Skip to main content

Sumeopathy vs Homeopathy (හෝමියෝපති)

මා පලමු වරට හෝමියෝපති ගැන උනන්දු වූයේ 2003 දී පමනය. මගේ මුහුනේ කුරුලෑ ඇති වී ඉන් ඇති වූ කැලැල් නැති කිරීමට විවිධ ක්‍රම සොයන අතරේ පත්තරේ නිතර දැන්වීම් පල කරපු කම්බ හොරෙක් (ලංකාවේ ප්‍රසිද්ධ ​හෝමියෝපති වෙදෙක්) නිසා මාද ඊට යොමු විය (එකල මට ඌ ර්ශිවරයෙකු මෙන් විය; අටවාගත් හෝමියෝපති සභාවක ප්‍රධානියෙකු විය). අද මෙන් එදා ඉන්ටර්නෙට්වල තොරතුරු මෙතරම් පහසුවෙන් සොයා ගැනීමට අපහසු බවක් තිබිනි. එහෙත් ඒ ගැන අන්තර්ජාලයෙන් ලැබුනු කුඩා තොරතුරු ටිකට ආස සිතී, හෝමියෝපති සම්බන්ද පොත් දෙක තුනක් මිල දී ගතිමි. ඒ අතර, බෙහෙත් නියම කරන පොත් දෙකක් (හෝමියෝපති වෙදුන් පවා පාවිච්චි කරන) වූ අතර, ඊට අනුව මා කුරුලෑ කැලැල් හා වැඩිපුර දහඩිද දමන තත්වයට සුදුසු බෙහෙත් දැන ගෙන, මරදාන පැත්තේ තිබෙන හෝමියෝපති බෙහෙත් ගෙන්වන ස්ථානයකට ගොස් බෙහෙත් අරගතිමි.  "තුජා" හා තවත් එවන් බෙහෙත් පෙති කුප්පි කිහිපයක් ගත්තා මතකයි.

එම බෙහෙත්වලින් කිසිදු සහනයක් ලැබුනේ නැති නිසා, මා තනියෙන් එම දේ කර ගත් නිසා කොතැනක හෝ වරදක් තිබෙන්නට ඇතැයි සිතා, අර මා පෙර කියූ වෙදා ගාවට ගියා. උගේ හෝමියෝපති ඉස්පිරිතාලය තිබුනේ වේයන්ගොඩ පැත්තේය. පොර දැන් මාව බලමින් ඒ ලඟින් සිටින ලස්සන නrස් නෝනාගෙන් "මේකට තුජා හොඳයි නේද" යනුවෙන් නrස්ගෙන් අසා මට ආයෙත් තුජා නියම කලේය. මට එවෙලේ හේතු දෙකක් නිසා උගේ අම්මා මුත්තා සිහි විය. පලවෙනිම කාරනය, වෙදා මොකටද ​නrස්ගෙන් අහවල් බෙහෙත හොඳයි නේද කියා අසන්නේ. මට මතකයි එවෙලෙම මා වෙදාගෙන් විමසා සිටියා මීට පෙර ඔබ මෙම බෙහෙත කාටවත් දී නැතිද කියාත්. දෙවැනි කාරනය මා මේ වන විටත් තුජා අර ගනිමිනුයි සිටින්නෙත්. ඉතිං, මා ඌගෙන් කිසි බෙහෙතක් නොගෙන එලියට ආවා. හෝමියෝපති ගැන ටිකක් පතපොත කියවා ඉගෙන ගත්තා. මට හොඳ විද්‍යා පසුබිමක් තිබෙන නිසා එය තනිකරම අමුම අමු මිථ්‍යාවක් බව තේරුම් ගත්තා. යහලුවන් අතර මා අවශ්‍ය හැම අවස්ථාවකදීම ඊට විරුද්ධව කතා කලා. එහෙත් මට මතක නැහැ මේ බ්ලොගයේ හෝමියෝපති මිත්‍යාව ගැන ලිපියක් ලියුවාද කියා. එනිසා අද නිදහසේ ඉන්න අතරේ ඒ ගැන ලියන්නට සිතුනා.

මා රස වෙදකම, සර්ප වෙදකම, චීන/කොරියන් කටු චිකිත්සාව, PRP (Platelet Rich Plasma), හෙල වෙදකම, හා බොහෝ ආයුර්වේද වෙදකම යන සියලු මිත්‍යා වෙදකම්වලට විරුද්ධ කෙනෙකි. මාගේ හොඳ මිතුරෙකු පාරම්පරික රස වෙදකම කරන ආයුර්වේද වෙද මහතෙකි. ඔහු හා මා අතර අවස්ථා කිහිපයකදීත් මේ ගැන උනුසුම් සංවාද ඇති වී තිබෙනවා. ඔහු දැන් හෝමියෝපති හදාරනවා ලංකාවේ විජ්ජවිජ්ජාලයකින්. මොන දේ මොන විදියට පෙන්වා දුන්නත්, ඔහුට ඒ කෙරෙහි තිබෙන්නේ අචල විශ්වාසයක්. මා වරක් ඇසුවේ ඔහුගේ රස හා ආයුර්වේදය ඔච්චර හොඳ නම් අමුතුවෙන් හෝමියෝපතියක් කුමකටද කියාය. පිලිකා පවා හොඳ කලා/කරනවා යැයි කියන එම වෙදකමට වඩා හෝමියෝපතියේ හොඳක් අමුතුවෙන් තිබේද?

අප කවුරුත් "බටහිර වය්ද්‍ය විද්‍යාව" (western medicine) ගැන අවබෝධය හා අත්දැකීම තිබෙනවානෙ. එය නියම වශයෙන් ගත් කල විද්‍යාත්මක ක්‍රමවේදය මත පමනක් පවතින්නකි. එනිසා විශ්වාසවන්ත බව එහි ඇත. මුදලට කෑදරකම නිසා දූශන අවස්ථා නැතිවම නොවේ. එය එම වය්ද්‍ය විද්‍යාවේ ගැටලුවක් නොවේ. උදාහරන ලෙස, පූජකයකු හෝ චීවරදාරියකු වැරදි කලාට එම දර්ශනවලට එහි වරදක් ආරෝපනය කල නොහැකියිනෙ. 

බොහෝවිට බෙහෙත් සාදන්නේ රෝගය සුව කිරීමට හෝ සුව වීම ඉක්මන්/පහසු කරන ආකාරයටය. ඕනෑම දේක නරක ප්‍රතිපලත් (අතුරු ආබාධ/අවවාද - side effect/contraindications) තිබෙන අතර බටහිර බෙහෙත්වලද එම තත්වය පවතිනවා. කාලයක් තිස්සේ බටහිර වෙදකමට බැනීමට හා දේශීය වෙදකම් වර්නනා කිරීමට යොදා ගත් ජනප්‍රිය කියමනක්නෙ බටහිර වෙදකමේ අතුරු ආබාධ තිබෙනවා, දේශීය වෙදකමේ ඒවා නැහැ කියා. එහෙත් දැන් දැන් දේශීය වෙදුන් පවා අක්මාව ආදීය නරක් විය හැකියි කසාය ආදිය දිගටම බීමෙන් කියා දේශීය වෙදකමෙහිත් අතුරු ආබාධ ඇති බව පිලිගන්නවා. ඇත්තටම මෙතෙක් කල් වූයේ එම මිත්‍යා මතය මිනිසුන්ට කවා තිබූ නිසා, දේශීය වෙදකමේ තිබෙන ඔප්පු නොකරපු "වස විස" බෙහෙත් ලෙස සිතා බී තමන්ගේ අවයව නරක් වී ඇති බවවත් නොදැන සිටි මුග්දයෝ ටිකක් ලංකාවේ සිටීම පමනි. බටහිර බෙහෙත්වල අඩුම ගානේ බෙහෙත සමග ඉන් ඇති වන අතුරු ආබාධ පවා සටහන් කර තිබෙනවා. එසේ කිරීම ජාත්‍යන්තර නීති හා ප්‍රමිතින්ට අනුවත් අනිවාර්ය වේ. එහි යම් අවංක බවක් තිබෙනවා. ඔබ යම් බඩුවක් ගන්න යන විට විකුනන කෙනා එහි කිසිදු වරදක් නැතැයි කියා කැඩිච්ච බඩුවක් විකුනනවාදටද ඔබ කැමති මෙහි මෙන්න ​මේ ප්‍රශ්නය තිබෙනවා කියා සත්‍ය පවසා එය විකුනනවදට ඔබ කැමති? ජපානය වගේ රටක නම් ඇත්තටම සාමාන්‍ය බඩුවක වුවත් පොඩි හෝ වරදක් තිබේ නම්, එයත් කියා එය විකුනන සංස්ක්ර්තියක් තිබෙන්නේ. ලංකාවේ හිඟන්නන්ට එවැනි අවංකබවක් වැඩක් නැත. උන් වාහයනක් ගන්න ගියත් වාහනයේ කන්ඩිශන් එකට වඩා වාහන පොතේ ඉන්නේ ෆස්ට් ඕනr ද කියා බලනවා (හැබැයි නීති විරෝධීව ඕපන් පේපර් ලෙස අයිතිකරුවන් දුසිමක් අතරේ වාහනය ගිහින් තිබෙනවා). මරි මෝඩයෝ!

හෝමියෝපති කියන්නේ ඉතා මෑත කාලයේ ජrමනියේ සිටි සැමුවෙල් නම් එක් පුද්ගලයකු විසින් හඳුන්වා දුන් මෝඩ මිථ්‍යා වෙදකමකි. ඔහු විසින් හඳුන්වා දුන්නා අලුත් බෙහෙත් ක්‍රමයක්. ඒ කියන්නේ, ඔබ නිරෝගී කෙනෙකු නම්, ඔබ යම් කිසි ද්‍රව්‍යයක් ශරීරයට ඇතුලු කර ගත් විට (කෑ හෝ බී විට), ඔබේ ශරීරයේ හා මනසේ යම් කිසි තත්වයන් ඇති වූවා යැයි සිතමු. උදාහරන ලෙස, ඔබ අහවල් ගහේ කොලයක් කෑ විට, ඔබේ ශරීරය පුරා රතු පාට බිබිලි ආවා යැයි සිතන්න. අන්න එවිට, අර මෝඩ හරකාට අනුව එය බෙහෙතකි. ඒ මතු වූ රෝග ලක්ශන තිබෙන කෙනෙකුට ඒ ද්‍රව්‍යය බෙහෙතක් වේ. ඉහත උදාහරනය අනුව, ඇඟ පුරා රතු බිබිලි ආපු ලෙඩෙකුට අර ගහේ කොල දීමෙන් එම රෝගය සුව වන බව ඒකා කියනවා. 

Homo යන්නෙහි තේරුම "සමාන" යනුයි; pathy යනු රෝග හා සම්බන්ද තේරුමකි. ඉතිං හෝමියෝපති යනු සමාන රෝග ලක්ශනවලට ඊට සමාන ආබාධ ඇති කරන ද්‍රව්‍ය බෙහෙත් ලෙස නියම කිරීමේ වෙදකමයි. අන්න එහෙමයි එම නම පටබැඳී තිබෙන්නේ. කිසිදු තර්කයක්, පදනමක්, පරීක්ශනවලින් ඔප්පු කරපු බවක් නැතිව එක පිස්සෙක්ගේ මෝඩ සිතුවිල්ලක් තමයි වය්ද්‍යවේදයක් ලෙස මෙලෙස භාවිතාවේ තිබෙන්නේ. මීට යොමු වන මිනිසුන් මේ ගැන වගේ වගක් නොදැන සල්ලි වියදම් කරගෙන තමන්ගේ ශරීර සව්ක්‍යද දැඩි අනතුරක දා ගනී.

හෝමියෝපති තනිකරම මිත්‍යාවක් බව ඔප්පු කිරීමට මා හේතු 2ක් මෙහිදී පෙන්වා දෙන්නම්.

1. කිසිදු විද්‍යාත්මක ක්‍රමයක් හෝ සත්‍යබව පෙන්වීමේ වෙනත් ක්‍රමයක් හෝ ඔප්පු කිරීමක් නොමැතිව එම වෙදකමත්, එම හෝමියෝපති බෙහෙතුත් පැවතීම. 

මා ඉහතදි කෙටියෙන් විස්තර කල පරිදි, හෝමියෝපති බෙහෙතක් සොයා ගන්නේ විහිලුසහගත මෝඩ ක්‍රමයකටයි. නිකමට හරි බලු බෙට්ටක් කටේ දාගෙන එහි ප්‍රතිපලයක් ලෙස, ඔබට බඩේ අමාරුවක් හැදුනේ නම්, එම බලු බෙට්ට බඩේ අමාරුවට බෙහෙතක් වේ. මෙලෙස මා සරලව කීවත්, එය බැරෑරුම් බව දැනවීමට ඔවුන් තව තව දේවල් කරනවා. නිකංම බඩේ අමාරුව යැයි නොගෙන, බඩේ මොන පැත්තද රිදෙන්නේ, එකපාරට බඩ රිදෙනවද නැතිනම් තරංගයක් ලෙස සැරින් සැරේ බඩ රිදෙනවාද, ටොයිලට් ගියහ මල පහ වෙනවද නැද්ද ආදී තවත් කරුනු රාශියකුත් සොයා බලා සටහන් කරනවා. එවිට බලු බෙට්ට කෑ විට ඇති වූ එවැනි සියුම් වෙනස්කම් සටහන් කරගෙන, එම සියුලු රෝග ලක්ශන සහිතව ආ විටයි බලු බෙට්ට වුවද හෝමියෝපති බෙහෙතක් වන්නේ.

2. හෝමියෝපති බෙහෙතක් සාදන අයුරුද අපූරුයි! විහිලුයි!

පෙර කියූ ලෙස යම් ද්‍රව්‍යයක් ශරීර ගත වූ විට, ඉන් යම් රෝග ලක්ශන ප්‍රමානයක් පෙන්වන බවත්, එවිට යම් පුද්ගලයකුට එවැනි රෝග ලක්ශන වෙනම හැදිලා තිබෙන විට, එම ද්‍රව්‍යයම ඊට බෙහෙතක් වන බව කීවනෙ (හෝමියෝපති යන වචනයේ තේරුමත් එයමයි). ඒ අනුව බලු බෙට්ටත් හෝමියෝපති බෙහෙතක් විය හැකි බව මා කීවා. එහෙත් එම බලු බෙට්ට හෝ වෙනත් ද්‍රව්‍යයක් අරං කෙලින්ම රෝගියෙකුට දෙන්නේ නැත. එය මහා බැරෑරුම් ක්‍රියාවලියකට යටත් කර තමයි බෙහෙත හදන්නේ කියා මරු වැඩක් කරනවා. මං බලු බෙට්ට අරංම බෙහෙත සකස් කරන හැටි කියා දෙන්නම්.

බලු බෙට්ටෙන් මිලිග්‍රෑම් 1ක් අරං, ඉතා පිරිසිදු ජලය (ආස්රුත ජලය) මිලිග්‍රෑම් 99ක දිය කරන්න. එය දිගු කාලයක් හොඳින් දිය කරනවා. මෙම අනුපාතය හෝමියෝපතිවල 1:100 අනුපාතය යැයි කියන අතර කෙටියෙන් එය C (රෝම ඉලක්කම්වලින් 100) ලෙස සටහන් කරනවා. මෙය තනුක කිරීමකි (dilution). ඕන නම්, එය 1:10 අනුපාතයටත් තනුක කල හැකියි. එය X (රෝම ඉලක්කමින් 10) හෝ D (Decimal) යන අකුරින් සංඛේතවත් කරනවා. අවශ්‍ය නම්, එම අනුපාතය 1:50,000 විය හැකියි. එම අනුපාතය කෙටියෙන් LM (රෝම ඉලක්කම් - L - 50 හා M - 1000 ලෙස සිතා) හෝ Q ලෙස දක්වනවා. මෙලෙස මූලික අනුපාත 3ක් පමන පවතිනවා.

