Skip to main content

මහා සංස්කෘතියට යටහත් පහත් අපේ කෙරුමන්ලාගේ යථාරූප

මේ දිනවල රූපවාහිනි නාලිකාවේ සතිපතා විකාශය වන වැඩසටහනක් මමද උද්‍යෝගයෙන් නරඹමි. මිථ්‍යාව කුඩුපට්ටම් කර දමා මිථ්‍යා කඩතුරාව ඉවත් කර යථාර්ථය හෙවත් යථාරූපයේ ජ්‍යෝතිය ජහමනයාට ලබා දීමට කටයුතු කිරීම වැඩසටහනේ එක් අරමුණක් බව ඔවුන් කියයි. මීට පෙරත් මෙම වැඩසටහන ගැන මා යම් සටහනක් කළේ යථෝක්ත අරමුණින් යම් අපගමනය වීමක් දුටු නිසාය. ගිය සතියේ වැඩසටහනින් එම අපගමනය කූඨප්‍රාප්ත වූ බවක් හැඟේ.

පළමුව යථාරූපය කුමක්දැයි ඔවුන් නිර්ණය කර ගත යුතුය. තමන්ට සිතෙන දේ සත්‍ය හෝ තමන් දන්න දේ සත්‍ය සේ හෝ නොගත යුතු සේම, මිථ්‍යාව යනු කුමක්දැයි යන්නත් ඔවුන් අපට නිරන්තරයෙන් මතක් කර දී ඔවුන්ද එය නිති සිහිතබා වැඩසටහනේදී අදහස් දැක්වීම සුදුසු යැයි සිතේ.

ගිය වැඩසටහනින් ඉතාම පැහැදිලි වූ දෙය නම්, යථාරූපය විදහපානවාට වඩා යම් දැනුම් පද්ධතියක් (බුදු දහම නම් දැනුම් පද්ධතිය) යම් පිළිසකර කිරීමක් සිදු වීමයි. බොහෝවිට එය (සිංහල බෞද්ධ) ජහමනයාට නම් බොහෝ ප්‍රියජනක වීමට පුලුවන් වුවත්, පෙර මා කී ලෙසම, යථාරූපය හෝල්සේල් එකේ වලලා දැමීමද ඉන් සිදු විය. බුදු දහම ගැන අවශ්‍ය නම් වෙනත් වැඩසටහන් පෙලක් කිරීමට බාධාවක් නැහැනෙ.

විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල නිතරම දක්නට ලැබෙන තත්වය නම්, ඊනියා උගතුන්, "භෞතිකවාදින්", හා අපට යථාරූපය පෙන්වීමට ඉදිරිපත් වන බොහෝ අය මහා සංස්කෘතිය (සිංහල බෞද්ධ සංස්කෘතිය) වාස්තවිකව විස්තර කිරීමට ඇති බිය හෝ මැලිකමයි. බය වුණු කුඩා ළමුන් තම මෑනියන්ගේ පිටුපස හැංගෙන්නා සේ, බුදු දහම මතුවන අවස්ථාවේදී මෙම බක පණ්ඩිතයන් චීත්ත පිටුපස සැඟවෙන නිවටයන් බඳුය. බොදු බලු සේනාව වැනි කාලකන්නි සංවිධානවල සිටින කඳ බඩ මහත මොලේ නැති "ගලේ පහරන ඥානිස්සර" වැනි ධාමරිකයන් සිටින නිසා එවැනි බයක් තිබේදැයි මා දන්නේ නැත.

සමහරවිට පසුගිය වැඩසටහන කෙනෙකුට බුදු දහමද යම් අයුරකින් විකෘති වූවා සේද දැනිය හැකිය. දෙවියන්, භූතයන් වැනි භව/ලෝක නැති බවක් එහි සිටි ස්වාමින් වහන්සේලා "හැඟවූයේය". එම "මිනිස් නොවන සත්ව කොට්ටාශ" ක්ෂුද්‍ර ජීවින් බවට හිඟි කළහ. එහෙත් කිසිම විටක දෙවියන්, බ්‍රහ්මයන් නැතැයි ඍජුව කිව්වේද නැත. පුදුමෙට මෙන් මිථ්‍යාව පට්ට ගහන්නට සැදී පැහැදී සිටි අනෙක් ඊනියා උගතුන් ඒ ගැන විමසුවේද නැත. එතැන යම් නිල නොවන ව්‍යංග සම්මුතියක් ඇතිව වැඩසටහන කළ බවක් දැනේ. එනම්, බුදු දහම තුල තිබෙන "විද්‍යාත්මක නොවන" කිසිදු කරුණක් මතු නොකිරීමට වගබලා ගෙන ඇත.

