Skip to main content

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම.

එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි.

හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයයි.

ඊට ප්‍රතිචාර ලෙස ජනපති, නලින්ද ජයතිස්ස ආදී ආන්ඩුවේ ඇත්තන් "උජාරුවෙන්" කියූ කතාව අසා මට නම් ඇති වූයේ පිලිකුලකි. ඔවුන් පවසන පරිදි, ජනපතිගේ ගුවන් ටිකට් පත නොමිලේ අරං දී තිබෙන්නේ චීනය හා මැදපෙරදිග රටක් විසිනි. ඔහුගේ කෑම බීම හා ඉඳුම් හිටුම් පවා නොමිලේ ලබා දී තිබෙන්නේ එම රටවල් විසිනි. එය එසේ නම්, රටක් වශයෙන් අප කම්පා විය යුතුය.

දුප්පත් කාන්තාවක් මැදපෙරදිග ගෘහ සේවක රැකියාවකට යන විට පවා ඇගේ වියදමින් ඈ ගුවන් ටිකට් පත කෙසේ හෝ මිලට අරගනී. එහෙත් අපේ රටේ පලමු පුරවැසියාට එය කිරීමට වත්කමක් නැති බව ආන්ඩුව මුලු ලෝ වැසියටන්ටම අඩගා කීහ. තෙවන පංතියේ ටිකට් එකක්වත් අරං යෑමට සල්ලි අපට නැතිද? එය එක පැතිකඩකි.

අනෙක් පැත්තෙන්, එම රටවල් එලෙස මුලු වියදම දරන විට, අපේ ජනපති ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අභිමානවත් ආඩම්බරකාර අයුරුන් රට වෙනුවෙන් කෙලින් තීරණ ගැනීමට හැකිද? මෙය සියුම් මනෝවිද්‍යාත්මක කාරණයක්. කිසිසේත් එම තත්වය හෑල්ලුවට ලක් නොකල යුතුය.

අතට අත දෙන විදියේ සිට වාඩි වෙන විදිය, කතා කරන හා බලන විදිය ආදී බොඩි ලැංවේජ්වලින් පවා ව්‍යාපාරික හමුවීම්වලදී හා රාජ්‍ය තන්ත්‍රයෙදී එකිනෙක් අභිබවා වැඩි වාසි තමන් සතු කර ගැනීමේ "විද්‍යාවන්" අනුගමනය කරන පරිසරයක, ඒ ගැන කිසිදු තක්සේරුවක් නැතිව ගමේ කොල්ලො කුරුට්ටො සෙට් එකක් මෙන් රාජ්‍ය පාලනය කිරීම රටේ කරුමයකි. මෙය ඉඳුරාම මහින්දලාගේ දිශානතියෙන් අංශක 180ක විරුද්ධ පැත්තයි. මේ අන්ත දෙකම රටට හිතකර නැති බව සිහිපත් කරමි. පසුගිය ඉංදියානු සංචාරයේදී අනුර පෙන්නුම් කලේ එම බයාදු හැසිරීමමයි. එම දර්ශන දැක ඇත්තටම කම්පාවට පත් වීමි. නැවත නැවත සිදු වන්නේ එවැනි හැසිරීම් වේ.

ඒ ගැන දිගට කතා කිරීමට අවශ්‍ය නැත මක්නිසාද යත් තවමත් රටේ ඊනියා "පුරවැසියන්" නව ආන්ඩුවෙන් ලැබූ සුරාන්තයෙන් මිදී නැත. දැන් අපි මෙම ලිපියේ මුඛ්‍ය අදහසට යමු.

ලංකාවේ අවසන්වරට මහනුවර රාජධානිය පැවතිනි. එම කාලයේ උඩරට පෙදෙස්වල විවිධ උසස් පවුල් පරම්පරා ගණනාවක් පැවතිනි. ඔවුන් රජුගේ නෑයන්, රජුගේ මැති ඇමතිවරු, හා රජුගේ "පක්කලියන්" විය. මෙවුන් රඳලයන් ලෙස හැඳින් වූවා. එහෙත් සුද්දා එම රඳලයන්ට එතරම් තැනක් දුන්නේ නැත.

