අරගලයේ නාමයෙන් රාජද්‍රෝහි ආණ්ඩුව පලවා හරින්නට වෙර දරන විරෝධතා තවමත් පවතිනවා. එහෙත් තවමත් ඉල්ලා සිටින මූලික ඉල්ලීම් හා අභිප්‍රාය ඉටු වී නැත. මූලික ඉල්ලීම වනුයේ ජනපතිද ප්‍රමුක ආන්ඩුව ඉල්ලා අස වීම වන අතර, අභිප්‍රාය වනුයේ සිස්ටම් චේන්ජ් එකයි. ඇත්තටම රටක් වශයෙන් අපට වටින්නේ සිස්ටම් චේන්ජ් එක ඉටු කර ගැනීමයි.
ගෝල්ෆේස් අරගලය රොමැන්ටික් පරිනාමයකට පත් වෙමින් පවතී. එතැන කලාගාරයක් බදුය. නැටුම් ගැයුම් රැඟුම් චිත්‍ර ආදි අනේක විධ කලා රසෝඝයෙන් පිරි ආදරය උතුරා යන තැනක් බවට පත් ව ඇත. සිංහල බසද හරි හැටි කතා කරන්නට බැරි අක්කලා ඇන්ටිලා අනේ හරි හුරතල් වචනවලින් කොල්ලො කෙල්ලන්ගේ ආදරය වඩ වඩා වඩවන උත්තේජන සපයයි. තව ටික කලකින් එතැන මඟුල් සක්වලක් වීමට හැකිය.
මට තවමත් සිතා ගත නොහැක්කේ පොඩි දේටත් පාරවල් වහගෙන රාජ්‍ය නිලධාරි නිවාස අඩස්සියට පත් කර රාජ්‍ය ආයතනවල ගේට්ටු තාප්ප ගලවා ඇතුලු වූ අන්තරේ තරුන තරුනියන් මෙතරම් ඉක්මනට මී පැටව්න්ටත් වඩා කීකරු රොමෑන්ටික් පාට පාට සමනල රෑනක් වූයේ කෙසේද යන්නයි. එය නම් ඇත්තෙන්ම ආශ්චර්යක්! ඉදිරියේදී විශ්ව විද්‍යාලවල නවක වදය සිදු නොවෙනු ඇත. විශ්ව විද්‍යාල ඉතා සුන්දර ආදරනීයන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. එයත් ඉදිරයේදී පහල වන්නට ඇති ආශ්චර්යකි!
හෙට අනිද්දා අපේ නව රොමැන්ටික් අගමැත්තාද පාට පාට අත් තටු සලා සුන්දර අරගල භූමියට මල් නොතලා බසිනු ඇත. අවශ්‍ය නම් ආහාර පානද සනීපාරක්ෂක පහසුකම්ද වැඩි දියුනු කරන්නට වැඩ කරනු ඇත. එතකොට තුන්වේලක් කන්න නැති රටවැසියෙකු සිටිත් නම්, අරගල භූමියේ අගමැති දන්සලෙන් කුස පුරවා ගෙන දවස ගෙවා දැමීමට වාසනාවද පැහැදේවි. සමනල රෑනක් තවත් සමනලයකු හමුවන ඒ සුන්දර මොහොත දැකීමට හිත නොඉවසිලිමත්ය.
මේ සියලු සොඳුරු කතා මැද රටේ තත්වය ඉතාමත්ම බැරෑරුම් බවත් දැනට සිදු වන දේවල් තේරුම් ගැනීම ඉතාම සංකීර්ණ බවත් සිහි තබා ගත යුතුය. අපි සීරියස් කතාවට බහිමු.
ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 ව්‍යවස්ථාව අනුව, ජනපති ඉල්ලා අස්වීමකින් හෝ ඔහුට මානසික හෝ ශාරීරික දුබලතාවක් නිසා හෝ යම් දූෂන අක්‍රමිකතා නිසා ධුරය කරගෙන යෑමට හැකියාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද තීරණය කරන ලදුව, ඉන්පසු පාර්ලිමේන්තුවේද විශේෂ බහුතරයකින් ඉවත් කිරීම (දෝශාභියෝගය) යන ක්‍රම දෙක හැරෙන්නට ජනපති ධුරය හිස් කල හැකි වෙනත් ක්‍රමයක් නැත. එම වගන්තියේ ඇති අනෙක් ක්‍රම දැනට අදාල නැති නිසා එම ක්‍රම අමතක කරමු. පහත සම්පූර්න 38 ව්‍යවස්ථාව මා දක්වා ඇත.
38. (1) The office of President shall become vacant –
(a) upon his death;
(b) if he resigns his office by a writing under his hand addressed to the Speaker;
(c) if he ceases to be a citizen of Sri Lanka;
(d) if the person elected as President willfully fails to assume office within two weeks from the date of commencement of his term of office;
(e) if he is removed from office as provided in the next succeeding paragraph; or
(f) if the Supreme Court in the exercise of its powers under Article 130(a) determines that his election as President was void and does not determine that any other person was duly elected as President.
(2) (a) Any Member of Parliament may, by a writing addressed to the Speaker, give notice of a resolution alleging that the President is permanently incapable of discharging the functions of his office by reason of mental or physical infirmity or that the President has been guilty of –
(i) intentional violation of the Constitution,
(ii) treason,
(iii) bribery,
(iv) misconduct or corruption involving the abuse of the powers of his office, or
(v) any offence under any law, involving moral turpitude and setting out full particulars of the allegation or allegations made and seeking an inquiry and report thereon by the Supreme Court.
(b) No notice of such resolution shall be entertained by the Speaker or placed on the Order Paper of Parliament unless it complies with the provisions of sub-paragraph (a) and–
(i) such notice of resolution is signed by not less than two-thirds of the whole number of Members of Parliament; or
(ii) such notice of resolution is signed by not less than one-half of the whole number of Members of Parliament and the Speaker is satisfied that such allegation or allegations merit inquiry and report by the Supreme Court.
(c) Where such resolution is passed by not less than two- thirds of the whole number of Members (including those not present) voting in its favour, the allegation or allegations contained in such resolution shall be referred by the Speaker to the Supreme Court for inquiry and report.
(d) The Supreme Court shall, after due inquiry at which the President shall have the right to appear and to be heard, in person or by an attorney-at-law, make a report of its determination to Parliament together with the reasons therefor.
(e) Where the Supreme Court reports to Parliament that in its opinion the President is permanently incapable of discharging the functions of his office by reason of mental or physical infirmity or that the President has been guilty of any of the other allegations contained in such resolution, as the case may be, Parliament may by a resolution passed by not less than two-thirds of the whole number of Members (including those not present) voting in its favour remove the President from office.
කිසිවිටක පාර්ලිමේන්තුව තුල දෝශාභියෝගයක් ජයගත නොහැකිය මක්නිසාද යත් රටේ ජනමතය කුමක් වුවත් පාර්ලිමේන්තු කුක්කෝ හැමදාමත් ජනපතිගේ හෝ තම පක්ෂයේ මහා එකාගේ අහවල් එක ලෙවකන එවුන් නිසා. තවද, දැන් සිටින ජනපතියා ඉල්ලා අස්වීම එකවර අපේක්ෂා කල නොහැකිය.
ඇත්තටම ජනපති ඉල්ලා අස් නොවන්නේ ඇයි? ඒ යකා තරම් ලංකා ඉතිහාසයේ කුනු හරුප අහ ගත්තු අපහස අහගත්තු කිසිදු දේශපාලුවෙකු නැත. වසර දෙක තුනකට පෙර දෙවියකු සේ වැජඹුනු පුද්ලයකු අද නපුංසක මූසල අපරාධකරුවකු තරමට පත් ව ඇත. එසේ තිබියද එම තනතුරේ ලැජ්ජ බය හා වැදගත්කම ගෑවිලාවත් තිබෙන අයකු සිටියේ නම් මෙලහකට දහස් වාරයක් ඉල්ලා අස් වී හමාරය. අනෙක් අතට, රටේ ප්‍රශ්න කන්දරාව විසඳන මානයකවත් නැත. එම කරුමෙන්ද බේරීම යෑමට තිබෙන කදිම අවස්ථාව ඉල්ලා අස් වීමයි. එහෙත් මේ ලැජ්ජා නැති නිවටයා ඉල්ලා අස්වන්නේ නැත. එහිද රහසක් තිබිය යුතුය. අනිවාර්යෙන්ම එය තමන්ටත් තම පවුලේ දූෂිතයන්ටත් ඇති විය හැකි නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ තිබීමේ බය වීම නිසාම විය යුතුය.
තවත් පැතිකඩකින් බලන විට, ඔහු දැන් ඉල්ලා අස් වීමටද ඉඩ තිබේ. රනිල් අගමැති කලේ නිකංම නොවේ. රාජපක්කවරු රනිල්ව ආරක්ෂා කරපු හැටිත් රනිල් රාජපක්කවරු ආරක්ෂා කල හැටිත් අප හොඳින් දනී. එනිසා රාජපක්කයන්ට හොඳටම ආරක්ෂාව ලැබෙන්නේ රනිල්ගෙනි. ඉතිං, තනි අසුනක් ඇති රනිල්ව අගමැති කර ඇත. නොබෝ දිනකින් ඔහුට පොහොට්ටුවේ බහුතර කැමැත්තද ලැබීමට නියමිතය. එවැනි තත්වයක් තුල ජනපති ඉල්ලා අස් වී රනිල්ට ජනපති ධුරය හිමි කර දීමටද ඉඩකඩක් ඇත. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකින් ජනපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පත් කර ගත හැකිය. ඒ අතර තුර අගමැති කොහොමත් වැඩබලන ජනපති තනතුරට පත් වේ. ඒ බැව් ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇත. මා පහතින් එම ව්‍යවස්ථාව ලියා දක්වන්නම්.
40. (1) (a) If the office of President shall become vacant prior to the expiration of his term of office, Parliament shall elect as President one of its Members who is qualified to be elected to the office of President. Any person so succeeding to the office of President shall hold office only for the unexpired period of the term of office of the President vacating office.
(b) Such election shall be held as soon as possible after, and in no case later than one month from, the date of, occurrence of the vacancy. Such election shall be by secret ballot and by an absolute majority of the votes cast in accordance with such procedure as Parliament may by law provide:
Provided that if such vacancy occurs after the dissolution of Parliament, the President shall be elected by the new Parliament within one month of its first meeting.
(c) During the period between the occurrence of such vacancy and the assumption of office by the new President, the Prime Minister shall act in the office of President and shall appoint one of the other Ministers of the Cabinet to act in the office of Prime Minister:
Provided that if the office of Prime Minister be then vacant or the Prime Minister is unable to act, the Speaker shall act in the office of President.
(2) The provisions of the Constitution relating to the President (other than the provisions of paragraph (2) of Article 32) shall apply, in so far as they can be applied, to an acting President.
(3) Parliament shall by law provide for all matters relating to the procedure for the election of the President by Parliament and all other matters necessary or incidental thereto
ඉන්පසු කුමන හෝ පක්ෂයකින් අගමැති කෙනෙකු පත් කර ගෙන මොකක් හෝ ආණ්ඩු අටමගලයක් අටවා ගනු ඇත. රනිල් රාජපක්කවරු රැක බලා ගනු ඇත. ඇත්තටම අගමැති ප්‍රමුක කැබිනට් මන්ඩලයට වර්තමාන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිව අභිබවා යා නොහැකිය. එනිසා අගමැති හා කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ පිමිපියන් පමනි.
ඇත්තටම ලංකාවේ ව්‍යවස්ථාව අනුව ආන්ඩුව යනු හරියටම කුමක්දැයි පැහැදිලි නැත. එනිසයි උගතුන්, නීතිඥයන්, හා සාමාන්‍ය ජනයා පවා එක් අවස්ථාවකදී ජනපතිව ආන්ඩුව ලෙස දක්වන අතර තවත් අවස්තාවකදී අගමැති ප්‍රමුක කැබිනෙට්ටුව ආන්ඩුව ලෙස සිතා කතා කරයි. මහානායක හිමිවරුන්ද නීති සංගමයද (බාර් එක) ආන්ඩුව ලෙස පවසන්නේ මේ දෙවැනි අවස්ථාව වන අගමැති ප්‍රමුක කැබිනෙට්ටුවයි. එහෙත් පෙරත් පැවසූ ලෙසම එම ආන්ඩුව ජනපති ඉදිරියේ පිම්පියන්ම පමනක් වේ. එනිසා ජනපතිව ඉවත් කිරීම අනිවාර්ය වේ ආන්ඩුව ඉවත් කිරීමට නම්.
