Skip to main content

සබ්‍රිගේ රෙද්ද පල්ලෙන් බේරෙන නීතිය

සිතට සියුම් කාලකන්නි සතුටකුත් තියෙනවා ආදර අරගලය අල වෙලා තියෙනවා දැක්කහම. එක එක දේශපාලුවන්ගේ හා පක්ෂවල හා බල කන්ඩායම්වල අදිසි කුමන්ත්‍රනවලට එම අරගලය හසු වී තිබෙන බව අපි දුටුවා, ලිව්වා හා පැවසුවා. එහෙත් උන්ට වඩා දේශපාලන ඔස්තාර්ලා නැහැ වගෙයි සමහර එවුන් හැසිරුනේ. මා දැන් මා සමඟ වැඩ කල එවැන්නවුන්ගේ ෆෝන් කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැත (උඹල කෝල් කලත් ඒවාට ආන්සර් නොකරන හේතුව දැන් මේක කියවන කොට උඹල දැනගනිල්ලා). හැටනව ලක්ෂෙ ගොන් නාම්බන්ට දෙවැනි නැහැ ආදර අරගලකරුවන්.

මෑතක අලිසබ්‍රිගේ සුපුරුදු සුචරිතවාදී පොර ටෝක් එකක් ඇහුනා පාර්ලිමේන්තුව තුල සිදු කරනවා. ඔහු සමස්ථ නීති ප්‍රජාවට දොස් කියනවා එදා රටපුරා මිනිසුන් දේශපාලුවන්ට හා උන්ගේ හෙන්චයියන්ට පහර දී යම් යම් දේපල ගිනි තැබීම ගැන. එහෙත් ඌ ටිකක් ඌ සිටින තැන විමසා බැලිය යුතුය. ඌ බත් බැලය වගේ ආරක්ෂා කරන රාජපක්කයන් ගැන ඌ දන්නෙම නැද්ද? 

තාජුඩීන් වැනි ක්‍රීඩකයන් හා ලසන්න වික්‍රමතුංග වැනි මාධ්‍ය වේදින් අමු අමුවේ මරා දැමූ, සිරස සියත වැනි ජනමාධ්‍ය ගිනි තැබූ හා ඒවාට ක්ලේමෝ බෝම්බ ගැසූ, එක්නැලිගොඩ වැනි අයව අතුරුදහන් කර වූ, පෝද්දල ජයන්ත වැනි අයට අමානුෂික ලෙස පහර දුන්නු, රටේ ධනය මහා දවාලේ මංකොල්ල කාපු එවුන්ගේ පැත්තේ නේද තමන් සිටින්නේ කියා සබ්‍රිට අමතකද? සබ්‍රිගේ මහා ලොකු නීති විනිශ්චයට ඩේසි ආච්චිගේ මැනික් මල්ල, සිරිලිය නැන්දගේ හැඳුනුම්පත හසු වන හැටිත් ඔය වගේම ප්‍රසිද්ධියේ කිව්වොත් නරකද?

එනිසා මේ වගේ අධමයන්ට නීති ප්‍රජාව සුදුසු වචනවලින් පිලිතුරු දිය යුතුය. ජනාධිපති නීතිඥ පට්ටමත් දේශපාලන හෙන්චයියන්ට ලැබෙන බව අප දන්නවා. එහි ඉස්සර තිබූ ගරුත්වයක් නැත. මට මතක් වන්නේ ආචාර්ය මර්වින් සිල්වාය!

කවුරු මොනව කිව්වත් එදා රටේ ජනතාව පොදුවේ ඒ සිදු කලේ වීර ක්‍රියාවක්මයි. එය ප්‍රචන්ඩත්වය ලෙස අපි එදා හැඳින්නුවෙත් නැහැ අද හඳුන්වන්නෙත් නැහැ. (ඒ අතරෙ මංකොල්ලකාපු එවුන් ඉන්නව නම් උන්ටත් නෙලන්න තිබ්බා).

ලෝකෙට පේන්න සුචරිතවාදී චරිත රඟපාන එවුන් ඕනෑතරම් සිටී. ඒ එවුන්ගේ ජොබ් එකට ගැලපෙන චරිතයයි රඟපාන්නේ. එක්කෝ උන් ඉන්න ඊනියා elite සමාජයට පෑහෙන්න උත්සහ කරනවා. එහෙත් හිත යටින් එවැනි බොහෝ අයටත් සතුටක් තිබෙන බව පේනවා වෙච්ච දේට. එය ලංකා සමාජයේ ලාක්ෂනිකයක්නෙ කොහොමත්. පෝයට සිල් ගන්න අයගෙ සීලවන්තකම බැලුවත් එය පැහැදිලියි.

ගිනි තැබීම හෝ මිනී මැරීම අප සලකා බැලිය යුත්තේ සන්දර්භයට සාපේක්ෂවයි. උසාවියකින් දුන් නඩු තීන්දුවක් අනුව කෙනෙකු එල්ලා මැරීමත් මිනී මැරුමක් තමයි. ත්‍රස්තවාදී යුද්ධයකදී ත්‍රස්තයකුට වෙඩි තබා ජීවිතක්ෂයට පත් කිරීමත් මිනී මැරුමක් තමයි. ඒ නයින් මේ සියලුම මැරීම් හෙලා දැකිය යුතුය. එහෙත් එහෙම කරන්නෙ නැහැනෙ. ධර්මය රට තුල පවත්වා ගැනීමට අධාර්මිකයින් මැරිය යුතුයි එවුන් තමන් විහින් හැදෙන්නේ නැති නම්. මා හැමවිටම ගරුත්වයෙන් සලකන භගවත් ගීතාවේහි ශ්‍රී ක්‍රිෂ්නා (විෂ්නු දෙවියන්) අර්ජුන්ට කියන්නේද ඒකයි; මහා භාරත් යුද්ධය සිදු කලේද ඒකයි. (මා දෙවියන් විශ්වාස කරන අයකු නොවුනත් එහි ඇති සංඛේතාත්මක හා දාර්ශනික වටිනාකමට කැමැතියි).

ජනතා නියෝජිතයන් ජනතා මුදලින් සැප විඳපු හැටි අපි දැක්කා. උන් ජනතාවගේ නියෝජිතයන් බව අමතක කර ජනතාවගේ හාම්පුතුන් සේ හැසිරෙනවා අපි දැක්කා. උන් ජනතාවට තර්ජනය කරන හැටිත් අපි දැක්කා. උන් රට කාබාසිනියා කරන හැටිත් අපි දැක්කා. රටේ නීතිය අමු අමුවේ ඝාතනය කරන හැටිත් අපි දැක්කා පමනක් නොවේ නපුංසක පොලිස්පතිත් එය වක්‍රාකාරයෙන් කිව්වා. නීතිය අපට පෙන්වා එවුන් යුක්තිය විනාශ කරන හැටිත් අපි දැක්කා. අවසානයේ ළඳරුවාගේ සිට තරුනයා හා මහල්ලා දක්වා සියලුම ජනතාම මහා පාරේ දවස ගෙවන, කන්න බොන්න හිඟ, බෙහෙතක් නැති රටක් අපට උරුම කර දුන්නා. ඒ සියල්ල කළත් ඒ කිසිවක් උන්ට ගානක් නැතිව හැසිරෙන හැටිත් අපිට පේනවා. 

මේ සියල්ල දැක දැක නිවට ජනයා ආදර අරගල කරන හැටිත් අපිට පේනවා. තරුන තරුනියෝ සමනල පැටව් වූ හැටිත් අපි දකිනවා. ඊයේ පෙරේදා දේශපාලන සටන් පාට කියන්න පටන් ගත් එවුන් ජාතික වීරයන් වෙන්න හදන හැටිත් පේනවා. 

සෑම පුරවැසියකුටම ශුද්ධ වූ අයිතියක් තිබෙනවා රට වෙනුවෙන් ඉදිරිපත් වීමට. එම අයිතිය අපි පිලිගත යුතුයි. එහෙත් දේශපාලන පක්ෂ හා වෙනත් කුමන්ත්‍රනවලින් තොරව රටේ තත්වයට හා ඉන්න වනචර දේශපාලුවන්ට ගැලපෙන විසඳුම් හා ක්‍රියාමාර්ග දකින බුද්ධිමතුන්ගේ (උගතුන් නොව) ඉදිරිපත් වීම හා එවැන්නන්ගේ නායකත්වය රටට දැන් අවශ්‍යයි. තවදුරටත් දේශපාලන විඥානයක් නැති රූකඩ කොලු දේශපාලන සටන් අයාලේ යෑමට ඉඩ නොදිය යුතුය. මේ අපිට අහිමි වෙමින් යන්නේ ජනතාවට අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ සිදු කර ගත හැකිව තිබෙන රත්තරං අවස්ථාවක්.

Comments

Popular posts from this blog

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත ...

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...

අව් කන්නාඩියක් (sunglass) තෝර ගන්නා හැටි

මෑතකදී මා මිල දී ගත් අව් කන්නාඩියේ ප්‍රමිතිය ගැන මට ගැටලුවක් ඇති විය. දැන් මා එම ගැටලුව මුලු මනින්ම විසඳා ගත් අතර, එහි ඇති වැදගත්කම නිසා ඒ ගැන කෙටි ලිපියක් ලියන්නට සිතුනා. සමහර අය සිතන්නේ අව් කන්නාඩි පලදින්නේ සෝබනේට බවයි. ඔව්, සෝබනේටත් එය පැලදිය හැකි අතර මා සිතන්නේ ලංකාවේ බොහෝ අය එය පලදින්නේ ඇත්තටම සෝබනේට තමයි මොකද ඔවුන් මිල දී ගන්නා අව් කන්නාඩියේ තිබිය යුතු වැදගත් අංග මොනවාද යන්න ගැන අවබෝධයක් නැති අතර, හුදෙක්ම එහි හැඩය ගැන පමනයි සලකන්නේ. පලමුව කිව යුත්තේ ප්‍රමිතිගත අව්කන්නාඩි පැලදීම ඇත්තටම ඉතාම හොඳ සෞඛ්‍යසම්පන්න පුරුද්දක් බව. ඊට හේතු කිහිපයක් තිබේ. එලිමහනේ යද්දී හෝ සිටිද්දී අපේ ඇසට සාමාන්‍ය ආලෝකයට පමනක් නොව පාරජම්බූල කිරන (ultraviolet rays - UV rays) පවා ඇතුලු වේ. පාරජම්බූල කිරන යනු ඇසට පමනක් නොව, බොහෝ දේවලට අහිතකර කිරණ විශේෂයකි (හරියට එක්ස්රේ වගේ දරුනුයි යැයි සිතන්න). ඉතිං, එක්ස් කිරණ මෙන්ම පාරජම්බූල කිරණද අපේ ඇසට කොතරම් ඇතුලු වුවත් අපට එය තේරෙන්නේ නැත (ඇස සංවේදී නැත). ඉතිං, පාරජම්බූල කිරණ ඇසට ඇතුලු වූ විට ඇසේ සුද මතු වේ. අද එය සුලභ රෝගයකි (බොහෝ අය කාච දමන්නේ එම රෝගය නිසාය).  ඉති...