Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 82

මෝස්කෝඩ්වලින් සංවාද කිරීම

ඉහත කටහඬින් සංවාද කිරීම ගැන ඔබ දන්නා නිසා, දැන් මෝස්කෝඩ්වලින් එය සිදු කරන හැටි පහසුවෙන් වැටහේවි. ඊට සමාන ක්‍රම මෙහිත් තිබේ. එයත් පියවරෙන් පියවර බලමු.

1. සුපුරුදු ලෙසම යම් සංඛ්‍යාතයක් තෝරාගෙන එය ක්ලියර් ද බලන්න (මීට පෙර විස්තර කළ සියලු කාරණා එලෙසම දැනුත් වලංගු වේ).

සංඛ්‍යාතය ක්ලියර්ද කියා තහවුරු කර ගැනීමට අවශ්‍යම නම්, QRL? යන තනි කිවුකෝඩ් එක (ප්‍රශ්නාර්ථ ලකුනද සමඟ) පමණක් යැවිය හැකියි. මෙවිට එය ක්ලියර් නම් පිලිතුරක් නොඒවි. එහෙත් කවුරුන් හෝ එය භාවිතා කරන්නේ නම්, C යන අක්ෂරය (එහි තේරුම yes යන්නයි) හෝ QRL යන කිවුකෝඩ් එක එවාවි (QRL යනු “බිසී” යන අර්ථයයි).

2. සංඛ්‍යාතය ක්ලියර් නම්, කෙලින්ම තමන් කවුදැයි හඳුන්වා දෙමින්ම සීකියු කෝල් කරන්න මෝස්කෝඩ්වලින් පහත ආකාරයට. සුපුරුදු ලෙසම CQ තුන්පාරක් ලියා ඇත. DE යනු මෝස්කෝඩ්වල යොදා ගන්නේ කෙටි වචනයක් වන අතර ඉන් කෙරෙන රාජකාරිය this is යන ප්‍රෝවර්ඩ් එකට සමානය. ඉන්පසු තමන්ගේ කෝල්සයිනය තුන්පාරක් ලියන්න. මෝස්කෝඩ්වල ෆොනෙටික් ක්‍රමය වලංගු නැත (ශබ්ද භාවිතා නොවන නිසා). අවසානයේ තිබෙන K යනු ප්‍රෝසයින් එකක් වන අතර එන් කෙරෙන රාජකාරිය over යන ප්‍රෝවර්ඩ් එකට සමානය (අනෙකාට ප්‍රතිචාර දක්වන්න යැයි කෙරෙන ආරාධනාවකි එය). K ට පෙර කැමති නම් PSE යන කෙටි වදනද ඇතුලත් කළ හැකියි (PSE යනු please යන්නයි).

CQ CQ CQ DE 4S7TEK 4S7TEK 4S7TEK K”

3. තත්පර දහයක් පහලොවක් පමණ නිශ්ශබ්දව අසාගෙන සිටින්න පිලිතුරක් එන තෙක්. නොආවොත් නැවත ඉහත ප්‍රකාශයම මෝස්කෝඩ්වලින් යවා නිශ්ශබ්දව අසාගෙන සිටින්න. පිළිතුරක් නොආවොත්, නැවත එයම කරන්න. පිළිතුරක් දැනුත් නැතිනම්, වෙනත් සංඛ්‍යාතයකට යන්න.

4. වෙනත් කෙනෙකුට ඔබේ සීකියු කෝල් එක ඇසී ඔබට ප්‍රතිචාර දක්වන්නට යන්නේ යැයි සිතමු. හැමවිටම සීකියු කෝල් එකේ අවසානයට ඇති K සංඥාව ඇසෙන තෙක් පිළිතුරු යවන්නේ නැත. ඉතිං ඔබේ K සංඥාවට පසුව ඔහු පහත ආකාරයේ පිළිතුරක් එවාවි. ඔබත් කාගේ හරි සීකියු කෝල් එකකට ආන්සර් කරන විට, පහත ආකාරයටයි සිදු කළ යුත්තේ.

4S7TEK 4S7TEK DE 4S7SUM 4S7SUM K”

ඉහත ප්‍රකාශයේ අමුතුවෙන් විස්තර කිරීමට දෙයක් නැහැනෙ. අවසාන K වෙනුවට AR යන ප්‍රෝසයිනය යැවිය හැකිය (එහි තේරුම “පනිවුඩය දැන් අවසානයි” යන්නයි). තවද, ඉහත ප්‍රකාශයේ අනෙක් කෙනාගේ කෝල්සයිනය දෙපාරක් නොලියා එක පාරක් ලිවියද හැකිය (සංඥා ඉතා හොඳින් තිබේ නම්).

