Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

මෝහනය / mohanaya (Hypnosis) - 9

අපසර්ජනය (abreaction)

මනෝවිද්‍යාවේදීත් මෝහනවේදයේදිත් එකලෙසම මෙය සිදුවිය හැකියි. ඉන් කියන්නේ යම් මනෝවිද්‍යාත්මක හෝ මෝහන ප්‍රතිකර්මයක් ලබන විට, යම් කටුක හෝ පීඩාකාරී අතීත සිදුවීමක් නැවත සිහි වීමයි. එවිට, ඔහු (හෝ ඇය) ඇඬීමට හෝ ඉකිබිඳීමට හෝ කෑගසා බෙරිහන් දීමට හෝ වෙනත් මනස බොහෝ සේ කැළඹුණු ස්වභාවකට පත් වීම හෝ දඟලන තත්වයක් හෝ සිදුවිය හැකියි.


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

සමහරවිට, එම අතීත සිදුවීම නිකංම මතක් වීමක් ලෙස නොව, එම අවස්ථාවට සැබැවින්ම (නැවත) මුහුණ දීමක් ‍ලෙසම ඔහුට එය දැනෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙස, තමන් ඉතාම ආදරය කරන කෙනෙකු මිය ගිය විට, සමහර මිනිසුන් කෑගසා අඬමින් බිම පෙරළෙමින් සිටින අවස්ථා ඔබ ඇත්දැක තිබෙනවා නේද? එවිට, එම අඬන පෙරළෙන තැනැත්තාගේ සිතේ කොපමණ පීඩාවක් දුකක් ඇත්දැයි ඔබට සිතා ගත හැකිද? එහෙත් ටික කලෙකින් එම දුක අඩුවෙන බවද ඔබ දන්නවා. එලෙස ටික කාලෙකට පසුව එම මිය ගිය තැනැත්තාව සිහිපත් වන විට, ඔහු එලෙස දුකට පත්ව එදා හැසිරුණු ආකාරයට නැවත හැසිරෙන්නෙත් නැහැ. එහෙත්, අපසර්ජනයකදී තත්වය එලෙස නිකංම පැරණි සිද්ධියක් සිහිවීමක්ම පමණක් නොවේ. බොහෝ විට, ඔහු නැවතත් එම සිද්ධියට “සැබැවින්ම” මුහුණ දෙනවාක් වගෙයි දැනෙන්නේ. ඒ කියන්නේ සමහරවිට පළමු සැරේ වින්ද දැඩි වේදනාව දුක පීඩාව දැනෙනවා. එමනිසා, ‍අපසර්ජනය සිදුවන අවස්ථාවක් බරපතල ස්වරූපයක් ගැනීමට ඉඩ තිබෙනවා.

ඇයි ඉතිං මෝහනයේදී අපසර්ජනයක් සිදු වන්නේ? හේතුව කුමක් වුවත් බොහොම කලාතුරකින් මෙවැන්නක් සිදුවන්නට පුළුවන්. ‍එහිදි කළ යුතු දේවල් ඔබ දැන සිටිය යුතුයි. ඇත්තටම මෙය සිදු වීමට හේතු කිහිපයක් දක්වන්නටත් පුළුවන්.

සමහරෙකු යම් අතිශය පීඩාකාරි දැරිය නොහැකි තරම් වේදනාත්මක සිද්ධියකට මුහුණ දුන් විට, එය පළමුව ඔහුට අදහගත නොහැකි තරම් වෙනවා. එම සිද්ධිය ඇත්තටම සිදු වූවා යැයි (මොහොතකට හෝ) නොපිළිගැනීමට ඔහුගේ සිත පෙළඹෙනවා. එහෙත් යථාර්ථයට ඔහුට මුහුණ දීමට සිදු වීම නිසා, දැඩි දුකක් ඇති වෙනවා. බොහෝ විට එම දුක අඬා දොඩා පිට කරනවා. තවත් සමහරෙක් එලෙස පිටතට දුකක් නොපෙන්වා සිත බොහෝම දැඩි කර ගන්නවා. මේ දෙවර්ගයේම අයට එම සිද්ධිය ගැන යම් ආකාරයක “ශේෂ වූ” දුකක් සිතේ රැඳී තිබෙන්නට පුළුවන්. බොහෝ විට එය ඔහුගේ උඩු සිත පවා නොදැනුවත්වයි (යටි සිතේ) තිබෙන්නේ. අවුරුදු ගණනාවකට හෝ පසුව මෝහනය වැනි යටි සිතට ප්‍රකටව මතු වීමට අවස්ථාවක් ලැබුණු විට මෙම සැඟව තිබූ දුක එකවර මතුවීමට පුළුවන්. ඒ සමගම සම්පූර්ණ සිදුවීමම “නාට්‍යයක්” මෙන් ඔහුගේ සිතේ නැවත මතු වෙනවා. අපසර්ජනය යනු එයයි.

