ලංකාව තුලට විදෙස් විනිමය පැමිනෙනවා යනුවෙන් කියන්නේ ලංකාවේ බැංකුවල නොස්ට්‍රො ගිනුම්වල බැර සටහන් වීම බව දැන් ඔබ දැන් දන්නවා. ඒ අනුව, ඇමරිකානු ඩොලර්, යුරෝ, ජපන් යෙන්, ස්ටර්ලිං පවුම් යන මූලික විදෙස් මුදල් සඳහා ලංකාවේ බැංකුවල නොස්ට්‍රො ගිනුම් වෙන වෙනම ඇත. මේ මොහොතේ ලංකාවේ සියලුම බැංකුවල ඇමරිකන් ඩොලර් සඳහා වූ නොස්ට්‍රො ගිනුම්වල තිබෙන බැර ශේෂයන් එකතු කළ විට ලැබෙන්නේ මෙම මොහොතේ ලංකාව සතු මුලු ඇමරිකානු ඩොලර් ප්‍රමානය වේ. එලෙසම, ලංකාවේ බැංකුවල ජපන් යෙන් සඳහා වූ නොස්ට්‍රො ගිනුම්වල් බැර ශේෂයන් එකතු කළ විට ලංකාව සතු මුලු ජපන් යෙන් ප්‍රමානය ලැබේ. එලෙසම ලංකාව සතු සෑම විදේස මුදල්වල එකතුව අපට දැන ගත හැකියි. මේ සියලු විදේශ මුදල්වල එකතුවට අපි කියනවා ලංකා රජය සතු විදේශ මුදල් වත්කම කියා.
මේ අනුව ලංකාවේ විදේශ මුදල් වත්කම යනු ආන්ඩුව සතු තනි සල්ලියක් නොව සමස්ත රට වැසියාගේම විදෙස් මුදල්වල එකතුවයි (ආන්ඩුවට අයිති යම් කොටසක්ද අනිවාර්යෙන් මෙහි තිබෙනවා; චීනෙන් හෝ ඉන්දියාවෙන් ලැබුන ණය ආදිය).
රටක මහා බැංකුව නිරන්තරයෙන් මෙම නොස්ට්‍රො ගිනුම්වල තත්වය ගැන සෙවිල්ලෙන් ඉන්නවා. ඇත්තටම සියලු බැංකු තම තමන්ගේ නොස්ට්‍රො ගිනුම්වල සත්‍ය වටිනාකම් නිරන්තරයෙන්ම මහා බැංකුවට දැන්විය යුතුයි. රටක මහා බැංකුත් වාර්ෂිකව තමන්ගේ මෙම විදෙස් වත්කම්වල එකතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වාර්තා කල යුතුයි. එහෙත් එම මුදල් ලැබුනේ කෙසේද, කවුරු කවුරුන් එව්වේද යන්න වාර්තා කිරීමට බැඳි නැත. එනිසයි හීනියට මුදල් විශුද්ධිකරණය කිරීමට අවස්ථාව පාලකයන්ට ලැබී තිබෙන්නේ.
වැඩිය ඕන නැහැ අපේ කබ්රාල් කොතරම් තක්කඩියෙකුද කියතොත් ලංකාවේ පාර්ලිමේන්තුවට පවා විදෙස් මුදල් ලැබුනේ කෙසේද යන්න පැහැදිලි කරන්නට තමන් නීතියෙන් බැඳී නැතැයි පවසනවා. නීතියෙන් බැඳී නැතත් රටක මුදල් ගැන එම පාර්ලිමේන්තුවට දැන්වීමට මුන් බය මොකද? අනිවාර්යෙන්ම හොර තක්කඩි වැඩ එතැන තිබෙන නිසාය. අපි මේ කතා කරන්නේ රාජපක්කයන්ගේ හෝ කබ්රාල්ගේ බූදලේ ගැන නොවෙයිනෙ. අපේ රටේ නීත්‍යානුකූල යැයි සම්මුති කර ගෙන සිටින මුදල් ගැන අපට දැනගැනීමට අයිතියක් තිබෙනවා.