ඒ සමගම පෘතිග්‍රීසි, ලංදේසී, ඉංග්‍රිසි සමයේ සිට කන්ද උඩරට නොවන සෙසු පෙදෙස්වල (පහතරට), අලුත් ධනවත් පරම්පරා ගනනාවක් මතු වුනා. මෙවුන් මූලිකව පර විදේශිකයාට ගැතිකම් දාසකම් කර ධනවත් වූ අය. උනුත් රඳලයන් මෙන් හැසිරෙන්නට පටන් ගත්තා. ඒ සියලු අය ගැන මා දන්නේ නැත (ඒ ගැන දැනගැනීමට උවමනාවකුත් නැත). එහෙත් පෙරත් පැවසූ ලෙස, ලංකා සමාජ-දේශපාලනයට බලපෑ පරම්පරා කිහිපය ගැන පමනයි මා කතා කරන්නේ.

එක්තරා දක්ෂ කොලු ගැටයෙක් සිටියා. ඔහු මල්වත්තක සේවයට ගිය අතර, වගා කිරීමටද පසුව පටන් ගත්තා. විශේෂයෙන් සින්කෝනා වගාව ඔහු කලා. ඒ සමගම මිනිරන් ව්‍යාපාරයද සුලුවෙන් පටන් ගත්තා. ඔහු අතිශය පොහොසත් වූවා. ලංකාවේ සුප්‍රකට කහටගහ පතලද ඔහු පටන් ගත් එකකි. ලංකාවේ "මිනිරන් රජ්ජුරුවෝ" යන අන්වර්ථ නාමයෙන්ද හැඳින් වූ ඔහු දොන් චාර්ල්ස් ගෙමෝරිස් ආටිගල වේ. ඔහුට දූවරු තිදෙනෙක් හා එක් බාල පුතෙක් සිටියා. 

ඉන් එක දියනියක් (ඇලිස් ආටිගල) කසාද බඳින්නේ ලංකාවේ සුප්‍රකට චරිතයක් වන ජෝන් කොතලාවයි. ජෝන් කොතලාවලලා දෙදෙනෙකු සිටින අතර ඔවුන් දෙදෙනා තාත්තයි පුතයි. මේ කතා කරන්නේ නෙයිනගේ සූදුව කතාවේද කියවෙන පොලිසියේ රාජකාරි කල කොතලාවලයි. මේ දෙදෙනාගේ පුතා රටේ අගමැති වූ සර් ජෝන් කොතලාවයි.

ගෙමොරිස්ගේ තවත් දුවක් (ලීනා/ලේනා ආටිගල) කසාද බැන්දේ ජේආර් ජයවර්ධනගේ තාත්තාගේ මල්ලි (බාප්පා) වන ටී. ජී. ජයවර්ධන වේ. ඔහු උසස් හමුදා නිලධාරියෙක්. මෙම කසාදයට (ලොකු) කොතලාවල අකමැති වී තිබේ. මංගල දිනයේදී මනාලයට ගුටි බැට දුන් බවද කියැවේ. එනිසා ජයවර්ධනලා හා කොතලාවලලා අමනාපයෙන් සිට ඇත.

ගෙමෝරිස්ගේ බාලම දුව (එලන් ආටිගල) බැන්දේ තවත් සුප්‍රසිද්ධ පරම්පරාවක් වන සේනානායක කෙනෙකි. එයා ඩී. එස්. සේනානායකගේ සහෝදරයා වන එෆ්. ආර්. සේනානායක වේ.

මෙලෙස සේනානායකලා, ජයවර්ධනලා, කොතලාවලලා නෑයන් බවට පත් වූයේ ආටිගලගේ දූවරු තිදෙනා නිසාය. මෙලෙස නෑකම අනුව, අගමැති කොතලාවල, හා ජනපති ජේආර් ඩීඑස්ගේ ඥාති පුතුන් වේ (කොතලාවලගේ හා ජේආර්ගේ මාමා කෙනෙකු වේ ඩීඑස්). ජේආර් හා අගමැති කොතලාවලලා ඥාති සහෝදරයෝ (කසින්ස්) වේ. 

