මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ.


හැඳින්වීම

දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “මෝහනය” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා.

සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම් උගත හැකියි. ඔව්, එය එතරම්ම සරල ක්‍රියාවක්. එහෙත් ඒ පිළිබඳව ඉතා හොඳ දැනුමක් ඇති කර ගැනීමට ඊට වඩා කාලයක් හා බුද්ධිමය ශ්‍රමයක් වැය කළ යුතු වෙනවා. ඉතිං අන්තර්ජාලය හා රූපවාහිනි ජනමාධ්‍යය ඔස්සේද මෝහනය ගැන කතා කරන ඉහත සඳහන් දෙවර්ගයේම අය සිටිනවා. අභාග්‍යයකට මෙන් බොහෝ අය විසින් දැනුවත්ව (ඔවුන් ගාවට වැඩියෙන් සේවාලාභින් ගෙන්වා මුදල් හම්බ කිරීමේ අදහසින්) හෝ නොදැනුවත්ව මෝහනය ගැන සමාජයට වැරදි දැනුමක් ලබා දෙනවා. එය මෝහනයට චිත්‍රපටි විසින් සිදු කර ඇති හානියට වඩා කිහිප ගුණයකින් වැඩි බරපතල හානියකි. එම වැරදි තොරතුරු මොනවාද හා ඒවා වැරදි කියා පැවසීමට හේතුද සහිතව මා මෙම පොතින් පැහැදිලි කරනවා. ඒ විතරක් නොව, කෙනෙකුව මෝහනය කරන ආකාරය පියවරින් පියවර මා පැහැදිලි කරනවා. මෙම පොතින් මෝහනය ඉතා පුළුල් පරාසයකින් ආවරණය කෙරෙනවා. වැරදි ක්‍රියාවන් සඳහා මෝහනය යොදා නොගන්නා ලෙසද මා ඉල්ලා සිටිනවා.

මෝහනය “මෝහනය” ලෙස මින් විස්තර කෙරෙන අතර, එය අනවශ්‍ය හා සාවද්‍ය ආකාරයට ආගමික කාරණා (විශේෂයෙන් බුදු දහම හා භාවනාව) හා වෙනත් පුද්ගල අභිමතයන් හා දර්ශන සමග පාහන්නට උත්සහ කරන්නේ නැත.

මෝහනයෙන් කළ හැක්කේ මොනවාද කියා කෙනෙකු ඇසුවොත්, ඊට සරල කෙටි පිළිතුර ලෙස පහත සඳහන් දේවල් කිව හැකිය.

       ·         දුම් බීම වැනි ඇබ්බැහිවීම් (addiction) වලින් ඈත් කිරීම
       ·         නියපොතු සැපීම වැනි (කරදරකාරි) පුරුදු (bad habits) ඉවත් කිරීම
       ·         හොල්මන්වලට ඇති බිය ආදී භීතිකා/පුහුබිය (phobia) ඉවත් කිරීම
       ·         කළබලකාරි හා වැඩ වැඩි අවස්ථාවන්ට මුහුණ දෙන විට, සිත හා කය සැහැල්ලු කිරීම (relaxation) හා ආතතිය අඩු කිරීම (stress relief)
       ·         මානසික ගැටලු නිසා ශාරීරිකව (භෞතිකව) සිදුවන බඩේ කැක්කුම, හිසරදය, සමේ රෝග ආදී රෝග (somataform disorders) සුව කිරීම
       ·         සිතේ පවතින යම් යම් ඍණාත්මක හැඟීම් හා තත්වයන් දුරුකර ආත්ම විශ්වාසය, කැපවීම, අනලස්බව ආදී ධනාත්මක තත්වයන් සිතේ ඇති කිරීම
       ·         නිදන්ගත ශාරීරික වේදනා (chronic pains) සමනය කිරීම

ඇත්තටම ඉහත එක් එක් කාරණාව යටතේ තවත් උපකාරණා ගණනාවක් බැගින් තිබේ. ඒ අනුව මෝහනයෙන් කළ හැකි බොහෝ දේවල් ඇත. උදාහරණයක් ලෙස, සභාවක් ඉදිරියේ කතා කිරීමට ඇති බිය, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට ඇති බිය, මකුළුවන්ට ඇති බිය, කෙනෙකුගේ ඇස් දෙක බලාගෙන කතා කිරීමට ඇති අපහසුතාව, රෑට ලයිට් එකක් නැතිව නිදාගැනීමට නොහැකියාව, සමහර ලිංගික බෙලහීනතා, පාඩම් කිරීමට ඇති කම්මැලිකම, “යක්ෂ/භුත” ආරූඪ වීම් (demonic possession), අනවශ්‍ය හා අසාධාරණ ලෙස බිරිඳ/ස්වාමියා (හෝ වෙනත් කෙනෙකු) සැක කිරීම ආදී ලෙස මෝහනයෙන් සහනයක් ලැබිය හැකි සිය දහස් ගාණක වට්ටෝරුවක් කියාගෙන යා හැකියි.

මෝහනය යන වචනයේ යම් ඍණාත්මක් හැඟීමක් ඇතිකරන ගතියක් තිබෙන නිසා, සමහරුන් ‍එය “මෝහනවේදය” (“වේදය” යනු ශාස්ත්‍රය යන්නයි) නමින්ද හැඳින් වේ. “ස්වාපනවේදය” යන තවත් ලස්සන වදනක්ද හඳුන්වා දී තිබෙනවා (“ස්වාපන” යනු සිහිනයි. එය නින්දට සම්බන්දයි. මෝහනයේදිත් බොහෝ අයට පෙනෙන්නේ ඇස් වසාගෙන නිදන් සිටින ‍සේයාවක් නිසාද, ඉංග්‍රිසි නමෙහි හිප්නො යන කොටසින්ද ඉඟි කරන්නේ නින්ද බැවින් ස්වාපනවේදය යන්න හරියමට ඉංග්‍රිසි හිප්නොසිස් යන්නෙහි පදානුගත තේරුමද වේ). ඉංග්‍රිසියෙන් එය hypnosis (හිප්නෝසිස්) හෝ hypnotism හෝ hypnology යනුවෙන් හැඳින් වෙනවා. මෝහනය කරන පුද්ගලයා මෝහනවේදියා/ස්වාපනවේදියා (hypnotist/hypnologist) ලෙස හැඳින්වෙන අතර, මෝහනයට “ලක්වෙන” තැනැත්තා සේවාලාභියා (client) වේ (ඉංග්‍රිසියෙන් subject යන වදනද සේවාලාභියාට යෙදුවත් එය එතරම් සුදුසු වචනක් නොව).


මෝහන‍ය යන වචනය භාවිතා කළත් කිසිසේත් එය “වශීවීමක්” හෝ ඉන් ළඟින්වත් යන දෙයක් නොවේ. තවද, නින්ද හා මෝහනය අතරද ඓන්ද්‍රිය සම්බන්ද කමක් නැත. මෙය යන්ත්‍ර මන්ත්‍ර, භාවනාව, දේව හාස්කම් හා සම්බන්දද නොවේ. “විද්‍යාත්මක” (scientific) යන්නෙහි “දැඩි අර්ථය” (rigidity) ගත් කළ, ඇත්ත වශයෙන්ම මෝහනය යන්න විද්‍යාත්මකද නොවේ. එහෙත් එය විද්‍යාත්මක තර්කන ක්‍රමය මගින් හා ආකෘති මගින් පැහැදිලි කළ හැකි නිසා බොහෝ විට විද්‍යාත්මක යන හැඟීම පවතී. පොත කියවාගෙන යන විට මේ සියල්ල ගැන ඔබට හොඳ අවබෝධයක් ඇති වේ.

සේවාලාභියාට කිසිවිටක “රෝගියා” (patient) යන වචනය භාවිතා කරන්නට එපා. ඒ වගේමයි කිසිවිටක තමනුත් දැන් වෛද්‍යවරයක් යන ඉතාම වැරදි ආකල්පය ඇති කර ගන්නත් එපා. තමන් “රෝගින්ගේ මානසික ව්‍යාධින්/රෝග (mental disorders) සුව කරනවා” යැයි සිතීම හෝ ප්‍රචාරය කිරීමද නොකළ යුතුයි. එය නීති විරෝධිද වේ.

