Skip to main content

බලු වූ රජු

වසර දෙකකට වැඩි කාලයක නිහැඩියාවකින් පසු ලියන පලමු ලිපියයි. රාජපක්කයන්ට රට භාර දීම ගැන දැඩි සේ කලකිරීමෙන් අධ්‍යාපනික ලිපි ලිවීමට මා නතර කලද, රාජපක්කවරුන්ගෙන් රට ගිලිහෙමින් පවතින පරිසරය දැකීමෙන් තරමක සතුටක් දැනේ. 

එදා හැටනව ලක්ෂයක මුග්ධ ජනයා රජකුටත් වඩා එහාට ගොස් දෙවියකු සේ දුටු පුද්ගලයා අද හිස් කාඩ්බෝඩ් වීරයකු සේ නිවැරදි ආකාරයෙන්ම ජනයාට දර්ශනය වේ. 

මා හැමවිටම පැවසූයේ කුරිරු ත්‍රස්තවාදය තුරන් කිරීමේ නායකත්වය සරත් ෆොන්සේකාට හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාට හිමි විය යුතු බවයි. යුද පිටිය තුල ෆොන්සේකාත් දේශපාලන පරිසරය කලමනාකරණය කරමින් මහින්දත් කල සේවාව ඇත්තටම අගය කල යුතුය. ගෝටා යනු නිකංම ලිපි එහා මෙහා හුවමාරු කල අමාත්‍යංශ ලේකම් කෙනෙකු පමනි. ඔහු ලේකම් කෙනෙකු වශයෙන් ලිපිකරු වැඩේ ඉතා ඉහල අන්දමින් කරන්නට ඇතැයි කිසිදු චකිතයක් නැත.

ඉන්පසු ගෝටා ගැන කතා කරන්නේ නාගරික සංවර්ධනය ඔහු සිදු කළ ආකාරය ගැනයි. සහෝදරයා ජනපති නොව රජකු ලෙස වැජඹෙන පරිසරයක් තුල ගෝටාට ඕනෑම තීරනයක් හොඳින් හෝ නරකින් ගෙන දේවල් සිදු කිරීමට තිබුනු අවස්ථාවෙන් ඔහු ඉබේම සාර්ථකව තම රාජකාරිය කල බවකුයි මා නම් දකින්නේ. එය හරියට නිවසක බාල පුතාට බොහෝ දේවල් සිදු කිරීමට නිවසේ අන්‍යයන්ගෙන් ලැබෙන පිටිවහල බඳුය. බාලයාට ස්ට්‍රෙස් එක ලැබෙන්නේ බොහෝ අඩුවෙනි. මහින්දගේ චිචී පුතාද තවත් හොඳ උදාහරනයකි. රොකට් එකක් යැවීමට ඔහුට ශක්තිය ලැබෙන්න ඇත්තේ කොහොමදැයි සිතා ගත හැකි නම්, ගෝටාද සාර්ථක වූයේ එම පදනමින්ම බව තේරුම් ගැනීම සංකීර්න නැත.

එහෙත් රටේ බරපතලම වගකීමක් ගැනීමට එලෙස හුරතලේට හැදුනු බාල පුතුට බැරිය. ඔහුට ස්ට්‍රෙස් දැරීමට නොහැකිය. ඉතා ඉක්මනින් කෝප වෙයි. තමන් ගන්නා තීරන හැමවිටම හරි යැයි සිතයි. බාධක අඩු පරිසරයක් තුල ඉතා විනයානුකූලව ක්‍රමානුකූලව වැඩ කළත් පරිසරය අධිපීඩනයකට ලක් වන විට, පල් මෝඩයකු සේ ක්‍රියා කරයි. තව වටපිට අමු පිස්සන් කොටුවක් වෙයි. ගෝටාට වුනෙත් එය දේමයි. එමඟින් අද රට පිස්සන් කොටුවක් බවට පත්ව ඇත.

ඊටත් අමතරව, සමාජයේ සෑම ස්ථරයකම ඉහලින් වැජඹුන පිරිස් ගෝටාගේ කරේ රත්තරං බැන්දා. එනිසා ඉහත ගති ලක්ෂන සිය දහස් ගුනයකින් දැඩි වීමක් අනිවාර්යෙන්ම සිදු වන්නට ඇති. කටුස්සාගේ කරේ රත්තරං බැන්දහම තමා නිකංම කටුස්සෙක් බව ඌට අමතක වී යයි.

 ගෝටාගේ ආරක්ෂක, ආර්ථික ආදි පැතිකඩවල් ගැන විවිධ විචාර තිබුණත්, මා හිතන්නේ ඔහුගේ බොල්බව වටහ ගැනීමට ඔහු ගැන මනෝවිද්‍යා විශ්ලේෂනයක් ඒ විෂය ගැන ප්‍රවීනයන් අපක්ෂපාතිව සිදු කිරීම වටිනවා. ඔහු අතිශය අසාර්ථ දේශපාලකයකු හා නායකයකු බව අද අමුතුවෙන් කිව යුතු නැත. 

තවමත් ගෝටගෙන් විකුම් පෑම අපේක්ෂා කරන්නේ ගොන්නු පමනි.