5. දැන් ඔබට හැකියි ඔහුට සිග්නල් රිපෝට් එක ආදි විස්තර පහත ආකාරයට ලබා දෙන්නට. සුපුරුදු ලෙසම සෑම ප්‍රකාශයක්ම අනෙකාගේ කෝල්සයිනය ලියා ඉන්පසු de ට පසුව තමන්ගේ කෝල්සයිනය ලියා පටන් ගත යුතුය. කටහඬින් කතා කරන විට වාර කිහිපයකට සැරයක් එය කළ හැකිය (කටහඬින් අපට කෙනාව මතකයිනෙ). එහෙත් මෝස්කෝඩ් යනු නිකංම නික් නීක් ශබ්ද ටිකකි. පුද්ගලයකු හඳුනාගන්නට ඉන් බැරිය. එනිසා සෑම ප්‍රකාශයක්ම 4S7TEK de 4S7SUM වැනි කොටසකින් අරඹන එක වඩා සුදුසුය.

4S7SUM de 4S7TEK GM UR RPT IS 599 599 NM IS Sudu Appu ES QTH IS Gampaha Sri Lanka 4S7SUM DE 4S7TEK KN”

මෝස්කෝඩ්වල කෙටි වදන් බහුලව භාවිතා වන බව ඔබ දන්නවා (එවැනි කෙටි වදන් ලැයිස්තුවක්ම මීට කළින් පාඩමක තිබුණා). GM යනු good morning යන්නයි. ඔබ සංවාදය කරන්නේ සවස හෝ රෑ නම් GM යෙදිය නොහැකියිනෙ. එවිට GE (good evening) ලිවිය හැකිය (හෝ වෙනත් සුදුසු පදයක් ලිවිය හැකිය). RPT යනු සිග්නල් report යන්නයි. එම අගය වැඩි පරිස්සමට දෙපාරක් ලියා ඇත. NM යනු name (එවිට NM IS Sudu Appu යනු name is Sudu Appu යන්නයි), ES යනු and (සහ) යන්නද හැඟවේ.

අවසානයට ඇති KN යන ප්‍රෝසයිනය යනු K වැනිම ආරාධනාවක් වන අතර, K ට වඩා වෙනස් වන්නේ මෙහිදී නිශ්චිත පුද්ගලයෙකුට පමණක් ප්‍රතිචාර දක්වන්න යැයි ආරාධනා කෙරේ.

ඔහුත් ඔබට මෙවැන්නක්ම එවාවි. ඉන්පසු තරමක ඔපදූපයක් කතා කළ හැකියි. අනෙකා කියන දේට සමහරවිට අපට සිනා යා හැකියි. ලිඛිත ක්‍රමයක් වන මෝර්ස්කෝඩ් හරහා කොහොමද තමන්ට දැන් හිනා යනවා කියා අනෙකාට හඟවන්නේ? hi hi යන වචන දෙක මෝස්කෝඩ්වලින් යැවීම පමණයි කරන්න තිබෙන්නේ. කටහඬින් සංවාද කරනවිට කොහොමත් සාමාන්‍ය පරිදි සිනහ විය හැකියිනෙ (අමුතුවෙන් ශබ්දයක් අවශ්‍ය නැහැනෙ). මෝස්කෝඩ්වල hihi යන්නම භාවිතා කළ හැකි වුවත්, sms, internet chat වැනි තැන්වල ඊට අමතරව haha, hehe වැනි ප්‍රකාශත් සිනහව පෙන්වීමට භාවිතා වේ. මෝස්කෝඩ් සංවාද බොහෝ කල්ගත වන සංවාද ක්‍රමයකි. එනිසා සංකීර්ණ සංවාද නොවනු ඇති.

සංවාදයක් අවසන් කිරීම

හටගත් හැමදේම නැති වේ යන සදාතනික නියමයද පසක් කරමින් සියලු ආධුනික ගුවන් සංවාදයක්ම අවසන් විය යුතුය. සාමාන්‍ය ජීවිතෙය්දී යම් සංවාදයක් අවසන් කිරීමේදී බොහෝ මනුෂ්‍යයන්ට (මාද ඇතුලුව) ඇතිවන මානසික තත්වය නම් දැනහැඳින ගත් පසුව අනෙකාට සමු දීමට තිබෙන අපහසුතාවයි (විශේෂයෙන් කෙල්ලක හමු වුණාම). මඟතොටේදී හෝ ෆෝන් එකෙන් හෝ අන්තර්ජාලයේ චැට්වල හෝ ආධුනික ගුවන් සංවාදයක හෝ මෙම තත්වය එලෙසම පවතී. එහෙත් සමුදෙන සම්ප්‍රදායක් ආධුනික ගුවන් සංවාද තුල තිබේ (එනිසා තරමක පහසුවෙන් එය කළ හැකිය). පළමුවෙන්ම එය මෝස්කෝඩ්වලින් සිදු කරන ආකාරය බලමු; පහත ආකාරයට සරලව එය සිදු කළ හැකිය.

tnx Sudu fer the QSO 73 es gud DX. 4S7SUM DE 4S7TEK SK”

tnx යනු thanks යන්නද, fer යනු for , gud යනු good ද වේ. 73 යනු ආධුනික ගුවන් ශිල්පයේදී Good Luck/Bye යන්න හඟවයි. ඔබ කතා කරන්නේ ආදරනීයෙකුට නම් 73 වෙනුවට හෝ එය සමඟම 88 යන්නද යෙදිය හැකියි. 88 යනු love and kisses (ආදරය හා හාදු) වේ. SK යන ප්‍රෝසයිනයෙන් කියන්නේ දැන් සංවාදය අවසන් කියන එකයි.

කටහඬින් සංවාදය අවසන් කරන්නේ කොහොමද? දැන් කඩේ යන්න තිබෙනවා, වැඩ කරන්න තිබෙනවා ආදී ලෙස ඇත්තටම තමන්ට යම් වැඩක යෙදෙන්නට අවශ්‍යතාවක් තිබෙන නිසා සංවාදය අවසන් කරනවා නම්, එම හේතුව කීවාට වරදක් නැත. එවැනි හේතුවක් නැතිව, අනෙකා සමඟ සංවාදය බොහෝ වෙලාවක් සිදු කරමින් සිටි නිසා හෝ දැන් සංවාදය “බෝරිං” නිසා නතර කරන්නට අවශ්‍ය නම් එවිටද ආචාරශීලිව සංවාදය නතර කළ හැකියි (ආයේ පස්සේ වෙලාවක සෙට් වෙමු කියා). අවසානයේ පහත ආකාරයේ ප්‍රකාශනයකින් “නිල වශයෙන්” සමුදීම කළ හැකියි.

thanks Sudu for the contact and 73 to you and your family. 4S7SUM this is 4S7TEK signing off”

thanks and 73”

ඉහත contact වෙනුවට QSO හෝ conversation හෝ chat වැනි වචනයක්ද ආදේශ කළ හැකියි. අවසානයට තිබෙන signing off යනු “ඔන්න එහෙනම් මං ගියා” කියා අප එදිනෙදා සංවාද නතර කරන විදියමයි.

ඉහත යම් ආකාරයක ප්‍රකාශයක් අගට QRZ? යන කොටස ඇතුලත් කළොත් ඉන් කියන්නේ “දැන් කරමින් ඉන්න සංවාදය මෙතැනින් අවසානයි, තව කවුද මාත් එක්ක සංවාද කරන්න ඉන්නේ?” කියාය.

tnx es 73 qrz? (මෝස්කෝඩ්වලින්)

තමන් දැන් සංවාද ඉහත ආකාරයට අවසන් කර සම්පූර්ණයෙන්ම ඉවත් වන්නට (offline) අවශ්‍ය යැයි සිතන්න. එවිට, නිකංම තමන්ගේ අවසාන සංවාදය ඉහත ආකාරයට අවසන් කර ට්‍රාන්ස්මිටරය ඕෆ් කිරීම වුවද ප්‍රමාණවත්ය. එහෙත් අනිත් අයට නිල වශයෙන්ම දැනුම් දිය හැකියි තමන් දැන් ඕෆ්ලයින් වෙන්න යන්නේ කියා.

This is 4S7TEK clear” (කටහඬින්)

Directional Call

කටහඬින් හෝ මෝස්කෝඩ්වලින් ඉහත දැක්වූ ආකාරවලින් සංවාද ඇරඹුවේ ඕනෑම කෙනෙකු සමඟය. එනිසා එවැනි සංවාද ඇරඹීම් general call ලෙස පොදුවේ හඳුන්වමු. එහෙත්, ඔබට හැකියි සිටින ඕනෑම කෙනෙකුට නොව, නිශ්චිත කෙනෙකුට පමණක් ආරාධනා කරන්නට තමන් සමඟ සංවාද කරන්නට එන්න කියා. මෙවැනි කෝල් directional call වේ. මෙහි ආකාර 2ක් තිබේ.

යම් නිශ්චිත මහද්වීපයක/කලාපයක/රටක/ප්‍රදේශයක සිටින අය පමණක් මා සමඟ සංවාදයකට එන්න යැයි කිව හැකියි. එවැනි ඩිරෙක්ෂනල් සීකියු එකක් කරන ආකාරය පහත දැක්වේ. රටේ නම (France වැනි) හෝ ප්‍රදේශයේ නම (Jaffna) හෝ කලාපයක/මහද්වීපයක නම (Europe වැනි) ආදේශ කරන්න පහත ප්‍රකාශයේ France යන වචනය වෙනුවට. තවද, එතැනට DX යන්නද ආදේශ කළ හැකිය; මෙවිට කෝල් කරන කෙනාගේ රටේ නොවන වෙනත් ඕනම රටක කෙනෙකුට ආරාධනා කරයි.

