දිගැසි හද සඳ කලාවකි
ඇසක කඳුලක් මතු වුනා දැක
දිගැසි යනු වෙනතක බලා
කඳුල වියැකී ගියා සෝ දුක
ඉතිරි කර මතකේ තලා
මද හසින් ඔබෙ මුහුන දිස් වේ
වැසෙන මගෙ ඇසි පියක් පාසා
කුමන අරුමෙද කාලෙ මැව්වේ
මගෙන් මේ කිසිවක්ම නාසා
සසල හදවත නිසල කරවූ
භාවනාවක් වූ එදා
සසර දුක වඩ වඩා ඇවුලූ
අග්නි ජාලාවකි මෙදා
අතර පතරක් නැතිව දෙඩ වූ
වදන් සවනත රැව් දෙනා
සෙන හඩක් මෙන් සවන පුපුරා
නිහඩ කලෙ මගෙ හද සදා
Comments
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top