Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

දෙවියකු ජනපති වීම

තවත් ඡන්දයක් අවසන් විය. සමහරෙකුට අනුව එය ලංකාවේ පැවති ඉතාම යහපත් ඡන්දයකි. පෝස්ටර් අඩුවෙන්, කලකෝලහල අඩුවෙන් තිබූ ඡන්දයකි. වේදිකාව මත අඩුවෙන්ම මඩ ගසාගත් ඡන්දයකි. ලංකාවේ බහුතරයක් ඉතා සතුටින් ඉපිලී ගිය ඡන්දයකි. එම ඡන්දයෙන් ජයගත් ගරු ගෝඨාබය රාජපක්ෂ ජනපතිතුමාට සුභ පැතුම්!!!

එසේ වුවත් එවන් සාධනීය ලක්ෂණ සමඟම ඉතා අයහපත් ලක්ෂණද මා එහි දුටිමි. පිලිවෙලකට නැතත් ඒ ගැන අතරින් පතර කරුණු කිහිපයක් ගැන පමනක් කෙටි සටහනක් තබමි.

ජනපති අපෙක්ෂකයකු නොව රජෙකුටත් එහා ගොස් මෙවර දෙවියකුද තරග බිමේ සටන් වැදිනි. වසර පන්දහකට පමන පෙර මිසරයෙන් අතුරුදහන් වූ රටේ පාලකයා දෙවියා වූ සම්ප්‍රදාය ලංකාවෙන් නැවත මතු වී ඇත. උසස් උගත් බුද්ධිමත් මානව සමාජයකට කොතරම් එය උචිතදැයි සිතා බැලීම වටී.

තවත් සමහරෙකුට එම අපේක්ෂකයා ඉපැරනි ලංකාවේ විසූ ගෝඨාභය රජතුමාම විය; මෙය ඔහුගේ පුනුරුත්පත්තිතයයි. තවත් සමහරෙකුට අතීත ලංකාවේ රාජාවලියේම සිටි දුටුගැමුනු, පැරකුම් ආදි සියලු ශ්‍රේෂ්ට රජවරු සියල්ලගේම තනි පුනුරුත්පත්තියයි; බුදු දහම අනුවද එය කෙසේ විය හැකිදැයි මා දන්නේ නැත.

පලමු කරුන නම් ගෝටා ජය ගත්තේ අවිවාදයෙන්ම ඉතාම ඉහල සිංහල බෞද්ධ බහුතරයෙනි. එනිසා එතුමා සිංහල බෞද්ධ නායකයකු සේ සැලකීමට සිදු වේ. එතුමාගේ ජනපති දිවුරුම් දීමේ උත්සවයේදිත් ඔහු විසින්ම ඒ ගැන සඳහන් කිරීමට වගබලා ගත්තේය. ලංකාවේ සුලු ජනවර්ග සජිත්ට ඡන්දය ලබා දුන්නත්, ඔහු ගත් ලක්ෂ පනස් ගානම දෙමල මුස්ලිම් විතරක් විය නොහැකිය; අංක ගනිතයට එය ගෝචර නැත. එනිසා සජිත්ද විශාල සිංහල බෞද්ධ ඡන්දයක් ලබා ගත් බව පැහැදිලිය. ඒ කැපුවත් කොල යූඑන්පී කාරයාගේ ඡන්දයයි.

පිල්ලයාන්, කරුනා අම්මාන් වැනි මිනීමරු ත්‍රස්ථවාදින් ජාතික වීරවරුන් බවට ප්‍රකාශ කිරීමද මේ අතර සිදු විය. ඉදිරිකාලයේදී එවුන්ට දේශමාන්‍ය වැනි රාජ්‍ය පට්ටම් ආදිය ලැබුණත් අප පුදුම වන්නේ නැත. එතකොට අපේ අතිගරුතර සංඝයා උතුමානන් වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කරනු අපට දැකගත හැකි වේවි.

