Skip to main content

නාඩි වාක්‍ය (Naadi Waakya)...

ඊයේ පෙරේදා කෝටිපති රෙදිපිලි ව්‍යාපාරිකයෙකුව පැහැරගෙන ගොස් මරා දැමීමේ පුවතක් ටෙලිවිෂන් පුවත් තුලින් දැක මීට අවුරුදු ගණනාවකට පෙර සිදුවීමක් මතක් විය. ඊට හේතුව මීට අවුරුදු ගණනාවකට පෙර මාත් කිහිප අවස්ථාවකම (එම කෝටිපතියාගේ නිවස පිහිටි) කොතලාවල මාවතට යන්න වුණු නිසාය. ඒ නාඩි වාක්‍ය බැලීමටයි (තාමත් එහි නාඩි වාක්‍ය බලන මධ්‍යස්ථානය තිබේදැයි මා දන්නේ නැත). සමහරෙකු නාඩි වාක්‍ය ගැන දැනටමත් දැනුවත් ඇති. එහෙත් බොහෝ දෙනා ඒ ගැන නොදන්නා බව නම් විශ්වාසයි.
 
සරලව කිව්වොත් නාඩි වාක්‍ය යනු ජ්‍යොතිෂය වැනිම "විද්‍යාත්මක නොවන" අනාවැකි පවසන ක්‍රමයකි. එය හැබැයි ජ්‍යොතිෂයට වඩා තරමක් විෂ්මිතය. ඒකට හේතුව ඔබේ උපන් දිනය හා මාපොට ඇඟිල්ලේ සලකුණ පමණක් ගෙන මෙම අනාවැකි කියයි. මව පියාගේ නම්, ඔබේ නම, මව පියා කරන රැකී රක්ෂා, ඔබ කරන රැකියාව, ඔබ ඉගෙන ගත් දේ (උපාධියක් කළා නම්, උපාධියක් කර ඇති බවත්, එය අහවල් විෂය ධාරාවෙන් කර ඇති බවත්), කසාද බඳින කෙනා, ආදී නොයෙකුත් දේ පවසනවා. බැලූබැල්මට එය විෂ්මිතයි. එහෙත් තරමක වියදමක් හා කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්නටද වෙනවා. මට මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ සටහන්වලත්, ජ්‍යොතිෂ විශේෂඥයකු වන සිද්ධාලේප වෙද මහතාගේ සීයාගේ (ඔහුගේ නම දැන් මට මතක නැත) ජ්‍යොතිෂ පොතකත් මෙම නාඩි වාක්‍ය ක්‍රමය විෂ්මිත බව වර්ණනා කර තිබුණා.

මටද පාසල් යන කාලයේ සිට අද්භූත දේවල් ගැන අමුතු ආසාවක් තිබුණා. එහෙත් කුඩා කල සිට අද දක්වාම මා ඒවා විශ්වාස කළේ හෝ පිළිපැද්දේ නැත. මතුවටද එසේය. කිසිවක් එකවර විස්වාස කිරීමට හෝ බැහැර කිරීම නොකර, ඒ ගැන අධ්‍යනය කරන පුරුද්ද නිසා, ජ්‍යොතිෂය ආදී විෂයන් මා ඉගෙන ගත්තා. සාස්තර කාරයන් හා දේවාල ගානේ බඩගෑවා (ඒවා හොරෙන් රෙකෝඩ්ද කළා). අමාරුවෙන් සොයා ගත් සමහර මන්ත්‍ර ආදියද ඉගෙන ගෙන ජප කළා (විශේෂයෙන් වසී ගුරුකම්). මේ වෙනකොට මට මේ ක්‍රමවල සත්‍යතාව හෝ අසත්‍යතාව පිළිබඳ හොඳ පැහැදිලි කිරීම්ද සහිත අවබෝධයක් තිබේ (ඒ ගැන පසුකාලක ලියන්නට බලාපොරොත්තු වෙනවා).

කෙසේ හෝ වේවා, නාඩි වාක්‍ය කතාවට නැවත එමු. එය සිදු කරන්නේ දකුණු ඉන්දියානු ගුරුකුලයක් විසිනි. ඔවුන් කතා කරන්නේ දෙමළින්ය. එනිසා ඒවා පරිවර්තනය කරන්නට කෙනෙකුද සිටිනවා (ඌටත් පරිවර්තන ගාස්තුවක් අවසානයේ ගෙවන්නට සිදු වෙනවා). නාඩි වාක්‍ය පුස්කොල පොත්වලින් කියනු ලබන දෙයක් ලෙස ඔවුන් පෙන්වයි (එහෙත් මගේ තේරුම්ගැනීම නම් ඊට වෙනස්ය). මට කියපු සියලු දේවල් මා ටේප් කර ගත්තා. එම ටේප් එක අද මට අහම්බෙන් හමු වූවා. ළඟදීම එම ටේප් එක ඩිජිටයිස් කර mp3 ෆයිල් එකක් ලෙස මා බ්ලොග් එකට එකතු කරනවා නාඩි වාඛ්‍ය යනු කුමක්දැයි යම් හෝ අදහසක් ගැනීමට. මා සියල්ලන්මට ආරාධනා කරනවා විවෘත මනසකින් ලෝකයේ සියලු දේ ගැන විමසන ලෙස. එවිට මේ ලෝකයේ කිසිවක් විස්වාස කළ නොහැකි බව ප්‍රත්‍යක්ෂයෙන් වැටහේවි. මිත්‍යා හෝ විද්‍යා යනුද හුදෙක් තවත් නිර්මිත දෙකකි. එහෙත් ප්‍රායෝගික ප්‍රයෝජනවත් බව නිසා විද්‍යාව බොහෝ වැදගත් කමක් ගනී.


Comments

  1. Replies
    1. yes, topic is good if you guys contribute with your first-hand experiences (not with "walu kathaa")... haha

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

Company Registration in Sri Lanka (සමාගම් ලියාපදිංචි කිරීම)

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගමක් (private limited company) ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පියවරින් පියවර සිදු කරන අයුරු විස්තර කිරීමයි. ඇත්තටම මෙම කාරණය තරමක් කරදරකාරි දෙයක් වුවද, ආත්ම විශ්වාසය හා අවශ්‍ය කරන සුලු දැනුමක් තිබේ නම් තමන්ගේ ව්‍යාපාරය තමන්ටම පෞද්ගලික සමාගමක් ලෙස ලියා පදිංචි කර ගත හැකියි. මෙම ලිපියෙන් එම අවශ්‍ය සුලු දැනුම ලබා දීමට මා උත්සහ කරනවා. එය විස්තර කිරීමට පෙර ප්‍රවේශයක් ලෙස පොදු කාරණා කිහිපයක් මුලින්ම පැවසීමට ඇත. මිනිසුන්ට විවිධ අවශ්‍යතා (needs) හා උවමනාවන් (wants) තිබෙන අතර, ඒවා භාණ්ඩ (goods) හා සේවා (services) වශයෙන් ඔවුන් ලබා ගන්නවා. මේවා සැපයීමට මිනිසා විසින් නොයෙකුත් සංවිධාන (organizations) පිහිටුවනවා. ඇත්තටම සංවිධාන වර්ග රාශියක් තිබේ ( ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේන්තුව, උසාවි, දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි, කොමිෂන්, සමිති, සමුපකාර, තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් , ආදි ලෙස). මේ අතරින් තනි තනි පුද්ගලයන් වශයෙන් හෝ පුද්ගල කණ්ඩායමක් වශයෙන් ගත් විට, අපට වැදගත් වන්නේ ඉන් සමහර සංවිධාන ව්‍යුහයන් පමණි. ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේ...