පළමු කොටස් ing-ස්වරූපයට පත් කළ යුතුය.

having done - කරන ලදුව/කරලා
having finished - ඉවර කරන ලදුව

Having completed the home-work, I went to play.  (ගෙදර වැඩ ඉවර කරන ලදුව/ ඉවර කරලා මම සෙල්ලම් කරන්න ගියා.)
Having said that, he left us.  (එය කියලා ඔහු අපට දාලා ගියා.)
Having seen the accident and hospitalized the patients, I came home thinking about it(අනතුර දැකලා හා ලෙඩුන්ව රෝහල්ගත කරලා, මම ඒ ගැන සිතමින් ගෙදර ආවා.)

Exercises 11-2
Having filled the form correctly, he submitted it to the office.  (................................)
What would you do, having known the secret?  (……………..)

       3.      වගන්ති දෙකක් because, while ආදී පද වලින් එකතු කළා මතකද?  එහිදී වෙන වෙන වගන්ති දෙකකුයි එක වාඛ්‍යයක් ලෙසට පරිවර්ථනය වූයේ.  උදා:

Because I work hard, I will pass the exam.

ඉහත තනි වාඛ්‍ය තුළ ඇත්තෙන්ම වෙනස් වාඛ්‍ය දෙකක් තියෙන බව ඔබ දන්නවා.  මෙම තනි තනි වාඛ්‍ය දෙකම SVo ක්‍රමයට සකස් වී ඇති බවත් දන්නවා.  මෙම වාඛ්‍ය දෙකෙහිම උක්තය එකම කෙනා විය හැකිය.  වෙනස් වීමටද පුළුවන්.  ඉහත උදාහරණයේ නම් උක්ත දෙකම එකක් වන “I” වේ.  මෙවැනි අවස්ථාවක (එනම්, because ආදි පදයක් මඟින් වාඛ්‍ය දෙකක් එකතු වී ඇති අතරම, එම වාඛ්‍ය දෙකෙහිම උක්ත පද එකම නම්), අවශ්‍ය නම් “හේතුව දක්වන වගන්තිය” වෙනුවට phrase එකක් යෙදිය හැකිය.

While I am reading a book, I am listening to music. → While reading a book, I am listening to music.

ඔබට පෙනෙන පරිදි පොත කියවන කාර්ය කවුරුද කරන්නේ කියා phrase එකේ නැත.  එහෙත් එය “I” බව ඊට යාබඳ “I am listening to …” යන කොටසින් දැනගත යුතුය.  ඇත්තෙන්ම, phrases වගන්තියකට යොදන හැම විටම ඇතිවන තත්වය මෙය වේ.  ඉහත අවස්ථා දෙකෙහිද තත්වය එසේ නොවේදැයි බලන්න.

Before he entered the house, I switched off the lights.

ඉහත වාඛ්‍යයේ phrase යෙදිය නොහැකිය.  එම වගන්තිය තුළ ඇති උපවගන්ති දෙකෙහි උක්ත වෙනස්ය (he හා I).  නිකමට හෝ ඊට phrase යෙදුවේ නම්, පහත වගන්තිය ලැබේ.

Before entering the house, I switched off the lights.

එහෙත් මෙහි තේරුම දැන් වෙනස් වී ඇත.  දැන් ගෙට ඇතුළු වීම කර තිබෙන්නේ “ඔහු” නොව “මා” ය.

ඉහත ආකාරයට while, when, before, after, since, as, whilst, thought, although, though, even though, if, unless වැනි පද සමඟ phrases සකස් කරන්නට දැන් ඔබ දන්නවා.  එහෙත් මතක තබා ගත යුතු දෙයක් තියෙනවා මෙහිදී.  එනම්, සමහර සම්බන්ධවාචී පද මෙම ක්‍රමයේදී යෙදිය නොහැකිය.  ඒ අනුව, “නිසා” අර්ථයෙන් because of, due to, since, as ලෙස ‍පමණක් යෙදිය හැකි අතර, එම අර්ථයේ because, due to the fact that ආදී රූප භාවිතා කළ නොහැකිය.  that සහිත කිසිම ස්වරූපයක් (due to the fact that, now that, …) phrases ක්‍රමයේදී භාවිතා කළ නොහැකිය.  පහත ආකාරයට ඒවායේ ස්වරූප වෙනස් විය යුතුය phrases සමඟ යොදනවා නම්.

