Skip to main content

ආදර ෆැන්ටසියක මැද පිටුවක්...

ලොකු කන්නාඩිය ඉස්සරහා ගීෂා ගෙනාපු ඇඳුම් එකින් එක මාරු කරමින් හැඩ බලමින් සිටී. ඇගේ උඩුකය සෑහෙන්න දුරකට නිරුවත්ය. එහෙත් ඇයට එය එතරම් වගක් නැත. මාත් තරමක් ඈතින් හිඳ ඇයගේ ලස්සන බල බලා සිටිමි. ඉඳහිට බොරුවට කට කැඩෙන වචනද කිව්වේ එහිදි වරෙක ලැජ්ජාවෙන්ද වරෙක ආදරයෙන්ද ඊට ලබා දෙන ඇගේ පිලිතුරුවලට මා කැමැති නිසාය. ඇත්තමයි ඇඳුම ලස්සන වෙන්නෙත් ඇය නිසා බව මගේ හිත කියයි. එකවරම ඇයට කෝල් එකක්. ඈ දුරකතනය දෙස බලා නැවත මා දෙස බැලූ බැල්මෙන් තේරුම් ගියා ඒ ඇමතුම කාගෙන් වෙන්න ඇතිද කියා. මා කිසිදු වෙනසක් නොපෙන්වා මඳ සිනහවකින් කාමරයෙන් පිට වුනා.

විනාඩි විස්සකට විතර පසුව මා නැවත කාමරය වෙත ගියා. මොහොතකට පෙර සතුටින් හා දඟකාරකමින් පිරී ගිය ඇගේ ඇස්වල කඳුලු බිඳු රැඳී තිබෙන මා දුටුවා. පෙර දිනය තෙක් මාගේ දඟකාර මිතුරිය පමනක් වූ ඇය අද මා සමඟ ආදරයෙන් සිටී. ගෙවී ගිය පැය විසි හතර මා ජීවිතයේ සතුටින්ම සිටි පැය ගනන විය හැකිය. මා සමඟ දිවි තිබෙන තුරු එකට සිටීමට ඈ සිටින බව කෙලින්ම නොකීවත්, ඇගේ විවිධ ආදර කතාබස් තුල එය මට දැනුනි. එහෙත් දැන් එකවරම තත්වය වෙනස් වී ඇත. ඇගේ ජීවිතයට එකවර හිරුත් සඳුත් නැඟ ඇති බවක් මට පෙනුනි. මා කුමක් කල යුතුදැයි නොදනිමි. එහෙත් ඇය අපහසුවෙන් සිටිනු දැකීම මට ඉවසිය නොහැකිය. එනිසා මට කිසිදු දුකක් හැඟීමක් නැති කෙනෙකු ලෙස හඟවමින් ඇයට ළං වුනෙමි.

"එයා නේද ගීෂා? ... මට එයාගෙ ෆොටෝ එකක් පෙන්වන්නකො. මට ආසයි එයාව දකින්න".

ඇගේ දුරකතනය අතට ගෙන මුහුනු පොතෙන් යම් කඩවසම් පිරිමියකුගේ පිංතුරයක් ඈ මට පෙන්නුවාය. ඇත්තටම ඔහු ලස්සනයි මා හිතපු විදියටම. සෙමින් මා ඇයට ස්පර්ශවන සේ ඇගේ පිටුපසින් ළං වූවා. ඇයට ඇසෙන නොඇසෙන ස්වරයකින් මා ඇහුවා...

"ඔයා එයාට ආදරෙයි නේද ගීෂා?"

ඈ කිසිදු වදනක් පිට නොකලත්, ඇගේ මුහුනේ පුරා ඔව් යන පිලිතුර රැඳී තිබුනා.

"එයාට ගොඩක් සල්ලි තියෙනවාද?"

ඇත්තටම ඔහු ගැන මීට කාලයකට පෙර ඈ මට විස්තර කියා තිබෙනවා. ඔහු ගැන මා තරමක් දුරට දන්නවා. එහෙත් ඔහු ගැන නොදන්නා කෙනෙකු වගේ ඇගෙන් විමසා සිටියා.

"හ්ම්ම්"

"එයා අරක්කු සිගරට් එහෙම බොනවද?"

"නැහැ..."

"කොල්ලා ඉතිං හැන්ඩියනෙ... කෙල්ලො එහෙමත් තව ඉන්නවද දන්නෙ නැහැ නේද?" මා විහිලුවෙන් මෙන් ඇසුවා.

"නැහැ... එයා එහෙම කෙනෙක් නෙමේ."

"හා... ඒ කියන්නේ එයා ගොඩක් හොඳ කෙනෙක්. ඒකනෙ ඉතිං ගීෂත් එයාට මෙච්චර ආදරේ" කියමින් මා දුක හංගාගෙන තරමක් ඉහල හඬින් සිනාසුනා. ඒ සිනහව තුල මගේ දුක දන්නේ මා පමනය.

ඇගේ එම පිලිතුරු කෙටි වුවත් ඉතා විශ්වාසයෙන් කී හැටියෙන් ඔහු ඉතා හොඳ පුද්ගලයකු බවත් ගීෂා ඔහුට තදින් ආදරේ කල බවත් මට වටහ ගත හැකිය. මා ඈ පිටුපසින් සිටිමින්ම තවත් තුරුලු වෙමින්ම ඇගේ වම් අත අල්ලා ගතිමි. 

ඇගේ කුඩා ඇඟිල්ල සෙමින් නවමින්, "ගීෂා... එයා ඇත්තටම ලස්සනයි".

