තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...
ඊයේ දෙරණ රූපවාහිනියේ සයිටම් ගැටලුව ගැන බහුපාර්ශ්වික සංවාදයක් පැවතුණි. එය නරඹන විට දැනුනේ GMOA, SLMC, විශ්ව විද්‍යාල සිසුන්ගේ බොලඳ බාල තර්ක හරියට සයිටම් පාර්ශ්වයට ලැබුණු ෆුල්ටොස් පන්දු ලෙසයි. බාලාංශ පංතිවල තර්ක කරන ආකාරයට මිස එතරම් වෘත්තිමය බුද්ධිමත් ස්වභාවයක් එහි තිබුණේ නැත. වසර ගණනක් තිස්සේම මුල සිටම සිතේ එකක් තියාගෙන කටින් තව එකක් කියූ හැටි කාටත් පෙනුනි. ලෙඩ්ඩුන්ට ඇති ආදරය නිසා කිසිදා මුදලට ප්‍රැක්ටිස් නොකරන, කිසිදා වැඩ වර්ජනය නොකරන දොස්තරලා ලෙඩ්ඩුන්ට ඇති ආදරය නිසාම සයිටම්වලට විරුද්ධ වන හැටි මඳක් විමසා බලන්නට සිත් විය.
දෙරණ වැඩසටහනේදී දැලි රැවුල තරමක් ගනව වැවුණු විශ්ව විද්‍යාල කොලු පැටවාගේ තර්ක විතර්ක නම් කොලු පැටවකුගේ තරමට සෑහිය හැකිය. ඔහුට අනුව සයිටම් රෝහලේ රෝගියෙකුගේ මරණය සයිටම් කඩය වසා දැමීමට තරම් ප්‍රබල කාරණයකි. එසේ නම්, රජයේ රෝහල්වල රෝගීන් මැරෙන හැටි, වැරදි දත ගලවන හැටි, රෝගි අවයව තිබියදී නිරෝගි අවයව ඉවත් කරපු හැටි (ගම්පහ රෝහලේදී මගේ මවගේ ඛේට ග්‍රන්ථි කිහිපයක් ඉවත් කිරීමේදීත් මෙවැනි තත්වයක් ඇති විය), කාන්තාවන්ව දූෂනය කර උඩ තට්ටුවේ සිට බිමට අත් හැරිය හැටි ආදී ලෙස කර තිබෙන දහජරා වැඩ සියල්ල නිසා සියලු රජයේ රෝහල් වසා රජයේ වෛද්‍ය විද්‍යාල සියල්ලත් වසා දමමුද? අනෙක් අතට සයිටම් රෝහලේ තාමත් සිටින්නේ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් දොස්තරවරුන් බවට පත් වූ අයයි. ඒ අනුව යම් වැරදි වෙලා ඇත්නම් එහි දොස් රජයේ වෛද්‍ය විද්‍යාලවලට පැවරිය යුතු නොවේදැයි කෙනෙකුට ඇසිය හැකිය.
ඔහුගේ තවත් තර්කයක් වූයේ සයිටම් රෝහලේ බිලක ලේ ලබා දීම සඳහා මුදල් අයකර තිබීමයි. එහෙත් ඔහුට එම මොහොතේම ඔහුගේම පාර්ශ්වයේ වෛද්‍යවරයා (අකමැත්තෙන් හා ලැජ්ජාවෙන් මෙන්) පෙන්වා දුන්නේ එලෙස මුදල් අය කිරීම කොහි පෞද්ගලික රෝහලෙත් සිදු වෙනවා කියාය. මෙවන් පුහු තර්කවලින් ඇත්තටම සයිටම් කඩය වසා දැමීමට කටයුතු කළ හැකිද? නිකමට හෝ මේවා උසාවියක නඩුවක් තුල තර්ක ලෙස ගෙන ආවේ නම්, සයිටම් කඩයට නොවෙයිද වාසි අත් වෙන්නේ?
විශ්ව විද්‍යාල කොලු පැටවා පෞද්ගලික අධ්‍යාපනයට, පෞද්ගලික සෞඛ්‍ය සේවාවට විරුද්ධලු. එනිසා සයිටම් කඩය වසා දමන්නට කටයුතු කරනවාලු. එලෙස විරුද්ධ නම්, දැනට ක්‍රියාත්මක පෞද්ගලික විශ්ව විද්‍යාල, පෞද්ගලික වෙනත් උසස් අධ්‍යාපන ආයතන, පෞද්ගලික රෝහල්, පෞද්ගලික ක්ලිනික් සියල්ල වසා දමනු යනුවෙන් බෝඩ් එල්ලා ගෙන යා යුතුය. එක එකාට එක එක සැලකිලි කිම?
පොඩි එකාගෙන් එවැනි තර්ක හා හැසිරීම නොසලකා හැරිය හැකිය. ඒ පොඩි වුන්ගේ හැටිය. රටේ ප්‍රතිපත්ති තීරණ ගැනීමට පාසල් හෝ විශ්ව විද්‍යාලවල "පොඩි වුන්" පාර්ශව කරුවන් කරගත යුතු නැත. ඔවුන්ගේ අදහස් උදහස්වලට ඇහුම්කන් දීම පමණක් ප්‍රමාණවත්ය. එහෙත් එම වැඩසටහෙන් සිටි දොස්තරවරු දෙදෙනා එවැනි පොඩි වුන් නොවෙයි. උන්ගේ අවකල් හැසිරීම නම් සයිටම් කඩේ අනියමින් නීත්‍යානුකූල කිරීම දක්වා යා හැකිය.
සයිටම් පාර්ශ්වයෙන් ගෙන එන ප්‍රබලතම තර්කය වන්නේ තම ආයතනය ප්‍රමිත්න්ට අනනුකූල නම්, ඒ කුමන ප්‍රමිතීන්ටද යන්නයි. සියල්ල සිදු විය යුත්තේ රටේ "පවතින" නීති රීති අනුවයි. එහෙත් අභාග්‍යයකට මෙන් වෛද්‍ය සභාව සතුව එවැනි නීත්‍යානුකූල ප්‍රමිති රෙගුලාසි නැත. එවැනි ප්‍රමිති රාමුවක් තවමත් නැත්තේ සයිටම්වල වැරැද්ද නිසාද? වෛද්‍ය සභාව පිහිටුවා තිබෙන්නේ ගිය මාසේ නම්, තවමත් එවැන්නක් නැති වීම සමාව දිය හැකි කරුණකි. එහෙත් වසර ගණනාවක් පැරණි එය තවමත් තමන්ගේ වගකීම ඉටු කොට නැති වීම කාගේ වැරැද්දක්ද? මෑතකදී හෝ එවැනි රාමුවක් ඉදිරිපත් කරන ලදුව එය තවමත් ඇමතියා විසින් පාර්ලිමේන්තු රෙසලූෂන් එකක් ලෙස ඉදිරිපත් කර සම්මත නොකර ගත්තා නම්, එය සම්මත කරන තැනට GMOA බලල් අත ලවා හෝ (සයිටම් ප්‍රශ්නයේදී එම බලල් අත පාවිච්චි කරන්නා සේ) ඊට රුදුරු බලපෑමක් එල්ල නොකළේ මන්ද? එවැනි ප්‍රමිති රාමුවක් තිබ්බා නම් දැනට තිබෙන රජයේ වෛද්‍ය විද්‍යාලවල තත්වයද උසස් කිරීමට හැකියාව ලැබේ.
එවිට එක් වෛද්‍යවරයෙකු පෙන්වා දෙන්නේ ප්‍රමිති රෙගුලාසි තවමත් නීත්‍යානුකූලව සම්මත වී නැති වුවත්, එම රෙගුලාසි පැනවීමට බලය පවරපු පනත්වලින් වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට පූර්ව කොන්දේසියක් ලෙස වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය බවයි. එහෙත් වෛද්‍ය සභාවට කිසිම විටක එම පනතින් හෝ වෙනත් පනත්වලින් බලයක් දී නැහැ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එම ප්‍රමිති රෙගුලාසි තමන් විහින්ම පනවන්නට. එනිසයි ඔවුන් විහින් මෑතක සකස් කර ගැසට් කරපු රෙගුලාසි පාර්ලිමේන්තුවේ සම්මත නොවීම හේතුවෙන් කිසිම වැදගත්කමක් හෝ නීත්‍යානුකූලබවක් නැති කඩදාසියක් බවට පත්ව තිබෙන්නේ. ඒ කියන්නේ එම වෛද්‍යවරයා පවසන පනතේ වගන්ති ප්‍රායෝගිකව බලාත්මක කළ හැකි මට්ටමට වැඩකටයුතු වෛද්‍ය සභාව හා දේශපාලන අධිකාරිය යන දෙපාර්ශ්වය සාමූහිකව ඉටු කොට නැත. එය සයිටම් හි වැරද්දක්ද?
මෙවන් තත්වයක් තුල අධිකරණයට මැදිහත් විය හැකිය. මෝඩ වෛද්‍යවරුන් කියනා ලෙසට අධිකරණයට ඊට මැදිහත්වීමට බලයක් නැතැයි කීමම උන්ගේ මුග්ධකමයි. අධිකරණය මැදිහත් වී නැහැ ලෙඩ්ඩුන්ට දිය යුතු ප්‍රතිකාර මොනවාද සායනික පුහුනුව කළ යුතු අන්දම ආදී විෂයානුබද්ධ කටයුතු තීරණය කිරීමට (අන්න එවැනි දේට අධිකරණයට බලයක් නැත). එහෙත් නීතිමය තත්වයක් අපැහැදිලි තත්වයක් තිබෙන විට, ඊට මැදිහත්ව විසඳුම් දිය හැකි පාර්ශව දෙකක් තිබේ. එකක් පාර්ලිමේන්තුවයි; අනෙක අධිකරණයයි. එය තේරුම් ගැනීමට මොලයක් නැති හා ටිකිරි මොල සහිත දොස්තරලා GMOA හි සිටීම රටට කරුමයකි. මේ සෑම දේකින්ම සිදු වන්නේ සයිටම් කඩයට රිංගා යෑමට අවස්ථා සලසා දීමයි.
තවද, (වැඩසටහනේ) හොඳම විහිලුව වන්නේ GMOA නියෝජනය කළ දොස්තරගේ තර්කයකි. සයිටම් පාර්ශ්වය පුනපුනා පැවසුවේ අභියාචනාධිකරණ තීන්දුව පාදක කර ගෙනයි. අපි කැමති වුවත්, අකමැති වුවත් ඔවුන්ගේ පදනම ඉතා ශක්තිමත්ය. එය දන්නා අර වෛද්‍යවරයා කියන්නේ "නීතිය අස්සේ සිර නොවී" කරුණු දක්වන ලෙසයි. එසේ කියන ඔහු පරසක්වල ගසා අඩිය පොලොවේ ගසා කියන්නේ පනතේ වගන්ති ප්‍රකාරව සයිටම්ට වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යෑමට අවසර නැති බවයි. මෙය හතරබීරි කතාවකි. අනෙකාට එපා කියමින් දැන් ඔහුම "නීතිය අස්සේ සිර වී" සිටී. තර්කයක් ඛණ්ඩනය කළ හැකි හොඳම ක්‍රමය නම්, ඔහුගේ තවත් තර්කයක් සමඟ එය ගැටීමට සලස්වා එහි විසංවාදීබව පෙන්වීමයි. ඉතිං මෙම මෝඩ වෙදා සයිටම් කඩේට එය කිසිදු හිරිකිතයකින් තොරව ලබා දේ.
පෙරත් මා පෙන්වා දුන් ලෙස, යම් කරුණක් අරඹයා උභතෝකොටික තත්වයක් තිබේ. පනතේ වගන්ති බලාත්මක යැයි එක් පාර්ශ්වයක් තර්ක කරයි. එහි සත්‍යතාවක් තිබේ. අනෙක් විරුද්ධ පාර්ශ්වයක් පෙන්වා දෙන්නේ එම වගන්ති බලාත්මක කිරීමට අවශ්‍ය ද්විතියික නීති හෙවත් රෙගුලාසි තවම නැති බවයි. එයත් සත්‍යයකි. ඉතිං පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට පමණයි එම තත්වය නිරවුල් කළ හැක්කේ. මෙම අවස්ථාවේදී අධිකරණය පෙරට විත් තිබේ. එම තීන්දුව සයිටම්ට පක්ෂව ලැබී ඇත. ඊට විරුද්ධ නම් කළ යුත්තේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කර තත්වය වෙනස් කර ගැනීමයි. ඒ හැර, මිනිසුන්ට බොහෝ අපහසුතා ගෙන එන පරිදි දිනපතා පාරවල් අවහිර කිරීම මොන අමන වැඩක්ද?
මෙහිදී එකම වෛද්‍යවරුන් පිරිස පෙරමුණු දෙකකින් සටන් කරයි. එය හරියට අපි පොඩි කාලේ ක්‍රිකට් ගහන කොට ඩබල් චාන්ස් ගන්නවා වැනිය (අවුට් වුණාම තවත් පාරක් බැට් කරන්න චාන්ස් තිබීම). එකක් නම් GMOA එකයි; අනෙක වෛද්‍ය සභාවයි. දෙකේම ඉන්නේ එකම සෙට් එකයි. ඉතිං, සමහර තර්ක හරියට බන්දු සමරසිංහ හා ටෙනිසන් කුරේටග් චිත්‍රපට සිහි ගන්වයි. සයිටම්හි ප්‍රමිතිය පෙන්වන විට ඉතාම සාධාරණ ප්‍රශ්නයක් සයිටම් පාර්ශවයෙන් අසයි. එනම්, වෙනත් දැනට පවතින වෛද්‍ය විද්‍යාලවල තිබෙන ඉතාම පහල ප්‍රමිතිය ගැන GMOA එක කුමක් කියන්නේද කියාය. එතකොට උන් කියන්නේ ඒක අපිට අදාල නැත; වෛද්‍ය සභාව දැනටමත් ඊට අනුමැතිය දී ඇති බවත්ය. එතකොට උන්ට ඇති ප්‍රශ්නය ඇත්තටම ප්‍රමිතිය ගැන නොවෙයි නේද? මොකද දැනටමත් අනුමැතිය දී ඇතත්, යම් වෛද්‍ය විද්‍යාලයක් සුදුසු ප්‍රමිතින් නැතිව ක්‍රියාත්මක වේ නම්, අර අපේ බෝසත් වෛද්‍යවරුන් දුප්පත් අහිංසක රෝගින් වෙනුවෙන් අඬා දොඩා වැලපී ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිතනවා කියන කාරණයට කුමක් වීද? සයිටම් කඩෙන් බිහිවෙනවා යැයි කියන අඩු ප්‍රමිති වෙදෙක්ගෙන් රෝගියෙකු මැරුණොත් විතරද ප්‍රශ්නය?
තවද, සයිටම් කඩේ උපාධි මුදලට විකිණීම ගැනත් සදාචාරයක් තිබෙයි නම් වෛද්‍යවරුන්ට ප්‍රශ්න නැඟිය නොහැකිය. උන් ප්‍රයිවට් ක්ලිනික් දාගෙන හම්බ කරන හැටි ආයේ අතදරුවාගේ සිට දනී. හොඳ සිහියෙන් කළ යුතු බැරෑරුම් කටයුත්තක්නෙ වෙදකම කියන්නේ. ඉතිං විවේකය හරි වැදගත්. එහෙත් ඉස්පිරිතාලේ යන්නට පැය දෙක් තුනක් තිබියදී උදේ පාන්දර සිටත්ත්, ඉස්පිරිතාලෙන් ආවාට පසු නැවත මධ්‍යම රාත්‍රිය වන තුරු මුදලට වෙදකම කිරීම කරන්නේ කවුද? එවැනි අවිවේකී මනසකින් ලෙඩුන්ට ප්‍රතිකාර කරන විට ඉන් ඇතිවන ගුණාත්මක බවේ පහල යෑම ගැනත් කතා කළ යුතුය. උන්ව පැය 10ක උපරිම සේවා කාලයකට යටත් කළ යුතුමයි සයිටම් කඩේ දැම්මත් නැතත්. අන්න එවැනි තීරණයකදී මා දැන් සිතන්නේ අසරණ රෝගින් වෙනුවෙන් GMOA එකේ බෝසත් වෙදුන් ස්ට්‍රයික් නොකරනු ඇතැයි කියාය.
සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙන එන තවත් තර්කයක් නම්, එය රජයට පවරා ගත යුතුය කියාය. එවිට එකවර අර නැති ප්‍රමිත්නි ප්‍රාධූර්භූත වෙනවාද? මෙතැන තිබෙන්නේ න්‍යායපත්‍ර කිහිපයක් ඔස්සේ එකම කතා වස්තුව පාදක කොටගත් නාට්‍ය කිහිපයකි. එහිදී අන්තරය ඇතුලු විජ්ජවිද්‍යාල කොලු පැටව් පෙරටුගාමින් හා ජවිපෙ රූකඩ නාට්‍යයේ නලුවන් පමණි. සමහරවිට GMOA හි මුලසුන් දරන වෙදුන්ට තිබෙන්නේ ආණ්ඩු පෙරලීමේ හෝ එවැනි කුමන්ත්‍රණකාරි අභිප්‍රායකි. වෛද්‍ය සභාව මෙහි තීරණාත්මක සාධකය වුවත්, මා පෙරත් පැවසූ ලෙසම එයද GMOA එකමයි. මතක තබා ගත යුතුයි වෛද්‍ය සභාවේ සභාපති මහචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේද මහින්ද රාජපක්ෂට කඩේ යන කෙනෙකු කියා. FCID එක අහෝසි කළ යුතු යැයි අධිකරණයට ගිය මහින්දගේ චක්ගෝලයන්ගෙන් කෙනෙකු ඔහුය. මේ අතර සයිටම් මුදලාලිලාගේ සල්ලි කුට්ටිවලට නැටවෙන පුරවැසි පෙරමුණ වැනි එන්ජීඕ කාරයන්ද පෙනේ. සයිටම් වේවා බදහුදීන් වේවා කවුරුන් හෝ විසි කරන සල්ලි වලට කටයුතු කිරීමයි උන්ගේ රාජකාරිය.
