HS CODES
භාන්ඩ මෙන්ම සේවාද අපනයනය හා ආනයනය වුවත් එය අපනයන ආනයන වෙලඳාමක් සේ එකවර පෙනෙන්නේ නැත. එම සේවාව සැපයීමට (ඉස්සර තිබූ ප්‍රචලිතම ක්‍රමය) වූයේ සේවාව සපයන කෙනා අනෙක් රටට ගොස් එම සේවාව සැපයීමයි. එහෙත් අද අන්තර්ජාලය ප්‍රචලිත වීමත් සමඟ රටකින් රටකට නොගොස්ම අන්තර්ජාලය හරහා විවිධ සේවා සැපයීම ප්‍රචලිත වී තිබේ. ඒවාට ලැබෙන මුදල් ගෙවීම් paypal, payoneer වැනි සේවා හරහා පහසුවෙන් ලබා ගත හැකියි. එහෙත් අප මෙම ලිපිවලින් කතා කරන්නට යන්නේ සේවා ආනයන අපනයන ගැන නොව භාන්ඩ ආනයන අපනයන ගැනයි.
වෙලඳාම් කරන්නේ භාන්ඩයි (goods). ඉතිං ලෝකයේ නානාප්‍රකාරයේ බඩු තිබේ. එක් එක් භාෂාවලින් මේ බඩු හැඳින්වෙන්නේ එක් එක් නම්වලිනි. මෙය ගැටලුවක් ඇති කරන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඉතිං, මෙම ගැටලුව විසඳීමට 1988 දී පමන ලෝක රේගු සංවිධානය (World Customs Organization – WCO) Harmonized Commodity Description and Coding System ලෙස නමින් හැඳින්වෙන ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. එහෙත් බොහෝ දෙනා ඉහත දිගු නම වෙනුවට මෙම ක්‍රමවේදය දන්නේ Harmonized System හෙවත් HS Code යන හුරුබුහුටි කෙටි නමිනි. දැනට ලෝකයේ ඉතා විශාල රටවල් ප්‍රමානයක් මෙම ක්‍රමය භාවිතාවට ගන්නවා ශ්‍රී ලංකාවද ඇතුලුව.
මෙහිදී වෙලඳාම් කරන “සෑම“ භාන්ඩයක් සඳහාම අනන්‍ය අංකයක් හිමි වෙනවා. එනිසා ලෝකයේ කොතැනත් එම භාන්ඩය එම අංකයෙන් තමයි හැඳින්වෙන්නේ. හැබැයි එය නිකංම අහඹු ලෙස ලබා දෙන අංකයක් නොවේ. යම් ක්‍රමවේදයකටයි එම අංක ලබා දෙන්නේ. ඔබ අපනයන ආනයන වෙලඳාමෙහි නියැලේ නම් එච්එස් කෝඩ් ගැන හොඳ දැනුමක් තිබිය යුතුය. සමහර වෙලෙන්දෝ කස්ටම් ඔෆිස්ර්ලා සමග සියලු හතරවරම් ගේම් ගහන්නේ මෙම එස්එස් කෝඩ්වලිනි. මොහොතකින් ඔබට එය පැහැදිලි වේවි (හැබැයි එවැනි හොර වැඩ නොකර ව්‍යාපාර කිරීම තමන්ගේ වැදගත්කමයි).
සාමාන්‍යයෙන් එච්එස් කෝඩ් අංකයකට ඉලක්කම් 6ක් ඇත. ඉන් පලමු ඉලක්කම් දෙක CHAPTER ලෙස හැඳින්වෙනවා. ඊළඟ ඉලක්කම් දෙක HEADING ලෙසත් ඊටත් පසුව ඇති ඉලක්කම් දෙක SUBHEADING ලෙසත් හැඳින්වෙනවා.
ඒ අනුව 01, 02 ආදි ලෙස 99 දක්වා චැප්ටර් 99ක් ඇත. මේ එක් එක් චැප්ටර් එකෙන් භාන්ඩ ගැන යම් හැඟීමක් ලබා දේ. උදාහරණ ලෙස, පහත චැප්ටර් ටික බලන්න.
Chapter 01 - LIVE ANIMALS
Chapter 02 - MEAT & EDIBLE MEAT OFFAL
Chapter 03 - FISH & CRUSTACEANS
Chapter 04 - DAIRY, EGGS, HONEY, & ED. PRODUCTS
Chapter 05 - PRODUCTS OF ANIMAL ORIGIN
Chapter 06 - LIVE TREES & OTHER PLANTS
Chapter 07 - EDIBLE VEGETABLES
Chapter 08 - EDIBLE FRUITS & NUTS, PEEL OF CITRUS/MELONS
Chapter 09 - COFFEE , TEA, MATE & SPICES
Chapter 10 - CEREALS
Chapter 11 - MILLING INDUSTRY PRODUCTS
Chapter 12 - OIL SEEDS / MISC.GRAINS / MED.PLANTS / STRAW
Chapter 13 - LAC, GUMS, RESINS, ETC.
Chapter 14 - VEGETABLE PLAITING MATERIALS
Chapter 15 - ANIMAL OR VEGETABLE FATS, OILS & WAXES
Chapter 16 - ED.PREP.OF MEAT, FISH, CRUSTACEANS, ETC
Chapter 17 - SUGARS & SUGAR CONFECTIONERY
Chapter 18 - COCOA & COCOA PREPARATIONS
Chapter 19 - PREPS.OF CEREALS, FLOUR, STARCH Or MILK
Chapter 20 - PREPS OF VEGS, FRUITS, NUTS, ETC.
Chapter 21 - MISC.EDIBLE PREPARATIONS
Chapter 82 - TOOLS, SPOONS & FORKS OF BASE METAL
Chapter 83 - MISCELLANEOUS ARTICLES OF BASE METAL
Chapter 84 - NUCLEAR REACTORS, BOILERS, MACHINERY & MECHANICAL APPLIANCES, COMPUTERS
Chapter 85 - ELECTRICAL MACHINERY & EQUIP. & PARTS, TELECOMMUNICATIONS EQUIP., SOUND RECORDERS, TELEVISION RECORDERS
Chapter 86 - RAILWAY OR TRAMWAY LOCOMOTIVES, ROLLING STOCK, TRACK FIXTURES & FITTINGS, SIGNALS
Chapter 87 - VEHICLES OTHER THAN RAILWAY OR TRAMWAY ROLLING STOCK
Chapter 88 - AIRCRAFT, SPACECRAFT, & PARTS THEREOF
Chapter 89 - SHIPS, BOATS, & FLOATING STRUCTURES
Chapter 90 - OPTICAL, PHOTOGRAPHIC, CINEMATOGRAPHIC, MEASURING, CHECKING, PRECISION, MEDICAL OR SURGICAL INSTRUMENTS & ACCESSORIES
Chapter 91 - CLOCKS & WATCHES & PARTS THEREOF
Chapter 92 - MUSICAL INSTRUMENTS, PARTS & ACCESSORIES
Chapter 93 - ARMS & AMMUNITION, PARTS & ACCESSORIES
Chapter 94 - FURNITURE, BEDDING, CUSHIONS, LAMPS & LIGHTING FITTINGS NESOI, ILLUMINATED SIGNS, NAMEPLATES & THE LIKE, PREFABRICATED BUILDINGS
සාමාන්‍යයෙන් ආනයනකරුවෙක් හෝ අපනයනකරුවෙක් මේ සියලු එච්එස් කේත ගැන දැනගන්නට අවශ්‍ය නැත. කාටද පුලුවන් ලෝකයේ තියෙන හැම මගුලක් ගැනම සොයා බලන්නට. තමන් ආනයනය හෝ අපනයනය කරන බඩුවලට අදාල එච්එස් කේත ගැන තමයි හැමෝම හොයල බලන්නේ. ඉතිං කවුරු හරි පරිගනක ආනයනය කරනවා නම් බොහෝ විට ඔහු 84 චැප්ටර් යටතේ තිබෙන එච්එස් කේත ගැනයි දන්නේ.
මෙහිදී 98 හා 99 යන චැප්ටර් දෙක විශේෂිතයි. ඒවා Special Classification Provisions ලෙස හැඳින්වේ. එම අංක යටතේ භාන්ඩ වර්ගීකරණය අන්තර්ජාතික මට්ටමෙන් නොව ජාතික මට්ටමිනුයි සිදු වන්නේ. ඒ කියන්නේ ඒ ඒ රටවලට අයිතිය තිබෙනවා තමන්ට කැමති විදියට එම අංක යටතේ භාන්ඩ වර්ගීකරනය කරන්න. එනිසා එම අංක යටතේ ඇති භාන්ඩ රටින් රටට වෙනස් විය හැකියි. මා දන්නා පරිදි ලංකාවේ එම චැප්ටර් තවම යොදා ගන්නේ නැත. ඇමරිකානු රජය එය යොදා ගන්නවා.