එනිසා සටන්කරුවන්ගේ ඉල්ලීමක් වන ජනපතිද ආන්ඩුවද ඉවත් වීම ඉතාම නිවැරදි මෙන්ම අනිවාර්යෙන් සිදු කර ගත යුතු දෙයකි. එහෙත් මා මීට පෙර ලිපිවලත් විස්තර කර ඇති පරිදි බාර් එකත් මහනායක හිමිවරුන් ඊට වෙනස් මතයක් පවසන්නේ. ඔවුන්ගේ මතය වන්නේ දැනට ඉන්න ජනපති එම තනතුරේ ඔහුගේ නිල කාලය අවසන් වනතරුම රඳවා තබා ගත යුතු බවයි. ඔවුන් පවසන විධායක ජනපති ධුරය අහෝසි කිරීම සිදු කිරීමට සිදු වන්නේ තවත් මාස 18කින් පසුවයි. එතෙක් ජනපතිට ඉන්න ඉඩ දෙයි. එනිසා මේවා යටි කූට්ටු වැඩ බවයි මට පෙනී යන්නේ. බාර් එක කොලේ වහල ප්ලේ කරයි.
බාර් එක යනු සමස්ථ නීතිඥයන්ද නොවේ. අරගල භූමියට සහය දක්වන නීතිඥයන් යනු බාර් එකම නොවේ. රට ගැන සැබෑ කැක්කුමක් තිබෙන හැම වර්ගයකම මිනිසුන් අරගලයට සහය දැක්වීමට ඉදිරිපත් වේ. එහෙත් අපි බාර් එකට බනින්නේද නැත මොකද සෑම වර්ගයකම මිනිසුන් අපගේ පොදු අරමුනට නතු කර ගත යුතුය. එහෙත් එක් එක් කන්ඩායම්වල රහස් න්‍යාය පත්‍රයන් අපි තේරුම්ද ගත යුතුයි.
ගෝල්ෆේස් අරගලය නිර්පාක්ෂිකයි පැවසුවත් එය නිර්පාක්ෂික නොවේ. එය පටන් ගත් මුල් කාලයේ සිටම මා ඒ ගැන ලියා අදහස් පල කර ඇත. ඉගලෙන කොට කොකාගෙ සුද පෙනෙන්නා සේ ඔවුන්ගේ දේශපාලන ලබැඳියාව එදා ගෝල්ෆේස් පහර දීමේදී නැවත වරක් හොඳින් මතු වී පෙනුනි. එහිදී අනුර කුමාර එම භූමියේ සිටීමට අනුග්‍රහයත් විපක්ෂ නායක එම භූමියට ගිය විට එලවා දැමීම තුලින් ඔවුන්ගේ නිර්පාක්ෂික සලුව ගැලවී හෙලුව පෙනුනි.
අප මුල සිටම කියන්නේ කුඩ්ඩාගේ සිට විශ්ව විද්‍යාල ආචාර්යවරයා දක්වා සියලු වර්ගයේම ජනතාව පොදු අරගලයට පැමිනීම සාදරයෙන් පිලිගත යුතුයි. එනිසයි එය ජනතා අරගලයක් කියන්නේ. එනිසයි ඊට පොදු අරගලයක් කියන්නේ. එහෙත් මුල සිටම ඔවුන්ගේ සටන් පාඨ වූයේ එය තරුනයන්ගේ අරගලයක් බවත් නිර්පාක්ෂික අරගලයක් බවත්ය. එයින්ම ඔවුන් විසින්ම ඔවුන්ගේ බලය කුඩා කර ගැනීමට ලක් කර තිබේ. එය අහම්බෙන් නොදැනුවත්කමින්ම සිදු වූවක් නොවේ. ඊට හේතුව ඔවුන්ව මෙහෙයවන දේශපාලන පක්ෂවල කැමැත්තයි.
මේ සියලු තත්වයන්ට උචිත ක්‍රමය වන්නේ විප්ලවය වුවත්, එය විප්ලවයක් ලෙස තවමත් ඉහලට ඔසවා තැබීමට බොහෝ අයට උවමනාවක් නැත. ඊට හේතු කිහිපයක් මා අධ්‍යනය කර නිරීක්ෂනය කර තිබේ.
බොහෝ පිරිසක් විප්ලවය යන වචනයට බියක් දක්වයි. ඔවුන්ට මතක් වන්නේ ජවිපේ භීෂනය කාලයයි. එහෙත් විප්ලවය හා ජවිපෙ භීෂනය අහසට පොලොව වගේ විශාල වෙනසක් ඇති දෙකකි. තවද, විප්ලවය අනිවාර්යෙන්ම මිනී මරා ගත යුතු යැයි සම්මත දෙයක් නොවේ. එනයින් බලන කල මේ සමනල අරගලය තුලත් මේ වන විට මිනීමැරුම් ගනනාවක් සිදු වී ඇත. එනිසා මිනී මැරෙන එක විප්ලවයද වෙන එකක්ද යන්න මත යැපෙන්නේ නැත. එය තීරණය වන්නේ පවතින තත්වය තුල ඇති වන ගැටුම් නිසාවෙනි. විප්ලවයද අරගලයද යන ලේබල් එක එතැනදී වැදගත් නැත.
තවත් අය විප්ලවයට නොයන හේතුව ඔවුන් ඇත්තටම සිස්ටම් චේන්ජ් එක “බොක්කෙන්ම“ අපේක්ෂා කරන අය නොවේ. අපට නම් උදේ නැගිට්ට වෙලේ සිට නින්ද දක්වා, සමහරවිට හීනෙන් පවා, පතන්නේ වැඩ කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙනි. මා පෞද්ගලිකව මගේ වපසරිය තුල මගේ තරුන දිවියම ඒ වෙනුවෙන් කැප කර තිබේ. මගේ නීතිවේදී ගෞරව උපාධිය පවා මා අහිමි කරගතිමි. ජාත්‍යන්තර ගනයේ විභාග ඉහලින්ම සමත් වී සිටියත්, විදෙස් රටක ජීවත් වීම ප්‍රතික්ෂේප කර තවමත් මා උපන් රටේම කරුමක්කරුවකු සේ ජීවත් වෙමි. එවැනි උන සන්නිපාතයකින් පෙලෙන අපට, රටට අනර්ඝතම දේ හැර ඊට බාල කිසිවක් පිලි ගන්නේ නැත. එනිසා විප්ලවය අවශ්‍ය වේ.
ඉතිං, බොහෝ සමාජයේ නමක් දිනා ගත් වෘත්තිකයන් බැලූ බැල්මට ආන්ඩුවට විරුද්ධව “ගේමට බැස ඇත“. එහෙත් ඔවුන්ට සිස්ටම් චේන්ජ් අවශ්‍ය නැත. අවශ්‍ය යැයි පැවසුවත් එය හදවතින්ම කියන දෙයක්දැයි සිතා බලන්න. ඔවුන් දැනටත් කොටිපතින්ය (සමහරවිට එක නඩුවකින් රුපියල් කෝටියක් දෙකක් හමු වේ). වෙසෙන්නේ සුවිසල් නිවස් තුලය. පෞද්ගලික ආරක්ෂකයන් මැද ජීවත් වේ. යන්නේද අති සුඛෝපභෝගි වාහන වලය. තම දරුවන්ට රට තුලත් විදේශයන්හිත් සුපිරිම අධ්‍යාපනයක් ලබා දේ. ඕනෑම මොහොතක ඕනෑම රටකට යෑමට හැකියාවක් ඇති තරමට ඔවුන් වාසනාවන්තය බලවන්තය. ඉතිං ලංකාව හිඟන රටක් වුනත් උන්ට දැනේවි යැයි සිතනවා නම් උඹලා පට්ට මෝඩයන්ය. අච්චර හාමතේ කුඩා දරුවන් මැරෙන අප්‍රිකානු රටවල පවා හෙක්ටයාර සිය ගනන් විශාල ලස්සන මල්වතු මැද මන්දිරවල ජීවත් වන ධනවතුන් සිටින බවද මතක තබා ගන්න.
