Skip to main content

මහා සංස්කෘතියට යටහත් පහත් අපේ කෙරුමන්ලාගේ යථාරූප

මේ දිනවල රූපවාහිනි නාලිකාවේ සතිපතා විකාශය වන වැඩසටහනක් මමද උද්‍යෝගයෙන් නරඹමි. මිථ්‍යාව කුඩුපට්ටම් කර දමා මිථ්‍යා කඩතුරාව ඉවත් කර යථාර්ථය හෙවත් යථාරූපයේ ජ්‍යෝතිය ජහමනයාට ලබා දීමට කටයුතු කිරීම වැඩසටහනේ එක් අරමුණක් බව ඔවුන් කියයි. මීට පෙරත් මෙම වැඩසටහන ගැන මා යම් සටහනක් කළේ යථෝක්ත අරමුණින් යම් අපගමනය වීමක් දුටු නිසාය. ගිය සතියේ වැඩසටහනින් එම අපගමනය කූඨප්‍රාප්ත වූ බවක් හැඟේ.

පළමුව යථාරූපය කුමක්දැයි ඔවුන් නිර්ණය කර ගත යුතුය. තමන්ට සිතෙන දේ සත්‍ය හෝ තමන් දන්න දේ සත්‍ය සේ හෝ නොගත යුතු සේම, මිථ්‍යාව යනු කුමක්දැයි යන්නත් ඔවුන් අපට නිරන්තරයෙන් මතක් කර දී ඔවුන්ද එය නිති සිහිතබා වැඩසටහනේදී අදහස් දැක්වීම සුදුසු යැයි සිතේ.

ගිය වැඩසටහනින් ඉතාම පැහැදිලි වූ දෙය නම්, යථාරූපය විදහපානවාට වඩා යම් දැනුම් පද්ධතියක් (බුදු දහම නම් දැනුම් පද්ධතිය) යම් පිළිසකර කිරීමක් සිදු වීමයි. බොහෝවිට එය (සිංහල බෞද්ධ) ජහමනයාට නම් බොහෝ ප්‍රියජනක වීමට පුලුවන් වුවත්, පෙර මා කී ලෙසම, යථාරූපය හෝල්සේල් එකේ වලලා දැමීමද ඉන් සිදු විය. බුදු දහම ගැන අවශ්‍ය නම් වෙනත් වැඩසටහන් පෙලක් කිරීමට බාධාවක් නැහැනෙ.

විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල නිතරම දක්නට ලැබෙන තත්වය නම්, ඊනියා උගතුන්, "භෞතිකවාදින්", හා අපට යථාරූපය පෙන්වීමට ඉදිරිපත් වන බොහෝ අය මහා සංස්කෘතිය (සිංහල බෞද්ධ සංස්කෘතිය) වාස්තවිකව විස්තර කිරීමට ඇති බිය හෝ මැලිකමයි. බය වුණු කුඩා ළමුන් තම මෑනියන්ගේ පිටුපස හැංගෙන්නා සේ, බුදු දහම මතුවන අවස්ථාවේදී මෙම බක පණ්ඩිතයන් චීත්ත පිටුපස සැඟවෙන නිවටයන් බඳුය. බොදු බලු සේනාව වැනි කාලකන්නි සංවිධානවල සිටින කඳ බඩ මහත මොලේ නැති "ගලේ පහරන ඥානිස්සර" වැනි ධාමරිකයන් සිටින නිසා එවැනි බයක් තිබේදැයි මා දන්නේ නැත.

සමහරවිට පසුගිය වැඩසටහන කෙනෙකුට බුදු දහමද යම් අයුරකින් විකෘති වූවා සේද දැනිය හැකිය. දෙවියන්, භූතයන් වැනි භව/ලෝක නැති බවක් එහි සිටි ස්වාමින් වහන්සේලා "හැඟවූයේය". එම "මිනිස් නොවන සත්ව කොට්ටාශ" ක්ෂුද්‍ර ජීවින් බවට හිඟි කළහ. එහෙත් කිසිම විටක දෙවියන්, බ්‍රහ්මයන් නැතැයි ඍජුව කිව්වේද නැත. පුදුමෙට මෙන් මිථ්‍යාව පට්ට ගහන්නට සැදී පැහැදී සිටි අනෙක් ඊනියා උගතුන් ඒ ගැන විමසුවේද නැත. එතැන යම් නිල නොවන ව්‍යංග සම්මුතියක් ඇතිව වැඩසටහන කළ බවක් දැනේ. එනම්, බුදු දහම තුල තිබෙන "විද්‍යාත්මක නොවන" කිසිදු කරුණක් මතු නොකිරීමට වගබලා ගෙන ඇත.

බුදු දහම දැනුම් පද්ධතියක් ලෙස ගත් කළ ඉතා වටිනේය. එම දැනුම් පද්ධතිය අනවශ්‍ය විකෘති කිරීම්වලින් ආරක්ෂා කර ගැනීමද අවශ්‍ය වේ. එහෙත් එය වාස්තවිකත්වය තහවුරු කරගත්තක් නොව. ලෝක මැවුම්කාර සර්වබලධාරි දෙවියන්ගේ කතාන්දරය මෙන්ම බුදු දහමේ හරය තවත් ප්‍රබන්දයක්ම පමණි. කර්මය, නිර්වානය, භව හා පුනර්භව කාට පුලුවන්ද හා පුලුවන් වීද අප හට ප්‍රත්‍යක්ෂයෙන්ම පෙන්වා දීමට? එවැන්නක් ක්ෂාත් ක්ෂාත් කර ගත් කෙනෙකු ඉදිරිපත්ද නොවේ. ඉදිරිපත් වන එකා දෙන්නාව (පිටිදූවේ සිරිධම්ම වැනි) උන්මත්තකයන් සේ පට්ට ගහන්නේම එම භික්ෂු සමාජය විසින්මයි. ඉතිං මෙම කිසිදු තත්වයක් එම වැඩසටහනින් ඉස් මතු නොකළේ අර කියූ සම්මුතිය නිසාද?

දැනුම් පද්ධතියක් ලෙස විද්‍යාවේ නාමයෙන් හෝ මිථ්‍යාවෙන් නාමයෙන් හෝ ඕනෑම දෙයක් පැවතීම කිසිසේත් වැරැද්දක් නොවේ. ඒවා ඉගෙන ගැනීම හා ඉගැන්වීමද ගැටලුවක් නොවේ. අප දේව කතාවලට කොතරම් ලොල්ද යන්න පැහැදිලි වන්නේ එවැනි අද්භූත කතාවක් අසන්නට කවුරුත් දක්වන කැමැත්ත දැකීමෙනි. එහෙත් ගැටලුව වන්නේ මිථ්‍යාව ඛණ්ඩනය කරනවා යැයි කියා ගන්නා අය, සමාජයෙන් එන ප්‍රතිරෝධයන්ට මුහුන දීමට තිබෙන අකමැත්ත හෝ බිය නිසා, බුදු දහම ගැන අපක්ෂපාතී වාස්තවික විවරණයන් සිදු නොකිරීමයි. ඒ වෙනුවට එවුන් කරන්නේ බුදු දහමින්ම තවත් පාඨ ගෙනහැර පෑමයි. ප්‍රශ්නය ඇත්තටම විකෘති වෙච්ච බුදු දහම ගැන නොව; නිර්මල බුදු දහම තුලම අර කියන යථාරූපය පවතිනවාද යන්නයි.

මේ වෙලාවේ මට එක්තරා හාස්‍යජනක සිදුවීමක් සිහිපත් වේ. ලංකාවේ ප්‍රමුඛ විද්‍යා සඟරාවක හිටපු මහචාර්ය කෙනෙකු වන නලින් සිල්වා හා තවත් මහචාර්යවරයකු වන අමරතුංග සමඟ විද්‍යා මතවාදයක් සතිපතා පළවිය. කවදත් සිල්වා මහතා බුදු දහම හා වෙනත් මිත්‍යා මත විශ්වාස කරන්නෙකි. ඔහුගේ භෞතික විද්‍යා දැනුම ඔහුව ඉන් මුදවා ලන්නට සමත් වී නැත. කෙසේ වෙතත් එමඟින් ඔහු ප්‍රබල මහා සංස්කෘතියේ සපෝට් එක නිතර ලබා ගැනීට සමත් වූවෙකි. එවිට මැච් එක (වාදය) පටන් ගන්න විටම සිල්වා මහතා ඉදිරියෙන් සිටී. එවන් අවස්ථාවලදී එම අනිසි තත්වයෙන් යම් පසුබෑමක් ලැබ තිබෙන හොඳ ශාස්ත්‍රඥයන් කළ යුත්තේ තව තවත් දෘඪ වාස්තවිකත්වය මත තම මතයන් ප්‍රකාශ කිරීම වුවත්, ටික දවසක් යන විට අමරතුංග මහාචාර්යතුමා සිල්වා ආචාර්තුමාට වඩා බුදු දහම හා මිථ්‍යාව ආරක්ෂා කරන්නකු සේ අදහස් දැක්වීය. මෙය තමයි ලාංකික මිනිසාගේ තිබෙන බංකොලොත් බව. එහි උගත් නූගත් භේදය බලපාන බවක් නොපෙනේ.

Comments

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

රූපයක් තුල රහසිගතව ෆයිල් සැඟවීම

බොහොම කාලයකින් බ්ලොග් එකේ කිසිවක් ලිවීමට බැරි විය. පරණ ෆයිල් අවුස්සමින් සිටින විට පොඩි ටියුටෝරියල් එකක් හමු විය (මා වසර ගණනකට පෙර සේව් කර ගත්). එහි තිබුණේ gif format එකේ රූපයක් තුල කොහොමද zip file එකක් රහසිගතව ගබඩා කරගන්නේ කියා. මෙවිට අන් අයට එම ෆයිල් එක පෙනෙනු ඇත්තේ සාමාන්‍ය රූපයක් ලෙස වුවත්, එය winzip, winrar, 7z වැනි සොෆ්ට්වෙයාර් එකකින් ඕපන් කළ විට, ඒ තුල රහසිගතව ඇති ෆයිල් එක extract කරගෙන කියවිය හැකිය. මෙය සිදු කරන හැටි ඉතාම පහසු අතර, අමතර කිසිම සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍ය නොවේ. පළමුව ඔබගේ gif ෆයිල් එක හා zip ෆයිල් එක (හෝ කිහිපයක් වුවද) එකම ෆෝල්ඩර් එකක් තුල සේව් කර ගන්න. ඉන්පසු DOS/command prompt එක ඕපන් කර ගන්න (මේ සඳහා වින්ඩෝස් ස්ටාර්ට් බට්න් එකේ යටින්ම ඇති සර්ච් බොක්ස් එකේ cmd.exe කියා ටයිප් කර එන්ටර් කළ හැකිය). මෙවිට පහත ආකාරයේ ටර්මිනල් වින්ඩෝ එකක් ඕපන් වේ.   ඉන්පසු cd යන කමාන්ඩ් එක භාවිතා කරමින් තමන් ඉහත සාදා ගත් ෆෝල්ඩර් එකට යා යුතුය. එම ෆෝල්ඩර් එක තුල abc.gif හා  cde.zip ලෙස ෆයිල් දෙකක් තිබේ යැයි සිතමු. මෙවිට ඉහත රූපයේ පෙනෙන පරිදි copy /B abc.gif+cde.zip secret.gif...