මේ අතර තව දුක්බර (හා සැඟවුනු) කතාවක් ඇත. ගෙමෝරිස් ආටිගලගේ මිනිරන් ව්‍යාපාරය ආදිය බලා කියා ගත්තේ (ලොකු) කොතලාවල වේ. එහෙත් ගෙමෝරිස්ගේ මරනින් පසු එම දේපල බාල පුතුට හිමි වුනා. මේ ගැන අමනාමෙන් සිටි කොතලාවල තම මස්සිනාව මැරෙව්වා වෙඩි තියලා. මේ වන විට කොතලාවල තමන්ගේම ව්‍යාපාර ගොඩනඟමින් සිටි අතර, මෙම වෙඩි තැබීම සිදුවන කාලයේදී සිටියේ ව්‍යාපාර වැඩ සඳහා ජපානේ ගොස්ය. මේ සිදු වීම ජපානේ සිටින කොතලාවලට ඔහුගේ බිරිඳ විසින් දැනුම් දෙන විට, ඔහු එක පාරට අසා තිබෙන්නේ කවුද වෙඩි තිබ්බේ කියාය. පුහුල් හොරා කරෙන් දැනේ කියන්නා සේ, ඔහු කොහොමද වෙඩි තියල මැරුනු බව දන්නේ යන පදනම මත ඔහු කෙරෙහි සැකයක් මතු වී ඔහුව සිරබාරයට ගෙන ඇත. එම නීති ක්‍රියාදාමය යන අතරේ, කොතලාවල වස බී සිර මැදිරිය තුල මිය ගොස් ඇත. එහෙත් සැබෑ ජීවිතයේදී කොතලාවල සූදුවට, මත්වතුරට ඉතා අකමැති හා ඊට විරුද්ධව ක්‍රියා කරපු හිත හොඳ මිනිසෙක්.

ඩීඑස් ගේ පියා ස්පේටර් සේනානායක වේ. ඔහුද සුද්දන්ට "අල්ලා" දියුනු වූ පවුලකි (මේ හැම පවුලක්ම එසේය). ස්පේටර්ගේ පුතුන් දෙදෙනකු වන්නේ ඩිඑස් (දොන් ස්ටීවන්) සේනානායක හා එෆ් ආර් සේනානායක වේ. අමද්‍යප ව්‍යාපාරයේ මුල් පුරක වූයේ එෆ්ආර් වේ. ඔහුගේ පියාද මත්පැන් ව්‍යාපාරය කලත්, ඔහු ඊට විරුද්ධව වැඩ කළ බව පෙනේ. ඩීඑස් සමාජ දේශපාලන ව්‍යාපාරවලට එකතු වන්නේ ඔහුගේ ආභාෂය නිසාය.

ස්පේටර්ට දුවක සිටි අතර, ඇය (මරියා සේනානායක) කසාද බැන්දේ බණ්ඩාරනායක කෙනෙකි. මේ දෙදෙනාගේ දුව වන එෆී බණ්ඩාරනායක කසාද බැන්දේ අගමැති වූ සර් ජෝන් කොතලාවයි. එහෙත් මේ දෙදෙනා දික්කසාද විය. මේ අයුරින් කොතලාවල හා සේනානායකලා නැවත නෑදෑකම් ඇති වී තිබේ. බණ්ඩාරනායකලාත් නෑදෑ විය.

මේ අතර, සේදවත්ත ප්‍රදේශයේ දොන් ෆිලිප් විජේවර්ධන නම් ලී ව්‍යාපාරික ධනවත් තරුණයෙක් සිටියා. ඔහු කසාද බැන්දේ තවත් ධනවත් පරම්පරාවක් වන ඩෙප් පරම්පරාවේ යුවතියක වන හෙලේනා ඩෙප්ය. පසුව ඇය කවුරුත් හඳුන ගන්නේ හෙලේනා විජේවර්ධන යන නමිනි. ඇය (හා ඇගේ පසු පරපුර) බුදු දහමට බෙහෙවින් අනුග්‍රහ දක්වා තිබෙනවා. කැලනි විහාරය වැඩි දියුනු කලේ ඇය වේ.

එම දෙපලගේ එක පුතෙකු වන්නේ කවුරුත් දන්නා ඩී. ආර්. විජේවර්ධන වේ. ලේක් හවුස් මාධ්‍ය ආයතනය ඔහුගේ වේ. අද ඔහුගේ නමින් ලේක් හවුසිය ඉදිරිපිට පාර ඩී. ආර්. විජේවර්ධන මාවත ලෙන නම් කර තිබේ.

එම දෙපලගේ තවත් පුතෙකු වන චාල්ස් විජේවර්ධන කසාද බැන්දේ විමලා සිල්වා වේ. ඇය පසුව විමලා විජේවර්ධන නමින් ප්‍රසිද්ධ විය. ඇය තමයි ලංකාවේ ප්‍රථම කාන්තා කැබිනට් ඇමතිවරිය. ඇත්තටම චාල්ස් මුලදී බැන්දේ විමලාගේ අක්කාය. අක්කා අකාලයේ මිය ගිය පසු, විමලා ඔහුව බැඳ තිබේ. 

විමලා හා අගමැති බණ්ඩාරනායක ඝාතනයේ මොලකරු වන කැලනියේ බුද්ධරක්ඛිත අතර අනියම් ඇසුරක් තිබූ බවද පැවසෙනවා. මා පාසල් යන කාලයේ (9 වසරේදී) විමලා, බුද්ධරක්ඛිත, සිරිමාවෝ ඈදෑ තිබූ කවියක්ද කටපාඩම් කලා. එය අමු අසභ්‍ය එකකි. එහෙත් අතීතයේ එම කවිය දේශපාලන වේදීකාවේ ජනප්‍රිය වූ එකක් බව එය මට කියූ පංති භාර සර් පැවසුවා. "විමලා විජේවර්ධන කියපන් ඇත්ත - කොහොමද ලොකු වුනේ සිරිමගෙ xx xxx - කැලනියේ බුද්ධ රක්ඛිත මහා හිමි දත්ත - ඇරියා xx xx අතගාමින් xxx". 

හෙලේනාගේ තවත් පුතකුගේ (ඒ කියන්නේ ඩීආර්ගේ සහෝදරයකුගේ) පුතකු තමයි ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වන උපාලි විජේවර්ධන කියන්නේ. එලෙසම හෙලේනගේ තවත් පුතකුගේ පුතකු තමයි සුප්‍රසිද්ධ ඉංජිනේරුවරයකු වන රේ විජයවර්ධන කියන්නේ. අත් ට්‍රැක්ටරයේ නිර්මාතෘ ඔහු බව කියනවා. පසු කාලයේ මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති නිලයද ඔහු දැරුවා.

හෙලේනාගේ දුව හෙලන් විජේවර්ධන කසාද බැන්දේ ජේආර් ජයවර්ධනයේ පියාය. ඔහු නඩුකාරයෙකි. මෙලෙස විජේවර්ධන පරම්පරාව හා ජයවර්ධන පරම්පරාවද නෑදෑ විය.

හෙලේනා විජේවර්ධනගේ පුතා වන ඩීආර් විජේවර්ධන ගේ දූ පුතුන් ගැනද කිව යුතුය. ඔහුගේ දුව කසාද බැන්දේ තවත් ධනවතකු වන එස්මන්ඩ් වික්‍රමසිංහ වේ. ඔවුන්ගේ පුතකු තමයි රනිල් වික්‍රමසිංහ. ඒ අනුව රනිල්ලා විජේවර්ධන පරම්පරාවට නෑදෑකම් කියයි. 

ඩීආර්ගේ පුතකු වන රංජිත් විජේවර්ධන කසාද බැන්දේ රොබටර් සේනානායකගේ දුව වන රංජනි සේනානායක වේ. රොබට් යනු ඩීඑස් සේනානායකගේ පුතකු වේ. මෙලෙස සේනානායකලා විජේවර්ධනලා නැවත නෑකම් ඇති කර ගත්තා. ඔවුන්ගේ පුතා තමයි රුවන් විජේවර්ධන. ඒ අනුව රුවන් හා රනිල් ඥාති සහෝදරයන් වේ. ජේආර් රනිල්ගේ මාමා කෙනෙකි.

