Skip to main content

අභ්‍යවකාශ කාලගුණය (Space Weather)

කාලගුණය (weather) යන වචනය අප කාටත් හොඳින් හුරුපුරුදුය. කෙටියෙන්ම කියතොත් කාලගුණය යනු පෘථිවි වායුගෝලයේ පොලොවට ආසන්නතම වායු ස්ථරයේ (එනම් පරිවර්තීගෝලයේ) සිදුවන වැස්ස, උෂ්නත්වය, සුළඟ වැනි සංසිද්ධි කිහිපයක අධ්‍යනය හා භාවිතාවයි. මේ සංසිද්ධි සියල්ලම සිදු වන්නේ සූර්යාගේ බලපෑම නිසාය. ලංකාව වැනි රටක මිනිසුන් කාලගුණය ගැන එතරම් තැකීමක් නොකළත් දියුණු රටවල මිනිසාගේ යහපැවැත්මට එය නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත. කාලගුණය පැය ගණනක් තුලදී විශාල වෙනස්කම්වලට භාජනය විය හැකිය. එය එච්චරට අස්ථාවර විය හැකි දෙයකි. එනිසාම නිතර තම අදහස් වෙනස් කරන මිනිසුන් "කාලගුණය වගේ" යැයි කියනවා. එහෙත් කාලගුණය පිළිබඳ පර්යේෂන කොට විශාල දත්ත ප්‍රමාණයක් කාලගුණ විද්‍යාඥයන් විසින් රැස් කොට, විද්‍යාත්මක ක්‍රමවේද හා තර්කන ක්‍රම අනුගමනය කරමින් අධ්‍යනය කළ විට දක්නට ලැබෙන දෙයක් නම්, කාලගුණය නිතර නිතර වෙනස් වන ස්වභාවයක් ගත්තත්, දිගුකාලීනව බලන විට ඒවායේ යම් රටාවක් පැවතීමයි. උදාහරණයක් ලෙස, මාර්තු අප්‍රේල් මාසවල ලංකාවට දැඩි රස්නයක් තිබෙන අතර සන්ද්‍යා කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇති වේ. මෙවැනි දිගුකාලීනව පවතින කාලගුණ රටා දේශගුණය (climate) ලෙස හැඳින්වෙනවා (කාලගුණය හා දේශගුණය එකිනෙකට සම්බන්ද සංකල්ප දෙකක් වුවත් ඒ දෙකෙහි වෙනස වටහ ගන්න).එහෙත් අප මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ ඉහත විස්තර කළ අප කවුරුත් දන්නා කාලගුණය ගැන නොව අභ්‍යවකාශ කාලගුණය ගැනයි.


එනිසා අභ්‍යවකාශය (space) යන වචනය මුලින්ම පැහැදිලි කර ගමු. අභ්‍යවකාශය යනු දළ වශයෙන් පෘථිවි වායුගෝලයෙන් එපිටට තිබෙන අවකාශයයි. එහි කෙලවරක් සෙවිය නොහැකි තරමට විශාලය. ඒ අනුව පෘථිවිය (එහි වායුගෝලයද සමඟම) පිහිටා තිබෙන්නේ අභ්‍යවකාශය තුල තමයි. අභ්‍යවකාශයේ මූලිකම ලක්ෂණය/කොන්දේසිය වන්නේ එය රික්තකයක් (vacuum) විය යුතු බවයි. ඉතිං වායුගෝලය තුල වාත අංශු එමට තිබෙන නිසා වායුගෝලය අභ්‍යවකාශය ලෙස නොසලකයි. සමහරුන් සිතන්නේ අභ්‍යවකාශය යනු පෘථිවි ගුරුත්වාකර්ශනයෙන් තොරවන ස්ථාන බවයි. එය ඉතාම වැරදි මතයකි. න්‍යායාත්මකව පෘථිවියේ හෝ වෙනත් ඕනෑම ග්‍රහවස්තුවක ගුරුත්වාකර්ශනය විශ්වයේ කෙලවර දක්වාම විහිදී යයි (එහෙත් ඈතට යන්නට යන්නට එම ආකර්ශන බලය වේගයෙන් හීන වී යයි). උදාහරණයක් ලෙස සඳ තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර් 340,000ක් පමන ඈතින් වන අතර සඳ අපෙන් ගිලිහී නොයන්නේ පෘථිවි ගුරුත්වාකර්ශනයට එය හසුව තිබෙන නිසාය. සාමාන්‍යයෙන් පෘථිවි වායුගෝලය පොලොවේ සිට කිලෝමීටර් 1000ද ඉක්මවා ඉහලට පවතී. එහෙත් පොලොවේ සිට කිලෝමීටර් 100ක් පමන උඩට ගිය විට වායුගෝලයේ වායු අංශු ඉතා ඈතින් ඈතට පිහිටයි (එනම් වායුගෝලය සියුම් වේ). එය කොතරම් සියුම් වනවාද කියතොත් ප්‍රායෝගිකව අභ්‍යවකාශය ලෙස එය සැලකිය හැකිය. ඒ කියන්නේ ප්‍රායෝගික වශයෙන් අභ්‍යවකාශය පටන් ගන්නේ පොලොවේ සිට කිලෝමීටර් 100ක් ගියාට පසුවයි.