උදාහරන ලෙස, 9801 යන කේතය ඔවුන් යොදා ගන්නවා ඇමරිකාවේ නිපදවූ යමක් පිටරටක සිට නැවත ඇමරිකාවට එවන විට; එවැනි භාන්ඩයකට 9801 කේතය යටතේ ඇමරිකාව තුලට ගෙන ඒමට හැකියි. මෙහිදී යම් කොන්දේසියක් තිබෙනවා; එනම්, එලෙස ගෙන එන භාන්ඩයට අගය එකතු කිරීමක් හෙවත් වැඩි දියුනු කිරීමක් සිදු වී තිබෙන්නට බැරිය. නිකමට හෝ අගය එකතු කිරීමක් සිදු කර ඇත්නම් ඊට 9802 යන කේතය ලැබේ. අපි හිතමු මෙය ඇමරිකාවේ නිපදවා පිටරටට යවා නැවත ඇමරිකාවට ගෙන එන යම් පරිගනකයක් කියා. ඒ අනුව පරිගනකයට සුපුරුදු 84 යන චැප්ටර් අගය යටතේ කේතයකුත් තිබෙනවා 98 යටතෙත් කේතයක් තිබෙනවා. ඉතිං ආනයනකරුට තමයි අයිතිය ලැබෙන්නේ කුමන අංකය යටතේ තම භාන්ඩය දමනවාද කියා. ඉන් තමන්ට අඩු බදු මුදලක් ලැබෙන එක ඔහු නිසැකවම තෝරා ගනීවි. මෙවැනි සුවිශේෂි භාවිතාවන් සඳහා තමයි 98 හා 99 චැප්ටර් වෙන් කර තිබෙන්නේ. ඒවා භාවිතාවට ගැනීම හෝ නොගැනීම ඒ ඒ රටවල් සතු අයිතියක්.
දල වශයෙන් මෙම චැප්ටර්වලින් එකක් යටතට ලෝකයේ වෙලඳාම් කල හැකි ඕනෑම භාන්ඩයක් ඇතුලත් කල හැකියි. මේ එක් එක් චැප්ටරයක් තුල නැවත එම භාන්ඩ යම් පිලිවෙලකට වර්ගීකරණය කරන්නේ හෙඩිං තුලිනි. හෙඩිමක්ද 01 සිට 99 දක්වා ඇත. උදාහරණ ලෙස 01 යන චැප්ටරය යටතේ ඇති පහත හෙඩිං බලන්න.
0101 Horses , Asses, mules And hinnies, live
0102 bovine animals, live
0103 swine , live
0104 sheep and goats, live
0105 chickens, ducks, geese, turkeys, and guineas, live
0106 animals, live, nesoi (Nesoi - not elsewhere specified of indicated).
ඉහත හෙඩිං 01 යන චැප්ටර් එක යටතේ වේ. පහත හෙඩිං එන්නේ 49 යන Printed books, newspapers, Pictures, MANUSCRIPTS, TYPESCRIPTS & PLANS යන චැප්ටර් එක යටතේ වේ.
4901 books, brochures & similar printed matter
4902 newspapers , journals & periodicals
4903 Children 's picture, drawing or coloring books
4904 music, printed or in manuscript, bound etc or not
4905 maps & hydrographic charts etc, atlases etc
4906 plans, drawings for architectural, etc purposes
4907 unused postage, check forms, banknotes, stock, etc
4908 transfers (decalcomanias, except toy)
4909 printed or illustrated post cards, greeting cards, etc.
4910 calendars, calendar blocks of any kind, printed
4911 printed matter nesoi, including print pictures & photos
මේ එක් එක් හෙඩිමක් යටතේ නැවත සබ්හෙඩිමක් බැඟින් ඇත. එම සබ්හෙඩිමද 00 සිට 99 දක්වා ඇත. උදාහරණ ලෙස පහත සබ්හෙඩිම් ටික බලන්න.