ලංකාවේ ප්‍රථම (ලාංකික) කථානායක ෆ්‍රැන්සිස් මොලමුරේ වේ. ඔහු​ගේ පරම්පරාව උඩරට රදලයන්ට නෑකම් කියයි. ඔහුට අක්කර 80,000 කට වඩා ඉඩකඩම් හිමි වී තිබුනි. ඔහු කසාද බැන්දේ තවත් ධනවත් හා බලවත් පරම්පරාවකින්. ඇය ඇඩලින් මීදෙනිය වේ. ඇඩලින් විශේෂ වන්නේ ලංකාවේ ව්‍යවස්ථාදායකට ඡන්දයකින් පත් වූ පලමු කාන්තාව ඇයයි.

ඇඩලින්ගේ සහෝදරිය වන ඇලිස් මීදෙනිය කසාද බැන්දේ ඩීආර් විජේවර්ධනයි. ඒ අනුව විජේවර්ධනලා, මීදෙනියලා, මොලමුරේලා නෑයන් විය.

විලියම් ගොපල්ලව යනු ලංකාවේ පලමු ජනපති වන අතර, අවසන් අග්‍රාණ්ඩුකාරයාය. ඔහු උඩරට රදල පරපුරක් වන දූල්ලෑවේ පරපුරේ කෙනෙකි (මව දූල්ලෑවේ කෙනෙකි). ඔහුගේ දුව කසාද බැන්දේ තවත් රදල පරපුරක් වන රත්වත්තේ කෙනෙකි. ඔහු සිරිමාවෝ රත්වත්තේගේ සහෝදරයාය. ඒ අනුව ඔවුන්ද නෑයෝ විය.

සිරිමාවෝ රත්වත්තේ බැන්දේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයි. සිරිමාවේ ලංකාවේ පමනක් නොව, මුලු ලෝකෙම පලමු අගමැතිනිය වේ.

පසු කාලකෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනපති ධූරයට තරග කල හෙක්ටර් කොබ්බෑකඩුවගේ මවද දූල්ලෑවේ පරපුරේ කෙනෙකි. ඒ අනුව, හෙක්ටර්ද සිරිමාවෝට නෑකම් කියයි.

බණ්ඩාරනායක පරපුරේ මුල් පුරුක් ඉතා ධනවත් ඔබේසේකර පරපුර සමග කිහිප වතාවක්ම විවහ සිදු කරගෙන නෑදෑකම් ගොඩ නඟා ගෙන ඇත. අගමැති එස්ඩබ්ආර්ඩී බණ්ඩාරනායකගේ පියා සොලමන් ඩයස් බණ්ඩාරනායකයි. ඔහු විවාහ වූයේ ඩේසි ඔබේසේකර සමගය. ඊට පෙරත් මේ පරපුරු දෙක අතර විවාහ සිදු වී තිබේ.

මේ ආදි ලෙස බලන විට, ලංකා දේශපාලනයේ මිතුරන් සතුරන් ලෙස සිටි හා තවමත් සිටින බොහෝ ප්‍රභූන් නෑයෝ වේ. අවසන් ලෙස, තවත් පරම්පරා දෙකක් ගැන කීමට සිතුනි. ඒ පරම්පරා දෙක දෙමල වේ. පොන්නම්බලම් හා කුමාරස්වාමි යන පරම්පරා දෙකයි. 

ඒ. කුමාරස්වාමිට දුවක හා පුතකු සිටියා. පුතා මුතු කුමාරස්වාමි වන අතර, මුතුගේ පුතා සුප්‍රසිද්ධ උගතකු වන ආනන්ද කුමරස්වාමි වේ. දුව කසාද බැන්දේ අරුනාචලම් පොන්නම්බලම්ය. ඔවුන්ගේ පුතුන් දෙදෙනා පොන්නම්බලම් අරුනාචලම් හා පොන්නම්බලම් රාමනාදන් වේ. මේ දෙදෙනා නිදහස් සටනේ ඉදිරියෙන් සිටි දෙපලකි. 

Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...