due to the fact that → due to
because of the fact that/ because → because of
in spite of the fact that → in spite of
regardless of the fact that → regardless of
in case that → in case of
provided that/ providing → providing

ඉහතදී පැවසුවා මතකද phrases යෙදෙන විට, ඒවායේ උක්තය (කර්තෘ) එම phrase එක යෙදී ඇති වගන්තියේ උක්තයම ලෙස සැලකිය යුතු බව?  එහෙත් අවශ්‍යම නම්, අපට එම phrases වලට වෙනම උක්තයක්/කර්තෘභාවයක් දිය හැකියි.  කළ යුත්තේ “අයිතිය හඟවන ස්වරූ‍පයේ” නාම විශේෂණයක් phrase එක ඉදිරියෙන් යෙදීම පමණි.

going home → my going home, his going home, Kamal’s going home, the teacher’s going home, …
Before his entering home, I switched off the lights.  (මෙහි ගෙට ඇතුළු වූයේ “මම” නොව “ඔහු” බව දැක්වෙනවා “his” යන පදය නිසා.)

Exercises 11-3
Before eating, you should wash your hands.  (.............................)
In spite of my advising, she did it.  (..............................................)


ආශිර්වාද (blessings)

“ඔබ සුවපත් වේවා”, “කමල් විභාගය සමත් වෙත්වා” ආදී ලෙස ආශිර්වාද කරනවා නේද?  ඉංග්‍රීසියෙන්ද එලෙස ආශිර්වාද වාඛ්‍ය සෑදිය හැකිය.  කළ යුත්තේ වාඛ්‍යය may වලින් ආරම්භ කර වර්ථමාන කාලික simple tense වලින් වාඛ්‍ය ලිවීමයි.  ඇත්තටම, මෙහිදී ක්‍රියාපදය dictionary රූපයෙන් තැබිය යුතු වේ.  තවත් ‍විදියකින් මෙසේ විස්තර කළ හැකිය.  පළමුව සිතන්න ආශිර්වාද වාඛ්‍යය නිකං වාඛ්‍යයක් කියා.  එවිට ඔබ එම වාඛ්‍යය simple tense හි වර්ථමාන ස්වරූපයෙන් ලිවිය යුතු වෙනවා.

ඔබ සුවපත් වේවා ඔබ සුවපත් වෙනවා  (You get well)
කමල් විභාගය සමත් වේවා
කමල් විභාගය සමත් වෙනවා (Kamal passes the exam)
ඔබ සත්තෝෂ වේවා
ඔබ සන්තෝෂ වෙනවා/වේ/යි (You are happy)

ඉන්පසු “වේවා” යන ආශිර්වාදය පළ කිරීමට එසේ ඉහත සකස් කරගත් වාඛ්‍ය ඉදිරියෙන් May දැමිය යුතු අතර, ඊට අමතරව එම වගන්තිවල ඇති ක්‍රියාව මූලික ස්වරූපයෙන්ද තැබිය යුතුයි.

You get well  May you get well!  (ඔබ සුවපත් වේවා!)
Kamal passes the exam
May Kamal pass the exam!  (කමල් විභාගය සමත් වේවා!)
You are happy
May you be happy!  (ඔබ සන්තෝෂ වේවා!)

May you pass the exam!  (ඔබ විභාගය සමත් වේවා!)
May Kamal get well soon!  (කමල් ඉක්මනින් සුවපත් වේවා!)
May your teacher help you!  (ඔබේ ගුරුවරයා ඔබට උදව් කරත්වා!)

Exercises 11-4
May she get the job soon!  (..........................................................)
........................ (නිමල්ට හොඳ බිරිඳක් ලැබේවා මේ අළුත් අවුරුද්දේ.)


ප්‍රාර්ථනා (wishes)

ඉංග්‍රීසියේදී ප්‍රාර්ථනා වගන්ති අපගේ පහසුව පිණිස කොටස් දෙකකින් ඉගෙන ගත  හැකිය.  මේ දෙකම wish (පතනවා) යන ක්‍රියාපදය ඔස්සේ සෑදෙනවා.  I wish යන කෙටි වාඛ්‍යයට පසුව යෙදෙන්නේ “that සහිත (“... කියලා”) වාඛ්‍යයකි”.

        1.      ඉදිරියේදී අහවල් දේ ඉෂ්ඨ වේවා යන තේරුමින් ඇති වාඛ්‍යය.  මෙහිදී wish ට පසුව යෙදෙන that වාඛ්‍යය තැබිය යුත්තේ simple tense හි අතීත කාලයෙනි.  සමහරෙක් මෙය වර්ථමාන කාලයෙන්ද තබනවා.  “අනේ... වෙනවා නම්” ආදි තේරුමක් මෙහි ඇත.

I wish (that) I passed/pass the exam!  (අනේ මම විභාගේ පාස් වෙනව නම්!)
I wish you became/become the president!  (අනේ ඔයා සභාපති වෙනව නම්!)

Exercises 11-5
I wish she became my girl friend.  (...................................)
.................................  (අනේ එයා මගේ බොස් වෙනවා නම්.)

        2.      සමහර ප්‍රාර්ථනා නම් නිකම්ම නිකම් කවදාවත් ඉටු නොවන ප්‍රාර්ථනා පමණි.  එනම්, අතීතයේ සිදු වූ දෙයක් “අනේ එහෙම නොවුණා නම්” හෝ අතීතයේ සිද්ධ විය යුතු දෙයක් එසේ නොවී තිබෙන විට “අනේ එහෙම වුණා නම්” ආදී ලෙස මෙම ප්‍රර්ථනා සිදු කරයි.  එවැනි ප්‍රාර්ථනා කිසි සේත් ඉටු වෙන්නේ නැත (මක්නිසාද යත් ඔබට අතීතයට යා නොහැකි නිසා).  මෙවැනි ප්‍රාර්ථනාද ලියන්නේ පෙර පරිදිමයි.  එකම වෙනස නම්, that ‍වාඛ්‍යය perfect tense හි අතීත කාලයෙන් තැබිය යුතු වීමයි.  “අනේ... වුණා නම්” ලෙස මෙහි තේරුම ලැබේ.

I wish I had won the match!  (අනේ මම තරගය දිනුවා නම්!)
I wish my son had passed the exam!  (අනේ මගේ පුතා විභාගය සමත් වුණා නම්!)
I wish I had been a scientist! 
(අනේ මං විද්‍යාඥයෙක් වුණා නම්!)

Exercises 11-6
I wish my parents had sent me to a good school!  (....................................................)
……………………………………..  (අනේ මං ඒක දැනන් හිටිය නම්!)


කරවාගැනීම්

යම් යම් දේවල් අනුන් ලවා කරවන අවස්ථා තියෙනවා නේද?  එවැනි “කරවා ගන්නවා” යන අදහස දෙන වාඛ්‍ය සෑදීමට ඉංග්‍රීසියේ ක්‍රම කිහිපයක්ම ඇත.  සිංහලෙන් මෙවැනි ක්‍රියා “ප්‍රයෝජ්‍ය ක්‍රියා” ලෙස හැඳින් වෙනවා.)

       1.      “අහවල් දෙය කරවා ගන්නවා” යන තේරුම දීම සඳහා

get <අහවල් දෙය> <ක්‍රියාවේ past particple රූපය>

I get the letter written in English.  (මම ලියුම ඉංග්‍රීසියෙන් ලියවා ගන්නවා.)
I got the letter written in Sinhalese.  (මම ලියුම සිංහලෙන් ලියවා ගත්තා.)
He has got his home work done by his brother.  (ඔහු එයාගේ අයියා ලවා ගෙදර වැඩ කරවාගෙන තියෙනවා/තියෙන්නේ.)

ඉහත අවසන් උදාහරණයෙන් පෙන්වා ඇති පරිදි අවශ්‍ය නම් එම දෙය කා ලවා කරවා ගන්නේද යන්න by නිපාතය මඟින් දැක්විය හැකිය.

Exercises 11-7
She gets the accounts checked by an accountant.  (..............)
.........................  (නිමල් බාබර් ලවා කොන්ඩය කපා ගත්තා.)
  
        2.      “අහවලා ලවා කරවා ගන්නවා” යන තේරුම දීම සඳහා

have <අහවලා> <ක්‍රියාවේ මූලික රූපය>

I have Kamal write the letter.  (මම කමල් ලවා ලියුම ලියව ගන්නවා.)
He had me do his home work.  (එයා මං ලව්වා එයාගේ ගෙදර වැඩ කරව ගත්තා.)

Exercises 11-8
He had me hold the paper like this.  (............................)
................................  (කමල් නිමල් ලවා වැඩය කරවා ගනීවි.)