ඉහත සඳහන් කළ ආකාරයට අපසර්ජනය නිකංම අනපේක්ෂිතවම සිදු විය හැකියි. ඊට අමතරව මෝහනවේදියා දැනුවත්ව හෝ නොදැනුවත්ව අපසර්ජනයක් ඇති කළ හැකියි (induced abreaction).

ඉබේම අපසර්ජනය ඇති විය හැක්කේ මෙසේය. දුක සැප ආදී හැඟීම් ඇතිවන්නේ හා ගබඩා වී පවතින්නේ යටි සිතේ බව මීට පෙර ඔබ ඉගෙන ගත්තා මතකද? යටි සිතේ තිබෙන එවැනි හැඟීම් යටි සිතේම පමණක් තිබෙන විට ඒවා අපට දැනෙන්නෙ නැහැ. ඒවා විටින් විට උඩු සිටත පැමිණි විට පමණයි ඒවායෙන් යම් දැනීමක් අපට ලැබෙන්නේ. උදාහරණයක් ලෙස, තමන්ගේ දරුවෙක් මැරුණු මවක් ගැන සිතන්න. අවුරුදු කොතරම් ප්‍රමාණයක් ගියද ඒ මවට ඒ සිද්ධිය යම් දුකක් ඇති කරනවා. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැනෙ එම මව දරුවා මැරුණු මොහොතේ සිට ඇය ජීවිතයෙන් සමුගන්නා තෙක්ම එක ලෙසම දුකින් පමණක් සිටියා කියා. දරුවාගේ වියෝව සදාකල්හිම යටි සිතේ තිබෙනවා. එහෙත් එය උඩු සිතට එන්නේ විටින් විටයි. එය උඩු සිතට පැමිණි අවස්ථාවල පමණක් ඇය නැවත නැවත දුකට පත් වෙනවා. ඔබේ අතීත දුක් හා සතුටු අවස්ථාත් එබදුයි නේද?

එහෙත් ඉහත සිදු වීමට අමතරව සුවිශේෂි අවස්ථාද තිබෙනවා. ඉන් එකක් නම්, තම දරුවාගේ මරණය දරාගත නොහැකිව මවට සිහිවිකල් වීමට පුළුවන්. එය ඉතාම සුළු ප්‍රතිශතයකි. තවත් අවස්ථාවක් තමයි එම දුක (උඩු සිතින්) දරා ගත නොහැකි අවස්ථාවක එම සිද්ධිය යටි සිතෙන් උඩු සිතට මතු වෙන්නට නොදී සිටීමයි. මෙයද ඉතා සුළු ප්‍රතිශතයකි. එවිට අම්මා සාමාන්‍ය පරිදි අඬා ‍වැළපී දුක් වුවත්, සිහිවිකල්වීම වැනි තත්වයන්ගෙන් ඇය ආරක්ෂා වෙනවා. එහෙත් පොලොව යට වැළළුණු බිම් බෝම්බයක් සේ දැඩි පීඩාවක් ඇගේ යටි සිත තුළ පවතිනවා. එය පිට කිරීමට අවශ්‍ය වුවත් උඩු සිතට එන එක සාමාන්‍ය තත්වය යටතේ සිදු වන්නේ නැහැ (ආරක්ෂක යාන්ත්‍රණය නිසා). හරියට වතුර බේසමක ඔබාගෙන තිබෙන ටෙනිස් බෝලයක් සේයි ඒවා තිබෙන්නේ. මෝහනය යනු යටි සිතට මතු වීමට අවස්ථාවක් නිසා, මෝහනයේදී අර දුක එකවරම ඉබේම මතුවන්නට පුළුවන්.

මෝහනවේදියාට පුළුවන් අපසර්ජනයක් ඇති කිරීමටත්. එහිදී සිදු වන්නේ පෙර සේම යටි සිතේ තිබෙන යම් පීඩාකාරී සිදුවීමක් මෝහනවේදියා කියන යෝජනාවලින් නැවත මතක් කර ගැන්වීමයි. එය හරියට පැරණි ආදරයේ විරහව සමහර සිංදුවකට කන් දී සිටින විට නැවත මතු වෙනවාක් බදුයි. මෙහිදීද මෙය සිදුවිය හැකි අවස්ථා දෙකක් තිබේ. එකක් නම්, මෝහනවේදියා උවමනාවෙන්ම (ඒ කියන්නේ සැලසුම් සහගතව යම් ප්‍රතිකාරමය අරමුණක් උදෙසා) එය මතු කළ හැකියි. ඒ කියන්නේ මෝහනවේදියාට වැටහී ගියොත් මෝහනලාභියා පෙළෙන පීඩාවකට හේතුව යටි සිතේ මෙලෙස සැඟව පවත්නා දුකක් කියා, එම දුක උඩු සිතට එන්නට සලස්වා (ඒ කියන්නේ අපසර්ජනයක් ඇති කර), සුදුසු යෝජනා මගින් ඊට සහනයක් ලබා දිය හැකියි.
දෙවැනි අවස්ථාව නම්, මෝහනවේදියා නොදැනුවත්ම ඔහු විසින් කියනු ලබන යම් යම් යෝජනා නිසාද එය සිදු විය හැකියි. මෙය සිදුවන්නේම මනසේ යම් යම් නිර්මාණාත්මක සිද්ධි මැවීමට යෝජනා කරන අවස්ථාවලදීය. (මනසේ යම් යම් නිර්මාණාත්මක මනකල්පිත සිද්ධි මවා ගන්නට සලස්වා ඉන් යම් ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ඇත. මේ ගැන පසුව ඉගැන් වේ.) සමහරවිට මෝහනලාභියාට යෝජනා කරනු ලබන මෙවැනි මනකල්පිත සිද්ධියම වැනි සිද්ධියකට මීට පෙර මෝහනලාභියා මුහුණ දී කටුක වේදනාත්මක අත්දැකීමක් ලබා ගෙන තිබිය හැකියි; නමුත් මෝහනවේදයා එය ගැන නොදනී. එවිට, ඔහුගේ එම යෝජනා ඇත්තටම මෝහනලාභියාගේ එම පරණ සිදුවීම මතක් කර අපසර්ජනයක් ඇති කළ හැකියි.


කුමන ආකාරයට අපසර්ජනයක් සිදු වුවද, එය නිවැරදිව හැසිර වීමට ඔබ දත යුතුය. එහිදී අනුගමනය කළ යුතු රීති (rules) කිහිපයක් ඇත.
  1. කිසිම විටක ඔබ බිය වෙන්නට එපා. ඔහු කුමන විදියට හැසිරුණත් ඔබ සාමාන්‍ය සැහැල්ලු උද්‍යෝගිමත් මානසික තත්වයම පවත්වා ගෙන යා යුතුයි.

    ඔබ බිය වුවොත් මොහොතකින් ඔබ ඉගෙන ගත් කළ යුතු දේවල් නොකළ යුතු දේවල් අමතක වෙන්නට පුළුවන් (ඔබ දන්නවා බිය වූ විට මතකය දුර්වල වෙනවා). අනික, ඔබ මෝහනවේදියා වශයෙන් එවැනි අවස්ථාවක් සාර්ථකව පාලනය කළ යුතු තැනැත්තා නිසා, අනෙක් අයත් (අහල පහල තව අය බලාගෙන ඉන්නවා නම්) හැසිරවීමට හා ඔවුන්ව සන්සුන් කිරීමත් ඔබගේ වගකීමක්. ඔබ බිය වූ විට, ඔවුන් ඊටත් වඩා බිය වන්නට පටන් ගන්නවා. අනෙක, ඔබ බිය වූවා කියා එම තත්වයට පිළිතුරක් ලැබෙන්නේ නැති බවද ඔබ දන්නවා. ඔබගේ කටහඩ වෙව්ලන බය වෙච්ච ස්වභාවයකට පත් නොවිය යුතුයි.

  2. කිසිම විටක, ඔබ හෝ වෙනත් කෙනෙකු, අපසර්ජනයට පත් වුණු මෝහනලාභියා ස්පර්ශ කරන්නට එපා.

    මනෝවිද්‍යාත්මක සංසිද්ධියක් තිබෙනවා ඇන්කරිං
    (anchoring) කියා. ඉන් කෙරෙන්නේ එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක් එකිනෙකට බද්ධ කිරීමයි. එමගින් ඉන් එක සිද්ධියක් ඔබට සිදුවන විට, අනෙක් සිද්ධිය ඉබේම සිදු වෙනවා. ඔබ සමහර විට බොහෝ පොත් සඟරා ආදියේ හා සමහර ඵලදායිතා විශේෂඥයින් මේ දේ සිදු කරනවා කියවා හෝ අසා හෝ දැක හෝ ඇති.

    උදාහරණක් බලමු. ඔබට යම් සභාවක් ඉදිරියේ කතාවක් කිරීමට හෝ එවැනි වෙනත් අවස්ථාවකට මුහුණ දීමට බයක් ඇතැයි සිතන්න. එවිට, ඔබට අවශ්‍යයි ඒ දේ කිරීම සඳහා අමුතු වීර්යක් ශක්තියක්. ඔබට ඉගෙන ගත හැකියි ඉහත ඇන්කරිං උපක්‍රමය භාවිතා කර එම වීර්ය ඇති කර ගන්නට. ඒ සඳහා ඔබේ අතක මහපොට හා දඹර ඇඟිලි දෙක එකිනෙකට තදින් ස්පර්ශ කිරීම හෝ වෙනත් එවැනි සුළු ක්‍රියාවක් යොදා ගත හැකියි. මෙහිදි අප කරන්නේ ඇඟිලි දෙක එකිනෙකට ස්පර්ශ කිරීම හා වීර්ය ඇති කර ගැනීම යන එකිනෙකට වෙනස් සිදු වීම් දෙක බද්ධ කිරීමයි. එවිට, ඕනෑම මොහොතක එම ඇඟිලි දෙක එකිනෙකට ස්පර්ශ කිරීම මගින් ඉබේම වීර්යක් ඇති වේ. මෙම උදාහරණයේ ඇඟිලි දෙක ස්පර්ශ කිරීමේ ක්‍රියාව “ඇන්කර් එක” කියා හැඳින් වේ. ඇඟිලි දෙකක් ස්පර්ශ කිරීම වෙනුවට ඔබේ අතක යම් ඇඟිල්ලක් ඔබේ නාසය ඇල්ලීමද ඇන්කර් එකක් ලෙස භාවිතා කළ හැකියි. එසේත් නැතිනම්, අත් දෙක එකිනෙකට තද කිරීම හෝ එක් අතකින් එක් කනක් ඇල්ලීම හෝ ඇන්කර ලෙස භාවිතා කළ හැකියි. ඔබට කැමැති ඕනෑම කුඩා ක්‍රියාකාරකමක් ඒ සඳහා යොදාගත හැකියි.

    හැබැයි යම් සිදුවීම් දෙකක් ඇන්කර් කිරීමට මෝහනය හෝ
    NLP හෝ එවැනි ක්‍රමවේදයක් මගින් සිදු කළ යුතුයි. එලෙස ඇන්කර් නොකර නිකංම ඇඟිලි දෙක ස්පර්ශ කළ පමණින් වීර්යය ඇති වන්නේ නැත. ‍සභාවක් ඉදිරියේ පෙනී සිටීමට වීර්යක් ඇති කර ගැනීම පමණක් නොවේ, විභාගයකට වාඩි වීමට තිබෙන බය, සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට ඇති බිය, ගැහැණු ළමයෙකුගෙන් ආදරය විමසීමට තිබෙන බිය, ආදී ඕනෑම (සරල) අවස්ථාවන් සඳහා ඇන්කරිං යොදා ගන්නට පුළුවන්.

    දැන් නැවත අපසර්ජනය වෙත යොමු වෙමු. මෝහනලාභියා දැන් සිටින්නේ මෝහනයේය. ඒ වගේම ඔහු දැන් දැඩි සිත් පීඩාවක් අත් විඳිමින්ද සිටී. ඔහුව දැන් උරහිසින් හෝ වෙනත් තැනකින් අල්ලන්නට ගියොත් එම ඇල්ලීම ඇන්කර් එකක් බවට පත් විය හැකියි. එවිට, ඔහු මෝහනයෙන් ඉවත්ව සාමාන්‍ය තත්වයේ සිටින විට, ඕනෑම කෙනෙකු අර ඇන්කර් එක ක්‍රියාත්මක කළොත් (ඒ කියන්නේ උරහිසින් හෝ ඔබ ස්පර්ශ කළ වෙනත් ආකාරයකින් හෝ ඔහුව ස්පර්ශ කළොත්) සිදු වන්නේ ඔහුගේ සිතට නැවත කටුක අත්දැකීම් ඇති වීමයි.