මෝහනය මනස (mind) හා බැඳී පවතින විෂයකි. මනස යන්න සෞඛ්‍යයේ (health/well-being) ප්‍රධාන අංගයකි. එමනිසා බැලූ බැල්මට මෝහනය සෞඛ්‍යය හා වෛද්‍ය විද්‍යාවට අදාලව පවතින වැදගත් අංශයකි. එහෙත්, මෝහනය වෛද්‍යවරුන් (physician) හෝ මනෝවෛද්‍යවරුන් (psychiatrist) හෝ මනෝවිද්‍යාඥයන් (psychologist) හෝ මනෝඋපදේශකයන් (counsellor) විසින් පමණක් සිදු කළ යුතු හා සිදු කළ හැකි දෙයක් ලෙස අනිවාර්ය කර නොමැත (ලොව සෑම රටකම පාහේ තත්වය එයයි).

ඔබ දන්නවා වෛද්‍යවරුන් යනු MBBS හෝ MD වැනි උපාධියක් සමත්ව රෝගින්ට බෙහෙත් (medicine) නියම කිරීමට (prescribe) (හා අවශ්‍ය නම් සුදුසු සැත්කම් (surgery) කිරීමට) නීතියෙන් අවසර ඇති අයයි.

මනෝවෛද්‍යවරයා යනු එවැනි සාමාන්‍ය දොස්තර‍ කෙනෙකු ලෙස වසර කිහිපයක් වෘත්තියේ නියැලී සිට වැඩි දුරටත් “මනෝ විද්‍යාව(psychology) ඉගෙන‍ ‍එම විෂයෙන් විශේෂඥතා දැනුමක් ලැබූ විශේෂඥ වෛද්‍යවරයෙක් (specialist). ඔහු දැනටමත් වෛද්‍යවරයෙක් නිසා බෙහෙත් නියම කිරීමට බලයක් ඔහුට නිතැතින්ම හිමිවෙනවා. තවද, ඔහු මනෝවිද්‍යාව ඉගෙන ගන්නේ “මනස යනු මොලයේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි” යන පදනමේ සිටයි. එවිට, මනසේ අර්බුදවලට හේතුව මොලයේ රසායනික ක්‍රියාවලියේ ඇති වන යම් යම් අක්‍රමිකතා ලෙස ඔහු දකියි. රසායනික අක්‍රමිකතා සමනය කිරීමට ඔහු බොහෝ විට ඒ සඳහාම (මානසික ලෙඩ සඳහාම) නිපදවා ඇති බෙහෙත් නියම කරයි.

මනෝවිද්‍යාඥයා ‍මනෝවෛද්‍යවරයා මෙන් පළමුව සාමාන්‍ය වෛද්‍ය උපාධියක් ලබා සිටින කෙනෙකු නොවේ. යම් කෙනෙකු මනෝ විද්‍යාව ගැන පිළිගත් (උපාධියක් හෝ උසස් ඩිප්ලෝමාවක් වැනි) අධ්‍යාපනයක් ලබාගත හොත් ඔහුට මනෝවිද්‍යාඥයකු විය හැකියි. ඔහු වෛද්‍යවරයකු නොවේ. එමනිසා බෙහෙත් නියම කිරීමට අයිතියක් ඔහුට නොමැත. බොහෝ විට, ඔහු ඉගෙන ගන්නා මනෝවිද්‍යාව බෙහෙත් නොව වෙනත් උපක්‍රම මගින් මානසික ගැටලු නිරාකරණය කිරීමට (therapy) සකස් කර ඇත. එහෙත්, සමහර රටවල මනෝවිද්‍යාඥයන්ට සීමිත බෙහෙත් ප්‍රමාණයක් නියම කිරීමට බලයද ලබා දීමට කටයුතු කරනවා.

මනෝ උපදේශකයන්ද මනෝවිද්‍යාඥයන් බදුය. සමහරවිට ඔවුන් ලබා ගන්නා අධ්‍යාපනික සුදුසුකම්වල වෙනස්කමක්ද නොමැත. පාසල්, විශ්ව විද්‍යාල, විශාල කර්මාන්ත කළාප, රෝහල් ආදී ආයතනවල මනෝ උපදේශකයන් හා මනෝවද්‍යාඥයන් සේවයේ යෙදෙනවා. මානසික ප්‍රශ්න අදාල පුද්ගලයන් සමග කතා බහ කර ඒවා විසඳීමට විද්‍යාත්මක කෝණවලින් බලා සුදුසු චර්යා වෙනස්කම් ආදිය යෝජනා කිරීමට ඔවුන් ක්‍රියා කරනවා.