එනිසා සටන මෙහෙය වීම ජනතාව සතු කර ගත යුතුයි. මොකද ලංකාවේ කන්නට එක වී ඇටයක් නැති වුවොත් හාමතේ මැරී මේ බිම තුලම සැතපෙන්නේ උන්ය. උන්ට වෙන රටකට ක්ෂනිකව හෝ සරණාගතයන් ලෙස යෑමට හෝ හැකියාවක් නැත.
එක එක සංගම්වල සාමාජිකයන් හෝ විශාල පඩි ගන්න NGO කාරයන් මෙම ගැටලුව විසඳන්නේ උන්ට ප්‍රමානවත් වන ලෙසට පමනි. තත්කාලයේ පවතින සමාජ කතිකාව කුමක්ද ඒවට මැදිහත් වී කටයුතු කිරීම තමයි උන්ගේ ජොබ් එක.
මේ අතර ඇත්තටම හැඟීමකින් සිටින අයකු නැතිවා නොවේ. එවැනි අයකුගේ සිත රිඳුනේ නම් දහස් වරක් වැඳ නමස්කාර කර සමාවද අයදමි. මේ කියන්නේ ඔබ ගැන ගැන නොවේ!
අවසාන වශයෙන් විප්ලවය අවශය වන්නේ ඇයි ඊට ඇති නීතිමය පදනම ගැනද මා කෙටියෙන් සටහනක් යොදන්නට කල්පනා කලා.
රාජ්‍ය හෙවත් රට යනු කුමන මට්ටමකින් හෝ අඛන්ඩව පවතින දෙයකි මක්නිසාද යත් රාජ්‍යයක් අතුරුදහන් කිරීමට බැරිය (ඕන නම් තව කුඩා රාජ්‍ය කිහිපයක් බවට පත් කල හැකිය). රාජ්‍යයට (State) භූමියත් එම භූමියේ උරුමකම් කියන පුද්ගලයන් හා සමස්ථ සතා සිව්පාවා ගහකොල පරිසරයම අයත්ය. ඒ සියලු දේ මැනවින් පාලනය කිරීමට තමයි අපි ආණ්ඩු (government) පත් කර ගන්නේ. ආන්ඩුව යනු රාජ්‍යය ක්‍රියාත්මක කරන යාන්ත්‍රනය (the government is the mechanism of the state) වේ.
එනිසා රාජද්‍රෝහි වීම අපරාධමය වරදක් විය හැකි වුවත් ආන්ඩුද්‍රෝහි වීම කිසිදු වරදක් නොවේ.
සියලු පුරවැසියන්ට රැස්ව රාජ්‍යපාලනය කිරීමට හෝ එහි තීරණ ගැනීමට නොහැකි නිසා මැතිවරණයකදී තෝරා පත් කර ගත් ජනතා නියෝජිතයන් ටික දෙනෙකුට අප රට පාලනය කිරීමට භාර දෙන්නේ.
ඉතිං, රටක් පිලිවෙලකට කර ගෙන යෑමට විවිධ අණ පනත් නීති රෙගුලාසි පනවා ගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (constitution) කියන්නේ එම නීති අතර අග්‍ර නීතිය වේ. රට පාලනය කරන්නේ කවුරු කවුරුන්ද ඔවුන්ගේ බලතල හා වගකීම් මොනවාද ආදී බොහෝ විස්තර එහි ඇත. අපද මෑතකදී එවැනි අලුත් ඉතා අලංකාර හා ඉතා නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදා ඉදිරිපත් කර ඇත (එය කියවා බලන ලෙසද ආරාධනා කරනවා).
