Skip to main content

සබ්‍රිගේ රෙද්ද පල්ලෙන් බේරෙන නීතිය

සිතට සියුම් කාලකන්නි සතුටකුත් තියෙනවා ආදර අරගලය අල වෙලා තියෙනවා දැක්කහම. එක එක දේශපාලුවන්ගේ හා පක්ෂවල හා බල කන්ඩායම්වල අදිසි කුමන්ත්‍රනවලට එම අරගලය හසු වී තිබෙන බව අපි දුටුවා, ලිව්වා හා පැවසුවා. එහෙත් උන්ට වඩා දේශපාලන ඔස්තාර්ලා නැහැ වගෙයි සමහර එවුන් හැසිරුනේ. මා දැන් මා සමඟ වැඩ කල එවැන්නවුන්ගේ ෆෝන් කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැත (උඹල කෝල් කලත් ඒවාට ආන්සර් නොකරන හේතුව දැන් මේක කියවන කොට උඹල දැනගනිල්ලා). හැටනව ලක්ෂෙ ගොන් නාම්බන්ට දෙවැනි නැහැ ආදර අරගලකරුවන්.

මෑතක අලිසබ්‍රිගේ සුපුරුදු සුචරිතවාදී පොර ටෝක් එකක් ඇහුනා පාර්ලිමේන්තුව තුල සිදු කරනවා. ඔහු සමස්ථ නීති ප්‍රජාවට දොස් කියනවා එදා රටපුරා මිනිසුන් දේශපාලුවන්ට හා උන්ගේ හෙන්චයියන්ට පහර දී යම් යම් දේපල ගිනි තැබීම ගැන. එහෙත් ඌ ටිකක් ඌ සිටින තැන විමසා බැලිය යුතුය. ඌ බත් බැලය වගේ ආරක්ෂා කරන රාජපක්කයන් ගැන ඌ දන්නෙම නැද්ද? 

තාජුඩීන් වැනි ක්‍රීඩකයන් හා ලසන්න වික්‍රමතුංග වැනි මාධ්‍ය වේදින් අමු අමුවේ මරා දැමූ, සිරස සියත වැනි ජනමාධ්‍ය ගිනි තැබූ හා ඒවාට ක්ලේමෝ බෝම්බ ගැසූ, එක්නැලිගොඩ වැනි අයව අතුරුදහන් කර වූ, පෝද්දල ජයන්ත වැනි අයට අමානුෂික ලෙස පහර දුන්නු, රටේ ධනය මහා දවාලේ මංකොල්ල කාපු එවුන්ගේ පැත්තේ නේද තමන් සිටින්නේ කියා සබ්‍රිට අමතකද? සබ්‍රිගේ මහා ලොකු නීති විනිශ්චයට ඩේසි ආච්චිගේ මැනික් මල්ල, සිරිලිය නැන්දගේ හැඳුනුම්පත හසු වන හැටිත් ඔය වගේම ප්‍රසිද්ධියේ කිව්වොත් නරකද?

එනිසා මේ වගේ අධමයන්ට නීති ප්‍රජාව සුදුසු වචනවලින් පිලිතුරු දිය යුතුය. ජනාධිපති නීතිඥ පට්ටමත් දේශපාලන හෙන්චයියන්ට ලැබෙන බව අප දන්නවා. එහි ඉස්සර තිබූ ගරුත්වයක් නැත. මට මතක් වන්නේ ආචාර්ය මර්වින් සිල්වාය!

කවුරු මොනව කිව්වත් එදා රටේ ජනතාව පොදුවේ ඒ සිදු කලේ වීර ක්‍රියාවක්මයි. එය ප්‍රචන්ඩත්වය ලෙස අපි එදා හැඳින්නුවෙත් නැහැ අද හඳුන්වන්නෙත් නැහැ. (ඒ අතරෙ මංකොල්ලකාපු එවුන් ඉන්නව නම් උන්ටත් නෙලන්න තිබ්බා).

ලෝකෙට පේන්න සුචරිතවාදී චරිත රඟපාන එවුන් ඕනෑතරම් සිටී. ඒ එවුන්ගේ ජොබ් එකට ගැලපෙන චරිතයයි රඟපාන්නේ. එක්කෝ උන් ඉන්න ඊනියා elite සමාජයට පෑහෙන්න උත්සහ කරනවා. එහෙත් හිත යටින් එවැනි බොහෝ අයටත් සතුටක් තිබෙන බව පේනවා වෙච්ච දේට. එය ලංකා සමාජයේ ලාක්ෂනිකයක්නෙ කොහොමත්. පෝයට සිල් ගන්න අයගෙ සීලවන්තකම බැලුවත් එය පැහැදිලියි.

ගිනි තැබීම හෝ මිනී මැරීම අප සලකා බැලිය යුත්තේ සන්දර්භයට සාපේක්ෂවයි. උසාවියකින් දුන් නඩු තීන්දුවක් අනුව කෙනෙකු එල්ලා මැරීමත් මිනී මැරුමක් තමයි. ත්‍රස්තවාදී යුද්ධයකදී ත්‍රස්තයකුට වෙඩි තබා ජීවිතක්ෂයට පත් කිරීමත් මිනී මැරුමක් තමයි. ඒ නයින් මේ සියලුම මැරීම් හෙලා දැකිය යුතුය. එහෙත් එහෙම කරන්නෙ නැහැනෙ. ධර්මය රට තුල පවත්වා ගැනීමට අධාර්මිකයින් මැරිය යුතුයි එවුන් තමන් විහින් හැදෙන්නේ නැති නම්. මා හැමවිටම ගරුත්වයෙන් සලකන භගවත් ගීතාවේහි ශ්‍රී ක්‍රිෂ්නා (විෂ්නු දෙවියන්) අර්ජුන්ට කියන්නේද ඒකයි; මහා භාරත් යුද්ධය සිදු කලේද ඒකයි. (මා දෙවියන් විශ්වාස කරන අයකු නොවුනත් එහි ඇති සංඛේතාත්මක හා දාර්ශනික වටිනාකමට කැමැතියි).

ජනතා නියෝජිතයන් ජනතා මුදලින් සැප විඳපු හැටි අපි දැක්කා. උන් ජනතාවගේ නියෝජිතයන් බව අමතක කර ජනතාවගේ හාම්පුතුන් සේ හැසිරෙනවා අපි දැක්කා. උන් ජනතාවට තර්ජනය කරන හැටිත් අපි දැක්කා. උන් රට කාබාසිනියා කරන හැටිත් අපි දැක්කා. රටේ නීතිය අමු අමුවේ ඝාතනය කරන හැටිත් අපි දැක්කා පමනක් නොවේ නපුංසක පොලිස්පතිත් එය වක්‍රාකාරයෙන් කිව්වා. නීතිය අපට පෙන්වා එවුන් යුක්තිය විනාශ කරන හැටිත් අපි දැක්කා. අවසානයේ ළඳරුවාගේ සිට තරුනයා හා මහල්ලා දක්වා සියලුම ජනතාම මහා පාරේ දවස ගෙවන, කන්න බොන්න හිඟ, බෙහෙතක් නැති රටක් අපට උරුම කර දුන්නා. ඒ සියල්ල කළත් ඒ කිසිවක් උන්ට ගානක් නැතිව හැසිරෙන හැටිත් අපිට පේනවා. 

මේ සියල්ල දැක දැක නිවට ජනයා ආදර අරගල කරන හැටිත් අපිට පේනවා. තරුන තරුනියෝ සමනල පැටව් වූ හැටිත් අපි දකිනවා. ඊයේ පෙරේදා දේශපාලන සටන් පාට කියන්න පටන් ගත් එවුන් ජාතික වීරයන් වෙන්න හදන හැටිත් පේනවා. 

සෑම පුරවැසියකුටම ශුද්ධ වූ අයිතියක් තිබෙනවා රට වෙනුවෙන් ඉදිරිපත් වීමට. එම අයිතිය අපි පිලිගත යුතුයි. එහෙත් දේශපාලන පක්ෂ හා වෙනත් කුමන්ත්‍රනවලින් තොරව රටේ තත්වයට හා ඉන්න වනචර දේශපාලුවන්ට ගැලපෙන විසඳුම් හා ක්‍රියාමාර්ග දකින බුද්ධිමතුන්ගේ (උගතුන් නොව) ඉදිරිපත් වීම හා එවැන්නන්ගේ නායකත්වය රටට දැන් අවශ්‍යයි. තවදුරටත් දේශපාලන විඥානයක් නැති රූකඩ කොලු දේශපාලන සටන් අයාලේ යෑමට ඉඩ නොදිය යුතුය. මේ අපිට අහිමි වෙමින් යන්නේ ජනතාවට අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ සිදු කර ගත හැකිව තිබෙන රත්තරං අවස්ථාවක්.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...