Skip to main content

රේඩියෝ විකිරණය දැනෙන්නේ කෙසේද?

මා මීට දින කිහිපයකට පෙර දීර්ඝ වශයෙන් රේඩියෝ විකිරණය ගැන ලියා තිබේ. රේඩියෝ විකිරණයෙන් තාප උත්සර්ජනයක් පේශි තුල ඇති විය හැකි බවත්, ඉන් ප්‍රෝටීන් විකෘති වී ඌනතා රෝග ඇති විය හැකි බවත් අද විද්‍යාවෙන් හොඳින් තහවුරු කර ඇති මතයකි.

මෙම කුඩා ලිපිය ලියන්නට හේතුව මීට සුලු වෙලාවකට පෙර මා පෞද්ගලිකව ලබපු අත්දැකීමකි. එක්තරා රූපවාහිනි වැඩසටහනකට ප්‍රේක්ෂකයෙක් ලෙස මා සම්බන්දවීමට එක දිගටම පැයක් පමණ එම වැඩසටහනේ ටෙලිෆෝන් අංකය මාගේ ජංගම දුරකතනයෙන් (3G නොවන දුරකතනයක්) ඩයල් කරමින් සිටියා. ලයින් බිසි නිසා දිගටම ට්‍රයි කළා (එක දිගටම 200 වතාවකට වැඩිය කෝල් අරන් තිබේ). එහෙත් පැයක් විතර ගිය පසු ෆෝන් එක රඳවාගෙන සිටි අතේ ඇඟිලි සියල්ලම පිච්චෙනවා සේ දැනුනා. මෙම ලිපිය ලියන මොහොත වන විටත් එම දැවිල්ල තරමක් අඩුවෙන් දැනෙනවා. මීට හේතුව අනිවාර්යෙන්ම රේඩියෝ විකිරණය නිසා ඇති වූ තාප උත්සර්ජනයක් විය යුතු යැයි සිතේ.

මෙවැනි අත්දැකීම් ලබපු අය සිටිත් නම්, කොමෙන්ට් එකක් හෝ ඊමේල් පනිවුඩයක් එවන්නේ නම් අගය කොට සලකමි (මාගේ අධ්‍යයනය සඳහා).

A nice report on low level ionizing radiation

How you feel radio frequency radiation...

I am writing this short English version of the above Sinhala post in case somebody who can't read sinhala text happens to visit this page.

Today I kept dialing a certain busy telephone number continuously (in order to join in a tv program), and after an hour or so, I felt my fingers where my cellular phone was held  kind of burning and tingling. I am positive I felt so because of thermal dissipation due to RF radiation. I could of course do the same to double-check it, but I am reluctant to do so consciously, and I do urge you not to try it yourself. However, if you have had this same kind of experience someday before, please let me know with a short description. It would help my studies.

Comments

  1. හරිම වටිනවා.දැනුම දානයක් කියන්න පුලුවන්.තෑන්ක්ස් .

    ReplyDelete
  2. මට සාමානයෙන් පැයකට වඩා සමහරවිට පැය බාගයකට වඩා පෝන් එක කනේ තියන් ඉන්න බෑ..ඔලුව රිදෙනවා..කැරකෙනවා..මත්වෙනවා වගේ වෙනවා..මං ඵෝන් පාවිච්චිකරන්නේ නෑ දැන් අතයවශය දෙයකට හැර..එක්කෝ ඉයර්පෝන් එකකින් තමයි..ඒත් එපාවෙනවා..මටත් හිතෙන්න් මගේ තත්වයත් විකිරන නිසා මට ඔරොත්තුදෙන්නේ නෑ වගේ කියල..වෙන හේතු වෙන්නත් පුලුවන්..නමුත් ගර්ල් එක්ක කෝල්කරනකොට (මල් කඩන වෙලාවට) ඒක හොදටම තේරෙනවා..

    ReplyDelete
    Replies
    1. :) ඔව් විකිරණය නිසා වෙන්න පුලුවන්... පරිස්සමින් මල් කඩන්න... නැතිනම් මල්වඩමක හිමිකාරයෙකු වෙන්නත් බැරි නැහැ ෆෝන් එක නිසා... hahaha...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

ඉරාන යුද්ධය හා ප්‍රවාද

සෑහෙන්න දවසක් තිස්සේ ලංකාවේ පවතින තත්වය ගැන ලිපියක් ලිවීමට සිතමින් සිටියත්, එය අරාබි නිසොල්ලාසය මෙන් ඉවරයක් නැති ඉතා දිගු ලිපියක් වීමට ඉඩ තිබුන බැවින් කල් දමමින් සිටියදි, ඇමරිකානු-ඊශ්‍රායල්-ඉරාන යුද්ධයද පැන නැඟීම නිසා, ඉතා කෙටි ලිපියක් ඒ ගැන ලිවීමට සිතුනි. විවිධ දෙස් විදෙස් ජනමාධ්‍ය හා විශේෂඥයන් හා අවශේෂ පුද්ගලයන් මෙම මැදපෙරදිග ගැටුම ගැන විවිධ අදහස් පල කරනවා. "මැදපෙරදිග" යන වචනයට අමතරව මෙම කලාපය හැඳින්වීමට "බටහිර ආසියා​ව"(Western Asia) යන වචනයද නිතර අසන්නට ලැබෙනවා (විශේෂයෙන් ඉංග්‍රිසි ජනමාධ්‍ය තුල). බොහෝ අය මෙම යුද්ධය ගැන විචාර කරන්න යොදාගන්නා මූලික ක්‍රමවේද දෙකක් පැහැදිලිවම ඉස්මතු වේ. 1. ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) දැඩි ඇමරිකානු විරෝධි මිනිස් කොට්ඨාශයක් සිටී (මොහාන් සමරනායක වැනි). ඇමරිකාව ඍජුව හෝ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහි කරන සියලු නූතන පහසුකම් හිරිකිතයකින් තොරව බුක්ති විඳිමින්, ඇමරිකාවට වෛර කිරීම ඔවුන්ගේ ජඩ පෞරුෂය වේ. ඇමරිකාව කුමක් කලත්, ඉන් ලෝකයට හොඳක් වුවත් විනාශයක් වුවත් ඇමරිකාවට සාප කිරීම ඔවුන්ගේ ලාක්ශනික ගතිගුනයයි. ඔවුන්ට අනුව ඇමරිකාව හා ඇමරිකන් ගැති ඊශ්‍රාලය තම...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...