ඉහත ඕනෑම කෙනෙකුට මෝහනවේදය ඉගෙන එය තමන්ගේ වෘත්තයට අවශ්‍ය ප්‍රමාණෙට උදව් කරගත හැකියි. එහෙත් ඒකෙන් කියවෙන්නෙ නැහැ ඔවුන් පමණක් මෝහනය කළ යුතු බව. ඇමරිකාවේ පවා බොහෝ වෛද්‍යවරුන් එදා සිටම අද දක්වාත් මෝහනය වෛද්‍යවරුන් විසින් පමණක් සිදු කළ යුතු දෙයක් බවට නීති පනවා ගැනීමට උත්සහ දරනවා. එහෙත් එම රටේ ප්‍රබල මෝහනවේදී වෘත්තියක් තිබෙන නිසාත්, එහි වැඩිම පිරිසක් වෛද්‍යවරුන් නොවන නිසාත් වෛද්‍යවරුන්ගේ එම ව්‍යායාමයට විරුද්ධව ඔවුන් සටන් කරනවා. ඇත්තටම කරුණු සොයා බලන විට, වෛද්‍යවරුන් විසින් මෝහනය තමන්ට පමණක් අයිතිකර ගන්නට බලන්නේ ඊර්ෂ්‍යාව නිසා හා ආර්ථික වාසි නිසාය (ලංකාවේ වෛද්‍යවරුන් වෘත්තිය සටන් කර ස්ට්‍රයික් ආදිය සිදු කරන්නේද ඊර්ෂ්‍යාව හා තමන්ගේ වාසී තකාය. බැලුවාම කොහෙත් තත්වය එකමයි නේද?)


එමනිසා, ඔබටද පහසුවෙන්ම මෝහනවේදියෙක් (සමහරුන් මෝහන විද්‍යාඥයා යන නමද භාවිතා කළත්, එම නම ඇත්තටම බරපතල වැඩියි) විය හැකියි ප්‍රාමාණික දැනුමක් ලබාගෙන. නීතිවිරෝධි හෝ සදාචාර විරෝධි වැඩ සිදු කර අනවශ්‍ය දැඩි නීති ‍රීති මෝහනය ක්ෂේත්‍රයට නොපනවා ගැනීමටත්, මොන තත්වය යටතේ වුවත් මෝහනය වෛද්‍යවරුන්ට හෝ කුඩා විශේෂිත කණ්ඩායමකට පමණක් සීමා කිරීමට උත්සහ කරන විටදී ඊට විරුද්ධව දැඩිව නැගී සිටීමත් ඔබගේ යුතු කමක් වේ. මෙතැන් සිට අප මෝහනය ක්‍රමානුකූලව ඉගෙන ගමු.

Hypnosis (mohanaya) ...


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

Comments

  1. can i get the english hypnosis mp3 you mentioned on a mail to buddhika ?

    ReplyDelete
  2. Sure... Please send me an email to tekcroach@gmail.com with your email address to which I can send send it. :)

    ReplyDelete
  3. mohanayen gotha gasima nawathtanna puluwanda?

    ReplyDelete
    Replies
    1. gotha gasimata physically kisima hethuwak na kiyala doctorsla kiyanawa nam, mohanayen eya suwa karanna bohowita puluwan.

      Delete
  4. LANKAWE MOHANAYEN ROGA SUWA KARANA DOCTOR KENEKGE WISTARA TIYE NAM MAIL 1K DANAWADA.LOKU UDAUWAK

    ReplyDelete
    Replies
    1. bohomayak aya hora boru wancha karana nisa, karunakarala rajaye maha rohalaka maanasika wattuwakata gihin doctor kenek hamu wena eka angata gunai. mohanayenda wenath kramayakinda obe gataluwa nirakaranaya karanne kiyala theeranaya karanne ohui (oba nemei). sorry, mata ewani recommendation ekak denna ba. karunakara rajaya wisin wisala mudalak oba wenuwen weya karala pawathwagena yana nidahas sawukya pahasukam walata meeta wada minisun lan wela ewalin nisi prayojana laba ganna ona. hema detama salli wiyadam karanna lehesthi aya inna nisa thamai horuth me tharam bo wela thiyenne.