CQ France CQ France CQ France, this is 4S7TEK four sierra seven tango echo kilo”

මෙවිට, ඒ කියන ප්‍රදේශයේ කෙනෙකුට ඔබේ කෝල් එක ඇසුනොත් ප්‍රතිචාර දක්වාවි. ඒ කියන ප්‍රදේශයෙන් පිට කෙනෙකු නම් ප්‍රතිචාර නොදක්වාවි. බොරුවට තමන් එම ප්‍රදේශයේ කියා හඟවා ප්‍රතිචාර දැක්වීම නොකළ යුතුය. කොහොමත්, වෙනත් රටක කෙනෙකු ලෙස පෙනී සිටින්නට බැහැනෙ බොරු කෝල්සයින් එකක් කියන්නේ නැතිව (රටින් රටට කෝල්සයින් වෙනස්නෙ).

ඉහත ආකාරයේ භූමියක නමක් වෙනුවට පුද්ගලයෙකුගේ කෝල්සයිනයක් වුවද යොදා ගත හැකියි. උදාහරණයක් ලෙස ඉහත ප්‍රකාශය පහත ආකාරයට සකස් කළ හැකිය. එවිට එම පුද්ගලයා පමණක් මීට ප්‍රතිචාර දක්වාවි.

CQ 4S7SUM CQ 4S7SUM CQ 4S7SUM, this is 4S7TEK four sierra seven tango echo kilo”

ඉහත වොයිස් වලින් කළ දේම මෝස්කෝඩ්වලින්ද සිදු කළ හැකියි පහත ආකාරයට (ඔබට දැන් එය සිතාගත හැකි විය යුතුයි). අදාල කෙනා විතරක් ප්‍රතිචාර දක්වන්න යැයි KN වලින් පවසයි.

CQ france CQ france CQ france de 4S7TEK KN”

CQ 4S7SUM CQ 4S7SUM CQ 4S7SUM de 4S7TEK KN”

අනෙක් කෙනා සංවාදයට එකතු විය හැකියි මීට පෙර ඉගෙන ගත් සාමාන්‍ය විදියටම. ඉන්පසු සාමාන්‍ය විදියටම සංවාදය සිදු කර අවසන් කළ හැකියි.

හරිහැටි නොඇසුනු විට

ඔබ යම් සංඛ්‍යාතයකට ඇහුම්කන් දෙමින් සිටින විට, ඔබේ කෝල්සයින් එකට කවුරු හරි ඩිරෙක්ෂනල් කෝල් එකක් ගනී නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට ඔබට පුලුවන්. එහෙත් සමහර වෙලාවට අධික ඝෝෂාව වැනි ගැටලුවක් නිසා සංඥා දුර්වල වන්නට පුලුවන්. එනිසා ඔබේ කෝල්සයින් එක හරිහැටි නොඇසෙන්නට පුලුවන්. ඔබට හිතෙන්නේ ඒ ඇසුනේ ඔබේ කෝල්සයින් එක කියා නමුත් 100%ක් ෂුවර්ද නැතිනම් පහත ආකාරයට එය සහතික කර දැනගත හැකියි.

QRZ? De 4S7TEK K”

Who calls me? This is 4S7TEK”

එවිට අනෙක් කෙනා ඇත්තටම ඔබගේ කෝල්සයිනය නම් සඳහන් කර තිබෙන්නේ, නැවත සුපුරුදු ඩිරෙක්ෂනල් සීකියු කෝල් එකක් සිදු කරාවි. එලෙසම, ඔබ යමෙකුගේ කෝල්සයින් එක ලියූ/කියූ විට, ඔහුට එය නොඇසී QRZ? කළ විට, ඔබත් මෙසේ කරන්න (එනම් නැවත ඩිරෙක්ෂනල් සීකියු කෝල් කරන්න).

සමහර අවස්ථාවලදී ඔබට කවුරුන් හෝ ඔබේ කෝල්සයිනය කියනවා හොඳින් ඇහුනත්, ඔහුගේ කෝල්සයිනය හරිහැටි ඇසෙන්නේ නැති වීමටද පුලුවන් (කෝල්සයිනයේ කෑල්ලක් විතරක් ඇසිය හැකියි). එවිට, පහත ආකාරයට ඔහුට නැවත තමා හට සන්නිවේදනය කරන්න කියා කිව හැකියි. පහත උදාහරණයේදී කෝල්සයින් එකේ 4s7s යන කොටස පමණි ඇසී තිබෙන්නේ.

the station with four sierra seven sierra, make your call again”