බුදු දහම දැනුම් පද්ධතියක් ලෙස ගත් කළ ඉතා වටිනේය. එම දැනුම් පද්ධතිය අනවශ්‍ය විකෘති කිරීම්වලින් ආරක්ෂා කර ගැනීමද අවශ්‍ය වේ. එහෙත් එය වාස්තවිකත්වය තහවුරු කරගත්තක් නොව. ලෝක මැවුම්කාර සර්වබලධාරි දෙවියන්ගේ කතාන්දරය මෙන්ම බුදු දහමේ හරය තවත් ප්‍රබන්දයක්ම පමණි. කර්මය, නිර්වානය, භව හා පුනර්භව කාට පුලුවන්ද හා පුලුවන් වීද අප හට ප්‍රත්‍යක්ෂයෙන්ම පෙන්වා දීමට? එවැන්නක් ක්ෂාත් ක්ෂාත් කර ගත් කෙනෙකු ඉදිරිපත්ද නොවේ. ඉදිරිපත් වන එකා දෙන්නාව (පිටිදූවේ සිරිධම්ම වැනි) උන්මත්තකයන් සේ පට්ට ගහන්නේම එම භික්ෂු සමාජය විසින්මයි. ඉතිං මෙම කිසිදු තත්වයක් එම වැඩසටහනින් ඉස් මතු නොකළේ අර කියූ සම්මුතිය නිසාද?

දැනුම් පද්ධතියක් ලෙස විද්‍යාවේ නාමයෙන් හෝ මිථ්‍යාවෙන් නාමයෙන් හෝ ඕනෑම දෙයක් පැවතීම කිසිසේත් වැරැද්දක් නොවේ. ඒවා ඉගෙන ගැනීම හා ඉගැන්වීමද ගැටලුවක් නොවේ. අප දේව කතාවලට කොතරම් ලොල්ද යන්න පැහැදිලි වන්නේ එවැනි අද්භූත කතාවක් අසන්නට කවුරුත් දක්වන කැමැත්ත දැකීමෙනි. එහෙත් ගැටලුව වන්නේ මිථ්‍යාව ඛණ්ඩනය කරනවා යැයි කියා ගන්නා අය, සමාජයෙන් එන ප්‍රතිරෝධයන්ට මුහුන දීමට තිබෙන අකමැත්ත හෝ බිය නිසා, බුදු දහම ගැන අපක්ෂපාතී වාස්තවික විවරණයන් සිදු නොකිරීමයි. ඒ වෙනුවට එවුන් කරන්නේ බුදු දහමින්ම තවත් පාඨ ගෙනහැර පෑමයි. ප්‍රශ්නය ඇත්තටම විකෘති වෙච්ච බුදු දහම ගැන නොව; නිර්මල බුදු දහම තුලම අර කියන යථාරූපය පවතිනවාද යන්නයි.

මේ වෙලාවේ මට එක්තරා හාස්‍යජනක සිදුවීමක් සිහිපත් වේ. ලංකාවේ ප්‍රමුඛ විද්‍යා සඟරාවක හිටපු මහචාර්ය කෙනෙකු වන නලින් සිල්වා හා තවත් මහචාර්යවරයකු වන අමරතුංග සමඟ විද්‍යා මතවාදයක් සතිපතා පළවිය. කවදත් සිල්වා මහතා බුදු දහම හා වෙනත් මිත්‍යා මත විශ්වාස කරන්නෙකි. ඔහුගේ භෞතික විද්‍යා දැනුම ඔහුව ඉන් මුදවා ලන්නට සමත් වී නැත. කෙසේ වෙතත් එමඟින් ඔහු ප්‍රබල මහා සංස්කෘතියේ සපෝට් එක නිතර ලබා ගැනීට සමත් වූවෙකි. එවිට මැච් එක (වාදය) පටන් ගන්න විටම සිල්වා මහතා ඉදිරියෙන් සිටී. එවන් අවස්ථාවලදී එම අනිසි තත්වයෙන් යම් පසුබෑමක් ලැබ තිබෙන හොඳ ශාස්ත්‍රඥයන් කළ යුත්තේ තව තවත් දෘඪ වාස්තවිකත්වය මත තම මතයන් ප්‍රකාශ කිරීම වුවත්, ටික දවසක් යන විට අමරතුංග මහාචාර්යතුමා සිල්වා ආචාර්තුමාට වඩා බුදු දහම හා මිථ්‍යාව ආරක්ෂා කරන්නකු සේ අදහස් දැක්වීය. මෙය තමයි ලාංකික මිනිසාගේ තිබෙන බංකොලොත් බව. එහි උගත් නූගත් භේදය බලපාන බවක් නොපෙනේ.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත ...