Skip to main content

සුභ නව වසරක් වේවා!

තවත් අලුත් අවුරුද්දක් ඇවිල්ලා. විශේෂයෙන් පොඩ්ඩන්ට නම් මේ කාලය ඉතාම සැහැල්ලු හා ප්‍රීතිමත් දවස් කිහිපයක්. එක පැත්තකින් පාසල් නිවාඩුවනෙ. එවැනිම සතුටක් වැඩිහිටියන්ටත් තියෙනවාද යන්න නම් සැක සහිතයි මොකද සම"හරක්ට" අරක්කු බෝතලය අන් සියල්ලටම වඩා වැදගත් වන කාලයක් බවට සෑම උත්සව කාලයක්ම දැන් පත්ව තිබෙන නිසාය. එලෙස අරක්කු බෝතලය හා සිගරට් සමාජය රෝගී කරන අතරේ එම දහජරාව නොබොන අයට පැනි බීම පෙවීමට කොම්පැනි කාරයන් උත්සහ කරමින් සිටිනවා. සිතිමේ කිසි විනයක් නැති අපේ මහ ලොකු බෞද්ධ සමාජයත් පහසුවෙන්ම ඊට සීඝ්‍රයෙන් යට වෙමින් තිබෙනවා. සුපුරුදු ලෙසම මේවා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා නීති රීති සෑදීමේ වගකීම පැවරී ඇති එවුන්ටද වගේ වගක් නැත. බඩ ගින්නට කන බත් එකත් වහ කන තත්වයට පත් කළ මීහරක් වැනි ගොවියන් බහුල රටක එක අතකින් සල්ලි වියදම් කර ලෙඩ රෝග සාදා ගැනීමේ කලාව නුහුරු නුපුරුදු එකකුත් නොවේ.

කාලාන්තරයක් තිසේසේ විකෘති වෙච්ච සමාජයක් තුළ සිංහල අවුරුද්ද වැනි වටිනා සතුට ඉතිරී යා යුතු කාලයද බොහෝ විට නාස්ති වෙන බවක් පෙනේ. තමන්ට දැරිය හැකි ප්‍රමාණයෙන් ඔබ්බට ගොස් අනුන්ට පේන්නට එය සමරන්නට ගොස් අවුරුද්ද යනු ණය වන කාලයක් කනකර උකස් කරන කාලයක් බවට පත් කර ගෙන ඇත (එය හරියට අපේ වෙඩිං වගේ; දෙන්නෙක් කසාද බඳින එක කොච්චර සතුටින් සැහැල්ලුවෙන් කළ යුතු දෙයක් වුවත් උජාරුව නිසාම එය කොතරම් අපා දුකක් බවට පත්ව තිබේද?) අවුරුදු උත්සවයක් ගත්තත් එහි සතුට සාමූහිකත්වය අභිබවා මුදල (ත්‍යාග) ඉදිරියට විත් තිබේ. සාමූහික ක්‍රියාකාරකම් වෙනුවට තරග බිහි වී තිබේ. කුඩා කුඩා සෙල්ලම් දක්නට නැත (උදාහරණයක් ලෙස අපි පොඩි කාලේ පංච දැම්මත් දැන් ආසාවට පංච ලෑල්ලක් දක්නට නැත). කැට ගහන්නේ නැත. ආසාවට රබන් ශබ්දයක් නැත. උංචිල්ලා ඇත්තේම නැත. මා කුඩා කල කොළඹ වැනි අධිනාගරික ප්‍රදේශයක පවා මේ සියලු දේ අත්දැක සතුටු වුණු හැටි තවමත් සිහිගැන්වේ. දැන් බලන බලන තැන රොක් වී අරක්කු පාටි ඇත; කුනුහරුප මහ හඩින් පලමින් ඒවා පැවැත්වේ. අපේ ගැහැණුන්ද ඒවාට බයිට් සපයා දෙමින් වෛශ්‍යාකම ප්‍රදර්ශනය කරමින් සිටී. ළමුන්ට සංස්කෘතිය පවරා දීමක් කිසිසේත් සිදු නොවේ. බොරුවට ටීවී එකේ පමණක් සංස්කෘතිය "රඟ දක්වන" විකාර පෙන්වයි. අව්‍යාජ උත්සව කාලයක් දකින්නට නැත.

හැමදේටම රජයට බනින අප ඇත්තටම මෙහිදී කිසිවෙකුට නොබැන තමන්ම වෙනස් විය යුතු බව තේරුම් ගැනීමට මහා පණ්ඩිතයකුගේ ප්‍රඥාවක් අවශ්‍ය නැත. එහෙත් ඉතා සරල දෙයක්වත් තේරුම් ගන්නට උත්සහ නොදරන ජඩ ලාංකිකයා අමුතුවෙන් මෙය තේරුම් ගන්නට යන්නේද නැත. වෙඩි පත්තු කිරීමේදී සතුන්ට ඉන් සිදුවන හිරිහැර ගැන කිසිවෙක් කතා කරන්නේද නැත (සත්ව සංවිධානයක් දෙකක් හැරෙන්නට). මල්වෙඩිල්ලේ ශබ්දය අපේ ගොන් නාම්බන්ට මදිය; උන්ට එය ඕනෑ සී4 බෝම්බයක තරම් හඩිනි. අවුරුද්ද ගැන ටීවී එකේ නම් උජාරු කතා එමටයි. සමහරවිට ඒ කියන්නේ ලෝකයේ වෙනත් ලංකාවක් ගැන වෙන්නට ඇති මොකද අප ඇත්තටම ජීවත් වන ලංකාවේ නම් පෙනෙන්නට තියෙන්නේම මෝඩකම්ය. ඔක්කොම කනපිටය.

අතීතය නොව වර්තමානය වැදගත් වේ. එනිසා වර්තමානය ඇති සැටියෙන් දැක ඊට පිළියම් යෙදීමට කාගෙත් වගකීමකි. විශේෂයෙන්ම සංස්කෘතික දේවලදී තනි තනි පුද්ගල හැසිරීම හා භාවිතාව වැදගත්ය. එනිසා සිංහල අවුරුද්ද ඇත්තටම අපේ සිංහල අවුරුද්ද බවට නැවත පත් කරගමු. සල්ලි හා පීඩාව වෙනුවට සතුට හා සාමය ඉස්මතු වන උත්සවයක් බවට නැවත පත් කර ගමු. කුමන ප්‍රශ්න හා අර්බුද තිබුණත්, සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථන කරනවා.

Comments

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

රූපයක් තුල රහසිගතව ෆයිල් සැඟවීම

බොහොම කාලයකින් බ්ලොග් එකේ කිසිවක් ලිවීමට බැරි විය. පරණ ෆයිල් අවුස්සමින් සිටින විට පොඩි ටියුටෝරියල් එකක් හමු විය (මා වසර ගණනකට පෙර සේව් කර ගත්). එහි තිබුණේ gif format එකේ රූපයක් තුල කොහොමද zip file එකක් රහසිගතව ගබඩා කරගන්නේ කියා. මෙවිට අන් අයට එම ෆයිල් එක පෙනෙනු ඇත්තේ සාමාන්‍ය රූපයක් ලෙස වුවත්, එය winzip, winrar, 7z වැනි සොෆ්ට්වෙයාර් එකකින් ඕපන් කළ විට, ඒ තුල රහසිගතව ඇති ෆයිල් එක extract කරගෙන කියවිය හැකිය. මෙය සිදු කරන හැටි ඉතාම පහසු අතර, අමතර කිසිම සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍ය නොවේ. පළමුව ඔබගේ gif ෆයිල් එක හා zip ෆයිල් එක (හෝ කිහිපයක් වුවද) එකම ෆෝල්ඩර් එකක් තුල සේව් කර ගන්න. ඉන්පසු DOS/command prompt එක ඕපන් කර ගන්න (මේ සඳහා වින්ඩෝස් ස්ටාර්ට් බට්න් එකේ යටින්ම ඇති සර්ච් බොක්ස් එකේ cmd.exe කියා ටයිප් කර එන්ටර් කළ හැකිය). මෙවිට පහත ආකාරයේ ටර්මිනල් වින්ඩෝ එකක් ඕපන් වේ.   ඉන්පසු cd යන කමාන්ඩ් එක භාවිතා කරමින් තමන් ඉහත සාදා ගත් ෆෝල්ඩර් එකට යා යුතුය. එම ෆෝල්ඩර් එක තුල abc.gif හා  cde.zip ලෙස ෆයිල් දෙකක් තිබේ යැයි සිතමු. මෙවිට ඉහත රූපයේ පෙනෙන පරිදි copy /B abc.gif+cde.zip secret.gif...