Skip to main content

විශ්වාන්තරවාදියකු...

අද සන්ද්‍යාවේ මා මිත්‍රයකු (ලහිරු) මා හට එවූ ඊමේල් පණිවිඩයක් කියවා මා සිතත් හදත් කුල්මත් විය. එය පෞද්ගලික ලිපියක් වුවත්, එහි අන්තර්ගතයේ ඇති දර්ශනවාදය නිසා තවත් අයටද එය කියවීම පිණිස මා එය මෙහි කොපි කරනවා එකදු අකුරක්වත් වෙනස් නොකර.

        "
මෙය අනාවැකියකි. නමුදු මේ අනාවැකිය මා ගැන නොව ඔබ ගැනයි. මේ අනාවැකියෙන් කියැවෙන්නේ ඔබේ අනාගතයයි. මෙය ඔබේ වම් මොළයෙන් පමණක් කියවීමෙන් ඔබට ඉතා පහසුවෙන් මෙය හාස්‍යයට, උපහාසයට, අපහාසයට ලක්කල හැකිය. එවිට ඔබේ දකුණු මොළයද ඉතා තදින් මෙම අනාවැකිය යථාර්තයෙන් බැහැර බවට සෘනාත්මක ශක්ති ප්‍රවාහ ඔබේ ස්නායු පද්ධතියට මුදා හරිමින් තහවුරු කිරීමට ඉතා ඉඩ ඇත. කෙසේ නමුත් ඔබේ වම් මොළයත් දකුණු මොළයත් මැනවින් සන්කලනය වී විශ්වයේ පවතින අනන්ත වියහැකියා විභවය සමග අනුබද්දව ඔබේ තුල සැඟව පවත්නා ශ්‍රේෂ්ඨත්වයේ, උත්කෘෂ්ඨත්වයේ බීජය පිලිබඳ ගැඹුරු විශ්වාසයෙන් ඔබේ අතිෂ්‍යයින් ඒකාග්‍ර කලහැකි චේතනාවේ සන්කල්පනාවේ මහිමය ගැන ප්‍රත්‍යක්ෂයෙන් මෙම අනාවැකිය කියවුවොහොත් ඔබ මෙය තුල වෙනස් වියහැකියාවක් දකිනු ඇති බව මගේ විශ්වාසයයි.

අදින් දශක දෙකක් ගිය තැන, ඔබ ශ්‍රී ලන්කාවේ සින්හල බෞද්ධ පුරවැසියෙකු ලෙසට නොව විශ්වයේ නිදහස් චින්තන මාර්ගෝපදෙෂකයෙකු ලෙස ඔබ ඔබව දකිනු ඇත. ඔබට අවශ්‍ය ඕනැම දැනුමක් තප්පරයකට අඩු කාලයකදී එසැනින් පසිඳුරන් නොයොදා ඔබේ සිහියට බාගත කරගැණීමට ඔබට හැකියාවක් තිබෙණු ඇත. රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, මානය වැනි අවුල්ලන සන්ක්‍යාතීය (Scramble Frequencies) ශක්ති ප්‍රවාහවලින් ඔබේ ප්‍රඥ්ඥා ග්‍රාහකය සීයට සීයක්ම ස්වායක්ත නිදොස් නිදහස් තලයක තිබෙණු ඇත. කිසිවෙකුට ඔබව පාලනය කිරීමට ඉහත අවුල්ලන සන්ක්‍යාත ඔබට නොදැනෙන්නට ඔබේ පද්ධතිය තුල රෝපනය කිරීමට නොහැකි වනු ඇත. ඔබේ මිතුරන් බොහොමයක් ආලෝක වර්ෂ අනන්තයක් ඈත මන්දාකිණි වලින් වනු ඇත. ඔවුන් ඔබේන් විශ්වයේ යතාර්ථය ගැන නොයෙකුත් දේ විමසා ඔවුන්ගේ මඟ නිරවුල් කරගනු ඇත. ඔවුන් සමග පමණක් නොව ඔබ  ඔබේ නිවසේ බිලාලයා හා සුනඛයා සමගද  ඔබේ දැක්ම බෙදාහදාගනිමින් ඔවුන්ගේ අධ්‍යාත්මික පරිණාමයේ ගුරුවරයා, මඟපෙන්වන්නා, පෝෂකයා වනු ඇත.