ඉහත තේරුමට ළඟින් යන තවත් වාඛ්‍ය රටාවක් ඉංග්‍රීසියේ ඇත.

make <අහවලා> <ක්‍රියාවේ මූලික රූපය>

He made me cry.  (එයා මාව ඇ‍ඬෙව්වා.)
She makes the baby laugh.  (ඇය බබාව හිනා ගස්සනවා.)

යමක් කිරීමට තමන්ට හෝ වෙනත් කෙනෙක්ට ඉඩ දෙන්න යැයි පැවසීමට පහත වාඛ්‍ය රටාව භාවිතා වෙනවා.

let <අහවලා> <ක්‍රියාවේ මූලික ස්වරූපය>

Let me open the bottle.  (කෝ මට බෝතලය විවෘත කරන්න දෙන්න/ඉඩ දෙන්න.)
Let Shanthi do the work.  (ශාන්තිට වැඩේ කරන්න ඉඩ දෙන්න.)

Exercises 11-9
Let the judges decide the case.  (..............................................)
.................................................  (අපට රෑට උයන්න දෙන්න.)


නාමයක් විශේෂ කිරීමේ ක්‍රමයක් (relative clauses)

බොහෝ අවස්ථාවල වාඛ්‍යයක ඇති නාමපදයක් (උක්තයක් හෝ වෙනත් ආකාරයකින් පවතින) ගැන වැඩිමනත් විස්තරයක් කිරීමට අවශ්‍ය වෙනවා නේද?  ඉතා පහසුවෙන් සරළ නාම විශේෂණ යොදා නාමයන් විශේෂ කරන්නට ඔබ දන්නවා.  තවද, phrasal adjectives යොදන හැටිද ඔබ ඉගෙන ගත්තා (එහිදී, phrasal adjective එක යෙදෙන්නේ නාමපදයට පිටු පසින් බව මතකද?)

එහෙත්, ඉහත ක්‍රම දෙකම කෙටි විශේෂ කිරීම් සඳහා පමණක් ඉතා යෝග්‍ය වන අතර, විශාල වචන ගොඩකින් කෙරෙන සම්පූර්ණ විස්තර කිරීමක් සඳහා ඒවා යොදන්නට බැහැ.  එවැනි අවස්ථාවලදී අවශ්‍ය නම් එම වැඩිපුර දිගු විස්තරය අදාල නාමයට පිටු පසින් වරහන් තුළ ලිවිය හැකිය.

Kamal (he is the president of the society) is my friend.
කමල් (ඔහු සමිතියේ සභාපති) මගේ මිතුරාය.

බලන්න, ඉහත වරහන් තුළ ඇති ප්‍රකාශය කමල්ව විස්තර කිරීමක් නේද?  එනම්, එම ප්‍රකාශයම විශේෂණයක් ලෙසද සැලකිය හැකියි නේද?  ඉහත විශේෂණය ලෙස යෙදී ඇත්තේ සම්පූර්ණ වාඛ්‍යයක්ම නිසා, ඉතා දිගු ඉතා සවිස්තර විස්තරයක් ඉන් දිය හැකියි නේද?  ඔව්, ඉහත ආකාරයටද අප නාමයන් විස්තර/‍විශේෂ කරනවා.  එහෙත් වරහන් නොයොදාද ඒ වැඩේම තවත් හුරුබහුටියට කළ හැකිය.  එවිට වරහන් තුළ ඇති කොටස ප්‍රධාන වාඛ්‍යයේම කොටසක් බවට පත් වෙනවා.  එය කිරීම ඉතා පහසුය.

වරහන තුළ ඇති වාඛ්‍යයේ උක්තය ප්‍රධාන වාඛ්‍යයේ උක්තයමද කියා බලන්න.  දෙකම එක නම්, වරහන තුළ ඇති වාඛ්‍යය තුළ ඇති උක්තය ඉවත් කර, ඒ වෙනුවට who/which/that යන පද තුනෙන් සුදුසු එකක් අදේශ කර කෙළින්ම අදාල නාමයට පසුව යොදන්න.
 
මෙහිදී, උක්තය ලෙස ඇත්තේ පණ ඇති දෙයක් නම්, who ද, පණ නැති දෙයක් නම්, which ද යෙදිය හැකිය.  that යන්න එම අවස්ථා දෙකෙහිම යෙදිය හැකිය.

