Skip to main content

බලු වූ රජු

වසර දෙකකට වැඩි කාලයක නිහැඩියාවකින් පසු ලියන පලමු ලිපියයි. රාජපක්කයන්ට රට භාර දීම ගැන දැඩි සේ කලකිරීමෙන් අධ්‍යාපනික ලිපි ලිවීමට මා නතර කලද, රාජපක්කවරුන්ගෙන් රට ගිලිහෙමින් පවතින පරිසරය දැකීමෙන් තරමක සතුටක් දැනේ. 

එදා හැටනව ලක්ෂයක මුග්ධ ජනයා රජකුටත් වඩා එහාට ගොස් දෙවියකු සේ දුටු පුද්ගලයා අද හිස් කාඩ්බෝඩ් වීරයකු සේ නිවැරදි ආකාරයෙන්ම ජනයාට දර්ශනය වේ. 

මා හැමවිටම පැවසූයේ කුරිරු ත්‍රස්තවාදය තුරන් කිරීමේ නායකත්වය සරත් ෆොන්සේකාට හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාට හිමි විය යුතු බවයි. යුද පිටිය තුල ෆොන්සේකාත් දේශපාලන පරිසරය කලමනාකරණය කරමින් මහින්දත් කල සේවාව ඇත්තටම අගය කල යුතුය. ගෝටා යනු නිකංම ලිපි එහා මෙහා හුවමාරු කල අමාත්‍යංශ ලේකම් කෙනෙකු පමනි. ඔහු ලේකම් කෙනෙකු වශයෙන් ලිපිකරු වැඩේ ඉතා ඉහල අන්දමින් කරන්නට ඇතැයි කිසිදු චකිතයක් නැත.

ඉන්පසු ගෝටා ගැන කතා කරන්නේ නාගරික සංවර්ධනය ඔහු සිදු කළ ආකාරය ගැනයි. සහෝදරයා ජනපති නොව රජකු ලෙස වැජඹෙන පරිසරයක් තුල ගෝටාට ඕනෑම තීරනයක් හොඳින් හෝ නරකින් ගෙන දේවල් සිදු කිරීමට තිබුනු අවස්ථාවෙන් ඔහු ඉබේම සාර්ථකව තම රාජකාරිය කල බවකුයි මා නම් දකින්නේ. එය හරියට නිවසක බාල පුතාට බොහෝ දේවල් සිදු කිරීමට නිවසේ අන්‍යයන්ගෙන් ලැබෙන පිටිවහල බඳුය. බාලයාට ස්ට්‍රෙස් එක ලැබෙන්නේ බොහෝ අඩුවෙනි. මහින්දගේ චිචී පුතාද තවත් හොඳ උදාහරනයකි. රොකට් එකක් යැවීමට ඔහුට ශක්තිය ලැබෙන්න ඇත්තේ කොහොමදැයි සිතා ගත හැකි නම්, ගෝටාද සාර්ථක වූයේ එම පදනමින්ම බව තේරුම් ගැනීම සංකීර්න නැත.

එහෙත් රටේ බරපතලම වගකීමක් ගැනීමට එලෙස හුරතලේට හැදුනු බාල පුතුට බැරිය. ඔහුට ස්ට්‍රෙස් දැරීමට නොහැකිය. ඉතා ඉක්මනින් කෝප වෙයි. තමන් ගන්නා තීරන හැමවිටම හරි යැයි සිතයි. බාධක අඩු පරිසරයක් තුල ඉතා විනයානුකූලව ක්‍රමානුකූලව වැඩ කළත් පරිසරය අධිපීඩනයකට ලක් වන විට, පල් මෝඩයකු සේ ක්‍රියා කරයි. තව වටපිට අමු පිස්සන් කොටුවක් වෙයි. ගෝටාට වුනෙත් එය දේමයි. එමඟින් අද රට පිස්සන් කොටුවක් බවට පත්ව ඇත.

ඊටත් අමතරව, සමාජයේ සෑම ස්ථරයකම ඉහලින් වැජඹුන පිරිස් ගෝටාගේ කරේ රත්තරං බැන්දා. එනිසා ඉහත ගති ලක්ෂන සිය දහස් ගුනයකින් දැඩි වීමක් අනිවාර්යෙන්ම සිදු වන්නට ඇති. කටුස්සාගේ කරේ රත්තරං බැන්දහම තමා නිකංම කටුස්සෙක් බව ඌට අමතක වී යයි.

 ගෝටාගේ ආරක්ෂක, ආර්ථික ආදි පැතිකඩවල් ගැන විවිධ විචාර තිබුණත්, මා හිතන්නේ ඔහුගේ බොල්බව වටහ ගැනීමට ඔහු ගැන මනෝවිද්‍යා විශ්ලේෂනයක් ඒ විෂය ගැන ප්‍රවීනයන් අපක්ෂපාතිව සිදු කිරීම වටිනවා. ඔහු අතිශය අසාර්ථ දේශපාලකයකු හා නායකයකු බව අද අමුතුවෙන් කිව යුතු නැත. 

තවමත් ගෝටගෙන් විකුම් පෑම අපේක්ෂා කරන්නේ ගොන්නු පමනි.

බුර්කාව තහනම් කිරීමට ගෙන ආ එඩිතර නායකයා නිසා අද සිංහල බෞද්ධයන්ද නෝම්බි අල්ලන තත්වයට පත්ව තිබෙනවා ආහාර හා භාණ්ඩු පරිභෝජනය කිරීමට ජනයාට තිබෙන අපහසුතාව නිසා.

බැඳුම්කරු හොරු අල්ලනවා වෙනුවට උන් නිදහස් විය.

පට්ට හොරුන්ට තිබෙන නඩු එකින් එක ඉවත් වෙමින් පවතී. නීතිපතිට සාක්ෂි මඳිලු. සමහර රටවල නීතිපති යනු වේස මඩම් භාරව සිටින “මැඩම්“ වැනිය. සමහරවිට ලංකාවේ එහෙම නැතිව ඇති නේ?

ඡන්දෙකින් පත් නොවූ ද්විත්ව වැසියකු වන “කපුටාස් ෆල්යිං ඇන්ඩ් හිටි ගේ බැසිල්“ වැනි නූගතෙකුට රටේ සම්පත් වෙන්දේසි කිරීමට පූර්න බලතල ලැබී තිබේ. ඌව පාර්ලිමේන්තුවට ගෙන ඒමට ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත පල කල වීරවංශලා ගම්මන්පිලලා දැන් විලාප දෙන හැටි බලං සිටීමම අප්‍රියජනකය.

එක පොහොර කඳුලක් රට තුලට ගොඩ නොබස්සවා චීන අසූචි නැවකට ඩොලර් ගෙවීය. නොවටිනා ඊනියා නැනෝ පොහොරකට ඩොලර් පිදුවේය. රට තුලට මේ දිනවල ගෙනෙන සෑම තෙල් හා ගෑස් නැව්වලට ඉන්දන බිලට වඩා ප්‍රමාද ගාස්තු ඩොලර්වලින් ගෙවන්නට සිදු වේ. මේවා කොතරම කාලකන්නි සක්කිලි මූසල සිදු වීම්ද... අපට අත්‍යවශ්‍යම වත්කමක් වන ඩොලරය නිකරුනේ බිලි පූජා කිරීම දරුනු අපරාදයකි. ඇත්තටම ඉදිරි ආන්ඩුක් තුල එම ක්‍රියාවලට මඟ පෑදූ දේශපාලුවන් හා නිලධාරින් සියල්ලට දැඩි දඬුවම් දිය යුතුය.

කප්පරක් හොර වංචා බදු වංචා ආදිය සිදු වේ. පරිසර හානිය උපරිමයෙන් සිදු කරන්නට උත්සහ දැරීය. නැවතත් පවුලක් විසින් රටම ගසා කන සමූහ දූෂනයට ලක් වන තැනකට ලක් විය.

මේ සියලු දේ මැද ජනයා අතිගරු ජනපතිගේ සිට සියල්ලටම සුද්ද සිංහලින් කතා කිරීමට පටන් ගෙන ඇත. එය හොඳ ප්‍රවනතාවකි. හරිනම්, ජනමාධ්‍ය විසිනි බීප් නොදමා එම මහජන අදහස් ප්‍රචාරය කල යුතුය. වැසිකිලි වලක් ශුද්ධ කරන විට, එය සුවඳ දසත විහිදුවමින් කල නොහැකිය. එය ශුද්ධ කල පසු දසත සුවඳින් පැතිරෙන පරිසරයක් එහි නිර්මානය කල හැකිය. ලංකාවේ වැසිකිලි වල ශුද්ධ කිරීමට මේ හොඳම කාලයයි. අයෙත් රජවරුන්ගේ පුනුරුත්පත්ති, දියසෙන් කුමරුගේ පැමිනීම වැනි ගොන් ආතල්වලට නොගොස් ඇත්තටම නිර්මානශීලි, විද්‍යාත්මකව සිතන, රට පරිසරය ගැන සැබෑ කැක්කුමක් තිබෙන පුද්ගලයන් දේශපාලනයට යොමු කළ යුතුය.


Comments

  1. සාදරයෙන් පිලිගන්නවා!

    චීන පෝර නැව ගූ නැවක් නෙමෙයි. ඒක කුමන්ත්‍රණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජගත් :)

      සකල විද්‍යා චක්‍රවර්ති ඩබ්ල් පීඑච්ඩී නන්දසේන හා මොල හතානෝ හා තවත් මහේශාක්‍ය පොට්ටුධාරින් කුමන්ත්‍රනවලටත් ගොදුරු වෙනවද? මාරයිනෙ...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...