  3. මෝහනලාභියා දරුණු ලෙස දඟලන්නේ නැතිනම් (එවිට, බිමට වැටීමට හෝ වෙනත් තුවාල සිදු කර ගැනීමට ඉඩක් තිබේ.), හුස්ම ගැනීමේ අපහසුවක් පෙනෙන්නේ නැති නම්, දරුණු ආකාරයෙන් කෑ කෝ ගසමින් සිටින්නේ නැතිනම්, ඔහුට එසේ අපසර්ජනය සිදු වන්නට ඉඩ හරින්න. ඔහුගේ හුස්ම ගැනීම හා වෙනත් වැදගත් ශාරීරික ලක්ෂණ ගැන ඉතා විමසිල්ලෙන් සිටින්න. (සමහරවිට, ඔහුගේ වෙනත් රෝගයක් ඉන් ඉස්මතු විය හැකියි. උදාහරණයක් ලෙස, ඔහු ඇදුම රෝගියකු නම්, එම රෝගී තත්වය මතු විය හැකියි. මෙවැනි තත්වයක් නම්, වහාම අපසර්ජනය නතර කළ යුතුයි.) විනාඩි කිහිපයක් ඔහු එසේ අපසර්ජනයේ සිටිනු ඇත. ඉන්පසු ක්‍රමයෙන් එය අඩු වෙනු ඇත. සාමාන්‍යයෙන් සිටින කෙනෙකු වුවද, අඬන්නේ ටික වෙලාවකි. ඇඬීමම දුක අඩු කිරීමේ හොඳ ක්‍රමයකි.

    ඇත්තටම, අපසර්ජනයකට පසුව ‍මෝහනලාභියා විශාල සහනයක් ලැබේ. ඔහුගේ වෙනත් කරදරකාරී තත්වයන්ද (එම සැඟව තිබූ දුක් සහගත හැඟීම් නිසා ඇති වූ) ‍ඔහුට නොදැනී සුවපත් විය හැකියි.

  4. මෝහනලාභියාගේ අපසර්ජනය තත්වය ඉහත කියූ කරුණු අනුව යම් ප්‍රශ්නකාරි තත්යක් ඇති කරතැයි ඔබට සිතී, එය නතර කළ යුතු යැයි ඔබ තීරණය කළ විටදී හෝ අපසර්ජනය යම් කාලයක් සිදුවන්නට ඉඩ දී එය ක්‍රමයෙන් සන්සි‍ඳෙන විටදී යන අවස්ථා දෙකේදිම ඔහුව අපසර්ජනයෙන් ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා ඔබට පහත දැක්වෙන කුඩා වාඛ්‍යය කිව හැකියි.

    “ඒ සිදුවීම දැන් ක්‍රමයෙන් මැකිල යනවා... හුස්ම ගැනීම වෙතට දැන් ඔබේ අවධානය යොමු කරන්න...”

    එම වාඛ්‍යය තරමක් උස් හඬකින් කියන්න. ඔහු දැනටමත් අඬමින් හෝ ශබ්ද නඟමින් සිටිනවා විය හැකියි. එසේත් නැතිනම්, ඔහුගේ මනස දැන් “ඝෝෂාකාරී” තත්වයක පවතී. එමනිසා, ඔහුට තරමක දැඩි ස්වරූපයකින් ආඥාදායක ස්වරූපයකින් එය කියන්න. එය කීමෙන් ඔබ සිදු කරන්නේ ඔහුගේ සිත එම අරමුණින් ඉවත් කිරීමයි. කිහිප වතාවක්ම ඉහත වාඛ්‍යය කියන්න. ඔහුට ඉන් ඉවත්වීමට තරමක කාලයක්ද දිය යුතුයි.

    ඉන් ඉවත් වූ පසුව ඔබට අවශ්‍ය නම්, ඔහුව මෝහනයෙන්ද ඉවත් කළ හැකියි. අවශ්‍ය නම්, මෝහනය දිගටම කරගෙන යා හැකියි. යම් අසනීප තත්වයක් ඇති වූවා නම්, අනිවාර්යෙන්ම මෝහනයෙන් වහාම ඉවත් කර, ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකියි. (උදාහරණයක් ලෙස, ඇදුම රෝගියෙකු නම්, එම තත්වය ඇති වන විට ඔහු සාමාන්‍යයෙන් ගන්නා බෙහෙත් බොන්නට සලස්වන්න.)

    මෝහනයෙන් ඉවත් වූවාට පසුව ඔබ ඒ ගැන ඔහු සමග කතා කරන්න එපා. අපසර්ජනයක් සිදූ නොවූවා සේ සිටින්න. සමහරවිට ඔහු මෝහනයෙන් ඉවත් වූ විට, ඒ සිද්ධිය ගැන මතකයක් නැත. සමහරවිට, යම් මතකයක් තිබෙන්නටත් පුළුවන්. එවිට, ඔහුම ඒ ගැන ඔබ සමග කතා කිරීමට එන විට පමණක්, ඒ ගැන සාකච්ඡා කරන්න.


    Hypnosis (mohanaya) ...