Kamal (he is the president of the society) is my friend. → Kamal, who is the president of the society, is my friend.

දැන් ඉහත තනි වගන්තියේ සිංහල තේරුම ඔබට සිතා ගත හැකියි නේද?  ඔබ කළ යුත්තේ වරහන් යොදා ඇති අවස්ථාවේ වෙන වෙනම පැවැති තේරුම් දෙක එකට එකතු කිරීමයි.  එවිට, “සමිතියේ සභාපති වන කමල් ‍මගේ යහළුවාය” කියා එය ලැබෙනවා.  සිංහල තේරුම සොයා ගැනීම ඔබට බාරයි.  ඔබ හැමදාම මෙවැනි වාඛ්‍ය කොතෙකුත් කියනවාද කියා බලන්න.  ඉතිං, එවැනි නිතරම යෙදෙන වාඛ්‍ය ඇයි අමුතුවෙන් කට පාඩම් කළ යුත්තේ?  අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි රටාව මතක තබා ගැනීම නේද?

The temple (it is the biggest in the country) was destroyed by thieves.  → The temple, which is the biggest in the country, was destroyed by thieves.  (රටේ විශාලතම පංසල සොරුන් විසින් විනාශ කෙරුණා.)
The match (it was lost yesterday) was cancelled. → The match that was lost yesterday was cancelled.  (ඊයේ පරාද වූ තරගය අවලංගු කරනු ලැබුවා.)

Exercises 11-10
My father who is an English teacher knows English well.  (....................................................)
Their grandfather who had fought for freedom had three children who are also famous in the country.  (...................................................................................)
The building which was destroyed by a bomb last year has been repaired by ABC Constructors which is one of the most reputed companies.  (..............................................................................)

දැන් වරහන් තුළ ඇති උපවගන්තියේ උක්තය හා ප්‍රධාන වගන්තියේ උක්තය වෙනස් නම් කුමක් සිදු කළ යුතුද?  මෙහිදීද සිදුවන්නේ ඉහත වැඩේමයි.  එකම වෙනස නම්, දෙවැනි උපවගන්තියේ ඇති උක්තය මෙහිදී ඉහත් නොකෙරේ.  (තවද, who පදය අවශ්‍ය නම් whom කළ හැකියි.)

The girl (we saw (her) yesterday) is beautiful.  → The girl whom we saw yesterday is beautiful.  (අපි ඊයේ දැකපු ගැහැණු ළමයා ලස්සනයි.)
The match (we played last week) has been cancelled.  → The match which we played last week has been cancelled.  (අපි ගිය සතියේ සෙල්ලම් කරපු තරගය අවලංගු කරලා.)

Exercises 11-11
The teacher that we saw yesterday works in our school.  (.....................................................)
A doctor whom the police is looking for was caught.  (................)


පංචේන්ද්‍රියන්ගේ දැනීම්

It is beautiful.
That music is wonderful.
The mangoes were sweet.
Her perfume is pleasant.
It is hot.

ඉහත වාඛ්‍ය පහ දෙස විමසිල්ලෙන් බැලුවොත් පේනවා ඒවා සියල්ල BE-වාඛ්‍ය බව හා ඒවා සියල්ල පංචේන්ද්‍රියන්ට (ඇස, කන, නාසය, දිව, ශරීරය) දැනෙන දැනීම් බව.  මෙම පසිඳුරන්ට දැනෙන දේවල් BE-වාඛ්‍ය ලෙස ලිවිය හැකි වුවත්, එම තේරුම් ගෙන ඒම සඳහා ඒ ඒ ඉඳ්‍රරන්ට වෙන වෙනම ක්‍රියාපදද ඇත.

look/ seemඇසට               soundකන
smellනාසය                       tasteදිව
feelශරීරය

ඒ අනුව එම ක්‍රියා භාවිතයෙන් ඉහත උදාහරණම නැවැත ලියමු.  හැමවිටම වාගේ මෙම ඉන්ද්‍රියගෝචර ක්‍රියාපද යෙදෙන්නේ simple tense වලින් පමණි.  එය ඉංග්‍රීසියේ පිළිවෙතයි.


It is beautiful = It looks/seems beautiful.
That music is wonderful = That music sounds wonderful.
The mangoes were sweet = The mangoes tasted sweet.
Her perfume is pleasant = Her perfume smells pleasant.
It is hot = It feels hot.