තවද, නීතිය (law) යනු යුක්තිය හා සාධාරණත්වය (justice) මතු කර ගන්නට හා ක්‍රියාත්මක කරවන්නට යොදා ගන්නා යාන්ත්‍රනයයි. එහෙත් දූෂිත පාලකයන් සමහර නීති සාදන්නේ උන්ට හොරකම් දූෂන කිරීමට පහසුකම් සපයා ගන්නටයි.
එනිසා රටේ පොදුවේ පවතින “නීතියට ගරු කරන්න“, “නීතිගරුක පුද්ගලයකු වන්න“ වැනි වැකි යල් පැන ගිය ඒවාය. රජ කාලයට ඒවා හොඳය. එනිසා අප පිලිගත යුත්තේ “යුක්තියට ගරු කරන්න“ , “යුක්තිගරුක පුද්ගලයකු වන්න“ වැනි වැකිවලටය.
නීතියෙන් යුක්තිය ඉටු නොවේ නම්, එවැනි නීතියට එරෙහි වන්න! එසේ එරෙහි වන්නට ප්‍රතිපාදන නීති පොතේ නැත මොකද දූෂකයන් එවැනි අයිතියක් ඔබට කොහොමත් ලබා දෙන්නේ නැහැනෙ. එම අයිතිය ඔබට ලැබෙන්නේ නීති පොතෙන් නොවේ ස්වභාව ධර්මයාගෙන් හා ඔය සියලු බලයන්ට උඩින් තිබෙන් පරමාධිපත්‍යය බලයෙනි. ඔබට මට එම බලය තිබේ. එහෙත් ඔබ එහි තිබෙන හැකියාව හා බලය හා ආනුභාවය ගැන දන්නේ නැත. අලියා දන්නේ නැහැ උගේ ශක්තිය ගැන එනිසයි ඌ අච්චර කුඩා හෙන්ඩුවට බය.
ඉතිං, ආණ්ඩුව තම වගකීම හා බලය හරිහැටි ඉටු කරයි නම්, යුක්තියට යටත්ව නීති ක්‍රියාත්මක කරයි නම්, රට වැසියාට පහසු දිවියක් උරුම කර දෙයි නම්, අපට සටන් කරන්නට අවශ්‍ය නැත. අපට අවශ්‍යත් එවැනි රාජ්‍යයක් තමයි. එහෙත් අපේ රටේ තත්වය එහෙමද? නීති අමු අමුවේ උල්ලංඝනය කරයි. මිනීමරුවන් ජනපති නිදහස ලබයි. තවත් මිනීමරු මන්ත්‍රීවරුන්ට ආශ්චර්යකින් මෙන් නිදහස ලැබේ උසාවිවලින්. ඔබෙන් හූරා කන සෑම සතයකින්ම මුං සුපිරි වාහනද, සුපිරි පහසුකම්ද ආදි ඉතා අධික වරප්‍රසාද ලබයි. ඊටත් අමතරව ඒවා මහා පරිමාන වශයෙන් ගසා ගෙන කයි. උන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැත.
උන් ඉදිරියේ අර උසාවියේ ඇස් බැඳ තිබෙන ලේඩි ජස්ටිස් වේස ගැහැනියෙක් පමනි; දුබල මිනිසකු ඉදිරියේ ඒකි කාලි මෑනිය.
රටේ ලමුන්ට කිරි කඳුලක් නැත. ගොවිතැනක් නැත. බොහෝ දේවල් නැත. නැති දේවල්වල ලිස්ට් එක ලියාගෙන යන්නට තරම් දිග වැඩිය. පාලකයාම තමන් වැරදි බව ප්‍රසිද්ධියේ පවසයි. ඊට තමන් වගකීම ගන්නා බවද කියයි. වගකීම ගන්නවා කියන්නේ නිකංම වචන තුනක වාඛ්‍යක් පමනක් වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය තුල දේශපාලකයකු වගකීම බාරගන්නවා කියන්නේ තමන් එය ඉටු කිරීමට අසමත් වූ විට ඉල්ලා අස් වීමයි. එවැනි උසස් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් අපි මෑතකදී එංගලන්තයෙන් දුටුවා. ජපානයෙන් ආදි තවත් රටවලින් දුටුවා. එහෙත් අපේ දේශපාලන පරපුටු මූසල පාලකයා ඒවා නොදැක්ක සේ සිටී. ඊට අමතරව ප්‍රජාතන්තවාදය ජපකරන නමුත් කොතරම් පැරදුනත් පක්ෂ නායකකම දාලා යන්නේ නැති තවත් වනචාරියකු අගමැත්තා බවටද පත් කර ගෙන ඇත.
මේ සියල්ල නීති විරෝධි වේ. ප්‍රජාතන්ත්‍ර විරෝදි වේ. මිනිස්කමට නොසෑහේ. කිසිදු ආකාරයකින් සාධාරණිකරනය කල නොහැක. මෙවැනි වටපිටාවක උඹට අපිට කටයි අහවල් එකයි වහගෙන නීතියට අනුව වැඩ කරපන්ලු. මෙවැනි තත්වයක් තුල ව්‍යවස්ථාවෙන් වැඩක් නැත. රටක නීතියෙන් වැඩක් නැත. ව්‍යවස්ථාවත් නීතියත් පවතින සමස්ථ පද්ධතියත් ප්‍රතික්ෂේප කරනවා එනම් එතැන ඇත්තේ විප්ලවයයි. අරගලය නොවේ.
එනිසා සමස්ථ සිස්ටම් චේන්ජ් එක වෙනස් කරන්නට අවශ්‍ය නම් විප්ලවය පැතිය යුතුය. එය ලංකාවේ තවමත් සාර්ථකව නිම කිරීමට හැකියාව තිබේ. එහෙත් තව කල් ගියොත් එම හැකියාවද නැති වනු ඇත. එම හැකියාව මොට කරන්නේ ආදර අරගලකරුවන්ය. එතැන සිටින අයට මේ ගැන ඇති තක්සේරුව කුමක්ද? තමන් යම් කුමන්ත්‍රනයකට හසුව ඇති බවක් ඔවුන්ට නොපෙනේ. ඔවුන්ගේ ඔලුව අතගා ඔවුන්ව හුරතල් කර ආදරනීයන් බවට පත් කර ඇත ඉහත මා සඳහන් කල විවිධ අය හා ආයතන මඟින්. තවද, ඔවුන් සමාජයේ ඉතා කුඩා පිරිසක් පමනයි. ඔවුන්ගේ අරගලය නිසා රට පුරා හැමදාම උදේ හවා රෑ විරෝධතා පෑ විවිධ තරාතිරමේ අය සොයා ගන්නට නැත. රෑ පාරවල් දිගේ පහන් දල්වා සිටි අය නැත. සියල්ලම ගෝල්ෆේස්වලට ඌනනය වී ඇත.
විප්ලවයට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලු විවිධ ප්‍රතිසංස්කරණ අපද තවත් අයද සතුව ඇත. අවශ්‍ය නම්, නව්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියටත් කතිකා කර ගත හැකියි. එහෙත් කඩිනමින් මේ සටන් නිමා කර ජයග්‍රහනය කල යුතුය. තව තව කූඩාරම් ගම්, අර ගම මේ ගම හැදුවාට වැඩක් නැත.
විශාල බැනර් තොගයක් ඉංග්‍රිසි බසින් ඇත. ඊට හේතුව අන්තර්ජාතික ප්‍රජාව ඇමතීමට විය හැකියි. එහෙත් උන්ට මේවා වැඩක් නැත. මෙතෙක් දවසක් උන් ලබා දුන් දෙයක්ද නැත ට්විටර් පනිවුඩ හැරෙන්නට. එවුන්ම අර බැංකු මංකොල්ලකාපු රනිල් පත් වුනාමත් සුබ පතා ට්විටර් පනිවුඩ එව්වා මතකද? දැන්වත් ගොන්පාට් නවතා සිස්ටම් චේන්ජ් එක කරමු.
තමන් ලැබූ දිවි පෙවෙතේ - කොටසක් රට සමය වෙතේ - පුද නොකලොත් නුඹෙන් පුතේ - මොලොවට කිසි පලක් නැතේ.