Skip to main content

සුභ පැතුම් යැවීමේදී මේ ගැනත් සිතන්න

අලුත් අවුරුද්ද, වෙසක් හා පොසොන් පොහොයන්, නත්තල, උපන්දිනය, යම් යම් ජයග්‍රහණ ලැබීම්වල ආදීයේදි ඔබට සුභ පැතුම් බොහෝ ලැබී ඇති; ඔබත් බොහෝ අයට සුභ පැතුම් යවා ඇති. ඉස්සර නම්, වෙසක් සුභපැතුම් පත් (වෙසක් කාඩ්) ආදි සුභ පැතුම් පත් තැපෑලෙන් යැව්වත්, අද වන විට ඊමේල්, එස්එම්එස්, ෆේස්බුක් හෝ විවිධ "මැසෙන්ජර්" ඇප් හරහා මෙම සුභපැතුම් හුවමාරු වේ. එය එක්තරා විදියක දුක්ඛිත තත්වයකි. තැපැලෙන් යම් සුභපැතුමක් ලැබෙන විට දැනෙන සතුට ඇත්තෙන්ම විද්‍යුත් වශයෙන් ලැබෙන ඒවායෙන් ලැබෙන්නේ නැත. ඒ නිසා අඩුම ගණනේ අපට ඉතාමත්ම හිතවත් අයට හෝ තැපෑලෙන් සුභපැතුම් යැවීමට හැකි නම් එය වැදගත් වේ. වසරක් තුල අප විවිධ දෑ වෙනුවෙන් වියදම් කරන ප්‍රමාණය බැලුවහම මේ සඳහා වැය වන මුදල සොච්චමකි.

බොහෝ දෙනා එතරම් නොතැකුවත්, සුභපැතුම් යැවීමේ විශාල දෝෂයක් නොදැනුවත්වම සිදු වේ. එනම්, අර ගෙවල්වලට අවුරුදු කෑම අහල පහල ගෙවල්වලින් එවන විට, එම කෑම පිඟන්ම මාරු කර වෙනත් ගෙවල්වලට යවන්නා සේ සුභපැතුම්ද එසේ "ෆෝවර්ඩ්" කරයි. ඇත්තටම එය කිසිසේත් නොකළ යුත්තකි. සුභපැතුමක් යනු යමෙකු වෙනුවෙන් තම සිතේ අවංක සතුටු සිතින් හට ගත් අදහසක් විය යුතුය. අප සුභපැතුම් දහස් ගණනකට යවන්නේ නැහැනෙ (ජනපති, අගමැති, නලුනිලියන් ආදි අය විසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට යවන සුභපැතුම් ගැන නොවේ මා කතා කරන්නේ). ඉතිං යවන කෙනා ගැන අප දන්නා නිසා ඔහුට අදාල වන සේ යමක් ලිවිය හැකි නම් එය ඉතා වටිනේය. එම සුභපැතුම ලබන කෙනාගේ හදවතට එය දැනෙනු ඇත මොකද එයා වෙනුවෙන්ම ලියූ එකක්නෙ.

අපේ දුරකතන හා ඊමේල්වලට ඉතා ලස්සන සුභපැතුම් ඇත්තටම ලැබේ. සමහරවිට එකම "ලස්සන" සුභපැතුමම කිහිප දෙනෙකුගෙන්ම ලැබේ අකුරක්වත් වෙනසක් නැතිව. කොතරම් ලස්සන වුවත්, එවන් සුභපැතුමක අර්ථය සුන්ය; එහි අවංක සුභපැතුමක් නැත. තවත් එකෙකුගේ හදවතේ හටගත් දෙයකි එය. ඔබට සුභ පැතුමක් ලස්සනට ලියන්නට නොහැකි නම් ඒ ඒ කෙනාට ගැලපෙන අයුරින් "ෂෂී නංගියේ ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා", "මචං සුසාන්, උඹටයි උඹේ පවුලේ අයටයි සතුට නිරෝගිකම සපිරි සුභ නව වසරක්" වැනි ඉතා සරල ඔබේම සුභපැතුමක් යවන්න. එවැනි සරල එකක් යැවීමට බැරි නම්, තවෙකෙකුගේ සුබපැතුමක් ෆෝවර්ඩ් කරනවාට වඩා කිසිවක් නොයවා සිටින එක හොඳය. දැන් කලක සිට මා නම් කිසිම හිතවතෙකුට සුභපැතුමක් යවන්නේ නැහැ අර විදියට කොපි කර සුබපැතුම් එවන බව දැනගත් විට.