      Delete
  5. mata hoda mohanaya karana doctor knek ge number ekak denna ,loku udawwak

    ReplyDelete
    Replies
    1. first, mohanaya karana okkoma dostharala neme. second, bohomayak dostharawarun mohanaya danneth na karanneth na... third, bohomayak honda mohanawedin dostharala neme. lankaweth loke wenath ratawalath thathwe ehemai.

      finally, mata obage prasneta uttharayak denna ba mokada salli aya karana kisima kenekwa mata promote karanna baha (sorry about that). eka nisa hodama de thamai obe manasika gataluwa rajaye maha rohalaka (general hospital) inna manowaidyawarayata yomu karana eka. (egollange private clinic walata enna kiwwata yannath epa)...

      habai ara tv eke salli gewala sathi patha programs karana mohanawedin lagata yannath epa e programs wala egolloange keruwawan gena mona kiwwath. aparade oyage sallith kalayath...

      Delete
    2. ඔබතුමාගේ පිළිතුර මේ විදිහට නැවත පලකරන්න හිතුවේ, එහි ඇති වටිනාකම නිසාමයි

      ප්‍රතමයෙන්, මොහනය කරන ඔක්කොම දොස්තරල නෙමෙ. දෙවනුව, බොහොමයක් දොස්තරවරුන් මොහනය දන්නෙත් නැ කරන්නෙත් නැ... තෙවනුව, බොහොමයක් හොද මොහනවෙදින් දොස්තරල නෙමෙ. ලන්කවෙත් ලොකෙ වෙනත් රටවලත් තත්වෙ එහෙමයි.

      අවසානයට, මට ඔබගෙ ප්‍රස්නෙට උත්තරයක් දෙන්න බැ මොකද සල්ලි අය කරන කිසිම කෙනෙක්ව මට ප්‍රොමොටෙ කරන්න බැහැ (Sorry about that). එක නිසා හොදම දෙ තමයි ඔබෙ මනසික ගැටලුව රජයෙ මහ රොහලක (General Hospital) ඉන්න මනො යොමු කරන එක. (එගොල්ලන්ගෙ ප්Privet clinic වලට එන්න කිව්වට යන්නත් එපා...

      හැබැයි අර ට්ව් එකෙ සල්ලි ගෙවල සති පත ප්‍රොග්‍රම්ස් කරන මොහනවෙදින් ලගට යන්නත් එපා එ ප්‍රොග්‍රම්ස් වල එගොල්ලොන්ගෙ කෙරුවවන් ගෙන මොන කිව්වත්. අපරදෙ ඔයාගෙ සල්ලිත් කලයත්...

      Delete
    3. ස්තූතියි එරන්දි :)

      ලෝකයේ බොහෝ දේවල් සිදු කිරීමේදී හෝ සිදු කර ගැනීමේදී procedural (ක්‍රියාපටිපාටිමය) හා substantive (තදාර්ථමය?) කියා පැති දෙකක් තිබෙනවා. මෙහි වටිනාම අංශය සබ්ස්ටෑන්ටිව් පැත්ත වුවත්, අපේ ලංකාව වැනි රටවල ලොකුම ගැටලුව වී තිබෙන්නේ ප්‍රොසීඩරල් පැත්තයි. එය හරියට අලිය සිටියත් හෙන්ඩුව නැහැ වගේ.

      උදාහරණයක් ලෙස කොතරම් නඩු ඉවත දැමීම හෝ කල් දැමීමක් සිදු වෙනවාද ප්‍රොසීඩරල් වැරදි නිසා. අඩුම ගානේ ඡන්ද කාලයකදී නොමිනේෂන් භාරදීම් කොතරම් ප්‍රතික්ෂේප වෙනවාද මේ නිසා. නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකරන නිසා අල්ලස් දීම් ආදි දේවලට යොමු වෙනවා. මානසික ගැටලුවලට ප්‍රතිකාර්ම හා ප්‍රතිකාර ලබා දෙන (නොමිලේ) ආයතන තිබුණත් නිසි ක්‍රමවේද නොදත් හෙයින් ඒවාට යොමු නොවී සිටිනවා. පාසල් අධ්‍යාපනයෙන් මෙවැනි ජීවිතයට වැදගත් කිසිම දැනුමක් නොදී ශාක පත්‍රයේ පූටිකා, සනාල කලාප වැනි අනවශ්‍ය බොහෝ දේවල් උගන්වනවා. මේක රටේ කරුමයක්.