බුර්කාව තහනම් කිරීමට ගෙන ආ එඩිතර නායකයා නිසා අද සිංහල බෞද්ධයන්ද නෝම්බි අල්ලන තත්වයට පත්ව තිබෙනවා ආහාර හා භාණ්ඩු පරිභෝජනය කිරීමට ජනයාට තිබෙන අපහසුතාව නිසා.

බැඳුම්කරු හොරු අල්ලනවා වෙනුවට උන් නිදහස් විය.

පට්ට හොරුන්ට තිබෙන නඩු එකින් එක ඉවත් වෙමින් පවතී. නීතිපතිට සාක්ෂි මඳිලු. සමහර රටවල නීතිපති යනු වේස මඩම් භාරව සිටින “මැඩම්“ වැනිය. සමහරවිට ලංකාවේ එහෙම නැතිව ඇති නේ?

ඡන්දෙකින් පත් නොවූ ද්විත්ව වැසියකු වන “කපුටාස් ෆල්යිං ඇන්ඩ් හිටි ගේ බැසිල්“ වැනි නූගතෙකුට රටේ සම්පත් වෙන්දේසි කිරීමට පූර්න බලතල ලැබී තිබේ. ඌව පාර්ලිමේන්තුවට ගෙන ඒමට ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත පල කල වීරවංශලා ගම්මන්පිලලා දැන් විලාප දෙන හැටි බලං සිටීමම අප්‍රියජනකය.

එක පොහොර කඳුලක් රට තුලට ගොඩ නොබස්සවා චීන අසූචි නැවකට ඩොලර් ගෙවීය. නොවටිනා ඊනියා නැනෝ පොහොරකට ඩොලර් පිදුවේය. රට තුලට මේ දිනවල ගෙනෙන සෑම තෙල් හා ගෑස් නැව්වලට ඉන්දන බිලට වඩා ප්‍රමාද ගාස්තු ඩොලර්වලින් ගෙවන්නට සිදු වේ. මේවා කොතරම කාලකන්නි සක්කිලි මූසල සිදු වීම්ද... අපට අත්‍යවශ්‍යම වත්කමක් වන ඩොලරය නිකරුනේ බිලි පූජා කිරීම දරුනු අපරාදයකි. ඇත්තටම ඉදිරි ආන්ඩුක් තුල එම ක්‍රියාවලට මඟ පෑදූ දේශපාලුවන් හා නිලධාරින් සියල්ලට දැඩි දඬුවම් දිය යුතුය.

කප්පරක් හොර වංචා බදු වංචා ආදිය සිදු වේ. පරිසර හානිය උපරිමයෙන් සිදු කරන්නට උත්සහ දැරීය. නැවතත් පවුලක් විසින් රටම ගසා කන සමූහ දූෂනයට ලක් වන තැනකට ලක් විය.

මේ සියලු දේ මැද ජනයා අතිගරු ජනපතිගේ සිට සියල්ලටම සුද්ද සිංහලින් කතා කිරීමට පටන් ගෙන ඇත. එය හොඳ ප්‍රවනතාවකි. හරිනම්, ජනමාධ්‍ය විසිනි බීප් නොදමා එම මහජන අදහස් ප්‍රචාරය කල යුතුය. වැසිකිලි වලක් ශුද්ධ කරන විට, එය සුවඳ දසත විහිදුවමින් කල නොහැකිය. එය ශුද්ධ කල පසු දසත සුවඳින් පැතිරෙන පරිසරයක් එහි නිර්මානය කල හැකිය. ලංකාවේ වැසිකිලි වල ශුද්ධ කිරීමට මේ හොඳම කාලයයි. අයෙත් රජවරුන්ගේ පුනුරුත්පත්ති, දියසෙන් කුමරුගේ පැමිනීම වැනි ගොන් ආතල්වලට නොගොස් ඇත්තටම නිර්මානශීලි, විද්‍යාත්මකව සිතන, රට පරිසරය ගැන සැබෑ කැක්කුමක් තිබෙන පුද්ගලයන් දේශපාලනයට යොමු කළ යුතුය.


Comments

  1. සාදරයෙන් පිලිගන්නවා!

    චීන පෝර නැව ගූ නැවක් නෙමෙයි. ඒක කුමන්ත්‍රණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජගත් :)

      සකල විද්‍යා චක්‍රවර්ති ඩබ්ල් පීඑච්ඩී නන්දසේන හා මොල හතානෝ හා තවත් මහේශාක්‍ය පොට්ටුධාරින් කුමන්ත්‍රනවලටත් ගොදුරු වෙනවද? මාරයිනෙ...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

ශ්‍රී ලංකා ජාතික ගීය හා කොඩිය (National Anthem and Flag of Sri Lanka)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිගට පලල අනුපාතය හා වර්ණ පිලිවිතර පහත ආකාරයට තිබිය යුතුය. (The heigh to width aspect ratio and color specification of the National Flag (the Lion Flag) of Sri Lanka are as follows:) Height to Width Ratio – 1:2 Number of Colors – 4 (Golden Yellow, Green, Orange, Maroon) Color Specification – Golden Yellow                               hex: #FFBE29                               CMYK:   0, 0.254, 0.839, 0                                RGB: (255, 190, 41)           ...