අපව වැදගත් සේ දැනේ නම්, විනාඩියක් වැනි කෙටි කාලයක් යොදවා කෙටි සුභපැතුමක් ලිවීමට බැරි කමක් නැහැනෙ. කොල්ලෙකු තමන්ගේ පෙම්වතියට කොතරම් ලස්සන සුභපැතුමක් සකස් කර ගෙන යවන්නට උත්සහ කරනවාද බලන්න. සමහරවිට මිතුරන්ගෙන්ද අදහස් හා වචන ඉල්ලා සිටිනවා (මාද ඒ කාලේ මිතුරන්ට එවන් දේට උදව් කර තිබෙනවා). ටක්කෙටම රෑ 12 බලාගෙන සිට සුභපැතුම යැවීමට පෙරුම්පුරා ගෙන සිටිනවා. එය හොඳය (ජීවිත කාලයටම එවන් සැලකිල්ලක් පෙම්වතියට/බිරිඳට ලබා දෙන්නට උත්සහ කළ යුතුය). එතරම්ම කැපවීමක් ඇම්මක් නැති වුවත්, වෙනත් හිතවතෙකුට වුවද සුභපැතිය යුත්තේද එවන් සැලකිල්ලකිනි.

ඇත්තටම කෙනා කෙනාට ගැලපෙන අයුරින් සුභපැතුම් ලිවීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඒ කෙනා බබෙකු ලැබෙන්නට සිටින කෙනෙකු විය හැකිය; ළඟදී පිටරටකට යෑමට සිටිය හැකියි; ළඟඳී විවාහ වූ කෙනෙකු විය හැකියි; යම් අසනීප තත්වයකින් පෙලිය හැකිය; අරක්කු බීම ආදී ප්‍රකට කරදරකාරී දුර්ගුණයක් ඇති කෙනෙකු විය හැකිය. මේ ආදී ලෙස සෑම පුද්ගලයාම සුවිශේෂි වේ. ඉතිං, ඒ ඒ අයට දැනෙන්නට දෙයක් ලිවිය හැකියි. උදාහරණයක් ලෙස, සිතන්න ඔබේ මිතුරෙකු සිටිනවා කියා තමන්ගේ කුඩා දරුවන්ට වඩා මුදල් සෙවීමට ප්‍රමුඛතාවක් ලබා දෙන; ඔහුගේ බිරිඳද එලෙසමයි කියා. ඇත්තටම එවැනි මිතුරෙකුට අද මා සුභපැතුමක් යැව්වා "දරුවන් ජීවිතේ ඉතා වැදගත් සේ හිතෙන ‍ඔවුන් සමඟ වැඩිපුර කාලයක් ගත කරන්නට සිතෙන තරමට මොලේ පැහැදෙන සුබ නව වසරක් වේවා" කියා. එය ලියා විනාඩියක් යන්නට පෙර "එල එල" කියා ප්‍රතිචාරයක් ඔහුගෙන ලැබුණි (ඒ කියන්නේ එය ඔහුට දැනී තිබේ). අරක්කු සිගරට් බොන මාගේ තවත් හිතවතෙකුට මා අද සුභ පැතුවේ "අරක්කු සිගරට් ගඳින් තොර මිනිස් සුවඳින් පිරි ලෝකයක සාමාජිකයෙක් වන්නට වරම් ලැබෙන සුබ නව වසරක් වේවා" කියාය. මේ ආදි ලෙස සෑම කෙනෙකුටම යැවූයේ ඔවුනට අවංකවම සුභ පැතුමක්ම සහිත සුබපැතුමකි. කවියකින් සුබපැතුමක් එවා තිබුණු අතර, ඇයට මාද සුභ පැතුවේ කවියකිනි.

එනිසා කාර්යබහුලත්වයෙන් පිරි ජීවිතය තුල යම් කුඩා කාලයක් වැයකොට රසවත් කෙටි තමන්ගේම සුභපැතුමක් ලිවීමෙන් මනසටද සැහැල්ලුවක් ලැබේ.

Comments

  1. හරියටම හරි..ඇත්ත..වටිනා ඔවදනක් සුභ අලුත් අවුරුද්දක් වේවා..සියලු පැතුම් ඉ‍ටුවෙන්න තරම් යමක් කරලා තියනවා ඔබතුමා,ඔබට හැකි උපරිමෙන්ම.

    ReplyDelete
    Replies
    1. ආ... ෂමින්ද... දැනුම නිවහල්බව සතුට විනිවිද යන සමාජයක් තැනීමට ශක්තිය අධිෂ්ඨානය සැම තුල තව තවත් දැඩි වන සුභ කාලයක් මේ නව වසරත් සමඟ උදා වේවා කියා මාද ඔබට සුභ පතනවා. හැමදාමත් මා දිරිගැන්වීමටද තුති වේවා.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...