Skip to main content

නපුංසක පොලිස්පති වහ එලවා දමවු

ලංකාවේ වනචර දේශපාලන තතු සෑම තත්පරයකදීම දැන් මතු වෙමින් පවතී. රට අප්‍රිය වන තරමට එය දැන් ඔඩු දුවා ඇත. එවන් ආසන්න වැදගත් සිද්ධියක් වන්නේ පොලිස්පති-නි ගේ ප්‍රකාශයයි. එනම් පොලිස් සථානාධිපතිවරු හෙවත් ඕඅයිසීලා රට තුල පත් කලේ දේශපාලන මැදිහත්වලින් බව ඌ පවසයි.

පලමුම කාරනාව වන්නේ එම පොලිස් නරුමයා එම ප්‍රකාශය කරන්නේ ඌව යම් ගැටලුවකදී බිත්තියටම හේත්තු කල අවස්ථාවේදීය. තත්වය එසේ නොවූයේ නම්, ඕකා අදටත් පවසනු ඇත්තේ පොලිසිය ස්වාධීනව කටයුතු කරන බවයි. උගේ මෙම ප්‍රකාශයෙන් උගේ වෘත්තිමයබවේ (professionalism) හා අවංකත්වයේ (integrity) ඇති බරපතල ඌනතාව පෙනේ. එම ප්‍රකාශය සිදු කර තව එක තත්පරයක් හෝ එම තනතුරේ රැඳී සිටීමට ඌට අයිතියක්ද නැත. මේ වගේ නපුංසකයන් සුදුසු වන්නේ ගනිකා මඩමක ගැහැනු වෙලඳාම් කරන පිම්පි තනතුරුවලටය. උගේ තනතුරු නමද Inspector General of Police (පොලිස්පති) වෙනුවට Inspector General of Pimps (පිම්පිපති) ලෙස වෙනස් කල යුතුය.

අච්චර දහස් ගනනක පොලිස් භටයනුත් විශේෂ කාර්ය බලකාය වැනි පැරාමිලිටරි ඒකකයකත් ප්‍රධානිත්වය උසුලපු පොලිස්පති අර වගේ නෝනජල් කතාවක් කීමම ලංකාවේ රාජ්‍ය සේවයේ තිබෙන වහල්භාවය මොනවට හෙලි කරයි. ඔය තනතුරේ මා සිටියා නම් එලෙස බලපෑම් කරන්න ආ එකාගේ ඔලුවට වෙඩි තියමි.

ඌව කට උත්තර ගැනීම සඳහා අපරාද විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇති බවද කියනවා. මා යෝජනා කරනවා ඊට අමතරව සුදුසු වෛද්‍ය මණ්ඩලයකින් ඕකගේ සියලු අවයව වෛද්‍ය පරීක්ෂනයකට ලක් කර සමූහ දූෂනයට පත් වී ඇත්දැයි සෙවීමද කල යුතු බව.

දිගින් දිගටම බලවතුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බැරිව මෙච්චර කලක් මේ නපුංසකයා කොතරම් දේවල් වනචර දේශපාලුවන්ට කරන්නට ඉඩ දී බලා සිටින්නට ඇතිද? මෙය ඒකලව පොලිසියට විතරක් උරුම වූ දෙයක් යැයි සිතීම මෝඩකමකි. සමස්ථ රාජ්‍ය සේවයෙහිම තත්වය මෙය යැයි සැකයක් නැත. ඊට අර වලස් තොප්පිය දාගෙන ඉන්න නීතිපතිද ඇතුලත්ය. සාක්ෂි නැතැයි නඩු නීතිපති විසින් අස් කර ගැනීම ගැන තත්වයත් ඕකමයි.

ඉංදියාවේ බලු හමුදාව ලංකාවට එවිය යුතුයි යැයි ඉංදියානු පරයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට චෝක්පෙට්ටියක පාට පාට චෝක් කෑලි සුදු කමිසයේ ගසා ගෙන සිටින නන්දසේන හෝ පුරවැසියන්ට චන්ඩි කතා කියන ආරක්ෂක ලේකම්ට අද වන තුරු එය දැඩිව හෙලා දැක මාධ්‍ය නිවේදනයක් තියා අඩුම ගානේ ට්විටර් පනිවුඩයක්වත් පල කිරීමට කොන්දක් තිබිය යුතුය.

මේ සියල්ල බලන විට එක දෙයක් පෙනී යයි. ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහල තනතුරු දැරීමට ප්‍රබලතම සුදුසුකම වන්නේ වනචර දේශපාලුවන්ට පශ්චාත් භාගය දීගෙන සිටීමේ හැකියාවයි.

Comments

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

ඉරාන යුද්ධය හා ප්‍රවාද

සෑහෙන්න දවසක් තිස්සේ ලංකාවේ පවතින තත්වය ගැන ලිපියක් ලිවීමට සිතමින් සිටියත්, එය අරාබි නිසොල්ලාසය මෙන් ඉවරයක් නැති ඉතා දිගු ලිපියක් වීමට ඉඩ තිබුන බැවින් කල් දමමින් සිටියදි, ඇමරිකානු-ඊශ්‍රායල්-ඉරාන යුද්ධයද පැන නැඟීම නිසා, ඉතා කෙටි ලිපියක් ඒ ගැන ලිවීමට සිතුනි. විවිධ දෙස් විදෙස් ජනමාධ්‍ය හා විශේෂඥයන් හා අවශේෂ පුද්ගලයන් මෙම මැදපෙරදිග ගැටුම ගැන විවිධ අදහස් පල කරනවා. "මැදපෙරදිග" යන වචනයට අමතරව මෙම කලාපය හැඳින්වීමට "බටහිර ආසියා​ව"(Western Asia) යන වචනයද නිතර අසන්නට ලැබෙනවා (විශේෂයෙන් ඉංග්‍රිසි ජනමාධ්‍ය තුල). බොහෝ අය මෙම යුද්ධය ගැන විචාර කරන්න යොදාගන්නා මූලික ක්‍රමවේද දෙකක් පැහැදිලිවම ඉස්මතු වේ. 1. ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) දැඩි ඇමරිකානු විරෝධි මිනිස් කොට්ඨාශයක් සිටී (මොහාන් සමරනායක වැනි). ඇමරිකාව ඍජුව හෝ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහි කරන සියලු නූතන පහසුකම් හිරිකිතයකින් තොරව බුක්ති විඳිමින්, ඇමරිකාවට වෛර කිරීම ඔවුන්ගේ ජඩ පෞරුෂය වේ. ඇමරිකාව කුමක් කලත්, ඉන් ලෝකයට හොඳක් වුවත් විනාශයක් වුවත් ඇමරිකාවට සාප කිරීම ඔවුන්ගේ ලාක්ශනික ගතිගුනයයි. ඔවුන්ට අනුව ඇමරිකාව හා ඇමරිකන් ගැති ඊශ්‍රාලය තම...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...