ලංකාවේ ප්‍රහසන රගමඩලෙහි විජය නැගූ ඔහු ජීවන රගමඩලෙහිදී පසුගියදා පරාජය ලැබුවේය. කිසිදු හැදුනුම්කමක් නැති පුද්ගලයකු වියෝ වීමේදී ඒ වෙනුවෙන් කදුලක් නෙතගෙහි නැගේ නම් ඒ පුද්ගලයාගේ වටිනාකම හා ඔහු අප හදවතේ කෙතරම් වපසරියක ළැගුම්ගෙන සිටියේද යන්න පිළිබද ඉතාම හොද දර්ශකයකි එය.
ඔහුගේ සියලුම රගදැක්වීම් වයස් භේදයකින් තොරව කවුරුත් ආදරයෙන් සිහිපත් කරනු හා ඒ ගැන කතා කරනු ඇසෙන විට, ඔහු කෙරෙහි තිබූ ගෞරවාදරය තව තවත් වැඩිවේ. කලාවට අබරණක් වු හා කලාව බැබලවූ ඔහු කලාවෙන් බැබලෙන්නට දරන පොලොවෙන් ගවු ගණනක් උඩින් යන්නට තතමන "ෆෑන්ස් මේනියාවෙන්" පෙළෙන අවර කලා භක්ෂකයන්ට ඔහුගෙන් ඉගෙන ගත හැකි බොහෝ දේවල් තිබේ යැයි සිහිපත් වේ.
හට ගත් සෑම දේම නැසෙන නිසා, විජය නන්දසිරි කලාකරුවාණන්ටත් එම ධර්මතාව පොදු බව සිහි කර ගෙන, ඔහු වෙනුවෙන් නැගුනු සොව ඔහු වෙනුවෙන් අත්‍යන්ත ගෞරවාදරයක් බවට පත් කර ගනිමින් ඔහු ශේෂ කර ගිය මතකයන් සමග අපත් නිරතුරු මියෙන තුරු ජීවත් වෙමු.

Comments
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top