සජිත් සාපේක්ෂව හොඳ අපේක්ෂයකු විය හැකිය. එහෙත් ඒකාට පාවෙන ඡන්දදායකයන් අතරින් බුද්ධිමත් පිරිස අතරට යෑමට නොහැකි විය. ඊට එක හේතුවක් වන්නේ ඔහුගේ ගොන් කතාය. තමන් නිදිමරාගෙන බඩ ගාගෙන දෙපතුල් ළගට යන ආදි ගොන් කතා ඉවරයක් නැතිවම සිදු කලේය. ඔහුගේ සමහර හැසිරීම්ද මොංගල් වේ. මඩ වලක් දුටු විට වටෙන් නොයා මඩ වල උඩින් යෑම, වැස්සකදී කුඩය පැත්තකින් තබා තෙමි තෙමි යෑම වැනි මන්දබුද්ධික වැඩ සැබැවින්ම හාස්‍යජනක විය.

බොහෝවිට රනිල්, අකිල වැනි දේශපාලන කාලකන්නින් විසින් හීනියට සජිත්ගේ පරාජය වෙනුවෙන් වැඩ කරනු බව පෙනිනි. mcc ගිවිසුම අත්සන් කිරීමට යන බව ප්‍රකාශ කිරීම ඒ සඳහා සිදු කළ එක් පියවරකි. දේශපාලන පලිගැනීම් කිරීමට ආණ්ඩුවක් පත් කර ගමු යැයි අකිල විසින් පැවසීමද එවැන්නකි. තවද, මංගල වැනි ඉතාම අවලං චර්යා මෙන්ම ප්‍රකාශ සිදු කරන අය ලං කර ගැනීම අවාසියක් විය.

අපද මේ රට සෑම ආගමිකයකුටම ජනවර්ගයකටම අයත් රටක් සේ පිලිගන්නවා. එහෙත් දේශාපාලකයකු ලෙස එය සංයමයෙන් ප්‍රකාශ කළ යුතු වෙනවා මොකද රටේ සිටින බහුතරය උගත් බුද්ධිමත් නොවන මෝඩ ශ්‍රද්ධාවන්තයන් වන නිසා. එහෙත් විදේශීය රාජ්‍යයන්ගෙන් පෞද්ගලික අනුග්‍රහන් තමන්ගේ ඉදිරි කාලය සඳහා ලබා ගැනීමට (එක්සත් ජාතින්ගේ සංගමයේ තනතුරුවලට කෙල හලමින්) මංගල වැනි දේශපාලන ගනිකාවන් එවන් ආකාරයකට අදහස් ප්‍රකාශ කරනවා.

මේ අතර අගමැතිකමට පොර කාපු දිසානායකලා (ගාමිනි දිසානායකගේ නොවැදගත් පුතුන්) වැන්නන්ද පරාජය කරා සජිත්ව ගෙන ගිය බව පෙනේ. ඉතාම පැහැදිලිවම කරු, රවි, රනිල්, දිසානායක වැනි අය සජිත්ගේ ජයග්‍රහනයට වඩා පරාජයට ප්‍රිය කළ අය විය. ගෝටාගේ පිල ඉතා සාර්ථකව සැලසුමකට අනුව කටයුතු කරද්දි, යුඑන්පී එකේ පෙනුනේ වියවුලක්ම පමනි. ජනපති වූවාට පසුව රනිල්ට අගමැතිකම දෙන්නේ නැතැයි පැවසුවා නම් සජිත්ට මීට වඩා ජනප්‍රසාදයක් හිමි වන්නට තිබුණි.

මේ සියල්ලටම වඩා සජිත් දේශපාලන ගොලුවෙකුව සිටීම ඔහුගේ පරාජයට තවත් හේතුවක් විය. පාරේ සිටින කොල්ල කුරුට්ට පවා රටේ සිදුවන දේවල් ගැන කතා කරන විට, අප කවදාවත් සජිත්ගේ මතයක් අසා කියවා නැත. රටේ කිසිදු ප්‍රශ්නයකදී ඔහුගේ මතයක් අප අසා නැත. එවන් අඳගොලුබිහිරෙකුට ඇත්තටම රටක් දිය යුතුද නැද්ද යන්න ගැන අවබෝධයක් අපට නැත.

ජවිපෙට ඇපත් නැති තරමේ පරාජයක් අත් විය. ඊට හේතු කිහිපයක් තිබිය හැකිය. ඔවුන් අනවශ්‍ය තරමට පොහොට්ටු විරෝධයක් පෑහ. මෛත්‍රී ජනපති විසින් රනිල්ව ඉවත් කර දැමූ අවස්ථාවේදී ජවිපෙ ක්‍රියා කළ අන්දම නින්දිත විය. එහෙත් මා දකින ආකාරයට ඔවුන් එය කළේ යූඑන්පියට කඩේ යෑමට නොව, ඔවුන් විසින් ඉදිරිපත් කළ විසිවැනි ව්‍යවස්ථා සංශෝදනය කෙසේ හෝ ජයග්‍රහනය කරවීමටය. එහෙත් අවසානයේදී එයත් සිදු නොවීය. කිසිවිටක ජවිපේ එක රනිල්ට කඩේ ගිය බව මා නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැත. එහෙත් රටේ බොහෝ දෙනාට ඔවුන් රතු අලිපැටව් සේම පෙනුනි.

එනිසා දැන්වත් ජවිපේ එකේ උන් රටේ මහජනයාගේ ආකල්ප හා බුද්ධි මට්ටම සලකා වැඩකටයුතු කළ යුතුය. රටේ පොදු ජනයා බුද්ධිමත් ලෙස සැලකීම දේශපාලකයාට සයනයිඩ් කෑමකට හේතු විය හැකිය. කැලනියේ නයි රජුව විශ්වාස කරන මහාචාර්ය යැයි කියාගත් චීවරධාරි පාදඩයන් සිටින හා විචාරයෙන් තොර වහල්බවින් බර වූ මහජනයා සිටින රටක බුද්ධිමතුන්ව විතරක් වටකරගෙන දේශපාලනය කළ නොහැකි බව ජවිපෙ තේරුම්ගත යුතුය. පොට්ටුව එය හොඳින් තේරුම් ගත්තා පමනක් නොව ඔවුන්ගේ අපේක්ෂයාව පහසුවෙන්ම දේවත්වයට ඔසවා ගැනීමටද උන් සමත් විය. ලංකාව තුල එවැනි දේවල් පහසුවෙන් ඉක්මනින් සිදු කර ගත හැකිය.

තවද, සුලුතර බුද්ධිමතුන් අතරින් විවිධ රහස් න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන විදේශීය බලවේගවල ඒජන්තවරුන්ද සිටී. ගනිකා ව්‍යාපාරය, ගබ්සාව, සමලිංගික සේවනය ආදිය නීත්‍යානුකූල කිරීම මේ අතර එවුන්ගේ ප්‍රොජෙක්ට් වේ. මෙවර ජවිපෙ එවන් අසමජ්ජාතික ප්‍රතිපත්ති වෙනුවෙන්ද පෙනී සිටීම ලැජ්ජා සහගතය. හොඳ වෙලාවට ඒවා වැඩිය කරලියට පැමිනියේ නැත. එසේ වූවා නම් ලැබුනු ඡන්දෙන් තවත් කොටසක් ගැලවී යනු නියතය. මාගේ ඡන්දයද මා උන්ට ලබා නොදුන්නේ මේ නිසාමය. එනිසා, රටේ සංස්කෘතිය ගැන අවබෝධයක් තිබෙන බුද්ධිමතුන්ගේ සේවනය ලබමින්, රටේ පොදු ජනයා සමඟ කරන දේශපාලනයකට ජවිපෙ ගමන් කළ යුතුය.

මහේෂ් සේනානායක, රොහාන් පල්ලේවත්ත වැනි අයට ජනතාව නියම පාඩම උගන්වා ඇත. පැරෂුට්කාරයන් දේශපාලනය අවශ්‍ය නැත. එයද එකපාරටම තනි පුද්ගලයකු පත් කරන ජනපතිවරණයකට අවශ්‍යම නැත. රටක් පාලනය කිරීම තනි පුද්ගලකයකුගේ කාර්යක් නොවන බව මේ හරක්ට තේරුම් නොයෑමම උන්ට ඡන්දයක් නොදීමට ප්‍රමානවත් වේ. මීට පෙර හංසයාගෙන් සරත් ෆොන්සේකා ජනපතිවරණයට ඉදිරිපත් වීමේදී අඩුම ගානේ යූඑන්පී ජවිපෙ ඒ පිටුපස සිටි නිසා ඔහුට රටක් කර ගෙන යෑමට බලයක් ඇත්තෙන්ම තිබුනි.

නික්ම ගිය ජනපති මෛත්‍රී ඇත්තටම අගය කළ යුතු අහිංසක යහපත් ගති ඇති ජනපති කෙනෙකි. අප ඔහුගෙන් දුටු එකම දුර්වලකම අවශ්‍ය තරමට කොන්දක් හා සුරුකමක් නොතිබීමයි. ඇත්තටම ඔහු වැන්නකු සුදුසු වන්නේ නාමික ජනපති, කථානායක වැනි තනතුරකටය (මෙය අපහසක් ලෙස නොව මා කියන්නේ). ඒ හැරත්, ඔහුට ශක්තියක් දීමට සුදුසු හිතවත් කණ්ඩායමක් ඔහු වටේ නොසිටීමද ඔහුගේ අසාර්ථකත්වයට හේතු විය. ඔහුට හැමදාමත් වටේ සිටිය එවුන් දුන්නේ දිරච්ච ලනුය. මෙවර ජනපතිවරණය ඉතා සාර්ථකව පවත්වා නිම කිරීමට හැකි වූයේ මෛත්‍රී ජනපති නිසා බව නොරහසකි.

ජනපති පත් වී මේ සුලු කාලය තුල යම් යම් සාධනීය ලක්ෂන පෙනේ. එහෙත් ජනපතිගේ කෙරුවාව මෙයින් මැනිය නොහැකිය. තව මාස කිහිපයකින් මහමැතිවරණයක් තිබෙන බැවින් දැන් සියල්ලෝම ගරු රඟපෑමේ යෙදෙති. කට්ටියම මාර්ගඵල ලාභින් මෙන් හැසිරේ. එම රඟපෑම ගැන ඊයේ පත් වූ කැබිනට් මණ්ඩලයෙන්ම පෙනේ. තිස් ගණනක් දක්වා පත් කළ හැකි කැබිනට් අමාත්‍යවරුන් ගනන 15ක් දක්වා අඩු කළේ මහමැතිවරණයට ඉලක්ක කරගෙන බව ඔවුන්ගේම කතාබස් තුල ඇසිනි. එහෙත් එය රඟපෑමක් බව බොහෝ දෙනාට නොපෙනී ගොස් ඇමතිවරු ගණන 15ක් වීම ගැන පමනක් අමන්දානන්දයට පත්ව ඇත.

ගෝටාභයට කුමන චෝදනා එල්ල වුවත්, ඔහුගේ විනය ගැන පැහැදීමට අපටත් ඇත. එහෙත් ඔහුගේ දෙටු සහෝදර මහින්ද රාජපක්ෂගේ බලපෑම නිසා ඔහුගේ යහපත් චර්යාව අපගමනය වීමට සිදු විය හැකිය. මහින්ද සාර්ථක පාලකයකු වුවත් ඉතාම නරක මිථ්‍යාදෘෂ්ටික පාලකයෙකි. සාස්තරකාරයකු සේ මුදු දමා ගෙන මොකක්දෝ ඇටයක් ප්‍රසිද්ධියේ රෝල් කර කර සිටින මිථ්‍යාදෘෂ්ටිකයෙකි. රටේ ප්‍රධානම පුරවැසියකු ලෙස රටේ දූදරුවන්ට ඔහු විසින් ඒ ලබා දෙන මිථ්‍යාදෘෂ්ටික පෙලඹවීම ගැන කවුරුත් කතා කරනු නොපෙනේ. තවද, දූෂණය භීෂණය ඔහුට සාමාන්‍ය දේවල්ය. එනිසා ජනපති වැඩිපුරම තම අගමැතිගේ කෙරුවාවන්ගෙන් පරිස්සම් විය යුතුය. ජනපතිගේ සරල ජීවිතය හා හැසිරීම ගැන අපට තිබෙන ගරුත්වය නැති කරනවා නම් නැති කරන්නේ අගමැතිගේ ක්‍රියාවලිනි.

එකල රජයේ වියදමින් සිදු කළ බොහෝ ඉදිකිරීම්වලට තම නාමය ඔබ්බවා ගත්තේ ඔහු විසිනි. රාජ්‍ය ආයතනවල පමනක් නොව, ඉන් පිටත මහා පාරවල්වල පවා ලයිට් කනුවක් ගානේ බහිරව රූප සේ තම රූප/කටවුට් එල්වා ගත්තේ මහින්ද විසිනි. එවැනි තත්වයක් තුල, ජනපති තම රුව රාජ්‍ය ආයතනවල එල්ලීම තහනම් කිරීම ඉතා ගරු කටයුත්තක් වුවත්, මට සිතෙන්නේ ගෝටගේ රූපය නැති තැන මහින්දගේ රූප එල්ලීමට තිබෙන ඉඩකඩකි.

ගෝටාගේ බිරිඳ හා ළමයි අහිංසක වැදගත් ලෙස පැත්තකට වී සිටියත්, මහින්දගේ ආර්යාව හා කුමාරවරු ආයෙත් රටේ කුමන අයුරින් හැසිරේද යන්න බලාගෙන ඉමු. මහින්දගේ බාල පුත් "ගගනගාමී" විසින් යවපු අර අපේ රටේ පලමු භූස්ථාවර චන්ද්‍රිකාවත් සොයා දෙන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිමු.

පසුගිය කාලයේ අප සමාජයේ දැවෙමින් තිබූ ප්‍රශ්න කිහිපයකට වහම විසඳුම් දීමටද ගෝඨාභය මැතිදුන්ට සිදු වේ. මා සිතන්නේ සිංහල බෞද්ධ සියල්ලන්ගේම ඉල්ලීමක් වන්නේද එයයි. ඉතා ක්ෂණිකව රජය විසින් ප්‍රකාශයට පත් කළ හැකි හා යුතු සමහර කාරණා කිහිපයක් පමනක් මෙහි සටහන් කරන්නට මා කැමතියි.

1. නැගෙනහිර ෂරීයා විශ්ව විද්‍යාලය අහෝසි කිරීම.
2. ෂරීයා නීතිය රට තුල ඉගැන්වීම අහෝසි කිරීම.
3. අරාබි බසින් ඉගැන්වීම අහෝසි කිරීම.
4. අරාබි බසින් ඇති සියලු පුවරු ඉවත් කිරීම.
5. ෂරීයා නීතිය (හා උඩරට නීතිය, තේසවලාම නීතිය) ඉවත් කර සියල්ලන්ම රටේ පොදු නීතියට යටත් කිරීම.
6. මද්‍රසා පාසල් ඉවත් කිරීම (හැකිනම්, රට තුල විවිධ ප්‍රභේද යටතේ ඇති පාසල් සියල්ලම තනි ප්‍රභේදයක් යටතට ගෙන ඒම)
7. බුර්කාව තහනම් කිරීම හා රාජ්‍ය ආයතන තුල පවතින පොදු ඩ්‍රෙස් කෝඩ් එක සැමට බලාත්මක කිරීම.
8. විල්පත්තුව හා වෙනත් වනාන්තර පද්ධතිවලින් ජනාවාස ඉවත් කර වහම ඒවා නැවත වනාන්තර බවට ප්‍රකාශය කිරීම
9. පාස්කු බෝම්බයට වගකියන අයට දැඩි දඩුවම් ලබා දීම
10. බැඳුම්කර සොරුන්ට දැඩි දඬුවම් ලබා දීම

