තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්
බොහෝ වේලාවක් කල්පනා කරමින් මා මේ සිටින්නේ අද පාර්ලිමේන්තුව තුල සිදු වූ මෙගාඩ්‍රාමා එක ගැන ඇත්තටම කැහුත්තට දැනෙන දේ ඒ දැනෙන විදියටම ලියන්නට ගොස් ටොන් එකක් බරට කුනුහරුප ලියවීම නතර කරගෙන යමක් ලියන්නේ කෙසේද යන්නයි. හෙල සිරිතට අනුව තුනුරුවන් සිහි කර සෑම කටයුත්තක්ම අරඹන්නා සේ, පාර්ලිමේන්තුවේ එකසිය විසි දෙකකුත් ප්ලස් තවත් විසි හයකගේ වදාපු මෑණිවරුන් සිහිකරමින්, චාටර් වෙන්න බය නැති රනිල්ව බේරා ගැනීමට ඉදිරිපත් වීම ලංකාවේ දේශපාලන කක්කුස්සි වලේ තරම නැවතත් දැක ගන්නට ලැබීමට තරම් අප කරුමක්කාරයන් වීම ගැන ඇත්තේ දැඩි පිලිකුල් සහගත කලකිරීමකි.
විශ්වාසභංගය තමන් විසින්ම ගෙනෙන බවට පුරසාරම් දෙඩූ පුත්තලමේ ඔනරබල් පුත්තලම් බූරුවන්ද, විපක්කයේ භූමිකාව රඟන්නැයි ඉල්ලීම් කළ ඔනරබල් ග්ලයිකොපොස්පේට් චීවරදාරින්ද, අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්නැයි පෙම්හසුන් යැවූ නර්ස් නෝනලා උකුලේ තියන් මාට්ටු වී තම කසාද ගැහැනිගෙන් ගුටි කෑ ඔනරබල් බදුල්ලේ වාමනයන්ද ඇත්තටම ඔනරබල් ඇක්ටිං කරනු අපට දැක ගැනීමට ලැබුණි.
රනිල් හා පර්සි මහින්ද රාජපක්ක යනු එකම කාසියේ දෙපැත්ත බඳුය. උන් දෙදෙනාම එලවා දැම්මත් ගෙදර නොයන ලැජ්ජ නහරය නොපිහිටි එවුන්ය. එම මලකඩ කාපු කාසිය නැවත අහුලා ගත නොහැකි ඈතකට විසිකර දැමිය යුතුය. එහෙත් එය ප්‍රායෝගිකව කළ නොහැකිය. කාසියේ එක් පැත්තක් මැදපෙරදිග රටවල බැලමෙහෙවර කරන පිටිසර කාන්තාවන් හම්බකර එවන තුට්ටුවෙන් හා රටේ බදු මුදලින් රජසැප විඳින පරපුටු මන්ත්‍රී ඇමති මල පෙරේතයන් විසින් රකින අතර, අනෙක් පැත්ත තණ කන ඡන්ද දායක හරක් විසින් රකී.
බලන් ගියහම මෙම පාර්ලිමේන්තුව ඇත්තටම ලංකාවට ඉතාම ඔබින පාර්ලිමේන්තුවකි. එවන් රටක පුරවැසියන් ලෙස තවමත් අපට වෙසෙන්නට සිතීම අප කළ පූරුවේ කරුමයක් බව දැන් නම් ප්‍රත්‍යක්ෂ වේ.
මෛත්‍රීට නම් බනින්නට ඇත්තටම ලෝභය. එයා එතරම් කියුට් ළඳරුවෙකි. පව් අහිංසකයා සියල්ල දැන ගන්නේද පත්තරෙනි. රජ මැදුරේ හුරතලාය. යූකේ රැජිනි ග්ලවුස් ගලවා නාකි සුදු අතින් අතට අත දුන්නහම ඉතා විශාල ආශ්වාදයක් ලබන ගැමි පුතෙකි. විදේශයකට යන විට විදෙස් නායකයන් ඔහුව හුරතල් කරති. අහිංසකයාට එවැනි චූටි චූටි සිඟිති ආතල් හොඳටම ඇතිය. රටක් ගැන සිතන්නට තරම්, රටට අවශ්‍ය තීන්දු දැඩිව ගැනීමට එවන් ළඳරුවෙකු විසින් ගැනීමට බල කිරීමම අපරාදයකි.