ඉතිං රටක් වශයෙන් මහා බැංකුව රටට එන සමස්ථ විදෙස් විනිමය වගේම රටෙන් පිටට යන සමස්ථ විදෙස් විනිමය ගැනද ගිනුම් පවත්වාගෙන යනවා. මෙම ගිනුමේ පවතින ශේෂයට තමයි රටේ ගෙවුම් ශේෂය (balance of payment - BOP) කියන්නේ. පිටට යනවාට වඩා ඇතුලට එනවා නම් ගෙවුම් ශේෂය ධනාත්මක වන අතර රටට සුබය. ඒ කියන්නේ රටට හැකියි රටට අවශ්‍ය සියලු ආනයන ප්‍රමානයක් පිටරටින් ගෙන්වාගන්න. ගෙවුම් ශේෂය ඍණාත්මක නම් මේ වන විට ලංකාවේ තිබෙන සකලවිධ ගැටලු දිහා බැලුවහම එහි බලපෑම අවබෝද කර ගත හැකියිනෙ.
හරි... දැන් අප දැන ගත්තා විදේශ මුදල් කොහොමද රටින් රටකට යන්නේ කියා (ඇත්තටම නෝට්ටු හා කාසි ලෙස නොයන බවත් දැනගත්තානෙ). එහෙත් එහි තව වැදගත් කොටසක් මා මෙතෙක් කතා කලේ නැත. ඒ ගැන දැන් බලමු.
ඉහත සියලු ගනුදෙනුවලදී බැංකු බැංකු අතර සන්නිවේදනය සිදු විය යුතුයි නේද? ඒ සෑම මුදල් යැවීමකදීම මුදල් හුවමාරුව සමග යම් උපදෙසක්ද තිබුනා මතකද? එම උපදෙස බැංකුවකින් තවත් බැංකුවකට යවන්නේ කෙසේද? එම උපදේසය විතරක් නොව, ගනුදෙනුව පිලිබඳ තාක්ෂනික උපදෙස්ද බැංකුවකින් බැංකුවකට යැවිය යුතුයි. කොටින්ම කියතොත් මුදල් හුවමාරුව සම්බන්ද සමස්ථ ක්‍රියාවලියම අනෙක් බැංකුව සමඟ සිදු කරන විට ඒ ගැන බැංකු අතර සන්නිවේදනයක් අත්‍යවශ්‍යයිනෙ. එය සිදු වන්නේ කෙසේද?
ඈත නොදියුනු යුගයේ මෙම සන්නිවේදනය නොදියුනු ක්‍රම මඟින් සිදු විය. මතකද ඔබට සිටුවර මොන්ටක්‍රිස්තෝ කතාව? එහිදී සිටුවරයා බැංකුකරුවෙකුගෙන් පලි ගන්නේ සාවද්‍ය පුවතක් පැතිරීමෙන්. එම පනිවුඩය රට හරහා දැන්වූයේ උස් කඳු මුදුන්වල පිහිටුවා තිබූ දුම් කවුලුවලින් යම් සංඥා ක්‍රමයකට පනිවුඩ යැවීමෙන්. ඉන්පසු, තැපැල් සේවය මඟින්ද බැංකු මෙම දත්ත/උපදෙස් හුවමාරු කර ගත්තා.
කාලයක් යද්දි තඹ කම්බි හරහා මෝස් සංඥා ක්‍රමයෙන් ක්ෂණිකව කිලෝමීටර් සිය දහස් ගනනකට පනිවුඩ යවන ටෙලිග්‍රාෆ් මේ සඳහා යොදා ගත්තා. ටෙලිග්‍රාෆ් කේබල් අත්ලාන්තික් සාගරය තුලින් යවා යුරෝපය හා ඇමරිකාව යන ගොඩබිම් හරහාද ක්ෂනික පනිවුඩ යැවිය හැකි ටෙලිග්‍රාෆ් පද්ධති ඇති වූවා. මෙය බැංකු මුදල් හුවමාරුවට ඉතා හොඳ කාලයක් උදා කර දුන්නා. තවත් කලක් යද්දි රේඩියෝ තරංග මඟින්ද ටෙලිග්‍රාෆ් පනිවුඩ යැවිය හැකි වූවා.
ටෙලිග්‍රාෆ් තාක්ෂනයම ටෙලෙක්ස් බවට වර්ධනය වූවා. අන්තර්ජාතික ගෙවීම්වලදී මෙම ටෙලෙක්ස් ක්‍රමය මේ මෑතක් වන තුරුම ප්‍රචලිත ක්‍රමයක් වූවා. අදටත් TT ක්‍රමයට මුදල් රටකින් රටකට යවන බව ව්‍යාපාරිකයන් පවසන්නේ ඒ වචනය එච්චරට ප්‍රචලිත වූ බැවිනි. මෙහි ටීටී යනු TELEX TRANSFER හෝ TELEGRAPHIC TRANSFER යන්නයි.
ඊටත් පසුව ටෙලිෆෝන් තාක්ෂනයත්, ඉන්පසු ෆැක්ස් තාක්ෂනයත් මෙම පනිවුඩ යැවීමට යොදා ගත්තා. අන්න එලෙස සන්නිවේදන තාක්ෂනයේ දියුනුව ඍජුවම මෙම ක්ෂේත්‍රයට බලපෑවා.
මේ මොහොත වන විට මිනිසා සිටින්නේ සන්නිවේදන තාක්ෂනයේ උපරිම ස්ථානයකයි. එනිසා, අද තිබෙන සුපිරි හා ආරක්ෂිත සන්නිවේදන තාක්ෂනය යොදා ගන්නවා බැංකු අතර තොරතුරු හුවමාරුව සඳහා. අද වන විට, අන්තර්ජාතික මුදල් හුවමාරුව සිදු කරන්නේ ඒ සඳහාම පිහිටුවා ගත් සුවිශේෂි පරිගනක ජාල හරහා වේ. එවැනි ජාල කිහිපයක් දැනට ලෝකයේ තිබෙන අතර, ඉන් ප්‍රමුඛතම ජාලය වන්නේ Society for Worldwide Interbank Financial Telecommunication (SWIFT) වේ. මෙම පරිගනක ජාලයත් අන්තර්ජාලය වැනිම (ඇත්තටම අන්තර්ජාලයේ භාවිතා වන TCP/IP තාක්ෂනයමයි මෙහිත් භාවිතා වෙන්නේ) වුවත්, සාමාන්‍ය ඔබට මට ඊට කනෙක්ට් විය නොහැකිය. ඊට කනෙක්ට් විය හැක්කේ බැංකු, මූල්‍ය ආයතන, හා ඉතා ධනවත් ව්‍යාපාරික ආයතනවලට පමනි. ලෝකයේ බොහෝ රටවල බැංකු මෙම ජාලයට සම්බන්ද වේ. ලංකාවේ බැංකුද සම්බන්ද වී තිබෙන්නේ මෙම ස්විෆ්ට් ජාලයටයි (අනෙක් ජාලවලට සම්බන්ද නැහැ තවම).
මෙම ජාලයට සම්බන්ද විය හැකි ක්‍රම කිහිපයක් පවතින අතර, දැනට තිබෙන ලාභම ක්‍රමයට සම්බන්ද වන්නට මූලික විදයම ඩොලර් ලක්ෂ 2ක් පමන වැය වේ. ඊට අමතරව වාර්ෂික ගාස්තුවක්ද ගෙවීමට සිදු වේ. එහෙත් ස්විෆ්ට් ජාලය පවත්වාගෙන යන ආයතනය ලාභ අරමුනින් පිහිටවපු ආයතනයක් නොව (එය සමූපකාරයකි). එහි අයිතිය තිබෙන්නේද ජාත්‍යන්තර බැංකුවලටම තමයි. www.swift.com යන ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් ඔවුන් ගැන සියලු විස්තර දත හැකියි.
ඉතිං, සියලු වියදම් දරා, වෙනත් නෛතික කොන්දේසිද සපුරා ස්විෆ්ට් එකට සම්බන්ද වූ විට, බැංකුවට විශේෂිත කේතයක් ලැබෙනවා. එම කේතය swift code හෝ BIC ලෙස හැඳින් වේ (BIC යනු Business ID Code වේ). උදාහරන ලෙස ලංකාවේ සම්පත් බැංකුවේ ස්විෆ්ට් කෝඩ් එක BSAMLKLX වන අතර, ලංකාවේ සෙලාන් බැංකුවේ ස්විෆ්ට් කෝඩ් එක SEYBLKLX වේ. ඔබට හැකියි ගූගල් කර ලෝකයේ ඕනම බැංකුව ස්විෆ්ට් කෝඩ් එක පහසුවෙන්ම සොයා ගන්නට.
මෙම කෝඩ් එක සැකසෙන ආකාරයක් (ෆෝමැට් එකක්) ඇත.
එම කෝඩ් එකේ මුල් අක්ෂර 4න් එම බැංකුවට ලබා දෙන කේතය ලැබේ. සම්පත් බැංකුවට BSAM ද සෙලාන් බැංකුවට SEYB ද ලෙස එම කෙටි කේතය ලැබී ඇත.
ඉන්පසු ඉලක්කම් දෙකෙන් කියන්නේ රටේ කෙටි කේතයයි (මේ ගැන මුල් ලිපියේ කතා කලා). ලංකාවට LK ද ඇමරිකාවට US ද ආදි ලෙස එම අක්ෂර දෙක පවතී.
ඊළඟ අක්ෂර දෙකෙන් කැමති නම්, එම බැංකුව (හෝ ශාකාවක්) පිහිටි ප්‍රදේශය කුමක්ද යන්න දැක්විය හැකියි. මා දැක ඇති පරිදි ලංකාවේදී කිසිදු බැංකුවක් මෙම කොටස භාවිතා කරන්නේ නැති අතර, එම කොටස LX ලෙස ලියා දක්වනවා. සමහරවිට ලංකාවේ බැංකු එතරම් විශාල නොවන නිසා පරිපාලන පහසුව පිනිස තනි කේතයක් විතරක් භාවිතා කරනවා වෙන්න පුලුවන්. එහෙත් වෙනත් රටවල මෙම කොටසින් එම බැංකුවේ අහවල් ශාකාව ලෙස බැංකු ශාකාව පවා නිශ්චිතව හඳුනා ගත හැකියි.
ඇත්තටම ඔබට පුලුවන් ලෝකයේ ඕනම කෙනෙකුට සල්ලි යවන්නට ඔහුගේ බැංකුවේ ස්විෆ්ට් කෝඩ් එක හා ඔහුගේ ගිනුම් අංකය පමනක් දන්නේ නම්.
විදෙස් මුදල් හුවමාරු කරන සියලුම බැංකු (ලංකාවේ) ස්විෆ්ට් එක හරහා තමයි සන්නිවේදනය කරගන්නේ. මෙම ස්විෆ්ට් ජාලය CLOUD එකක් ලෙසයි වැඩ කරන්නේ.
පරිගනක භාෂාවෙන් ක්ලවුඩ් එකක් යනු සංකීර්න පරිගනක ජාලයක් වන අතර, ක්ලවුඩ් එකක් වැඩ කරන්නේ කෙසේදැයි ඊට කනෙක්ට් වන අය දැනගැනීමට අවශ්‍ය නොවේ. ඒ කියන්නේ පරිගනක ජාලය නිර්මානය කර නඩත්තු කිරීම සංකීර්න කටයුත්තක් වුවත්, ඊට කනෙක්ට් වී ඉන් වැඩ කර ගැනීම ඉතා පහසුය. ඊට කනෙක්ට් වී තමන්ට අවශ්‍ය වැඩ ටික කර ගැනීමට පහසුකම් ක්ලවුඩ් එකෙන් සලසා දේ. ඉතිං ඕන මෝඩයෙකුට ක්ලවුඩ් එකකින් තමන්ගේ වැඩේ පහසුවෙන් කර ගත හැකියි.
ඉතිං, සම්පත් බැංකට පුලුවන් ස්විෆ්ට් එකට කියන්න මට ඇමරිකාවේ (හෝ වෙනත් රටක) අහවල් බැංකුවට මෙන්න මේ පනිවුඩය යවන්න කියන්න. ඉතිං පනිවුඩය ලියා එම පිටරට බැංකුවේ ස්විෆ්ට් කෝඩ් එක ලියා පනිවුඩය තම බැංකුවේ තිබෙන ස්විෆ්ට් පරිගනකයෙන් යැව්වහම “මැජික් එකක් මෙන්“ (ඇත්තටම මැජික් එකකට වඩා එය එස්එම්එස් එකක් හෝ ඊමේල් එකක් යන ආකාරයට සමානය) එම පනිවුඩය එම බැංකුවට යනවා.
හැබැයි බැංකුවකට බැහැ කොල්ලෙක් කෙල්ලට එස්එම්එස් ගානවා වගේ එයාට ඕන ඕන විදියට ස්විෆ්ට් මැසෙජ් ලියන්න. ස්විෆ්ට් එක හරහා යන පනිවුඩ සෑම එකක්ම එක්තරා ෆෝමැට් එකකට (ආකෘතියකට) පමනයි ලියන්නේ. ඇත්තටම ස්විෆ්ට් පනිවුඩ ෆෝමැට් එකක් නොව දුසිම් ගනනක්ම තිබෙනවා. ඊට හේතුව ස්විෆ්ට් එක හරහා ලෝකයේ බැංකු විසින් සිදු කරන සියලුම ආකාරයේ ගනුදෙනු සම්බන්ද සන්නිවේදනය සිදු කරන්නට පහසුකම් සපයා තිබෙනවා. මේ එක් එක් පහසුකමට ඊටම අදාල ෆෝමැට් එකක් තිබෙනවා. අප මෙතෙක් ඒ ගැන තකන්නේ නැතිව, නිකංම බැංකුවකින් බැංකුවකට මුදල් යැවීම ගැන පමනයි සැලකුවේ. එහෙත් ප්‍රායෝගික ලෝකයේදී රටකින් රටකට සල්ලි යවන හේතු හා “උපකරණ“ රාශියක් තිබෙනවා (TT, LETTER OF CREDIT, DOCUMENTARY COLLECTION ආදි ලෙස).
අතීතයේ සිටම තවමත් ස්විෆ්ට් මැසේජ් යම් කේත ක්‍රමයකින් තමයි හැඳින් වූයේ. සෑම මැසේජ් කේතයක්ම පටන් ගන්නේ MT යන අක්ෂර දෙකෙනි. MT යනු MESSAGE TYPE යන්නෙහි කෙටි කිරීමයි. මෙම අක්ෂර දෙකට පසුව ඉලක්කම් 3ක් පවතිනවා MT103, MT 202 ආදි ලෙස. මෙම ඉලක්කම්ද බෙදා තිබෙන්නේ ක්‍රමවත් ආකාරයකටයි.
උදාහරන ලෙස පලමු ඉලක්කම 1න් පටන් ගන්නා මැසෙජ් සියල්ලම භාවිතා කරන්නේ තනි පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට මුදල් යවන විටයි. මෙහිදී තනි පුද්ගලයා යනු ඔබ, මා වගේ ඇත්තටම මිනිසුන් මෙන්ම සාමාන්‍ය ව්‍යාපාරයක් වුවද විය හැකිය (උදාහරන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම්, සිංගර් සමාගම). ඉන්පසු ඇති ඉලක්කම් දෙකෙන් තවත් වැදගත් කරුනු කියැවේ. මේ සියලු ෆෝමැට් අංකවල තේරුම් ස්විෆ්ට් වෙබ් අඩවියෙන් දැනගත හැකියි. බැංකුවල ස්විෆ්ට් සිස්ටම් එක සමඟ වැඩ කරන අයට නම් මේවා කටපාඩම්ය. උදාහරණ ලෙස, මෙතෙක් ලිපිවල මා උදාහරන ලෙස මායි මගේ මිත්‍රයයි අතර සල්ලි යැවීමට අදාල මැසේජ් එක MT103 වේ. ඉස්සර (දැනුත්) ටීටී ලෙස මුදල් යවන ක්‍රමය අද ඇත්තටම යවන්නේ මෙම MT103 ස්විෆ්ට් මැසේජ් එකෙනි (ටෙලෙක්ස් හරහා නොවේ). පහත දැක්වෙන්නේ mt103 මැසේජ් එකකි.
ඉහත රූපයේදී දැක්වෙන පරිදි එම්ටී මැසේජ් තරමක් දිගුය. ඒවාවල වැදගත් දත්ත (fields/tags) ඇත. සෑම දත්තයක්ම 23b, 32a ආදි ලෙස ඉලක්කමකින්ද කේතකරනය කර ඇත. මේ දත්ත ඉතාම පරිස්සමින් සම්මතයන්ට අනුව ලිවිය යුතුය.
එලෙසම, පලමු ඉලක්කම 2න් පටන් ගන්නා මැසෙජ් සියල්ලම භාවිතා කරන්නේ බැංකුවක් තවත් බැංකුවකට මුදල් යවන විටයි.MT202 යනු මෙම කැටගරිය යටතේ බහුලව භාවිතා වන මැසේජ් එකකි.
එලෙසම, ණයවර ලිපි, සංචාරක චෙක්පත් ආදි මුදල් හුවමාරු කෙරෙන වෙනත් වානිජ ගෙවුම් උපකරනවලට වෙනත් වෙනත් අංක ලබා දී තිබේ. ඒ ගැන සියලු විස්තර ස්විෆ්ට් වෙබ් අඩවියෙන් සොයා බැලිය හැකියි.
එහෙත් ආරම්භයේ සිට මේ දක්වා භාවිතා කළ මෙම MTxxx පනිවුඩ ෆෝමැට් එක නූතන ලෝකයට දියුනු මඳි බව පෙනී ගොස් තිබේ. එනිසා ඔවුන් ඒ වෙනුවට දියුනු හා සංකීර්න MX අකුරුවලින් පටන් ගන්නා අලුත් ෆෝමැට් එකක් හඳුන්වා දී තිබේ. කෝවිඩ් වසංගතය නිසා එම නව සම්මුතිය භාවිතාවට ගැනීම ටික කලකට කල් ගොස් තිබේ. යුරෝපා බැංකු නම් දැනටමත් එම නව සම්මතයට අනුගතව ඇත. ලංකාව තවමත් නැහැ මා දන්නා තරමින්.
යම් බැංකුවක් ස්විෆ්ට් ජාලයට සම්බන්ද වන විට, ස්විෆ්ට් ආයතනයෙන් එම බැංකුවට විශේෂිත රවුටර් හා පරිගනක ලබා දේ. බැංකු විසින් එම උපකරන උපරිම ආරක්ෂිතව භාවිතා කල යුතුය. ඊට හේතුව මොහොතකින් මා කියන්නම්. සාමාන්‍යෙයන් බැංකුවේ මූලස්ථානයේ තමයි මෙම ස්විෆ්ට් පරිගනක ආරක්ෂිතව රඳවා තිබෙන්නේ. රට වටේ තිබෙන තම ශාකාවල තිබෙන සමහර පරිගනකවලට හැකියාව/අවසරය ලබා දී තිබෙනවා මෙම ස්විෆ්ට් පරිගනකවලට කනෙක්ට් වී, ස්විෆ්ට් ජාලයට සම්බන්ද වෙන්නට. මෙනිසයි ඔබට අවස්ථාව ලැබි තිබෙන්නේ බැංකු ශාකාවකට ගොස් පිටරටකට සල්ලි යැවීමට. මෙවිට ශාකාවේ නිලදාරියා තම පරිගනක පද්ධතියේ ඇති යම් මෘදුකාංගයකට එම ගනුදෙනුවට අදාල විස්තර ඇතුලු කර, බැංකු මූලස්ථානයේ ඇති ස්විෆ්ට් පරිගනක වෙතට එය යොමු කර, අවසානයේ ඒ හරහා ජාත්‍යන්තර ස්විෆ්ට් ජාලයට එම පනිවුඩය මුදා හැරෙනවා. ඉන්පසු පනිවුඩය අදාල විදෙස් බැංකුවේ ස්විෆ්ට් පරිගනකය වෙතට ඉබේම යනවා. ඊමේල් එකක් යවනවා වැනිම තමයි (ප්‍රොක්සි එකක් හරහා).
ස්විෆ්ට් ජාලය යනු අතිශය ආරක්ෂිත පරිගනක පද්ධතියක්. එනිසා සෑම බැංකුවක්ම තමන් සතු ස්විෆ්ට් පරිගනක ආරක්ෂා කර ගත යුතුයි වැරදි දේවල් කිරීමට ඇති සියලු අවස්ථා අහුරමින්. නිකටම හෝ කවුරු හරි බැංකුවේ මෙම ස්විෆ්ට් පරිගනකයකට ඇතුලු වී කොහේ හෝ රටක තිබෙන යම් ගිනුමකට ඩොලර් කෝටි අච්චරක් යවන්න යැයි පනිවුඩයක් යැව්වොත් බැංකුවට බඩු බනිස් වේ. එනම්, ස්විෆ්ට් ජාලය එම පනිවුඩය නිසි තැනට යවයි. එම අදාල බැංකු ඒ උපදෙසට අනුව මුදල් එම ගිනුමට බැර කරයි හැක් වීමට ලක් වූ බැංකුවේ නොස්ට්‍රො ගිනුමෙන් එම මුදල කපා ගනී.
ඇත්තටම මෙවැනි සිදු වීමක් සිදු වූවා බංගලදේශයේ 2016 දි. එහිදි යම් හැකර්වරු පිරිසක් ඉතා සූක්ෂ්මව බංගලදේශයේ මහා බැංකුවෙ ස්විෆ්ට් පරිගනකයට ඇතුලු වී මා කියූ ලෙසට හැකිර්ලාගේම හොර ගිනුම් කිහිපයකට ඩොලර් බිලියනයක් යවන ලෙස MT103 පනිවුඩ 35ක් යැව්වා.
එහෙත් හැකර්වරුන්ගේ අතින් සිදු වූ සුලු සුලු වැරදි කිහිපයක් නිසා ඒ මුදල් ට්‍රාන්ස්ර් පනිවුඩ 35න් 30ක්ම සාර්ථක වුනේ නැහැ මොකද ඇමරිකාවේ බැංකු විසින් අර සුලු වැරදි නිසා එම උපදෙස් තාවකාලිකව ක්‍රියාත්මක නොකර සිටියා නැවත ඒවා ගැන විමසා බලා තහවුරු වන තෙක්. මෙමඟින් ඩොලර් මිලියන 850ක් බේරුනා.
මරු වැඩේ කියන්නේ එම හොරකමේ කොටසක් ලෙස ලංකාවටද ඩොලර් මිලියන 20ක මුදලක් මෙම හැකර්වරු එව්වා. ලංකාවේ පෑන් ඒෂියා බැංකුවටයි එම මුදල එවන්නට තිබුනේ. එහෙත් එයත් ආවේ නැහැ මොකද එතැනදිත් හැකර්වරුන්ට අකුරක වැරදීමක් වූවා; SHALIKA FOUNDATION යන ලංකාවේ හොරට අටවාගත් ආයතනයකටයි එම පෑන් ඒසියා බැංකු ගිනුම අයිතිව තිබුනේ; නමුත් හැකර්වරු FOUNDATION වෙනුවට FUNDATION යනුවෙන් වැරදියට ටයිප් කර තිබිලා. ඉතිං එම සල්ලිත් අදාල පිටරට බැංකුවෙන් එවන්නේ නැතිව එය නිවැරදි කරන තෙක් රඳවා සිටියා. එනිසා ඒ මුදලත් බේරුනා. ඒ කියන්නේ මෙම හැකර්ලාගේ කට්ටියක් ලංකාවේ ලොක් කෙරුමන්ලා ටිකක් අල්ලා ගෙන තිබෙනවා මෙම හොරකම සඳහා.
අන්තිමේදී හැකර්ලාට හරියට ට්‍රාන්සර් කර ගත හැකි වූයේ ඩොලර් මිලියන 80ක ගනනක් පමනි. මේ ගැන වැඩි විස්තර අන්තර්ජාලයෙන් සොයා බලන්න.
ඉතිං, ස්විෆ්ට් පරිගනකය අනාරක්ෂිත වුවොත් අදාල බැංකුවට බිලියන ගනන් පාඩු විය හැකි බව පැහැදිලියිනෙ දැන්. ස්විෆ්ට් එක හරහා එන පනිවුඩවල අර වගේ තාක්ෂනික දෝෂ (අක්ෂර දෝස වැනි) නැතිනම්, ඒවා බලයලත් (DULY AUTHORIZED) පනිවුඩ ලෙස සියලු බැංකු සලකා එම පනිවුඩයට අදාලව ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාතමක වූවාට පසුව නැවත රිවර්ස් කරන්නට බැහැ.
බොහෝ අය (බැංකුවල සමහර ලොක්කන් පවා) සිතන් සිටිනවා ස්විෆ්ට් පනිවුඩයක් (උදාහරන ලෙස MT103 ගමු) බැංකුවකින් බැංකුවකට යවනවා කියන්නේ සල්ලි යවනවා කියා. එහෙත් එසේ සිතීම වැරදිය. ස්විෆ්ට් මැසේජ් එකෙන් කරන්නේ ගනුදෙනුව සිදු කරන්නට කියා සන්නිවේදනය කිරීම පමනි. අහවලාට සල්ලි දෙන්න කියා යම් කිසි විදියකින් පිටරට බැංකුවකට සන්නිවේදනය කරන්නට වෙනවනෙ. ඉතිං, ස්විෆ්ට් මැසේජ් එක ලැබුනහම බැංකුව ඒ උපදෙස් මත මීට පෙර ලිපිවල කතා කල ආකාරයට ගිනුම් යාවත්කාලීන කරනවා. එච්චරයි. ඒ කියන්නේ කොරෙස්පොන්ඩන්ට් බෑන්කිං ගිවිසුම අනුව ගනුදෙනු සන්නිවේදනය කිරීමටයි ස්විෆ්ට් එක තිබෙන්නේ.
ගෝලීය දේශපාලන තත්වයන් නිසා, ස්විෆ්ට් එකට විකල්ප ලෙස චීනය විසින් CIPS ද, රුසියාව විසින් SPFS ද හඳුන්වා දී තිබෙනවා මෑතකදී. එහෙත් ඒවා තනි තනි රටවල පද්ධති නිසාත්, එම රටවල කෙරුවාවන් ගැන විශ්වාසයක් නැති නිසාත්, ඒවා මෑතක හඳුන්වා දුන් පද්ධති නිසාත් ලෝකයේ තවමත් එම පද්ධති ප්‍රචලිත නැත.
මේ වන විට රුසියාව විසින් යුක්රේනය ආක්‍රමනය කර තිබෙනවානෙ. ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාවට දඬුවම් ලෙස, රුසියානු බැංකු ගනනාවක් මේ වන විට ස්විෆ්ට් ජාලයෙන් ඉවත් කර තිබෙනවා. එවිට, රුසියානු බැංකුවලට විදේශ බැංකු සමඟ ගනුදෙනු කිරීමට ඇති ඉඩ ඇහිරී විශාල පාඩු සිදු වී තිබෙනවා දැනටමත්.
මීට ප්‍රතිචාර ලෙස රුසියාව දැන් සූදානමින් සිටිනවා චීන පද්ධතියට එකතු වන්නට. (මීට අමතරව වීසා හා මාස්ටර්කාඩ් යන ආයතනද තම සේවා රුසියාව තුල නවතා තිබෙන අතර, විදෙස්ගතව සිටින සියුලු රුසියානුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් අක්‍රිය කර තිබෙනවා). රුසියාවට ඕන නම් හැකියි පැරනි ක්‍රම වන ෆැක්ස්, ටෙලිෆෝන් හා අන්තර්ජාලය හරහා වුවත් පිටරට බැංකු සමඟ මෙම කටයුත්ත සිදු කරන්න ස්විෆ්ට් නැති වුවත්. ඒ සඳහා විදේශ බැංකු සමඟ රුසියාව සාක්ච්ඡා කර එකඟතාවලට පැමිනිය යුතුයි.
ස්විෆ්ට් ගැන පිටු සිය ගනනක් ලිවිය හැකියි මොකද මට එය සමඟ පොඩි ලව් එකක් හා සම්බන්දයක් තිබෙනවා. එහෙත් මේ ලිපි පෙලට මෙපමනක් ප්‍රමානවත් යැයි සිතනවා.