ඉහත කරුණු සියල්ලම මුස්ලිම් සමාජයෙන් ලංකාව තුල ඇති කල පිලිකාවන් බදුය. ඒවා කිරීමට එඩිතර නායකයකුයි කවුරුත් සෙව්වේ. එනිසා සිංහල බෞද්ධයන්ගේ නායක ගෝඨා්භය විසින් මේවා සිදු කළ යුතු බවට පොදු හැඟීමක් ඇත. එහෙත් ජනපති නීතිඥ සබ්‍රීගෙන් අවසරයක් මීට ලබා ගැනීමට ගෝටාට සිදු වේදැයි මට විටෙක සිතේ. සබ්‍රීගේ භූමිකාව සිංහල බෞද්ධ පදනම තුල ගෝලීය ඉස්ලාම් මහා සැලසුම විසින් ලබා දුන්නක් නොවේ නම්, සබ්‍රීද මීට සහය දැක්විය යුතුය. සබ්‍රී යනු තනි ලංකා පුරවැසියෙක්ද නැතිනම් ඉස්ලාමීය රාජ්‍යයේ ඒජන්තයෙකු ඉස්සරහා කර ගත් අන්තවාදි සැලසුමක්ද යන්න අපට ඉදිරියේදී දැක ගත හැකි වේවි.

රාජපක්ෂ සමයෙහි සිදු වූ අපරාද ගැන විමර්ෂන හා නඩු කටයුතු දැන් සිදු වෙමින් පවතී. ඒවා එලෙසම ඉදිරියට පවත්වාගෙන ගොස් නියම අපරාදකරුවන්ට දඩුවම් දේවි යැයි අපට කිසිදු විශ්වාසයක් නැත. එක අතකින් විශිෂ්ට ජනවරමක් ලබා දීම මඟින් එම නඩු හා විමර්ෂන ඉවත් කර දැමීමට වක්‍රාකාරයෙන් ජනමතයක්ද ලැබී තිබේ. එනිසා ඒවා හමස් පෙට්ටියට දැම්මාට අප දැන් අහිතක් සිතන්නේ නැත. එය මහා ජනයාගේ බහුතර කැමැත්තයි.

මහා මැතිවරණයේදී ප්‍රසන්න රණවීර, මහින්දානන්ද අලුත්ගම වැනි දේශපාලනයට නුසුදුසු අයට නොමිනේෂන් ලබා නොදීම, පැරදුනු අපේක්ෂකයන් ලැයිස්තුවෙන් නැවත පත් කර නොගැනීම, තමන් පමනක් නොව තමන් යටතේ සිටින සියලු අමාත්‍යවරුන්ද වැදගත් චර්යා පද්ධතියකට යටත් කර තැබීම වැනි දේවල් අප ඉදිරියේදී බලාපොරොත්තු වෙමු. තවද, රටක් කර ගෙන යෑමට ඇමතිවරු 15කින් කළ හැකි බැවින් දැනට පත් කර තිබෙන පරිදිම දිගටම අමාත්‍ය මණ්ඩලය 15කට සීමා කිරීමද අප බලාපොරොත්තු වෙමු. එලෙස අධ්‍යාපනයට, නීතිය සාධාරණත්වයට, රටේ සම්පත්වලට සාධාරණයක් සිදු කර නැවත ජනපතිවරණයකට ඉල්ලුවොත් මා සිතන්නේ ඊළඟ පාර නිතරඟයෙන් වුවද පත් වීමට ගෝඨාභයට හැකි වේවි. අපි බලා සිටිමු.