      Delete
  6. sinhala mp3 hari 3gp hari padam malawak labadenna puluwanda mage phone num eka 0710963595 email eka www.anjanakasun@gmail.com. labaganna puluwanda barida kiyala danuwath karanna.mama army eke wadakaranne.mama mohanawidyawa hadaranawa.e pilibadawa mana danumak laba ganimata kamathiy.thank you.

    ReplyDelete
    Replies
    1. Anjana, mohanaya gena ma sathuwa sinhala mp3 ho sinhala video ho naha. man hithanne man liyapu padam witharai internet eken sinhalen padam malawak wasayen thiyenneth. obata hakiy awasya nam ema padam malawa download kara ganna mage blog eken (pdf format eken eka thiyenawa).:) hondata igena ganna.

      Delete
  7. Eka paratama hodata hitapu knk wenas wela ammala sahodariyanwa pennanna bf baruwa innawanam eka mentlly issue ekakda?ekata prathikara ganne kohomada?

    ReplyDelete
    Replies
    1. minisekuge manasika thathwaya wenas wanne mokak hari manase thamanta wisadumak dakinna bari deyak athi wee thibena nisane. eya ganata control kara ganna bari nam thamantama, wenath buddimath yaluwek samaga katha baha karala ema gataluwa gena wenath konawalin dakina eka hodai. boho wita apita thibena prasna kuda wenawa e de gena wenath konawalin baluwama (wade kiyanne apita gataluwak awama ekama konekin balanna pelambenawa). me widiyatath gataluwa wisada ganna apahasui nam, lagama thiyena honda rajaye rohalakata yanna.

      api hamogema manasa hema mohothakama wenas wenawane. ithin prakurthi manasa kiyanne mekai kiyala hariyatama katawath pilithurak denna ba.

      thaman hithana, kiyana, karana deyin thamantath anuntath haniyak nathinam ha in thamanta poduwe sathutak danei nam eya prakurthi manasak kiyala hithiya hakiy.

      man ehema kiwwe mokada oya magen ahala thiyena prasneta mata uttharayak denna bahane oya kiyana pudgalayage samanya prakurhti swabawaya nodana.

      man hithanne oya wage prasna thamantama ara kiwwa widiyata hithala wisada ganna puluwan. prasna katath nirantharayenma thibena bawath, sathuta wagema asathutath hamadama pawathinne nathiwa diya wela yanawa kiyala hithanna. kohomath jeewithe hema deyakma sahalluwen bara ganna tharamata hitha hada ganna balanne nathinam marenakalma duka thamai. good luck.

      Delete
  8. sir monawa hari dakata hithe bayak thiyanawanam ,ah nisa sharirikawa apahasutha widina knk ,mohanaya magin sanipa karanna puluwanda

    ReplyDelete
    Replies
    1. puluwan... mohanaya hera wenath maanasika prathikarmath thiyenawane. ithin hondama de rajaye rohalaka mano vaidyawarayawa hamu wena eka. ada padurak gaane mohanaya karana aya inna nisa sabe mohanaye thiyena gunathmaya thiyeida kiyana eka prasnayak.

      Delete
    2. wenath prathikarma walinuth ,nittawatama sanipa karanna puluwanda?

      Delete
    3. nittawatama yana wachanaya dosa sahitha nisa e gena mukuth kiyannata kamathi natha. yamak kirimata boho wita krama kihipayakma thibe. ekama kramaya hema kenaatama hari noyannath puluwan.

      anika oba asana prasneta pilithuru deemata man qualified natha. hypnosis gena technical prasna walata pamanak min idiriyata man pilithuru demi.

      ma perath pawasu lesama oba rajaye rohalaka manovidya saayanakatata gos wistharaathmakawa prasnaya katha kara upades/beheth labaa ganna. eeta amatharawa thamange jeewitheta watina danuma potha patha kiyawaa podda podda igena gatthata waradak natha. :)

      Delete
  9. Mage Ayya eka family ekak ekka godak tharahai eyala inne next door eke. Eyagen ahuwama eya kiyanne eyata kumnthrqna karanawalu.a aptta ligh ekak danmath apita baninawa.langadi eha gedara akka midula athuganakota meya eyata gahannath giya ape pattata kunu danna awa kiyala. eyala apith ekka godak hithawath ehema deyak na kiyanna api hondatama dannawa. Ayawa godak doctorlata pennala beheth gattath eya bonna. Me prasneta mohanaya magin suwayak laba ganna puluwanda. Please reply soon

    ReplyDelete
    Replies
    1. මේකයි... මං හිතන්නේ කායික හෝ මානසික රෝගවලට පිලිතුරු දීමට මට සුදුසුකමක් නැත. එහෙත් අදහසක් කියන්නම්. සමහරවිට එයාට ස්කිසොෆ්‍රීනියා (භින්නොන්මාද) රෝග ලක්ෂණ තිබිය හැකියි. අනිවාර්යෙන්ම හොඳ මනෝවිද්‍යාඥයකුට පෙන්වන්න. අනික බෙහෙත් බොන්න අකමැති කෙනෙකුව මෝහනයට පත් වෙන්නටත් අකමැති වේවි. මානසික ලෙඩක් නම් (මොලේ භෞතික වෙනස්කම් ඇති කරන), මෝහනයෙන් වැඩක් නැත. ඒ සඳහා ඉතා අනර්ඝ බෙහෙත් තිබේ. එයා බෙහෙත් බොන්නට අකමැති නම්, කෑමත් සමඟ එයාට නොදැනී එය දිය හැකියි.

      Delete
    2. මා මනෝවිද්‍යාඥයා යනුවෙන් කිව්වත් මා අදහස් කළේ මනෝරෝග විශේෂඥයකුවයි (psychiatrist, not a psychologist).

      Delete
  10. ada rupavahiniye giya yatharupa program ekedi mohanaya kiyanne mithyavak bava kivva. e gana obe mathaya kumakda?

    ReplyDelete
    Replies
    1. මමත් ඒක දැක්කා. ඊට දීමට දිගු පිලිතුරක් ඇති නිසා, කමෙන්ට් එකක් ලෙස නොව පෝස්ට් එකක්ම ඒ ගැන දමන්නම්.

      Delete
  11. මගෙ මවගෙ මන්සික ප්‍රස්න කිහිපයක් තියෙනවා .එයා කියනවා එයාට වරමක් එයගෙ අම්මාගෙන් ලබෙන්න තියෙනවා කියලා.තව සි.අයි.ඩ්.මහත්‍තයෙක් කතා කරනවලු.ගොඩ කාලයක් මෙ ප්‍රසන්නය තියෙනවා .එයා බෙහෙත් පවා බොනව.තනියෙම කියවනවා.මෙකට මොහොනය කෙරිමෙන් සුව කල හැකිද .හැකිනම් ව්‍යිදයතුමනි මට පිහිට වෙන්න .

    ReplyDelete
    Replies
    1. ඔබගේ මවගේ ගැටලුව ගැන බොහොම කනගාටුයි.

      මම වෛද්‍යවරයකු නොවේ!!!

      මෝහනය සිදු කරන අනෙක් බොහෝ දෙනා මෙන්ම මාද ආශාවට මෝහනවේදය ඉගෙන ගත් කෙනෙකු පමනි. ඔබ කියන තොරතුර අනුව බොහෝවිට ඔබේ මවට යම් මානසික වියවුලක් තිබිය හැකිය. සමහරවිට ඇයට schizophrenia (භින්නෝන්මාදය) යන මානසික තත්වය තිබිය හැකිය. එයට මෝහන ප්‍රතිකර්ම නොමැත.

      ඔබට මේ විෂය සම්බන්දයෙන් සැලකිය යුතු දැනුමක් නොමැති නිසා කරුණාකර අන්තර්ජාලය හරහා තිබෙන ලිපි හෝ දැන්වීම් කියවා ඇයට සුදුසු මොකක්දැයි තීරණය නොකරන්න. එනිසා, වහම රජයේ රෝහලක මනෝවිද්‍යා සායනයකට ඔබේ මව රැගෙන යන්න.

      ඔබ කියන පරිදි දැනටමත් බෙහෙත් බොනවා නම්, නමුත් මාස කිහිපයක් එසේ බෙහෙත් ගත් පසුත් සැලකිය යුතු සුවයක් නොලැබෙන්නේ නම්, වෙනත් වෛද්‍යවරුයකුටද පෙන්වීම සුදුසු විය හැකිය. අභාග්‍යයකට මෙන් ලංකාවේ වෛද්‍යවරුන්ගේ කොලිටිය/හැකියාව එකින් එකාගෙන් බොහෝ වෙනස්ය. කැමති නම් මට ඊමේල් එකක් එවන්න මං ඔයාට එක් මනෝරෝග වෛද්‍යවරයකු ගැන විස්තර දෙන්නම් (me@tekcroach.top)

      Delete
    2. I need psychology doctors ditel you have any contacts number. Please

      Delete
  12. ඔබ මෝහනය කරනවද, කරුණාකර ඔබව හමුවීමට හැකි ආකාරය කියන්න.
    බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මා මෝහනය කළත්, වෘත්තිය මට්ටමින් එය සිදු කරන්නේ නැත. විනෝදය උදෙසා පමනයි මා එය සිදු කළේ.

      Delete
    2. මට මෝහනය කරගන්න බැයිද

      Delete
  13. Mata ugannanna. Mama igenagannam. Mama Piliyandala inne. Pls

    ReplyDelete
  14. Mage e mail eka shehansshehan@gmail.com

    ReplyDelete
  15. 0702838302,

    ඔබලාට මේ විෂය ගැන දැනුමක් ලබා ගෙන අවශ්‍ය නම් එය ප්‍රගුණ කිරීමට තමයි මෝහනය ගැන මේ පොත සිංහලෙන් ලිව්වේ. එය හොඳින් කියවා, මේ ගැන උනන්දු තවත් කෙනෙකු හෝ පිරිසක් සමඟ මෝහනය ගැන සාකච්ඡා කරමින් දැනුම හුවමාරු කර ගනිමින් අභ්‍යාසයේ යෙදෙමින් එය ඉගෙන ගත හැකිය. කිසිසේත් අමාරු දෙයක් නොවේ.

    ReplyDelete
  16. Godak sporting times wage ewata purudu wela inn kenekt eken midenna onnam eytath e purrudda atharaganna onnam eyawa meken beraganna mohanaya karnna puluwanda.. Kohmd eka krnn thiyana hodama widiya... E kenath kamathiyi e purudda atharaganna mna hari kramayakin..

    ReplyDelete
    Replies
    1. ඔහුටත් ඇත්තටම එම උවමනාව තිබේ නම්, කරුනාකර ඔහුව හොඳ මනෝ වෛද්‍යවරයකු ළඟට රැගෙන යන්න. වෛද්‍යවරයා තීරණය කරාවි ඔහුට ගැලපෙන ක්‍රමය. එම වෛද්‍යවරයා බැරිවෙලාවත් හොඳ නැතිනම්, මිතුරන්ගෙන් ආදිය අසා දැන ගෙන වෙනත් හොඳ වෛද්‍යවරයකු ගාවට යන්න (මා නිතර මෙය කියන්නේ ලංකාවේ සමහර වෛද්‍යවරු දැන් බිස්නස්කාරයන් සේ සිතා වැඩ කරන නිසාය). සමහර අය ප්‍රතිකර්මවලින් ඈත් වන්නේ වෛද්‍යමය ප්‍රතිකර්ම පලදායි නිසා නොවේ මෝඩ දෙකහි පනහේ (සමහර) වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගැනීම නිසාය.

      Delete
  17. සමහර පිරිමින් ඉන්නේ... කයින් පමණක් පිරිමි.හැසිරිම අැවිදිම කතා කිරිම ගැහැනු අය වගේ.. එයාලට මෝහනයෙන් ප්රතිකාර තියෙනවද..

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1