අවසාන වශයෙන් කිව යුත්තේ රටේ පෞද්ගලික අධ්‍යාපනය පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ බලය හා හැකියාව තිබෙන්නේ ආණ්ඩුවට බවයි. පොදු ජනයා පෞද්ගලික අධ්‍යාපනයට හෝ පෞද්ගලික සෞඛ්‍ය සේවයට අකමැති බවක් නැත. ඒකනෙ මෙතරම් පාසල් තිබියදී දහස් ගණන් දී ටියුෂන් යවන්නට දෙමාපියන් පෙළඹී තිබෙන්නේ. මෙතරම් රෝහල් තිබියදී පෞද්ගලික ක්ලිනික්වලට යන්නේ. එවන් ජනතාවක් සිටින රටක, රටේ ඉතාම සීමිත පිරිසක් පමණක් භුක්ති විඳින වෛද්‍ය විද්‍යාලවල ගැන සමාජය පවතින්නේ ඉරිවැටිච්ච ස්වභාවයකි. කවුදෝ කියනවා ඇසුණා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට වාස්තවික පරිසරයක් තවම ලංකාවේ නැත කියා. අඳ ගොලු බිහිරෙකුට පමණයි එය කිව හැක්කේ.
තවද, කී දෙනෙකු විශාල මුදලක් වැය කොට පිටරටට ගොස් ඉගෙන ගන්නවාද. එසේ එන අයට විභාගයක් පවත්වා වෛද්‍යවරුන් වීමට අවස්ථාව ලබා දෙනවා. එය නවත් වන්නැයි කිසිවෙක් කෑ ගහන්නේ නැත. අන්තරේ කටේ පිට්ටුය. එක් අතකින් එය විදෙස් විනිමය ගලා යෑමෙකි. තවත් අතකින් රටේ ගුණවත් හොඳ වැටුප් තල සහිත ශ්‍රම බලකායක් සෑදීමට තිබෙන අවස්ථා ගිලිහී යෑමකි. එහෙත් සයිටම් සඳහා වියදම් කර ඉගෙනීම උන්ට ඉවසිය නොහැකිය.
එනිසා කිසිදා අසරණ රෝගින්ට අඹමල් රේණුවක තරමින්වත් අපහසුතාවලට ලක් නොවනු පිනිස කිසිම හේතුවක් නිසාවත් ස්ට්‍රයික් නොකරන බෝධිසත්ව වෙදුන්ට කියන්නේ අහිංසක මහා ජනයා නියෝජනය කිරීමටයි පවසා පැස්බරා මෙන් ඔලුව පොලොවේ ගසා වසා ගෙන නිරුවත් පස්ස ලෝකයට ප්‍රදර්ශනය නොකරනු කියාය.
සැබෑ ජනතාවාදී පරිසර හිතකාමි ලෝකයක් පතන සෑම දෙනාම ඇත්තම කොම්‍යුනිස්ට් සමාජයක් පතන සෑම දෙනාම කළ යුත්තේ කිසිම ජන කොටසකගේ අධ්‍යාපනික හෝ මානව හිමිකම්වලට හකුල් නොහෙලන මට්ටමින් තමන්ගේ පැවැත්ම සරිකරගෙන කොඳු නාරටි සවිමත් සබුද්ධික සමාජයක් නිර්මාණය කිරීමට කටයුතු කිරීමයි. මෙවිට අවශ්‍ය නම් මානව සංවර්ධනයට ඍජුවම බලපාන අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි සේවා එක්කෝ ඍජුවම රජයෙන් නැතහොත් ලාභ නොලබන ආයතන/භාර/චැරිටි විසින් පවත්වාගෙන යා යුතුය යන ප්‍රතිපත්ති මත කටයුතු කළ හැකිය. මාගේ මතය නම් සයිටම් හා අනෙකුත් සියලු අධ්‍යාපනික ආයතන ලාබ නොලබන ආයතන බවට පත් කළ යුතුය යන්නයි.