Skip to main content

ඩාම් වෙන ඩූම් වෙන ඩොලර් හා රුපියල් 3 කොටස

පෙර ලිපියෙන් මතු කළ ගැටලුවට විසඳුම ලබා දෙන්නේ එම රටේ මහා බැංකුව මැදිහත් වීමෙනි. වර්තමානයේ ලෝකයේ හැම රටකම ක්‍රියාත්මක වන්නේ මෙම කාර්යක්ෂම අඩු වියදම් ක්‍රමයයි. එහිදී සිදු වන්නේ රට තුල සිටින සෑම බැංකුවක්ම එකිනෙකා අතර නොස්ට්‍රො එකවුන්ට් සාදනවා වෙනුවට මහා බැංකුවේ විශේෂිත ගිනුමක් (නොස්ට්‍රො වැනිම) විවෘත කිරීමයි. අප සලකා බැලූ ඉහත උදාහරනයම නැවත සලකා බැලුවොත් ලංකාවේ A, B, C යනුවෙන් බැංකු 3ක් තිබෙන්නේ නම්, ඒ එක් එක් බැංකුව මහා බැංකුවේ ගිනුමක් බැඟින් විවෘත කරනවා. එච්චරයි. මෙවිට සෑම බැංකුවක් වෙනුවෙන්ම එක නොස්ට්‍රො ගිනුමක් මහා බැංකුව තුල පවතිනවා.


යම් ගිනුම් දෙකක් පවතිනනේ එකම බැංකුව තුල නම්, එය කොහොමත් ගැටලුවක් නොවෙයිනෙ මොකද වෙනත් බැංකුවක ගිනුම් යාවත්කාලීන/අප්ඩේට් කිරීමට අවශ්‍යතාවක් එන්නෙ නැහැනෙ. එවිට නොස්ට්‍රො ගිනුම් වැඩක් නැහැනෙ. ගැටලුව මතු වන්නේ ගිනුම් දෙක වෙන වෙන බැංකු දෙකක පවතින විටයි.

මහා බැංකුව යනු කවුරුත් විශ්වාස කරන කෙනානෙ. එනිසා සියලු බැංකු තමන්ගේ නොස්ට්‍රො ගිනුමක් මහා බැංකුවේ විවෘත කර එය ඔපරේට් කිරීමට මහා බැංකුවට අවසර දීමට මැලිකමක් නැත. ඉතිං, මහා බැංකුව විසින් කරන්නේ ඒ ඒ බැංකුවල උපදෙස් මත තමන්ගේ පරිගනක ජාලය තුල තිබෙන බැංකුවල නොස්ට්‍රො ගිනුම්වලින් අගයන් අඩු කිරීම හෝ ඊට අගයන් එකතු කිරීමයි.

ඉතිං දැන් බලමු මෙම අලුත් ක්‍රමයෙන් වෙනස් බැංකු දෙකක් අතර මුදල් හුවමාරුව සිදු වන අයුරු. A බැංකුවේ තිබෙන මගේ ගිනුමෙන් B බැංකුවේ තිබෙන මගෙ මිතුරාගේ ගිනුමට සල්ලි යවන විදිය නැවත සලකා බලමු. සුපුරුදු ලෙසම මා බැංකුවට ගොස් හෝ ඔන්ලයින් ක්‍රමයෙන් හෝ බැංකුවට එලෙස සල්ලි යවන්නැයි උපදෙස් දෙනවා. එවිට පාරිබෝගිකයාට නොපෙනී බැංකු අතර සිදුවන ක්‍රියාදාමය කුමක්ද?

A බැංකුව මගේ එකවුන්ට් එකෙන් එම මුදල (හා ගාස්තුද) අඩු කර මහා බැංකුවේ තිබෙන එම බැංකුවේ ගිනුමට මුදල එකතු කරනවා. ඒ සමඟම මහා බැංකුව ගිනුම් පද්ධතියට (පරිගනක පද්ධතියට) උපදෙසක්ද මගේ බැංකුව විසින් ලබා දෙනවා එම මුදල අහවල් බැංකුවට යවන ලෙසත්. එවිට මහා බැංකුවේ ගිනුම් පද්ධතිය විසින් A බැංකු ගිනුමෙන් එම මුදල නැවත අඩු කරගෙන B බැංකු නොස්ට්‍රො ගිනුමට එකතු කරනවා. ඒ සමගම A බැංකුව විසින් යවපු උපදෙසද B බැංකුව වෙතට යොමු කරනවා (මොකද එම උපදෙසෙහි තමයි මගේ මිතුරාගේ ගිනුම් අංකය පවතින්නේ). දැන් B බැංකුව කරන්නේ එම උපදෙස කියවා ඊට අනුව තමන් වෙතට ලැබුනු මුදල මගේ මිතුරාගේ ගිනුමට එකතු කිරීමයි. එච්චරයි.

ඇත්තටම ඉහත ක්‍රියාවලිය ප්‍රධාන කොටස්/අවධි දෙකකින් සමන්විතයි.

1. CLEARING

2. SETTLEMENT

ක්ලියරිං යනු ගනුදෙනුවට අදාල ගිනුම් ඉහත ආකාරවලින් යාවත්කාලීන කිරීමයි. මෙහිදී වෙනස් වන්නේ මගේ ගිනුම, යාලුවාගේ ගිනුම, බැංකු දෙකෙහි නොස්ට්‍රො ගිනුම් ආදිය ඉහත විස්තර කල ආකාරයට යාවත්කාලීන වීමයි. එය වර්තමානයේ පවතින පරිගනක හා සන්නිවේදන තාක්ෂනයේ දියුනුව නිසා තත්පරයක් වැනි කාලයක් තුල සිදු වේ. මේ අවධිය සම්පූර්න වු විට, යාලුවාගේ ගිනුමට මුදල් ආ බව පෙනුනත් තවමත් ඔහුට එම මුදල් ලබා ගත නොහැකිය. ඔහුට කාසි හා නෝට්ටු වශයෙන් එම මුදල ලබා ගත හැක්කේ දෙවැනි අධියරයත් සම්පූර්න වූ විටයි.

සෙට්ල්මන්ට් යනු ඉහත ගිනුම් තැබීම් සිදු වූවාට පසුව සත්‍ය ලෙසම මුදල් හුවමාරු වීමයි. එහෙත් විවිධ නීති රීති සම්මුති ආදිය නිසා බැංකු අතර පවතින දැඩි විශ්වාසය මත සත්‍ය ලෙසම කාසි හා නෝට්ටු වශයෙන් මුදල් බැංකු දෙක අතර හුවමාරු වන්නට පෙරත් දැන් මුදල් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

ලංකාවෙත් සෙසු රටවලත් මෙම සෙට්ල්මන්ට් සිදු වන ආකාර දෙකක් ඇත.

1. NET SETTLEMENT

2. GROSS SETTLEMENT

නෙට් ක්‍රමය තමයි පැරනි වගේම කාලයක් ගත වන ක්‍රමය. එහිදී එක් දිනක් තුල බැංකු අතර සිදු වන සියලු ගනුදෙනු අවසන් වන තුරු සිට ගනුදෙනුවල සාරාංශයක් සාදනවා සෑම බැංකුවක් විසින්ම. ඉහත උදාහරනය සලකා බැලුවොත්, A බැංකුවෙන් වෙනත් බැංකුවලට ගිය මුදල්ද, අනෙක් බැංකුවලින් තම බැංකුව වෙතට පැමිනි මුදල්ද සියල්ල සලකා සාරාංශගත කරනවා. එම සාරාංශයේදී එම බැංකුව ගනුදෙනු කල අනෙක් එක් එක් බැංකුවකට යැවූ මුලු මුදල හා ඉන් ලැබුනු මුලු මුදල ගෙන එහි වෙනස සොයනවා. ඒ අනුව A බැංකුවේ සාරාංශය පහත ආකායර වැනිය.

A බැංකුවේ අද දිනය අවසානයේ සාරාංශය

B බැංකුව සමඟ:
  B බැංකුවෙන් අද දින තුල ලැබුනු මුලු මුදල = 20,000,000
  B බැංකුවට අද දින තුල යවපු මුලු මුදල = 15,000,000
   ගනු හා දෙනු අතර වෙනස = 20,000,000 - 15,000,000 = 5,000,000

C බැංකුව සමඟ:
  C බැංකුවෙන් අද දින තුල ලැබුනු මුලු මුදල = 10,000,000
  C බැංකුවට අද දින තුල යවපු මුලු මුදල = 18,000,000
   ගනු හා දෙනු අතර වෙනස = 10,000,000 - 18,000,000 = -8,000,000


ඉහත ආකාරයට බැංකු දෙකක් අතර හුවමාරු වූ මුලු මුදල්වල වෙනස සෙවීම NETTING යැයි පවසන අතර එම වෙනසට NET AMOUNT (ශුද්ධ අගය) යැය පැවසිය හැකියි. එම අගය ධන අගයක් (එනම් තමන්ට මුදලක් ලැබිය යුතුයි) මෙන්ම ඍන අගයක් (එනම් තමන් විසින් මුදලක් ගෙවිය යුතුය) විය හැකිය. ඉහත උදාහරනයේදී B බැංකුවෙන් 5,000,000 ක මුදලක් A බැංකුවට ලැබිය යුතු අතර, A බැංකුවෙන් 8,000,000 මුදලක් C බැංකුව වෙතට ගෙවිය යුතුය. ඉතිං දවස අවසානයේදී මෙම සාරාංශගත කිරීමෙන් ලැබෙන නෙට් අගයන් සොයා එම වෙනස පමනක් ඒ ඒ බැංකු විසින් එකිනෙකා අතර ගෙවා දමයි. මෙය අඩුම ගානේ වැඩ කරන දවසක්වත් ගත වන වැඩක් නිසා මෙම ක්‍රමයට මුදල් යැවුහොත් මගේ මිතුරාට දින කිහිපයක් බලා සිටීමට සිදු වෙනවා මා යැවූ මුදල් ලබා ගන්නට.

දෙවැනි ග්‍රොස් ක්‍රමය ක්ෂනික ක්‍රමයකි. මුදල් යවා තත්පර ගනනකින් මගේ මිතුරාට එම මුදල ලබා ගත හැකියි. එහිදී ඉහත කියූ ආකාරයට නෙට් කර කර ඉන්නේ නැත. මා ගනුදෙනුව කරපු විගස බැංකු වග බලා ගන්නවා එම මුදල ඇත්තටම බැංකු අතර හුවමාරු වී නැතත් බැංකු අතර තිබෙන විශ්වාසය මත (දැඩි නීති රීති සම්මතයන් නිසා) එම මුදල මගේ මිතුරාට ලබා දෙන්නට. අද ලෝකය ශිෂ්ට සම්පයන්නයිනෙ. ඉතිං විශ්වාසය මත බොහෝ දේවල් සිදු වේ. නෙට් යන ඉංග්‍රිසි වචනයේ විරුද්ධ වචනය ග්‍රොස් නිසා මෙම නම ඊට ලැබී ඇත.

ග්‍රොස් ක්‍රමය භාවිතා වුවත් සෑම බැංකුවක්ම දිනය අවසානයේ නෙටිං ක්‍රියාවලිය සිදු කරයි මොකද බැංකු දැනගත යුතුයි නිරන්තරයෙන්ම තමන් වෙත එන හා තමන්ගෙන් යන මුදල් ගැන. ඒක ඉතිං සෑම බිස්නස් එකටම පොදු ලක්ෂනයක්නෙ.

ලංකාව තුලත් ඉහත ආකාරවලින් මුදල් ලංකාවේ බැංකු අතර හුවමාරු කිරීමට මහා බැංකුව විසින් පරිගනක පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. එය SRI LANKA INTERBANK PAYMENT SYSTEM (SLIPS) ලෙස හැඳින්වෙනවා. එම පද්ධතියේ සෙට්ල්මන්ට් කාර්ය REAL-TIME GROSS SYSTEM (RTGS) යන පරිගනක පද්ධතිය විසින් සිදු කරනවා.

ලංකාවේදී නම්, මෙම ක්‍රමයට මුදල් හුවමාරු කිරීමට රුපියල් 30ක් පමන ෆ්ලැට් ගාස්තුවක් අය කරනවා. ඒ කියන්නේ ඔබ රුපියලක් හුවමාරු කලත් රුපියල් කෝටියක් යැව්වත් ඔවුන් චාජ් කරන්නේ රුපියල් 30ක් පමනි. 

වෙනත් රටවලත් මෙවැනි පරිගනක ජාල එකක් හෝ කිහිපයක් තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පවත්වාගෙන යනවා. උදාහරන ලෙස, ඇමරිකාවේ FEDWIRE, CHIPS ද, එංගලන්තයේ CHAPS, BACS ද, යුරෝ මුදල් ඒකකය සඳහා යුරෝපිය සංගමය තුල TARGET2 ද දැක්විය හැකියි.

ඉතිං, ඉහත විස්තර කල ආකාරයට ඕනෑම රටක් තුල තම මුදල් ඒකකයෙන් පමනයි ඉහත පද්ධතියක් වැඩ කරන්නේ. ඒ අනුව, ලංකාවේ පද්ධතිය තුල රුපියල් පමනයි වලංගු වන්නේ. 

දැන් අපට සලකා බලන්නට තිබෙන්නේ රටකින් තවත් රටකට මුදල් යවන විට තත්වයයි. මෙවැනි මුදල් යැවීම් CROSS-BORDER PAYMENT හෝ INTERNATIONAL PAYMENT ලෙස හැඳින් වෙනවා. 

රටකින් රටකට මුදල් යැවීමට පෙර පැන නඟින ප්‍රාථමිකම ප්‍රශ්නය වන්නේ රටකින් රටකට යවන මුදල් ඒකකය කුමක්ද යන්නයි. අපට රුපියල් යැවිය හැකිද? ඩොලර් යැවිය හැකිද? ලෝකයේ විවිධ මුදල් ඒකක සියයකට වැඩිය ඇති නිසා කුමන මුදල් ඒකකයක් හෝ ඒකකයන් භාවිතා කල හැකිද? එහෙමත් නැතිනම් කිසිම රටකට අයිති නැති අන්තර්ජාතික ගෙවීම් වෙනුවෙන්ම නිර්මානය කරපු මුදල් ඒකකයක් ඇත්ද?

මෙහිදී න්‍යායාත්මක තලයේ මෙන්ම ප්‍රායෝගික තලයේ කරුනු කාලාන්තරයක් තිස්සේ ඇත. න්‍යායාත්මක වශයෙන් කිසිම රටකට අයිති නැති මුදල් ඒකකයක් තිබීමේ වැදගත්කම මතු වේ. ඇත්තටම එවැනි මුදල් ඒකකයක් දැනටමත් තිබෙනවා SPECIAL DRAWING RIGHT (SDR) යනුවෙන්. අදටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (INTERNATIONAL MONETARY FUND - IMF) යොදා ගන්නේ මෙම ඒකකයයි. එහෙත් ලෝකයේ රටවල් එකිනෙකා අතර ගනුදෙනුවලදී ප්‍රායෝගිකව මෙම ඒකකය යොදා ගන්නේ නැත. කැමති නම් මෙම ඒකකය ගැන තවදුරටත් සොයා බලන්න.

ඔබ දන්නවා ප්‍රායෝගිකව අපි ජාත්‍යන්තර වශයෙන් ගෙවීම් සඳහා යොදා ගන්නේ ඇමරිකානු ඩොලරය, බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම, යුරෝ, ජපන් යෙන් වැනි මුදල් ඒකක කිහිපයක් පමනි. 

පලමුවෙන්ම කිව යුතු කරුන වන්නේ ජාත්‍යන්තර මුදල් ඒකකයක් වශයෙන් යම් මුදල් ඒකකයක් භාවිතා කිරීමට නම්, ඒ සඳහා එම මුදල් ඒකකය හිමි රට ඊට කැමැත්ත පල කර තිබිය යුතුය. කැමැත්ත පල කල පමනින් අනෙක් රටවල් එම මුදල් ඒකකය භාවිතා කරන්නේද නැත. උදාහරන ලෙස, ලංකා රජය රුපියල ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස භාවිතා කරන්නට අවසර දුන්නත් කිසිදු රටක් රුපියල ජාත්‍යන්තර ගෙවීම් සඳහා යොදා ගන්නේ නැත. ඒ සඳහා සලකා බලන තවත් කරුනු ගනනාවක් ඇත.

පලමු කරුන වන්නේ ඓතිහාසිකව අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අවුරුදු බර ගානනක් තිස්සේ ජාත්‍යන්තර ගෙවීම් සඳහා භාවිතා කරපු මුදල් ඒකක දැනටමත් තිබේ ස්ටර්ලිං පවුම වැනි. ලෝකයා දැනටමත් එම මුදල් ඒකකවලට හුරු වී හැඩ ගැසී ඇත. රටවල්වල වාර්තා තැබීම්, නීති රෙගුලාසි පවා එම ඒකක පදනම් කර ගෙන ඇත. ඉතිං අලුත් මුදල් ඒකකයක් ආ පලියට ඊට අනුගත වීම පහසු නැත.

තවත් වැදගත්ගම කාරනාව වන්නේ එම මුදල් ඒකකය කොතරම් ශක්තිමත්ද යන්නයි. මුදල් ඒකකය ශක්තිමත් වීමට නම් අදාල රටද ශක්තිමත් විය යුතුයි ආර්ථික හා සමාජීය වශයෙන්. හොර කප්පිත්තං පාලනය කරන රටක මුදල් ඒකක ගැන විශ්වාස කළ නොහැකිය. තවද, විශාල ආර්ථිකයක් තිබෙන රටක මුදල් ඒකකයක්ද විය යුතුය. උදාහරණ ලෙස දෙදෙනෙකුට කන්නට පාන් රාත්තලක් ප්‍රමාන වුවත්, පුද්ගලයන් දහසකට කන්නට පාන් රාත්තල් 500ක් පමන ඕන වේ. එලෙසමයි විශාල පිරිසක් (ලෝකයම) භාවිතා කරනවා නම්, ඊට සරිලන අන්දමින් විශාල මුදල් ප්‍රමානයක් දැනටමත් මහා බැංකුව විසින් වෙලඳපොලට නිකුත් කර තිබිය යුතුය (එනම්, විශාල මුදල් සැපයුමක් තිබිය යුතුය). දළ වශයෙන් එම මුදල් ඒකකය “තමන් විහින්“ නිරන්තරයෙන්ම එහි අගය (මූර්ත අගය) ඉහල හෝ පහල යෑම අවම විය යුතුය; එනම් මුදල් ඒකකය හොඳින් ස්ථාවර විය යුතුය. 

මේ ආදි කරුනු සලකා බලන විට, ඉහත කතා කල USD, EUR, JPY, GBP යන මුදල් ඒකක 4 ට එම කියූ ලක්ෂන තිබෙනවා නේද? එනිසයි එම මුදල් ඒකක 4 මූලික ජාත්‍යන්තර මුදල් ඒකක බවට පත්ව තිබෙන්නේ.

ඇත්තටම ඉහත මූලික ඒකක 4ට අමතරව, ඔස්ට්‍රේලියානු ඩොලරය, කැනේඩියානු ඩොලරය, සිංගපූරු ඩොලරයද ජාත්‍යන්තරව පිලිගත් මුදල් ඒකක වේ. ඉදිරියේදී චීන යුවාන්ද ජාත්‍යන්තර මුදල් ඒකකයක් බවට පත් වේ.

දැනට ලෝකයේ වැඩිම ගනුදෙනු ප්‍රමානයක් (එනම් ගනුදෙනුව වල වැඩිම වටිනාකම) සිදු වන්නේ ඇමරිකානු ඩොලර් යන විදෙස් මුදල් ඒකකය (FOREIGN CURRENCY) තුලිනි. 

ඇමරිකානු ඩොලරය ලෝකයේ කවුරුත් පිලිගනී. ඒ කියන්නේ ඩොලර් කොලයක් දුන් විට ලෝකයේ ඕනම බැංකුවකින් තමන්ගේ රටේ මුදල් ඔබට ලබා දේ. එහෙත් ඇමරිකාවේ හෝ රුසියොවේ බැංකුවකට ගොස් රුපියල් 5000 කොලයක් ඉදිරිපත් කර බලන්න, ඔබව ප්‍රතික්ෂේප කරනු ඇත. ඇත්ත කතාව නම්, රුපියල අද ලංකාව තුලද බාල්දු කර ඇත. රුපියලට වඩා අපේ පාලකයන් මේ වන විට ලෝභ කරන්නේ ඩොලරයටයි. රුපියල් ට්‍රිලියනයක් ලබා දුන්නත් ඔබට වරායක ජැටියක් ලබා නොදෙන පර ආන්ඩුව ඩොලර් මිලියන 100ක් විතර දික් කල විට ජැටිය ඕනම පර සුද්දෙකුට ලබා දෙනවා.

ජාත්‍යන්තර මුදල් ඒකකයක් වුවත් නැතත් යම් මුදල් ඒකකයක් ගැන තීරන ගැනීමේ සම්පූර්න බලය හා අයිතිය පවතින්නේ එම ඒකකය හිමි රටට පමනි. ඒ අනුව, ඇමරිකාවට පුලුවන් ඕන නම් ලංකාවට කියන්න අද සිට උඹලා අපේ ඩොලරය භාවිතා කරන්නට එපා කියා. එවිට ඇමරිකාව විසින් මුලු ලෝකයටම කියනවා අද සිට ලංකාව සමඟ ඇමරිකානු ඩොලර්වලින් ගනුදෙනු කර අහුවෙන්න එපා; අහුවුනොත් දඩ ගහනවා කියා. ඇත්තටම ඇමරිකාවට එය කල හැකියි. 

එහෙත් ඇමරිකාව හිතුමතේ නන්දසේන මෙන් එවැනි මෝඩ තකතීරු තීරන ගන්නේ නැත. එවැනි තීරනයක් ගන්නේ ලංකාව මනුෂ්‍යත්වයට විශාල හානි කරන අවස්ථාවකදී විය හැකියි. එවන් අවස්ථාවක, ඇමරිකාව මුලින්ම කරන්නේ අපට අනතුරු හැඟවීමයි. එම වැරදි නවතා දමන ලෙස ඉල්ලා සිටියි. එසේ නොකරන්නේ නම්, දඬුවමක් වශයෙන් ඩොලරය භාවිතා කිරීම අත්හිටවිය හැකියි. සම්බාදක (sanctions) පනවනවා යනුවෙන් හැඳින්නේ මෙයයි. ඔබ පුවත්වලින් ඕන තරම් අසා ඇතිනෙ ඇමරිකාව උතුරු කොරියාවට, ඉරානයට ආදි රටවලට මෙවැනි සම්බාදක පනවනවා. සම්බාදක පැනවූ විට, එවැනි රටවල් සමඟ හොරෙන් ඩොලර් සමඟ ගනුදෙනු කල සමහර ප්‍රංශ බැංකුවලට ඇමරිකාව විසින් බිලියන ගනන් දඩ ගසා තිබේ.

ඇමරිකාව තම මුදල් ඒකකය වන ඇමරිකන් ඩොලරය මුල් කර ගෙන සම්බාදක පනවනවා වගේම යුරෝපයට හැකියි යුරෝ මුල් කර ගෙන සම්බාදක පනවන්න. අපිට පුලුවන් ඕන නම් රුපියල් භාවිතා කරන්න එපා යැයි ඇමරිකාවට සම්බාදක පනවන්නත් (එහෙත් වැඩක් නැහැ මොකද රුපියල ජාත්‍යන්තර මුදල් ඒකකයක් නොවෙයිනෙ).

ඉදිරි ලිපියෙන් හමු වෙමු.


Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...