ඒ අනුව අභ්‍යවකාශ කාලගුණය යනු අභ්‍යවකාශයේ පවතින කාලගුණ තත්වයන් විය යුතු බව ඔබට සිතෙනු ඇත. එහෙත් මෙහිදී සලකා බලන්නේ වැස්ස, උෂ්ණත්වය, සුළං වේගය වැනි කරුණු නොවේ. තවද, මෙහිදී මුලු විශ්වයම (එනම් සමස්ථ අභ්‍යවකාශයම) සලකා බලන්නේද නැත. විශ්වයේ අනන්ත ගණනක් තරු හා අභ්‍යවකාශ වස්තුන් පිහිටියත් ඒ සියල්ලම කැටි කර ගත්තත්, ඒ සියල්ලටම වඩා පෘථිවියට සූර්යාගෙන් ඇති වන බලපෑම අතිදැවැන්තය. ඊට හේතුව සූර්යා එතරම් අපට ළඟින් පිහිටීමයි. එය අප හැමදාම අත්දකින දෙයක්නේ. සූර්යා නැති රාත්‍රිය කොතරම් අඳුරුද බලන්න කොතරම් තරු අහසේ තිබුණත්. එනිසා අභ්‍යවකාශ කාලගුණයේදීත් අර සාමාන්‍ය කාලගුණයේදී මෙන්ම සූර්යාගේ බලපෑම තමයි පවතින්නේ. ඊටත් අමතරව, මෙහිදී අධ්‍යනය කරන්නේ පෘථිවට ආසන්න අභ්‍යවකාශය වේ.

අප කවුරුත් දන්නේ සූර්යාගෙන් අපට ආලෝකය හා තාපය (විකිරන ක්‍රමයෙන්) ලැබෙන බවයි. තාපය විකිරන ලෙස ගමන් කරන විට ඇත්තටම ගමන් කරන්නේ අ‍ධෝරක්ත ආලෝකයයි. අපගේ ඇසට පෙනෙන දෘෂ්‍යාලෝකය, ඇසට නොපෙනෙන අධෝරක්ත ආලෝකය පමනක් නොව, ඇසට නොපෙනෙන පාරජම්බූල ආලෝකය, එක්ස් කිරන හා රේඩියෝ තරංග පවා සූර්යාගෙන් නිකුත් වේ. මේ සියල්ලම පොදුවේ අප විද්‍යුත්චුම්භක තරංග ලෙස හඳුන්වමු. විද්‍යුත්චුම්භක තරංගවලට අමතරව, සූර්යාගෙන් ආරෝපිත අංශුද (charged particles) නිකුත් වේ. ඇත්තෙන්ම අභ්‍යවකාශ කාලගුණයට පදනම් වන්නේ මූලිකවම මෙම ආරෝපිත අංශු හා විද්‍යුත්චුම්භක තරංගයි.



අප දන්නවා සියලු තරුවල සිදුවන්නේ ප්‍රබල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස අතිදැවැන්ත ශක්තියන් අවටට මුදා හැරෙනවා තරුව මිය යන තෙක්ම (වසර කෝටි ගණනක් තිස්සේ). එම ශක්තිය තමයි ආලෝකය, තාපය, රේඩියෝ තරංග, පාරජම්බූල තරංග, ගැමා තරංග ආදි ලෙස පිට වන්නේ. තවද, ඔබ දන්නවා බෝම්බයක් වැනි දෙයක් පුපුරන විට කුඩා කුඩා සුන්බුන් අවටට විසිවෙනවා. එලෙසම තරුව තුල සිදුවන අතිදැවැන්ත න්‍යෂ්ටික පිපිරීම් නිසා තරුවේ පදාර්ථ අවටට මුදා හැරෙනවා. සාමාන්‍යයෙන් තරුවක මතුපිටට වන්නට තිබෙන්නේ හයිඩ්‍රජන් හා හිලියම් වායු වේ (කොහොමත් සක්‍රිය තරුවක වැඩිපුරම පවතින්නේ මෙම වායු දෙක තමයි). ඉතිං අධික තාපයක් සමඟ පවතින නිසා මෙම වායුද පවතින්නේ ප්ලාස්මා ස්වරූපයෙන් (එනම්, පරමානුවල ඉලෙක්ට්‍රෝන ඉවත් වී) වේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් අයන හා හිලියම් අයනයි තරුවේ වැඩිපුරම පවතින පදාර්ථය වන්නේ (එවිට ගැලවී ගිය හෙවත් මුක්ත වු ඉලෙක්ට්‍රෝනද පවතින බව පැහැදිලියිනෙ). ඉතිං, තරුවකින්/සූර්යාගෙන් පදාර්ථ පිට වෙනවා යැයි පවසන විට ඉන් හැඟවෙන්නේ හයිඩ්‍රජන් අයන, හීලියම් අයන, ඉලෙක්ට්‍රෝන පිට වන බවයි.


පදාර්ථ (matter) නොවන විද්‍යුත්චුම්භක තරංග මෙන් නොව ආරෝපිත අංශු/පදාර්ථ ගමන් කිරීම සුවිශේෂි ගතියක් ඇත. ධන හෝ ඍන ආරෝපිත අංශු යම් තැනක පවතින විට ඊට ස්ථිතික විද්‍යුතය (static electricity) ලෙස හඳුන්වන අතර ඒවා ගමන් කරන විට ඊට ධාරා විද්‍යුතය (current electricity) යැයි කියනවා. ඒ අනුව සූර්යාගෙ සිට ආරෝපිත අංශු අවට පරිසරයට මුදා හැරෙනවා යනු සූර්යාගේ සිට අවටට විදුලියක් ගමන් කරනවා යන්න නේද? ඒ විතරක්ද නොවේ. ආරෝපිත අංශු ගමන් කරන (එනම් විදුලි ධාරාවක් තිබෙන) ඕනෑම අවස්ථාවක එතැන චුම්භක ගතියක් හෙවත් චුම්භක ක්ෂේත්‍රයක්ද (magnetic field) පවතිනවා. ඒ කියන්නේ සූර්යාගේ මෙම ආරෝපිත අංශු අවවට මුදා හැරීම නිසා ඒ අංශු ගමන් කරන්නේ කොතරම් දුරක්ද එතරම් දුරක් දක්වා යම් චුම්භක ගතියක් අභ්‍යවකාශය පුරා පැතිරෙනවා.


අභ්‍යවකාශ කාලගුනයේදී අපට වැස්ස, සුලං, උෂ්නත්වය යන සාධක/සංසිද්ධි වෙනුවට සූර්යාගේ සිට එන සූර්ය සුලං හා විකිරණ තමයි සාධක බවට පත් වන්නේ. සූර්යාගේ සිට පෙර කියූ පරිදි ආරෝපිත අංශු වටේට පිට විම අපට සූර්යා සිට එන සුළඟක් ලෙස සලකන්නට පුලුවන්. එය තමයි සූර්ය සුළං (solar wind) ලෙස නම් කරන්නේ. එලෙසම, සූර්යාගේ සිට එන විද්‍යුත්චුම්භක කිරණ හා සූර්ය සුළං ලෙස වේගයෙන් ගමන් කරන ආරෝපිත අංශු යන දෙකටම අප විකිරණ (radiation) යැයි කියනවා.


විකිරණවලට යම් ශක්තියක් තිබේ. යම් පමනකට වඩා ශක්තිය වැඩි වන විට ඊට හැකියාවක් තිබෙනවා උදාසින/සාමාන්‍ය අංශු අයනීකරනය (ionization) කරන්නට. අයනීකරනය යනු උදාසීන අංශුවලින් පිටතින්ම අැති ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමයි. ජීවීන්ගේ ශරීරද සෑදී තිබෙන්නේ පරමානු/අංශුවලින් බැවින් අයනීකරනය ජීවි සෛලවලට සිදු වුවොත් එය ජීවින්ට ඉතා අහිතකර වේ. එනම් පිලිකා සෑදේ. මෙලෙස ඉතා අවදානම් සහිත සැර වැඩි අයනීකරන හැකියාව තිබෙන විකිරන අයනීකරන විකිරන (ionizing radiation) ලෙස හැඳින් වේ. අයනීකරන හැකියාව නැති ශක්ති හීන විකිරන අයනීකරනය නොකරන විකිරණ (non-ionizing radiation) ලෙස හැඳින්වේ.

ඒ අනුව සූර්යාගේ සිට එන විද්‍යුත්චුම්භක විකිරණවලින් පාරජම්බූල කිරන, එක්ස් කිරන, හා ගැමා කිරණවලට අයනීකරන හැකියාව ඇති අතර, දෘෂ්‍යාලෝකය, අධෝරක්ත කිරණ, රේඩියෝ තරංගවලට අයනීකරන හැකියාව නැත. තවද, වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන (බීටා විකිරණ), වේගයෙන් ගමන් කරන හයිඩ්‍රජන් අයන/න්‍යෂ්ටි (ප්‍රෝටෝන් විකිරණ), වේගයෙන් ගමන් කරන හීලියම් අයන/න්‍යෂ්ටි (ඇල්ෆා විකිරණ) යන ඒවාටද අයනීකරණ හැකියාව තිබෙන නිසා ඒවාද අයනීකරන විකිරන වේ. ඒ අනුව සූර්යා සිට අපට මේ දෙයාකාරයේම විකිරණ එන අතර ඉන් අයනීකරන හැකියාව සහිත විකිරන ප්‍රබල විනාශයක් සිදු කළ හැකි දෙයක් බව පෙනේ.


ඉතිං අභ්‍යවකාශ කාලගුනයේදී අප සොයා බලන්නේ මේ ගැනය. සූර්යා සිට අපට නිරන්තරයෙන්ම අංශු එන නිසා සූර්ය සුලංවලින් අඩුවක් නැත. එලෙසම පාරජම්බූල කිරන හා එක්ස් කිරනද එයි. ඉඳහිට සූර්ය සුලං ක්‍රියාකාරිත්වය ඉහල යෑම නිසා වැඩිපුර ආරෝපිත අංශු අප වෙත එයි. මෙවිට ඒවා සූර්ය සුලං නොව සූර්ය කුනාටු (solar storms) යැයි හැඳින් වෙනවා. සූර්ය කුනාටුවකදී වැඩිපුර එක්ස් කිරන පවා විමෝචන වේ. විද්‍යුත්චුම්භක කිරන මෙන්ම ආරෝපිත අංශුද පිට වන්නේ සූර්යා මත සිදු වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා නිසා බැවින් අංශු වැඩිපුර පිටවන විට කිරණද වැඩිපුර පිට වීම සිදු වේ. ඒ අනුව, සූර්යා නිසා අපට විශාල අනතුරක් තිබෙනවා කියා එකවර ඔබට දැනෙනු ඇත. ඔව්. එහෙත් වාසනාවකට මෙන් පොලොව ඊට ඔරොත්තු දෙන ලෙස සැකසී ඇත. ඒ කෙසේද?

පොලොව වටේට විශාල වායුගෝලයක් තිබෙන අතර මෙනිසා සූර්යා සිට එන තාපය පොලොව මතට වැටෙන විට සෞම්‍ය වේ. විශාල තාපයක් පරාවර්තනය කර දමයි. ඊටත් අමතරව, වායුගෝලයේ යම් උසකින් ඕසෝන් වායු ස්ථරය ලෙස හැඳින්වෙන කොටසක් ඇත. එමඟින් සූර්යා සිට එන පිලිකාකාරක පාරජම්බූල වැනි කිරණ පෙරා දමයි. තවද වායුගෝලයේ වාත අංශු මඟින් සූර්ය සුලං/කුනාටු ලෙස එන ආරෝපිත අංශුද යම් ප්‍රමානයකින් පොලොව මතුපිටට පැමනීම වලකයි.


මේ සියල්ලටම වඩා තවත් වැදගත් ආරක්ෂිත වලල්ලක් පොලොවට ඇත. එනම්, ඉහත රූපයේ මෙන් පොලොවේ චුම්භක ක්ෂේත්‍රයක් ඇත (ගවුස් 0.5 ක වැනි කුඩා ප්‍රබලතාවක් සහිත චුම්භක ක්ෂේත්‍රයකි).  ඔබ දන්නවා චුම්භක ක්ෂේත්‍රයක් තුල ආරෝපිත අංශු ගමන් කරන විට ඒවා වක්‍ර වී ගමන් කරනවා. ඒ කියන්නේ පෘථිවි චුම්භක ක්ෂේත්‍රය තුල සූර්යා සිට එන ආරෝපිත අංශු ගමන් කරන විට ඒවායේ ඍජු ගමන් මාර්ග වක්‍ර වී පොලොව මතට වැටෙන ප්‍රමානය අඩු වී අතිදැවැන්ත ප්‍රතිශතයක් පොලොව වටෙන් පසුපසට ගමන් කරයි.



ඇත්තටම මෙම පෘථිවි චුම්භක ක්ෂේත්‍රය නොතිබෙන්නට පෘථිවියේ වායුගෝලයද නොපවතිනු ඇත. යම් වස්තු දෙකක් ඇතිල්ලෙන විට ක්‍රමයෙන් ඒ වස්තු දෙකම ගෙවී යනවානේ. අන්න එලෙම අවුරුදු කෝටි ගනනක් තිස්සේ වායුගෝලයට සූර්ය සුලං හැප්පීම හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් වායුගෝලය කැඩි කැඩී ගොස් වායුගෝලය නැති වන්නට තිබුණි. එසේ සිදු වූවා නම්, පොලොව මත ජීවින් බිහි නොවනු ඇත.

සූර්යා සිට කෙලින්ම එන ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් පොලොව සමීපයෙහි නැතත් සූර්යා සිට එන ආරෝපිත අංශු මඟින් යම් චුම්භක ක්ෂේත්‍රයක සෑදෙන බව මොහොතකට කලින් දැනගත්තානෙ. එය වක්‍රාකාරයෙන් සූර්යාගේ බලපරාක්‍රමය (චුම්භක ක්ෂේත්‍රයක්) ලෙස අවශ්‍ය නම් සැලකිය හැකියි. ඉතිං, පෘථිව චුම්භක ක්ෂ්‍රෙතය හා සූර්ය සුලං ගැටීම නිසා ඉහත රූපයේ ආකාරයට ලස්සට පොලොව වට කර ගත් චුම්භක ක්ෂේත්‍රයක් වෙනුවට සූර්යාට මුහුන ලා තිබෙන පැත්ත ඇතුලට එබුනු සූර්යාට පිටුපා සිටින පැත්ත වලිගයක් මෙන් පසුපසට විහිදුනු චුම්භක ක්ෂේත්‍රයක් තමයි පොලොව වටේ පවතින්නේ.

පෙරත් හැඟවූ පරිදි ආරෝපිත අංශු සියල්ලම පොලොව වටේට පෙලොවේ නොගැටී ගමන් කරන්නේ නැත. යම් ප්‍රමානයක් වායුගෝලය තුලට හා පෘථිවය මතට එයි. ඉනුත් විශාල අංශු ප්‍රමානයක් පොලොවට වැටෙන්නේ පෘථිවි ධ්‍රැව ආසන්න ප්‍රදේශවලය. එවිට එම ආරෝපිත අංශු වායු අංශු සමඟ ගැටී ඉතා අලංකාරවත් ආලෝක ධාරා අහසේ මවනවා. මේවා අවුරෝරා (AURORA) ලෙස හැඳින් වේ.


ඉහත විස්තරය අනුව සූර්ය සුලංවත් විකිරණයවත් පොලොව මත අපට එතරම් කරදරයක් ඇති කරන්නේ නැති පරිදි පොලොව බිහි වී තිබෙන බව පෙනේ. එහෙත් දිගුකාලීනව සලකන විට එම තත්වය සැමදා එලෙසම පවතීවි යැයි කිව නොහැකිය. සූර්යාගේ ක්‍රියාකාරිතවය දැනට තිබෙන තත්වයට වඩා ත්‍රීව්‍ර වුවොත් පෘථිවිය සතු එම ස්වාභාවික ආරක්ෂක වලලු ප්‍රමානවත් වේවදි? තවද, දැන් දැන් මිනිසා පොලොවෙන් එපිටට අභ්‍යවකාශය තුලද තම ක්‍රියාකාරකම් සිදු කරයි. එනම්, චන්ද්‍රිකා අභ්‍යවකාශයෙ රඳවා ඇත. ඉහල අහස තුල රේඩියෝ තරංග යොදා ගෙන සන්නිවේදනයන් සිදු කරයි. සූර්ය සුලං නිසා ඉහල අහසේ වාත අංශු අයනීකරනයට ලක් වීම නිසා රේඩියෝ තරංග එවැනි අයන සහිත ප්‍රදේශයක් හරහා යන විට විවිධ ප්‍රබල වෙනස්කම් සිදු වේ. ඒ අනුව ආදි මිනිසාට වඩා දැන් දැන් අභ්‍යවකාශ කාලගුනය අපට සාමාන්‍ය කාලගුනය තරම්ම වැදගත් වෙමින් පවතී.

මේ සියල්ල රඳා පවතින්නේ සූර්ය ක්‍රියාකාරිත්වය සමඟ බැවින් අභ්‍යවාකශ කාලගුනය සම්බන්දව අධ්‍යනය කිරීමේදී සූර්යා ගැන තමයි වැඩිපුරම අධ්‍යනය කරන්නේ. සූර්යා සාර්ථකව විද්‍යාත්මකව ආකෘති ගත කළ හැකි නම් (එනම් විද්‍යාත්මකව සූර්යාගේ ක්‍රියාකාරිත්වය තේරුම්ගත හැකි නම්), අපට ඉතා හොඳින් අභ්‍යකාශ කාලගුන තත්වයන් ගැන අනාවැකි කිව හැකි වනු ඇත. තවමත් අප සූර්යාගේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා හොඳම දැනුමක් නැත. එහෙත් දැනට අපට යම් පමනකට සාර්ථක දැනුමක් පවතී.

සූර්යා සිට පොලවට කිලෝමීටරය් මිලියන 150ක පමන දුරක් තිබේ. විද්‍යුත්චුම්භක තරංගය ආලෝකයේ වේගයෙන් ගමන් කරන නිසා සූර්යා සිට පොලොවට ආලෝකය/තාපය/රේඩියෝ තරංග ඒමට දල වශයෙන් මිනිත්තු 8ක් ගත වේ (ආලෝකයේ වේගය තත්පරයට කිලෝමීටර් 300,000 කි). එහෙත් ආරෝපිත අංශු ගමන් කරන්නේ ඊට සාපේක්ෂව ඉතාම අඩු වේගයකින්. එනිසා සූර්යාගෙන් නිකුත් වන අංශු පොලොවට ඒමට දවස් කිහිපයක් ගත වේ. මෙම කාලය නිශ්චිත නැති අතර එය තීරණය වන්නේ අංශුවල වේගය මතයි. ඉතිං අප සතුව තිබෙන උපකරණවලින් සූර්යාව නිරීක්ෂණය කර අපට යම් සාර්ථක මට්ටමකින් සූර්ය කුනාටු ඇති වීමේ හැකියාව හා ඒ සම්බන්ද වෙනත් විස්තර දැන ගත හැකියි (අප එම උපකරණවලින් නිරීක්ෂණය කරන්නේ ආලෝකය හා රේඩියෝ තරංග බැවින් එම නිරීක්ෂණ තොරතුරු විනාඩි කිහිපයකින් දත හැකි අතර, එම දත්ත මත අංශුවල හැසිරීම පුරෝකථනය කළ හැකියි).

මෙලෙස ලොව පුරා අභ්‍යවකාශ කාලගුනය ගැන පර්යේෂන කරන ආයතන රාශියක් ඇත. සාමාන්‍ය කාලගුන වාර්තා මෙන්ම අභ්‍යවකාශ කාලගුනය පිලිබඳ වාර්තා ඔවුන් නිතරම නිකුත් කරනවා. මෙම තොරතුරු විශේෂයෙන් චන්ද්‍රිකා මෙහෙයවන ආයතනවලට වැදගත් වේ. සූර්ය කුනාටු වැඩි වේවි යැයි පුරෝකථනයක් කළ විට එම කාල සීමාව තුල චන්ද්‍රිකාවල තටු (සූර්යකෝෂ පැනල) හකුලුවා තැබිය හැකියි. එවිට අංශු වැදී චන්ද්‍රිකා විනාශ වීමේ සම්භාවිතාව අවම වේ. තවද, වර්තමානයේ ජීපීඑස් වැනි චන්ද්‍රිකා හා රේඩියෝ තරංග දෙකම උපයෝගි කර ගෙන ලබා දෙන සේවා නැතිවම බැරිය. ඉතිං අභ්‍යවකාශ කාලගුනය මෙහිදීද වැදගත් වේ.

අභ්‍යවකාශ කාලගුනය ප්‍රයෝජනවත් තවත් ක්ෂේත්‍රයක් තමයි ආධුනික ගුවන් විදුලි ශිල්පය. එහි යෙදෙන්නන් තම නිවසේ හෝ වාහනයේ සිටම තමන්ගේම රේඩියෝ ට්‍රාන්ස්මිටර් හා රිසීවර් යොදා ගෙන මුලු ලෝකයත් සමඟම සන්නිවේදනය සිදු කරයි (මෙහි නියැලීමට ඔබටත් හැකි අතර, එය කරන ආකාරය ගැන මා විශාල ලිපි ගනනකින් මෙහි පැහැදිලි කර ඇත). සූර්ය සුලං/කුනාටු හේතුවෙන් ඉහල වායුගෝලයේ (එනම් අයනගෝලයේ) අයනීකරන මට්ටම් වෙනස් වේ. සමහර වෙනස්වීම නිසා රේඩියෝ තරංග ඒ තුලින් ගමන් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවේ. තවත් සමහර වෙනස්වීම් නිසා ඊට හාත්පස විරුද්ධ දේ සිදු වේ. එනම්, කිලෝමීටර් දහස් ගනනක් ඈතට ඔබේ රේඩියෝ තරංග ගමන් කිරීමට සලස්වයි. පහත දැක්වෙන්නේ ආධුනික ගුවන් ශිල්පින්ට ප්‍රයෝජනවත් වන ලෙස අභ්‍යවකාශ කාලගුන තොරතුරු ලබා දෙන සේවාවක් විසින් එම තොරතුරු ලස්සට කැටි කොට දක්වන සේවාවකි.

http://www.hamqsl.com/

අවශ්‍ය නම් අභ්‍යවකාශ කාලගුනය පිලිබද වාර්තා ඔබේ ජංගම දුරකතනයට නොමිලේම ගෙන්වා ගත හැකියි. ඒ සඳහා ඉතා හොඳ twitter ගිනුම් ඇත (https://twitter.com/BGSspaceWeather , https://twitter.com/_SpaceWeather_ , https://twitter.com/spaceweather). ඒවාට සබ්ස්ක්‍රයිබ් වූ විට එස්එම්එස් මාර්ගයෙන් එම වාර්තා එයි. මේ ගැන ගැඹුරට ඉගෙනීමට ඉංග්‍රිසි බසින් ඕනෑ තරම් විස්තර අන්තර්ජාලයේ ඇත. මේ විෂය ගැන දැනුවත් කිරීමක් සිදු කර එය හඳුන්වාදීමටයි මේ ලිපිය ලියන්නට යෙදුනේ.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...