ඔබ ඔබේ පරිණාමයේ ඉහළම තලයේ සිටිනු ඇති අතර, ඔබේ මිනිස් සිරුර නැමති ත්‍රිමාණ ලෝකයේ ඔබ පදවන වාහනය ඔබ කැමති මාණයකට සුසන්ගත කිරීමට පැදවීමට ඔබට අමිල හැකියාවක් පවතිනු ඇත. ඔබෙන් මඟ දැන උගෙන ඔබේ විභවයට ලඟාවී අමරණීය සාර්වත්‍ර, සර්වඥ්ඥ, සර්වව්‍යාපී, සර්වබල විශ්ව නිර්මාපක බලය සමග සපුරා ඒකාත්මික වුනු ඔබේ සහෘද්ද විශ්ව පුරවැසියන් ගනණ අප්‍රමාණ වනු ඇත.

ඔබ ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ, උත්කෘෂ්ඨත්වයේ යථාර්තය ප්‍රත්‍යක්ෂව දනීනම්. ඔබ ඔබේ අභිප්‍රායේ අසීමිත විභවය දනීනම්, මේ යථාර්තය ඔබට නිර්මාණය කල හැකි බව ඔබේ සිතේ විශ්වයේ මෝහවාහකයින් විසින් රෝපිත සීමාකාරී විශ්වාස පද්ධති වලින් ඔබ්බට ඔබ දකීනම්. මෙම අනාවැකියේ සත්‍යතාව ඔබ දැනටමත් දනී...



                 "

Comments

  1. :-#
    ඇත්තෙන්ම අප තව දශක කිහිපයක් ගිය තැන අප ( මිනිසා ) දෙවියන්ට සම වනු ඇත. අාතර් සී ක්ලාක් මහතා ගේ " අනාගත ආශ්චර්යයන්" ග්‍රන්ථයේ සඳහන් පරිදි වර්ෂ 2100 වන විට අප අමරණීයත්වය කරා යනු ඇත.
    නමුත් මට එක් ප්‍රශ්නයක් තිබේ. අප අනාගතයේ කෙතරම් දියුණුවක් ලැබුවද (විඤ්ඤාණය සිරුරෙන් වෙන් කිරීම, අමරණීයත්වය ආදී දේවල්) ඒවා බුද්ධ වචනය අනුව විය නොහැකි දේවල් වීමයි.
    නමුත් ඒවා සිත ධ්‍යාන මට්ටම වලට දියුණු කල විට ලබා ගත හැකිය. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ අනාගත ලොව තුළ ඒවා සිදු වන්නේ සිත දියුණු කල විට නොවේ. (සමහර විට එසේ විය හැක. නමුත් අද ලෝකයේ කෙතරම් තාක්ෂණයක් පැවැතියද සමාජයීය හා අධ්‍යාත්මික වශයෙන් අතිශය පරිහානියට පත් ව තිබීමයි. එම නිසා අනාගත ලොව තුල ද එතරම් අධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු විය නොහැකිය. එය සනාථ කිරීමට තවත් හේතුවක් වන්නේ මෙම කාලය මිනිසා පිරිහෙමින් පවතින කාලයක් බව බුදුරදුන් දේශනා කිරීමයි.) එනමුදු තාක්ෂණයෙන් නම් මිනිසා පිරිහී නැත. මෙයින් අදහස් වන්නේ බුදුරදුන් එදා දේශනා කළ දේ කිරීමට වෙනත් මාර්ගයන් (shory cut) තිබෙන බවද??? නැත්නම් අප අනාගතය නමින් උදම් අනන දේ අපගේම වෙස් වළා ගත් සතුරා බවද (අව් ගත්තෝ අවියෙන් ම නැසේ)???

    ReplyDelete
    Replies
    1. විද්‍යාව යනු පොදු මානව දැනුමයි (එය බටහිර රටවල හෝ සුද්දගේ නිර්මාණයක් නොවේ සමහරුන් පවසන ලෙස). මා සෑම දෙයක්ම එම පොදු මානව දැනුමට සාපේක්ෂවයි සලකන්නේ. ආගම් හා දර්ශන අදහන අය එසේ තම ආගම/දර්ශන අනුව දේවල් විග්‍රහ කිරීම (මට) ගැටලුවක් නොවේ. කෙනා කෙනාගේ බුද්ධිය හා අවබෝධයේ හැටියටනෙ දේවල් විග්‍රහ කරන්නේ. දැනුම් පද්ධති හා විශ්වාස පද්ධතිවල විවිධත්වය තිබීම විසිතුරුය.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...