490110 In single sheets, whether or not folded
490191 Dictionaries and encyclopedias, and serial installments thereof
490199 Other
490400 Music, printed or in manuscript, whether or not bound or illustrated
490810 Transfers (decalcomanias), vitrifiable
490890 Other
491110 Trade advertising material, commercial catalogs and the like
491191 Pictures , designs And photographs
491199 Other
සාමාන්‍යයෙන් මෙම අංක 6න් ඕනෑම භාන්ඩයක් හඳුන්වාදිය හැකිය. ගණිතමය පැත්තෙන් බැලුවොත් එලෙස එච්එස් කෝඩයක අංක 6කින් හඳුන්වා දිය හැකි මුලු භාන්ඩ ප්‍රමානය 99x99x100 = 980,100 කි. දල වශයෙන් මිලියනයකි. ඇත්තටම ඉහත එච්එස් කෝඩ් තනි තනි භාන්ඩයක්ම හඳුනා ගන්නට යොදා ගන්නවාට වඩා යම් භාන්ඩ පංතියක්ම හඳුනා ගැනීමට යොදා ගන්නා බවකුයි ප්‍රායෝගිකව පෙනෙන්නට තිබෙන්නේ. අංක හයක එච්එස් කෝඩ් කිහිපයක් පරීක්ෂා කර බලන්න. එවිට ඔබට එය වැටහේවි.
ඉහත එච්එස් කෝඩ් හඳුන්වාදීමට හෝ වෙනස් කිරීමට බලය තිබෙන්නේ ලෝක රේගු සංවිධානයටයි. අවසන් වරට මෙම සංවිධානය විසින් මෙම කේත යාවත්කාලීන කර තිබෙන්නේ 2017 වසරේදීය. සෑම වසර පහක් හෝ හයකට සැරයක් මෙම කේත පද්ධතිය යාවත්කාලීන කෙරේ.
එහෙත් විවිධ හේතු (විශේෂයෙන් විවිධ බදු අගයන් පැනවීමට) නිසා රටකට අවශ්‍යතාවක් තිබිය හැකියි යම් භාන්ඩ පංතියක තිබෙන භාන්ඩ වෙන් වෙන්ව හඳුනාගන්නට. එවිට, ඒ ඒ රටවලට අයිතියක් ලබා දී තිබෙනවා ඉහත අංක හයේ එච්එස් කේතයේ අගට තව ඉලක්කම් දෙකක් යොදාගෙන එවැනි භාන්ඩයක් තවත් වෙන් කොට දක්වන්නට. එවිට එච්එස් කෝඩ් එක අංක අටක් වනු ඇත. අංක අටෙන් අවසන් අංක දෙක tariff rate ලෙස හැඳින්වෙනවා (ඔබ දන්නවා ටැරිෆ් කියන්නේ බදු හෙවත් tax යන එකමයි).
ඇත්තටම බොහෝ එච්එස් කේත භාවිතයේ පවතින්නේ අංක අටක කේත වශයෙන් තමයි. එහිදී, ආනයනකරු හා අපනයනකරු අතර ගනුදෙනුව කතා කරන්නේ අංක හයේ කේත පදනම් කරගෙනයි මොකද දෙදෙනාම එකම ජාත්‍යන්තර සම්මුතියෙන් බැඳෙන නිසා. එහෙත් ආනයනකරු තම රට තුල රේගු කටයුතු කරන විට, අංක අටේ එච්එස් කේතය භාවිතා කිරීමට සිදු වෙනවා (අංක අටේ කේතයක් නැතිනම් පමනක් අංක හයේ කේතය ඉබේම භාවිතා කිරීමට සිදු වෙනවානෙ).
උදාහරනයක් ලෙස, ඉහත 490191 යන කේතය යටතේ ඩික්ෂනරි වැටේ. එහෙත් ලංකා රජයට පුලුවන් 490191.01 ලෙස අලුත් අංක 8ක කේතයක් හඳුන්වා දෙන්න සිංහල-ඉංග්‍රිසි ඩික්ෂනරි සඳහා. එලෙසම දෙමල-ඉංග්‍රිසි ඩික්ෂනරි සඳහා 490191.02 ලෙස අංක 8ක කේතයක්ද හඳුන්වා දිය හැකියි. එලෙසම ඉන්දියානු රජයත් 490191.01 වැනි අංක 8ක කේතයක් හඳුන්වාදිය හැකියි හින්දි-ඉංග්‍රිසි ඩික්ෂනරි සඳහා. අංක හයේ කේතය වගේ නෙමෙයි, මෙවැනි අංක අටේ කේතයක් ලෝකයටම පොදු එකක් නොවේ. අවසන් ඉලක්කම් දෙක තමන්ට කැමති විදියට ඒ ඒ රටවල් විසින් යොදා ගත හැකියි.
එච්එස් අංක නිකංම 490191 ලෙස හෝ 4901.91 ලෙස (මුල් ඉලක්කම් හතරට පසුව ඩොට් එකක් ඇතිව) ලිවිය හැකියි. තවද අංක අටක කේතයක් 4901.91.10 ලෙසද ලිවිය හැකිය. එම වෙනස්කම් එතරම් වැදගත් නැති අතර, ඔබ ඒවා නිතර දකින විට ගානක් නැතිවද යයි.
ඉහත රූපයෙන්ද දැක්වෙන පරිදි ටැරිෆ් රේට් එකට අමතරව තවත් අංක දෙකක්ද පවතිනවා. එවිට සමස්ථ එච්එස් කෝඩ් එක ඉලක්කම් 10ක් වනු ඇත. මෙම ඉලක්කම් දෙක tracking suffix හෝ statistical suffix ලෙස හැඳින්වෙනවා. එම ඉලක්කම්වල අරමුන රට තුලට ඇතුලුවන හා ඉන් පිටවන භාන්ඩ ගැන හොඳ සංගනන දත්ත තබා ගැනීමයි. එනිසා එම කොටස අපට එතරම් වැදගත් නැත.
අංක කීයක එච්එස් කේතයක් වුවත් ඉන් පලමු අංක අය මුලු ලෝකයට පොදු බව මතක තබා ගන්න. ඒ අංක හය හැරුනහම අගට ඇති ඉලක්කම් දෙක හෝ හතර (සමහර අවස්ථාවල තවත් අංක දෙකක්, එනම් අංක 12ක එච්එස් කෝඩ්ද තිබිය හැකියි) national purpose part ලෙස හැඳින්වෙනවා.
ඉතිං, එච්එස් කේතයක අරමුන භාන්ඩ හඳුනා ගැනීමට කියල දන්නවනෙ. එලෙස භාන්ඩ හඳුනා ගැනීමේ අරමුන නිකංම භාන්ඩයකට අංකයක් දීමට නොවේ. බදු ගැසීමේදී මෙම අංක වැදගත්ය.
ආනයන අපනයන ක්‍රියාවලියේදී විවිධ බදු ගැසීම් සිදු වේ. මෙම බදු තීරු බදු ලෙස හැඳින්වෙනවා. ආනයන තීරු බදු (import duty) හා අපනයන තීරු බදු (export duty) ලෙස මෙය දෙයාකාරයි. මෙම බදු අගයන් ඉදිරිපත් කරන්නේ මෙම hs code මගිනි. තීරු බදුවලට අමතරව වැට්, එකසයිස් බද්ද, සෙස් ආදි තවත් බදු වර්ගද තිබෙන අතර, එම බදු අගයන්ද ඉදිරිපත් කරන්නේ මෙම එච්එස් කේත ඉදිරියෙනි.
ඔබ අසා ඇති විවිධ වෙලඳ ගිවිසුම් රටවල් අතර පවතින බව. ලංකාවත් එවැනි ගිවිසුම් රාශියකට අත්සන් කර තිබේ. පහත දැක්වෙන්නේ එවැනි ගිවිසුම් කිහිපයක්ය.
1.
ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙලඳ ගිවිසුම
(Indo Sri Lanka Free
Trade Agreement – ISFTA) - මෙය ඉන්දියාව හා ලංකාව අතර පමනක් වලංගු
ද්වි-පාර්ශ්වික ගිවිසුමකි.
2.
පකිස්තාන්-ශ්‍රී ලංකා නිදහස් වෙලඳ
ගිවිසුම (Pakistan Sri
Lanka Free Trade Agreement – PSFTA) -
මෙය පකිස්තානය හා ලංකාව අතර පමනක් වලංගු ද්ව-පාර්ශ්වික ගිවිසුමකි.
3.
සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙලඳ
ගිවිසුම (Singapore Sri
Lanka Free Trade Agreement)
4.
දකුනු ආසියානු කලාප නිදහස් වෙලඳ
ගිවිසුම (South Asian
Free Trade Agreement – SAFTA) - මෙය දකුනු ආසියානු කලාපයට අයත්
රටවල්වන ලංකාව, ඉන්දියාව, බංගලදේශය, පකිස්තානය, භූතානය, නේපාලය යන රටවල් සමූහයටම
පොදු බහු-පාර්ශ්වික ගිවිසුමකි.
5. Global System of Trade Preferences (GSTP) ගිවිසුම - මෙයත් බහුපාර්ශ්වික ගිවිසුමකි.
මෑත කාලයේ සිංගප්පූරු වෙලඳ ගිවිසුම ගැන රට තුල විශාල සංවාදද ඇති විය. ඇත්තටම මෙවැනි ගිවිසුම්වලින් බොහෝ විට සිදු වන්නේ එම ගිවිසුම්ගත රටවලින් තෝරාගත් භාන්ඩ හඳුනා ගෙන එවැනි භාන්ඩ ආනයනය කිරීමේදී ඒවාට බදු නොගසා සිටීමට හෝ අඩු බද්දක් ගැසීමට තීරණය කිරීමයි. එහෙත් ලංකාවේ සමහර මුග්ධ පාලකයන් මෙවැනි ගිවිසුම්වලට අත්සන් කරන්නේ තම රට බංකලොත් කිරීමට සිතාගෙනදැයි සැකයක්ද මතු වේ.
වෙලඳ ගිවිසුම් මඟින් එම භාන්ඩ එම රටවලින් වැඩි වැඩියෙන් ආනයනය සිදු කිරීමට පෙළඹවන අතර එම රටවල් අතර වෙලඳාමද දියුනු වේ. ඉතිං බුද්ධිමත්ව කල්පනා කලොත් තම රටට වඩා වාසිදායක විදියට මේවා කල හැකියි. උදාහරන ලෙස, ඇමරිකාව හා ලංකාව අතර යම් ගිවිසුමක් නිසා (එහි නම මට මතක නැත) ලංකාවේ අයකුගේ පොත් ඇමරිකාව තුල අලෙවි කිරීමෙදි ඉන් ලැබෙන ආදායම මත ඇමරිකානු රජය විසින් ගහන විශාල 30%ක බද්ද වෙනුවට 10% කුඩා බද්දක් ගසයි. ඇත්තටම ඇමරිකාව තුල අලෙවි වන මගේ පොත්වලටද එම සහනය ලැබේ. එවැනි සහන ඉබේ ලැබෙන්නේ නැති අතර, අදාල අයදුම්පත් පුරවා අදාල ආයතනයට භාර දිය යුතුය.
මෙලෙස ගිවිසුම්ගත වීමේදිත් එච්එස් කෝඩ්වලින් තමයි බදු සහන ලැබෙන භාන්ඩ ලැයිස්තුගත කරන්නේ. මේ අනුව, එච්එස් කේතවල ප්‍රයෝජනය හා භාවිතාව ප්‍රචලිත බව වටහ ගන්න. පහත දැක්වෙන්නේ ලංකා රජය විසින් මා මේ ලිපිය ලියන මොහොත තුල එච්එස් කේත කිහිපයකට ගසන විවිධ බදු වර්ග වේ. බැලූ බැල්මට මෙය තරමක් සංකීර්න යැයි හැඟුනත් මෙය සරල වගුවකි. පසුවට නැවත මේ ගැන විස්තරාත්මකව අපි කතා කරමු. මෙහි IN, PK ආදි ලෙස තිබෙන්නේ විශේෂ අඩු බදු අගයන් හිමි කර දෙන විවිධ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෙලඳ ගිවිසුම්ය. උදාහරන ලෙස, IN යනු ඉන්දු ලංකා වෙලඳ ගිවිසුම වන අතර PK යනු පකිස්තාන ලංකා වෙලඳ ගිවිසුමයි.
රජය වාර්ෂිකව පාර්ලිමේන්තුව තුල අයවැයක් (budget) ගේන බව ඔබ දන්නවානෙ. මෙන්න මෙම බජට් එක තුල සාමාන්‍යයෙන් ලංකාවේ බදු සංශෝධනද ගෙන එනවා. ඒ කියන්නේ ආනයන අපනයන බදුද වෙනත් බදුද වෙනස් වීමට ඉඩ තිබෙනවා. එනිසා හැමදාම එක එච්එස් කේතයකට අදාල බදු අගයන් නියතව පවතින්නේ නැත.
ලංකාව තුලදී වාර්ෂිකව හෝ යම් කාලයකට සැරයක් මේ සියලු බදු අගයන් සියලු එච්එස් කේත සඳහා පොතක් ආකාරයට නිකුත් කරනවා. ඇත්තටම එය විශාල පොතක ආකාරයෙන් තිබුනත් එය සාමාන්‍ය රජයේ ගැසට් එකකි. ආනයන අපනයන කරන අය අඩුම ගානේ එක වරක් හෝ මෙම ගැසට් එක මිල දී ගෙන ලබා ගැනීම සුදුසුය. වසරකින් හෝ දෙකකින් එය අවලංගු වුවත්, එය කියවා වැදගත් කරුනු ඔබට ඉගෙන ගත හැකිය. දැන් නම් එම ගැසට් එක මිල දී නොගෙන ලංකාවේ රේගුවේ වෙඩ් අඩවියෙන්ද නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියි (මෙම ලින්ක් එකෙන් ගොස් ඩවුන්ලෝඩ් කර ගත හැකියි).
https://www.customs.gov.lk/customs-tariff/import-tariff/
තවද, ආනයන අපනයනයේදී ඉම්පෝටර් හා එක්ස්පෝටර් අතර ගනුදෙනුව ගැන සාකච්ඡාව යන විට එලෙස යවන බඩුවල එච්එස් කේත ගැනත් තීරණයකට එනවා. ඒ කියන්නේ දෙදෙනාම එකම එච්එස් කේතයකට අදාල බඩු ගැනයි කතා කරන්නේ.
HS code ගැන ඇත්තටම දත යුතු තවත් කරුනු රාශියක් ඇත. ඔබ HS code පොතක් (පෙර සඳහන් කල ගැස්ට් එක) අරං කියවා එම දැනුමද ලබා ගැනීම ඔබට මෙම ක්ෂේත්‍රය ගැන පහසු හැඟීමක් ඇති කරවීමට හේතු වේවි. ඉහත අංකවලට අමතරව, එම අංක කියවා තේරුම් ගත යුතු ආකාරය ගැන විවිධ රීතින්ද එම පොත්වල ඇත. මෙම රීති Section notes, Chapter notes, Heading notes, Subheading notes ලෙස හැඳින්වේ. ඊට අමතරව ඉතා වැදගත් රීති 6කින් සමන්විත General Interpretative Rules (GIR) ලෙස හැඳින්වෙන රීතිද ඇත.
සාමාන්‍යයෙන් එච්එස් කේත පෙලගස්වා තිබෙන්නේ සරල සංකල්ප කිහිපයක් මතයි. ඒ ගැනත් කෙටියෙන් බලමු (සාමාන්‍ය දැනීම සඳහා).
චැප්ටර්, හෙඩිං, සබ්හෙඩිං ආදිය අපට කේතය තුල ඉලක්කම් වශයෙන්නෙ දක්නට ලැබෙන්නේ. එහෙත් සමස්ථ එච්එස් කේත පද්ධතියම මූලිකව SECTION 21 කට කඩා ඇත. එම සෙක්ෂන් කුමක්දැයි එච්එස් කේතය බලා දැන ගත නොහැකිය (අර පොතක් බලා දත හැකියි). උදාහරණ ලෙස, චැප්ටර් අංක 01 සිට 05 දක්වා කොටස සෙක්ෂන් 1 යටතටද චැප්ටර් අංක 06 සිට 14 දක්වා සෙක්ෂන් 2 යටතද වැටේ.
සාමාන්‍යයෙන් සබ්හෙඩිම් තුල ඇත්තේ බොහෝ දුරට එක සමාන/සමාන්තර භාන්ඩ වේ (එහෙත් ඒවා අතර වෙනස්කම් අනිවාර්යෙන්ම පවතී). එවිට, එම සබ්හෙඩිම් අංක පෙලගස්වන ක්‍රමයක් ඇත. එහිදී වඩා සුවිශේෂිව හඳුනාගත හැකි භාන්ඩය (SPECICIF GOODS) මුල්/කලින් ඉලක්කම්වලින් හැඳින් වන අතර, සබ්හෙඩිමක ඉලක්කම් අගය ඉහලට යන්නට යන්නට ඉන් කියන්නේ භාන්ඩය තව තවත් සුවිශේෂි නොවී වඩ වඩා පොදු වන බවයි. ඒ අනුව සබ්හෙඩිමක ඉහල ඉලක්කම්වලින් දැක්වෙන්නේ වඩා පොදු භාන්ඩයි (GENERAL GOODS).
උදාහරණ ලෙස, 01.06 යන හෙඩිම තුල “වෙනත් ජීවී සතුන්“ යන වර්ගීකරණය තිබේ. එහි 0106.11 යන සබ්හෙඩිම තුල ප්‍රයිමේටා යන වර්ගයට අයත් ජීවි සතුන්ද, 0106.12 යන සබ්හෙඩිම තුල Whales, dolphins and porpoises (mammals of the order Cetacea); manatees and dugongs mammals of the order Sirenia); seals, sea lions and walruses (mammals of the suborder Pinnipedia) යන සතුන්ද, 0106.13 යන සබ්හෙඩිම යටතේ Camels and other camelids (Camelidae ) යන සතුන්ද, 0106.14 යන සබ්හෙඩිම යටතේ මීයන්ද, ආදි වශයෙන් ලැයිස්තුවක් ඇති අතර, 0106.49 යන සබ්හෙඩිම යටතේ “වෙනත්“ (other) වශයෙන්ද දක්වා තිබේ. ඒ කියන්නේ 0106.49 සබ්හෙඩිම වන තුරු 0106 යන හෙඩිම යටතේ ලැයිස්තුගත කර ඇති සියලු සතුන් හැරුනහම වෙනත් සතකු වේ නම්, අන්න එම සතා අයත් වන්නේ 0106.49 යන සබ්හෙඩිමටයි. ඉතිං ඔබට බැහැ, උදාහරන ලෙස, ඔබේ කම්මැලිකමට හෝ නොදැනුවත්කමට ඔබට සිටින සියලු සතුන්ගේ වෙන වෙනම එච්එස් කේත නොලියා ඔක්කොම එකට 0106.49 යන කේතය යටතේ වර්ගීකරණය කරන්න. එය නීති විරෝධි වේ.
එනිසා එච්එස් කෝඩ් කියවා හරි එච්එස් කේතය සොයා ගැනීමේදී පිලිපැදිය යුතු රීති තිබෙන බව පැහැදිලියිනෙ. එම සියලු රීති අර පොත්වල තිබෙන නිසා නැවත මා කියන්නේ එම පොතක් නිවිසැනසිල්ලේ කියවා බලන ලෙසයි. එම රීති හොඳින්ම දැනගත් අය තමයි අවසානයේ ආනයනයේදී කම්බ හොරු බවට පත් වන්නේ මොකද ඒවායේ හොර කිරීමට ක්‍රම ඉබේම හමු වේ ඒවා කියවා තේරුම් ගන්නා විට.
උදාහරණයක් ලෙස, යම් භාන්ඩයකට විශාල බද්දක් ගසා තිබේ යැයි සිතමු. එවිට, එම එච්එස් ගැන හොඳ අවබෝධයක් තිබෙන කෙනාට පේනවා එම භාන්ඩයම බද්ද අඩු වෙනත් එච්එස් කෝඩ් එකක් යටතේත් අවශ්‍ය නම් දැමිය හැකි බව. එහෙත් කස්ටම් ඔෆිසර්ලා තම වගකීම අවංකව හිටු කරනවා නම්, එය කිරීමට හරිම අපහසුය මොකද උන් බබ්බු නෙමේනෙ; උනුත් එච්එස් කෝඩ් දන්නවනේ. එහෙත් සිදු වන්නේ අල්ලසට උනුත් යට වීමයි. ඉතිං, කෝටි දෙක තුනක බදු සහනයක් ආනයනකරු අනියමින් ලබා ගෙන කෝටියක පමන අල්ලසක් දුන්නත් තවත් කෝටි කිහිපයක ලාභයක් ආනයනකරුට ඇත.