මෙලෙස යම් කිසි අනුපාතයකින් එක් වරක් පමනක් තනුක කල විට, ඉහත අනුපාතයට අදාල අකුරට ඉදිරියෙන් 1 ලෙස දමනවා. ඒ අනුව 1C, 1X හෝ 1D, 1LM හෝ 1Q ලෙස එම බෙහෙත සටහන් කරනවා. එලෙසම එම අනුපාතයෙන්ම කිහිප වරක් සාමාන්‍යයෙන් තනුක කරනවා. ඒ අනුව 2C යනු එක පාරක් ඉහත විස්තර කල පරිදි බලු බෙට්ටෙන් මිලිග්‍රෑම් 1ක් ආස්රුත ජලය මිලිග්‍රෑම් 99කට දිය කර ගෙන, එසේ දිය කර ගත් මිශ්‍රනයෙන් මිලිග්‍රෑම් එකක් ගෙන එය නැවත ආස්රුත ජලය මිලිග්‍රෑම් 99ක දිය කිරීමයි. එලෙසම, මෙවැනි 2C මිශ්‍රනයකින් මිලිග්‍රෑම් 1ක් ගෙස නැවත ආස්රුත ජලය මිලිග්‍රෑම් 99ක දිය කල විට එය 3C ලෙස නම් කරනවා. එලෙස 30C, 100C ආදි ලෙස තනුක කරන වාර ගනන් විවිධ වේ.

මෙලෙස ඕනෑම හෝමියෝපති බෙහෙතකම සටහන් කර තිබෙනවා 30X, 100C, 10Q ආදි සටහනක්. මීට potency (සැර) යැයි කියනවා. මා නිතර නිතර කියපු මෝඩ විහිලු කතාව තවත් මතු වන වැදගත්ම තැනක් වන්නේ මෙතැනයි. එනම්, එලෙස තනුක කරන වාර ගනන (potency) වැඩි වන තරමට හෝමියෝපති බෙහෙතේ ප්‍රබලත්වය/සැර/ගුන වැඩි බවක් කියනවා. එය ඉතාම ඉතාම ඉතාම ගොන්ම ගොන් කතාවක් නොවේද? ඔබට කවුරු හරි කව්වොත් ඔබේ තේ කෝප්පයට සීනි හැඳි වැඩිපුර දාන තරමට තේ එකේ පැනි රස අඩු වෙනවා කියා ඔබ එය විශ්වාස කරනවාද?

අපට මෙහි ඇති තකතීරු බව ගනිතමය ගැටලුවක් විසඳා වුවද පෙන්වා දිය හැකියි. පොඩි හෝ විද්‍යා දැනුමක් තිබෙන අයකුට මා දැන් හදන ගනන තේරේවි. යම් කිසි ද්‍රව්‍යයක එහි මවුලික ස්කන්ධයක එව ද්‍රව්‍ය අංශු මවුලකයක් හෙවත් ඇවගාඩ්රෝ සංඛ්‍යාවක් තිබෙන බව පාසලේ විද්‍යා පාඩමේදි ඉගෙන ගෙන ඇති. ඇවගාඩ්රෝ සංඛ්‍යාව යනු ඉතා විශාල අගයක් වන 6.022x1023 කි. අපි සිතමු සල්ෆර් යනු අහවල් රෝගයට සල්ෆර් හෝමියෝපති බෙහෙතක් කියා. දැන් අපි එම බෙහෙත 30C potency එකට සාදමු.

සල්ෆrවල පරමානුක ස්කන්ධය 32 කි. ඉන් ග්‍රෑම් 1ක් ගමු. සල්ෆr ග්‍රෑම් 32ක එම අංශු මවුලයක් හෙවත් 6.022x1023 ක් ඇත. එවිට එම ග්‍රෑම් 1ක අංශූ 6.022x1023/32 = 1.88x1022 ක් ඇත. දැන් එම සල්ෆr ග්‍රෑම් 1 ආස්රුත ජලය ග්‍රෑම් 99ක දිය කර තනුක කරමු. එය 1C පොටෙන්සි ද්‍රාවනයකි. එම ද්‍රාවනය තුල සල්​ෆr අංශු 1.88x1022  ඇත. හරි... දැන් එම ද්‍රාවනයෙන් ගෑම් 1ක් ගෙන නැවත ආස්රුත ජලය ග්‍රෑම් 99කට දමා තනුක කර ගන්න. මෙවිට සෑදෙන 2C ද්‍රාවනයේ සල්​ෆr අංශු 1.88x1022/100 = 1.88x1020  ක් ඇත. මෙලෙසම 3C ද්‍රාවනය සාදා ගන්නා විට එහි සල්​ෆr අංශු ඇත්තේ 1.88x1020  ක් පමනි. මෙලෙස සෑම තනුක කිරීමක් පාසා 10 පාදයේ දර්ශක අගය දෙකින් දෙක අඩු වෙවී 18, 16, 14 ආදි ලෙස 0 වීමට යන වාර ගනන 11කි. ඒ කියන්නේ 11C ද්‍රාවනයේ තිබෙන සම්පූර්න සල්ෆr අංශු ගනන 2කි. 12C මට්ටමට එන විට එකදු සල්ෆර් අංශුවක්වත් නැත. එය හරියට ඔබේ තේ කෝප්පයේ එකදු සීනි ඇටයක් වත් නැහැ වගේ. එවිට කොහොමද සීනි එක පැනි රස වෙන්නේ? එතනින් එයාට සිදු කරන සියලු තනුක කිරිලි නිකංම වතුර වතුර මිශ්‍ර කිරීමක් පමනි. එය හරියට සීනි නොදා බොරුවට තේ එක තුලට හැන්ද දාලා කලතනවා වගේ බොරු වැඩක්. එය හරියට වතුරට ජිල් බෝල දාලා හදපු ජිල් බෝල හොද්දක් වැනිය. 

එහෙත් මේ බොරුකාරයක් කියන්නේ තනුක කරන වාර ගනන වැඩි වන තරමට බෙහෙත සැර වැඩි වන බවයි. මෙලෙස ගනන් හදා පෙන්වන විට, ඔවුන්ට වුවද එම ගනනය කිරීම බොරුවක් කිව නොහැකියිනෙ. එවිට ඔවුන් කියන්නට ගන්නවා ඔව් තනුක කර ගෙන යද්දි අංශූ කිසිත් නැහැ තමයි, නමුත් එම අංශුවල ගතිගුන දැන් අර වතුරට උරා ගෙන (කම්පන කර) ඇත කියා. එය කිසිදු තර්කයක් හෝ පදනමක් හෝ ප්‍රායෝගිකව ඔප්පු කල නොහැකි දේකි. හරියට දෙවියන් වහන්සේ ඉන්නවා, නිවන තියෙනවා, ගිනි පිඹින මකරු ඉන්නවා වගේ සුරංගනා කතාවකි. 

ඒ කියන්නේ මෙවුන්ට අනුව, ඒ ද්‍රව්‍යයට "මොලේ තියෙනවා" අපි එම ද්‍රව්‍යය අර ගන්නේ අහවල් ගුනය උකහා ගන්නට, ඉතිං අනෙක් ගුන උකහා ගන්න නොදී අනේ අපි එම ගුනය විතරක් වතුරට "හුකා ගන්න" දෙමු කියා. මොන විකාරයක්ද! සීනි එසේ ගන්නා හෝමියෝපති බෙහෙතක් වුනොත්, අර විදියට තනුක කරගෙන තනුක කර ගෙන යන විට, සීනි දන්නවා පැනි රස උකහා ගන්න නොදී  (සීනි රස එලෙස උකහා ගත හැකි නම් ඉතිං සීනි හැන්දකින් අපට ජීවිත කාලයෙම තේ බොන්න පුලුවන්නෙ) අර බෙහෙත් ගුනය විතරක් ජලයට ඇතුලු කරන්නට. ඔබ එය පිලි ගන්නවාද?

