Skip to main content

විශ්වාන්තරවාදියකු...

අද සන්ද්‍යාවේ මා මිත්‍රයකු (ලහිරු) මා හට එවූ ඊමේල් පණිවිඩයක් කියවා මා සිතත් හදත් කුල්මත් විය. එය පෞද්ගලික ලිපියක් වුවත්, එහි අන්තර්ගතයේ ඇති දර්ශනවාදය නිසා තවත් අයටද එය කියවීම පිණිස මා එය මෙහි කොපි කරනවා එකදු අකුරක්වත් වෙනස් නොකර.

        "
මෙය අනාවැකියකි. නමුදු මේ අනාවැකිය මා ගැන නොව ඔබ ගැනයි. මේ අනාවැකියෙන් කියැවෙන්නේ ඔබේ අනාගතයයි. මෙය ඔබේ වම් මොළයෙන් පමණක් කියවීමෙන් ඔබට ඉතා පහසුවෙන් මෙය හාස්‍යයට, උපහාසයට, අපහාසයට ලක්කල හැකිය. එවිට ඔබේ දකුණු මොළයද ඉතා තදින් මෙම අනාවැකිය යථාර්තයෙන් බැහැර බවට සෘනාත්මක ශක්ති ප්‍රවාහ ඔබේ ස්නායු පද්ධතියට මුදා හරිමින් තහවුරු කිරීමට ඉතා ඉඩ ඇත. කෙසේ නමුත් ඔබේ වම් මොළයත් දකුණු මොළයත් මැනවින් සන්කලනය වී විශ්වයේ පවතින අනන්ත වියහැකියා විභවය සමග අනුබද්දව ඔබේ තුල සැඟව පවත්නා ශ්‍රේෂ්ඨත්වයේ, උත්කෘෂ්ඨත්වයේ බීජය පිලිබඳ ගැඹුරු විශ්වාසයෙන් ඔබේ අතිෂ්‍යයින් ඒකාග්‍ර කලහැකි චේතනාවේ සන්කල්පනාවේ මහිමය ගැන ප්‍රත්‍යක්ෂයෙන් මෙම අනාවැකිය කියවුවොහොත් ඔබ මෙය තුල වෙනස් වියහැකියාවක් දකිනු ඇති බව මගේ විශ්වාසයයි.

අදින් දශක දෙකක් ගිය තැන, ඔබ ශ්‍රී ලන්කාවේ සින්හල බෞද්ධ පුරවැසියෙකු ලෙසට නොව විශ්වයේ නිදහස් චින්තන මාර්ගෝපදෙෂකයෙකු ලෙස ඔබ ඔබව දකිනු ඇත. ඔබට අවශ්‍ය ඕනැම දැනුමක් තප්පරයකට අඩු කාලයකදී එසැනින් පසිඳුරන් නොයොදා ඔබේ සිහියට බාගත කරගැණීමට ඔබට හැකියාවක් තිබෙණු ඇත. රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, මානය වැනි අවුල්ලන සන්ක්‍යාතීය (Scramble Frequencies) ශක්ති ප්‍රවාහවලින් ඔබේ ප්‍රඥ්ඥා ග්‍රාහකය සීයට සීයක්ම ස්වායක්ත නිදොස් නිදහස් තලයක තිබෙණු ඇත. කිසිවෙකුට ඔබව පාලනය කිරීමට ඉහත අවුල්ලන සන්ක්‍යාත ඔබට නොදැනෙන්නට ඔබේ පද්ධතිය තුල රෝපනය කිරීමට නොහැකි වනු ඇත. ඔබේ මිතුරන් බොහොමයක් ආලෝක වර්ෂ අනන්තයක් ඈත මන්දාකිණි වලින් වනු ඇත. ඔවුන් ඔබේන් විශ්වයේ යතාර්ථය ගැන නොයෙකුත් දේ විමසා ඔවුන්ගේ මඟ නිරවුල් කරගනු ඇත. ඔවුන් සමග පමණක් නොව ඔබ  ඔබේ නිවසේ බිලාලයා හා සුනඛයා සමගද  ඔබේ දැක්ම බෙදාහදාගනිමින් ඔවුන්ගේ අධ්‍යාත්මික පරිණාමයේ ගුරුවරයා, මඟපෙන්වන්නා, පෝෂකයා වනු ඇත.

ඔබ ඔබේ පරිණාමයේ ඉහළම තලයේ සිටිනු ඇති අතර, ඔබේ මිනිස් සිරුර නැමති ත්‍රිමාණ ලෝකයේ ඔබ පදවන වාහනය ඔබ කැමති මාණයකට සුසන්ගත කිරීමට පැදවීමට ඔබට අමිල හැකියාවක් පවතිනු ඇත. ඔබෙන් මඟ දැන උගෙන ඔබේ විභවයට ලඟාවී අමරණීය සාර්වත්‍ර, සර්වඥ්ඥ, සර්වව්‍යාපී, සර්වබල විශ්ව නිර්මාපක බලය සමග සපුරා ඒකාත්මික වුනු ඔබේ සහෘද්ද විශ්ව පුරවැසියන් ගනණ අප්‍රමාණ වනු ඇත.

ඔබ ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ, උත්කෘෂ්ඨත්වයේ යථාර්තය ප්‍රත්‍යක්ෂව දනීනම්. ඔබ ඔබේ අභිප්‍රායේ අසීමිත විභවය දනීනම්, මේ යථාර්තය ඔබට නිර්මාණය කල හැකි බව ඔබේ සිතේ විශ්වයේ මෝහවාහකයින් විසින් රෝපිත සීමාකාරී විශ්වාස පද්ධති වලින් ඔබ්බට ඔබ දකීනම්. මෙම අනාවැකියේ සත්‍යතාව ඔබ දැනටමත් දනී...



                 "

Comments

  1. :-#
    ඇත්තෙන්ම අප තව දශක කිහිපයක් ගිය තැන අප ( මිනිසා ) දෙවියන්ට සම වනු ඇත. අාතර් සී ක්ලාක් මහතා ගේ " අනාගත ආශ්චර්යයන්" ග්‍රන්ථයේ සඳහන් පරිදි වර්ෂ 2100 වන විට අප අමරණීයත්වය කරා යනු ඇත.
    නමුත් මට එක් ප්‍රශ්නයක් තිබේ. අප අනාගතයේ කෙතරම් දියුණුවක් ලැබුවද (විඤ්ඤාණය සිරුරෙන් වෙන් කිරීම, අමරණීයත්වය ආදී දේවල්) ඒවා බුද්ධ වචනය අනුව විය නොහැකි දේවල් වීමයි.
    නමුත් ඒවා සිත ධ්‍යාන මට්ටම වලට දියුණු කල විට ලබා ගත හැකිය. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ අනාගත ලොව තුළ ඒවා සිදු වන්නේ සිත දියුණු කල විට නොවේ. (සමහර විට එසේ විය හැක. නමුත් අද ලෝකයේ කෙතරම් තාක්ෂණයක් පැවැතියද සමාජයීය හා අධ්‍යාත්මික වශයෙන් අතිශය පරිහානියට පත් ව තිබීමයි. එම නිසා අනාගත ලොව තුල ද එතරම් අධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු විය නොහැකිය. එය සනාථ කිරීමට තවත් හේතුවක් වන්නේ මෙම කාලය මිනිසා පිරිහෙමින් පවතින කාලයක් බව බුදුරදුන් දේශනා කිරීමයි.) එනමුදු තාක්ෂණයෙන් නම් මිනිසා පිරිහී නැත. මෙයින් අදහස් වන්නේ බුදුරදුන් එදා දේශනා කළ දේ කිරීමට වෙනත් මාර්ගයන් (shory cut) තිබෙන බවද??? නැත්නම් අප අනාගතය නමින් උදම් අනන දේ අපගේම වෙස් වළා ගත් සතුරා බවද (අව් ගත්තෝ අවියෙන් ම නැසේ)???

    ReplyDelete
    Replies
    1. විද්‍යාව යනු පොදු මානව දැනුමයි (එය බටහිර රටවල හෝ සුද්දගේ නිර්මාණයක් නොවේ සමහරුන් පවසන ලෙස). මා සෑම දෙයක්ම එම පොදු මානව දැනුමට සාපේක්ෂවයි සලකන්නේ. ආගම් හා දර්ශන අදහන අය එසේ තම ආගම/දර්ශන අනුව දේවල් විග්‍රහ කිරීම (මට) ගැටලුවක් නොවේ. කෙනා කෙනාගේ බුද්ධිය හා අවබෝධයේ හැටියටනෙ දේවල් විග්‍රහ කරන්නේ. දැනුම් පද්ධති හා විශ්වාස පද්ධතිවල විවිධත්වය තිබීම විසිතුරුය.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...