ඇගේ මුදු ඇඟිල්ල නවමින්, "එයාට ගොඩක් සල්ලි තියෙනවා".

මැදගිල්ලත් සෙමින් නවමින් "එයාට ලස්සන චරිතයක් තිබෙනවා... එහෙත් ගීෂා මෙතැන තව දෙකක් මදි නේද?"

ඇයට එකවරම මා කුමක් කියන්න හෝ කරන්න යන්නේ කියා චකිතයක් ඇති බව පෙනුනි. "ඒ මොනාද?" ඇය ඇසීය.

ඇගේ දබරගිල්ලත් නවමින් "එකක් තමයි... ගීෂාගේ ආදරය".

මඳ වෙලාවක් නිහඩව සිටමින්, "එයාගෙ ආදරය" කියමින් ඇගේ මහාපොටගිල්ලත් සෙමින් නැව්වා. දැන් ඔක්කොම සම්පූර්නයි. එසේ ඇඟිලි සියල්ල නවා ඈ තවමත් මිට මොලවගෙන සිටිනවා. මා මගේ දෑතින්ම ඇගේ මිට මොලවා ගත් අත උනුසුම්ව පොරවා ගත්තා. එය ඇයට දරා ගත නොහැකිව භාවාත්මකව හඬන්නට වුනාය. මගේ දෑතින් හා ශරීරයේ රූටමින් ඈ බිමට කඩා හැලුනත් වැටෙන්නට නොදී ඇයව ඇඳ මතින් හින්දෙව්වා.

"මට තේරෙනවා ගීෂා ඔයාගේ දුක... ඔයාට දැනෙන දේ මට තේරෙනවා. හොඳ ළමය වගේ අඬන්නේ නැතිව ඉන්න ඉතිං". මා ඈ සැනසුවේ මගේ සිත ගිනි ජාලාවක දැවෙමිනි.

"මට ගොඩක් දුකයි අයියෙ... ඔයා ඇයි අයියෙ මගේ ආදරය වෙනුවෙන් සටන් කරන්නෙ නැත්තෙ? මං දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා. එයා මාව අරං යන එකට ඔයාට දුකක් නැද්ද?" ඇය එසේ කියන විට මා කෙරෙහි ආදරයක් ඇගේ ඇස්වලත් ස්වරයෙත් තිබෙනු දැනුනා.

මා ඊට පිලිතුරක් නොදී නිහඬ වීමි. ටික වෙලාවක් අප දෙදෙනාම නිහඬව සිටියා. ඈ ඇඳ මත හිඳගෙන ඇගේ අත දෙස බලමින් සිටී. මෙතෙක් මිටමොලවා සිටි අතෙහි ඇඟිලි දිග හැර සිට ගෙන සිටි මා දෙස මුවැත්තියක සේ බැලුවාය. මට ඒ මුහුන අමතක කල නොහැකිය. එතරම්ම අහිංසක පෙනුමක් මා මින් පෙර කිසිදු ගැහැනියකගෙන් දැක නැත. මට දැඩි ලෝබකමක්ද ඇති විය. ඈ අසලින් මාද ඇඳ මත වාඩි වුනෙමි.

නැවතත් ඇගේ වමත අල්ලා ඇඟිලි සෙමින් එකින් එක නවමින් මෙසේ කියමින් ඇයට තීරනයක් ගැනීමට පහසු කරන්නට උත්සහ දැරීමි.

 "එයා මට වඩා ලස්සනයි".

"එයාට මට වඩා සල්ලිත් තියෙනවා".

"එයා ගොඩක් හොඳ කෙනෙක්. මම ඉතිං දන්නෙ නැහැ එයා මට වඩා හොඳද නැද්ද කියලා. එහෙත් එයා ඉතා හොඳ කෙනෙක් ගීෂා. ඔයා හොඳයි කියල කියනවා නම් මට එයා ගැන සැකයක් නැහැ. එයා හොඳයි."

"අනික... ගිෂාත් එයාට ගොඩක් ආදරෙයිනෙ... ඒක මට තේරෙනවා. ඔයාට එයාව හමු වුනේ මාව හමු වෙන්නත් අවුරුදු ගානකට උඩදී. එහෙත් මොනයම් හෝ හේතුවක් නිසා, එයා තමයි ඔයාව ලං කර ගත්තෙ නැත්තෙ. දැන් ඒකත් හරිනෙ ගීෂා... එයාට දැන් ඔයාව ඕන වෙලා. ඔයා අවුරුදු ගානක් හිත හිත හිටපු කෙනා ඔයාට ලැබෙන්න යන්නෙ."

එසේ කියමින් ඇගේ ඇඟිලි හතරක්ම නවාගෙන සිටිමින්, "එයා දැනටමත් පහෙන් හතරක් දිනුම්. මං පරාදයි... එහෙත් මේ පස්වැනි ඇඟිල්ලේ දිනුම මගේ... මට වඩා එයා විතරක් නෙමේ මේ ලෝකෙ කවුරුවත් ඔයාට ආදරේ නැතිව ඇති ගිෂා... ඉතිං, මේ පහෙන් එකක දිනුම විතරක් මට දෙන්න..."


මේ කතාවේ මුල පිටු හා අග පිටු කොහේ හරි ඇති...

Comments

  1. ලස්සනයි කතාව

    ReplyDelete
  2. ඉතිරි ටිකකෝ, ලස්සන අදාර කතාවක්.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...