හැබැයි හෝමියෝපතිවල ඇත්තටම අතුරු ආබාධ තිබිය නොහැකි බව කාටත් දැන් වැටහිය යුතුය. ඒ අතින් ඔවුන් නිවැරදිය. මොන වස විශක් මුලින් ගත්තත්, අර විදියට තනුක කර ගෙන යන විට අවසානයේ එම ද්‍රව්‍ය එම ද්‍රාවනය තුල නොමැත. ඉතිං කොහොමද අතුරු පල ඇති වෙන්නේ?

ඇත්තටම මීට වඩා මේ ගැන කතා කරල තේරුමක් නැත. අභාග්‍ය හා මට තිබෙන ලොකුම පුදුමය ලංකාවේ (හා ලෝකයේ සමහර තැන්වල) ඇයි මෙවන් මිත්‍යාවන්ට අවසර දී තිබෙන්නේ කියන එකයි. වය්ද්‍යවේදයක් යනු සාමාන්‍ය විශයක්ම නොවේ. එය ජීවිතයත් මරනයත් තීරනය කරන දෙයක්. එය ප්‍රැක්ටිස් කරන්නට රටක් අවසර දෙනවා කියන්නේම විශාලතම අපරාදයකි! ඒ ගැන රාජ්‍ය විශ්ව විද්‍යාලවල උගන්වන්නේ කෙසේද? මේ සියල්ල වෙන තුරු රටේ වය්ද්‍ය සභා කට ඇරන් බලා සිටියාද? ලෝකයේ ඕන කොනක ඕන ගූ ගොඩක් වෙනවා නම්, එහෙනම් කමක් නැහැ කියා සිතන ඊනියා උගතුන් හා ව්ර්තිකයන් සිටින රටක් ලංකාව කියන්නේ. එය සිරි ලංකට් වන්නේ එනිසාය. මුං නිකංම රබර් සීල් පමනි. උන් නැගිටින්නේ උන්ගේ රුපියට කෙලවන අවස්ථාවලදී පමනි.

මේ නයින් මාත් මාගේ විශ්ව ශක්ති මෙව්ව එකෙන් හෝමියෝපති වැනිම වය්ද්‍ය ක්‍රමයක් සොයා ගත්තා අද. මා එය sumeopathy ලෙස නම් කලා. එය විවිධ පැති වලින් හෝමියෝපතිවලට වඩා ඉදිරියෙන් සිටී. පිලිකා, හ්ර්දයාබාධ, දියවැඩියාව, ඇල්ශයිමර්, ඒඩ්ස්, හා සියලු ස්නායු ආබාධ යන රෝග නිට්ටාවට සුව කල හැකිය. සුමියෝපතිවල තිබෙන්නේ එක බෙහෙතකි. එය සාදා ගන්නේ මෙසේය.

කක්කුස්සි වලකින් අසූචි ග්‍රෑම් 1ක් ගත යුතුය. තමන්ගේ සරම උස්සා බෙට්ට බෝතලයට ගත්තාට ගුනයක් නැති අතර කක්කුස්සි වලකින්ම එය අර ගත යුතුය!

ඉහත විස්තර කල ලෙසට 30C පොටෙන්සි එකට එය තනුක කර ගත යුතුය. බිය නොවන්න! අවසානයේ ගූ බිංදුවක් වත් බෙහෙතේ නැත (ඉහත විස්තර කියවා තේරුම් ගත්තා නම් එය මේ වන විට වැටහිය යුතුය). ගූවල තිබෙන ගුන කම්පනය විතරක් සුමියෝපති බෙහෙත තුල ඇත. සියලු හරක් සුව පත් වෙත්වා මොලේ පැහැදෙත්වා! 

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...