Skip to main content

IF by Kipling (ම පුතු මිනිසෙක් නම්)

යූටියුබ් නරඹමින් සිටින අතරේ, කිප්ලිං කවියා විසින් 1895 වසරේදී ලියන ලද මෙම කවි පංතිය මට අහම්බෙන් අසන්නට ලැබුනා ඊයේ රාත්‍රියේදි. පහුගිය දවසක, සිංහල හා ඉංග්‍රිසි චන්දස් ශාස්ත්‍රය (prosody) - විරිත්, වෘත්ත, foot, meter ආදිය - ගැනත් සුලු අධ්‍යනයක සිටි මට, මෙම කවි පංතිය පෙර දිනයේ උගත් කරුනුද යොදවමින් සිංහලයට පරිවර්තනය කිරීමට සුදුසු යැයි සිතුනා. මෙම ඉංග්‍රීසි කවිද iambic pentameter යන ඉංග්‍රිසි චන්දස් අලංකරන රීතිය අනුව සම්පාදනය කර තිබේ. එහිදී, ඉංග්‍රිසි කවියට සාධාරනයක් ඉටු කරනු වස්, ඊට ගැලපෙන විරිතක් ලෙස මාත්‍රා දහ අටකින් යුතු සමක විරිතින්ද, මැද (නව වන මාත්‍රාව) හා අග (අහ අටවන මාත්‍රාව) එලිසමයද ගලපා පහත ලෙස පරිවර්තනය කලා. සාමාන්‍යයෙන් ක්ෂනිකව පරිවර්තන සිදු කරන මට, මෙම පේලී අටේ කවි හතර පරිවර්තනය කිරීමට ඊයේ රාත්‍රි 12 සිට පාන්දර 4 පසු වන තුරුත් අවධිව සිටීමට සිදු වූවා. 


 If—
By Rudyard Kipling


If you can keep your head when all about you
Are losing theirs and blaming it on you,
If you can trust yourself when all men doubt you,
But make allowance for their doubting too;
If you can wait and not be tired by waiting,
Or being lied about, don’t deal in lies,
Or being hated, don’t give way to hating,
And yet don’t look too good, nor talk too wise:

සියල්ලන් මුලාව - දොස් පවරද්දිමත්
සිටිය හැකි නම් ස්ව - හිස් තබා කෙලිනුත්
කලත් සැක අන් තව - සිට තමන් නිසැකත්
නමුත් සලසා තව - උන් සංකා ඉඩත්
ඉවසනු හැකිව නොව - වෙවී ඉන් වෙහෙසත්
ඔබ ගැන කී බොරුව - නොකර බොරු තමනුත්
කරතත් ඔබට කොව - නොකර ඔබ වෛරත්
නොවිදහ නැති සරුව - නොකියනු පඬි වැකිත්

If you can dream—and not make dreams your master;
If you can think—and not make thoughts your aim;
If you can meet with Triumph and Disaster
And treat those two impostors just the same;
If you can bear to hear the truth you’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things you gave your life to, broken,
And stoop and build ’em up with worn-out tools:

සිහිනත් බලත් නම් - නොවී එහි වහලෙක්
සිතුවිලි සිතත් නම් - නොසිත තිර කරුනක්
සලකනුම හැකි නම් - ජය පැරදුමත් එක්
රැවටිල්ලක්ම යම් - නැතිව ලොකු වෙනසක්
අසා රිස්සුම් නම් - ඔබගෙම සත්තයක්
රවටනුව දුහුනන් - දුදනන් කල වකක්
සෑදූ දිවි හිමින් - බිඳෙනු දැක එක් එක්
යලි සැදිය හැකි නම් - ආයුදවලින් වක් 

If you can make one heap of all your winnings
And risk it on one turn of pitch-and-toss,
And lose, and start again at your beginnings
And never breathe a word about your loss;
If you can force your heart and nerve and sinew
To serve your turn long after they are gone,
And so hold on when there is nothing in you
Except the Will which says to them: “Hold on!”

සරි කරපු දිවි පුරා - ගෙන සියල් වත්කම්
දියුනුවට  සපුරා - රැගෙන අවදානම්
පැරදුමත් නෑරා - වැලිත් අරඹයි නම්
දුක් සුසුම් දහරා - දුක් වදන් නොදමන්
හද සිරුර නහරා - හැම හොඳින් යොදවන්
විට එසැම  බැහැරා - ගියත් කල් කොතරම්
ඉවසන්ව ඉඳුරා - නැතත් හැර කිසියම්
"රැඳෙනුව" නොබැහැරා - කියන ඒ අදිටන් 

If you can talk with crowds and keep your virtue,
Or walk with Kings—nor lose the common touch,
If neither foes nor loving friends can hurt you,
If all men count with you, but none too much;
If you can fill the unforgiving minute
With sixty seconds’ worth of distance run,
Yours is the Earth and everything that’s in it,
And—which is more—you’ll be a Man, my son!

හැම සමඟ දොඩමින් - රැක ගෙනම ගුණ දම
රජු හා ඇවිදමින් - නැති නොකර සත් දම
සතුර හිත මිතුරන් - ගෙන් නොගෙනම රිදුම
සලකා සම සිතින් - උස් පහත් නොම හැම
නොනිම් විනාඩියෙන් - හැකිද පුරවන්නම
මුලු තත්පර හැටෙන් - යුතු දිගු දිවීමම
පොලවත්, එසේ නම්, - ඔබගෙයි ඒ සෑම
ඊටත්ම වැඩියෙන් - උඹ මිනිසෙකි, පුතු, ම!





 

Comments

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම

මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF